නිවාඩු කාලෙ පටන් ගත්තා....දැන් ඉතිම් මට සිරස kids movies බලන්න පුලුවන්...අම්මෝහ් සනීපේ..මං ගෙදර ආපු ගමන් කලේ අර නාගසලං වෙන්න බීපු එකා වගේ ඇවිත් ඇදට වැටුන එක...ඒ අස්සෙ අපේ මමේ....අම්මා අනේ අම්මා මටත් පික්කුනේ එක එක වෙලාවට එක එක නම්...එහෙම තමෛ අනේ ආදරේටනේ....ආහ් මොකක්ද කිය කියා හිටියේ...ආහ් අපේ අම්මා කිව්වා අප්පච්චිගෙ business partner කෙනෙක් මෙහෙ එනවා කියලා...ඔසී වලලු හිටියෙ...හදිස්සියකට ඇවිත්ලු...අප්පච්චිගෙ යාලුවෙක් කිව්වෙ..ඌ විතරක් එනවනම් මදෑ...පවුලම එනවලුනෙ...මොන මගුලක්ද අප්පා...නිවාඩු දුන්න දවසෙ වත් පාඩුවේ ඉන්න නෑ මගුල....
*
*
*
*
*
*
"දෝණී....දෝණී....චූටියෝ මේ මෙහෙ එන්නකො ලමයො පොඩ්ඩක් උදවු කරන්න ...."
හප්පට උඩු අපේ අම්මගේ කටත් මොකද පන්සලේ ඝාන්ඨාරෙත් මොකද....මං සින්දුවක් අහ අහ හිටියෙ යකූ...ඒ උනාට අම්මා පැන්නනෙ මැදින්...
"ඕ එනවා අනේ එනවා මොකද අෆ්ෆාහ් කෑ ගහන්නේ ...."
මං ගියා ඉතිම් පහලට ...ශුවර් එකටම ඔය කතා කරනවා ඇත්තෙ එක්කො පොල් ගාවගන්න එක්කො ලූනු සුද්ද කරවගන්න ...මෙයැයිටත් ඉතිම් ඒ වෙලාවට තමෛ මාව මතක් වෙන්නේ. ..
"ඇයි අෆ්ෆාහ් කෑගහන්නේ මොකක්ද අනේ..."
"ආහ්...මොකක්ද බබා ඔය ඇදන් ඉන්නේ බලනවා මොන්ටිසෝරි යන එකෙක් වගේ අද තාත්තිත් එනවා ...අර මනුස්සයොත් එනවා...එයාලටත් ඔයාගෙ වයසෙම කොල්ලෙක් ඉන්නවා කියන්නේ..."
"කවුරු ආවත් මොකද අනේ ...දැන්ම එන්නෙ නෑනෙ අප්පාහ් අනික ඔයාගෙ තාත්ති ආවට මගේ අප්පච්චිනෙ එන්නේ...එන්න ඒක නිසා ඉන්නකූ මැනිකෙ කෑ ගහන්නෙ නැතුව"....
අනේව් මට අපේ අම්මව දැක්කම මිරිකන්න හිතෙනවා අනේ...මෙයා හරි කූට් අෆ්ෆාහ්හ්...cute අනේ cute ..මේ මායම් වලට වෙන්න ඇති අප්පච්චිත් අහුවෙන්න ඇත්තෙ...අම්මිගෙ කොණ්ඩෙ දනිස්සෙන් පහළට තියෙනවා...කම්මුල් සෝස පාටයි...මෙයා මේ බයින්නේ මං ඇදන් ඉන්න ඇදුමකටනේ අනේ බලන්නකෝ...මං ඇදන් හිටියේ සෝස පාට background එකේ රතු පාට හාට් තියෙන ශෝටකුයි...කලිසමෙන් අගලක් විතර පේන්න දිගට තිබුන මං වගේ දෙකක් දාන්න පුලුවන් තඩි තාරාවෙක් ඉන්න බැගියකුයි...චිත්ත රූප මැවෙනවා නේත...ඔලුබක්කෙක් වගේ ඉන්නවා මං....ඒ අස්සෙ ඔන්න කවුද බෙල් එක ගහනවා ඇහුනා ...ශුවර් එකටම තාත්ති වෙන්න ඇති...මං අප්පච්චි, අප්පච්චි කිව්වට එයාට කතා කරන්නෙ තාත්ති කියලා අනේ .....
මං හිටියෙ kitchen එකේ බේක් කරලා තිබුන cup cake එකක් උඩට දාලා තිබුන අයිසින් ලෙව කකා ...අම්මා ඒ වෙනකොට හිටියෙ living room එකේ නිසා එයා ගියා දොර අරින්න .වෙලාව හවස හයට විතර ඇති...කෝමත් අර එනවා කියපු අය එන්න විදිහක් නෑ..ඇයි යකෝ dinner එකකට හවස ඉදන්ම ඇවිත් ඉන්න ඕනිද...,eww no way...ඒක නිසා ඔය ඇවිත් ඇත්තෙ තාත්ති...මාත් තාත්තිව පිලිගන්න සාලෙට දිව්වා නිකම් නෙමෙයි සින්දුවකුත් දාගෙන....
" Romeo take me somewhere we can be alone...i'll be waiting all .there's left to do is run.......oh yers yersss....තාත්තියෝව්...ඔයා ඔයාගෙ සූටි මැනිකට මොනාද ගෙනාවෙ තාත්තියෝ...අම්මි හරීයට ඔයාගෙ චූචි මැනිකගෙන් වැඩ ගන්නවනෙ තාත්තියෝ බලන්නකූ....."
මං හිතන්නෙ මට සතුට වැඩි උනාද කොහෙද මාත් අම්මි පස්සෙන් අහල ගම් හතකට ඇහෙන්න කෑ ගහ ගහ ගියා...සතුටු නැද්ද යකූ එලියෙ මගෙ බෝයිප්‍රෙඩා නෙ ඇවිත් ඉන්න...මං හරි ආදරෙයි අප්පා තාත්තිට....
"තාත්තී චොකූ ගෙනාවා නේද තාත්තී...නෙතූට චොකෝ ගෙනාවා නේදා...යෝහ් නෑ කියලා නම් කියන්න එපා....i'm so sorry ....but thiz fake luv..පෙක ලව්...පෙක...ල්....ල්ල්ල්...ලව්......"
උට්ටෝව් අම්මි දොර ඇරියා...හැබැයි ඇවිත් හිටියෙ තාත්ති නෙමෙයි යකුනේ... මං නිකම් අර වැස්සට තෙමුන කුකුලා වගේ මටත් වඩා තඩි ඇදුමක් ඇදගෙන එක්ක හිටියෙ..ඒ උනාට ඒ උනාට ඇවිත් හිටියෙ අර එනවා කියපු අය...ඒකත් කමක් නෑ කියමුකෝ...ඒ කිව්ව කොල්ලා වෙන මොකෙක් වත් නෙමෙයි තීනු...යකූ මට හැංගෙන්න ඉබි කට්ටක් ගෙනත් දීපියව්ව්ව්ව්...අවස්තාවෙ හැටියට ගොලුබෙලි කට්ටක් උනත් කමක් නෑ... ඌ දැක්කා මං කෑ ගහන හැටි මං මොකෙක්ද වගේ උඩ පනින හැටි ලැජ්ජාව බාල්දියෙක් එකයි...මුට හිනා වෙන්න බැරි කමට තොල් තද කරන් හිනාව කාගෙන ඉන්නවා බල්ලා....මං එහෙන්මම දිව්වා කාමරේට යකූ...ලැජ්ජයි දෙයියනේහ්හ්හ්හ්හ්හ්....දැන් පහළට යන්නත් බෑ නොයත් බෑ....නොගියොත් අපේ අම්මි ඊලගට කෑ ගහන්නෙ මට අමතන ජාතික නම කියලා ඊට වඩා හොදයි shape එකේ පහලට යන එක....
මං යනකොට අම්මිත් එක්ක ඉන්නවා එයාලා කතා කර කර...තාත්ති නම් ඇවිත් නෑ තාම...මං ශේප් එකේ ගිහිම් ඉදගත්තා අම්මි ගාවෙන්..අනේ ඔලු බක්කා තොට හෙනම ගහපන් හෙන හතම ගහපම් බම්ලා...මොන රෙද්දකට වේලාසනින් ආවද මගුල....
"සුදූ මේ පුතා ඉන්නෙත් අපේ ස්කෝලෙමලුනෙ...මං ගානක් නෑනෙ... අප්පාහ් ..මං ඔය පැත්තට එන්නෙම නෑනෙ..අනික මේ ඔයාගෙ classmate කෙනෙක්නෙ පුතා...අනික මේ ලමයට මග හැරුනු නෝට්ස් තියෙනවලු ලියාගන්න....තාත්ති එන්න ටිකක් වෙලා යයි..ඒක නිසා වෙලා තියෙනවනෙ මේ ලමයට ඒ නෝටෙස් ටික දෙන්න එක්කම් ගිහිම්...."
මේ මොනාත යකෝව් මට කැරකෙන බාල්දි...මං මූත් එක්ක කතා කරලවත් නෑ...දැන් එක්කන් ගිහිම් නෝට්ස් දෙන්නලු..මුට මගේ කාමරේ දැක්කොත් පිස්සු හැදෙයි දෙයියනේහ්..... මං ඇනිම් ලවර් කෙනෙක් ඒ නිසා කාමරේ හැමතැනම anime characters ....BTS,Blackpink,stray kids photos,වටේට lights දාලා...එක පැත්තක හිඩැස් නැති වෙන්නම notes අලවලා ...මුට අද පිස්සු හැදුන් නැතුව බේරුනොත් ලොකු දෙයක්...
කමක් නෑ උබර් ඉල්ලගෙනනේ කෑවෙ වරෙම් යන්න.....මං ඒක කටිම් කිව්ව්ව් නෑ හිතිම් කිව්වෙ....
"එන්න යන්න".....
එච්චරයි මං එච්චරමයි කිව්වෙ මං තීනුවාව එක්කරගෙන උඩට ගිහිම් කාමරේ දොර ඇරියා....මං හිතන්නෙ උට හුස්ම හිරවෙන්න ඇති...ඌ ටික වෙලාවක් ගල් ආදා වගේ මං දිහා බලන් ඉදලා...එක පාරටම ඇහුවා කියාපි ඔයා anime lover කෙනෙක්ද කියලා...මේ මොකක්ද යකූ මේ වෙන්න යන්නෙ....
"ඔ...ඔව්...මං ආසයි ....ඔයා ආසයිද.... මගේ ආසම ඇනිමෙ එක..."
"නරුටෝ"
"නරුටෝ"
හුප්තෝ මූ නම් මාවම කන්න ආපු එකෙක් නරුටො කියලා දෙපාරක් කිව්වෙ නෑ දෙයියනේහ් අපි දෙන්නම එකට කිව්වෙ ...ඇයි යකූ මූව මට කලින් හම්බුනේ නැත්තෙ ...හම්බ වුනත් ගනන් ගත්තෙ නෑ....මූත් බලාගෙන ගියාම ගල් ආදෙක්නෙ...පිස්සු කොල්ලාහ්....
*
*
*
"අනේ දැන් දෙන්නත් ඉන්න එකේ ...බැරියැයි එකට පාඩම් කරන්න...."
"ඔවු ඒකනේ...මං පුතාව එවන්නම්කෝ...මෙයාගෙත් ලකුණු අඩුයිනේ...."
එයා ගියා මංදාරම් කතාවෙ සද කින්නරාවේ....එහෙම කියලා එයාලා ගියා කමක් නෑ දැන් අපි පිට්ටෙ බොක් එකක්නෙ.....
*
*
*
*
*
*
*
"ඔ...ඔයා ...මො...මොනාද දේශාන් කියන්නෙ ආහ්...මං කවුද ඔයාගෙ දේශාන්...ඇයි පොඩි දෙයක් අල්ලගෙන ඔච්චර කෑ ගහන්නෙ ඇයි කියන්න ....ඇයි මැණික..ආහ්..මං මොකක්ද ඔයාට කරපු වැරැද්ද....."
''දෙයියන්ගෙ නාමෙට කට පියාගෙන ඉන්න නෙතූ...මගේ ඔලුව රිදෙනවා තමුසෙගෙ කං කරච්චලේ අහන් ඉදලා මොන වදයක්ද යකෝ...."
"මං..මං...ද දේශාන් ඔයාගෙ පස්සෙන් ආවෙ මන්ද ආවෙ...මංද මං ආදරෙයි ආදරෙයි කිය කිය පස්සෙන් ආවේ...ආදරේ කියන්නෙ මොකක්ද කියලා වත් නොදැන හිටපු මට මොන මගුලකටද මනුස්සයෝ ආදරේ දෙන්න ගියේ...මේ මේ...මේ හිත රිදෙනවා දේශාන්...මාත් මනුස්සයෙක්...මාත් මනුස්සයෙක් දෙයියනේහ් මනුස්සයෙහ්...."
"සිංහල තේරෙනවද නෙතූ.... මට පාඩුවේ ඉන්න දෙනවකෝ..මොන වදයක්ද යකෝ මේක...."
"ඔයා ....ඔ...යා ...මොනාද කියන්නෙ කියන්න රත්තරන්...මං...මං කරන්නම්ම්..ඔයාට ඕනි මගෙන් නිදහස් වෙන්න නේද...එ...එහෙම නේද...? එහෙම නේද මැනික..කමක් නෑ ...ඔ...ඔයාට පුලුවන් මං අත ඇරලා දාලා යන්න....ඔ..."
"කටවහපන් යකෝ මං දැන් එක පාරක් කිව්වා නේද ..කටවහපන් කියලා ඔවු මට නිදහස් වෙන්න ඕනි....මට තමුසෙගෙන් නිදහස් වෙන්න ඕනි...තමුසෙ ...තමුසෙ ආදරේ කරන්න දන්නවද ආ..?? දන්නවද...?? කොයි වෙලේ බැලුවත් පොතේ...මටයි වැරදුනේ යකෝ...මං මටම ගහගන්න ඕනි උබ වගේ එකෙක්ට ආදරේ කලාට..."
"හරි...හ...රි...එතකොට ඔයාට යන්න නේද ඕනි?...ම්ම්? යන්න...මං...මං නවත්තන්නෙ නෑ...ඔයාට සතුට තියෙන තැනක ගිහිම් නවතින්න ඒත් මේ ටිකත් අහගන්න මැනික..."
ඔ...ඔයාට...ගොඩක්...ස්..තූ....තී..ආදරේ කියන්නෙ මොකක්ද කියලා නොදැන උන්නු මට ආදරේ කලාට....ස්..ස්තූතී...දවසකට හරි ඔය උරහිසේ මට...ඔ..ඔලුව ...ති..තියාගෙන ඉන්න දුන්නට....මං...මාව...වචනයකින් හරි සැනසුවාට ඔයාට ගොඩක් පින්...මං ඔයා වෙනුවෙන්...පාඩම් කරන...එ..එක පැත්තක දාලා හිටියට...ඔයාට ඒවා පෙනුනේ නැති වෙන්න ඇති මැනික....සමහරවිට මං දුන්න ආදරේ...මදි වෙ...න්...න ඇති...මං ආදරෙව් කරන්න දන්නෙ නැතුව...ඇති....මට ස්...සමාවෙන්න...මට ස්..සමාවෙන්න ඔයාට කරදර කරාට...ආයෙ...ආයෙ කවදාවත් නෙතූ කෙනෙක් ඔය ජීවිතේට එන්නෙ නෑ....ක්...කවදාවත් නෑ....ආයෙ ...ආයෙ මාව හො...හොයන් එන්නත් එපා....මං..මං ආදරෙයි...ඒත්..ඒත් ඔයාට යන්න ඕනිනම් මට පුලුවන් ඔයාට යන්න දෙන්න....හිමිකරගන්නම ඕනිද ..ආ...ආදරේ කරන්න ...ඔයාට යන්න පුලුවන් ...ඔයාට යන්න පුලුවන් ...දේශාන්....ඉස්සරහට ස...ස්...සතුටින් පරිස්සමින් ඉන්න මැනික...."
එහෙම කියලා අවසාන වතාවට මං ඒ හිස් මුදුනට හාදුවක් දුන්නා...එ...එයාට මාව එපාලු..ඇහුනද?..එයාට මාව එපාලු...ඇත්ත මං ආදරේ කරන්න දන්නෙ නැතුව ඇති....එහෙම කියලා මං කොහොමද රත්තරනේ මතක එක්ක පිච්චි පිච්චි ජීවත් වෙන්නේ...මං මෙච්චර කියලත් එයා නෙමෙයි මං දිහා බැලුවෙ...එයා නෙමෙයි කතා කරේ....කවීෂා...එ..එයත් එතන හිටියා...මාව දේශාන්ට යාලු කරවන්න එච්චර දේවල් කරපු එයාගෙම නිවුන් සහෝදරිත් එතන හිටියෙ මුකුත්ම නොදන්න ගානට...තවත් කතා කරලා වැඩක් නෑ කියලා දැනුන නිසා...මං හැරිලා එන්න ලෑස්ති උනා...මම ඇවිද්දෙ නෑ...දැනුන වේදනාවට නිම් හිම් නැති නිසා මම එහෙන්මම දුවගෙන ඇවිත් පාර පැන්නා...මට අඩුම සිහියක් තිබුනෙ නෑ මං මොනාද කරන්නෙ කියලවත්...හැබැයි...හැබැයි මං පාර පනින්න හදනවත් එක්කම.......
"දෙයියනේහ් නෙතූ නැවතියන් යකෝ....උබට පිස්සුද?......."
බ්‍රාආආආආආආආආආස්............
_______________________________________________
හලෝව් සංකුට්ටනේ මොකද අද chap එක ගැන හිතන්නේ....?
දේශානයා ගැන මොකෝ හිතන්නේ...ගහමුත බම්ලට ...😏😏
අමතක කරන්න එපා කතාව ලියන්නෙ 2004 කලිම් අවුරුදු වල...ඒත් මං මේකට අපේ බටස කොම්ලෝ ටිකගෙ සින්දු දාලා තියනවා...ඉතිම් කතාව මනඃකල්පිත නිසා....ඔයාලා එයාලා ආවෙ 2013 ..ඒක නිසා 2004 කලිම් අවුරුදු වල ඒ songs තියෙන්නෙ කොහොමද කියලා අහන්න එපා හොදේ....ඔයාලා imagine කරගන්න ඒ කාලේ ඒවා තිබුනා කියලා හරෙත 😁❤️❤️❤️
නෙතූට මොනා වෙන්න ඇතිද? 🤔🤒
නෙතූව නවත්තන්න කෑ ගැහුවෙ කවුද???🙄🙄
හයවෙනි රැල්ලෙ දෙවෙනි කොටසෙන් නෙතූගෙ pov එක ඉවරටම ඉවරයි... chap 10 පස්සෙ වගේ ආදිත් කතාවට එන්ටර් වෙයි හොදේ 😽💛
ආයෙත් එන්නම්...
මම,
Seo yoen 🧸🎀❤️
You are reading the story above: TeenFic.Net