පස්වන රැල්ල 💛✨️🌊

Background color
Font
Font size
Line height

ළමයි මෙතන ඉදම් යන්නෙ නෙතූගෙ pov එක ...එච්චර දිගට ඇදෙන්නෙ නෑ...කැමතිනම් කියවන්න නැත්තන් skip කරන්න පුලුවන්

නෙතූගේ මානයෙන්.......
(වසරකට පෙර)

"අඩෝ උබලා මල ගෙදර යනවද බන්...අද වලදානවලුනේ යමන් නේහ් හරි නෑනේ...."

අපි හිටියෙ ඉන්ටවල් එක ඉවර වෙලා අත් හෝදගෙන පන්තියට එන ගමන්...සචිනි..අපේ class එකේම කෙනෙක්...එයාගෙ සීයා නැති වෙලා ඒක ගැන තමා මුන් මේ කතා කරන්නේ...

"අනේ හුප්තෝ උබේ මොලේ පුපේද රත්තරනේහ් තියෙන්නේ...යකෝ ඒකි අපේ පන්තියේම නේද..එහෙව් එකේ නොගිහිම් ඉන්න පුලුවන්ද...."

ඒ කෑ ගහන්නේ කවීෂා මගේ බෙස්ට ප්‍රෙඩා...ඕකිටනම් මල ගෙදර නෙමෙයි...ඇවිදින්න යනවන්ම් ඕන මගුලක්...පිස්සන් කොටුවක උනත් කමක් නෑ...මුන්ගේ කතා බහට සවන්පත් යොමු කරගෙන හිටපු මාත් අවසානේ කට ඇරියා....

"ආඩා...කඩවලේ කඩවලේ.....යමං යමං ...මේ ඉතිම් ගෙවෙන්නෙ අපේ සැදෑ සමේ වගේ කාලයක්නේ හුප්තනේ...ol ඉවරෞන ගමන් තොපි එක එක තැන් වලට යයි...ඒක නිසා මේ ගෙවෙන ටිකේ යන්න ඕනි තැන් ඔක්කොටම යමන්කෝ..."

"ඒක තමෛ මචන් කන්න ඕනි ...බොන්න ඕනි ආතල් එකේ ඉන්න ඕනි....මේ ඒක නෙමෙයි කවුද බන්ග් අර අලුතින් ආපු කොල්ලා...කවුද නම...ආ...තීනු තීනු....නුවරෙන් නේද ආවා කිවුවේ...ඇයිද දන්නෙ නෑහ් මේ පැත්තට ගෑටුවේ...."

"අනේ බල්ලෝ ඌ මොකට ආවත් උබර්ට වැඩක් තියෙනවද මෙන්න මෙහෙ වරෙන් යන්න...."

අපේ සුකුරුබුටුං class එකට අලුත් බැජියෙක් ආවනේ...නම තීනු...නුවරින්ලු ඇවිත් තියෙන්නේ...පොරගෙ අම්මගෙ ,අම්මයි අප්පච්චියි මෙහෙ ඉන්නෙ....ඒ කියන්නේ පොරගෙ සීයා තාත්තලා...ඇහුන විදියටනම් පොරගෙ තාත්තා business man කෙනෙක් එයා ඔසී ගිහිම් ඒ වැඩ වලට ඒ නිසා තමෛ මෙහෙ ඇවිත් තියෙන්නේ...මං හිතන්නේ ol ඉවර උනාම ආයෙත් යාවි...ඕන මගුලක් අපිට මොකටද මල්ලෙ අනුන්ගෙ කතා.....

*
*
*
*
*
*
කොහොම කොහොම හරි ස්කෝලෙත් period එකත් ආවා...දැන් අපි මේ මල ගෙදර යන්න තමෛ ලෑස්තිය...ඔක්කොම යනවා ඉතිම් හැබැයි අර අලුතින් ආපු එකා ඇරෙන්න...උට කියන්න ගියෙත් නෑ පවුනෙ අලුත්නේ...බය උතොත් එහෙම අපි හැසිරෙන විදිය දැකලා...

"අඩෝ මේ බෑග් ඇරන්ද යන්නෙ බන්..මේ ගල්ගෙඩි උස්සන් යම්න ගියාම හොද පණ යනවනෙ බල්ලෝ...."

''අනේ තොට අරන් යන්න බැරිනම් ඔන්න ඔය පාරෙ පැත්තකිනන් තියලා වරෙන්...එනකොට ගනිම්..රෙද්දක් කියවන්නෙ නැතුන් වරෙන් යකෝව් යන්න"....

අපි යනවා ඒ උනාට මොකාද අෆ්ෆාහ් මේ ගල්ගෙඩි උස්සන් යම්නෙ....පුදුම වදයක්නෙ..ඒ අස්සෙ දේශානයා ගිහිම් බයිට් වගයක් උත්සන් ඇවිත් හැමෝටම බෙදනවා...

"නෙතූ ආ කාහම් බන්...."

"අනේ තෝ කියනකම් හිටියෙ මෙන්න මෙහෙ දියම් උට්ටො කන්න බැරිනම්..."

"ටසිරි මේ පොඩ්ඩක් හිටපන් ඈ ලකීලගෙ ගෙදරින් වතුර පුරවන් එනකම්...යන්න එපා ඈ..එනකම් හිටපව්...."

ඒ කෑ ගහන්නේ අපේ පන්තියේ පිංගුත්තරයො සෙට් එක....මුන්නම් මහ සාපයක්...යන තැනක එක්කන් යන්න හොද නෑ....මල ගෙදරට එච්චර ලොකු දුරක නෙමෙයි තියෙන්නේ...පයින් යන්න පුලුවන්...හැබැයි සෙට් එකේම උන්ගේ වතුර ඉවර වෙලා...ඒ නිසා උන් ගියා වතුර පුරවගෙන එන්න...

"අඩෝ මේ නෙතූ...උබට දෙයක් කියන්න තියෙනවා ....කවී කියලා දාමුද බන් ඔන්න ඔහෙට හැමදාම හංගන්න බෑනේ...."

ඒ සුලෝ මොකක්ද යකෝ මං නොදන්න මුන් දන්න දේ ..හරි වැඩක් තමෛ මේක...

"මොකක්ද බන්...?...කියපන්කෝ බලන්න ඒකත්..."

"මෙහෙමයි බන් දේශාන් ඉන්නවනේ...මේ මේකිගෙ අයියා..."

"ඉතිම් ඉන්නවා තමා යකෝ ඇයි ඌ මැරෙන්නද ලබ්බක් කියවන් නැතුන් කියපන්කෝ වදේ වටේ යන්නෙ මෙතන...."

මං හිටියෙ වතුර බිබී..අරුන් වතුර පුරවන් එනකම් හිටියොත් මගේ දිවගිලිලා මැරෙන්න හොද වෙලාවට වතුර එකක් අරම් ආවෙ....

"මේ.......මේ මේ....දේශාන්...දේශාන් ...උබට කැමතී කිව්වා බන්..."

"මොක....කැහ්....කැහ්...මොන උට්ටක්ද යකෝ කිව්වෙ..ඇහුන්නෑ ..ආයේ කියපන්...අඩෝ කලාදුරු වත්ද කන අස්සෙ?..."

එව්ව් මේකි කිව්වේ දේශානයා මට කැමතී කියලද...සැක් ඕකට මොකාද කැමති වෙන්නෙ...මං කතා කරලා හිටියට මං කැමති නෑ යකූ ඌව මගෙ බෝයි ප්‍රෙඩා කරගන්න...ඌ නිකම් කිරි කලේට දාපු අගුරු කෑල්ල වගේ...සැක්...එහෙම කියන්න හොදලෑ තමෛ...ඒ උනාට ඇත්තනෙ වදේ...හූම්ම්ම්ම්ම්

"අනේ මේ නිකම් හිටපන් ...මට බෑ ...මට බෑ කිව්වොත් බෑ...බෑම තමෛ බල්ලෝව්...මං කැමති නෑ..."

මොන උට්ටක්ද යකෝව් ඒ වුනේ...මං ලොකුකමකට කියනවා නෙමෙයි..ඒත් මං ඔය subject එක ගැන ජීවිතේකට හිතලා නෑ..අනික මට කලිම් එහෙම එකෙක් ඉදලත් නෑ....ඒ අස්සෙ මුන් එක පාරම කෙලලා ඇරියම මාව කරකෝලා අත ඇරියා වගේ උනා....ඒ අස්සෙ වතුර පුරවන්න ගියපු උමුත් ආවා...මට නිකම්මොකක්ද මොකක්ද වගේ...ඒ නිසා මං අරුන් මග ඇරලා ඉස්සර වෙලා ගියා...මං දැක්කා සෙට් එක කතා කරනවා මොනා කිව්වද දන්නෙ නෑ....

අනික මං ආදරේ කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නෑ...මගේ අම්මයි අප්පච්චියි දෙන්නා ඉන්නවා...මං දන්නවා එයාලා මට ආදරෙයි කියලත් ඒත් එයාලගෙ වැඩ එක්ක මාත් එක්ක ඉන්න කාලෙ ගොඩක් අඩුයි...අප්පච්චි නම් ගෙදර එන්නෙත් කාලෙකින්...එයා...***** company එකේ ceo ...ඒ ආපු දවසටත් අප්පච්චි වැඩ...අම්මා ටීච කෙනෙක් නිසා එයාට වැඩ ගොඩයි....මට එයාලත් එක්ක එකට ඉන්න ලැබෙන්නෙ කලාතුරකින් ....අඩුම මට අයියෙක්වත්,අක්කෙක්වත්,නංගියෙක්වත්,මල්ලියෙක්වත් නෑ...මං තනියම...ඒ නිසා ආදරේ ලැබුනත් ඒක මොන වගේද කියන්න මට දැනීමක් තිබුනෙ නෑ...

*
*
*
*

*
"ඒ අයින් වියම් ...මට ඔතන දීලා පලකො අතනිම් ගිහිම් ඉදගනිම්කෝ රෙද්දෝ...පලයම්කො වදේ...."

"අනේ මට බෑ ඕයි ආයෙ නැගිටින්න...අර දේශානයා ඉන්නෙ...පලකො ගිහිම් ඉද ගනිම්කෝ රෙද්ද...ඇයි ඌ කනවද නෑනෙ නෑනෙ..."

අපි උන්නෙ මල ගෙදර ලමයි හතලිහක් විතර ඇවිත් පිරුනම කොහෙද යකූ පුටු ඉතුරු වෙන්නෙ...ඇයි අපි විතරද මල ගෙදරට එන්නෙ . . ....අපේ උන් සමහරුන්ගෙ ඔක්කෙ උඩ...මං තේ බීලා එනකොට පුටු නෑ චුත වෙලා...ඒත් දේශානයා ගාව පුටුවක් තිබ්බා...කවුරුත් ඒකෙ ඉදගෙනත් නෑ....හරියට ඒක නිකම් මටම වෙන් කලා වගේ...දැන් ඕකා ගාවට යන්නත් බෑ...මොකක්ද වගේ....ඒ උනාට හිටගෙන ඉන්න පුලුවන්ද ....මං ගිහිම් ඉදගත්තා කෙහෙම්මල...ඒ උනාට මං නෙමෙයි කතා කරේ ....මං නෙමෙයි ඌ දිහා බැලුවේ...

ඒත් මං ජීවිතේකට මූ එක්ක යාලුවෙන්නෙ නෑමයි නෑමයි දෙයියනේහ් නෑමයීඊඊඊඊ....

*
*
*
*
*
*
*
"බල්ලෝව් උබේ ලකුණු කීයද?......අඩෝව් මේ බලපන්කෝ බන් මට සතුටුයි.60 තියෙනවා යකූ හැටක්...හම්මට පාඩම් කලෙත් නෑ..."

දින සති මාස ගෙවිල ගිහිම් අපි ඉන්නෙ මේ දහය වසරෙ අවසානේ...ඒකත් ඉවරයි...අද වාර විභාග ලකුණු දෙනවා ...වෙනසක් නෑ මේ පාරත් පලවෙනියා තමෛ...ඒ උනාට මේ එක වෙන එකත් එපා වෙලා තියෙන්නේ ...වෙලාවකට බලන්න ඕනි ටිකක් පස්සට ගිහිම්ම් හේ හේ...👉👈

දැන් ඉතිම් ලකුණු භීශනේ තමෛ ..අද එනවනෙ ගෙවල් වලින් report card ගන්න....අපේ අම්මානම් දැනටමත් මගේ එක අරන් ඇත්තෙ....එයාට කියන්න ඕනි මට තෑග්ගක් අරන් දෙන්න...ඇයි වදේ පලවෙනියා වෙන්න කොච්චර පාඩම් කරන්න ඕනිද?...

ඒ අස්සෙ දෙක වෙච්ච එකා නාහෙන් අඩනවා ඌට science වලට 98 යිලු තියෙන්නේ ..එව්ව්ව් මටනම් science අරහං....ඒ අස්සෙ තමා අරූ තව දෙකක් නෑ කියලා අඩන්නේ..අනේ උට තියෙන දෙක මදිවද දන්නෙ නෑහ් අඩන්නේ....හේ හේ වලත්තයා වලත්තයට ප්‍රියයි...එහෙම තමෛ අනේ...

අලුතින් ආපු පොර තීනුවා ඌ 10 ...කමක් නෑ පොරත් දස්සයා.....හැබැයි මේ වෙනකම් මං ඌත් එක්ක කතා කරලා නම් නෑ ඒක වෙනම කතාවක්.....ඒ අස්සෙ මං දැක්කා කවීෂා කොහෙදෝ ගිහිම් පන්තියට එනවා....

"බල්ලෝ උබට අයියා එන්න කිව්වා අන්න අර පහල බංකු ගහලා තියෙන තැන ඉන්නවා...අපේ සෙට් එකම එතන වරෙම් ඈ..."

"එව්ව් හරි හරි වදේ එන්නම්...මෙයාගෙමුත් මුදුම වදයක් තමෛ තියෙන්නේ...ඇයි එයාට මං නැතුව ඉන්දවෙන්නෙ නැද්ද රෙද්ද...කමක් නෑහ් යනවා ඉතිම් ඔහේ...."

හේ හේ ඔයාලා බලන්නේ මේ මුනා වෙලා කියලත ඔවු ඔවු ඒයි අපි පේමවන්තයෝ උනානේ...එහෙම තමෛ ඉතිම් මං හිතන් හිටියෙ සෙට් වෙන්නෙම නෑ කියලා..ඒ උනාට මෙයැයි මාව පේමයෙන් මුසපත් කරානෙ හිකිස්.....

*
*
*
*
*
*

"ළමයි එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක්....නිවාඩු මාසෙ නිකම් ඉන්න එපා වැඩ කරන්න....ලේසි නැහැ තව වැඩි කාලයක් නෑනෙ xam එකට....."

හරි ඉතිම් සුපුරුදු දේශනාව අදත් පටන් ගත්තා ඇයි අනේ මැඩම් හිතුවද දන්නෙ නෑ අපි රෙදි නැතුව ඉන්නවා කියලා...නිකම් ඉන්න එපා කියන්නේ....

ඔන්න එහෙනම් ඉතිම් නිවාඩු කාලෙ පටන් ගන්නයි යම්නේඒඒඒ....හැබැයි මට cudu mahaththaya බලන්න වෙන්නෙ නෑ...අහුම්...









_______________________________________________

ඔන්න නිවාඩු කාලෙ පටන් ගත්තලූ....

බලන්න තිම් නෙතූ අපේ ඇස් වහලා සෙට් වෙලානේ..😭😪..ඉස්සරහට මොනා වෙයිද?

නෙතූගෙ pov එක තියෙන්නේ ඊලග chap එකේ විතරයි...එතනින් පස්සෙ ආයෙත් කතාවට බහිමු....❤️

ආදි එන්න තව කල් තියෙනවා....නෙතූටත් ලස්සන කාලයක් එනවා 😗🫶🎀

ආදරෙයි...ආයෙත් එන්නම්...
මම,
Seo yoen 🧸🎀❤️


You are reading the story above: TeenFic.Net