විසි හතරවන රැල්ල 💛✨️🌊

Background color
Font
Font size
Line height

මගේ තීනු...මගේ තීනු ජීවත් වෙනවා..එයා ජීවත් වෙනවා ....අනේ දෙයියනේ මගේ මැණික ජීවත් වෙනවා....එතකොට මෙච්චර කාලයක් මගේ හිතේ තිබුන සැකය හරිද? එතකොට මගේ තීනු තාමත් මේ මහපොළට උඩ හුස්ම අල්ලනවද?....

මගේ ඇගට වත්කම් උන කලු තොප්පිකාරයා තීනුගෙම හැඩ රුව ගත්ත කෙනෙක් උනා...ඒ ඇස් ,ඒ තොල්,ඒ කන් පෙති වගේම රෝස පාට තොල් යටින් තියෙන උපන් ලපේ පවා එහෙම්මම කලු තොප්පිකාරයාට පිහිටලා තියෙනකොට...මට ඇති උනේ ඇත්තටම මේ මගෙ තීනුද කියන සැකය....

ඒත් මගේ සැකේට වැඩි ආයුෂ තිබුනේ නෑ....මං මේ ඉන්නේ මගේ තීනුමයි කියලා දැනගත්තේ එදා තීනු මට දීලා ගියපු මාලෙ ඉතුරු කොටස තීනු ගාව තියෙනවා දැකලා...මං ගාව තිබුන මාලෙ තිබුනෙ තීනුගෙ පුංචි පින්තූරයක් වෙනකොට...තීනු ගාව තිබුන මාලෙ හිටියෙ මම.. ලුණු වතුරට පෙගුණ නිසාද මංදා මාලෙ තැනින් තැන මලකඩ කාලා තිබුනත් ...නිමක් නැතුව ගලන් ආපු හැගීම් ගොන්න නිසා මං අඩන්නද හිනාවෙන්නද කියලා මටම හිතාගන්න බැරි වුනා....

සිහි නැතුව මගේ ඇගට වැටුන මගේ තීනුව එහෙම්මම අත් දෙකට ගත්ත මං දිව්වෙ කාර් එකට වෙනකොට...නිමක් නැතුව වැටෙන කදුලු අස්සෙ මං හිනාවුනා...මොකද මෙච්චර දවසක් මගේ ඇස් වලින් වැටුන දුක පිරුන කදුලු වලට අදින් පස්සෙ සදහටම නැවතීමේ තිතක් වැටේවි....

"අම්මා...උබේ තීනු ජීවත් වෙනවා අම්මා...උබේ තීනු ජීවත් වෙනවා....ආයෙත් අපිට මේ හුරතලේගෙ පිස්සු වැඩ බලන්න පුලුවන් අම්මා..."

මං කෑ ගැහුවා මං පිස්සෙක් වගේ කෑ ගැහුවා...මාව අහන් ඉන්න කවුරුත් නෑ කියලා දැන දැනත් සතුට වැඩි කමට මං කෑගැහුවා...

මගේ තීනුව ශීට් එකෙන් තියලා ..ශීට් බෙල්ට් එක දාපු මම ඒ මූනට හාදු වැස්සක් තැවරුවේ...හරියට ආයෙත් මගේ ජීවිතේට ආපු එකට ස්තූති කරන්න වගේ...

එයාට සිහිය නැති උනා...අනිවාර්යයෙන් ම එයාට මාව අමතක ඇති...එයාට අපිව මතකෙ තිබුනා නම් දැනටමත් අපිව හොයන් ඇවිත්...කමක්නෑ රත්තරනේ උබ තාමත් හුස්ම අල්ලනවා...ඒකත් ඇති මේ ආදිට ජීවත් වෙන්න ......

හැටට හැටේ පාගපු මම කොළඹ ප්‍රධාන පෙලේ ප්‍රයිවට් හොස්පිට්ල් එකට මගේ වාහනේ ඇතුලු කරේ...තීනු තාමත් ඇස් නොඇරපු නිසා මගේ හිතෙත් බයක් ඇති වෙනකොට.....

මගේ කොල්ලා පරඩැලක් වගේ ඇදිලා ගිහින්...මස් පිරිලා තිබුන ඒ ඇගේ හැමතැනම ඇටකටු ඉලිප්පිලා... ඇග හැමතැනම මඩ පාරවල්....කිරි කරුඩ වගේ තිබුන ඇග අවු කාස්ටකේටම පිච්චිලා ගිහින් තියෙනකොට...තැනිල් තැන ඉරිලා ගියපු තීනු ඇදගෙන හිටපු වැරහැල්ල දැකලා මාව පිච්චිලා ගියා....

මගේ තීනු මගේ දෙඅත් වලට ගත්ත මම හොස්පිට්ල් එක ඇතුලට දිව්වෙ හරි කලබලෙන් වෙනකොට ඩොක්ටර්ස්ලා එයාව පරික්ෂා කරන්න ඇතුලට අර ගත්තා....

*
*
*
*
*
*
"MR.Adhithya...පේෂන් mr.ආධිත්‍යගෙ කවුද? ...මං හිතන්නේ එයා ෆේන්ට් වෙලා තියෙන්නේ එයාගෙ ඔලුවට වද දෙන මොකක් හරි දෙයක් නිසා? As an example හරියට නැති උන මතකයක්...ආයෙ මතක් වෙනකොට මේ වගේ සිටුවේෂන් එකකට මිනිස්සු පත් වෙනවා.....මේ පේෂනුත් අන්න ඒ වගේ කෙනෙක්...ඒත් අපි හරිම විස්තරේ නොදැන් ට්‍රියේට්මන්ට් කරන එක හරි නැහැ...so ආධිත්‍ය පේෂන් ගැන දන්නවා ඇතිනෙ ..මට එයා ගැන විස්තර කියන්න..."

තීනුව චෙක් කරන්න ඇතුලට ගියපු ඩොක්ටර් ආයෙ විනාඩි විස්සකින් විතර එලියට එනකොට ඩොක්ටර් මගෙන් ඇහුවෙ තීනුට උනේ මොකක්ද කියලා....උන සිද්දිය කෙටියෙන් මං කිව්වත් ඩොක්ටර් පවා පුදුම උනේ ඒක අදහගන්න බැරි දෙයක් නිසා...

"Oh god...what a miracle ...මට අදහාගන්න බෑ...ඇත්තටම ඒක හරි පුදුමයි...congratulations ආධිත්‍ය...may be you are lucky..පේෂන්ට තව ටිකකින් සිහිය එයි...ඔයාට පුලුවන් පේෂන් ලගට ගිහිම් ඉන්න...."

එහෙම කියපු ඩොක්ටර් යන්න ගියා...මං එක පින්මෙන්ම දොර ඇරගෙන ගියේ මගේ මැණික ගාවට උනත් එයා තාමත් නිදි කියලා දැකපු නිසා මම සද්ද නොකර ගිහිම් තීනු ලගින් වාඩි උනා...

"මගෙ මැණික...උබ ආයෙත් ඇවිත් ...උබ දන්නවද රත්තරන් මං උබව නැතුව කොච්චර දුක් වින්දද කියලා...මේ පපුව උබ නැතුව ඉරි තැලිලා ගිහිම් තිබුන හැටි උබ දැක්කනම්...උබත් හූල්ලයි මැණික...ඒත් ඒ පපුවෙන් ආයෙත් ආදරේ උණුහුම දෝරෙ ගලයි...උබ ආයෙත් මගේ ලගට ඇවිත්...ආදරේ දෙන්න මේ ආදි ලගට ඇවිත්.."

"මට සමාවියම් රත්තරනේ...මට අනේක වාරයක් සමාවෙයම් ...උබව මෙච්චර කල් දුක් කන්දක් අස්සෙ තනි කරලා දැම්මට මට සමාවෙයම්....උබව කලින් දවසක දැක්කත් මේ පවුකාර ඇස් වලට බැරි උනා උබව අදුරගන්න ....''.

"මං කොහොම කියලා මගෙ මැණික අදුරගන්නද? උබ මේ ඉන්න විදියට මං කොහොම උබව අදුරගන්නද මැණික?"

මන් ඉකි ගැහුවා ...මගේ තීනු බදාගෙන මන් අඩ අඩාම සමාව ඉල්ලුවා..එතකොටයි මන් දැක්කෙ මගේ තීනුගෙ ඇගිලි හිමින් හෙලවෙනවා කියලා...

"ආ...ආදි..."

එයා...එයා කිව්වෙ ආදි කියලා එතකොට ...එතකොට මගේ තීනුට මාව මතකද? ඉවසුම් නැතිකම නිසාම මං මගේ තීනුගෙ උරහිස් වලින් තද කරගෙන මුලින්ම ඇහුවෙ එයාට මාව මතකද කියලා? එයාට එයාගෙ ආදි මතකද කියලා...!! නෑ...එයාට මතක නෑ...එයා මා දිහා බලන් හිටියෙ මාව නොදන්න ගානට...

"ක්..කවුද ඔයා....?"

"ම්...මගෙ මැණික...මගේ තී.නු..මන් උබේ ආදි රත්තරන් ...මං උබේ ආදි ...!! උබට මාව මතක නැද්ද මැණිකේ..."

"එ..එයාලා ..එයාලා කිව්වෙ මං චුට්ටා කියලා..."

"උන්..උන් උබව රවට්ටලා රත්තරන් ...උන් උබව රවට්ටලා..උබ තීනු මැණික ..උබ සදිගෙ තීනු..උබට ලස්සන පවුලක් තියෙනවා රත්තරනේ ....උන් මගෙන් උබව හොරකම්  කලා...."

"ම..මං දන්නවා එයාලා මාව රැවැට්ටුවා කියලා ....උන් කියනවා මට ඇහුනා  ...මට අතීතෙ ආයෙත් මතක් වෙනවලු...ඒක නිසා උන් හැදුවෙ මාව මරන්න...ඒකයි මං පැනලා ආවෙ  ....".

ඒ ඇස් වල කදුලු පිරිලා එයා කියනවා උන් මගෙ තීනුව මරන්න හැදුවලු ඒක නිසාලු පැනලා ආවෙ...කලින් හිටපු තීනු නෙමෙටි මෙතන ඉන්නෙ  ....දැන් මගේ ඉස්සරහ ඉන්නෙ බයෙන් ගැහෙන මුව පැටියෙක් වෙනකොට මං මගේ තීනුව දෝත බදලම බදාගත්තා.....

"දැන් බය නොවී ඉන්න ම්ම්? ආදි ඉන්නවනෙ තීනු ලග....මගෙ තීනු දන්නෙ නැති උනාට උබේ ආදි සෑහෙන්න බලන් උන්නා....ආයෙත් පාරක් උබේ ආදිව තනි කරන්න එපා මැණික..."

"ඔ..ඔයා ආදිද? එ.ත.කොට...මේ මාලෙ මේකෙ ඉන්නෙ ඔයා න්..නේද?"

"ම්ම්..ඔය මාලෙ ඉන්නෙ උබේ ආදි.. උබ අවසානෙ යන්න කලින් ඔය මාලෙ ඉතුරු කොටස මට දීලයි ගියේ... උබ දන්නවද මීට අවුරුදු හතකට කලින් සුනාමිය නිසා තීනු මුලු ලෝකෙන්ම සමුගත්තා...හැමෝම හිතුවෙ එහෙම...ඒත් නැහැ...ඒ මල රැකවරණයක් නැති තැනක ආයෙත් පිපිලා...ඒත් දෛවය ආයෙත් ඒ මලව හරි අයිතිකාරයට ගෙනත් දුන්නා මැණික ......."

"උබ දන්නවද උබ නැති වේදනාවට හැමදාම කදුලු හලපු උබේ අම්මා,අප්පච්චි  උබේ යාලුවෝ උබ තාමත් හුස්ම ගන්නවා කියලා දැනගත්තම කොච්චර සතුටු වෙයිද කියලා...උන් අඩයි මැණික සතුට වැඩි කමට උන් අඩයි...මගෙ පණ උබට පින් ආයෙත් ආදි ගාවට ආවට...."

"තවටිකකින් අපි ගෙදර යමු ..ම්ම්? උබේ ගෙදරට..."

එහෙම කියලා තීනුට හාදුවක් දීපු මම එලියට ආවෙ ආයෙත් ඩොක්ටර් හම්බ වෙන්න යන ගමන් .....මං හිතා ගත්තා තීනු ගැන දැනට කාටත් නොකියා ඉන්න එයාලත් මං වගේම පුදුම වෙන්නම ඕනි....

ටීනුගෙ ටිකට් කපපු නිසා මං තීනුව මගේ කොළඹ තියෙන අපාර්ට්මන්ට් එකට එක්කගෙන ආවා...එයාට තාමත් මේ කිසි දෙයක් පුරුදු නෑ...තාමත් එයා බය වෙලා ඒත් ඩොක්ටර් කිව්වා මාස කීපයකින් තීනු ආයෙත් රිකවර් වෙයි කියලා....මොකද ඒකෙ මූලික පියවර දැනටමත් පටන් ගෙනලු තියෙන්නේ....

වෙනදා අරක්කු,සිගරට් ගදෙන් පිරිලා තිබුන අපාර්ට්මන්ට් එක ආයෙත් ආදරේ සුවදෙන් පිරේවි...වෙනදා ආදිගෙ පාලු මකන්න ආපු හද එලිය..අද ආපිට තීනුත් ඉන්න හැටි දැකලා හිනා වේවි....මෙච්චර කාලයක් තීනුගෙ සුවදෙන් හිස් වෙලා තිබුන ඇද...ආයෙත් තීනුගෙ අලුත් සුවදින් තෘප්තිමත් වේවි....

මං හිටියෙ කිචන් එකේ  ....මගෙ තීනුට කිරි එකක් හදන ගමන්...ගෙදර ආපු ගමන්ම මං කලේ තීනුගෙ වැරහිලි අයින් කරලා එයාව අලුත් කරපු එක වෙනකොට...තීනුගෙ බඩ ඇතුලෙ සැරින් සැරේ කෑ ගහන සද්ද එයාට බඩගිනී කියලා ඔප්පු කලේ මගෙ මැණිකගෙත් කන් රතු කරන ගමන්....

කලින් කෑ ගහලා මාවත් බය කරන මගේ තීනු..දැන් හරියට මුව පැටියෙක් වගේ...මං හිතන්නේ ඒ එයාගෙ මතකෙ ආයෙත් ලැබෙනකම් විතරයි.....




_______________________________________________

අද චැප් එක කොහොමද? Comment එකක් දාන්න...😊❤

ආදරෙයි....❤️
ආයෙත් එන්නම්....
මම
Seo yoen 🧸🎀❤️


You are reading the story above: TeenFic.Net