මෙච්චර කල් මරන්න හදලා තියෙන්නෙ යොහාන් අයියව කියලා දැකපු ගමන් නෙතූ එතනින් නැගිට්ටෙ කරන්ට් වැදුනා වගේ...දෙන්නා තප්පරයක් විතර මූණට මූණ බලාගෙන හිටියා....යොහාන් අයියා සුදු නිසා පොරගෙ කන් රතු වීගෙන එන හැටි හැමෝම දැක්කා මං හිතන්නේ....නෙතුවගෙ කම්මුල් චෙරි ගෙඩි වගේ රතු වෙලා...ටසිරි යකෝ මුන් දෙන්නගෙ ලැජ්ජාව....ඊට පස්සෙ දෙන්නා විනාඩියක් හිටියෙ නෑ යොහාන් අයියා ඊතලේ වගේ කාමරේට ගියා....නෙතූ ගෙදරින් එලියට බැහැපු පාර නැවතුනේ කාර් එකට නැගලා....එතකොට තමෛ මෙච්චර වෙලා හිනාව නවත්තගෙන හිටපු උන් හිනා වෙන්න පටන් ගත්තෙ.....
"අඩෝව් යකඩෝ උබලා අපේකාගෙ කන් දැක්කද...කබලෙ තිව්වා වගේ රත් උනේ...අඩෝ මට බෑ බන්ග්..."
"අම්මේහ් යකෝ චතූ බලනවකෝ ඒයි ඒ දෙන්නගෙ ආදරේ හරීයට ආදරේ හිතෙනවා අප්පාහ් අපිටත්...."
"අඩෝ ශෙනාල්...සුදූ අපි වැඩේ තිතට දුන්නා නේ ඒයි...."
හැමෝම හිනා වෙනවා ....ඒත් එතකොට තමයි මං දැක්කෙ සෝෆා එකේ ඉදගෙන බඩත් අල්ලගෙන හිනා වෙන ආදිව....අහංකාරකමින් පිරිලා තිබුන ඒ මූනට හිනාවක් ඇවිත්...එයා හිනා වෙනකොට හරි හුරතල්....පුංචි බබෙක් වගේ ඒ ඇස් පවා දිළිසෙනවා....මං හිමීට ආදි ලගට ගියා....
"ආදි....?"
"Oh yes බබා....omg I can't stop laughing ඔයා දැක්කද යොහාන් අයියව....එයාගෙ කන් රතු උනා...ඒ දෙන්නා හරි ශෝක් කපල් එකක් වෙයි නේද....?"
එයා කියවනවා කලින් වචන දෙක තුනකට සීමා වෙන එයා...අද ඉමක් කොනක් නැතුව කියවනකොට මට දැනුනේ හරි අමුතු හැගීමක්.....
"ආදි...ඔයා...ඔයා හිනාවෙනවා...."
"මොකද මේ ඇස් වල කදුලු? ම්ම්ම්ම්? තීනු දන්නවද...ආදිට කලින් ලැබුනෙ අප්පච්චිගෙ ආදරේ විතරයි...ඒත් දැන් මට මගේම පවුලක් වගේ සහෝදරයෝ ටිකක් හම්බ වෙලා....සතුට කියන්නේ බලෙන් ගන්න පුලුවන් දෙයක් නෙමෙයි...ඒත් ආදරේ කරන මිනිස්සු ලග හැමවෙලේම සතුට තියෙනවා උතුරන්න.....ආදරෙයි මගෙ තීනුට..ආදිට ලස්සන ලෝකයක් හදලා දුන්නට......"
එයා ඒ හැම දෙයක්ම කිව්වෙ මගේ කම්මුලක් පිරිමදින ගමන්....හැබැයි අපිර එච්චර වෙලා ඉන්න උනේ නෑ...මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය ආදිගෙ හොර මිනිහා බෙරිහන් දෙන්න තියාගත්තා....
''ඒ ...ඒ ආදි අයියේ ලව් කරහම් පස්සෙ ...බලපන් වෙලාව හයටත් ලගයි..නෙතූ අක්කි කලුවරේ නේද දිව්වේ ...යන් අප්පාහ් ගෙදර යන්න...ලවු කරමු පස්සෙ..."
"ටසිරි ඔවු නේන්නම් නෙතූ තනියෙන්නේ ගියේ....ඒ උනාට බොට මොකද අපි ලව් කරත් නැතත් ...ඇත්ත කියපම් සෙනාල් මල්ලී....උබ මගේ මිනිහගෙ හොර එක නේද....තොපි ...තොපි ඔක්කොම එකයි...වටේ යනවා...ආදි මං තවුසෙව පේන්නේ නෑ...තවුසෙ ශෙනාල් ඇච්චම බැදගනිම්...යුවේන් මල්ලි එන්න බබී යන්න..
එහෙම කියලා මායි යුවේන් මල්ලියි දෙන්නා ආවා එන්න...ඇයි වදේ ශෙනාල් පිචාට හරි ඇම්ම මගේ මිනිහා ගැන...ආදිටත් මොකත ජීවිතේකට ක්‍රිකට් ගහලා නැති එකා අද ක්‍රිකට් ගහන්න ගියේ පුප උඩ දමාගෙන....
අපි උඩ දාගෙන ආවට මොකද අපි ගිහිම් විනාඩියක් ගියේ නෑ....මගේ මිනිහයි..චතූ අයියයි ආවා කාර් එකට....අනූ නංගිට නින්ද ගිහිම්...එයාවත් වඩාගෙන තමයි චතූ අයියා ආවෙ....කොහොම වුනත් මට හම්බ වෙලා තියෙන්නේ ආදරණීය යාලුවෝ නෙමෙයි...ආදරණීය පවුලක් කිව්වොත් හරි....
අපි යනකොට නෙතූ ඉන්නවා phone එකට ඔලුව ඔබාගෙන ...වෙනදට සීමාවක් නැතුව කතා කරන නෙතූගේ වක්කඩේ අද වැහිලා ගිහිම්...හිකිස් බලන්න ඉතිම් සැම්ජ්ජා හිතිලා...මං අවුස්සන්නත් එක්ක ටිකක් කතා කලා....
"නෙතූ....''
''තවුසෙ කටවහපන් තීනු..තව මොනා හරි කිව්වොත් තවුසෙගෙ බෙල්ල ගලවලා විසික් කරනවා නුවර වැවට....ත...තවුසෙ ටෝච් එකක් අරන් ආවානම් අර වගේ දෙයක් වෙන්නෙ නෑනේ....ආදි...කටවහගෙන ඉන්න කියපිය තවුසෙගෙ බබාට...හුත්ත...මට කේන්ති ගිහිම් ඉන්නෙ මගුල...."
"කැහ්ම්...කැහ්ම්ම්...හුත්තෝ අතෑරපන් මරන්නද යන්නේ....බෙල්ල යකෝ බෙල්ල...."
අම්මේහ් යකෝව් මේකිට මල පැනලද එක වචනයක් එහෙ මෙහෙ වෙන්න බෑ...තව ටික්කෙන් තීනු දිවිය ලෝකෙට යනවා...
"අයියෝ බබා ඔයාවත් පාඩුවේ ඉන්නකො...ඇවිලෙන ගින්නට පිදුරු දාන්නෙ නැතුව....."
"මට බබා කියන්න එපා....බොට මොකටද මං පිදුරු නෙමෙයි චූ දැම්මත්...ඔය ඉන්නෙ සෙනාල් ....ඌත් එක්කම ඉන්න එකයි ඇත්තෙ...යුවේන් බබී මෙහෙ එන්න ඒයි...වටේ යන මිනිස්සු අපිට එපා...."
ආවා මෙතන මට බණ කියන්න...කියපු වචන ටිකත් එක්ක ආදියත් ඉබේම කටවහගත්තා....ගෙදරට යනකම් ආයෙ කවුරුත් කතා කරේ නෑ...හේතුව නෙතූ තමෛ ඉතිම්....වචනයක් කිව්වත් ඇති මේකි අපි දිහා බැලුවෙ කාලි අම්මා ආරූඪ කරගෙන වගේ.....අවසානෙ හැමෝම ගෙවල් වලට දාලා චතූ අයියත් යන්න ගියා.....
*
*
*
*
*
*
"Dr..god...ඔයාලා හෙන කපටී කොල්ලනේ...එතකොට ඔයාලා දැනගෙනද හිටියෙ මගේ ක්‍රශ් එක නෙතූ කියල...ඒ උනාට එහෙම දෙයක් නොකර ඉන්නනෙ තිබුනේ...at least මටනම් ශුවර් නෑ අද නෙතූ මාත් එක්ක කතා කරයි කියලවත්....."
"ඔවු ඔවු අපිත් මනා සේ දැනගෙන ගොනා සේ හැසිරුනා ඉතිම්....යෝහ් ...යොහාන් අයියේ ඔයා මේ මොනාද කියන්නේ..? ඔයා හිතනවද නෙතූ ඔයත් එක්ක කතා නොකර ඉදී කියලා...ඔන්න බලන්නකො ඈ..අද කතා කරන්නේ එදා ඒ වගේ දෙයක් නොවුන
ගානට...."
"Ohh are u sure dude...anyways I'm so nervous ....."
"අපෝ මොකක්ද අයියේ තවුසෙ කෙල්ලෙක් වගේනේ....කොල්ලෙක් වගේ ඉන්නවා ඒයි..බය වෙන්න එපා...අපි ඉන්නවනේ..."
අපි මේ ඉන්නේ කැෆේ එක ඇතුලෙ...අද තමෛ ඉතිම් අපේ ප්ලෑනෙ දෙවෙනි පියවර...ආදි,මම,යුවේන්,ශෙනාල්,චතූ අයියා හැමෝම ඉන්නවා....තව ටිකකින් අනූ නංගි එක්ක නෙතුත් එයි....ආහ් ඔන්න කියනකොටම එනවා....අපි හිටියෙ කට්ටිය ගොඩක් නොගැවසෙන පැත්තක....යොහාන් බොස්ට නිදහසේ කතා කරන්න ඕනි කිව්වට කවුද හිතුවෙ යකූ මේකා එක පැත්තක් කලින්ම බුක් කරයි කියලා...මූ තමා දවසකට හරි පොර...
"Hey guys ...ගොඩක් වෙලාද ඇවිල්ලා...චතූගෙ අනූ ගන්න පරක්කු උනානේ...ඒක නිසා සිදුවූ ප්‍රමාද දෝෂය ගනන් ගන්න එපා හොදේ....''
"අම්මට සිරි යොහාන් අයියත් ඇවිත්...ඉතිම් කොහොමද අයියේ..? හොදින් ඉන්නවා නේද? කොහොමද යුනි එකේ වැඩ එහෙම?..."
අම්මාපල් මේකිටයි අනූටයි තියෙන්නේ කටවල් නෙමෙයි වක්කඩ...මෙච්චර වෙලා හෙන නිෂ්ශබ්දව තිබුන තැනේ ..නිස්සබ්දතාවය මේකි නැති කරලා දැම්මේ බෝම්බයක් අතෑරියා වගේ.....මං කිව්වා වගේම නෙතූ යොහාන් අයියත් එක්ක කතා කලේ මුකුත් නොවුන ගානට....නිකම් නෙමෙයි යොහාන් බොස්ගෙ පිටටත් එකක් අතාරින ගමන්...මූ මං දිහා ඇස් දෙක ජිල් බෝල කරන් බැලුවෙ අඩෝ උබ කිව්ව එක ඇත්ත තමා මල්ලි කියන්න වගේ....අවුරුදු විස්සක් උනාම මූ හරි හුරතල් අෆ්ෆාහ්...බැරිද දන්නෙ නෑ මට ටොපා වෙලා එයාට බොටම් වෙන්න...නෑ නෑ මට ඕනි ආදි විතරයි....ඒ මිනිහා නම් ආපු වෙලේ ඉදම් phone එක කනවා....
"ආහ් හායි නෙතූ හායි අනූ නංගි...මං හොදින්...මොනාද බොන්නෙ අපිට ඕර්ඩර් කලා ...ඔයාලා නැතුව ඔයාලට ඕර්ඩර් කරන්න බෑනේ...බොන දෙයක් කියන්න..."
"ආහ් ඔයා මොකද මෙයාට නෙතූ කියලා...අපේ අනූට නංගි කියන්නේ ...නෙතූ අක්කිටත් නංගි කියන්න යොහාන් අයියේ..."
නෙද්දකින් මේ යුවේනයා...මේකටත් ඕනිනැති වෙලාවට නම් කට විරිත්තන්න පුලුවන්...මං ඒකට දීපු බැල්මත් එක්ක මං දැක්කා ශෙනාල් මල්ලි තරහටම යුවේනයාගෙ අත කොනිත්තනවා....යසයි පගයට...
"ආහ් ...අපි බොන ඒවද ඇහුවේ....මේක කැෆේ එකක්නේ...වෙන එකක් උනානම් ගොඩක් දේවල් කන්න තිබ්බා ...කමක් නෑ අනේ...චීස් කේක් එකකුයි ....චොක්ලට් මිල්ක්ශේක් එකකුයි හොදටම ඇති...අනූටත් ඒවා හොදයි....නේද අනූ?"
"ආහ් ඔවු ඒයි ....ඒවා හොදයි....."
*
"එච්චරටම වේදනා දුන්න කාලයක් නෙතූට තිබුනද...? ඒත් එහෙම වේදනා විදපු කෙනෙක් කියලා නෙතූ දැක්කම හිතාගන්න අමාරුයි..."
"මනුස්සයෙක්ගෙ පිට පෙනුම බලලා කිසි දෙයක් මනින්න බෑ අයියේ...සමනලයෙක් පිටට කොච්චර ලස්සන වුනත්...උගේ පිහාට්ටක් අල්ලපු ගමන් ඒ පිහාට්ටෙ තියෙන පාට යන්න ගියාම ඉතුරු වෙන්නෙ සුදුමැලි වෙලා ගියපු පිහාටුවක් විතරයි....අන්න ඒ වගේ කෙනෙක් තමයි මම .....හිනා වෙනවා...ඒත් ඒ හිනාව අස්සෙ තියෙන්නෙ කදුලුම විතරයි...."
අපි තාමත් ඉන්නෙ කැෆේ එකේ...කතාවෙන් කතාව ගිහිම් අපි නැවතුනේ නෙතූගෙ අතීතෙ ගාව වෙනකොට...ඒ අතීත මතකත් එක්ක නෙතූගෙ ඇස් වලට කදුළු උනන හැටි හැමෝම දැක්කා....භාගෙට නිවි නිවී දැල්වෙන ගිනි පුලිගුවක් උනත් පුංචි හුලං පාරකින් ආයෙත් ගිනි පුපුරු පිට කර කර දැවෙන්න ගන්නවා....අන්න ඒ වගේ තමා නෙතූගෙ අතීත ආදරේ කියන්නෙත්... දේශාන්..ඒ නම මතක් උනත් ඇති ආයෙ ආයෙ මැකිලා යන්න හදන වේදනාත්මක මතක ඇවිස්සෙන්න.....
"ආදරේ කියන්නේ මට උරුම දෙයක් නෙමෙයි...මං එදායින් පස්සෙ තීරණේ කලා ආදරේ නොකර ඉන්න....මනුස්සයෙක්ගෙ වචන වලට පුලුවන් අයියේ ....තවත් මනුස්සයෙක් නොමරා මරන්න...මං ආදරේ කරපු කෙනා "උබ ආදරේ ලබන්න පින් කරපු එකෙක් නෙමෙයි" කියලා කියනකොට කොහොමද අයියේ මං තව කෙනෙක්ට ආදරේ කරන්නේ...."
හැමෝගෙම කටවල් වැහිලා...හැමෝගෙම ඇස් තිබුනෙ නෙතූගෙ දිහාවට වෙනකොට...එතන කතා කරපු එකම දෙන්නා යොහාන් අයියයි ...නෙතුයි විතරක්ම උනා....
"ඉතිම්...දැන් නෙතූ හදන්නෙ පළවෙනි ආදරෙන්ම පරාද වෙන්නද ම්ම්?..."
"ම්.මම..ප්..පරාදවෙන්න....නෑ අයියේ මං ...මං පරාදවෙලා ඉවරයි...ආදරෙ ඉස්සරහ මං...දැ..දැනටමත් පරාද වෙලා ඉවරයි...."
මෙච්චර වෙලා ඇස් වල කදුලු කාගෙන හිටපු නෙතූගෙ කටහඩත් අවසානෙට බිදිලා ගියා...උබ අඩපන් මැණික....මේ තීනු උබේ හොදම යාලුවා...උබ ගොඩක් ඇඩුවා...අදත් අඩපන්.... ඒත් ආයෙ නෑ...අද තමා ඔය ඇස් වලින් ආදරේ නිසා කදුලු වැටෙන අවසාන දවස.....
"ම..මං ආදරේ කරන්න...ද..දන්නෙ නෑලු...ඒ...ඒක නිසා...ම්...මට බෑ ආදරේ කරන්න....ම්...මට බෑ දෙයියනේහ් ....තීනු..තීනු...ඔයා දන්නවනෙ මං කොච්චර වේදනා වින්දද කියල....ආදරේ නිසා...මට...මට මගේ අම්මවයි...අප්පච්චිවයි...තනිකරලා නුවර පවා එන්න උනා...ආයෙ..ආයෙ කොහොමද තීනු මං ආදරේ කරන්නෙ...."
නෙතූ අඩනවා නිමක් නොපෙනෙන කදුලු ඇස් වලින් වාන් දාන ගමන් නෙතූ අඩනවා ....තවත් ඉන්න බැරි නිසා මං තීරණේ කලා කියන්න ආපු දේ නෙතූට කියන්න....
"නෙතූ...කෝ..කෝ ඉතිම්...යෝහ් ...ලොකු කෙල්ලෙක් අඩනවා....ඔහොම අඩනවද...? අයියෝ අර බලන්නකො ඔයාට වඩා බාලයෝ තුනක් මෙතන ඉන්නවනෙ ...එයාලා අඩන්නෙත් නෑ...මොකද මේ අඩන්නේ ම්ම්ම්??"
"යෝහ් මගෙ අක්කියෝ...මේ යුවේන්ට කෙල්ලො කීයක් නම් බූට් තියලා තියෙනවද...ඒත් මේ යුවේන් තාම හොදින් ඉන්නවනේ...නෙතූ අක්කි අඩන්න එපානෙ....සෙනාල් මිනිහෝ...අඩන්න එපා කියන්නකො ඒයි...."
"Oh ... Nethu...මේ අහන්න dude...ජීවිතේ වැරදුන පළවෙනිම පාර පරාජය භාර ගන්න එපා....සමහරුන්ට හොදම ආදරේ පලවෙනිම පාර හම්බ වෙනවා...ඒත් හැමෝටම නෙමෙයි....ඉඩෝරයක් අවසානෙ වස්සාන ඍතුවක ලකුණු තියෙනවා මචන්..ඒක නිසා බලාපොරොත්තු අතා අරින්න එපා ...."
"යෝහ් අක්කේ...අඩන්න එපා කදුලු ඔය මූණට කැතයිනේ....."
"අනේ...අනූගෙ පිස්සු මගුල අඩන්න එපානෙ අක්කේ...අනූ කැමති නෑනෙ...."
"නෙතූ අහන්න නංගි .....ආදරේ කරන්න නොදන්න මිනිස්සුන්ට ආදරේ දුන්නම දැනෙන්නේ නෑ.....ඉතිම් ඒ වගෙ මනුස්සයෙක් නිසා ඇයි මේ අඩන්නේ?...just stop crying ..."
හැමෝටම අවුල් ගිහිම්...මම ,යුවේන්,ආදි,ශෙනාල්,අනූ,චතූ අයියා ...කවුරු කොහිම කිව්වත් නෙතූ නෙමෙයි අඩන එක නැවැත්තුවේ....මං ඒත් එක්කම මෙච්චර වෙලා මාව බදාගෙන අඩපු නෙතූව ඈත් කරලා උරහිස් වලින් අල්ල ගත්තා......
"නෙතූ මේ අහපන්....උබ දන්නවද....උබ නොදැනුවත්ව උබට ආදරෙ කරන අය ඉන්නවා....අපි ආදරෙ කරන්න ඕනි එන්න ඒ වගේ අයට...අපිට ආදරේ කරන අයට....උබ දන්නවද යොහාන් අයියත් අන්න ඒ වගේ....ඌ ..ඌ දේශාන් වගේ පිස්සෙක් නෙමෙයි මැණික උට පුලුවන් උබව බලාගන්න.....උබ කොච්චර කොහොම කිව්වත් අපි හැමෝම දන්නවා උබට ආදරේ ඕනි කියල...උබ පුංචි දේකින් හරි ආදරේ බලාපොරොත්තු වෙනවා කියල....ඉතිම් උබ යොහාන් අයියගෙ වෙනවද? ම්ම්ම්ම්....?"
මං කියන්න ඕනි ඔක්කොම එක හුස්මට කියාගෙන යනකොට...නෙතූ ඒ ඔක්කොම අහගෙන හිටියා...ඒත් එච්චර කල් වේලිලා තිබුන ඇස් තෙත් කරන ගමන් ආයෙත් කදුලු පිටට වාන් දැම්මෙ හැමෝම නිහඩ කරන ගමන්.....
"තී...තීනු...එ...එපානෙ...එපානේ...නෙතූට ආදරේ කරන්න එපා කියන්න තීනු.....නෙතූ වාසනාවන්ත නෑ....නේ....නෙතූට ආදරේ කරන්න බෑ තීනු....නෙතූ ආදරෙ කරන්න දන්නෙ නෑ....."
"යො...යොහාන් අයියේ...එ..එප්..පා ආදරේ කරන්න එපා....ඔ...ඔයාට නෙතූ නිසා රිදෙයි...."
අර පිස්සු හුත්තා මේකිව කාලා දෙයියනේහ්...ඒකිට ඒකිව එපා වෙන තැනට ඒ බල්ලා නෙතූව කාලා....මෙච්චර කල් කිසි සද්දයක් නැතුව හිටපු යොහාන් අයියා හිටපු තැනින් නැගිටලා ඇවිත් නෙතූ ලගින් ඉදගත්තා......
"නෙතූ..යෝහ්..කෝ ළමයෝ මේ පැත්ත බලන්න....තීනු බදාගෙන මොකද කරන්නෙ ම්ම්? තීනු ආදිගෙනෙ? කෝ මේ පැත්ත බලන්න....."
යොහානයා පොඩි එකෙක් වගේ කියපු මට බාන්න ඕනි පොල් ගෙඩියකින්...මූ හරි ආදරණීයයි අප්පාහ්...උට පුලුවන් වචන වලින් හිතක් නිවන්න.....
"ම......."
"ශ්ශ්ශ්ශ්ශ්.....නෙතූට කතා කරන්න දීපු කාලෙ ඉවරයි...දැන් යොහාන්ට කතා කරන්න දෙන්න ම්ම්ම්?..."
"නෙතූ දන්නවද ෆැන්ටසිය ඇතුලෙ හරි ආදරණීය ආත්ම ජීවත් වෙනවා....නෙතූ දැන් ඉන්නෙත් ඒ ෆැන්ටසිය ඇතුලෙ....රියැලටිය නිසා තැලුන වාරයක් පාසා...නෙතූට නොදැනිම නෙතූ ෆැන්ටසියක අතරමං වෙලා...."
"ෆැන්ටසිය කියන්නේ එකක් ...රියැලටිය කියන්නෙ තවත් එකක්...රියැලටියට බයේ අපි ෆැන්ටසිය ඇතුලෙ හැංගෙන්න හොදනෑ...එතකොට යතාර්තය ඇතුලෙ අපි අතරමං වෙනවා...."
"මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා නෙතූ...එහෙමයි කියල...එක ප්‍රශ්නෙකින් තැලුන පමාවට මිනිස්සු එක තැන නතර වෙන්න හොදනෑ...."
''නෙතූට තියෙන්නේ බිදුන හිතක් කියලා මං දන්නවා ඒත් භාගෙට .... භාගෙට බිදුණ හිතක පැලැස්තර ගහනවා වෙනුවට ...පිහියක් අරන් ඒ බිදුණු පාරවල් පසාරු කරගෙන යන විදියට වේදනාවක් අපි අපිටම දෙන්න නරකයි.....එතකොට වෙන්නෙ තවත් හිත පෑරෙන එක...."
"බිදුන කොටසට පැලැස්තර ඇලෙව්වට කමක් නෑ....ඒත් අපි බිදිලා නැති කොටස ආරක්ෂා කරගන්න ඕනි....ඒ දේ කරන්න නම් අපි අතීතේ එක්ක ජීවත් වෙන්න නරකයි....අපි පොතක පිට කවරෙ දිහා බලන් ඉන්න තාක්කල් අපි දන්නෙ නෑ ඒ පොත කොච්චර ලස්සනද කියලා...ඒක දැනගන්න පොත කියවන්නම ඕනි..."
"නෙතූ අහලා තියෙනවද...කැලේක අතරමං උන වෙලාවක...ඒ කැලේ තියෙන එකම තැනක් ආයෙ ආයෙත් අපිට හම්බ වෙනවනම් අපි අතරමං වෙලා ....ජීවිතේ වැරදුන තැනකින් සදහටම නැවතෙන එක නරකයි....අපි කරන්න ඕනි නැවතුන තැන ඉදම් ආයෙ ජීවිතේ අලුතින් පටන් ගන්න එක..."
"So I know ur poor heart it already broken ....but not totally ....u should smile...but there can't be tears in that smile....give me a chance nethu...don't give up anything without judging ....I will heal you...no matter who u r..and what's ur past....this's a new beginning ...so i don't need any fucking memories ...let's make lot of memories that full of laughter....ඉතිම් නෙතූ කැමතිද? අතරමං වෙලා ඉන්න ලෝකෙ මග ඇරලා අලුත් ලෝකෙක සුවද විදින්න...promise මං වචනෙකින් වත් මගේ දේවල් රිද්දන්නෙ නෑ....මට ඕනි "මගේ" කියන අය හිනා වෙනවා දකින්න...only one chance...එක අවස්තාවක් විතරක් දෙන්න....තේරුනාද ම්ම්ම්?"
මූ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්...මූ කියපු දේවල් එක්ක හැමෝගෙම කටවල් වැහිලා ගිහිම්....
"නෙතූ...? ඉතිම් එනවද යොහාන් එක්ක...හිනාවෙන් පිරුණ ලෝකෙක හුස්ම අල්ලන්න....."
නෙතූ ඒකි අඩනවා...මේ යොහාන් පිස්සා මෙච්චර කල් කියන හැම මගුලක්ම කිව්වෙ නෙතූගෙ කම්මුල් වලින් අල්ලගෙන....අහපු කිසිම දේකට උත්තර නොදීපු නෙතූ...අවසානෙ යොහාන් අයියගෙ අත් වලින් අල්ලගත්තා....
"අ...අයි...යේ...නෙ...නෙතූ එන්නම් ...කෞෂික් එක්ක ...යොහාන් කෞෂික් එක්ක ආදරෙන් පිරුන ලෝකෙක උණුහුම විදින්න...."
අනේහ් මට බෑ යකූ...ඔක්කෝගෙම ඇස් වල කදුලු යොහාන් අයියගෙ පවා....කවදාවත් කදුලු හොල්ලලා නැති ආදිගෙයි,සෙනාලයාගෙයි ඇස් වල පවා කදුලු......අවසානෙ කදුලු පුරවගත්ත ඇස් වලින් යොහාන් අයියා නෙතූගෙ නලලට චූටි හාදුවක් තිව්වා නිකම් නෙමෙයි...අල්ලගත්ත අත...අවසන් හුස්ම වෙනකම් අත අරින්නෙ නෑ කියන ගමන්....
ඒත් එක්කම අපේ සෙට් එකම නැගිටලා නෙතූ ලගට ගියා...මං දන්නවා උන්ටත් කියන්න දේවල් තියෙනවා කියල....මුන් ඔක්කොම අද එකා එකා ගානෙ මොනා හරි කියලා තමයි නවතින්නේ.....
"අක්කි ....අක්කි දන්නවද...මට අක්කා කෙනෙක් නෑනෙ...ඒත් මගේ ජීවිතේ මගේ නොවන අක්කා කෙනෙක් මට හම්බ වුනා....ඒ උබ අක්කේ...මේ අනූ උබට හරි ආදරෙයි....එක බඩවැල කඩාගෙන නාවත්...සමහර යාලුකම් තියෙනවා සංසාරෙ පුරාවට පතාගෙන ආපු ....හරියට උබ වගේ...උබට වරදින්නෙ නෑ අක්කේ.... ජීවිතේ කටු වලින් පිරිලා තිබුන කාලෙ ඉවරයි....අද ඉදම් මල් පිරුණු ඍතුවක සුවද එක්ක ජීවත් වෙන්න......මං ආදරෙයි....."
"නෙතූ නංගි උබ දන්නවද....? කතාවක් තියෙනවා තමන්ගෙ උන්ට හරියනකොට දැනෙන ඒ සතුට කියලා නිම කරන්න බෑ කියලා...මං ඒක අහලා තිබුනත් අද ඒක මට දැණුනා....ඔවු හරිම වචනෙ මගේ උන්.. මගේ උන්ට හරියනකොට මට දැනෙන්නේ හරි නිහතමානී සතුටක්....උබට හරි යන්න ඕනි කිරි ඉතිරෙන්නම හරියන්න ඕනි....මේ චතූ අයියා උබලා එක්ක හැමදාම ඉන්නවා...."
"අක්කි ....මගෙ අක්කි දන්නවද...මේ ගස් ගෙම්බා මට බනිද්දි අනූට පස්සෙ මං හැමදාම කදුලු පිටකරන්න හෙව්වෙ අක්කිව....මිනිස්සු රැදෙන්නේ විශ්වාසයි කියලා හිතෙන තැන්වල....මිනිස්සු ආදරේ කරන්නෙ ආදරණීයයි කියලා දැණුන තැන...ඉරි තැලිලා ගියපු ජීවිත ලස්සන කරන්න හොදම යාලුවෝ කියන අය ඉන්නම ඕනි....හරියට උබ වගේ ....මේ යුවේන් බබී ආදරෙයි...."
"අක්කෙ ඔයා දන්නවද මේ නහරකාරයාට නම් වචන ගලපන්න හරි අමාරුයි....ඒත් ඔයා දන්නවද....යාලුවෝ කියන අය හැමෝටම හම්බ වෙනවා....ඒත් හොදම යාලුවෝ කියන අය ලැබෙන්නෙ හරි සීමිත කොටසකට....හොදම යාලුවෝ ඉතුරු වෙන්නෙ තේරිලා තේරිලා ගියපු අවසානම අයගෙන්....ඉතිම් උබ තනිවෙලා නෑ අපි හැමෝම ඉන්නවා උබ එක්ක...."
"Nethu Do u know? තරු කොච්චර අහසක පායලා තිබුනත් අහසට ඒක මදි....අහසට හදම ඕනි එයාගෙ අදුර මකාගන්න....අපිත් අන්න ඒ වගේ....අපිට ඉස්සරහට යාලුවෝ කියලා කියන අය ගොඩක් හම්බ වෙයි...ඒත් ඒ යාලුවන්ට හොදම යාලුවන්ගෙ අඩුව පුරවන්න බැරි වෙයි...මෙතන හද වෙන්නෙ අපි හැමෝම...උබ අහස නම් ....අපි උබේ අදුර මකන හද වෙන්නම්....Adhi don't know how to explain about this situation ..but we love u so much..."
මං කිව්වා නේද....ලොකුකමකට නෙමෙයි...ඒත් මට හම්බ වෙලා තියෙන්නෙ හරි ආදරණීය පවුලක්...හැමෝම එයාලට කියන්න ඕනි දේවල් කිව්වා...යොහාන් අයියා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා....අවසානෙටම තිබුනෙ මගේ වාරෙ...ම්ස්ං නෙතූ ලගට යනවත් එක්කම නෙතූ තදින් මාව බදාගත්තා....
"තීනු....මං...මං උබට හරි ආදරෙයි තීනු...උබ උබ ...වගේ යාලුවෙක් හැම එකෙක්ටම ලැබෙන්න ඕනි..."
"මතකද උබට මං එක දවසක් කිව්වා....උබට සතුටු හිතෙන වෙලාවට තනියම සතුටු වෙන්න පුලුවන් ....ඒත් උබේ ඇස් වලින් කදුලු වැටෙන වෙලාවට උබට බෑ තනියම අඩන්න....මොකද උබේ වටේට ඉන්නවා උබේ කියලා කියන්න පුලුවන් උන්....අයිතියක් නෑ උබට තනියෙන් වේදනා විදින්න...අපි ඉන්නවා හැමදාම උබ එක්ක...."
අවසානේ හැමෝම එකතු වෙලා නෙතූව වටකරගෙන group hug එකක් දුන්නා ....ඒක හරි ආදරණීයයි........
වතුර බිදුවක් නැතුව කර්කශ පොලොවක හුස්ම අල්ලන් ඉන්න පුංචි සූරියාකාන්ත ගහක් වගේ තිබුන නෙතූගෙ ජීවිතේට අදින් පස්සෙ.... ආයෙත් පණ දෙන හිරිකඩ වැස්ස යොහාන් අයියා වේවි....සූරියකාන්ත මල ඉරට විතරක් පේ උනා හා සමානව නෙතුත් යොහාන් අයොයගෙ ආදරේ නිසා ආයෙත් හුස්ම අල්ලාවි......💛💛💛
_____________________________________________
ඔන්න දුන්නා හොදේ 🌝✨...අම්මෝහ් හරි මහන්සී 🥵🥵🥵🥵.....
ඔන්න නෙතූටත් වසන්තය උදා උනා....මොකෝ හිතම්නේ අද chap එක ගැන....❤️❤️❤️
ආයෙ නෙතූලා ඉස්සරහට හම්බ වෙන්නෙ නෑ.... හම්බ වෙනවා ඒත් දැන්ම නේමෙයි...දැන් දිගටම යන්නෙ ආදි,තීනු ගැන....🖤🌝
මොකෝ කියන්නේ ටයිම් පාස් එකකට ගිහිම් සුනාමිය ලගටම අරන් යන්නද? 🌊💗
ආදරෙයි....❤️
ආයෙත් එන්නම්....
මම
Seo yoen 🧸🎀❤️
You are reading the story above: TeenFic.Net