දාහතරවන රැල්ල 💛✨🌊

Background color
Font
Font size
Line height

"මචන්...ආදි දැක්කද?.."

"ආහ් ඔවු තීනුවෝ ඔඩිටෝරියම් එකට යන ගමන් හිටියෙ...ආදිගෙ අප්පච්චි ඇවිල්ලනෙ...."

"ආහ්..අප්පච්චි ඇවිත් හිටියද...දැන්නම් ගොඩක් පේරන්ට්ස්ලා ඇවිත්නෙ බන්...තව පැය බාගයක් ඔක්කෝම ඇතුලට එවහම් ඈ..."

"හරි බොසා උබ යමන් මං එන්නම්...."

කාලෙ හරි ඉක්මන්ටම ගෙවිලා යනවා...මේ අපේ පාසල් කාලෙ අවසානම ඍතුව...උසස් පෙලට දෙසැම්බර් නිවාඩුව හම්බ වෙනවනෙ....ඉතිම් නිවාඩු දෙන දවසෙ අපේ ස්කෝලෙ තියෙනවා හැමෝටම තම්න්ගෙ දක්ෂතා පෙන්නන්න පුලුවන් වෙන විදියට සංවිධානය කරපු පුංචි උත්සවයක්...පුංචි කිව්වට පුංචි නෑ...ලමයි 4000 + ඉන්න ස්කෝලෙක...ඒ වගේ වැඩක් කරන එක ලේසු දෙයක් නෙමෙයි ...දෙමව්පියෝ පවා එනවා....අපි මේ පාර xam ලියන නිසා අපිට තමා event එකේ වැඩි ඉඩ කඩ ලැබිලා තියෙන්නේ.....හරියටම කිව්වොත් මේ 2004 නොවැම්බර් 30

මං ඈත තියාම දැක්කා ආදිගෙ අප්පච්චි ඇවිත් ඉන්නවා....මේ කාලෙ හරි පුදුම කාලයක්....උනේම පුදුම හිතෙන දේවල්...ආදිගෙ අප්පච්චිට ආදි කලින්ම කියලා තිබිලා මං ගැන...ඒ නිසා අප්පච්චි අපි දෙන්නා ගැන දන්නවා එයා හරි ආදරණීය චරිතයක්....ඒ වගේම තමයි අපේ ගෙදරත්....ඉදලා ඉදලා බැරිම තැන මං කියල දැම්මා..මං ආදරේ කරන්නේ කොල්ලෙක්ට කියලා...කවදා උනත් කියන්නම වෙනවනේ ...ආ නැද්ද? වැඩේ කියන්නේ එදා බිස්නස් ඩීල් එකකට ඔසී ගිහිම් හිටපු තීනුගෙ අප්පච්චි පවා ගෙදර හිටියනෙ ඉතිම්....මං හිතුවෙ තීනු ඉවරයිම තමෛ කියල....ඒ උනාට අම්මයි අප්පච්චියි කියපු දේත් එක්ක මට උඩ බිම මාරු උනා....

එයාලා...එයාලා කිව්වට අප්පච්චි අනේ... එක පාරටම ඇහුවා ඉතිම් පුතා ඕකෙ පුදුම වෙන්න දෙයක් තියෙනවද ම්ම්? අමුතු ඇටේ ඕක මැජික් උනාට දියුණු වෙලා තියෙන රටවල් වල ඕක සාමාන්‍ය දෙයක්...මගේ තීනු පුතාට අයිතිය තියෙනවා ඕන කෙනෙක්ට ආදරේ කරන්න....තීනුගෙ අම්මයි අප්පච්චියි කියන්නේ තීනුව බිත්ති හතරක් ඇතුලෙ හිර කරන්න කැමති දෙන්නෙක් නෙමෙයි ...ඉතිම් මගෙ පුතා කරන්නේ හරි දෙයක් නම්...ඒකෙන් පුතාට සතුටු වෙන්න පුලුවන් නම් අපි බාධා කරන්නේ නෑ කිව්වා....

හත්දෙයියනේහ්....මං ජීවිතේට එහෙම දෙයක් හිතුවෙ නෑ යකඩෝ....හැබැයි හිතුවට වඩා හැමදේම හොදට සිද්ද උනා.....දැන් අපි දෙන්නගෙ ආදරේට මාංචු දාන්න කාටවත්ම නෑ.....

"අප්පච්චි....දැන්ද ආවෙ...."

"ඕහ් ...තීනු පුතා ...ඒත් මං මේ ආදිගෙන් ඇහුවා කෝ මගේ හුරතල් බෑණා පොඩ්ඩ කියලා...."

"යෝහ්...අප්පච්චි...ඔහිම කියන්න එපා අනේ...තීනුට ලැජ්ජා හිතෙනවනේ...."

"අම්මේ ඉතිම් හුරතලේ...ආදියෝ කොහොමද මගෙ කොලුවෝ මේ හුරතලේව දරාගෙන ඉන්නෙ...."

"දරාගෙන ඉන්න බැරි උනොත් බිමින් තියනවා මගෙ අප්පච්චි..."

"අප්පච්චි පේනවද ...පේනවද අප්පච්චි මේ ගල් ආදා කියපු කතාව..මූ මට ආදරේ නෑ අප්පච්චි...මේ අපේ සෙනාල් මල්ලිගෙ හොර මිනිහා....අනේ ආදි මටනම් එපා තෞසෙව....."

"ආහ්...හරි හරි ඇති දෙන්නා රණ්ඩු කලා..යං ඇතුලට ...දැන් පටන් ගනී...."

ආදියි,මමයි,ආදිගෙ අප්පච්චියි ඇතුලට ගියා...අද අපේ අම්මිටයි තාත්තිටයි...එන්න විදියක් නැහැ...කමක් නෑ ඒ වෙනුවට තමයි ආදිගෙ අප්පච්චි ඇවිත් හිටියෙ....පේරන්ට්ස්ලට වෙන් කරලා තිබුනෙ වෙනම පැත්තක් ...අපි ආදිගෙ අප්පච්චිට ඒ තැන පෙන්නලා...ස්ටේජ් එක පිටිපස්සෙ රූම් එකට ආවා...කොල්ලො හරි හරියට වැඩ....හොදම දේ තමයි අද ආදිගෙ event එකකුත් තියෙන එක....හැබැයි මට වත් කිව්වෙ නෑ මොනාද කරන්නෙ කියලා......හැබැයි කියන්නේ සිංදුවක් කියලා නම් දන්නවා....

ඔන්න මෙච්චර කල් ඉදලා ඉදලා අවසානෙ වැඩේ පටන් ගත්තා....ගායන,වාදන,නර්තන එකී මෙකී නොකී ඔක්කොම ඉවර වෙලා දැන් තියෙන්නේ ඉතිම් මගෙ ආදරණීය ආදියාගෙ වැඩේ තමයි ......

"ආදි...මං දන්නවා මැණික ඔයාට පුලුවන්...මගේ ආදිට පුලුවන් ....best of luck..."

"අනිවාරෙන්ම මගෙ තීනු....තීනු ඉද්දි මං බය වෙන්නෙ ඇයි ම්ම්? ....ගිහිම් එන්නම්ම්..."

එහෙම කියපු එයා අවසානෙ යන්න ගියා....මුලු ස්ටේජ් එකේම අයිතිය එයාට පැවරෙන කොට...තනි කහ පාට ලයිට් එකක් එයාව අයිති කරගන්න අතරේ...මුලු ප්‍රේක්ෂකාගාරයම අදුරු වෙලා ගිහිම් ඉතුරු ලයිට් එක ආදිගෙ අප්පච්චිව අයිති කරගත්තා.....හැමෝටම හිතාගන්න අමාරුයි වෙන්න යන්නෙ මොකක්ද කියලා..

ස්ටේජ් එක මැද තියලා තිබුන තනි උස බංකුවෙන් ඉදගත්ත ආදි ගිටාර් එක අතට ගත්තෙ හරිම සංසුන්ව....හැමෝම මීයට පිම්බා වගේ නිහඩ වෙලා....අවසානෙ අඩවන්ව ගිහිම් තිබුන ආදිගෙ ඇස් මුලු ප්‍රේක්ෂකාගාරයටම පේන්න ගත්තා.....





"අම්මා......ඒ අකුරු තුන ඇතුලෙ තියෙන්නෙම ආදරේ පුරවගත්ත හැගීම් ගොන්නක්....දස මාසයක් කුසේ දරාගෙන ඉදලා....මෙච්චරක් කියල කියන්න බැරි තරමටම වේදනා විදලා අපි මේ ලෝකෙට අරන් එන්නේ අපේ ආදරණීය මව්වරු...තියෙන අපරිමිත දාරක සෙනේ නිසාම ඒ රක්ත ගැහුණ ලේවල පවා...කිරි සුවද උතුරන්න පටන් ගත්තා....අම්මගෙ උණුහුම හරි සනීපයිලු..ඒ චරිතෙ හරි ආදරණීයයිලු...ඒත්...අවාසනාවකට මට ඒ උණුහුමේ ගුලි වෙන්න ලොකු වාසනාවක් තිබුනෙ නැ....මං පුංචි කාලෙදිම මගේ අම්මා මාව දාලා ගියා...."

"ඒත්....මට අම්මා කියල කියන්න පුලුවන් මනුස්සයෙක් දැනටමත් මේ ලෝකෙ හුස්ම අල්ලනවා...ඒ තමයි මගේ රත්තරං අප්පච්චි...පුංචි කාලෙ ඉදන්ම වේලක් වත් බඩගින්නෙ නොතියා මගේ බඩ පිරෙව්වෙ මගෙ රත්තරං අප්පච්චි...ලෙඩ හැදුන වෙලාවක මං තුරුල් වෙලා ගුලි උනේ මගේ අප්පච්චිගෙ උණුහුම ඇතුලේ....අදට ...මට අවුරුදු 18...අවුරුදු 18 පුරාවටම මගේ හිත තලන්නෙ නැතුව මල් පෙත්තක් වගේ රැක්කෙ මගෙ අප්පච්චි.....අම්මගෙ තුරුල පුංචි කාලෙදිම අහිමි උනත්....මට ඒ උණුහුම ඔය පපුවෙන් දැනෙනවා මගෙ අප්පච්චි....ඉතිම් මේ ගයන්නේ ඔයාට....."

'ආදි.....එයා කියනවා...එයා මෙච්චර දවසක් නොකියා කියලා තියෙන්නේ එයා අද මේ දේ කරන්නෙ එයාගෙ අප්පච්චි වෙනුවෙන් කියලා...අප්පච්චිගෙ ඇස් වල කදුලු පිරිලා...ආදිගෙ ඇස් හැගීම් වලින් බර වෙලා අවසානෙ ආදි ..එච්චර වෙලා නිහඩව හිටපු ගිටාර් එකේ තත් වල නිහඩතාවෙ බිදලා දැම්මා.....

උණුහුම් මටම දිදී.....
ඔහු සීතලේ නිදී....
නෑ තව දුක කන්ද නිම්මා.....

තුන් ලෝකයම රැකී....
ඔහු මහ පිරිත වැනී....
සසරම අත් නොහැරපු තාත්තා....

ආදර පියවරුනේ....
සෙනෙහස මහමෙර වේ...
සුවදයි පිය සෙනෙහේ ජීවිතයේ.....

මං හන්දා මැරි මැරි ගිනි හංගා කුස යට...
නින්දා ඉවසගන්නෙ රන් හිරු සේ....
නෙත් යුග නොම වැසූ දරු දුක කෑ ගසා...
අදුරේ විරිය දෙයි ඒ ආදරෙ....

ආදර පියවරුනේ...

සෙනෙහස මහමෙර වේ.....
සුවදයි පිය සෙනෙහේ ජීවිතේ...

"මගෙ රත්තරං අප්පච්චි....ජාති ජාතිත් පින් මට හුස්ම අල්ලන්න හයිය දුන්නට....මගේ අම්මා මතු බුදු වෙන්න කියලා කියන්න කෙනෙක් මට නෑ අප්පච්චි.....ඒත් අම්මගෙ ආදරේ...මගෙ අප්පච්චිගෙ ආදරෙ ඇතුලේ ඉතිරෙන්නම තිබුනා....මගෙ අප්පච්චි මතු බුදු වෙන්න ඕනි......"

දෙයියනේහ් .....හැමෝගෙම ඇස් වල කදුලු....අප්පච්චි අඩනවා...ඒකට සාක්ෂි අප්පච්චිව වහගෙන ඉන්න කහපාට ලයිට් එක දෙනකොට ...ආයෙත් මුලු ඔඩිටෝරියම් එකම ලයිට්ස් වලින් පිරිලා ගියා....හැමෝගෙම ඇස් වල කදුලු....ආදි එහෙම කියලා ස්ටේජ් එකෙන් ආවා...අප්පච්චිත් ඒත් එක්කම නැගිට්ටා...මං දන්නවා අප්පච්චි ඔය එන්නෙ ආදිව හම්බ වෙන්න....

කිව්වා වගේම හරි ඇස් වල කදුලු පුරවන් ආපු අප්පච්චි ආදිව එක පාරම බදා ගත්තා....

"අප්පච්චි....මොකද මේ ම්ම්ම්?"

"මගේ රත්තරං පුතේ...."

"අප්පච්චිගෙ ඇස් වල කදුලු අප්පච්චි..."

"මගේ රත්තරනේ....ඔහොම අප්පච්චිව හිරකරන්න එපා මගෙ දෙයියෝ....අප්පච්චිට මගෙ පුතාව දාලා යන්න හිත හදාගන්න බැරිවෙයි......"

"අප්පච්චි කොහෙවත් යන්නෙ නෑ මගෙ අප්පච්චි...අප්පච්චි හැමදාම ...අප්පච්චිගෙ පුතත් එක්ක ඉන්නවා...."

*
*
*
*
*
*
*
*
*
"ආදි...."

"ම්ම්ම්ම්..."

"පේනවද අර කුරුල්ලෝ දෙන්නා...උන් දෙන්නා පියාඹන්නේ හරි ලගින්..එකෙක්ට එකෙක් ඈත් වෙන්න දෙන්නෙ නෑ....ආදි දන්නවදමං මගේ ආදිටත් මගෙන් ඈත් වෙන්න දෙන්නෙ නෑ....."

"මගෙ පණ්ඩිත කොල්ලා...කොහොමද ඔච්චර පණ්ඩිත උනේ ම්ම්ම්?...ආදරේ කරන මිනිස්සු තනිකරන්නෙ නෑ මැණික...තනි වෙන්න දෙන්නෙත් නෑ....."

"තීනු දන්නවද ...ඔයා බලයි මං මෙහෙම කියන්නේ ඇයි කියලා....ආදරේ තියෙන්නෙ ඇස් වල...මොකද දන්නවද...මනුස්සයෙක්ට වචන වලින් බොරු කරන්න පුලුවන් ....ඒත් මනුස්සයෙක්ගෙ ඇස් ගොඩක් අවංකයි...වචන බොරු කලත් ඇස් වලට බෑ බොරු කරන්න.....සමහරවිට වචන වල නැති ආදරේ....ඇස් වල උතුරන්න තියෙනවා...."

"ආදි...ආදරෙයි...ගොඩක්...."

"මාත් ආදරෙයි මගෙ තීනුට...."

"ආදි අපි විබාගෙ ඉවර එකේ දළදාව වදින්න යමු....හාද ...අපි හැමෝම ලගදි එකතු උනෙත් නෑනෙ..."

"ම්ම්ම්...යමු අනිවාර්යයෙන්ම යමු..."

අපි හිටියෙ විභාගෙ ලියලා ඉවර වෙලා ගෙදර යන ගමන්....ආදිත් අද අපේ ගෙදර යනවනේ
... ආදිගෙ අප්පච්චි එයාගෙ වැඩ වගේකට කොලඹ යනවා කිව්වා...හැබැයි වැඩ මොනාද කියලා නම් කිව්වේ නෑ...ඒක නිසා මේ දවස් ටිකේම ආඉ අපේ ගෙදර....බලන්න ඉතිම් කාලෙ ගියපු වේගේ නේද....අද තමයි xam එකේ අවසාන දිනේ... කියන්නේ 2004.12.19 ....ඉවරයි උට්ටෝ ඉවරයි...ඒකත් ඉවරයි....ලොකුවට අමාරුවක් නම් තිබුනේ නෑ හැබැයි ඉතිම්....සමාගමත් බැලන්ස් කලා ආයෙ ලොවෙත් නැති වෙන්න...ඒ අස්සෙ සදමාලිත් පේපර් එකේ හිටියනේ...අනේ මේකි මගේ පස්සෙන් එනවද කොහෙද....කතාවෙන් කතාව ඔන්න අපි ගෙදරටත් ආවා....ඒත් ....ඒත් අම්මයි කොහෙ යන්නද මේ ලෑස්ති වෙලා ඉන්නෙ....අපි ගේට් එකෙන් ඇතුලට එනවා දැකපු ගමන්ම අම්මා කලබලෙන් අපි ලගට දුවගෙන ආවා....ඒ ඇස් හරි කලබලයි.....

"ති..තීනු...රත්තරන්....ආදි...මැනික අහන්නකෝ......අ..අපි ගමනක් යන්න ඕනි...ආයෙ ගේ ඇතුලට යන්න වෙලා නෑ දෙන්නම නගින්නකො පැටව්නෙ වාහනේට..."

"අම්මා...මොකද මේ කලබල වෙලා ....මොකක්ද ප්‍රශ්නෙ...කොහෙද යන්නෙ අම්මා...."

"ප්‍රශ්න අහන්න එපා ලමයෝ කරුණාකරලා වාහනේට නගින්න...."

අම්මා කවදාවත් මෙහෙම කලබල වෙලා නෑ...ආදිටයි මටයි උන දේ තාමත් හිතාගන්න බැරුව ඉන්නෙ....අපි තාමත් ස්කූල් යුනිෆෝර්ම් පිටිම්....අපි දෙන්නත් සද්ද නැතුව ගිහිම් වාහනේට නැංගා.....

_______________________________________________
ආදිගේ මානයෙන්

තීනුගෙ අම්මයි,අප්පච්චියි හිටියෙ ගොඩක් කලබල වෙලා...අඩුම වාහනේට නැංගට යන්නෙ කොහෙද කියලාවත් කියන්න අපි දැනගෙන හිටියෙ නෑ....කාර් එකට නැංගට පස්සෙ කවුරුත් නෙමෙයි කතා කලේ ....තීනු පවා හිටියෙ කිසි දෙයක් හිතාගන්න බැරුව...ඒත් අපි අන්තිමට ගමනෙ අවසානෙට ආවා....ඒත් එක්කම මගේ ඇස් ගියේ ලොකු බෝඩ් එකක ගහලා තියෙන ඒ අකුරු ඉස්සරහට .....ඒත් මෙහෙට ආවෙ මොකද....?

" **** පෞද්ගලික රෝහල-මහනුවර.........."



_____________________________________________

හෙලෝ ලමයිනේ ඉතිම් කොහොමද ?....ඔන්න chap එකක් දුන්නා....💗💗

කාලෙ යන වේගෙ වැඩී වගේද...එහෙම ලිව්වෙ කතාව ඉක්මන්ට ඉවර කරන්න ඕනි නිසා....තව විස්තර දැම්මොත් කතාව තව දිග්ගැස්සෙයි ...ඒක නිසා තරහ වෙන්න එපා හොදේ....🥺...

ඔන්න දෙන්නගෙම ගෙවල් වලින් ඒකට කැමතීලු...💞🥹 එන්න අපි පාටි දාන්න 🙈.....

මොකෝ හිතන්නේ ආදිගෙ සිංදුව ගැන..එයා ඒකෙ lyrics වෙනස් කරලා.....👉👈🌝💛

ආදිගෙ අප්පච්චි ඇයි අර වගේ දාලා යන කතාවක් කිව්වෙ...🤔🤔....එයා කොලඹ ගිහිම්ලු...ඒත් ඇයිද කියලා කිව්වෙ නෑලු...🤔

ඔන්න විභාගෙත් ඉවරයි....ඒක ඉවර වුන ගමන් ඇයි හොස්පිට්ල් යන්න උනේ 🫢🙄

ඊලග චැපියෙන් දැනගමු හොදේ 🥹❤️🙈ඒකෙත් යන්නෙ ආදිගෙ මානෙන්ම තමයි......

ආදරෙයි....❤️
ආයෙත් එන්නම්....
මම
Seo yoen 🧸🎀❤️










You are reading the story above: TeenFic.Net