ආදිගේ මානයෙන්
වෙලාව උදේ නවයත් පහු වෙලා ....සුදු තිර රෙදි වලින් පෙරිලා ආපු ඉර එළිය මගේ මූණ ඉම්බේ හරි කලබලෙන්...මං ඇහැරුනත් මොකද එතකොට තමයි මං දැක්කෙ...ඇදේ එහා පැත්ත හිස් කියලා...එයා ගිහිම් ...මගේ තීනු මටත් නොකියම ගිහිම්...කමක් නෑ ආයෙත් හෙට එනවනේ.....
"ආදි ...පුතා නැගිට්ටද...මූණ හෝදගෙන එන්න පැටියෝ කිරි එක බොන්න....අප්පච්චිගෙ දානෙ දවල්ට පන්සලට අරන් යමු...."
අම්මා...එයා ඉරටත් කලින් වැඩ පටන් ගෙන....අද මගේ අප්පච්චිගෙ දානේ...තීනුලාගෙ අම්මලාගෙ චාර්ත්‍ර වෙනස් එයාලා හත් දවසෙ දානෙ අරගෙන යන්නෙ පන්සලට....හොදටම පරක්කුත් වෙලා නිසා මං මූණ කට හෝදගෙන ආවා කිචන් එකට....ඒත් එක්කම ඇහුනෙ phone එක රින්ග් වෙන සද්දයක් ....
"ආදි මැණික ...කවුද බලන්න...තීනුද දන්නෙ නැහැ පුතේ..."
ඔවු ..අම්මා කියන්නේ ඇත්ත...තීනු ගිහිම් දැන් පැය ගාණක් උනත් තාමත් එයාගෙන් කිසිම call එකක් නැහැ....පවු මගෙ කොල්ලට මහන්සියට නින්ද යන්න ඇති....ඒ තීනු කියන බලාපොරොත්තුවෙන් උනත්...නැහැ ඒ තීනු නෙමෙයි ඒ අප්පච්චි....ඉතිම් මං කෝල් එක ආන්ස්වර් කලා... .
"හෙලෝ අප්පච්චි...."
"හ්...හෙලෝ...ආ..ආදි...මැණික...ති...තීනු කතා කලාද? තීනු කතා කරාද රත්තරං ....."
"නෑනේ අප්පච්චි...ඇයි මේ කලබල වෙලා...."
අප්පච්චි හොදටම කලබල වෙලා....අපි කතා කරනවා ඇහිලද කොහෙද මෙච්චර වෙලා කිචන් එකේ හිටපු අම්මත් මං ලගට ආවා....
"Oh shit...ම්...මගේ කොල්ලා....ති...තීනු phone එක ආන්ස්වර් කරන්නේ නෑ පුතේ...."
"කලබල වෙන්න එපා අප්පච්චි...තීනුට මහන්සියට නින්ද යන්න ඇති...."
"ඒ...ඒක නෙමෙයි ප්‍රශ්නෙ දරුවෝ...ම්..මගේ...මගේ දරුවට මොනා වෙලාද දන්නෙ නෑ...."
"අප්පච්චි...මොකද මේ ....අනේ මොනා හරි වෙලාද අප්පච්චි...අනේ අප්පච්චි තීනුට මොනා හරි වෙලාද...."
අප්පච්චි කියවනවා...එයා කියනවා තීනුට කරදරයක්ලු...ඒත් මොනා වෙන්නද...අප්පච්චිගෙ වචන නිසා අම්මා පවා කලබල වෙලා ඉද්දි ....ඊලගට අප්පච්චි කියපු දේත් එක්ක මගෙ මුලු සර්වාංගෙම පණ නැති වෙලා ගියා....
"ආදි...ප්.පුතේ.මුහුද ගොඩ ගලලා...තීනු මාතර ගියපු කෝච්චිය...මුහුදු රැල්ල නිසා පෙරලිලා ගිහිම්...."
එච්චරයි ....අප්පච්චිට එච්චරමයි කියන්න පුලුවන් උනේ ඇදන් ඉදපු ඇදුම් පිටින්ම phone එක සාක්කුවට දාගත්ත මං..කාර් එකේ යතුරත් අරං මාතර යන්න පිටත් උනේ අම්මා පවා මගෙන් මොකද උනේ කියලා අහ අහ පස්සෙන් එද්දි....
ඒත් මං නෙමෙයි අම්මට උත්තරයක් දුන්නේ....මං ගියපු වේගේ මටඑඅත් හිතාගන්න බැරි වෙනකොට...වේදනා දෙන බහුබූත ගොඩක් මගේ හිතේ එහා මෙහා යන්න පටන් ගත්තා....
මං මාතරට ආවේ කොහොමද කියලවත් හිතන්න මට සිහියක් නැති වෙනකොට....එච්චර වෙලා මිනිස්සු දස දාස් ගාණක් බිලි ගත්ත මහ සයුර ආයෙත් හරි සාමකාමීව රැළි ගහන ගමන් තිබුනා...ඔවු හොදටම හවස් වෙලා....ගිනි බෝලයක පාට ගත්ත ඉර ...මහ මුහුදේ හැංගිලා යන්න ලෑස්තී .....
වෙනදට ලස්සන කියන දේවල් විතරක්ම තමන්ට තුරුල් කරගෙන හිටපු මාතර අද සොහොන් පිට්ටනියක් වෙලා....පෙරලිලා ගියපු වාහන අස්සෙ සමහර මිනිස්සු සදහටම හුස්ම අතෑරලා ....මහ පොලොව අයිතිය අයිතිකරගෙන හිටපු ගොඩක් ගොඩනැගිලි බිමට සමතලා වෙලා ගිහින්...මඩ ගොඩන් අස්සෙ..ගස් ගල් අස්සෙ තවත් මිනිස්සු පණ කෙන්ද රැකගන්න ජීවිතේ එක්ක් සටන් කරනවා....කන් බීරි කරවගෙනාඇම්බියුලන්ස් එහා මෙහා යද්දි ...ත්‍රිවිධ හමුදාව, පොලීසිය අසරණ උන මිනිස්සුන්ට උදව් කරන්න ඇවිත්...
ඒත් මේ වගේ වෙලාවල් තමන්ගෙ වාසියට ගත්තු මිනිස්සුත් හිටියා....හොරු,මැරයෝ ,රස්තියාදුකාරයෝ කියලා ලේබල් උන සක්කිලි ඇවිත් මැරුන මිනිස්සුගෙ මාල වලලු මුදු හොරකන් කරගෙන අරන් යන ගියපු අවස්තත් නැතුවම නෙමෙයි ....
ඒ හැමදෙයක්ම අස්සෙ මං හෙව්වෙ මට හුරු පුරුදු රූපේ වෙනකොට...ඒ රූපේ පේන මානෙකවත් නොදැකපු නිසා මගේ හිත තව තව කලබල උනා...මගේ තීනු කොහෙවත් පේන්න නැති වෙනකොට මම පෙරලුන කෝච්චිය ගාවට දුවගෙන ගියේ උන්මත්තකයෙක් වගේ කොණ්ඩෙ පවා අවුල් කරගෙන.....
පෙරළුන කෝච්චි පෙට්ටි අස්සෙ මිනිස්සු සදහටම තමන්ගෙ හුස්ම අත ඇරලා දාලා...පුංචි කිරි කැටියො පවා ජීවිතෙන් වන්දි ගෙවලා තියෙනවා දකිද්දි මගේ පපුව පිච්චිලා ගියා....
"ති....තීනූ.....තීනු මැණික කතා කරපන්"
"උ...උබ කොහෙද...දෙයියන්ගෙ නාමෙට මාව බය නොකර ඇයි ගාපන් රත්තරනේ...."
"තීනූ....."
මං මගේ තීනුට කතා කරන ගමන් පිස්සෙක් වගේ කෑ ගැහුවා...ඒත් තීනු නෙමෙයි මට ඇයි කිව්වේ...
හොයලා හොයලා අවසානේ මගේ තීනුව මට හොයාගන්න බැරි වෙනකොට...ඇස් වල කදුලු පුරවගෙන මං ගිහින් රේල් පාර උඩ වාඩි උනා....ඒත් විනාඩි කීපයකින් මං දැකපු දේත් එක්ක මගේ ඇග පවා සීතල වෙලා ගියා...ඒ දුකකටද සතුටකටද කියලා මට හිතාගන්න බැරි උනත්...මං ඉදම් හිටපු තැනට ටිකක් එහායින් ...කෝච්චි පෙට්ටියෙන් එලියට විසි වෙලා තිබුනෙ තීනුගෙ බෑග් එක වෙනකොට මම එතන්ට දුවගෙන ගියේ විදුලි වේගෙන්....
ඒත්...ඒත් ...එතන්ට ලං වෙනවත් එක්කම කෝච්චි පෙට්ටිය ඇතුලෙන් එළියට ගන්න ගමන් තිබුන රූපේ දැකපු මට දැණුනේ මගේ මුලු ලෝකෙම කඩාගෙන වැටුනා හා සමාන හැගීමක් වෙනකොට මම එතනට ගියේ කොහොමද කියලා කියන්න වත් මට සිහියක් පතක් තිබුනෙ නෑ....
ඒ ....ඒ එයා ඇදන් හිටපු ඇදුම්...ඒ ඇග....ඒ පාට ඒ හැමදෙයක්ම මගෙ තීනුගෙ වගේමයි...න්...නෑ නෑ මේ තීනු නෙමෙයි මගේ කොල්ලට බෑ මාව දාලා යන්න...ඒත් තීනු බැදගෙන ගියපු වොච් එක පවා ඒ අතේ තාමත් රැදිලා තියෙනකොට...වේදනාවෙන් බර වුන පපුවත් අල්ලගෙන මම බිමට පහත් වුනා..
"ඔ...ඔයාලා...ඔයාලා..ඇයි මේ මෙයාව අරන් යන්නේ...එ..එයා මැරිල නෑ පිස්සුද ...එයාව...මගෙ තීනුව මට අරන් යන්න දෙන්න....එයා...එයා..ගෙදර එක්කන් යන්න ඕනි...."
"Oh sir...calm down...මං හිතන්නේ ඔයා මේ මැරුන මනුස්සයගෙ නෑදෑ කෙනෙක් වෙන්න ඇති..we are really sorry...එයා ජීවතුන් අතර නැහැ....අපිට අපේ රාජකාරිය කරන්න දෙන්න...."
"න්...නෑ..නෑ...නෑ....එයා එයා ජීවත් වෙනවා...මගෙ තීනු ජීවත් වෙනවා යකෝ....ම්...මට මගේ තීනුගෙ මූණ බලන්න දීපන් යකෝ...ඇ..ඇයි ඒ මූණ වහලා...අයින් කරපන් යකෝ ඔය කෙහෙම්මල් රෙද්ද..."
"Please sir අපිට අපේ රාජකාරිය කරන්න දෙන්න...මේ මනුස්සයාගෙ මූණ හොදටම ඩැමේජ් වෙලා....කෝච්චේයේ තිබුන යකඩ පොල්ලක් තනිකරම මේ මූණ අයිති කරගෙන තිබුනේ...ඉතිම් ඒ වගේ සිටුවේෂන් එකක් උඩ අපිට .මූණ පෙන්නන්න විදියක් නැහැ...සර්...මිනිය අදුර ගත්තනම් සර්ට පුලුවන් ...හොස්පිට්ල් එකට අපිත් එක්ක යන්න එන්න...ඒත් මං හිතන්නෙ නෑ body එකේ අවසාන වැඩ කරන්න් ,body එක අරන් යන්න දෙයි කියලා....මොකද ආරක්ෂක අංශ කිව්වේ ගොඩක්ම තැලීම් සීරීම් තියෙන bodies සීල් කරනවා කියලා...ඉතිම් ඔයාලට පුලුවන් අවසන් වැඩ කටයුතු hospital එකේ කරන්න..."
"අපිට අපේ රාජකාරිය කරන්න දෙන්න....නැති වෙලා තියෙන්නේ සර්ගෙ කෙනෙක් නිසා සර්ට පුලුවන් ...අපිත් එක්ක එන්න...."
මගේ තීනුගෙ මූණ වහලා දාලා....ඒ මූණ තැලිලා ..පොඩි වෙලා ගිහිම්ලු...එ...එයාලා කියනවා මගෙ තීනුව මට ගෙදර අරන් යන්න බෑලු....මමත් මගෙ තීනුගෙ තනියට හොස්පිට්ල් එකට ගියා උනත් මං හිටියෙ තාමත් උන කිසිම දෙයක් හිතා ගන්න බැරුව...
මුලු හොස්පිට්ල් එකේම තියෙන්නේ විලාප සද්දයක් විතරයි....දෙමව්පියන්ට දරුවො නැති වෙලා...තවත් සමහර දරුවන්ට තමන්ගෙ දෙමව්පියෝ නැති වෙලා...බලන බලන හැමතැනම තිබුනෙ මිනී කදු විතරක්ම වෙනකොට....මගේ තීනුවයි තව මිනිස්සු වගේකුයි ඒ ගොල්ලො ඇතුලට අරන් ගියා....
උන්ට පිස්සු...ඒ මගේ තීනු නෙමෙයි...තීනු ඉන්නවා...එයා කොහෙ යන්නද තීනු ඉන්නවා...
වෙනදට සතියකට,සති දෙකකට සැරයක් උදුලු පාරවල් වදින හොස්පිට්ල් එකේ කන්ත්තෙ අද ඉවරයක් නැතුව උදුලු පාරවල් වදිනවා....තවත් තැනක ලොකු බැකෝ එකකින් වලවල් හාරනවා....අයිතිකාරයෝ හොයාගන්න බැරි හැම මනුස්සයෙක්ගෙ body එකක්ම මිහිදන් කරන්න.....
වේදනාව ඉවසගන්න බැරිම තැන...මං එහෙන්මම බිමින් ඉදගත්තා...ඒත් එක්කම මගේ phone එල රින්ග් වුනා....
"ප්...පුතා...කොහෙද ඉන්නේ ළමයෝ...අම්මා..අම්මා හොස්පිටල් එකට ආවා..."
"දෙයියන්ගෙ නාමෙට මට ඉන්න තැනක් කියන්න දරුවෝ..."
"ම්...මගේ කොල්ලා...මගේ අහිංසකයට කරදරයක් නෑ නේද ..."
අම්මා....එයා ඇවිත්...කාත් එක්ක කොහොම ආවද කියලා මම වන්නෙ නැහැ...ඒත් මං කොහොම කියලා ඔය ප්‍රශ්නවලට උත්තර දෙන්නද අම්මේ...? මං කොහොම කටක් ඇරලා උබට උත්තර දෙන්නද?....
මං ඉන්න තැන කියලා...phone එක කට් කරලා දැම්මා...විනාඩි කීපයකින් මං දැක්කා...අම්මා මං ඉන්න පැත්තට දුවගෙන එනවා...ඒත් තනියෙන් නෙමෙයි...එයා ඇවිත් තියෙන්නේ...නෙතුයි යොහාන් අයියයි එක්ක...
"ප්...පුතා..ආදි...ආදි...මගෙ මැනික...කෝ..කෝ.මං දන්නවා...ඔයා...ඔයා මගෙ තීනුව හොයාගත්තා නේද රත්තරන් ....කෝ..කෝ....දෙයියනේහ්...කොහෙද ඉන්නෙ මගෙ කොල්ලා...."
"ආදි...ආදි...මචන් තීනු...තීනු හොදින් නේද බන්...අනේ තීනු...හොදිම් නේද? ආදි කතා කරපන් යකෝ....."
"ආදි මල්ලි...දෙයියන්ගෙ නාමෙන් කට්ගා කරපන් මල්ලී...තීනු මල්ලි කෝ දෙයියනේහ්...."
"වදින්නම්....දෙයි හාමුදුරුවනේ ...ටිකකට ඔය කටවල් පියා ගනිම් යකෝ........"
_______________________________________________
හලෝව් සංකුට්ටනේ ....🥺 ...තීනු යන්න ගිහිම්ලු...🥺 ආයෙ එයා එන්නෙ නැති වෙයිද...?
ම්හුක් ....ඕටරීටත් දුක හිතීගෙන එන්නේ...යන්නම්...🥺😭
Chap 20 ඉවරකරන්න බැරි වෙයි හොදේ...අනිවාර්යයෙන් ම 30 න් ඉවර කරනවා...❤️🤧
ආදරෙයි....❤️
ආයෙත් එන්නම්....
මම
Seo yoen 🧸🎀❤️
.
You are reading the story above: TeenFic.Net