අදට අප්පච්චි නැති වෙලා දවස් හයක්...හරියටම අද 2004.12.25 ....හෙටට ...ඒ කියන්නෙ 26 ට හරියටම එයා අපිව දාලා ගිහිම් සතියක්.....
හැමදේම තිබුන විදියටම වෙනස් වෙන්න පටන් ඇරන් තිබුනත්...මගේ ආදිට තාමත් ඒ වේදනාව උහුලගන්න බැරි උනා...ඒත් මගේ අම්මාවත් අප්පච්චි වත් එයාට ඒ පාලුව දැනෙන්න දුන්නෙ නැහැ...
මම හිටියෙ ටවුන් එකට ගිහිම් ගෙදර එනගමන්...ආදිගෙ අප්පච්චිගෙ වැඩ කටයුතු ඉවර වුන ගමන්...මගේ අප්පච්චි ආයෙත් ඔසී ගියා..එයාට හදිස්සියේම බිස්නස් ට්‍රිප් එකකට යන්න වුනා...අප්පච්චිගෙ කම්පැනි එකේම කොටසක් කොලඹ තියෙනවා...ඉතිම් එයාට ඩොකියුමන්ට්ස් වගයක් ඕනිලු ...දෙසැම්බර් 27 වෙනකොට...ඒ documents ටික අරගෙන අප්පච්චිට mail කරන්න මටම යන්න වෙනවා....ඒක නිසා මං හෙට colombo යන්න ඉන්නෙ....ඒ documents ටික විතරක් අරගෙන මදි...අප්පච්චිගෙ තාත්තලාගෙ ගෙවල් තියෙන්නේ මාතර...සීයා තාත්තටයි,අත්තම්මටයි අපේ ගෙදර එන්න ඕනිලු...ඉතිම් මට කොළබින් එහෙම්මම මාතරට ගිහිම් එයාලත් එක්කරගෙනම තමා ගෙදර යන්න වෙන්නෙ.....
ආදිත් මාත් එක්ක එන්න හැදුවත්..මොන හේතුවකටද මන්දා මං ආදි මාත් එක්ක එන එකට කැමති උනේ නැහැ.....
මං ගෙදරට එද්දි මට ඇහුනෙ ටීවි එකේ සද්දෙම විතරයි...මං සාලෙට එනවත් එක්කම දැක්කා අම්මා සෝෆා එකේ ඉදගෙන ඉන්නවා...ඒත් ලගට ගියාමයි දැක්කෙ මගේ ආදි නිදි කියලා....එයා අම්මගෙ උකුල උඩ නිදි..අම්මා එයාගෙ ඔලුව අතගානවා...අම්මා අම්මගෙ ඇගිල්ල තොල් පටි උඩ රදවලා මට කිව්වෙ සද්ද කරන්න එපා කියලා...එයාලා හරි ආදරණීයයි...මගේ අම්මට පුලුවන් උනා ආදිව එයාගෙ දරුවෙක් වගේම බලාගන්න .....
මං ඒ ගමන්ම උඩට ගියා....මට හෙට අරම් යන්න දෙයක් නැති උනත් ..මොකක්දෝ හේතුවක් මගේ හිතට වද දුන්නා...ඒ නිසාම මම ආදිව මතක් වෙන්න කියලා එක දෙයක් මගේ කරේ රදවගත්තා....ඒක මාලයක්...මගෙයි ආදිගෙයි පින්තූර දලා හදවපු...ඒ පින්තූර පිටට පේන්නේ නැහැ...ඒත් ලයිට් එලියක් වැදුන ගමන් ඒ පුංචි පින්තූර පේන්න ගන්නවා....ඒක හරි හුරුබුහුටී...
*
*
*
*
*
*
"මැණික...."
"ආදි....."
"මාව දාලා යනවද ම්ම්?...ආදිත් එන්නම්..මගෙ මැණිකත් එක්ක යන්න...."
''මං ආදිව දාලා යන්නෙ නෑනෙ....මං ආයෙත් එනවා ...ආදිගෙ තීනු ආයෙත් එනවනෙ රත්තරං .....මගෙ ආදි මේ සතිය පුරාවට හෙම්බත් උනා නේද ? ඒක නිසා හොද කොල්ලා වගේ ගෙදර ඉන්න හරිද? තේරුනාද? ම්ම්ම්? "
"ආදි ඉන්නවා..මගෙ මැණික එනකම් මග බලාන...."
"ආදි...."
"මොකද ම්ම්? මොකද මේ ඇස් වල කදුලු....?"
"ආදි...ම්...මට බයයිනේ තීනු නිසා ආදිට රිදෙයි කියලා...."
"තීනු නිසා ආදිට රිදෙන්නෙ නැහැනෙ....තීනු නිසානෙ ආදි හිනා වෙලා ඉන්නෙ...හෙට විතරනෙ...ගිහිම් ඉක්මන්ට ඉන්න හොදද? ආදි ආදරෙයි....."
මං දන්නෙ නැ ඇයිද කියන්න ඒත් මට දැනුනෙ හරි මූසල හැගීමක් වෙනකොට...මං පුංචි කාලෙ ඉදම් මගේ ලග තියාගෙන හිටපු ටෙඩියා ආදිට දුන්නා....
"ආදිට පාලු හිතුනොත් මෙයාව ලගින් තියාගන්න හරිද? එයා ලග තීනුගෙ සුවද එනවා....."
"ඒ වගේම මෙන්න මේ පුංචි මාලෙ...මේ තීනුටත් තියෙනවා...ඉතිම් මගෙ ආදිත් ඒක ලග තියා ගන්න...තීනුව මතක් වෙන්න...."
"මොකද? ම්ම්ම්ම්? මගෙ තීනු මාස ගානකට කොහෙහරි යනවද? එන්න... පාන්දරම යන්න ඕනි නේද ...දැන් චුට්ටක් නිදා ගන්න...."
එහෙම කියපු ආදි චූටි හාදුවකින් මගේ නළල තෙත් කලා...හාදුවකින් පිට සීමාව අපි පැනල නොතිබ්බත්...ඒ පුංචි හාදුවේ පවා ආදරේ උතුරන්න තිබුනා....වෙනදටත් වඩා අද ආදිගෙ තුරුලට මම තුරුල් උනේ...හරියට ඒ තුරුල මග හැරෙයි කියලා බයට වගේ.....
*
*
*
*
*
"සුදු පුතා...නැගිටින්න ළමයෝ ...යන්න ඕනි නේද?"
ඒ අම්මා වෙලාව පාන්දර එකයි ...පාන්දට දෙකට තියෙන බස් එකේ මම යන්න ඕනි...අම්මා මට කතා කලේ ඇහෙන නෑහෙන ගානට වෙනකොට...නිදාගෙන ඉන්න ආදි නැගිට්ටවන්නෙ නැතුවම මම ඇදෙන් නැගිට්ටා....
"මෙච්චර වාහනයක් තියෙද්දි බස්,කෝච්චි ගානෙ රස්තියාදු වෙන්නෙ මොකටද ළමයෝ ..කාර් එකේ යන්නකෝ...."
"අයියෝ සුදු මැණිකේ...හැමදාම කාර් එකේ යනවනෙ....වෙනසකටත් එක්ක බස් ,කෝච්චි වලත් ගිහිම් බලන්න එපැයි...."
ඒ ඉතිම් අපෙ අම්මා තමෛ...එයාගෙ හෙන කේස් ඉතිම් බස් ගානෙ රස්තියාදු වෙන එකට...අම්මා එහෙම කිව්වත් මොකද මට අද හිතුනෙම බස් එකේ යන්න....
උදේ පාන්දරම අම්මටත් වැදලා මං ගමන යන්න පිටත් උනා...ඒත් මං මගේ ආදිව ඇහැරෙව්වෙ නෑ.....එයාට මහන්සි ඇති...හෙට මම එන එකනෙ...ඉතිම් ආයෙ ඇහැරවන්නෙ මොකද....
පැය ගානකට පස්සෙ මට කොළඹට නම් එන්න පුලුවන් වුනා company එකේ යතුරක් මං ගාව තිබුන නිසා documents ටිකත් අරගෙන මං ඊලගට ආවෙ කොටුව රේල්වේ ස්ටේෂන් එකට....
පාන්දර උනත් වැඩට යන මිනිස්සු..ගම් බිම් වලට යන මිනිස්සු කඩි ගුලක් ඇවිස්සුනා හා සමානව එහා මෙහා යනවා...විනාඩි කිහිපයකින් පස්සෙ ට්‍රේන් එක මුලු පලාතෙම නිහඩතාව බිදගෙන එනවා ඇහුනත්...ට්‍රේන් එක එන්න තව වෙලා තිබුනා...පුදුමයක් අද වේලාසනින්ම ඇවිත්...ස්ටේෂන් එකේ නවත්තපු අංක 05 දරන කෝච්චිය...ආයෙත් ගමන පටන් ගත්තෙ...දහස් ගාණක් මිනිස්සු කෝච්චි පෙට්ටියෙ පුරවගන්න ගමන්..
උඩරට වගේ නැති උනත් කෝච්චිය යන මග දිගටම නිල් පාට නිමක් කොනක් පේන්නෙ නැති මහ මුදුද පේන්න තිබුනා...හිමින් සැරේ ඉර පායගෙන එනවා...ලාවට හමන මුහුදු හුලන් ඇගේ දැවටුනේ මුලු ඇගටම සනීපයක් එකතු කරන ගමන්....
වෙලාව නවය පහු වෙලා....එදා වේල ගැටගහගන්න මිනිස්සු දගලනවා...සමහර අය කඩල ගොටු,වඩේ අරගෙන පාරෙ එහෙ මෙහෙ යද්දි,පුංචි දරුවො වඩාගෙන වැරහිලි ඇදගෙන සිගමන් යදින අයත් තැනින් තැන හිටියා....සමහර මිනිස්සු රාජකාරි වලට යනවා...දෙසැම්බර් 25 ..ඒ කියන්නෙ ඊයෙ...නත්තල් ඉවර වෙනවත් එක්කම...නත්තලේ සීතලත් එක්ක රැල්ල පාගන්න ආපු ගොඩක් මිනිස්සු මුහුදු වෙරළට වෙලා සෙල්ලම් කරනවා.....
විනාඩි කීපයක් ගත උනා....ඒත් එක්කම මට ඇහුණේ එකම ඝෝෂාවක්...එයාලා කෑ ගහන්නෙ මුහුද ගැන කියව කියව...කියන්නෙ මොනාද කියලා පැහැදිලිව ඇහුනෙ නැති නිසා...මෙච්චර කල් පියවෙලා තිබුන මගේ ඇස් මුහුද දිහාවට දිව්වා....
දෙයියනේහ් ...මිනිස්සු කෑ ගහන එක සාදාරණයි....මුහුද...ඔවු මුහුදු රැල්ල එන්න එන්නම පස්සට දුවනවා....හැමදාම වෙරළ ඉඹින රැල්ල අද මුහුදු වෙරළෙන් ඈතට ඈතට යනවා....කවදාවත් මෙහෙම දෙයක් දැකලා නොතිබුන නිසා මිනිස්සු හයියෙන් කෑ ගහනවා... මටත් ඇති උනේ හරි පුදුමයක්...
වෙන දේ බලන්න දහස් ගානක් මිනිස්සු වෙරළට එකතු වෙනවා....තවත් සමහරු..ඈතට යන මුහුදු රළ නිසා පෑදුන මුහුදෙ ඉන්න් මාලු අල්ලනවා...ඒත් මීටර් ගානක් ඈතට දුවපු මුහුදු රළ එක තැනම නැවතුනා...මිනිස්සු ඒ දිහා බලාන හිටියෙ කුතුහලය පිරුණු ඇස් වලින්......
ඒත් තත්පර ගාණක් යන්න ඇති...එච්චර වෙලා නිහඩව තිබුන මුහුදු රැල්ල ආයෙත් හයියෙන් කෑ ගහගෙන රැලි නගන්න පටන් ගත්තා...ඒත් ඒ සාමාන්‍ය රැලි නෙමෙයි....ඒ රැළි මීටර් ගාණක් උස වෙනකොට...කවදාවත් නොදැනුන බයකින් මගේ පපුව ගැහෙන්න පටන් ගත්තා.....
කෝච්චියේ වේගෙටත් වඩා ගොඩබිමට ආපු රැල්ල ගස්,ගල්,ගොඩනැගිලි පෙරලගෙම ගොඩබිමට ඇදෙද්දි....සිය දහස් ගාණක් මිනිස්සු තමන්ගේ ජීවිතේ බේරගන්න මුහුදත් එක්ක පොර කෑවා.....
ඒත් තත්පර ගාණයි....ඒත් එක්කම ආපු මහ විශාල රැල්ලක් කෝච්චි පෙට්ටි අඹරගෙන ගොඩබිමට ආවෙ මුලු කෝච්චියම උඩු යටිකුරු කරන ගමන්....
ඒ වෙලාවෙ මට මටක් උනේ මගේ පවුල විතරක්ම වෙනකොට වේදනාවෙන් ඇදුම් දෙන පපුවත් අල්ලගෙන මං හිටියේ ජීවිතයත්..මරණයත් අතර සටනක ...ඒත් මහන්සිය මාව වෙලාගන්නවත් එක්කම මගේ ඇස් පියවීගෙන ආවා....
"ම්...මට..ස්...සමාවෙයම් ම්..මගෙ...ර්..රත්තරනේ..ත්..තීනුට ස්.සමාවියම්.."
_______________________________________________
හලෝව් මැණිකෙලා....ඉතිම් කොහොමද...ඔන්න සුනාමියත් ආවලු...🥺🥺..
සුනාමිය ගැන ගොඩක් භයානකම විදියට ලියන්න අමාරුයි හොදේ....ඕතරීට පුලුවන් විදියට ලිව්වා...ඒක නිසා තරහ වෙන්න එපා....
ආදිට අවසාන වතාවටවත් තීනුව බලාගන්න බැරි උනා 🥺🥺
එක ළග මලගෙවල් දෙකක්....මොකෝ කියන්නෙ තීනුත් මැරුනද? 🥺😭
ආදිට ඉස්සරහට මොනා වෙයිද? ඒක බලමු ඉස්සරහට 🥺😭😭
ආදරෙයි....❤️
ආයෙත් එන්නම්....
මම
Seo yoen 🧸🎀❤️
You are reading the story above: TeenFic.Net