තුන්වන රැල්ල 💛✨️🌊

Background color
Font
Font size
Line height

"අනේහ් අයියේ අපි ඉවරයි....මං.. මං.. හිතුවා බන්ග් ඔහොම වෙයි කියලා...මං හිතුවා තොපි ගැරඩියට ගහලා පොල්ල වරද්ද ගනී කියලා....බලපන්කෝ...පිනාගෙ ඔලුවට නේද බාල්දිය ..පෙරලුනේ...එයින් ගියානම් කමක් නෑ...මූන වෙනුවට පුපනෙ බන් මඩ ගොඩේ තිය වුනේ...අඩෝ රෙද්දෙ රෙවිලා වගේ....අනේ උට්ටෝ දුවමු බන් දුවමු...."

අනේ නිම්න පගෝ ගැරඩියාට නෙමෙයි බන් පොල්ලෙන් ගහන්නෙ නයාට නයාට...තෝ හිතුවද ගැරඩියාට ගැහුවම ගැරඩියාගෙ ගෑණි රෙද්ද උස්සන් එනවා කියලා හඣේහ් ඇයි තෝ මගෙ මිනිහට ගැහුවෙ කියලා....කට වහන් හිටපන්කෝ ලබ්බෝ ....දන්නෙ නැති මගුල් කියවන්නෙ නැතුන්..."

රැවටුනේ නෑ දෙයියනේ...විස්වාස කලා විස්වාස කලා...මං හිතුවා වැඩේ තිතටම ලෙසටම හරියයි කලත්...ඒත් මේ පිනාටත් ඉන්න බෑනෙ...මූ කොයි වෙලේද යකෝ ටෙක් එක අස්සට රිංගුවේ....සැක් තීනුගෙ ප්ලෑන කෑවා මූ නම්...දැන් පිනා අපිව දැක්කොත් නම් අපි ඉදලා හමාරයි....යන්න තැනලුත් නෑ ....අරූ හැමරෙද්දකිම අනිත් පැත්ත ගහලා කියවනකොට ඒ අස්සෙ උදානයා උගේ හරි වැරදි පැහැදිලි කරලා දෙනවා .....

උදාන් ප්‍රභාෂ්වර

නිම්න ශාක්‍ය

"අනේහ් හුප්තනේ කට වහපියව් පිනා දැක්කොත් අද ලෙසටම කෙලවෙනවා කෑ ගහන්න එපා උට්ටෝ...."

"තීනු,උදාන්...අනේ මට හචිමක් යන්නයි එන්නේ.... අනේ...අනේ උදාන් හචිම එනවනේ...අනේ හචිම එනවනෙ උදාන්...හචිමයි මායි ගමනක් ගියා හචිම දාලා මං ආවා කිව්වම හචිම යයිද තීනු...අනේ උදාන් තීනු කියපන්කො ඒයි"

අනේහ් මේ හුප්තට සිංහල උගන්වන්න වෙනමම එකෙක් ගේන්න වෙනවා...මූ එහෙන් කෑ ගහනවා..ඒත් අපි නෙමෙයි ඌ දිහා බැලුවා...ඒත්....

"අම්මට හි$$## අනේ උදානයා අර යකා නහය අල්ලගෙන පස්සට පස්සට යනවා බල්ලෝ...ඌ පිටිපස්සෙ ඩෙස්ක් එකේ වැදුනොත්....අර වීදුරුව බිම වැටෙනවා යකෝ...ඌව නවත්තපන්න්න්න්...."

අපේ අවධානෙ සම්පූර්නෙම පිනාට ගිහින් තිබුනෙ....පොර තාමත් වැඩේ කරපු එකා හොයනවා....ඒ අස්සෙ නිම්නයා නහයත් අල්ලගෙන පස්සට පස්සට ගියා....මං ඒක දැකලා උදානයාට ඌව නවත්තන්න කිව්වත් වගේම ...උදානයා ඌව නවත්තන්න හැදුවා විතරයි........

සලාආආආංංංංං......

හරි අද හරි ....බිදුනා යකෝ බිදුනා කැඩපත බිදුනා...මූ ඇමිනෙනවනෙ...

"ක....ක..කවුද.....කවු....ද ඔත....න....ඉ...ඉන්න එකෙක්....එලියට....වරෙන්....මා....මාව බය කරන්න විතර....ක් ති..තියාගන්න එ...පා..."

"ටසිරි උදානයා මූ හොල්මන් වලට බයයිද...බලපන් හීන් දාඩියත් දාලා"

ලොක්ක බය උන පාර හීන් දාඩියත් දැම්මා ...අපි හිටියෙ කලුවර කාමරයක වෙනකොට...ඒක ස්කෝලෙ අයින් කරලා දාපු කාමරයක් පොර බය වෙන්න ඇති...වීදුරුව වැටුනම....ම්ම්ම් තීනුගෙ රත්තරං මොල රාජයාට අදහසක් පහල වීගෙනයි එන්නේ.....මං ඒක උදානයාට කියන්න යනවත් එක්කම.....

"අනේඒඒඒඒඒ උදාආආආආන් ස්පයිඩර්‍ර්‍ර්‍ර් කෙනෙක් උදාන් දුවපාආආආන්"

අනේ අයියේ අපි ඉවරයි...මේ පගයා කට බලිය අරින්න තියා ගත්තනෙ....

"කවුද යකෝ ඕකෙ අස්සෙ ඉන්නෙ...මගෙන් මැරුන් කන්න කලින් වරෙව් එලියට...තොපි හිතුවද මේක තොපේ බූදලේ කියලා...එල එකාට බාල්දි පෙල්ලන්න...වරෙන් යකෝව් එලියට....වරෙන් ...මං ආයෙ කියන්නෙ නෑ....."

හරි හරි හරිම අගෙයි පිනාට ඇහුනා.... ඒත් කවුද සදමාලි එයා ඉස්සරහට යන්නෙ...රූම් එකේ අයිනෙ තිබුන පොඩි පොඩි ලණු කෑලි ඔබපු සුදු පාට දිග බෑග් එක දැකපු මට හොද අදහසක් ආවා....

"උදානයා....අල්ලගනිම් ඕක...මං කියනකොට එලියට විසි කරපන් හරිනෙ?..."

"හරි බන් ..එලම"

''හරිනෙ ...හරි විසි කරපන්....."

උදානයයි මායි එකතු වෙලා අර බෑග් එක එලියට විසි කලා....මගේ මොල රාජයාට ආපු අදහස හරි නම්....

එකායි....
දෙකායි.....
තුනායි....

"අම්මෝහ්....පලයම්....පලයම් යකෝ...මං උබට කරදර කරන්නෙ නෑ....අනේ දෙයි හාමුදුරුවනේ ....අනේ මට සමාවෙයල්ලා....මං හිතලා කරේ නෑ දෙයියෝ...."

විසාල සබ්දයක් ඇහුනා අපි හැමෝටම ඒ කාගෙවත් නෙවෙයි ...අපී ලොකූඌඌ සෑර්ගෙ...කවුද යකෝ හිතුවෙ මූ හොල්මන් වලට මෙච්චර බයයි කියලා....පොර බිම දණගහගෙන ඇස් වහගෙන කෑ ගහනවා...හොද වෙලාවට කවුරුත් නෑ area එකේ....

"අම්මේ යකෝ තීනුවා කවුද හිතුවෙ බන් පිනා ඔය වගේ එකෙක් කියලා...අමෝර් ආතල් බම්ග්"....

උදානයා බඩ අල්ලගෙන හිනා වෙනවා...ඌට හිනා...උට හොදටම හිනා...

"අනෙහ් අම්මේහ් මංනම් එන්නෙ නෑ ආයෙ ඔයාලත් එක්ක කොටි කටට අත දාන්න...අම්මේහ් තීනු උබ ආයෙනම් එන්න එපා හරෙත බළල්ලු ලවා කොස් ගෙඩි බාවනවා වගේ...ආයෙනම් එන්න එපා මගෙන් උදව් ඉල්ලගෙන..."

හරි හරි පටන් ගත්තා ඉතුරු එකාගෙ ඇඩියාව...

"අනේ බල්ලෝ...කොටි කටට නෙමෙ...."

"එපා බන් එපා උට කියන කට ගිහිම් ගලක උලාගනිම්...."

උදානයා අරූගෙ වැරදි ආයෙත් හරිගස්සන්න හැදුවත්....උට කියලා වැඩක් නැති නිසා මං ඌව නැවැත්තුවා...
*
*
*
*
*
*
*
එව්ව් අද පීරඩ් පහම වැඩ...නීරසයි මේවා නම්...සිංහල පීරඩ් එකේ නම් මන් හිටියෙ නිදාගෙන...පොඩ්ඩක් ඇහැ ඇරලා බලනකොට නෙතූ ඉන්නවා රවාගෙන රැවිල්ලක්...මගේ නිදිමත පහල දොරෙන් ගියාද කොහෙද.....

දැන් අපි මේ සැදී පැහැදී ඉන්නේ...පෙරේතයෝ පෙරේත තට්ටුවකට ගහන්න බලන් ඉන්නවා වගේ..ගෙනාපු බත් දිග අරිනකම්...ඇයි යකෝ පෝෂණයක් නැතුව වැඩ කරන්න පුලුවන්ද බෑ දෙයියනේ බෑ.....මං ඒ අස්සෙ නෙතූ ඉන්නවද බැලුවා...නෑ...ඒකි නෑ...ඩියුටි වත් ගියාද...ලන්ශීට් ගෙනාවෙ කවුත කියල බලන්න ගියාද දන්නෙ නෑ....ඒත් මොකක් හරි මං නොදන්න යමක් සිද්ද වෙනවා වගේ.....

"අඩෝව් ශශික ගනිම් යකෝ ඔය බත් එක...මොන මගුලක්ද කරන්නෙ බඩගිනි...."

කොල්ලො 25 බත් දෙකයි...හරිම ඒසයි නේද...ඉතිම් අපිට හරියයිද...

"අඩෝ මටත් ඉඩක් දියම් බන් එහෙම කරන්ඩ එපා මං පව් නැඩ්ඩ?...."

ඒ ඒ තඩියා පොරගෙ මහත නිසාද කොහෙද ඒකට ඩයන්න තමා වැඩියෙන්ම කියවෙන්නෙ.....

ඒ අස්සෙ ශශිකයා ඇවිල්ලා බත් එක දිග ඇරියා....

තත්පරයයි.......

"ඒ ඒ අඩෝව්...අපේ අම්මා බිත්තරයක් දැම්මා බන් ...කෝ බන් බිත්තරේ....ටසිරි බිත්තරේ ප්බ කොහිද ගියේ සැගවීඊඊඊ....."

ශශිකයා කෑ ගහනවා බිත්තරේ නෑ කියලා...මංනම් දැකපු බිත්තරයක් නෑ....ඒත් තත්පරයයි ගියේ....

"අඩෝ බිත්තරේ රසයි කියපම් ඈ....අම්මෝ මරු....."

තඩියා....ඒ කතා කරේ තඩියා....එතකොට ...හම්මට යකෝ මූ බිත්තරේ ඉතා අධික ප්‍රවේගයෙකින් යුතුව උස්සලා නේත.....ඌ ඒක කිව්වත් හරි තඩියා දිහා කොල්ලො බැලුවා බැලිල්ලක්...තඩියා නෙවේ ගනන් ගත්තෙ....ඌ දමාගෙන කනවා....

"මගෙ බිත්තරෙ කොතන ගියා.....
තඩියගෙ බඩ....හොයන් ගියා...."

ඒ ශශිකයගෙ ශෝකාලෝපෙ .උට බිත්තරේ ගැන දුක හිතිලා...11 B කියන්නෙ තනිකරම ට්‍රැකාලා සෙට් එකක් මයෙ හිතේ.....

*
*
*
ඉන්ටවල් එක ඉවර උනත් මොකද....ඊලග පීරඩ් දෙකම ඕෆ්...science මැඩම් ප්‍රසූත නිවාඩු දාලලූ...අනේහ් ඉතිම් එයාලා මාස ගනන් නිවාඩු ගන්නවා....අපි දවසක් ගත්තත් එනවා රෙද්ද උස්සගෙන...බලන්නකො ඉතිම් වෙනස්කනම.....ඒ පීරඩ් දෙක නෑ වගේ නෙමෙයි අවසාන පීරඩ් එකට බෙල් එක ගැහුවත් හරි...ගනන් සර් පන්තියේ දොර ලග...අඩෝ පියෑබුවා වත්ද...කලින් පීරඩ් එකේ හිටියෙ අට වසරෙ..බෙල් එක ගැහුවා විතරයි මෙතන......එයා ඉතිම් අපේ පන්ති භාර ඇදුරු තුමානෙ...එයා ඇවිත් ඉගැන්නුවා...අපි අහන් හිටියා...ඒත් අවසානෙ.....

"ළමයි...ඔන්න උබලගෙ පන්තියට හෙට අලුතෙන් ලමේක් එනවලු....***** මන්ත්‍රිගෙ දුව කියන්නෙ...."

හරි හරිම ඒසයි....තව එකියෙක් එනවලු නේද පන්තියට ...මේ ඉන්න උන් මදි නිසාද දන්නෙ නෑ....මේකේ ඉන්නෙ විවිධාකාර ගෑනු මනුස්සයෝනේ....ewww ...හොද උමුත් ඉන්නවා..ඒ උනාට භාගෙට භාගයක් මට පේන්නබෑ.....

බෙල් එක ගැහුවා....ඕ යෑර්‍ර්‍ර්‍ර්ස් අම්මේ අම්මගෙ සුදු පුතා ගෙදර එන්නයි හදන්නේ....බෙල් එක ග්ෂුවත් හරි ස්කෝලෙම කඩි ගුල ඇවිස්සුනා වගේ...ඒ අස්සෙ මන් දැක්කා නෙතූ class බලන්න යනවා...අනේ අද මගෙ ගස් ගෙම්බි එක්ක කතා කරන්නත් බැරි උනා...කමක් නෑ ගෙදර යන්නෙ එකටනෙ...එතකොට සැප දුක කතා කරගන්නවා.....

ගාථා කියලා ඉවර වුනා...දැන් මන් මේ ඉන්නෙ නෙතූ එනකම්....ආ ඇති යන්තම්...ඒත් මේකි මොකද මේ කවීෂා එක්ක එන්නෙ...ඒව් මේ උට්ටි අර උට්ටගෙ නිවුන් සහෝදරී නේත ....මට මේකිගෙ හැසිරීම නම් අමුතුයි මේ ටිකේ....

"තීනු...බබා මේ අහපන්කෝ අද Lit class දාලා town එකේ කවීෂා තමා මටත් කිව්වෙ...උබ පලයම් ඈ ගෙදර...අද විතරයි...."

ඒකි කිව්වා එහෙම කියලා ඒකි යන්න ගියා ....වෙලාවට මං lit කලේ නෑ...ඒකි english lit කරනකොට මං කලේ it...ඒත් අද ඇයි class දාන්නෙ...අනික හෙට ol තියෙනවද නෑනෙ...

මං හිටියෙ පැටලිලි ලෝකෙක පැටලිලා....මෙතන මං නොදන්න මොකක් හරි සිද්ද වෙනවා වගේ.....

*
*
*
*
*
*
*

*
ළමයි හරි ඉදගන්න ...ඔන්න අද ඔයාලගෙ පන්තියට අලුත් යාලුවෙක් එන්නයි යන්නෙ...කෝ කෝ හැමෝම ඉදගන්න ළමයි....

අපි සුපුරුදු විදියටම අදත් හිටියෙ පන්තියේ..රැ වෙනවා ...ආයෙ එලි වෙනවා...ආටෙ ස්කෝලෙ එනවා...භව චක්‍රෙ වගේ යකෝ මේක...මං හිටියෙ ඊයෙ කාර්ගිල්ස් එකෙන් ගත්ත කික් කැට් එකක් හොරෙන් දෙසා බාන ගමන්..ඒ අස්සෙ සර් කියනවා...අලුතෙන් මොකෙක්දො එකෙක් එනවත් කියලා.....මං ආවත් හරි මං නෙතූව දැක්කෙත් දැන් ....මොනා හරි දෙයක් නෙතූ හංගනවා...මට ඒක තේරෙනවා...ඕකි හැංගුවොත් හංගන්නෙ අර පඩත්තරයගෙ මොකක් හරි මගුලක් තමා...මොකද මං කැමති නෑ ඒ අහක යන පගයා නිසා ඒකි රිද්දගන්නවට...මං කෙලින්ම කරන්නෙ ඒකට නෙලන එක...ඒක නිසා නෙතූ මට මුකුත් ලියන්නෙ නෑ මං රණ්ඩු වල පැටලෙයි කියලා....

ආ ඔය එන්නෙ කියනකොටම අලුත් එකා....එව්ව් කිව්වට වඩා නම් පොඩි ලක්කනක් පේනවා...ඒත් අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙමනෙ මල්ලි බැලුවෙ....බලමුකෝ....

"ළමයි ....මේ තමා ඔයාලගෙ අලුත් යාලුවා....ස්ටෙෆනි... ඔයා ගැන පන්තියේ අයට අදුන්වලා දෙන්න පුතා...."

එව්ව් ඒ මොකක්ද යකෝ ඒ නම ස්ටෙෆනි..වෙන නම් තිබ්බෙම නැද්ද දන්නෙ නෑ...කමක් නෑහ් බලමුකො ස්ටේපරීගෙ හැටි...

"හායි...ගයීස්ස්...අයිම් ස්ට්‍රෙෆනී...මම ආවෙ කලම්බෝව් ***** එකේ ඉදම් ...මගේ දැඩා දේශපාලනේ තමා ඩූ කරන්නෙ...සෝ...මට ගොඩක් හැපී ඔයාලව මීට් වුන එකට...නිව් ෆ්‍රෙන්ඩ්ස් නේහ්...ඔහ් වාව්...ඔයාලා හැමෝම හමු වීම පිලිබද මම ගොඩක් ග්ලැඩ් වෙනවා..."

ස්ටේපරී ඒකිව introduce කරලා ඉවර වෙනකොට මුලු පන්තියේම හිටපු උන් මීයට පිම්බා වගේ මූනට මූන බලාගත්තා...








_______________________________________________

හලෝව් සංකුට්ටනේ...කොහොමත ඉතිම් මේ කොටස....👉👈❤️..

අනේහ් අඩුපාඩු තියෙනවනම් කියන්න හොදේ....

කොහොමතේ පිනාට heart attack හැදුනද දන්නෙ නෑ හොල්මන් දැකල..😪😂

බලන්න ඉතිම් නිම්න ලවා කොස් ඇට බාවනවනෙ මෙයාලා...හරීඊඊම නරකයි...🤧🥹😂....

නෙතූට මොනාද වෙලා තියෙන්නෙ....කවුද නෙතූව රිද්දපු ඒ ඇටිකිච්ච....ඇම්ට දෙක තලලා මූදේ දාමුද...😏😏...නෙතූ අපිලට අපි නෙතූට....😗❤️

කෝමද ස්පේපරී...ඔයාලටත් හරීයට ග්ලැඩ්ද එයාව මීට් වුන එකට 😪😂👉👈❤️

ආතරෙයි ආයෙත් එන්නාම්,
මම,
Seo yoen 🧸🎀✨️


You are reading the story above: TeenFic.Net