"තුණුරුවන්ගේ ආශිර්වාදෙන් මගේ පුතාට හරියන්න ඕනි...දළදා හාමුදුරුවන්ගේ පිහිටයි....බය නොවී හොදට විභාගෙ ලියලා එන්න රත්තරං...උබට වරදින්නෙ නෑ....."
අද තමයි ඒ දවස...දවසින් දවස ගෙවිලා ගිහිම් අවසානෙ දන්නෙවත් නැතුව ඒ දවසෙ ඇවිත්....Ol xam එක...අවුරුදු ගානක් මහන්සියට උත්තර බදින දවස.....
මං උදේම ලෑස්ති වෙලා ස්කෝලෙට යන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ....අප්පච්චි ගෙදර නැහැ...එයා colombo වල...ඒත් මං call එකක් අරන් අප්පච්චිට වදින්න අමතක කලෙත් නෑ...අවසානෙ මං අම්මටත් වැදලා ....අම්මා අරන් ආපු සුදු පිච්ච මල් දාපු වතුර එකඋත් උගුරක් බීලා....එන්න ලෑස්ති උනා.....
මං යනකොට ...කිරි කොක්කු රෑන් පිටින් පියාඹනවා වගේ ස්කෝලෙටත් කඩින් කඩ ළමයි එනවා....ඒ ළමයි අතරේ මං හෙව්වේ නිම්නයාවයි උදානයාවයි....මට විශ්වාසයි උන් දෙන්නත් අනිවාරෙන්ම වැඩේ ගොඩ දාගනී....
"අඩෝ තීනු good morning බොක්ක ....එහෙනම් කොල්ලෝ හොදට ලියන්න ඕනි හරිද...බය වෙන්න එහෙම ඔට්ටු නෑ හරිද....."
"එහෙනම් තීනුවෝ...රඹුටන් ගහට ඇන්නා වගේ පේපරේට ලියන්න හොදේ...මට විශ්වාසයි අයිස් ක්‍රීම් කන්නා වගේ පේපර් එකක් හම්බ වෙයි...."
අනේ දෙයියෝහ් මේ නිම්නයාගෙ එහෙටත් නැති මෙහෙටත් නැති කතා ඇහුවෙ නැත්තන් බත් කාලා වතුර බිව්වෙ නෑ වගේ.....
පළවෙනි බෙල් එක වැදුනා...එතකොට අපි හෝල් එකේ ගිහිම් ඉදගන්න ඕනි...දෙවෙනි බෙල් එකත් එක්ක තමා පේපර් එක දෙන්නේ....මං දැක්කා මගෙන් එහා පැත්තෙ ඉන්න එකා පිරිත් නූල් දහයක් විතර බැදගෙන...ලියන පෑනෙත් පිරිත් නූලක් බැදගෙන...ෆයිල් එකෙන් පේපර් එක වහගන්න සියලුම වැඩ කටයුත් සකස් කරලා තියෙනවා....
හරි බන් එල උබ ලංකාවෙන්ම එක...එව්ව්ව් පම්කේ ලොජික් තමෛ එව්වා...
අපිට ඉස්සල්ලම තිබුබෙ බුද්ධ ධර්මය...ඕකත් කජ්ජක්ද මල්ලේ...පේපර් එක පට්ටම ලේසි...ඉරි ගහන ඒවට ඉරි ගහලා...ලියන ඒවට ලියලා...තව පැය භාගයක් විතර මට නිදාගන්නත් පුලුවන් වුනා.....
*
*
*
*
*
*
"තීනුවෝ යෝහ් පුතේ ...ඕ යෑර්ස් බොසා කරුමෙ ඉවරයි යකෝව් කරුමෙ ඉවරයි....හම්මට බොම්ක්ක...පුදුම සතුටක් දැනෙන්නේ....."
"අම්මෝහ් බන් මංනම් විද්‍යාවට ලිව්වා ආයෙ ලොවෙත් නැති වෙන්න....පයිතගරස්ගේ තුම්වෙනි නියමෙ ගැන අහලා තිබුනා නේද බන්...සෑම ඍජුකෝණී ත්රීකෝණයක කර්ණය මත අදින් ලද වෘත්තයට දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ඌත්...විශාලත්වයෙන් සමාන ඌත් පරිමිතියක් ඇත....දිග ගුන කිරීම පළලා දාලනේ හොයන්නේ....මට සීයට දාහක් ශුවර් ඒකනම් ටක්කෙටම හරි....."
"ටසිරි නිම්නයා මොනාද යකෝ මේ ලියලා තියෙන්නේ මූ කියන විදියට නම්....හොදට තේරෙනවා මේකා විද්‍යාව හොදට ලියලා ඇති බව....."
මං දැක්කා උදානයා හිනාව පිටට පනින එක නවත්තන්න හෙන ගේමක් දෙනවා....
කොහොම හරි ඒකත් ඉවරයි...මටනම් අමාරුයි කියන්න එකත් තිබුනෙ නෑ...ඔක්කෝටම හොදට ලිව්වා....බලමුකෝ ඉතිම් අපි නේත ඒයි...නෙතුත් ලියන්න ඇති....ගෙදර ගිහිම් call එකක් ගන්නවා.....
*
*
*
*
*
*
*
"මගෙ නාකි කෝලම ...එහෙම නෑ...මේ කොල්ලා මගෙ ආච්චි අම්මට ආදරෙයිනේ....අපි දවසක එන්නම් ආච්චීයි..සීයා තාත්තයි දෙන්නම එක්කන් යන්න හොදේ....අපි දළදා වදින්න යන්...හරිද මගේ නාකි කෝලම..."
"අපෙ අප්පේ පලයම් ඉලන්දාරියෝ යන්න...බොරුවට කියෝනවා . ....මගෙ පුතා පරිස්සමින් ඉන්න ඕනි හරිද...."
"මයෙ දෝණි මේ කොලු ගැටයා පරිස්සමින් බලාගනිම්...සිරියාවන්ත කොල්ලා මගෙ...ඇස්වහක් නම් වදින්න හොදනෑ...."
"මගෙ ආච්චි...සියා තාත්තෙ එහෙනම් අපි යනවා පරිස්සමින් ඉන්න ඕනි....."
අපෙ මේ කොහෙ යනව කියලද බලන්නේ...අපි යන්නෙ අපේ නුවර ගෙදර..ඒක හදලා ඉවරයි...මතකනෙ අපි හිටියෙ සීයා තාත්තලාගෙ ගෙදර...ඉතිම් විභාගෙත් ඉවර නිසා...අපි යනවා දැන් දළදා පුරවරේට....නුවර ආදරේ පුරෝගත්තු නගරයක්...මන්දා ඇයිද කියන්න...ඒත් මට....දැනෙන්නේ හරි අමුතු හැගීමක්.....
ඒත් සතූටුම හිතෙන කාරණාව දන්නවද...ඔන්න ඉතිම් මට ආයෙත් පාරක් මගෙ ටකරමී හම්බ වෙන්න පුලුවන්...මොකද පොරත් නුවරනේ ......යෙර්ර්ස් උට්ටෝව් යර්ස්ස්....
ඉතිම් ...මට මෙච්චර දවස් මගේ මතක අලුත් කරපු වෙල්ලස්ස පුරවරේට සමුදෙන්න වෙනවා...ඒ වගේම මාත් එක්ක හිටපු...උදාන්...නිම්නට පවා....එහෙම තමයි...ජීවිතේ හමුවීම් වෙන්වීම් තියෙනවා...අපි ඒවට මූන දෙන්න ඕනි ....
පැය හතරක විතර ගමනකින් පස්සෙ ඔන්න අපි අපේ ගෙදරට ආවා....අපේ ගෙදර තියෙන්නේ හරි නිස්කලංක පැත්තක...මෙහෙට දලදාව පවා ලාවට පේනවා....මට ගේ මොන වගේද කියලා බලන්න වත් සිහියක් තිබුනේ නෑ....මං කෙලින්ම දිව්වේ මගේ කාමරේට....
ටසිරි යකෝව් මෙව්වනෙ රූම්ම්ම්ම්ම්ම්...සැප යකූ සැප....මන් හිතන්නේ මගේ ඇස් දෙක එලියට පනින්න තරම් ලොකු වෙලා කටත් ඇරුනා.......
*
*
*
*
ටිකෙන් ටික කල් ගෙවිලා ගිහිම් විභාගෙ නිසා අපිට ලැබුන නිවාඩුවත් ඉවර වෙලා ගියා.... මේ පාර අපිට results එන්න කලිම් ස්කෝලෙ එන්න කිව්වනෙ මගුල...හරිම ඒසයි මේ රජය නම්....දැන් ඉතිම් මං අලුත් ස්කෝලෙකට යන්නත් එපැයි....අද තමයි ඉතිම් ඒ දවස මං අලුත් ස්කෝලෙකට යන දවස.... ඒ තමයි නුවර ප්‍රධාන පිරිමි පාසලක් වුන ******** school එක.....principal අප්පච්චිගෙ classmate කෙනෙක්ලු...ඒ නිසා හිතුවට වඩා ඉක්මන්ට මට ස්කෝලෙට යන්න පුලුවන් වුනා.....
"පුතා ඔයා ලෑස්තී නේද....? යමු නේද...?"
"මේ එනවා අප්පච්චි.....යමූ....."
අපේ ගෙදර ඉදම් ස්කෝලෙ ලගට එන්න තියෙන්නේ විනාඩි විස්සක වගේ දුරක්...ඉතිම් ස්කෝලෙ gate එක ලගිම් කාර් එක නවත්තලා බැහැලා....මම අප්පච්චි එක්ක හොරා වගේ principal office එකට ගියා.....
ඕහ් තීනු පුතා come here....so,මට තාත්තා කිව්වා ඔයා ගැන . ..මං හිතනවා පුතාට best results එකක් ඇති කියලා මං හිතනවා....මේ ඉන්නේ පුතාලගේ පන්ති භාර මැඩම් පුතාට පුලුවන් මැඩම් එක්ක පන්තියට යන්න...
එහෙම කියලා principal එතන හිටපු උස ,සුදු මැඩම් එක්ක මට class එකට යන්න කිව්වා....පළවෙනි period එක පටන් ගෙන නිසා ස්කෝලෙ කිසි සද්දයක් නෑ...
"පුතා කොහෙද කලිම් හිටියා කිව්වේ?..."
"වෙල්ලස්සෙ මැඩම්...."
"ඕහ්...මං අහලා තියෙනවා...."
.
"පුතා හරි අහිංසක පාටයි...හා පැටියෙක් වගේ...කොහොම් වුනත් commerce clz එකේ ඉන්නෙ යක්සයෝ වගේ ටිකක් හොදේ....ඔන්න මං නොකිව්වයි කියන්න එපා...."
හනේ මේ බලන්නකූ ...මං හා පැටියෙක් වගේලු...අනේ මැඩම් දන්නවා ලබ්බක්....
කතාවෙන් කතාව අපි පන්තියට ඇවිල්ලා තිබුනා Grade 12 Commerce .....එහෙම තිබුනෙ තට්ටු හතරක ගොඩනැගිල්ලේ තුන්වෙනි තට්ටුවේ. ....පහල තට්ටු දෙක Art වලට වෙන් වෙනකොට උඩ තට්ටු දෙක වෙන් වෙලා තිබුනෙ commerce section එකට....
බුදාම්මෝ යකෝව්උන්ගෙ සද්දෙ...මැඩම් කිව්වත් වගේ යක්ශ පැටව් ටිකක් වත්ද...දොලහ වසර උනාට මොකෝ මුන්ගෙ සද්දෙ section එක උඩු යටිකුරු කරලම ඇහෙනවා...හැබැයි මැඩම් class එකට යනවත් එක්කම කට්ටියගෙ කටවල් වැහුනා....
"සුභ උදෑසනක් ළමයිනේ....ඔන්න අද ඔයාලගෙ පන්තියට අලුතින් යාලුවෙක් එකතු වෙනවා...මේ තමයි තීනු...ඉතිම් අලුත් යාලුවත් එක්ක හොදින් ඉන්න ඕනි හරිද...."
මුලු පන්තියම තත්පරයක් දෙකක් මං දිහා බලං ඉද්දි මං මුලු පන්තිය පුරාවටම ඇස් යැව්වා....ඒත් ඩෙස්ක් දෙකක් හිස්...හැබැයි එක ඩෙස්ක් එකක් උඩ බෝතලයක් තියලා තිබුනා...ඒ ඩෙස්ක් එකේ පුටුවෙ බෑග් එකකුත් තිබුනා...ඊය එහා පැත්තෙ ඩෙස්ක් එකේ නම් කවුරුත් හිටියෙ නෑ...
"යෝහ් ...තීනු මචන් welcome to our class dude....ඔන්න ඔතන තියෙන ඩෙස්ක් එකෙන් ඉද ගනිම් ......ඔය බෝතලේ තියන එකේ නෙමෙයි හොදේ ...ඉතුරු එකේ...."
මට එහෙම කිව්වේ පන්තියේම් හිටපු තව කොල්ලෙක් ...මං හිතන්නෙ ඌ තමා පන්ති නායකයෝ....මං ඒත් එක්කම ඉදගන්න ගියා වගේම කොහෙදො ඉදන් පන්තියට දුවන් ආපු කොල්ලෙක් එක පාරටම මගේ ඇසේ හැප්පුනා.....
සලාංංංංංංංංංං.....
දෙයොයනේහ් ....ඒ...ඒ කැඩුනෙ අර ඩෙස්ක් එකේ තියලා තිබුන බෝතලේ...ඒත් එක්කම බාස්කට් බෝල් එකලුත් අතේ තියාගෙන පන්තියට ආපු කොල්ලා....එක පාරටම මං ලගට ඇවිත් තදින් මගේ උරහිස මිරිකලා අල්ලගත්තා.. කොච්චර තදට කියලා කියනවද නම්...මට කදුලුත් ආවා.....
"What the fuck did u do ahhhh?...it's my bottle ...දැන් මං වතුර බොන්නෙ උබගෙ බෝතලෙන්ද ?......"
"මචන් ආදි calm down බන්...කොල්ලා අලුතින්නෙ ආවේ...ආපු දවසෙම උබ බය කරනවනෙ......
ශෙමින් ආධිත්‍ය සූරියආරච්චි
_______________________________________________
ආවා ආවා....ඔන්න අවසානෙ ආදියා ආවා....🌝❤️....
මේ දවස්වල ඕතරීට පන්තී ඒක නිසා update පරක්කු උනොත් sorry වෙන්න ඕනි හොදේ 😪😪👍....
කතාව ගොඩක් දිගට ඇදගෙන යන්නෙ නෑ....සමහර විට chap 20 වගේ නවතී....කමක් නෑ නේද...❤️✨️...
අඩුපාඩු තියෙනවනම් කියන්න.....
ආදරෙයි....❤️
ආයෙත් එන්නම්....
මම
Seo yoen 🧸🎀❤️
You are reading the story above: TeenFic.Net