Chapter 15

Background color
Font
Font size
Line height

තේහිට පුලුවන් උනේ අඩන්න විතරයි එයාට බෑ ජංගුක් එක්ක හැප්පෙන්න...
තේහිගේ ඇඬුම ගානකට නොගත්ත ජංගුක්,
ටේහියුන්ග් තමන්ට පවරපු වගකීමක් උනු තේහිව ගොඩක් නරක විඳියට තමන්ගෙම කර ගත්තේ බෙඩ් ෂීට් එකේ තිබුනු ලේ පැල්ලම් ඒකට සාක්ෂි දෙද්දි...

බෙඩ්ෂීට් එකේ තිබුනු ලේ පැල්ලම් දැකපු ටිකක් දවල් වෙලා නැගිටපු ජංගුක්ගේ කට කොනේ ඇඳුනේ හිනාවක්...
තේහිගේ බෙල්ලට නැමිලා කෙල්ලගේ ජැස්මින් සුවඳින් නාස් පුඩු පුරවගත්තු ජංගුක්ගේ හිතේ ඇතිවුනේ අමුතුම හැගිමක්...
එහෙමම තෙහිගේ ඇඟේ තිබුණු ඩුවට් එක හදලා ගෙදර දොරවල් ඔක්කොම ලොක් කරලා දාලා ජංගුක් ආයෙම පැක් හවුස් එකට පිටත් උනා....

ජංගුක්ගේ කා(ර්) එක ඇතුලට දානකං බලාගෙන හිටපු ජින් කොල්ලා ලඟට ගියේ තේහිව හොයන ගමන්..

"ජංගුකා! කෝ අර කෙල්ල!!!"

ජින් ඇහුවේ කලබලෙන්

උත්තර නොදීම පැක් හවුස් එක ඇතුලට ඇවිඳගෙන ගිය ජංගුක්ගේ වැලමිටෙන් අල්ලගෙන නවත්ත ගත්තු ජින් ආයෙම
ඇහූවේ කලින් ප්‍රශ්නෙමයි

"භය වෙන්න එපා එයාව මැරුවේ නෑ!"

එහෙම කියපු ජංගුක් පැක් හවුස් එක ඇතුලට යද්දි දැක්කේ හැමෝගෙම හැසිරීම්වල අමුතු වෙනසක්..
ඒ උනාට කොල්ලට ඒ දේවල් දැන ගන්න උනේ නැත්තේ සුයා ඇවිල්ලා කොල්ලව බැක් හග් කරපු නිසා....

"ඔයා කොහෙද ඔප්පා හිටියේ මං ඊයේ රෑ හැම තැනම ඔයාව හෙව්වා...."

" සුයා මට මහන්සියි!"

හැගිම් විරහිත හඬකින් ජංගුක් කිව්වේ තමන්ගේ බඳ වටේ එතිලා තියෙන සුයාගේ අත් අයින් කරන්න හදන ගමන්...

"ඔයා හරි නරකයි ජංගුක් ඔප්පා!
මන් ඔයා එක්ක තරහයි
මට කිස් එකක් දෙන්නකො එතකොට යාලු වෙන්නම්"

අත් දෙකත් බැඳගෙන අමුතු මූණක් හදාගෙන කියපු සුයාව ගණන් නොගෙනම ජංගූක් පඩිපෙල නගින්න උනේ නැට්ට ගිනි අරන් තේහිව හොය හොය පැක් හවුස් එක වටේ යන නීසූ මේ පිංවත් දර්ශනය ඇහැට දකිද්දියි...
නීසු නම් හිටියේ ඔලුව උඩ මල්වත්තක්ම පිපිලා...
මොකක්ද එකක් මතක් උනාවගේ ඔලුවට ගහ ගත්තු නීසු ජංගුක් ගිය දිගේ පඩිපෙල නැගගෙන ජංගුක් පස්සෙන් ගියා...

"ඔප්පාආආ!! මේ දොර අරින්නකෝ..."

නීසු විනාඩි දෙක තුනක් යනකම් ජංගුක්ගේ කාමරේ දොරට තට්ටු කලත් ජංගුක් නෙමේ දොර ඇරියෙ,

"ඔයා මේක අරිනකං මං මෙතනින් යන්නෑ ඔප්පා! ඔයාගේ කන් දෙක නැති වෙනකන් හරි මන් මේකට ගහනවා..
තට්ටු කරන්නාට දොර ඇරෙයි කියනවනේ"

එහෙම කියලා කෙල්ල ආයෙම දොරට ගහන්න හදනකොට ටවල් එකක් ඇඳගෙන ඇවිත් දොර ඇරපු ජංගුක් අත් දෙකත් බැඳගෙන ඇහිබැමක් ඉස්සුවේ ඇයි කියලා අහන්න...

"කෝ තේහි!! "

" ගිහින් වැඩක් බලා ගන්නවා නීසු!! "

" එහෙම බැ!!! "

ජංගුක් දොර වහන්න ගියපාර දොර අල්ලගත්තු නීසු ඇහුවේ ජංගුක් නීසුට රවද්දි...

"කොහෙද තේහි! ඔයා එයාට මොනවද කලේ...
බ්.. බැරි.. ව්.. වෙලා..ව්...වත්...."

"ඒ කෙල්ලට මොක උනත් තමුන්ට මොකද නීසු!"
කොහෙවත් යන එකෙක්ගේ කීමට ඔප්පා ඒ කෙල්ලව මෙහෙ ගෙනත් දා ගත්තට ඔයාගේ ඔප්පා ඒකිට කැමති නෑනේ..
ඔප්පා ඒකිව මරල දැම්මත් මට නං කමක් නෑ! "

ඇඩෙන්න ඔන්න මෙන්න ඉඳපු නීසුව පස්සට ඇදිලා ගියේ ජංගුක්ගේ ඔම්මා, මිසිස් ජියොන් ඇවිල්ල කෙල්ලව පස්සට ඇද්ද නිසා...
මිසිස් ජියෝන්ගේ වචනත් එක්ක කඳුළු පිරුණු ඇස් වලින් ජංගුක් දිහා නීසු බැලුවත් ජංගුක් කරෙ රූම් එකේ දොර වහලාදාපු එක..

" කොහෙවත් යන එකියක් නිසා අඬන්නේ, ලැජ්ජ නැද්ද නීසු ආහ්!
යනවා තමුන්ගේ කාමරේට! මං කියනකං තමුසේ එලියට එන්න එපා
අද රෑ කෑම නෑ උබට! "

මිසිස් ජියෝන් නීසුගේ කම්මුලට ගැහුවෙ ඇතුලෙ හිටපු ජංගුක්ට මේ සේරම ඇහෙද්දියි...















"ඔම්මා, කෝ  නීසූ!"

ඩිනර් එක ගන්න වෙලාවේ ජංගුක් ඇහුවේ මිසිස් ජියෝන්ගෙන්...

" එයාට රෑට කෑම එපා කිව්වා පුතා! එයා ගැන නොහිතා ඔයා කරන්නකෝ! "

තමන්ගේ එහා පැත්තෙ හිටපු සුයාට ජංගුක් කෑම බෙදන්න ගත්තෙ සුයා ජංගුක්ගේ උරහිසින් ඔලුව තියා ගනිද්දියි...

ජංගුක් සුයාට එහෙම ඉන්න දුන්නෙ,
එහෙම නොවුනොත් ඒකටත් තේහි පලි වෙන නිසා...

"කොහෙද පුතා ඔය කෑම එකත් අරන් යන්නේ!"

ජංගුක්ගේ ඔම්මා ඇහුවේ තමන්ගේ කෑම එකත් අරගෙන ඩයනින් ටේබල් එකෙන් නැගිටපු ජංගුක්ගෙන්...

" ඔෆිස් එකේ වැඩ වගයක් තියෙනවා ඔම්මා! ඒ ටික කරන ගමන් කන්නම්"




"නීසුයා මේ දොර අරිනවා!!"

කෑම එකත් අරගෙන ආපු ජංගුක් නීසුගේ දොරට තට්ටු කරන්න උනත් නීසු නම් දොර ඇරියේ නෑ...

"හරි තමුසෙ අරින්නේ නැ නේ! මන් දොර කඩනවා!"

ඒත් කෙල්ලගේ කිසිම සද්දයක් නැති උනත් ටිකකින් ඇවිත් දොර ඇරියේ බිම බලාගෙන...

" ඇයි! "

මූනට බිමට හරවගෙන අහපු නීසු දිහා බලන් හිටපු ජංගුක් දොරත් ලොක් කරගෙන කාමරේ ඇතුලට ඇවිත් ඇඳෙන් වාඩි උනේ නීසූටත් තමන්ගේ එහා පැත්තෙන් වාඩි වෙන්න කියලා කියන ගමන්...

" මේක කනවා! "

"මට ඕන්නෑ!"

"නීසූ!!"

ජංගුක් ටිකක් තදින් කතා කරා කෙල්ලට...

"මොකද!! ඔයාටයි ඔම්මාටයි මේ මුළු පැක් එකටමයි හැමදාම ලොකු උනේ සුයාව! ඔයාලා කාටවත් මන් කියලා කෙනෙක් ඉන්නවද කියලවත් මතක නෑනේ! මන් කොච්චර නම් අඬලා තියෙනවද නොකා නිදියලා තියෙනවද මොකද ඔයා අද විතරක් මෙහෙම!
මං සතුටින් හිටියේ තේහි ඔන්නි මාත් එක්ක හිටිය නිසා
එයා විතරයි මට හිටිය එකම කෙනා! දැන් එයාවවත් ඔයා අයින් කරා!
ඔයා මහම දුෂ්ඨයෙක්!
තේහි ඔන්නිගේ ඔප්පා එයාට ගොඩක් ආදරේලු ඔයා ඔයා එහෙම නෑනේ...
අඩුම තරමින් මට මගේම ඔම්මාවත් ආදරේ නැ...
ඔයාලා හැමෝම මහම මහ දුෂ්ටයෝ!!"

මුලු හවස්වරුවම අඬලා ඇස් ඉඳිමිලා ඉඳපු නීසූගේ කඳුලු පාරවල් ආයේ අලුත් උනේ ජංගුක් බලාගෙන ඉන්නකොටමයි...
කෑම ප්ලේට් එක මේසේ උඩින් තියපු ජංගුක් නීසුගේ මූන අත් දෙකට ගත්තේ කෙල්ලගේ කඳුලු පිහදාන ගමන්...

" නීසුයා ඔප්පාට සමාව දෙන්න!! "

නීසුගේ ඇස් දිහා බලාගෙන කියපු ජංගුක්ගේ අත් කෙල්ල ගසලා දැම්මා...

"බැරිද ම්ම්!"

නීසු දෙපැත්තට ඔලුව වැනුවේ බෑ කියන්න..

නීසූ දිහා බලන් ඉඳපු ජංගුක් කෙල්ලව තමන්ට තුරුලු කර ගත්තෙ කෙල්ලත් කොල්ලට ගුලි වෙලා තව තවත් අඬන්න ගනිද්දීයි...
නීසූ අඬලා ඉවර වෙනකන් මුකුත් නොකිය කෙල්ලගේ ඔලුව අතගාපු ජංගුක්ට තමන්ගෙම නංගිව තමන්ට මගෑරුනු එකට දොස්නගා ගත්තා...

"තේහි ඔන්නි කෝ!!"

ශේප් එකේ නහයේ හොටු ටික ජංගුක්ගේ ෂර්ට් එකේ පිහදාපු නීසු ඇහුවේ සුරුස් ගාලා නහයත් උඩට අදින ගමන්

"කට වහගෙන මේක කනවා!"

"මට බෑ"

"එයා ඉන්නවා ඕයි!"

"කොහෙද"

"සෝල්වල මගේ අපාර්ට්මන්ට් එකේ!"

"මට එයාට කෝල් එකක් අරන් ඕන!!"

"නීසු!!!"

ජංගුක් ටිකක් සැරෙන් නීසූට කිව්වේ මෙතනින් එහාට ඒ කතාව ඕන නෑ කියලා අගවන්න
කොල්ලා දැක්කා නීසුගේ මූන අඳුරු වෙනවා..

"මං එයාව හෙට එක්කන් එන්නම් එතකොට කතා කර ගන්නවා හරිනේ!
දැන් ඕක කනවා"

ජංගුක් කිව්වේ කෑම ප්ලේට් එක නීසූට දෙන ගමන්...

එකපාරටම ජංගුක්ට ඇහුනේ වෘකයෙක් උඩු බුරන හඬක්!!
අඩියට දෙකට නීසූගේ කාමරේ කර්ට්න් එහෙ මෙහෙ කරලා කොල්ලා එලිය බැලූවේ නීසූත් කෑම ප්ලේට් එක උස්සන් එතෙන්ට එද්දියි

" ආ ඔය ජිමිනානේ!! "

" ජීමින්!! "

" ආආ ඔව් එයා ඊයේ රෑ පලවෙනි පාරට පරිවර්තනය උනා!!
අපේ පැක් එකේ ඔක්කොම අය බය වෙලා ඉන්නේ ජිමිනා මූන්ලයිට් පැක් එක ආයේ අරගනීයි කියලා!!"


නීසූ කනකන් ඉඳලා ප්ලේට් එකත් අරන් එළියට ආපු කොල්ලා තමන්ගේ රූම් එකට නෑ,
තේහිගෙයි කොල්ලගෙයි රූම් එකට ගිහින් අත් වැටට බර උනේ බියර් ටින් එකකුත් තොල ගාන ගමන්!!
තේහිව මතක් වෙන සැරේට බියර් උගුරක් ගානේ බීපු කොල්ලා රෑම ආයේම කෙල්ලව තියලා ආපු අපාර්ට්මන්ට් එකට යන්න තීරනේ කලේ හතරවෙනි බියර් කෑන් එකත් බිව්වට පස්සෙයි....

"නිදිද මෙයා!"

ජංගූක් අපාර්ට්මන්ට් එකේ තේහිව තියලා ආපු කාමරේ ලයිට්ස් නිවලා තියෙනව දැකල එහෙම හිතලා කලබලයක් නැතුව ඒ රූම් එකට ගියේ කෙල්ල නිදි ඇතියි කියලා හිතා ගෙන....
රූම් එකේ ලයිට්ස් ඔන් කරපු ජංගුක් නිදාගෙන හිටපු කෙල්ල ලඟට ගියාමයි දැක්කේ කෙල්ලගේ මූණ සුදුමැලි වෙලා,
තොල්, ඒවා ඉරිතලලා වගේ වේලිලා
බෙඩ් ෂීට් එක අයින් කරලා දාපු ජංගුක් දැක්කේ උදේ කෙල්ලව ඇගේ කිසිම ඇඳුමක් නැතුව තියලා ගිය විදියටම ඉන්න විදිය..
ජංගුක් තියපු සලකුනු නිසා කෙල්ලගේ ඇඟේ හැමතැනම දම් පාට වෙලා...
කොල්ලට එතකොටයි තේරුනේ එයා ඊයේ ගොඩක් කෙල්ලට දරුණු වෙලා කියලා..
ජංගුක් භය උනා, ගොඩක්...
කොල්ල කෙල්ලගේ නහය ගාවට ඇඟිල්ලක් ගෙනියලා සැනසුම් සුසුමක් පහල දැම්මේ කෙල්ලගේ හුස්ම කොල්ලගේ අත් වල වැදුනු නිසා වෙන්න ඕන...
ඒ උනාට කෙල්ලගේ ඇඟ ගිනි ගහන රස්නෙයි
ඇත්තටම කිව්වොත් ජංගුක් ගොඩක් භය වෙලයි හිටියේ එයාට තේහිව නැති වෙයි කියලා...
තෙත රෙදි කෑල්ලකින් තේහිව පිරිසිදු කරපු ජංගුක් තමන්ගේ ඇඳුමක් කෙල්ලට අන්දවලා කෙල්ලවත් අරන් අපාර්ට්මනට් එකෙන් පිට උනා...


"එයා ගොඩක් දුර්වල වෙලා ඇල්ෆා!!
මේ පලවෙනි එකතුවීම නේද! "

තේහිවත් අරගෙන ජංගුක් ආවේ එදා තේහිව එක්කන් ආපු අර මන්ත්‍ර දන්න එල්ඩර් අජුම්මා ලගටමයි.. මොකද තේහි සම්බන්ධයෙන් ජංගුක්ට තමන්ගේ පැක් එකේ කවුරු ගැනවත් විශ්වාසයක් තිබුණේ නැ...

"ආත්ම කාමරේ බලපෑම නිසා මෙහෙම දෙයක් උනා වෙන්න පුළුවන්
නමුත්,
ලූනා ගොඩක් හිත් වේදනාවෙන් ඇල්ෆා ඉඳලා තියෙන්නේ!! "

තේහිව බලලා ඉවර උනු එල්ඩර් අජුම්මා කිව්වේ ජංගුක් දිහාට බැරෑරුම් පෙනුමක් හෙලන ගමන්

"ඇල්ෆා භය වෙන්න එපා ලූනාට සිහිය එයි!
එකක් හොඳට මතක තියා ගන්න ඇල්ෆා! අපි හිතනවට වඩා එයා ගොඩක් වෙනස් ඒ වගේම ගොඩක් බලවත්!!"

හරි අමුතු කට හඬකින් කියපු එල්ඩර් අජුම්මා එතනින් එහාට උනේ ජංගුක්ට කෙල්ලව ගෙනියන්න ඉඩදෙන ගමන්...

"තේහිගේ මේට් කවුද!!"































_______________________________________________________






Harima sundarai neda😭💜


You are reading the story above: TeenFic.Net