Chapter 02

Background color
Font
Font size
Line height

ඇල්ෆා ජන්ගුක් ,

මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද ?
මෙච්චර කාලේකට මට කරන එකම උදව්ව වගේම ලොකුම උදව්ව මේක වෙයි !!
අද  මූන්ලයිට් පැක් එකට ඇටෑක් එකක් ආවා....
මම හිතන්නෑ මට තව වැඩිවෙලාවක් ජීවත් වෙන්න පුලුවන් වෙයි කියලා ..
ඒත් මගේ නන්ගියි මල්ලියි තව කල් ජීවත් වෙන්න ඕනේ !!
ඒ නිසා ඇල්ෆා මට මේ උදව්ව කරන්න !!
අපේ පැක් හවුස් එකේ දෙවෙනි තට්ටුවේ 5 වෙනි කාමරෙන් යන්න තියෙන උමගේ මගේ නන්ගියි මල්ලියි ඉන්නවා.
ඒ දෙන්නව බේරගන්න..
මේ වෙලාවේ ඇල්ෆාට විතරයි ඒ දේ කරන්න පුලුවන් !!
ඒ වගේම මගේ පැක් එකත් ආරක්ෂා කරන්න !!
මගෙන් පස්සේ පැක් එක පාලනය කරගෙන යන්න මගේ මල්ලී පොඩි වැඩියි !!
ඒක නිසා ජන්ගුක් මූන් ලයිට් පැක් එකෙත් ඇල්ෆා වෙන්න !!
පැක් එකේ අය ඒකට විරුද්ධ වෙයි ,
ඒත් ඇල්ෆට පුලුවන් මගේ නන්ගි තේහිව ලූනා කරගන්න !!
එතකොට එයාලා විරුද්ධ වෙන්නැතිවෙයි !!
තවත් වචනයක්වත් ලියාගන්න මට ශක්තියක් නෑ ..
මම මූන්ලයිට් පැක් එකේ ඇල්ෆා කියලම නොහිත උබගේ යාලුවෙක් කියලා හිතලා මේ උදව්ව මට කරපන් !!

මම දන්නෑ මම උබගේ යාලුවෙක්ද කියන්න ඒ වුනාට යාලුවෝ නොහිටපු මට උබ තමයි මගේ හොදම යාලුවා..

                                  - තේහියුන් -

නිවී නිවී පත්තු වෙන ගිනි පන්දම් , මහ හයියෙන් ඇහුනු වෙඩි උන්ඩ වල සද්ද අස්සේ ගෙවුනු ඒ පැය කිහිපය ගෙවිලා ගියේ මීට සති තුනකට උඩදී වුනත් ඒ භයානක මතක තේහිට මකාගන්න බැරිවුනා ..
එලියෙන් අගුලු දාලා තිබුනු උමං මාර්ගේ විවෘත කරලා තේහිව වගේම එයාලගේ මල්ලිව එතනින් එලියට ගනිද්දිම කෙල්ල දිව්වේ එයාගේ ඔප්පව හොයාගෙන!!
ඒ යනකොටත් ලේ වලින් නෑවිලා බිම වැටිලා හිටපු එයාලගේ පැක් එකේ ගාඩ්ලා දකිනකොට කෙල්ලගේ හුස්ම වැටිල්ල මොහතකට නතරවුනා..
ඒ අස්සෙම පන රැදිලා නැති සිරුරු මැදම තමන්ගේ එකම අයියගේ සිරුර නිසලව වැතිරිලා තියෙනවා දකිද්දි කෙල්ල කරේ අත්දෙකෙන් ඇස්දෙක වහගෙන බිමට නැවිලා කෑ ගහපු එක !!
ජන්ගුක්ගේ පැක් එකේ මැදිහත් වීමෙන් තැනුනු සෑයක් උඩම ඒ හද එලිය වැටුනු රාත්‍රියේ තේහිගේ අයියගේ සිරුර පිලිස්සිලා යනවා කෙල්ලට දැකගන්න පුලුවන් වුනා..
කෙල්ලගේ තිබුනු පවකට වගේ කොච්චර අසිහියෙන් වගේ කදුලු පිටකරත් වේදනාවෙන් කෑගැහුවත් කෙල්ලව එක මොහොතකටවත් සිහිසුන් වුන්නෑ !!
කෙල්ල තමන්ගේම අයියා පිච්චිලා යන හැටි තමන්ගේ ඇස් දෙකෙන් දකින්න තරම් පවක් කරලා තිබුනා !!

තේහි ඒ අදුරු මතක අස්සේ හිරවුනේ පඩිපෙල බැහැගෙන පැක් හවුස් එකේ විශාල විසිත්ත කාමරේට යන අතරෙමයි !!
ඒ යන අතරෙයි කෙල්ල දැක්කේ විසිත්ත කාමරේ පුරාම එහෙමෙහ යන සේවක ඔමේගලා !!
මොකක් හරි විශේෂයක්ද ?
කෙල්ල තමන්ටම මුමුනගන්න ගමන් වටපිට බලද්දි කෙල්ලට දැනුනේ තනිකමක් !!
කෙල්ල නොදන්න අය ගොඩක් මැද්දේ තනිවෙලා !!
තේහිව දැක දැක ලගින් ගියත් කවුරුවත්ම කෙල්ලට හිනාවක්වත් පෑවේ නෑ !!
ඒ මොකුත් නොහිතම කෙල්ල ආපහු රූම් එකට යන්න හැරුනේ මෙතනට තමන් අයිති නෑ කියලා තේරුම් අරගෙන !!
ඒත් යන්න හදපු කෙල්ල එතනම නැවතුනේ පිටිපස්සෙන් ඇහුනු කතාබහ හින්දා !!

"මම නම් කලින්ම දැනගෙන හිටියා ඇල්ෆා කවදාවත් එයාව මා(ර්)ක් කරන්නේ නැ කියලා !! "

" ඔව් !!
ඇල්ෆට සුයා මිස්ව අමතක කරන්න බෑ කොහොමත් !! "

"ඒක හරි !! මමත් හිතන්නේ මේක තමයි ඇල්ෆා ගත්තු හොදම තීරනේ !!
ඒකෙන් අපේ පැක් එකේ පවර් එකත් වැඩිවුනා !!
මූන්ලයිට් කියන්නේ තියෙන බලවත්ම පැක් එකක්නේ .

ඒක අපේ පැක් එකට එකතුවුනා කියන්නේ අපේ පැක් එක තරම් බලවත් පැක් එකක් කොහෙවත් නෑ කියන එක !! "

"අනික ඇල්ෆා ගත්ත තීරනේ නිසා සූයා මිස් අපේ ලූනා කියන එක නැතිවෙන්නෙත් නෑ !!
කොහොමත් එල්ඩර්ස්ලා හිටියෙත් ඇල්ෆා මූන්ලයිට් පැක් එකේ උරුමක්කාරිව මා(ර්)ක් නොකලොත් සූයා මිස්ව ලූනා විදියට අභිෂේක කරන්න නේ !! "

" මට පුදුමයි ඇල්ෆම ඇවිත් අදම අභිෂේක උත්සවේ තියමු කියලා කියලා ගියපු එක ගැන !! "

පඩිපෙල නගින්න පිටුපාලා හිටපු තේහිට ඇහුනේ තමන්ගේ පිටිපස්සේ ඉදන් ඉවක් බවක් නැතුව කියවන සේවිකාවන්ගේ කසුකුසුව.
ටිකවෙලාවක් ඒ කතාවට ඇහුන්කන්දුන්නු තේහිට තවදුරටත් ඒ කතාබහ අහන් ඉන්න වුවමනා උනේ නෑ !!
අල්ලගෙන හිටපු පඩිපෙලේ අත්වැට අතට තදවෙද්දි කෙල්ල කරේ වේදනාවෙන් ඇස් දෙක වහගත්තු එක !!

සූයා ලූනා !!

මූන්ලයිට් පැක් එක !!

අභිෂේක උත්සවය !!

ඒ වචන කෙල්ලගේ ඔලුව අතර දෝංකාර දෙද්දි කෙල්ල කෙරුවේ ඉක්මනට පඩිපෙල නැගගෙන රූම් එකට ගියපු එක !!

_________________________________________

"මෙතැන් පටන් ඇල්ෆා ජන්ගුක්ගේ වගේම මුලු බ්ලූ මූන් පැක් එකේත් ලූනා ලෙසින් අපගේ සූයා වැජඹේවි !! "

දම් පාටින් දිස්නේ දෙන ලැවැන්ඩර් මල් යායක් මැද තිබුනු කිරි සුදුපාට සොහොන් කොතක් මතින් බ්ලූමූන් පැක් එකේ ලූනාට අයිති පලදනාව තැන්පත් කරපු එල්ඩර් කෙනෙක් කියලා හිතන්න පුලුවන් කෙනෙක් එහෙම කියනකොට ලැවැන්ඩර් යාය උඩින් තිබුනු පස් කන්ඩිය ලගට ලන්වෙලා හිටපු බ්ලූමූන් පැක් එකේ හැමෝම ජයඝෝසා නගන්න පටන් ගත්තා !!
ඒ අතරෙම සොහොන් කොත ඉස්සරහ අත්දෙක ඉස්සරහින් පහලට බැදගෙන බිම බලාගෙනම හිටියේ ඇල්ෆා ජන්ගුක් !!

ඈත තිබුනු ගහකට මුවා වෙලා මේ දේවල් දිහා බලාගෙන හිටපු තේහිගේ කම්මුල් දිගේ උනුසුම් දියකැටියක් ගලාගන ගියේ ඇයි කියන්න කෙල්ලටවත් තේරුම් ගියේ නෑ.
සුදු සේද ගවුමකින් සැරසිලා මනමාලියක් නොවුනත් ඊයේ මනමාලියක් විදියට නීතියෙන් විවාහයට පත්වුනායින් පස්සේ තමන්ගේ හස්බන්ඩ් වෙන කෙනෙක් තමන්ගේ බිරිද විදියට ලෝකෙටම හඩ ගහලා කියද්දි කෙල්ල කොහොම දරාගන්නද ?
මූන්ලයිට් පැක් එකේ පූංචි කුමාරි ,
හැමෝගෙම අවදානේ මැද වැඩුනු අහිංසකාවීව අද කවුරුත් මායිම් නොකරද්දි , අඩුම හවස තුන පහුවෙලා තිබුනත් තවම රූම් එකේ හිටපු කෙල්ලට කන්න එන්න කියන්නවත් කවුරුත් නැතිවෙද්දි කෙල්ල ඒක කොහොම දරාගන්නද ?
එක අතකින් තමන්ගේ පැක් එක රවට්ටලා ජන්ගුක්ගේ බ්ලූමුන් පැක් එක කරන දේවල් කෙල්ල කොහොම ඉවසන්නද ?
තේහිගේ පැක් එකේ ඉතුරුවුනු හැමෝම හිතන් ඉන්නේ තේහි තමයි බ්ලූමුන් පැක් එකේ ලූනා කියලා !!

මේ දේවල් හිත හිතම නොනවත්වාම ඇස් අගින් වැටෙන කදුලු බිංදු අතරෙම කෙල්ල කැලේ මැද්දෙන් ගොඩක් දුර ඇවිදන් ඇවිත් තිබුනා.
සේරම හිතලා ඉවරකරපු තේහි ඔලුව උස්සලා බලද්දි කෙල්ල හිටියේ උසට විහිදුනු එක වගේම ගස් ගොඩක් මැද්දේ.
ඒ වෙනකොට හවස පහටත් කිට්ටුයි !!
ආවේ කොහෙන්ද ආපහු යන්න කොහෙන්ද කියලා හිතාගන්න බැරිවුනු කෙල්ල එකතැන වටේටම කැරකෙද්දි සැරෙන් සැරේ ඇහුනු සත්තුන්ගේ ශබ්ද කෙල්ලව බයකරා.
වෘක ධේනුවක් වුනාට ඒත් කෙල්ලෙක්නේ !!.
එකතැන කැරකිලා වැඩක් නැතිබව තේරුම් ගත්ත තේහි ගස් අස්සෙන් ඇවිදගෙන ඉස්සරහට යන්න ගියත් කෙල්ලට දැනුනේ තමන් එකම තැනින් හැමසැරේම යනවා වගේ..
පැය එකහමාරකට ලන්වෙන්න කැලෙන් එලියට යන්න පාර හොය හොය හිටපු තේහිට වටෙන් පිටෙන් කලුවර වැටෙද්දි අමතක වුනා තමන් වෘකයෙක් කියලත් ,
වෘක ස්වරූපෙට ආවනම් පැක්හවුස් එක හොයන් යන එක මහලොකු වැඩක් නෙමේ කියලත් !!..

" ආහ් !! "

ගස් අස්සෙන් ඇවිදන් ගියපු තේහි සාමාන්‍යයෙන් තැනිතලා බිමකට ආවත් එකපාරටම ඒ තැනිතලා භූමියේ ඇවිදන් ගියපු කෙල්ලව බිම තිබුනු දඩයක්කාරයෝ උගුලකට පාවිච්චි කරන වලකට වැටුනේ කෙල්ල හිතන්නත් කලින් !!

කලින් වේලිලා ගියපු කෙල්ලගේ කදුලු පාරවත් බයටම ආපහු අලුත්වෙද්දි කෙල්ල බැලුවේ බිම වැදිලා තුවාල වෙලා ලේ එන තමන්ගේ වැලමිට දිහා !!

" මම මෙච්චර පව්කාරියෙක්ද ? "
වලට කෙලින්ම අහසේ පේන්න තිබුනු හද දිහා බලාගෙන අහපු කෙල්ල එතනම බිමින් ඉදගත්තේ මහන්සියට වගේම ඊයේ රෑ ඉදන්ම මොකුත් නොකාපු නිසා ඇගට දැනුන තෙහෙට්ටුවට !!

_________________________________________

"ඔප්පා !!
ඔන්නි කොහෙවත් නෑ !! "

"මොන ඔන්නි ද ?"
නීසූ ඔෆිස් රූම් එකට ඇවිත් කතාකරද්දි ලැප් එකේ මූන ඔබාගෙනම ජන්ගුක් එහෙම කතාකරේ කෙල්ලගේ කලබල වුනු මූන නොදැකපු නිසා.

"මොන ඔන්නිද අහන්නේ !!
ඔයාගේ වයිෆ් තේහි ඔන්නි !!
එයා පැක් හවුස් එකේ කොහෙවත් නෑ !!
කවුරුත් උදේ දැක්කයින් පස්සේ දැකලත් නෑ !! "

" මොකක් !! "
නීසූගේ වචන තමන්ගේ කන්වලට ඇහෙද්දි ජන්ගුක් ලැප් එකෙන් නීසූ දිහාවට තමන්ගේ මූන හරවගත්තේ පුදුමයෙන් !!

" එයාට දුක හිතිලද දන්නෑ ඔප්පා !!
තේහි ඔන්නි ඉද්දි ඔයා කරපු දේ වැරදී !!
පැක් එකේ කිසිම කෙනෙක්ට කිව්වට වැඩක් නෑ එයාලා ඔන්නිව හොයන්න මහන්සි වෙන්නේ නෑ !!
ඔව් ඉතින් තේහි ඔන්නි එයාලගේ කවුද ?
ඒකයි ඔප්පා මම ඔයාට කියන්න ආවේ !!
ඔප්පා තේහි ඔන්නිව හොයන්න ගියේ නැත්තම් මම යනවා ඔන්නිව හොයන්න !!"

" ඔහොම ඉන්නවා මම යන්නම් !! "

තරහටද දුකටද මන්දා ඊයේ හම්බුනු තේහි ගැන අනුකම්පා කරපු එකම කෙනා වුනු නීසු කතාකරලා රූම් එකෙන් යන්න යද්දි ඉක්මන් වුනු මෙච්චර වෙලා කෙල්ල ගෙ කතාව අහන් හිටපු  ජන්ගුක් ජැකට් එකත් අරන් පුටුවෙන් නැගිටින ගමන් එහෙම කිව්වා .

" පැක් එකේ අයට කියන්න මම විශේෂ වැඩකට ගියා කියලා !! "

තමන්ගේ අත් ඔරලෝසුවේ පැය කටුව අටේ කනිසමේ සටහන් වෙලා තියෙන බව දැකපු ජන්ගුක් නලල රැලි කරගත්තේ ඒ වෙනකොට සැරෙන් සැරේ වැටුනු වැහි පොදවල් නිසා වටපිටාව සීතල වෙලා තිබුනු නිසා..

_________________________________________

තේහිගේ ජැස්මින් සුවද තමන්ගේ නාස්පුඩු පුරවගන්න ගමන් තවමත් වැටෙන හිරිකඩ මැද්දෙම පෝන් එකේ ෆ්ලෑෂර් එක ඔන් කරගෙන ගියපු ජන්ගුක් ඉස්සෙල්ලාම නැවතුනේ ලැවැන්ඩර් යායට ටිකක් ඈතින් තිබුනු ගහක් පාමුල .වෙන තැන්වලට වඩා එතනින් එන ජැස්මින් සුවද වැඩිවෙද්දි කොල්ලා තේරුම්ගත්තා කෙල්ල එතන රැදිලා තිබුනු බවක් !!
ලැවැන්ඩර් මල් අතරේ සුදුපාටින් දිලිසෙන සොහොන් කොත දිහා බලපු ජන්ගුක් තමන්ගේ පය ඉක්මන් කරමින් තේහිගේ සුවද හොයාගෙන දුවන් යන්න පටන්ගත්තා.
වැස්සට කෙල්ලගේ සුවද මැකිලා ගිහින් තිබුනත් යන්තමින් දැනුනු සුවද දිගේම ගිය කොල්ලා අන්තිමට නැවතුනේ පැක් හවුස් එකට ඈතින් තිබුනු තැනිතලා භූමියක !!
කොල්ලා වේගෙන් දුවන් ආපු නිසා වටේට තිබුනු සීතල පරදවන ගමන් කොල්ලගේ ඉහින් කනින් දාඩේය වැක්කෙරෙමින් තිබුනා.දනිස් දෙකට අත්දෙක තියාගෙන නැමිලා මොහොතක් මහන්සි ඇරපු ජන්ගුක් තැනිතලා බිමේ ඇවිදන් යනකොටයි දැක්කේ එතන තිබුනු වල.
එතනින් කෙල්ලගේ ජැස්මින් සුවද තදින්ම එද්දි කොල්ලා පය ඉක්මන් කරලා එතනට ගිහින් වලට එබුනා...
මෙච්චර වෙලා කලබල වෙලා තිබුනු කොල්ලගේ හිත සන්සුන් උනේ වල ඇතුලේ ගුලිවෙලා ඉන්න කෙල්ලව දැක්කට පස්සේ !!

" ම්ක්හ් !!
තේහි !! "
උගුර පාදපු ජන්ගුක් කෙල්ලගේ නමින් කතාකරේ කෙල්ල බලයි කියලා හිතලා.


You are reading the story above: TeenFic.Net