Chapter 01

Background color
Font
Font size
Line height

ඇල්ෆා !! "

ලී වලින් තනලා තිබුනු පුංචි සැපපහසු ඔෆිස් රූම් එකට වෙලා ෆයිල් එකකට තමන්ගේ සම්පූර්න අවධානේ දීලා හිටපු ඇල්ෆා තමන්ගේ අවධානේ දොර දිහාවට යොමු කරේ එතනට ආව බීටා කෙනෙක්ගේ කටහඩ නිසා..

"ඇල්ෆා !! "
මූන් ලයිට් පැක් එකේ බීටා කෙනෙක් ඇල්ෆව හම්බවෙන්න ඕනේ කියනවා !!
පුලුවන් තරම් ඉක්මනට !!
ඒ බීටා ඉන්නේ හොදටම තුවාල වෙලා !!".

එක පිට එක හුස්ම ගන්න ගමන් ආව බීටා කියලා දාද්දි ඒක අහපු ඇල්ෆා ජියෝන් අතේ තිබුනු ෆයිල් එකත් මේසේ උඩට විසිකරලා පුලුවන් තරම් ඉක්මනින් දුවගෙන යන්න ගියේ පැක් හවුස් එකේ මේන් ගේට් එක ලගට..

" ඇල්ෆා ජන්ගුක් !! "
මේ..මේක ඔබතුමා අතටම අපේ ඇල්ෆා දෙන්න කිව්වා !! "

බිම වැටිලා හිටපු බීටා අමාරුවෙන් එහෙම කිව්වේ ජන්ගුක් එයා ලගට එනකොටමයි.

" මොකද මේ !!
මොකක්ද වුනේ !!
මූන්ලයිට් පැක් එකට කරදරයක්ද ?! "

බීටා දික්කරපු ලේ තැවරිලා තිබුනු ලියමන අතට අතගත්තු ජන්ගුක් බිම දනගහගෙනම එහෙම ඇහුවා..

" අ...අ-පිට...ඇ !!"
අමාරුවෙන් වචන අහුලන් කතාකරන්න හදපු බීටා එතනම බිම වැටෙද්දි ජන්ගුක් කිව්වේ පුලුවන් තරම් ඉක්මනට එයාව පැක් හවුස් එකේ නර්සින් රූම් එකට අරන් යන්න කියලා...
ඒ කරලා තමන්ගේ අතේ තිබුනු ලේ ගෑවුනු ලියමන දිග ඇරපු ජන්ගුක් ඒකේ තිබුනු වෙව්ලලා ගියපු අපැහැදිලි අකුරු එකින් එක ගැටගහමින් ලියමන කියවන්න පටන් ගත්තා..

_________________________________________

"ජියෝන් ජන්ගුක් වන මම කිම් තේහි වන මැයව දිවි හිමිතෙක් රැකගන්නට පොරොන්දු වෙනවා !! "

සාමාන්‍ය මෙරූන් කලර් ඔෆිස් කිට් එකකින් සැරසිලා හිටපු ජන්ගුක් තමන්ගේ ඉස්සරහ හිටගෙන ඉන්න එල්ඩර් කීවයින් පස්සේ එහෙම කිව්වේ ඕනවට එපාවට !!

"කිම් තේහි වන මම ජියෝන් ජන්ගුක් වන මොහුව දිවිහිමිතෙක් රැකගන්නට පොරොන්දු වෙනවා !! "

සුදු පාට බිමටම දික්වුනු ගවුමකින් සැරසිලා හිටපු තේහි නම් ඒ පොරොන්දුව දුන්නේ හදවතින්මයි.ඒ අතරේ තමන්ට එහාපැත්තේ හිටගෙන ඉන්න ජියෝන් ජන්ගුක් දිහාත් බැල්මක් පාන්න කෙල්ල අමතක කලේ නෑ.

" දැන් මුදු මාරු කරන්න !! "

පුජකතුමා කියද්දි ජන්ගුක් හිටගෙන හිටපු මේසේ ලගට ආව පුංචි පිරිමි දරුවෙක් කොල්ලගේ පැත්තට රින්ග් බොක්ස් දෙක දිකකරද්දි රෙඩ් කලර් කවර් එකක් තිබුනු රින්ග් බොක්ස් එක තමන් දිහාවට හැරිලා ඉන්න තේහිට දික්කරන ගමන් බ්ලු කලර් කවර් එකක් තිබුනු අනික් බොක්ස් එක තමන්ගේ අතට ගත්තා.
කෙල්ල එක අතකට රින්ග් බොක්ස් එක ගන්න ගමන් අනික් අත ජන්ගුක් දිහාවට දික්කරද්දි එකපාරක් කෙල්ලගේ මූන දිහා බලපු ජන්ගුක් ඉක්මනට මුද්ද කෙල්ලගේ මුදු ඇගිල්ලට දාලා වෙනතක් බලාගත්තේ කට ඇතුලේ දිව එහෙ මෙහෙ යවන ගමන් ...

"ජන්ගුක් !! "

වෙන පැත්තක් බලාගත්තු ජන්ගුක්ගේ පිටට තට්ටුවක් දාපු ජන්ගුක්ගේ ඔම්මා කොල්ලට කතාකරද්දි කෙල්ල දිහාවත් නොබලම කොල්ලා තමන්ගේ අතත් තේහි දිහාවට දික්කරා..
තත්පර කිහිපයකින් තමන්ගේ ඇගිල්ලේ සීතල දෙයක් දැවටෙනවා තේරුනු හින්දා මුද්ද තමන්ගේ අතේ පැලදිලා කියලා තේරුම් ගත්ත ජන්ගුක් ඉක්මනට එතනින් අයින්වෙලා පඩිපෙල නැගගෙන තමන්ගේ රූම් එකට යන්න ගියේ ජන්ගුක්ගේ යාලුවොත් ඒ පස්සෙන් යද්දි ..

"මූන් ලයිට් පැක් එකේ උරුමක්කාරියන්ගේ ලගින් හැම වෘකයෙක්ම වසඟ වෙන විදියේ සුවදක් එනවා කියන එක ඇත්තක් එහෙනම් !! "

ජන්ගුක් එතනින් යනකොටම බිම බලාගෙන හිටපු තේහි ලගට ලන්වුනු ගෑනු ලමයෙක් එහෙම කිව්වේ මෙතනින් ගියපු ජන්ගුක්ගේ යාලුවනුත් තවමත් එතන රැදිලා ඉන්න ආරක්ෂක බීටාවරුත් තේහි දිහාම විතරක් බලන් හිටපු නිසයි.
ඒ කෙල්ලගේ කතාවට සිහින් හිනාවක් දාපු තේහි ආයෙත් බිම බලාගත්තේ දැනුන අපහසුවට.

" ඒ සුවද ඔමේගලාට දැනෙන්නේ නෑනේ.!!
මටත් ආසයි ඔච්චරටම වශීවෙන්න තරම් දැනෙන සුවද මොනවගේද කියලා දැනගන්න !! "

තේහිගේ ලගටම ආව ඒ කෙල්ල එහෙම කිව්වේ මූනත් ඇබුල් කරගෙන.

" එනිවේ !!
අයි'ම්  ජියෝන් නීසූ !!
ඇල්ෆාගේ වන් ඇන්ඩ් ඔන්ලි සිස්ටර් !! "

"ඕඕ !!
නයිස් ටු මීට් යූ !! "
බිමබලාගෙනම හිටපු කෙල්ල මේ ඉන්නේ ජන්ගුක්ගේ නන්ගි බව දැනගත්තයින් පස්සේ නීසු තමන් දිහාවට දික්කරලා තිබුනු අතට තමන්ගේ අත තදකරගන්න ගමන් එහෙම කිව්වේ හිනාවෙලා..

"එහෙනම් දැන් ඔප්පගේ රූම් එකට යන්න ඔන්නි !!
හැපි හනිමූන් !! "

මුල් ටික කෙල්ලගේ පිටට තට්ටුවක් දාලා කියපු නීසූ අවසාන ටික කෙල්ලට රහසින් කියලා එතනින් දුවලා යන්න ගියේ කෙල්ල රතුවෙලා ඉද්දි ...

"  යමු එන්න !! "
කෙල්ල ලගට ආව ජන්ගුක්ගේ අම්මා කෙල්ලට එහෙම කියද්දි කෙල්ල හිමින් සැරේ එයා පස්සෙන් ඇවිදන් යන්න පටන්ගත්තා.

"මෙන්න ජන්ගුක්ගේ රූම් එක !!
එයා දැන් ඇති රූම් එකේ !! "

ජන්ගුක්ගේ ඔම්මත් එහෙම කියල එතනින් යන්න යද්දි කෙල්ලට හිතුනේ පැක් හවුස් එකේ ගොඩක් අය තමන්ගේ පැමිනීමට වැඩි කැමැත්තක් නෑ කියලයි ...

" ටොක් ! ටොක් !! "

" එන්න !! "

රූම් එකේ දොර ලගට වෙලා මොහොතක් සිද්ධ වුනු දේවල් මතක් කරපු කෙල්ල ටිකකින් දොරට තට්ටු කරද්දි ඇතුලින් ඇහුනේ ජන්ගුක්ගේ ගැබුරු කටහඩ..
ඒ නිසා කෙල්ල හිමින් සැරේ දොර ඇරගෙන රූම් එක ඇතුලට ගියෙත් බයෙන් බයෙන් !!
ඒ යනකොටත් ජන්ගුක් රූම් එකේ කෙලවරේම තිබුනු සැපපහසු පුටුවකට වෙලා ඉදගෙන හිටියේ ලොකු කල්පනාවක...
දොර ඇරෙනකොටම කොල්ලට දැනුනේ ජැස්මින් සුවදක් !!
රූම් එකෙන් තදින්ම දැනෙන රෝස සුවදත් පරදවපු තද ඒත් හරි සියුමැලි පිච්ච මල් සුවදක් !!
ජන්ගුක්ට තුන්වෙනි හෝ හතරවෙනි වතාවටත් ලොකු පුදුමයක් ඇති වුනා..
මූන්ලයිට් පැක් එකේ උරුමක්කාරියෝ ලගින් එන්නේ ජැස්මින් සුවදක්ද ?
ඒ වුනාට ඒ සුවදට වෘකයෝ වශීවෙයි කියලා හිතන්නවත් බෑ !!
ඒක හිත නිවෙන සියුම් සුවදක් !!
කොල්ලා කෙල්ලගෙන් බලාපොරොත්තු වුනේ රෙඩ්වයින් එක්ක රෝස් මික්ස් වුනු සුවඳක් වගේ සැර සුවදක්!!

රූම් එකට යනකොටම රෝස පෙති අතුරලා තිබුනු සුදු පාට ටයිල් පොලවත් රූම් එක මැදම තිබුනු බෙඩ් එක නොපෙනෙන තරමට ඇතිරිලා තියෙන රෝසපෙතිත් ඒ එක්කම රෝස මල්වලින් සරසපු පුටුවක වාඩිවෙලා තමන් දිහා පුදුමෙන් බලාඉන්න ජන්ගුක්වත් දැක්කම කෙල්ලට හුස්ම ගන්නත් අමතක වුනා !!
ඒ වුනාට හිත හයිය කරගත්තු කෙල්ල හොද හුස්මක් අරගෙන ජන්ගුක් දිහාවට ලා හිනාවක් පෑවා.
ඒත් ජන්ගුක් කලේ කෙල්ලගෙන් තමන්ගේ ඇස් දෙක අරගෙන බැල්කනි ඩෝ(ර් ) එකෙන් පේන හද දිහා බලපු එක !!
කෙල්ලට හිනාවකින් සංග්‍රහ කරන්නවත් බැරි තරමට ජන්ගුක්ට කෙල්ල කරපු වැරැද්ද මොකක්ද ?
කොල්ලව කසාද බැදපු එකද කෙල්ලගේ වැරැද්ද !!

විනාඩි කිහිපයක් ගතවෙනකන් මුලු රූම් එකම රැදිලා තිබුනේ දැඩි නිහැඩියාවක !!
කෙල්ලට ඒ නිහඩ බව කරදරයක් වුනා !!
තමන්ගේ ඔප්පත් එක්ක කෑ ගහන ගමන් දගල දගල හිටපු තේහිට නිශ්ශබ්දව ඉන්න එක කොහොමත් අමාරු වැඩක් !!

ඒත් තේහිට කතාකරගන්න තරම් හයියකුත් නෑ.
ඒ නිසාම කෙල්ල හෙමින් සැරේ වැඩි සද්දයක් නොකරම ඇද ලගට ගිහින් හෙඩ් බෝඩ් එකට පිට තියලා කකුල් දෙක දනහිස් දෙකෙන් නවාගෙන ඇදෙන් ඉදගත්තේ මූන බිමට හරවගෙන !!

මේ ඇල්ෆා ජන්ගුක්ගේ මධුසමය !!
කෙල්ලව මග අරින්න හද දිහා බලපු ජන්ගුක් ඇද ලගට එන්න හැදුවේ නිදාගන්න..
කොල්ලට හෙට උදේම කරන්න ලොකු වැඩක් තිබුනා !!
පුටුවෙන් නැගිටපු ජන්ගුක් එතනම නතරවුනේ කෙල්ල ඇදට වෙලා කකුල් දෙකත් නවාගෙන ඉන්න විදිය දැකලා ..
කොල්ලට කරගන්න දෙයක් නෑ !!
එයාට එයාගේ වයිෆ් එක්ක ෆස්ට් නයිට් එක එන්ජෝයි කරන්න තරම් වුවමනාවක් තිබුනේ නෑ !!
සමහර විට මෙතන තේහි නොයිද එයා හිටියනම් ඒක වෙනස් වෙයිද ?
ජන්ගුක්ට එයාගේ නයිට් එක එන්ජෝයි කරන්න වුවමනා වෙන්නැති වෙයිද ?

කිසිම හැගීමක් නැති මූනකින් ඇද ලගට ආව ජන්ගුක් වැඩි සද්දයක් නැතුවම ඇදේ තිබුනු රෝස මල්පෙති එහාට මෙහාට කරලා  එහාකොනින් වැතිරුනේ සුවපහසු නින්දක් ලබන්න..

_________________________________________

"තේහි ඔන්නි !!
කෝ මාර්ක් එක !! "

ඇහැ පියවිලා හිටපු තේහි ඇහුනු කටහඩ නිසා ගැස්සිලා බලනකොට කෙල්ලගේ ඉස්සරහ නීසූ හිටගෙනහිටියා .ඒ වගේම තේහි තවමත් ඇදේ හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා ඊයේ ඉදගත්තු විදියටම ඉදගෙන හිටියා !!
ජන්ගුක්ගේ සලකුනක්වත් කාමරේ දිහාවට ඇස් යවපු තේහිට දැකගන්න පුලුවන් වුනේ නෑ !!

" ඔන්නි ඔප්පා ඔයාව මාර්ක් කලේ නැද්ද ?"
මූනත් හකුලුවගෙන නීසූ අහද්දි තේහි කලේ වේදනාව හන්ගගන්න හිනාවෙලා බිමබලාගත්තු එක !!

"නීසූ පහලට ගිහින්  වැඩවලට හෙල්ප් කරනවා මෙතන කියව කියව ඉන්නැතුව !!"
නීසූ දිහාවට රලු බැල්මක් හෙලලා කාමරේට ආව ජන්ගුක් එහෙම කිව්වේ ඒ බැල්මම දෙගුන තේගුන කරලා තේහි දිහාවට දානගමන් .

" ඒත් ඔප් - "

"නීසූ තමුන්ට ඒ දේවල් වැඩක් නෑ !!
ඒක නිසා දැන් මෙතනින් යනවා !! "

නීසූ කියන්න ගියපු දේට බාධාකරනගමන් ජන්ගුක් එහෙම කියද්දි කෙල්ල කරේ කොල්ලටත් ගස්සගෙන කාමරෙන් ගියපු එක !!
ඕක ඉතින් හැමදාම දකින ගැස්සිල්ලනේ කියලා හිතහදාගත්තු ජන්ගුක් මිරර් ටේබල් එක ඉස්සරහට ගිහින් තමන්ගේ නිල් පාට අත් දිග ඔෆිස් ෂර්ට් එකේ අත්දෙක උඩට නවන්න පටන් ගත්තේ තේහි ඇදෙන් නැගිටලා අඩියක් දෙකක් ජන්ගුක් දිහාවට ලන්වෙනකොටයි !!
තේහි ඇදෙන් බැහැලා ටිකක් ඉස්සරහට ඇවිත් ජන්ගුක්ට කතාකරන්න හදන හැටිත්,ආපහු කතානොකරම බාත්රූම් එකට යනහැටිත් කොල්ලා මිරර් එකට එබිලා බලන් හිටියේ කිසිම අදහසක් නැතුව !!

"අද මම කරන දේ හරිද ?"

කොල්ලගේ හිතේ උඩින්ම කැරකුනේ ඔය ප්‍රශ්නේ !!







________________________________________________

කොහොමද ඔයැයිලට!!!!



කතාව කියවනවා නේද
කතාව හොඳයි කියලා හිතෙනව නම් කතාවට වෝට් කරන්න මොකද මට ඒක ලොකු හයියක්.
දවස් ගානක් තිස්සේ ලියපු කතාවට වෝට් නෑ කියලා දැනෙද්දි මාර විදියට හිත කඩන් වැටෙනව💔



මන් ආයේ ආවා ඔන්න...
ඇත්තටම මේ කතාවට මට ඕනවටත් වඩා උදවු කරේ notirashi අක්කා!! එයාව මන් මේ වෙලාවේ ඉමහත්වූ භක්තියකින් මතක් කරන්න කැමතියි..........

ඊලග එකෙන් හම්බ වෙමු හොදේඒඒ!!


You are reading the story above: TeenFic.Net