<53>

Background color
Font
Font size
Line height

Emmy pov....🌸

🖤 එමී??? ඔයා නිදාගනනේ හිටියේ

🌸ම්ම් මම ඇහැරුනා.... ඔයා එහෙ මෙහෙ වෙනකල් ඉදලා කාර් එකට නැගලා ඔයාට නොපෙනෙන්න හිටියා

🐯 That's my girl

🦁 හ්ම්ම්ම් දැන් මට කියන්නේ ඔයාටත් මේකට එන්න ඉඩ දෙන්න කියලද

🌸 ඔව්....හත් දෙනෙක්ට වඩා අට දෙනෙක් හොදයි

අයියාගේ කර වටේ අත දාගෙන හෙන බටර් පාරක් ගාන ටෝන් එකකින් මම කිව්වා අයියා හිනා උනේ එකග වෙන්න වගේ මට දැන් දහ නමයක් ලොකූ අපේ වගකීම ගත්තේ අවුරුදු පහලවේදී ඉතින් එහෙම අයියට තනියම මේ දේවල් කරන්න මට දෙන්න බෑ

🦁 හරි හරි එහෙනම් ඔක්කොම කරමුකෝ

මම එකපාර දැක්කේ යූවීගේ මූන අදුරු වෙලා යනවා එයාට මොනා වෙලාද මම ලොකූව අත ඇරලා යූවී ගාවින් ඉදගෙන එයාගේ මූනට එබුනා

🌸 මොකෝ

මේ යකා එකපාරටම මාව බදාගත්තා බීලාද??? නෑ බීලා නම් නෑ වගේ එයා මෙහෙම නෑනේ

🐺 යූවී???

🐹 චූටී ඔයා පරිස්සම් වෙන්න හාද....ඔයා බලාගන්න ඔයා ලගින් ඉන්න අපිට බැරි උනාට සොරී

🌸 ඔයාලා මා එක්ක හැමදාම හිටියා අනේ

මම එයාව මගෙන් ඈත් කරලා එයාගේ කොන්ඩේ ඇවිස්සුවා යූවී හිනා උනාට ඒක බොරු හිනාවක් යූවී ගොඩක්ම හිනා වෙලා තියෙන්නේ මා එක්ක ඉද්දි ඉතින් නලුවෙක් නෙමේ එලුවෙක් උනත් එයාගේ හිනාව මට හොයා ගන්න පුලුවන්

🐻 කෝ ඔය ලමයි ටික මේ වෙලාවේ ඔය ප්‍රශ්න ටික ඔලුවෙන් අයින් කරගන්න රෑට ඔලුවෙ ප්‍රශ්න තියන් ඉන්න හොද නෑ අද අපේ චූටි කුමාරි තරගයක් දිනලා ඇවිල්ලා ඉන්නෙ මම අද රෑට කෑම හදන්නම් ඕගොල්ලෝ ඔලුවේ තියන ප්‍රශ්න අයින් කරන් ඉන්නකෝ

🦁 මාත් එන්නම් උයන්න

🐺 දෙන්නට තනියම බෑනේ මාත් එනෝ

ලොකු තුන් දෙනා කුස්සියට ගියා ජුලියන් ජෙරම් එක්ක මොකක්දෝ බර කතාවක් අයියට නංගිව මතකත් නෑ බොයිපෙන්ට ගර්ල්පෙන්ව මතක් නෑ හරිම සෝක් මස්සිනාලා දෙන්නා මේ දෙන්නව බන්දන්න තිබ්බේ දෙන්නම එකයි බුම්මන් ඉන්නවා වැඩිය කතා නෑ ඔක්කොම හිතේ තියන් ඉන්නවා
මෙච්චර පිරිසක් ඉන්න ගෙදර තනියම තනිකම විදගන්නවා කියලා හිතාගන මම සෝෆා එකට හේත්තු වෙලා බිමින් ඉදගත්තා එතකොටම පොඩි දෙන්නා
ඇවිල්ලා මගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්ත ඒ දෙන්නා ඔහොම්මමයි එයාලට අම්මාව ගොඩාක් මතක නැතත් මන් අම්මා වගේලු මා එක්ක ඉද්දි එයාලට අම්මා එක්ක ඉන්නවා වගේ දැනෙනවලු මම ඉතින් ඒ වෙලාවට විහිලු කරනවා අම්මා මන් වගේ පිස්සු නටන්නෙ නෑ කියලා ඒත් අපේ
අම්මා පිස්සු නටන කෙනෙක්ලු අක්කෙක්ට විතරද සහෝදරයන්ට අම්මෙක් වෙන්න පුලුවන් නංගියෙක්ට බැරිද???

🦊 ඒ ඔලුව ටිකක් අතගානවකෝ

🐹 මගෙත්

හරිම බියුටිපුල් සහෝදරයනේ මම අත් දෙකෙන් දෙන්නගේ ඔලු ගෙඩි දෙක අතගාන්න ගත්තා

🌸 මේහ් මට හැමදාම දෙන්නව හුරතල් කරන්න බෑ කෙල්ලෙක්වත් හොයාගන්නවකෝ

🦊 මන් නම් එක්කෙනෙක්ට ලයින් පාරක් දාන් යනවා බලමුකෝ

🐹 මට කෙල්ලො ඕන්නෑ අනික එමී ඔයාට අපිව බලාගන්න එක වදයක්ද

🌸 ඒ....පිස්සුද මම විහිලුවට කිව්වේ යූවී

🐹 ඔව් ඔව් විහිලු වගේ කියන්නේ ඇත්ත තමා

යූවී මගේ අතත් ගසලා දාලා මටත් ගස්සලා කාමරේට ගියා පුහ් මටවත් බෑ ඔහොම ගස්සන්න ඒ ගැස්සිල්ලට මායි අනික් පැත්තෙන් ඔලුව තියන් හිටිය විකීයි විතරක් නෙමේ පිටිපස්සෙන් හිටිය දෙවනියි ජුලියනුත් ගැසුසුනා

🐯 ඒ මොකෝ චූටි ඒ

🌸 දන්නෑ මන් පොඩි ජෝක් එකක් කරා එයාට මල පැන්නා

🦊 ඒක මල පයින්න දෙයක් නෙමේනේ

🐯 මිනිහා මේ ටිකේ පොඩ්ඩක් අමුතුයි තමයි

🌸 හුම්ම් මන් පොඩ්ඩක් ගිහින් බලන්නද

🐯 එපා.... ඔයා එක්ක රන්ඩු උනා කියන්නේ අඩනවා ඇති කවුරුත් එයා අඩනවා දකිනවට යූවි කැමති නෑ

🌸 හ්ම්ම්ම්ම්

යූවී ගියාට පස්සේ විකී මගේ ඔඩොක්කුවේ ඔලුව තියාගන ඉද්දි කුස්සියෙන් ගහලා පන්නපු රෙක්සුත් ඇවිල්ලා මට මුක්කු ගහන්න ආවා හයෝව් මේ ඔක්කොම මුක්කු ගහන්න එන්නෙ මට රෙක්ස් මුක්කුව ගහගනම මගේ ෆෝන් එකත් ඉස්සුවා කමන්නෑ ඕකේ බලන්න දේවල් නෑ මන් හිතන්නේ

🐺 මොනාද ඕයි තමුසෙගේ ෆෝන් එකේ මෙලෝ ඇප් එකක් නෑනේ

🌸 පස්සේ ඩව්න්ලෝඩ් කරගන්න තිබ්බෙ අප්පා අමතක වෙනවනේ

🦊 ඒ තරම් බිසීනේ....

🐺 ඉන්නවා මම ඩව්න්ලෝඩ් කරන්න

රෙක්ස් Facebook , Instagram  , Telegram ඔක්කෝම ඩව්න්ලෝඩ් වෙන්න දැම්මා වට්සැප් යූ ටියුබ් විතරයි මම පාවිච්චි කරේ ඒවා ඩව්න්ලෝඩ් වෙන්න දාලා එයා මගේ ගැලරියට යනවත් මම දැක්කා

🐺 චූටී මේ කව්ද ඕයි මේ

රෙක්ස් මට පෙන්නුවේ එදා මම මියූ අක්කා පොතක් කියෝ කියෝ ඉද්දි ගත්ත එයාගෙ පොටෝ එක

🌸 මියූ අක්කා බාප්පගේ ලොකු දුව...මොකෝ

🐺 ම්ම්ම් බාප්පගේ කෙස් ගහක්වත් වගේ නෑනේ

එතකොටම විකී කලබල වෙලා වගේ නැගිටලා රෙක්ස්ව තල්ලු කරල මාව
ලගට ඇදලා ගත්තා

🦊 අයියේ උබට බාප්පගේ දුවට ක්‍රස් එකක් ඇති උනා නම් කරුනාකරලා මගෙ චූටිගෙන් ඈත් වෙලා ඉදපන්න්

🐺 ඒ මොකද යකෝ ඒ

🦊 සහෝදරයන්ට ලව් කරන්න ගියොත් ඒක පුරුද්දට යනවලු පලයාආආඅන්

🐺 උබට ට්‍රැක්ද යකෝ....

යකෝ මීට ටිකකට කලින් හෙන සීරියස් ප්‍රශ්නෙක නේද හිටියේ
මම හිතන්නේ,
පවුලක් කියන්නේ ඒකට මොන ප්‍රශ්නේ තිබ්බත් ඒක අමතක කරලා දාලා හිනා වෙලා ඉන්න පුලුවන් තැනට

🐺 අඩෝ අඩෝ මේ....

පවුල කියන්නේ මාර ආදරනීය තැනක් කියලා ලස්සන මනෝ පාරක් ගහන් හිටිය මගේ මූන ඉස්සරහට රෙක්ස් ෆෝන් එක දික් කරා

හත්තිලව්වයි

ඒකේ තිබ්බේ හොරෙන් හොරෙන් මන් ගහගත්ත ජුලියන්ගේ ශර්ට්ලස් පොටෝ හරි හරි ඉතින් මන් එයාගේ සික්ස්පැක් බලන්න ආසාවට ඒවා ගහගත්තේ නෑ මන් එව්වා ගහගත්තේ දන්නැද්ද ඉතින්....

🐺 මල්ලියෝ මෙන්න මේකි උබේ ඇදුම් නැති පොටෝ ගහලා

කලින් හිතුව එක මම ඉල්ලා අස් කරගන්නවා පවුල කියන්නේ තමන්ගේ නම්බුව කන අය පිරුන තැනක්

🦁 මොකාද ඇදුම් ගලෝගන මගෙ පොඩි එකීව නරක් කරන්නෙ

රෙක්ස් කිව්ව දේ බාගෙට ඇහිලා ලොකූ ඒප්‍රන් එක ඇදගෙන පිහියත් උස්සන්ම ආවා රෙක්ස් පෙරලි පෙරලි හිනාවෙනවා හෝතබුවා

🐺 අම්මෝ අයියේ දැන්නම් මේකි එක්ක ඉන්න මටත් බයයි

රෙක්ස් ෆෝන් එක ලොකූට දුන්නේ ඩාං ගාලා පිහිය බිමට වැටෙද්දි

ඔන්න ඔය විදිහටයි ලමයි මගේ සුදු මහත්තයාගෙ සික්ස්පැක් මගේ අයියලා ඔක්කොම දැක්කේ පෞ කොල්ල රතු වෙලා ඉතින් හත්වලාමේ මන් මක් කරන්නද????





🥲මොන රහස්පරික්ශක වැඩද අනේ මේ
අංගොඩින් පැන්න සෙට් එකක් එක්ක
ඔන්න අනික් කපල් එක ගැනත් මන් පොඩි මෙව්වා එකක් දුන්නා
මියු කව්ද කියලා ගෙස් කරන්න බලම්න 🌝


🌝සුදාම්මිගෙයි සුදු තාත්තිගෙයි බ්ලැක් ඇන් වයිට් පොටෝ


You are reading the story above: TeenFic.Net