<5>

Background color
Font
Font size
Line height



( 🌸 Emmy
🌻 Noora
🌼 Yoora

🦁 Deric
🐯 Jeram
🐻 Eric
🐺 Recx

🦊 Vicky
🐹 Yuwi )  

🐹 මේ සුදු නෝනා

ලොකූ මගේ කොන්ඩේ පීර පීර ඉද්දි යූවීයි විකියි එතනට ආවා චූටි , පැංචී , ප්‍රින්සස් වගේ නම් ගොඩකින් එයාලා මට කතා කරනවා මෙතන ඉන්න එකම කෙල්ල මම නිසා මොන නමෙන් කතා කරත් ඒ කතා කරන්නේ මට කියලා මම දන්නවා

🌸 ඇයි

🦊 අපි දෙන්නගෙන් ෆීමේල් ෆෑන්ලා ගොඩක්ම ඉන්නේ කාටද කියන්න පුලුවන් නම්

මේ දෙන්නා සෙට් වෙන හැමවෙලේම රන්ඩු වෙන දේවල් තමයි ඒ ෆීමේල් ෆෑන්ස්ලා වැඩියෙන් ඉන්නේ කාටද උස වැඩිම කව්ද සික්ස් පැක් හොදටම තියෙන්නේ කාටද වගේ ප්‍රස්න ගොඩක් ඒ දෙන්නට තියනවා එයාලගේ ෆීමේල් ෆෑන්ලා දන්නවා නම් මේ දෙන්නාගෙ මොන්ටිසෝරි වැඩ ගැන හනේ
දෙයියනේ

🐻 ඒයි රෙක්ස් ඔය අන්තිම කැරට් අලේ
මෙහෙ දෙනවා

🐺 මේක අන්තිම එක නිසා තමා දෙන්න බැරි

🐻 මම තමුසෙට නඩු දානවා ඕක දුන්නැත්තන්

🐺 කැරට් අලේකට සහෝදරයාට නඩු දාන්න තරම් මානසික ලෙඩක් ඔයාට තියනවද

🐻 රෙක්ස්ස්ස් ඕක මෙහෙ දෙනවා

🐯 අනේ යකුනේ පාරේ මිනිස්සු යනවා

🐹 අපි ඔයාට බය නෑ හූ හූ

🐯 එහෙනම් බය උනොත් හොදයි

🐺 ලෝකේ දෙවනියට බයානක අපරාද කල්ලිය අල්ලගත්තනේ දැන් බයානකම
අපරාද කල්ලිය අල්ල ගන්නද හදන්නේ

🐯 බ්ලැක් ෆයර්ලා බයානක උනාට නීතියට පිටින් යන්නෑ

🐻 දෙවනී මට මේකාගෙන් කැරට් අලේ ඉල්ලලා දෙනවකෝ

🐯 ඔන්න ඕක දෙනවා ඕයි

රෙක්ස් අතේ තිබ්බ කැරට් අලෙන් ලොකු කෑල්ලක් හපාගෙන කෑවා ඊයා හෝදලත් නෑ වැලිත් ඇති කටක් ඇරලා කියන්න පුලුවන් ද
ඩොක්ටර් කෙනෙක් කියලා

🐻 තමුසෙට මම

එරික් අයියා හැන්ද ගුවන්ගත කරන්න ඔන්න මෙන්න තියෙද්දි ලොකූ නැගිට්ටා

🦁 මගේ කන් දෙකත් කීං කීං ගානවා.... ඔලී අපි දෙන්නා ගිහින් කැරට් ටිකක් අරන් එමුද

🌸 යමු කඩේ ලග තියෙන්නේ

🦁 යන්

හූඩිය දාගෙන මාස්ක් එකත් දා ගත්තම ලොකූව වෙන මිනිස්සුන්ට අදුරගන්න බෑ මූන ඇරන් ගියොත් එහෙම හෙට පත්තරේ හෙඩ්ලයින් වල තියෙයි ලෝකප්‍රසිද්ද ව්‍යාපාරිකයා පාසල් සිසුවියක් හා පෙමින් වෙලෙයි කියලා මිනිස්සු හරි දක්ශයිනේ හරි වරද ඇත්ත මොකක්ද හොයන්නැතුව කතා හදන්න

🦁 ඔයා උස ගිහිල්ලා

🌸 ඒත් ඔයා තරම් නෙමේ

🦁 මොකද මාව පරද්දලා උස යන්න ආසද

🌸 තාත්තාට වඩා දුව උස යන්න හොද නෑලුනේ

ඇවිදින ගමන විනාඩියකට නවත්තලා ලොකූ මා දිහාට හැරුනා

🌸 මොකද

🦁 තාත්තා??

🌸 මම ඕක ඔයාට කියන හැමවෙලේම ඔයා ඔහොම්ම අහනවා

🦁 එතකොට ඔයා විස්තර කරනවා මන් ඔයාගේ තාත්‍තා වෙන්නෙ කොහොමද කියලා

🌸 ඔව් හැමදාම එකම ටිකනේ

🦁 මන් ආසයි ඔයා ඒ දේවල් කියනවට.....

🌸 ලොකූ ඔයා මගේ තාත්තා තමා අනේ

🦁 මගේ පිස්සු දුව

ලොකූ එයාගේ ලොකූ අතින් මගේ කොන්ඩෙ අවුස්සලා කඩේ ඇතුලට ගියා මන් හරි ආසයි එයා මගේ කොන්ඩේ එහෙම අවුස්සනවට
අයියා එද්දිම වගේ නේහලා කඩේ ඇතුලට යනවා දැක්කත් මම ගනන් ගත්තෙ නෑ

🌸 මේ තරම් බඩු මොකටද

🦁  අර දෙන්නා උයන්න රන්ඩු වෙන හැමපාරම කඩේ එන්න මට බෑනේ

🌸 ඒකත් ඇත්තනේ

අපි දෙන්නා ගොඩාක් දේවල් කතා කර කර හිමීට ගෙදර ගියා ලොකූ එක්ක කතා කරද්දි හිතේ තියන ප්‍රශ්න ඔක්කොක නැති වෙලා යනවා

🐻 ඔය ඩබල ගාට ගාට එද්දි මම උයලා ඉවරයි

🐹 ලොකූ ඔයා මේ හොල්මනට හොරෙන් අයිස්ක්‍රීම්වත් අරන් දුන්නද එන්න මෙච්චර පරක්කු උනේ

🦊 මහ ලොකු නලුවා අයිස්ක්‍රීම් එකක් ගන්න සල්ලි නැද්ද

🐹 කඩෙන් ගත්තට ලොකුගේ පර්ස් එකට විදලා ගන්න අයිස් එකක් තරම් රසක් එන්නෙ නෑ

🐺 උබලා ජොබ් එකක් නොකරා නම් මේ වෙද්දිත් ලොකු අයියා බංකොලොත් වෙලා

🦁 මට නම් බඩගිනියි

🐺 තාම හතටවත් නෑනේ ලොකූ

🦁 ඔයාලට බඩගිනි නැද්ද

🐻 මගෙත් බඩ පව්..කමු

🌸 අද මන් ඔයාලා එක්ක නිදාගන්න ද

🐯 චූටි ඔයා දැන් චූටි ලමේක් නෙමේ

🌸 ඔයාලා මට චූටි කියන්නේ මම චූටි හින්දනේ

🐯 ඔයා ඉන්නේ කොල්ලො හයක් මැද්දෙ නිදාගන්න වයසක නෙමේ

🌸 අනේ ලොකූ ප්ලීස්ස්ස්

🦁 හා හා නිදාගමුකෝ

🐯 අයියේ...

🦁 අද විතරනේ

හුරේ අන්තිමට අයියලා එක්ක නිදාගත්ත දවසක් මට මතක නෑ අවුරුදු දහ අටක කෙල්ලෙක් අයියලා ගාව නිදාගන්න එක වැරදිද ලොකු වෙද්දි සහෝදරකම් වෙනස් වෙනවද අනික් කිසි දේකින් මට වැඩක් නෑ අයියලා එක්ක හැමවෙලේම එකට ඉන්න තමා මට ඕනි
දෙවනිගේ පිම්බිල්ල මැද්දේ අපි ලොකූ ඇදන් තුනක් එකට සෙට් කරා

මම මැද්දේ දෙපැත්තෙන් ලොකු දෙවනි ඊලගට එරික් රෙක්ස් අයින් දෙකෙ යූවි විකී ඒ දෙන්නව කොනට දැම්මේ හේතු දෙකක් නිසා එකක් තමා දෙන්නම නිදාගද්දි දගලනවා අනික තමයි ඒ දෙන්නව එක ලගට දැම්මොත් අනික් අයටත් නිදාගන්න නෑ

මන් අයියලා එක්ක නිදාගද්දි කරන්න ආසම දේ තමයි නිදි වගේ ඉදන් එයාලා කියෝන ඒවා අහන් ඉන්න එක

මට එකට නිදාගන්න එන්න එපා කියපු දෙවනි මට නින්ද ගියාට පස්සේ (එයා හිතන් ඉන්න හැටි) ඔලුව හිමීට අතගාන්න ගත්තා නිකම් එයා අතින් මට රිදෙයි වගේ

🦁 මෙන්න චූටිට නිදාගන්න එන්න එපා කිව්ව කෙනා ඔලුව අතගානවා


You are reading the story above: TeenFic.Net