<40>

Background color
Font
Font size
Line height

New day.....



🌸 මේ මේක හොදද....මාව මේකට අහින්සක පාටද

ජුලියන්ව දකින දකින වාරයක් ගානේ අර කිස් එක මතක් උනත් ඒක මතක නෑ වගේ මම ඇහුවා
ජුලියන් මට මැරයෙක් මුන ගස්සන්නම් කිව්වා අද හතරට එයා ගොඩක් දරුනු කෙනෙක්ලු ඉතින් මම පුලුවන් තරම් අහින්සක හුරතල් විදිහට යන්නයි ඉන්නේ

🖤 කෝක ඇන්දත් තමුසෙ එක වගේ

🌸 බොරු කියන්න එපා අනේ මම මේකට කියුට් නේද ම්ම්ම්

මම ජුලියන් ගාවට යන්න හදද්දිම එයා පුටුවෙන් නැගිට්ටා

🖤 ආය ඔහොම මට ලන් වෙලා මගේ සීමාව පන්නන්න එපා

🌸 මා එක්ක එන්නෙ නැද්ද

🖤 නෑ

හුහ් මෙයාගෙ ගනන් මට ඔය කාවවත් ඕන්නෑ හ්ම් මම ජෙරම්ගේ පැංචි හරිද එයා ඔය මොන මැරයටවත් බය නෑ මම මේ මැරයෙක් හම්බෙන්න යන්නෙත් මෙයාව JL ගෙන් බේරගන්න

ජුලියන් දීපු ඇඩ්‍ර්ස් එක හොයාගෙන ගියාම මම නැවතුනේ කැලයක් මැද්දෙ තිබ්බ පාලු ගේකින් පාලු ඒත් පිලිවල පාටට ඒ ගේ තිබ්බා මන් දොරට ගහන්න ගියත් දොර කෙලින්ම තිබ්බ පුටුවට කලු පාට ඇදගෙන හිටිය කෙනෙක් ඉදගෙන හිටියා එයාගේ දෙපැත්තෙන් කලු ඇදගෙන කලු පාට වෙස්මූනු දාපු අය පේලියට හිටියා

හම්මෝ මේ ගොල්ලෝ හෙන සැර පාටයි මම පුලුවන් තරම් කියුට් මූනක් මවාගෙන එයාලගේ ලොක්කා ඉස්සරහට ගියා මගෙ කරුමෙටද මන්දා එලියෙ හයියෙන් අකුනක් ගැහුවේ මාව ගැස්සිලා යද්දි එයාලාගේ ලොක්කා තාම ඔලුව නමාගෙන ඉන්නේ

🌸 හලෝ ..... සර් මට ඔයාගෙන් උදව්වක් ඕනී ( හුරතල් විදිහට ඇහිපිල්ලම් ගහලා) උදව්වක් කිව්වට මම හොදට ගෙවනවා

එයාලගේ ලොක්කා මම කිව්ව එකට ලොක්කා හිමීට ඔලුව ඉස්සුවා දරුනු පෙනුමක් නැත්තම් මූනේ ලොකූ කැලලක් තියන නපුරු පාට වයසක මූනක් මම බලාපොරොත්තු උනත් ඒ හිටියේ.... .

ජුලියන් ??????
අවන්කවම එයාව දැක්කම මට මගෙ කටයි හිනාවයි නවත්තගන්න බැරි උනා

🌸 ඔයා..... හම්මෝ ඔයාට තිබ්බා මේ ඔයා කියලා කියන්න ඒ මදිවට මම එදා කානුවෙන් අහුල ගත්ත වෙස් මූනත් දාගෙන ඕක කොහෙද තිබ්බේ??? අල්මාරිය අස්සෙද???

මම හිනා උනේ නෑ මට හිනා ගියා එදා කානුව අස්සේ තිබ්බ වෙස් මූන දාන් හෙන සීරියස් ලුක් එකකින් ඉන්න ජුලියන් දැක්කම හිනා යන්නෙ නැද්ද???

( මේ අවස්තාවේ ලෝකෙම බය කරපු මහා දරුනු JL ට තාම ඉස්කෝලේ ‍යන හිච්චි කෙල්ලෙක් හිනා වෙනවා බලන් හිටිය ගාඩ්ලා කම්පියුස් වෙලා හිටියලු පෙන්ස් ඒ මදිවට JL ගේ රාජකීය පාරිශුද්ධ වෙස් මූන කානුවකින් අහුල ගත්තලු මේ කෙල්ලගේ කෑලි බෑලි ටික සවලකටවත් ගන්න වෙයිද කියලා ගාඩ්ලා කල්පනා කර කර හිටියේ)

- ඔය කතා කරන්නේ කාටද කියලා දන්නවද

🌸 ආශ් ඔය රගපෑම ඇති අන්කල්.... ඔයා මෙයාලව කුලියටද ගත්තේ.... හරි හරි අනේ දැන් ඕක අත ඇරලා දාන්න අපි ගෙදර යමු

- මිස් මිස් කව්ද කියන්න මම දන්නෑ ඒත් මිස් මේ දැන් ඉන්නේ JL ඉස්සරහ

🌸 මේ ජේඑල් ??? ජෝජ්ගේ මාමාද මේ.... මෙහෙ එන්න ගෙදර යමු

මම ජුලියන් ගාවට ගිහිල්ලා එයාගේ වෙස්මූන ගලවන්න අත තියද්දිම එයා මගේ අතින් අල්ල ගත්තා ඒ එක්කම ආය ලොකූ අකුනක් ගැහුවේ වැස්සේ සද්දෙ කලින්ට වඩා වැඩි වෙද්දි

මම කෙලින්ම ජුලියන්ගේ ඇස් දිලා බැලුවා JuLian එයා ඇත්තටම JL ද???

🌸 ජුලියන්

මම හිමීට මිමිනුවා මේක විහිලුවක් වෙන්න බැරිද මම එයාගෙ වෙස් මූන අයින් කරන්න යද්දි එයා මගේ අත තව තදින් අල්ල ගත්තේ මාව නවත්තන්න වගේ එයාගේ ගාඩ්ලා ඉස්සරහට ආවත් එයා ඒගොල්ලොන්ට පිටිපස්සට යන්න කියලා ඉගි කරා

🌸 ඔයා???

මිනිස්සුන්ගේ හැගීම් ඉක්මන්ට වෙනස් වෙනවා මීට ටික වෙලාවකට කලින් හිනා වෙවී හිටිය මම දැන් ගොලු වෙලා එයා ඇත්තටම JL ද ඒකද එයා ජෝජ් කියපුවට බය උනේ නැත්තේ ජෝජ් කිව්වේ බොරුද එදා කැෆේ එකේදි මෙයාට ගැහුවේ කව්ද දෙවනි එක්ක රන්ඩු උනේ මෙයාද???

මට එකපාර ආවේ තරහක් මේ තරම් කල් මට මේක හැන්ගුවට මගේ අයියට ගැහුවට මම එයාට මගෙ හැම රහසක්ම කිව්වා අයියලා ගැන ඇරෙන්න එයාට මාව විශ්වාස කරලා ඕක කියන්න බැරි උනාද???
මම එකපාර ආව ආවේගෙට අත දිග ඇරලා ජුලියන්ට කම්මුල් පාරක් දුන්නේ එයාගේ වෙස්මූන ගැලවිලා බිම වැටෙද්දි ඒ එක්කම එයාගේ ගාඩ්ලා ඔක්කොම පිටිපස්ස හැරුනේ ජුලියන්ගේ මූන දකී කියන බයටද???
ඔයාට ඇත්තටම JL
අතේ තිබ්බ බෑග් එකෙනුත් ජුලියන්ට ගහලා මම එතනින් එලියට බැස්සේ වැස්ස කියලා බලන්නෙ නැතුව

🖤 එමී.....ඔහොම ඉන්නවා

ඉන්න....මම මොකටද ඉන්නේ මම මොනාටද ඉන්නේ මාස පහක් මා එක්කම ඉදලා මට බොරු කරාටද

🌸 මගෙ පස්සෙන් එන්න එපා

මම වැස්සෙම එලියට බැහැලා පුලුවන් තරම් වේගෙන් දිව්වා වැස්සයි මඩ උන පාරයි වටේම තිබ්බ ගස් එක්කයි මම කොහාටද යන්නේ කියලා මම දැනන් හිටියේ නෑ ඒ මදිවට දාන් ආව හීල්ස් දෙකත් මඩේ එරෙනවා
ගස් ගොඩක් මැද්දෙදි මාව එකපාර කකුල පැටලිලා වැටුනා

🖤 එමී

කොහෙන්දෝ ඉදලා වැස්සේ තෙමීගෙනම මන් ගාවට ආව ජුලියන් මාව නැගිට්ට වන්න ගියත් මම හීල්ස් දෙක ගලෝලා අතට අරන් නැගිටලා එතනින් ගියා තමන් තරම්ම විශ්වාස කරපු කෙනෙක් තමන්ට ලොකූ බොරුවක් කරාම ඒක දැනෙන හැටි මම දැන් දන්නවා.....

🖤 එමී අහන්න

🌸 ඔයා යන්න ජුලියන් නෑ JL

🖤 මට මේක ඔයාගෙන් හන්ගන්න ඕන උනේ නෑ

🌸 බොරු කියන්න එපා

🖤 හන්ගන්න ඕන උනා නම් මම අද මෙහෙම එනවද??

ජුලියන් ටික ටික මට ලන් උනේ මම එයයි ගහකුහි අතර හිර වෙද්දි වැස්සට තෙමිලා එයා තවත් ලස්සනයි අර්ර්ර් මොනාද එමී මේ වෙලාවේ හිතන්නේ

🖤 මට අද මේක ඔයාට කියන්න ඕන නිසයි මමම මෙතනට ආවේ.....අඩනවද ම්ම්ම්

වැස්ස එක්ක මගේ කදුලි පේන්නෙ නෑ කියලා හිතුවත් එයා ඒක අදුන ගත්තා මම හීල්ස් දෙක බිමට අත ඇරලා මඩ ගෑවුනු අත් දෙකෙන්ම එයාගේ පපුවට ගැහුවා

🌸 ඇයි ඔයාට කලින් කියන්න බැරි උනේ ජෝජ් ඔයාට කරදර කරයි කියලා මම කොච්චර බය උනාද ඔයා දන්නෑ ජුලියන් ඔයා කවදාවත් දන්නෑ මම ඔයාට කොයි තරම් ආදරෙයිද කිය.....

මොකක්ද මම ඒ කිව්වේ මම කියවන එක නවත්තලා ජුලියන් දිහා බැලුවා එයා කෙලින්ම මන් දිහා බලන් ඉන්නවා
වැස්ස ලා අදුර කොල පාට ගස් පිරුනු කැලයක් මැද්දේ තමන් හිතින් ආදරේ කරන කෙනාට ඒ ආදරේ කිය වුනොත්.........

🖤 ආදරෙයි ද ම්ම්ම්....

මම එයාගේ පපුවෙන් තියන් හිටිය අත් දෙකම එයා එක අතකට අල්ලත්තා

🖤 ම්ම්ම්ම් ආය කියන්න

🌸 ඒක..... ඒක මේ....

ජුලියන් එකපාරටම මගේ අත් දෙක මගෙ අත ඇරලා ගහටයි එයාටයි මාව මැදිකරගෙන මට ලන් උනා එයාගේ හුස්මයි මගේ හුස්මයි එකට වදින තරම් ලගට....

ඊලග තප්පරේම ජුලියන් අපි අතරේ තිබ්බ චූටි පරතරෙත් නැති කරේ මම එයාට විරුද්ද නොවී එයාගේ හාදුවට ප්‍රතිචාරය දක්වද්දියි.....







ඔන්න එකක් මෙව්වා එකක් ඉවරයි
🥲 හොරෙන් නොයා මේකට කමෙන්ට් එකක් වෝට් එකක් දෙන්න ඉතිම්ම් මන් පව්නේ






මගෙ සුදු මහත්තයගේ ගෑල්ලමයා


You are reading the story above: TeenFic.Net