<29>

Background color
Font
Font size
Line height

🌸 ජුලියන්

🖤 ම්ම්ම්ම්

ඉස්කෝලේ ‍රැස්වීමෙන් පස්සේ අපි දෙන්නම ෆ්ලිරෝ කැෆේ එකට ආවා මට එයාට ස්තූති කරන්න ඕන උනා කලිනුත් ස්තූති කරා තමා ඒත් නිකම් මදි වගේ

🖤 ස්තූතියි කියලා නම් කියන්න ඕනේ ඒක කියන්න එපා

🌸 හ්ම්ම්ම්... ඒ උනාට

🖤 ඔයා මන් වෙනුවෙන් කරපුවට මම කවදාවත් ස්තුතිය කියලා නෑනේ ඉතින් මටත් කියන්න එපා

🌸 හ්ම්ම්ම්

මට කලින් එයා කිව්වානේ ඉතින් මම බීම එක හිමීට බොද්දි ජුලියන් එක හුස්මට ඒක බීලා ඉවර කරා

🖤 මට පොඩි වැඩක් තියනවා ඔයා ගෙදර යන්න

මම ආය මුකුත් කියන්න කලින් ජුලියන් ගියා එයා නිකම් කාලගුනේ වගේ මේ හොදට ඉන්නවා මේ වෙනස් වෙනවා
හෝව්
එයා කිව්වනේ එයාගෙ මතකේ නෑ කියලා එයා කොහෙද එහෙනම් මේ සැරින් සැරේ යන්නේ බැරිවෙලාවත්.... නෑ වෙන්න බෑ මතකේ ආවනම් ජුලියන් මට කියනවනේ
බීම බටේ කරකෝ කරකෝ ඉද්දි මම ගැස්සුනේ කැෆේ එක ඉස්සරහ කාර් එක ගහපු හෝන් එකේ සද්දෙන්.....
බාප්පා???

🌸 බාප්පේ

🧔‍♂️ ඔයා වැඩකද

🌸 නෑ බාප්පේ

🧔‍♂️ හ්ම්ම්ම් මොකද කියන්නේ මහ ගෙදර පැත්තෙ යන්ද

එකපාරටම මොකද දන්නෑ නිකම් මාව කැෆේ එකේ දැකකා මහ ගෙදර එක්කන් යන්නෙ මොකටද අයූවත් කියලද අයූ මට එන්න කියන්නේ එයාගේ ලොකු කම් පෙන්නන්න තමා

🌸 ඕන්නෑ බාප්පේ දැන් හවස් වෙලා මන් ගෙදර යන්න ඕන

🧔‍♂️ හ්ම්ම් නිකම් ඉද්දි මහ ගෙදර පැත්තෙ යන්න

🌸 හරි බාප්පේ

ඔයා කියන්න ඕන්නෑ මම කොහොමත් එහාට යනවා පියානෝ එක පුරුදු වෙන්න මන් මේවා මූනට කියන්නෑ ඉතින් අයූ හින්දද මන්දා මට බාප්පවත් ඒ තරම් අල්ලන්නෙ නෑ බාප්පාගේ කාර් එක යද්දිම තව කාර් එකක් නැවැත්තුවා

🦊 චූටියො

🌸 ආ ඔයානේ කලින් කාර් එක බාප්පගෙ

🦊 ඒවා අදාල නෑ නගිනවකෝ

🌸 මොකද කලබලෙන්

🦊 නගිනවකෝ

🌸 බය නොකර කියන්නකෝ

🦊 ලොක්කා කකුලක් කඩාගෙන

🌸 මොකක්

ලොක්කා මොනා කරගෙනද මම බිබී හිටිය බීම එක එතනින්ම තියලා කාර් එකට නැග්ගේ මොන මගුලක් වෙලාද දන්නෙ නැති හින්දා කකුලක් කඩාගන්න තරම් මොනාද....

(මේ අවස්තාවේ ජුලියන් යද්දිම එමී කාර් එකකට නගිනවා අපේ සැටලයිට් නේහා වීඩියෝ කරගත්තලු)


විකී මාව එක්කන් ගියේ අයියලාගෙ රහස් ගෙදරට රෙක්ස් අයියයි දෙවනියි විතරයි සාලේ හිටියේ මම දොර ඇරගත්‍ත ගමන් ලොකුගේ කාමරේට ගියා එයා බෙඩ් ශීට් එක පොරෝගෙන දොයි

🌸 ලොකු....

🦁 චූටී.....කව්ද ඔයාව එක්කන් ආවේ

🌸 කකුලට මොකක්ද උනේ

🦁 මේ....වැටුන

🐯 මෙයා ඔයාගේ පේරන්ට්ස් මීටින් එකට හොරෙන් එන්න තාප්පෙන් පැන්නා

🦁 මල්ලී....

🐯 චූටියා ඔයාගේ අයියත් ඔයා වගේමයි කරන්නෙ එකක් කියන්නෙ එකක්

🦁 නැතුව එයා කා වගේ වෙන්නද

🐯 ඇයි මන් වගේ එයාට සුපිරියට තරහා යන්නේ

🌸 හෝව් හෝව් ඔයා මොකද ආවේ කියන්නකෝ

🦁 මගේ සුදූ තනිවෙලා නෑ කියන්න ඔයාගේ රැස්වීම් මට කියන්නෙ නැත්තෙ ඇයි

🌸 මන් තනි වෙලා නෑ මෝඩ ලොකූ මට අයියලා පස් දෙනෙකුයි තාත්තෙකුයි ඉන්නවා ඒ රැස්වීම් අත්‍යවශ්‍ය නෑ

🦁 ඊලග පාර ඉස්කෝලේ මොනා උනත් අපිට කියන්න ඕන හරිද

🌸 ඔයාගේ කකුල කොහොමද

🦁 ලොකූ අවුලක් නෑ

🌸 ඩොක්ටර් කෙනෙක් හම්බුනාද

🐺 දන්නවනේ සුදූ මම ඕන වෙදකමකට ඕකේ කියලා

🦁 ඔයාට කියන්න මොනාහරි තියනවද??

🐯 එමී මේකා අහන්නේ ඉස්කෝලේ ට්‍රිප් එක ගැන

🦁 අයියෝ දෙවනි

🐯 කෙලින් කියනවකෝ ඉතින්

🦁 සැක් කෑවා මගේ මූඩ් එක..... සුදූ ට්‍රිප් එක මොකද කරන්නේ

🌸 අයියලා ඒ ගැන හිතන්න එපා....මම යනවා

🐺 ම්ම්..... ඔයා යන්නේ වොංරෝ වලටනේ.... මම ඒ දවස් දෙක නම් ටිකක් බිසී බබා

🦊 මායි යූවියි ෆ්‍රී.....අපි දෙන්නා යන්නම්

🌸 ඉස්කෝලේ ලමයි එනවා ඔයාලා එන්න එපා

🐯 ඔක්කොම යන්න ඕන්නෑ ම....

🌸 මම යන්නම් අවුලක් නෑ

හයියෝ මගේ පිස්සු කොල්ලෝ හය දෙනා වෙලාවකට මම් ගැන හොයනවා හොදටම වැඩියි

/////////////////////////


Julian pov.....🖤



එමීව ෆ්ලිරෝ කැෆේ එකේ දාලා මන් ආවේ හදිස්සියේ කෝල් එකක් ආපු නිසා මට මතකේ නැති වෙලා නිසා මට කෝල් ගන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ තාම මේ ෆෝන් එක එමීට ගොඩක් මීටර් වෙලත් නෑ
මගේ වෙස්මූන හොයාගන්න බැරි උන හින්දා ඒ වර්ගෙම කලු පාට එකක් දාගෙන කැලෑවේ හැංගිලා තියන මගේ රහසිගත කදවුරට මම ආවා එලියෙන් පරණ ගෙයක් වගේ පෙනුනට පොලව යට තමා හොදම හරිය තියෙන්නේ

🖤 මොකද හදිස්සියෙ කතා කරේ

- බොස් කිව්වා නේද ඉස්කෝලේ කෙල්ලෙක් ගැන ඇහැ ගහන් ඉන්න කියලා

🖤 හ්ම්ම්

- ඒ කෙල්ලගේ ගේ වටේ මේ කොල්ලා කැරකෙනවා

මම ඒ මිනිහගේ අතෙ තිබ්බ ෆොටෝ එක ඇදලා ගත්තා මේක කලබල වෙන්න දෙයක් නොවුනත් නොදන්න හේතුවකට මම කලබල උනා
ෆොටෝ එකේ තිබ්බේ ටිකක් පෙනුමට ඉන්න කොල්ලෙක් තාප්පේ ඉදන් කෙල්ලගේ කාමරේ දිහා බලන් ඉන්න එක..මේ ටිකේම මම රෑ ගෙදර හිටියෙ නෑ

🖤 මූ මොකෙක්ද

- බොස් ඉන්න නගරේ කප්පම් එකතු කරන එකාගෙ පුතා

🖤 හහ්

- තව බොස්....

මම අතින් සංඥා කරේ නවත්තන්න කියල

🖤 තව සතියකින් මම මේ පැත්තෙ එන්නෑ ඒ කෙල්ල ගැන දිහටම ඇහැ ගහන් හිටපන්

කප්පම් එකතු කරන එකෙක්‍ට පුලුවන් ද මේ JL ගේ දේකට අත තියන්න බලමු උබ කොහොමද කෙල්ලට අත තියන්නෙ කියලා

අවුරුදු ගානකට කලින් ජියා අක්කාට අත උස්සපු කොල්ලව හොයාගෙන මම උගෙ නියපොත්තෙන් නියපොත්ත ගැලෙව්වා

අර ටැටූකාරයා මේ කොල්ලා නෙමේ මොකෙක් උනත් මට වැඩක් නෑ JL ට අයිති දේකට අත තියබ්බොත් ඒක තමන්ගේ මරණ සහතිකේ තමන්ම ලියා ගන්නවා වගේ දෙයක්
එමී දැන් මගේ අක්කා වගේම මට එයාවත් වටිනවා හේතුවක් නොදැන උනත් එයාට හානියක් වෙනවට මම කැමති නැහැ

🖤 කෙල්ලට මන් නැති තැන මූ ඇගිල්ලල් හරි තිබ්බොත් මට කතා කරපන් උබලා මුකුත් කරන්න එපා

- ඕකෙ බොස්








🙂 ඔය පොටෝ එකේ ඉන්නේ JL ලු
හැම මනුස්සේක්ටම දෙපැත්තක් තියෙනේ




You are reading the story above: TeenFic.Net