<23>

Background color
Font
Font size
Line height

පන්තියට ගිය වෙලේ ඉදන් මම මුකුත් දන්නෙ නෑ වගේ පොත දිහා බලන් හිටියා ක්ලාස් එකේ ලමයි කියන එක එක ඒවා ඇහුනත් මම ගනන් ගත්තෙ නෑ

🐛 හේයි....හෙට කොන්සට් එක ඔයාට ටිකට් ගත්තද

ගුඩ් ජොබ් නේහා ඔයා ඕක අහනකල් තමයි මම බලාගෙන හිටියේ නේහා මගේ මේසේ ඉස්සරහ අත් දෙක බැදගෙන ඉද්දි එයාගෙ වටේ ඉන්න කෙල්ලො ටික මට පේන්න ටිකක් වලින් පවන් ගගගා හිටියා
මාත් පොත පිටිපස්සෙ තිබ්බ ටිකට් තුන අතට අරන් සද්දෙන් මේසෙ උඩින් තිබ්බේ නේහාගේ වගේම ක්ලාස් එකේ ඔක්කොගෙම ඇස් උඩ යද්දි මොකද හැමෝම දන්නවා විකීගේ කොන්සට් එකේ ෆස්ට් ක්ලාස් ටිකට් එකක් තියා නිකන් ටිකට් එකක් ගන්නත් අමාරුයි කියලා ඒත් ඒක මට හරීම සුදු දෙයක්

🐛 වට්....මේවාත් බොරු ඒවද

🌸 අපි කොන්සට් එකේදි හම්බෙමු නේහා

🐛 ඕකේ....ඕවා බොරු ඒවා කියලා මට නම් සීයට අනූ නවයක් ශුවර්

🌸 ඒ කියන්නේ ඔයා සීයට එකක් හිතනවා මේක ඇත්ත කියලා

නේහා ආය ගස්සන් පුප්පන් යද්දි මම ටිකට් දෙකක් යූරා නෝරා දෙන්නට දුන්නා

🌼 ඇත්තටම කොහෙන්ද ඔයා ටිකට් හොයාගත්තේ

🌸 ඇතුලේ මගේ යාලුවෙක් ඉන්නවා

🌻 තෑන්ක්ස් හොදේ

🌸 ඒක ගානක් නෑ එහෙනම් හයට සෙට් වෙමූ

යාන්තම් ඒ වෙලාවේම ටීචර් ආවා නැත්තම් මට ප්‍රශ්න ගොඩකට උත්තර දෙන්න වෙනවා
දවසක මේ රහස ලෝකෙට එලි උනාම මොන වගේ දෙයක් වෙයිද???
ඒක මම කොච්චර කල්පනා කරත් සැලකිය යුතු උත්තරයක් නම් මට හම්බෙන්නෙ නැ



___________________________



කොන්සට් එකට යන්න ඔක්කෝම ලෑස්ති කරන් මාත් ලෑස්ති වෙලා ගෙදර ගේට්ටුව ගාවට වෙලා හිටියේ නෝරා යූරා දෙන්නා මාව ගන්න එනකල්

🖤 කලුවර වැටිලා තියෙද්දි තමුසෙ කොහෙද යන්නේ

🌸 මම කොන්සට් එකකට යනවා....මේහ් සංගීත සංදර්ශනයක් දොරවල් වහන් නිදාගන්න මම එන්න පරක්කු වෙයි

🖤 මොන මගුලෙ ගියත් මට කමන්නෑ එකොලහට කලින් ගෙදර එනවා

මට තර්ජනයක් දාගෙන එයා ආය ගේ පැත්තට ගියා ය්කෝව් වෙලාවකට හිතෙනවා මේ ඉන්නේ අයියලා එවපු ඔත්තුකාරයෙක් කියලා මාර සැරක්නෙ තියෙන්නෙ මතකෙ නැති උනාට කට නම් තිනවා නිකම් මැරයෙක් වගේ..... මොනා උනත් එකොලහට කලින් ගෙදර එන්න ඕන එයාර බයකට නෙමෙයි රෑ වෙනකල් එලියේ ඉන්න හොද නැති හින්දා

නෝරා යූරා දෙන්නා ඒ දෙනගේ ඩ්‍රයිවර් එක්ක මාව ගන්න ආවා අපි තුන් දෙනාම ගිහිල්ලා ඉස්සරහම සීට් වල වාඩි උනා හරීම දෛවෝපගත විදිහට නේහලා හිටියේ අපිට එහා පැත්තේ සීට් එකේ

🌸 හලෝ නේහා ඉතින් කොහොමද

🐛 හහ් සිකුර්ටි එකේ කොල්ලෙක්වත් ගෙදරට ගෙන්නගෙනද මෙතෙන්ට ආවේ

මේ වෙලාවෙම හොද කනේ පාරක් දෙන්න ඕන උනත් තැන ගැන හිතලා මම අමාරුවෙන් මාවම පිලිගත්තා

-: පිලිගන්න වේදිකාවට විකී ශර්මන්.......

ජෙයියනේ මේ ගෙදර ඉන්න හොටු කොල්ලමද??

දවස් දෙකට කොන්ඩේ පාටත් වෙනස් කරලා ගෙදරදි කොට කලිසමයි ශර්ට් එකයි දාගෙන යූවී එක්ක මරාගන්න කෑ ගහලා දෙවනිගෙන් බැනුම් අහන විකී අයියා අද නම් වෙනම ලෙවල් එකක ඉන්නේ කලු පාට එව්වා මෙව්වා එල්ලෙන ඇදුමක් ඇදගෙන ඉන්න එයා නිකම් ප්‍රින්ස් චාමින්ස් පාර්ට් 5 වගේ ( මට ප්‍රින්ස් චාර්මින්ග් ලා 6 ක් ඉන්නවනේ )

ගෙදර හිටිය ගොන් කොල්ලා ස්ටේජ් එකට ආවම සම්පූර්නයෙන්ම වෙනස් පුදුමයක් නෑ මෙච්චර කෙල්ලෝ මෙයාට කැමති එක කාටද ඉතින් ආඩම්බර මේ චූටි නංගිට තමයි

මේ මම විකීගේ කොන්සට් එකක් බලන පලවෙනි පාර විකීගේ කොන්සට් එකක්වත් යූවීගේ ඩ්‍රාමා එකක්වත් මම බලලා නැ
හැබැයි අද මම හිතාගත්තා ගෙදර ගිය ගමන්ම යූවීගේ ෆිල්ම් එකකුත් බලනවා කියලා මගේ අයියලා මේ තරම් දක්ශයි කියල මම දන්නෙ අදනේ

කට ඇරන් විකී දිහා බලන් ඉන්න නේහා ගැන නම් මට ගොඩාක් දුක හිතුනා එයා දන්නවා නම් එයා ඉස්කෝලේදි කරදර කරන කෙල්ල මේ සුපර් ස්ටාර්ගේ නංගි කියලා වහ නෙමේ කන්නේ...

විකී දිහා බලාගෙන මනෝපාරක් ගහන් හිටිය මම මේ ලෝකෙට ආවේ ඕඩියන්ස් එකේ කෑ ගැහිල්ලට

හැම කොන්සට් එකකදික ඩාන්සර්ලා / සිගර්ස්ලා ඒ ගොල්ලෝ අහම්බෙන් තෝර ගන්න ෆෑන් කෙනෙක්ට රෝස මලක් දෙනවා මන් දන්න විදිහට විකී මීට කලින් කාටවත් රෝස මලක් දීලා නෑ එකපාරක් ඒ රෝස මලක් යූවිට දීලා හෙන මරාලයක් කඩා පාත් නා ඒ දවස් වල ප්‍රසිද්දම නිවුස් එක
"සුප්‍රකට ගායකයාගේ සහ සුප්‍රසිද්ධ නලුවෙකුගේ අසම්මත ආදර අන්දරය" කියලා
පස්සේ ඒ දෙන්නා කොහොම හරි ඒක සමතයකට පත් කරා මේ යන විදිහට අපි සහෝදරයෝ කියලා දැනගත්තොත් ඔක්කොටම වහ කන්න වෙන සීන් එකක් යන්නේ

මුලු ඕඩියන්ස් එකම කෑ ගහද්දි විකී ස්ටේජ් එක ගාව රෝස මල් දාලා තිබ්බ වාස් එකක තිබ්බා රෝසයි රතුයි මිස්ක් වෙච්ච ‍රෝස මල අතට ගත්තා මම ඇරෙන්න මුලු ඕඩියන්ස් එකම හූ කියනවා මාත් බලන් හිටියේ විකී මගේ අනාගත නෑනට වත් ප්‍රපෝස් කරන්න හදනවද කියලා

එයා ස්ටේජ් එකෙන් බැහැලා ඇවිදන් ආවේ අපි ඉදන් හිටිය පැත්තට විකී නේහාට ඇරෙන්න ඕන කෙනෙක්ට ඕක දෙන්න ඔය මල නේහාට දුන්නොත් මම තමුන්ගේ කෙස් ගහෙන් ගහ ගලෝනවා

අපේ සීට් පේලියේ හිටිය කෙල්ලෝ ටික දලබුවෝ ගෑවිලා වගේ කෑ ගහද්දි විකී රෝස මල කෙලින්ම දික් කරේ මට

ජෙයියනේ අයියේ ඔයාගේ ෆෑන්ලා මාව කෑලි කපාගෙන කයි මෙහෙම ගියොත්

🦊 මේක ගන්නවා සුදූ මට නිදිත් මතයි

විකී හිමිට කිව්වා....වාසනාවට මයික් එක ඕෆ් කරලා තියෙන්න ඇත්තේ මම සෝක් රැවිල්ලක් දාලා එයාගේ අතින් රෝස මල ගත්තා ඒ මම ආසම ජාතුයේ රෝස මලක් ටැංකූ මගේ මෝඩ අයියේ

ඕඩියන්ස් එකේ කෙල්ලෝ පිස්සු හැදිලා වගේ කෑ ගහද්දි මම රෝස මල අල්ලගෙන විකී දිහා බැලුවේ මේක ප්‍රසිද්දියෙම දෙන්න ඕනද කියලා අහන්න වගේ

ඒ ගොං වස්සා මට හිනා වෙලා ආය ස්ටේජ් එකට නැග්ගා වටපිටේ මොනාද වෙන්නෙ බලන්න ඔලුව කරකවද්දි කම දැක්කේ ජුලියන් ව
එයා මොකද මෙහේ කරන්නේ????












😌👍සුදු මහත්තුරු හය දෙනාගේ තාත්‍තා



එයාගේ වයිප්




වික්ටර් බාප්පා


You are reading the story above: TeenFic.Net