<2>

Background color
Font
Font size
Line height

ඉස්කෝලේ ඉවර වෙලා නෝරා යූරා දෙන්නගෙන් සමු අරගෙන මම ගෙදර ආවා ඉස්කෝල මාරු කරන හැමපාරම ඉස්කෝලෙට ලගින් හැම දේම තියන ගේකුත් එයාලා මට ගන්නවා මාව බලන්න හොරෙන් හොරෙන් එන්නෙත් මේ ගෙදරට තමයි

ඊයේ ගෙදර බඩු ඔක්කොම අස් කරගත්ත නිසා හොදයි තට්ටු දෙකක ලොකු ගෙදර මම කොහොම තනියෙන් ඉන්නද මන්දා

එතකොටම මගේ ෆෝන් එක රින්ග් උනා

( 🌸 Emmy
🌻 Noora
🌼 Yoora

🦁 Deric
🐯 Jeram
🐻 Eric
🐺 Recx
🦊 Vicky
🐹 Yuwi )

🌸 📞 හලෝව්

🐻 📞 හලෝ රෝස මල....කොහොමද අද දවස

🌸 📞 අවුලක් නෑ මට යාලුවෝ දෙන්නෙක් හම්බුනා ඒ දෙන්නා ට්වින්ස්ලා

🐻📞 වාහ් කෙල්ල දියුනු වෙලානේ ඔයා යාලුවෙක් හොයාගත්තා කිව්ව පලවෙනි පාරද මන්දා ඔය

🌸📞 මම හිතනවා ඒ දෙන්නා මට යාලුවෝ වෙයි

🐻📞 අනිවාර්යෙන්ම....එහෙනම් පැටියෝ මම තියන්නම් හොදේ පොඩි වැඩක් තියනවා

🌸📞 හරී පරිස්සමට ඉන්න බායි

🐻📞 ඔයත් පරිස්සමට ඉන්න පැටියෝ

ෆෝන් එක පැත්තකට විසික් කරලා මම සෝෆා එකේ ඇල උනා මම ගොඩක් ආසයි ගොඩක් වෙලා මගේ සහෝදරයෝ එක්ක ගත කරන්න

🌸 මට ඕන අයියලා එක්ක ගොඩක් වෙලා ඉන්න..... ඒත් ඒගොල්ලෝ හැමවෙලේම බිසී එයාලගේ හීන වලට ගියා කියලා එයාලගෙම චූටි නංගිව මෙහෙම තනි කරන එක හරිද..... ඔයාලව අන්තිමට දැක්ක දවසක්වත් මට මතක නෑ වීඩියෝ කෝල් ගත්තා කියලා ලග ඉන්න හැගීම දැනෙන්නෑ...මට හරි පාලුයි

හැමදාම වගේ තනියම කතා කර කර තනියම අඩලා මම එතනින් නැගිටලා ගියේ නාගන්න

මම දන්නවා අයියලා මට ගොඩක් ආදරෙයි එයාලා ගත කරන කාර්යබහුල ජීවිත එක්ක දවසකට අඩුම ෆෝන් කෝල් එකක්වත් දෙන්න එයාලා අමාරුවෙන් හරි වෙලාව හොයා ගන්නවා මට ඕනේ ඔය හය දෙනා එක්ක ඉන්න උනත් ඔයාලට එහෙම ඉන්න අමාරුයි ඒත් මම ඔයාලට මා ගාවට එන්න කිව්වොත් ලෝකෙට බම්බු ගහගන්න කියලා ඔය හය දෙනාම මා ගාවට දුවගෙන එයි ඒකමයි මම එහෙම නොකියන්නෙත් මම කැමති නෑ ඔයාලගේ ජීවිත වලට බරක් වෙන්න



✨✨✨✨✨✨✨✨✨✨✨✨

ඉස්කෝලේ දෙවනි දවස
පලවෙනි දවස කොහොමත් සාමාන්‍යෙන් ගෙවෙනවා යුද්දෙ පටන් ගන්නේ දෙවනි දවසේ ඉදන් මේ එමී කිසිම දේකට බය කෙල්ලෙක් නෙමෙයි කියන්න බෑ මොකද මම ගොඩක් දේවල් වලට බයයි
ගෙදර තිබ්බේ පැය කාලෙන් ඉස්කෝලේ ‍යන දුර උනාට ගෙදර ස්කූටියයි කාර් එකයි දෙකම තියනවා මට ලයිසන් නම් නෑ ඒත් ලයිසන් තියන අයට වඩා හොද ඩ්‍රයිව් කරන්න දන්නවා

🌻 එමී ගුඩ්මෝනිම් කෙල්ලේ

🌸 ගුඩ්මෝනිම් දෙන්නටම

🌻 ඔයාට තාම අපි දෙන්නව වෙන් කරලා
අදුරගන්න අමාරුයි නේද

🌸 ඔව්...ඒත් මට ඉක්මනට ඔයාලව වෙන් කරලා අදුරගන්න පුලුවන් වෙයි

🌻 අනිවාර්යෙන්ම යූරා....යූරා....යූරා ඒයි

යූරාට කෑ ගහලා බැරිම තැන නෝරා යූරා කියව කියව හිටිය සගරාව උදුරලා ගත්තා

🌻 වාව් වාව් වාව්...

🌸 මොකක්ද පුදුම වෙන්න තියෙන්නේ

🌼 ඔයා දන්නවද ඔය පත්තරේ ගැන

🌸 ඔව් පත්තරේ නම හෑව් අ නයිස් ඩේ හැමදාම දාන පත්තරයක්නේ

🌼 ඒක නෙමේ කෙල්ලෙ මේක

යූරා ආය නෝරාගෙන් පත්තරේ උදුරගෙන මට පත්තරේ මුල් පිටුව පෙන්නුවා....ඒක දැක්කම නම් මගේ ඇස් දෙක නලලට ගියා
පත්තරේ කවර් එකේ තිබ්බේ මගෙ අයියලා හය දෙනාගේ රූපයක් බැරිවෙලාවත් මෙයාලා සහෝදරයෝ කියලා කට්ටිය දැනගෙනද???

ටේ ප්‍රසිද්ද චරිත හයක් එක දිනකදී නැවත සිය රටට පැමිනෙයි

ලොකූ අකුරෙන් පත්තරේ තිබ්බේ එහෙම ඒ කියන්නේ අයියලා ඔක්කොම එකපාර එනවද???
මට මතක විදිහට අපි ඔක්කෝම එක රටක හිටියේ මීට අවුරුදු දෙකකට කලින් ආය ඒගොල්ලො එනවා මට හිතාගන්න බෑ උඩ පැනලා නටන්න ඕන උනත් මම අමාරුවෙන් ඉවසගෙන හිටියා
එතකොටම මගේ ෆෝන් එක රින්ග් උනා
අපිට ඉස්කෝලේ පෝන් එක ගේන්න අවසර තියනවා පාලනයක් ඇතුව ඒක පාවිච්චි කරන්න අපි දැනගන්න ඕන

🌸📞 හලෝව්

🐹📞 හලෝ හලෝ පුන්චි පැංචී ඔයාගේ කට හඩින් නම් පුදුම වෙලා වගේ

🌸📞 ඔව්ව් ඒක ඇත්තක් නේද???

🐹📞 මම ඔව් කිව්වොත්

🌸📞 හුරේ....

🐹📞 අද රෑට උයන්න එපා මොකක් හරි සමනල් ගැටයක් ගහන් රෑට අපි හය දෙනාම එන්නම්

🌸📞 එහෙනම් රෑට හම්බෙමූ...

🐹📞 ඉස්කෝලේ නේ ඉන්නේ අනික් අයට මම කියන්නම් කෝල් කරන්න එපා කියලා

🌸📞 හරේ

🐹📞 එහෙනම් පැංචී මම ගියා

🌸📞 හරේ

මම කෝල් එක කට් කරද්දි පන්තියෙන් බාගයක්ම මන් දිහා බලාගෙන

🌸 අ.....ඔයාලා මොකද ඔහොම බලාගෙන ඉන්නේ

🐛 ඇත්ත කියනවා ඕක ෆේක් එකක් නේද

නේහා රවාගෙන මගේ පැත්තට ආවේ මට මොනාද වෙන්නේ කියලා හිතාගන්න බැරුව ඉද්දි මම වැරදි දෙයක් කිව්වා වත්ද


You are reading the story above: TeenFic.Net