<12>

Background color
Font
Font size
Line height

🖤 ම්ම්හ්හ්

කව්ද ඒ කෙදිරි ගාන්නේ ආශ් බෙල්ල....මම කොහෙද නිදාගෙන තියෙන්නේ ලොකූ ඈනුමක් ඇරලා මම වට පිට බැලුවේ ඇදට ඔලුව තියන් ඇද ගාව ඉදගෙන නිදාගෙන තියෙන්නෙ මම යුනිෆෝම් එක වොශ් රූම් එකේ දොරේ එල්ලලා සුපුරුදු කොට කලිසමයි ශර්ට් එකයි ඇදන් මන් දොයි
වෙලාව අටයි ඉස්කෝලේ ‍යන වෙලාව පහු වෙලා ඔන්න ඔහේ ආය නිදාගන්න හදද්දිම

🖤 මේ කොහෙද

මගේ ගෙදර කොල්ලෙක්???
Wait...
ඊයේ රෑ උන දේවල් ඔක්කෝම ෆිල්ම් එකක් වගේ ඔලුවේ මැවෙන කොට මන් ටාර් ගාලා නැගිට්‍ටා මේ මනුස්සයව ඉන්න තැනකට යවන්න ඕන කොහොම හරි

🌸 ඔයාට කොහොමද දැන්
ඔලුව රිදෙනවද
බඩ ගිනිද

කන්න දෙයක් ඕනද
පොලිසියට යන්ද
හොස්පිට්ල් ‍යන්ද
ඔයා කොහෙද
ඔයාට ගෙදර යන්න ඕනෙද

🖤 මේ කොහෙද කියලා

එකපාර නැගිටලා මේ මනුස්පයා මගෙ බෙල්ලෙන් අල්ලන් බිත්තියට තද කරා කල හොද බෙල්ලෙ එල්ලෙනවා කියන්නේ මේකට වෙන්න ඇති ය්කෝව් මන් තමුසෙව බේරගත්තේ

🌸 කැහ්...කැහ් මන් ඔයාව බේරගත්තෙ කව්ද ඔයාට යකඩ පොල්ලෙක් ගහද්දි

🖤 ඇත්ත කියනවා

🌸 අහ්හ් ඇත්ත කැහ් තමයි ඕයි අම්මෝ

එයා එකපාර මාව අත ඇරියා හම්මෝව් ගුටි කාලා ඉදගෙනත් මාර හයියක්නෙ තියෙන්නේ නිකම් යකඩ අඩුවකට අහු උනා වගේ

🖤 මේ කොහෙද

🌸 මගෙ ගෙදර ඔයාට ගෙදර යන්න ඕනද

🖤 මම කව්ද

🌸 දන්නෑ

🖤 මාත් දන්නෑ

මල මගුලයි කාපු පාරට මතකෙවත් නැති වෙලාද

🌸 අපි පොලිසියට යමුද

🖤 බෑ

🌸 ඇයි

🖤 ඔයා කිව්වා මට මනුස්සයෙක් යකඩ පොල්ලකින් ගැහුවා කියලා ඒ ගොල්ලො මාව හොයා ගනී මට මතකෙ ලැබෙනකල් මම මෙහෙ ඉන්නවා

ඒකා ඇදේ ඉදගත්තා හහ් නිකම් එයාගේ ගෙදර වගේනේ මනුස්සයෙක් එක්ක හිනාවෙන්න තැන්ක් යූ කියන්න දන්නෙ නැති පිසාචයෙක්ද මන්දා

🖤 මොකද බලන්නේ

හම්මෝව් රැව්වා රැවිල්ලක් ඔහොම රවන්න ඕන්නෑනේ ඉතින් මන්නෙ ඔයාව බේරගත්තේ නමක් ගමක් නොදත් එකාට විරිත්තලා මම කාමරේ අල්මාරියේ තිබ්බ ඇදුම් වගයක් එයාට පෙන්නුවා කපපු කලිසමක් ඇදන් ඉන්න බෑනේ

🌸 ඒයි මංමුලා වූ මිනිසා මේකේ ඇදුම් තියනවා කවුරුත් ඇදලා නෑ ඔක්කොම කලු

🖤 හ්ම්ම් මට බඩගිනියි... මම මෙහෙ ඉන්නවා කියලා තමුසෙ කාටහරි කියලා තිබ්බොත්....

🌸 කියලා තිබ්බොත්..... කට කුඩු කරනවද නැත්තම් ඔලුව කුඩු කරනවද

🖤 තමුන්ට හිතාගන්නවත් බැරි වෙයි

අපි බය වෙයි ඕවට හහ් ඕවට එන්න එපා මල්ලි හරිත මේ එමී කියන්නේ කොල්ලෝ පිලිබද විසේසඥයෙක් නාන බේසමට කක්කුට්ටෝ දානවා වැඩිය කෑ ගැහුවොත්

හිතුවා විතරයි කියන්න ගියේ නෑ නිදාගෙන ඉද්දි රෝස මල වගේ හිටියට ඇහැරුනාම නිකම් යකෙක් වගේනේ කොයි වෙලෙත් රවාගෙන ඔලුවට වැදුන පාර හින්දද දන්නෑ පව් අහින්සකයා

පෙරේදා ගෙදර තිබ්බ කැරට් අලේ ඉදන් අයියලා කාලා දාපු නිසා මට උදේම කඩේට යන්න උනා මට යන්න තිබ්බේ ෆ්ලිරෝ කැෆේ එක පහු කරගෙන ඊයේ උන දේ ගැන කිසි සලකුනත් කැෆේ එක ගාව තිබ්බෙ නෑ අඩුම ලේ පැල්ලමක්වත් ඒ කියන්නේ මගේ ගෙදර ඉන්න කොල්ලව මරන එක ඒ ගොල්ලොන්ට ගොඩල් විශේශ දෙයක්ද බැරිවෙලාවත් මගේ ගෙදර ඉන්නේ නරක කෙනෙක්ද??

කඩේට ගිහිල්ලා එන ගමන් ෆ්ලිරෝ කැෆේ එක ඉස්සරහ කානුවේ මීට කලින් නොදැක්ක දෙයක් මම දැක්කා අමුතු දෙයක් තිබ්බොත් බෙල්ල ගහලා ගියත් ඒක හොයන්න ඕන නිසා මම අතේ තියන බඩු බිමින් තියලා කානුව අස්සට අත දාලා ඒකේ තිබ්බ එක ගත්තා

වෙස්මූනක්??
ම්ම්ම් වෙස්මුනක් කොහෙන්ද මෙතෙන්ට හැබැයි මීට කලින් මන් මේ ජාතියෙ එකක් දැකලම නෑ නිකම් වීදුරු වගේ හුම්ම් අයිතිකාරයෙක් නෑ වගේ ඒ හින්දා මම මේක අරන් යනවා

I wanna be you stay
Ohh stay ohh....
හයෝව් ඒ පාර කව්ද

🌸📞 හලෝව්ව්

🦊📞 චූටී අද උදේ ඉස්කෝලේ ‍යනවා කිව්වා නේද

🌸📞 ඕ ඕ

🦊📞 උදේ ඉස්කෝලේ ‍යනවා නම් මේ වෙලාවේ ඔයා ෆෝන් එක ආන්සර් කරන්නෙ කොහොමද

🌸📞 ආ...මේ

🦊📞 බොරු කියන්න ලෑස්ති වෙන්න එපා චූටී මම ලොකූටත් ඔය මායම් ටිකම දාලා තියනවා ඉස්කෝලේ කට් කරද්දි

🌸📞 මේහ්

🦊📞 කානු අස්සේ බඩගෑවේ ඇයි

🌸📞 මොකක් ඔයා කොහොමද

🦊📞 අපි ඔයාට පේන්න නාවට ඔයා වටේ ඉන්නේ ගෙදර කෑම අපි ඉවර කරපු නිසා බඩු වගයක් ගන්න මන් ආවේ

🌸📞 ඕහ්

🦊📞 ඉක්මන්ට ගෙදර යනවා මම එන්නම්

🌸📞 ඒ අයියේ මේ ඉන්න

ටීක්... ටීක්

මල මගුලයි නමක් ගමක් නොදන්න මනුස්සයා ගෙදර නේද අයියට එයාට අහු උනොත්....

නෑ නෑ නෑ මම එයාව හන්ගන්න ඕනේ


You are reading the story above: TeenFic.Net