12 කොටස

Background color
Font
Font size
Line height

" අ....ධ්‍යා....ශ්...ඇයි.....ඇයි ප්....පර...ක්කු ම්ම්ම්.....මගෙ....ම....ගෙ පොඩි එ....කීව බේ...රගනිම්......"

අකුරු ගැට ගගහා කතා කරපු අභිමාන් දිහා මම බලන් හිටියෙ දරාගන්න බැරිතරම් වේදනාවකින්...ජිවිතෙ දෙවනි වතාවටත් මගෙ ඇස් ඉස්සරහා මම ආදරෙ කරන කෙනෙක් ලේ ගංගාවක ගිලිලා ඉන්නවා දකිනකොට මගෙ පපුව පුපුරන්න තරම් වේදනාවක් දැනුනා...ලේ වලින් වැහිලා ගිහින් තිබුන අභිමාන්ගෙ අතක් මම මගෙඅතකින් තද කරලා අල්ලගන්නකොට අනේ ඌ අමාරුවෙන් වෙනදා වගේම කට කොනකින් හිනා උනා..හරියට උබ බයවෙන්න එපා අධ්‍යාශ් කියන්න වගෙ...

" මට විනාඩි පහක් දියන් අභී...උබේ කෙල්ල උබෙ ලග ඉදී..."

මම අභිමාන්ව කෙලින් කරලා එතන තිබ්බ කනුවකින් හේත්තු කරා...හිතෙ තිබ්බ තරහා අභිමාන් ඉන්න තත්වෙ එක්ක තිබ්බටත් වඩා සියදහස් ගුනෙකින් වැඩිවෙනකොට මම ජයරත්න දිහා බැලුවා...

" ටෙවින් පුතා...ජීවිතේට දුර්වලකම් තියෙන්න නරකයි...බලන්න සිංහයෙක් වගෙ හිටපු ඔයාගෙ බොඩිගාඩ් බල්ලෙක් වගේ වැටිලා ඉන්න විදිහ...මුලු කොලබම හොල්ලන් ඉන්න ටෙවින් මන්ත්‍රිතුමා මගෙ කකුල් දෙක ලගට ආපු විදිහ...පුතා එකයි මම කිවෙ ජිවිතෙට දුර්වලකම් තියෙන්න නරකයි කියලා ම්හ්....."

මම මගෙ කට කොනකින් හිනාවෙන ගමන් අඩියෙන් අඩිය ජයරත්න ලගට ගියා...මම තියන අඩියක් ගානෙ ඌ කරෙ ඌ ඉස්සරහට දාන් හිටපු පපුව තව තවත් ඉස්සරහට දාගත්තු එක...ම්ම් උබ කියන කතාව ඇත්ත....ජිවිතේට දුර්වලකම් තියෙන්න නරකයි...එහෙමයි කියලා අපි ආදරෙ නොකර ඉන්න ඕනද...ආදරෙ කරන මිනිස්සු ලගින් තියාගන්න බැරිද...දුර්වලකම උනත් පන වගෙ රකින්න පුලුවන්නම් වෙන්න ඔන එච්චරයි, එහෙම නෙවෙද...

" ලමයා කොහෙද ජයරත්න ම්ම්..මට කියපන් පොඩි එකී කොහෙද ඉන්නෙ කියලා...මගෙයි උබගෙයි කතාව අතරට ඇයි පොඩි කෙල්ලක් අරන් ආවෙ ම්ම්...ජයරත්න ඒ කෙල්ල තමා මම ආදරෙ කරන එකා වැඩිපුරම ආදරෙ කරන කෙනා...මට කියපන් ජයරත්න උබට කොහෙ තියන හයියක්ද මගේ දේවල් වලට අත තියන්න ම්ම්ම්ම්........"

අතට අහුවුන යකඩ පොල්ල මම අතට අරන් ඒක කරකවන ගමන් ජයරත්නට අඩි දෙක තුනක් ඉස්සරහින් හිටගත්තා....අතට ගත්ත යකඩ බටෙත් ලේ ගැවිලා...ම්ම්ම් උබ මගෙ එකාට රිද්දුවෙ මේකෙන්....පොරොන්දු වෙනවා උබට මම දෙන්නෙ ලේසි මරනයක් නම් නෙවෙ ජයරත්න.....

" මගෙ එකාගෙ ලේ....ජයරත්න මේ බටෙ තැනින් තැන තියෙන්නෙ මගෙ පනට අයිතිවාසිකම් ඉල්ලන එකාගෙ ලේ....මට කියපන් ම්ම්...මට කියපන් මම උබට දෙන්න ඕන දඩුවම මොකද්ද..."

යකඩ පොල්ලෙන් මගෙම ඔලුව පිටිපස්සට තල්ලු කරන ගමන් මම අනික් අත මගෙ ඉනට තියාගෙන ජයරත්න දිහා බලන් හිටියා...නොපෙන්නුවාට ඒකා ඉන්නෙ මරන බයෙන්.. ඌ නොදන්නවා නෙවෙ ටෙවින් කියන්නෙ මොකාද කියන්න....

" ජයරත්න උබ කිවනෙ අර ඉන්නෙ මගෙ දුර්වලකම කියලා...හරි...උබ හරියටම හරි....මම උබට අනතුරු අගවලා තිබ්බෙ ම්ම්ම්....අතක් තිබ්බොත් මරනවා කියලා කිවෙ නැද්ද...මරනවා කිවොත් මරනවම තමා ජයරත්න........මට කියපන් කෙල්ල කොහෙද කියලා...."

" නොකිවොත්....නොකිවොත් මොකද කරන්නෙ ටෙවින් පුතා........"

මම කටකොනින් හිනාවෙලා අතෙ තිබ්බ යකඩ පොල්ල තද කරලා අල්ලලා උඩට ඉස්සුවෙ නොකිවොත් ඌට වෙන දේ කරලා පෙන්නන්න උනත් එක පාරටම ඇහුන අඩන සද්දයක් එක්ක මම මාවම නවත්තගත්තා...

අවුරුදු දහතුනක වගෙ පුංචි කෙල්ලක් ජයරත්නයගෙ මිනිස්සුන්ගෙ අත් වලට හිරවෙලා...ඒ කෙල්ල අභිමාන් දිහා බලාගෙන හුස්ම හිරකරන් අඩනකොට ජයරත්න ලමයාගෙ පැත්තට ඇවිදගෙන ගියා....කෙල්ලට හීරිමක්වත් වෙලා නැතත් කෙල්ල බයවෙලා නිසාම හුස්මවත් නොගෙන අඩනවා....මගෙ අභිමාන් වගේම කෙලි පැටියෙක්...අභිමාන්ගෙ පාටම අරගෙන අභිමාන්ගෙ ඇස් දෙකම තියන කෙල්ලක්...අභිමාන්ගෙ අතීතෙ ගැනවත් මේ කෙල්ලයි අභිමානුයි අතර තියන සම්බනදයක් ගැනවත් හරියට නොදන්න මගෙ හිත එක පාරටම අමුතුම දුකකින් පිරිලා ගියා...බැරිවෙලාවත් මේ අභිමාන්ගෙ දරුවෙක්ද...

" අප්පච්චියෙ....අනේ මාව බේරගන්නකො....අප්පච්චි....අනෙ මාව....බේරගන්නකො....."

කෙල්ල අභිමාන් දිහා බලාගෙනම අප්පච්චි කියනකොට මගෙඅතෙ තිබ්බ යකඩ පොල්ල බිමට අත ඇරුනෙ මුලු  ගබඩාවම නිශ්ශබ්ද කරන ගමන්...

" අධ්‍යාශ්...මගෙ...මගෙ කෙල්ලව...ම..ගෙ කෙල්ලට ඌ රිද්..දයි අධ්‍යාශ්..."

අභිමාන් වාඩිවෙලා හිටපු තැනින් අමාරුවෙන් නැගිටින ගමන් කියනකොට හරි සිහියට ආව මම කෙල්ල ලගට යන ජයරත්නගෙ බෙල්ලෙන් ඇදලා අරන් කන පුපුරන්න එකක් ගැහුවා..ජයරත්නයා විසිවෙලා ගිහින් ගෑස් සිලින්ඩර ගොඩක් පෙරලගෙන වැටුනා...ජයරත්න ආයෙම නැගිටලා මගෙ ඉස්සරහින් හිටගන්නකොට මම ජයරත්නගෙ බෙල්ල තද කරලා අල්ලගත්තා...

" කෙල්ලව අභිමාන් ලගට යවපන් ජයරත්න..උබෙයි මගෙයි ගනුදෙනු අපි අතර තියාගනින් ම්ම්...එපා මගෙ උන් මෙවා අතරට අරන් ඇවිල්ලා මාව මාරයා කරගන්න...."

ජයරත්නට මොන මගුල කිවත් වැඩක් උන්නැ ඌගෙ මූනෙ තිබ්බ හිනාව එහෙමමයි...ඌගෙ හිනාවට මගෙ කෙන්තිය තව තවත් ඇවිස්සුනත් මම මාවම පාලයනය කරගත්තෙ මේ වෙනකොටත් අභිමාන්ගෙයි පොඩි කෙල්ලගෙයි දෙන්නගෙම ජිවිත ජයරත්න අතෙ තිබුන නිසා...මම ජයරත්නයට ගහපු පලවෙනි කම්මුල් පාර නිසාම මේ වෙනකොටත් ජයරත්නගෙ මිනිස්සු අභිමාන්ගෙයි කෙල්ලගෙයි ඔලු වලට ගන් තියාගෙන හිටියෙ ආයෙම ජයරත්නට අතක් හරි තිබ්බොත් මට උන් දෙන්නම නැති කරන බව දැනෙන්න දෙන්න වගෙ.....

මම ජයරත්නගෙ බෙල්ල හෙමිහිට අතාරිනකොට ජයරත්න මාව පිටිපස්සට තල්ලු කරලා මහ හයියෙන් හිනා උනා...

" ටෙවින් පුතා...මට දැනෙන සතුට වචන කරන්නෙ කොහොමද...හහ් ටෙවින් පුතා හැංගුවට ඔය ඇස් වල තියන බය මට පේනවා...නොපෙන්නුවට ඔය අත් වෙව්ලන හැටි මට පේනවා...ටෙවින් පුතා කොලබ අල්ලන් ඉන්න පුංචි මන්ත්‍රිතුමා බය කරන්න ලොකු ලොකු දෙවල් ඔන්නෑනෙ බලන් යනකොට....."

" ජයරත්න උබට විදවන්න වෙනවා...අරූගෙන් හැලුන එක ලේ බින්දුවක් ගානෙ අර පුංචි කෙල්ලගෙන් වැටෙන කදුලක් ගානෙ උබ විදවනවා...විශ්වාස කරපන් මම උබට මිහිපිට අපාය පෙන්නනවා....."

" ඒ උබ ජිවත් උනොත්නෙ පුතා...."

ජයරත්න ආයෙම සැරයක් මහ හයියෙන් හිනා වෙන්න ගන්නකොට මම මගෙ ඉනෙ තිබ්බ ගන් එක ගන්න ගියත් එක පාරට මගෙ පිටිපස්සෙන් ඇහුන වෙඩිල්ලක සද්දෙත් එක්ක මම පිටිපස්ස හැරුනා...උන් මගෙ අභිමාන්ගෙ උරහිසකට වෙඩි තියලා...ලේ වලින් පෙගිලා ගිහින් හිටපු මගෙ අභිමාන් ආයෙම ලේ ගංගාවකට යට වෙනකොට මට කර කියාගන්න දෙයක් නැති උනා...මෙච්චර වෙල තිබුන හැම හයියක්ම නැතිවෙලා යනකොට ජිවිතෙ පලවෙනි වතාවට පිට උන් ඉස්සරහා මගෙ ඇස් වල කදුලු වාන් ඇරියා....

" ජයරත්න දෙයියන්ගෙ නාමෙට දැන් නවත්තපන්...උබට.....උබට මාව මරන්න ඕන නම් මරපන් ජයරත්න...ඌට රිදවන්න එපා යකො...."

" දන ගහපන් ම්ම්...මගෙ ඉස්සරහා දනගහලා උන්ගෙ ජීවිත මගෙන් ඉල්ලපන්...එතකොට මේ ඔක්කොම ඉවරයි පුතා...."

ජයරත්න හිනාවෙන ගමන් මට ඌ ඉස්සරහා දනගහන්න කියනකොට මෙච්චරකල් මගෙ තිබ්බ හැම ලොකුකමක්ම පැත්තකට දාලා මම ජයරත්න කියන දෙ කරන්න තීරනය කරා...ඉනෙ තිබ්බ ගන් එක බිමට දාලා මම අභිමාන් දිහා බැලුවා...උරහිසෙන් ලේ ගලනකොට වෙනදා වගේම ඒ ඇස් මගෙ ලග නැවතිලා...එයා එපා කියන්න ඔලුව වැනුවත් මම ඒ ඇස් දිහා බලන් දනගැහුවා....

" ඌට යන්න දීපන් ජයරත්න....."

" අත් දෙක එකතු කරලා මගෙන් ඉල්ලපන් ටෙවින්...හහ් උබෙ ලොකුකම බල්ලට දාලා ඉල්ලපන් නැත්නම් අරුව උඩට යවන්නම්..."

" මොනවද ම්ම්....මගෙ එකා උබෙන් අත් දෙක එකතු කරලා ඉල්ල්න්න ඕන මොනවද ජයරත්න....."

එක පාරටම කොහෙන්දො ඉදන් අපි ඉන්න තැනට ආව ජේඩ් අහනකොට මම කටකොනින් හිනාවෙලා දනගහන් හිටපු තැනින් නැගිට්ටා...ජේඩ් එක්ක සාරාත් හිටියා..ඒ වගේම ජේඩ්ගෙ මිනිස්සුත් හිටියා..උන් ඔක්කොම මෙතන හිටපු හැම එකාටම ගන් එක දික් කරන් ඉන්නකොට මම බැලුවෙ අභිමාන් දිහා.....

" සුදු මැනික පලයන් ගිහින් අර පොඩි එකීව ගනින්..අරගෙන උබෙ සර් එක්ක මෙතනින් පලයන්...."

ජේඩ් කියනකොට සාරා කෙලින්ම ගිහින් පොඩි එකීව අරගෙන මගෙ ලගට ආවා...තාමත් ජයරත්නයට වෙන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව මමයි ජේඩ්‍ දිහයි මාරුවෙන් මරුවට බලනවා...

" කොලබ ලොකුම මැරයා..පොලිසියටවත් හොයාගන්න බැරි නම ගිය පාතලකාරයා...දන්න තරමින් රටට ලොකු බලපෑමක් කරන්න පුලුවන් එකෙක්...ම්ම් ජයරත්න අංකල් අහලා තියනවද ජේඩ් ගැන...ඒ තමා මූ...මූගෙ මූන කවුරු හරි දකිනවා කියන්නෙ ඒ ගෙවෙන්නෙ ඌගෙ අන්තිම විනාඩි කීපය...සුභ ගමන් මිත්‍රයා..."

මම ජයරත්නගෙ උරහිසට තට්ටුවක් දාන ගමන් අභිමාන් ලගට ගිහින් අභිමාන්ව නැගිට්ටුවා...

" අයියෙ ඉවසපන් රත්තරන්...උබට හුස්ම අතාරින්න බෑ...උබ මගෙ...උබ මගෙ හැමදේම...අයියෙ උබට ඇහෙනවා නෙද..ඉවසපන් අයියෙ...."

මම අභිමාන්ව අරගෙන යන ගමන් අභිමාන්ට මිමිනුවා...මුලු ඇගේම බර මට දිලා අභිමාන් හිටියෙ සිහියත් අසිහියත් අතර...මම අභිමාන්ව අරන් යන ගමන් ජේඩ් ලගින් නැවතුනා....

" අතක් පයක් නැතුව හරි අරූ පනපිටින් ඕන...ඌව මරන්න බෑ ජේඩ්...මගෙ එකා වෙනුවෙන් ඌ ජිවත්වෙලා විදවන්න ඕන..."

" ම්ම්..."

අභිමාන්වත් අරගෙන මමයි සාරයි අභිමාන්ගෙ පොඩි එකී හතරදෙනාම ගබඩාවෙන් එලියට ආවා...අපි එලියට එනකොට ජේඩ් එයාගෙ මනුස්සයෙක් අපි එක්ක යන්න වාහනෙ ලග නතර කරලා තිබුනා...

" පුලුවන් ඉක්මනට හොස්පිට්ල් එකට යමන්...."

මම අභිමාන්ව කාර් එකට නග්ගලා අභිමාන් ලගින් වාඩිවෙලා ලේ ගලන අත තද කරලා අල්ලගත්තෙ ලේ එන එක අඩු කරන්න හිතාගෙන...ඒත් එන්න එන්නම අභිමාන්ගෙ තත්වෙ බරපතල වෙන බව මට ඉවෙන් වගෙ දැනුන නිසා කාර් එක ඩ්‍රයිව් කරන මනුස්සයට කෑගැහුවා...සාරා අර කෙල්ලවත් අරගෙන පැසෙන්ජර් ශීට් එකෙන් වාඩිවෙලා හිටියා වගෙම කෙල්ල අප්පච්චි ඉල්ල ඉල්ලම අඩන්න ගත්ත නිසා සාරා කෙල්ලව නලවගත්තා...

" අයියෙ....අනෙ ඇස් ඇරලා මම දිහා බලපන් අභි....."

" ම්..මම හො..දින් අධ්‍යාශ්...ම්ම් බය වෙන්න එ...පා...කොහොම මැරෙ...න්නඩ උබව අතඇරලා දා...ලා ම්ම්...මැරුනත් මැරෙන්නෙ උ..බ එක්කමයි........"
.
.
.
.
.

විනාඩි විස්සක් තිහක් යන්න ඇති අපි හිටියෙ හොස්පිට්ල් එකෙ...අභිමාන්ව කෙලින්ම ICU එකට අරගත්තා...මේ වෙනකොට හරියටම පැය දෙකක් ගෙවිලා ගිහින්...ඩොක්ටස්ලා නර්ස්ලා ඇතුලට යනවා ඇතුලෙන් එලියට එනවා ඇරෙන්න මට අභිමාන් ගැන කිසිම දෙයක් දැනගන්න උන්නැ...ICU එක ඉස්සරහා පුටුවක වාඩිවෙලා අභිමාන් ගැන හරියට දෙයක් දැනගන්නකල් මට උනෙ බලන් ඉන්න විතරයි...ඩැඩාගෙන් මමාගෙන් කෝල්ස් දහයකට වඩා මේ වෙනකොට ආවා..ජයරත්නගෙ ගෑස් ගබඩාව හදිසි අනතුරකින් මීට පැය දෙකකට කලින් පුපුරලා ගියා...හදුනා නොගත් මල සිරුරු හයක්...ඒ වගේම ඒ අතරෙ ජයරත්නයගෙ කියන්න පුලුවන් මලසිරුරක් හම්බවෙලා තියනවා...හැබැයි මලසිරුර හම්බුනාට ඌ තාම ජීවත්වෙනවා.. උබ කොහොමද එහෙම ලේසියෙන් මැරෙන්නෙ ම්ම්...උබ මට රිද්දුවා නම් මම උබෙ හුස්ම එක පාරින්ම යවනවා..හැබැයි උබ රිද්දුවෙ හා හා පුරා කියලා මම ඉස්සෙල්ලාම ආදරෙ කරන්න පටන් ගත්ත එකාට...උබ විදවන්න ඕන...මගෙ එකාගෙ ඇගෙන් වැටුන හැම ලේ බින්දුවකටම හරියන්න උබ විදවන්න ඕන...අර පුංචි එකීගෙ ඇස් වලින් වැටුන හැම කදුලකටම උබ විදවන්බ ඕන.....මගෙ ඉස්සරහා දනගහලා උබ මගෙන් ඉල්ලන්න ඕන උබව මරන්න කියලා..

" සර්, මේක බීලා ඉන්න...සර් බඩකින්නෙ හිටියා කියලා අභිමන් අයියට සනීප වෙන්නැනෙ..."

මගෙ අතෙ අයිස් කොෆි එකක් රදවපු සාරා මම ලගින් වාඩි උනා....

" පොඩි එකීට මොකද....."

" නතාශාට කරදරයක් නෑ සර්...කෙල්ල ඉන්නෙ ශොක් එකකින්..ඩොක්ටර්ස්ලා නින්ද යන්න බේත් දුන්නා...එයා ටිකක් රෙස්ට් කරාම ඒක හරි යයි කිවා..."

" ම්ම්ම්...."

නතාශා එහෙමත් නැත්නම් අභිමාන් ලමා නිවාසෙ තියාගෙන රැකපු මැණික...මම දන්නැ නතාශා කියන්නෙ අභිමාන්ගෙ කවුද කියන්න...හැබැයි කෙල්ල අභිමන්ට අප්පච්චි කියන හැම වෙලාවෙම මගෙ පපුවට මහ අමුතු වේදනාවක් දැනෙන්න ගත්තා...

" සර්....."

" ම්ම්..."

" ජේඩ් කතා කරා..."

" මොකද කියන්නෙ..."

" සර් කියපු විදිහට ජයරත්න ජේඩ් ලග..."

" ම්ම්....."

මම සාරා කියන දෙවල් අහගෙන බලන් හිටියෙ තාමත් වැහිලා තියන ICU එකෙ දොර දිහා..උබ හොදින් නේද අභිමාන්...ආදරෙයි කියන්නවත් වෙලාවක් මට දීපන් අයියෙ...උබ වෙනුවෙන් හිතෙ තියන හැගීම් වචන කරන්න හරි උබ නැගිටපන් අභිමාන්...මගෙ හුස්මට අයිතිවාසිකම් ඉල්ලපු උබට බෑ මාව තනිකරන්න...ජිවිතෙ පලවෙනි වතාවට මට මං වෙනුවෙන් කෙනෙක් ඉන්නවා කියන හැගීම දැනුනෙ....ඒ හැගීම හරියට විදගන්නත් කලින් මට ඒ හැගීම නැති කරන්න එපා අභී...මේ දැනෙන හැගීමට නමක් දෙන්නත් කලින් මාව තනිකරන්න නම් එපා අභිමාන්...

අභිමාන්ගෙ ලේ වලින් මම ඇදගෙන හිටපුඇදුමත් පෙගිලා ගිහින්...හොස්පිට්ල් එකට ගේන වෙලාවෙ අභිමාන්ට සිහියක්වත් තිබුනෙ නෑ...එදා මහ උජාරුවෙන් ඇවිල්ලා මැරයො ගොඩකින් මාවයි සාරාවයි බේරගත්ත උබ අද ඇදක් උඩ...මට කියපන් මටත් වඩා ශක්තිමත් උබව මේ තරම් වට්ටන්න තරම් ඌ උබව මානසිකව වැට්ටුවද අයියෙ.. පුංචි එකාට රිද්දයි කියන බයට උබ හැමවේදනාවක්ම දරාගත්තද අභී...උබ වචනයෙ පරිසමාප්තයෙන්ම අප්පච්චි කෙනෙක් තමයි මගෙ අභිමාන්...

" මිස්ටර් ටෙවින්...."

අභිමාන්ගෙ කල්පනවෙන් හිටපු මාව මගෙ ඉස්සරහින් ඇහුන කටහඩත් එක්ක ඉදගෙන හිටපු තැනින් නැගිට්ට උනා....

" ඩොක්ටර් සේනාධීර...අභිමාන්ට කොහොමද ඩොක්ටර්..."

" බයවෙන්න එපා කියන්නත් බෑ...අභිමාන්ට සිහිය එනකල් මට හරියටම දෙයක් කියන්න බෑ....කරපු ඔපරේශන් එක සීයට සීයක් සාර්තකයි...අභිමාන්ගෙන් ගොඩක් ලේ ගිහින් තියනවා...ඊටත් වඩා අභිමාන්ගෙ ඇග ගොඩක් දුර්වලයි....මම අහන්නැ මොකද්ද උනෙ කියලා...හැබැයි අභිමාන් දුක් විදලා තියනවා...අපි සිහිය එනකල් බලන් ඉමු මිස්ටර් ටෙවින්....."

" ම්...මට..මට අභිමාන්ව බ..බලන්න පුලුවන්ද ඩොක්ටර්...."

" තව ටිකකින් අභිමාන්ව රූම් එකකට දානවා ටෙවින්...එතකොට බලන්න..."

" තැන්කියු ඩොක්ටර්...."

ඩොක්ටර් සේනාධීර යන්න යනකොට මම ආයෙම ඉදගෙන හිටපු තැනම ඉන්ද උනා...අභිමාන් උබ නැගිටිනවා නේද අයියෙ....

" ටෙවින්....අයියා නැගිටින්නම ඕන...මම ජිවිතෙ පලවෙනි වතාවට දෙයක් දකිනවා ටෙවින්...මගෙ තාත්තාගෙ ඇස් වල මගෙ ලොකු අප්පච්චි වෙනුවෙන් තියන ඒ ආදරෙ වගේම ආදරයක් සර්ගෙ ඇස් වල අභිමාන් අයියා වෙනුවෙන් මම දකිනවා....ඒ නිසා අභිමාන් අයියා නැගිටින්නම ඕන...ඔය ආදරෙ විදලා බලන්නම ඕන........"

සාරා මගෙ උරහිසකින් අතක් තියාගෙන අභිමාන් නැගිටින්නම ඕන කියනකොට මම දෙයියො බුදුන්ගෙන් පවා ජිවිතෙ පලවෙනි වතාවට දෙයක් ඉල්ලුවා..මගෙ එකාව ජීවත් කරවන්න....ඩොක්ටර් යන්න ගිහාම මම ICU එකෙ දොර ලගට ගිහින් අඩමානෙට මගෙ අභිමාන් දිහා බැලුවා...නහයෙන් කටෙන් පවා බට දාලා මදිවට පපුව පුරා නමක්වත් නොදන්න මොන මොනවදො අමුනලා...වෙඩි වැදුන උරහිස බැන්ඩේජ් කරලා තිබුනත් බැන්ඩේජ් එක උඩින් මතු වුන ලේ පැල්ලම් ඈතටත් පෙනුනා...අද මම නිසයි උබ මෙහෙම ඉන්නෙ අභිමාන්...එදා හිතුවක්කාරකමට උබව මගෙ ලගට ගත්තට මට තිබුනා උබවයි උබෙ කෙල්ලවයි මගෙ පෞකාර ජිවීතෙට සම්බන්ද කරගන්නෙ නැතුව ඉන්න...මට..මට සමාවෙයන් අභිමාන්...
.
.
.

.
.
.
තත්පර මිනිත්තු පැය ගනන් ගෙවිලා ගියෙ ඇද උඩ තාමත් සිහියක් නැතුව ඉන්න අභිමාන් දිහා බලාගෙන ඉන්නකොටමයි...දැන් ඇස් අරියි දැන් ඇස් අරියි කියලා මම එයා ලගටම වෙලා හිටියත් අභිමාන් නෙවෙ ඇස් ඇරියෙ...තියන නපුරුකමටද කොහෙද අභිමාන් නෙවෙ ඇස් ඇරියෙ...

" සර් රෑ දහයත් පහුවෙලා...ජේඩ් සර් එනකල් බලන් ඉන්නවා...."

" අල්මේදා, සාරා කොහෙද..."

" ජේඩ් එක්ක එලියෙ....."

" සාරාට ඇතුලට එන්න කියන්න..."

" හරි සර්..."

මාත් එක්කම මගෙ තනියට උදේ ඉදන් සාරායි අල්මේදයි හිටියා...රෑ වෙනක්ට ජේඩ් හොස්පිට්ල් එකට ආවෙ මාව එක්කන් යන්න..ම්ම් වෙනමොකටවත් නෙවෙ මගෙ එකාගෙ ලේ හොල්ලපු එකාගෙ අවසන් හුස්ම මගෙ අතින් යවන්න...අල්මේදා එලියටගිහින් ටිකක් වෙලා යනකොට සාරා ඇතුලට ආවා..ඒ නිසාම මම ඉදගෙන හිටපු තැනින් නැගිටලා අල්ලන් හිටපු අභිමාන්ගෙ අතත් හෙමිහිට අතඇරියා..

" සාරා..."

" සර්..."

" මම ගිහින් ආපහු එනවා..මම එනකල් ඇස් දෙක වගෙ බලාගනිම් නංගි..මේ ඇද උඩ ඉන්නෙ ටෙවින් අධ්‍යාශ් රාජපුත්‍රගෙ පන...."

" ගිහින් එන්න සර් මම අභිමාන් අයියව බලාගන්නම්...."

" ම්ම්.."

මම සාරාව කාමරෙ තියලා යන්න ගියත් ආපහු හැරිලා ඇවිත් බැන්ඩේජ් කරලා තියන අභිමාන්ගෙ නලල උඩින් හාදුවක් තිබ්බා...ඒක මම අභිමාන්ට දුන්න පලවෙනිම හාදුව...

" අයියෙ මම එනකොට නැගිටලා ඉදපන් අභිමාන්...මට කියන්න තියනවා උබට උබ අහන්න ආසාවෙන් හිටපු ලොකු කතාවක්.."

අභිමාන්ගෙ ඔලුවත් පරිස්සමට අතගාපු මම අභිමාන් හිටපු රූම් එකෙන් එලියට ආවෙ පරන හිටපු ටෙවින්ව ආයෙම ආරුඪ කරගන්න ගමන්...

" අල්මේදා මම එනකල් කොහෙවත් යන්න එපා..සාරා ඇතුලෙ ඉන්නවා..."

" හරි සර් පරිස්සමට..."

" ඩැඩාගෙන් එන කොල් ආන්සර් කරන්න ඔන්නෑ..මේ උන දෙවල් ඩැඩා දැනගන්න ඕනත් නෑ...."

" හරි සර්.."

අල්මේදා එක්ක කතා කරලා මම එහෙමම හොස්පිට්ල් එකෙන් එලියට ආවා...හොස්පිට්ල් එකෙ පාක් එකෙ ජේඩ් ඌගෙ වාහනෙ තියන් හිටපු නිසා මම එහෙමම ගිහින් පැසෙන්ජර් ශීට් එකෙන් වාඩි උනා...ජේඩ් අතේ තියන් හිටපු ෆෝන් එක මගෙ පැත්තට දික් කරා..බ්‍රෙකින් නිව්ස්...මම කටකොනෙ හිනාවක් රදවගෙන ජේඩ් බලන ගමන් හිටපු නිව්ස් එක බලන්න ගත්තා...ලංකාවෙ ලොකුම ගෑස් ව්‍යාපරික ඩේවිඩ් ජයරත්නගෙ ගෑස් ගබඩාව හදිසි අනතුරකින් ගිනිඅරගෙන..ම්ම් එක ඇතුලෙන් ජයරත්නගෙ කියලා සැක කරපු බොඩි එක ජයරත්නගෙ කියලා ඔප්පු වෙලා...ම්ම් ඒ කියන්නෙ ජයරත්න උබ හුස්ම ගන්නකොටම උබෙ ඇස් දෙකෙන් බලාගන්න පුලුවන් උබෙ අවසන් කටයුතු වෙන විදිහ...

" වැඩෙ අවුලක් නැතුව වෙලා එහෙනම්...."

" ම්ම්...අරූට මොකද කරන්නෙ..."

" අනිවාරෙන් මේක පිටිපස්සෙ වෙන එකෙක් ඉන්නවා..ඌ මොකාද කියලා හොයාගන්න ඕන..."

" ජයරත්නයා ලෝකෙ කාලා වතුර බීපු එකෙක් ටෙවින්...ඌගෙන් වචනයක් ගන්න එක ලේසි දෙයක් නෙවෙ..."

" ම්ම්... බලමු..."

ජේඩ් කාර් එක ස්ටාට් කරලා පාරට දානකොට මම එහෙමම ශීට් එකට හේත්තුවෙලා ඇස් පියාගත්තා...ඇග පුරාම තාමත් අභිමාන්ගෙ ලේ..ඇස් දෙක පියාගත්තහමත් අභිමාන්ගෙ වේදනවා අභිමාන් හිටපුවිදිහ මගෙ ඇස් ඇතුලෙ මැවි මැවි පේන්න ගත්තා..ජයරත්න උබ නොකීවත් මේවගෙ පිටිපස්සෙ ඉන්න එකා මම ඉක්මනට හොයාගන්නම්...උබලා වරදක් කරෙ...උබලට තිබ්බා මට ඇටෑක් කරලා මේක ඉවරයක් කරන්න..නෑ උබලා මගෙ එකාට අත තිබ්බා...පාඩුවෙ හිටපු මාව උබලා අවුස්සගත්තා...ටෙවින් කියන්නෙ මොකාද කියලා දැන දැනත් උබලා මාව අවුස්සගත්තා...

විනාඩි දහයක් පහලොවක් යනකොට අපි හිටියෙ ජේඩ්ගෙ ප්ලේස් එකෙ...මම ජේඩ් එක්ක කාර් එකෙන් බැහැලා ජේඩ්ගෙ පස්සෙන් ගියෙ අත් දෙක සාක්කුවල හංගගෙනමයි..

ජේඩ් කෙලින්ම බේස්මන්ට් එකට ගිහින් මමත් ඇතුලට ගිහාම බේස්මන්ට් එකට එන්ඩ තියන දොර වහලා දැම්මා...ලේ ගදත් එක්ක මලකඩ ගද එනකොට මම නහය අකුලගත්තා...මුලු බේස්මන්‍ට් එකම අදුරෙ...බේස්මන්ට් එක කොච්චර නිශ්ශබ්දද කියනවා නම් මට ඇහුනෙ ජයරත්න අමාරුවෙන් හුස්ම ගන්න සද්දෙ විතරයි...

ජේඩ් අත්පුඩියක් ගහනකොට එක තැනක විතරක් ලයිට් එකක් පත්තු උනා...ලා කහපාට එලියක් කෙලින්ම පුටුවක ගැටගහලා හිටපු ජයරත්නට වැටුනා...ජයරත්න දැකපු ගමන් මට දැනුන සතුටත් එක්ක මහ වියරු හිනාවක් ආවා...මුලු බෙස්මන්ට් එකම මගෙ හිනාවෙන් දොංකාර දෙනකොට මම බලාගෙනම ජයරත්න අමාරුවෙන් මම දිහා බලනවා...මගෙ අභිමාන් හිටියෙ මොන වේදනාවකින්ද ඊට දහගුනයක වේදනාවකින් ජයරත්නයා හිටියෙ...ඇගෙ ඇදුමක්වත් නැතිව හිටපු ජයරත්නගෙ ඇගෙ තිබ්බ බෙල්ට් පාරවල් වගේම නහයෙන් කටෙන් ගලන ලේ දැක්කාම මට දැනුන සතුට වචන වලට හරවගන්න බැරුව ගියා..

" ට්...ටෙවි...ටෙවින් උබ...."

" ම්ම්....අංකල් ජයරත්න....ඇයි මේ ම්ම්...මම කිව දේ ඇහුවා නම් මෙහෙම දෙයක් වෙන්නැනේ....මම එක පාරක් දෙපාරක් තුන්පාරක් අනතුරු ඇගෙව්වා...මාව පටලවගන්න එපා එපා කියලා මම සියපාරක් කියන්න ඇති.....ඇයි ම්ම්..ජයරත්න අංකල්..ඇයි....දැන දැන මරනය ලං කරගත්තෙ ඇයි....."

ජේඩ් අතෙ තිබුන කිනිස්සක් අතට ගන්න ගමන් මම හෙමිහිට අඩි තියන ගමන් ජයරත්න හිටපු තැනට ගියා...විශ්වාසයි මගෙ මූනෙ තිබ්බෙ කවදාවත් නැති තරම් දරුනු පෙනුමක් වෙන්න ඇති...හැමවෙලාවෙම තරහා අරන් කෑගැහුවත් මේ වෙලාවෙ මගෙ ඇතුලෙ ලේ රත් වෙවී මට මේ දැනෙන තරහා....ම්ම් මට මගෙ එකා වෙනුවෙන් එකා පිට එකා මරන්න පුලුවන් කියලා මට තෙරෙන්න ගත්තා...අභිමාන් උබ හොයාගත්ත එකා වීරයෙක් නෙවෙ....උබ වෙනුවෙන් මුලු ලෝකයක් උනත් ගිනිබත් කරන්න පුලුවන් දුශ්ටයෙක්....

" ම...මට යන්න දීපන් ට්..ටෙවින්..."

" ම්ම්ම්...යන්න දෙන්නම්...ඉක්මනටම යන්න දෙන්නම්... ඒත් ඊට කලින් උබට තව විදවන්න තියනවා...උබ කරපු වැරදි වලට උබ කොහොමත් යන්නෙ උඩට නෙවෙ යටට...යන්න කලින් උබ කරපු පව් වලට විදවලම පලයන් ම්ම්..."

අතෙ තිබ්බ කිනිස්ස ජයරත්නගෙ ඇගෙ එහා මෙහා අරන් යන ගමන් තැනින් තැන තදකරනකොට අභිමාන්ගෙ ලේ ගෑවිලා තිබුන ඇදුම ජයරත්නගෙ ලේ වලින් ටිකෙන් ටික පෙගෙන්න ගත්තා...

" ටෙවින්...හ්..හහ් උබ..උබට විද...වන්න වෙනවා....උබ...උබ ආදරෙ කරන එකාගානෙ උබේ ඇ..ස් ඉස්සරහා මැරෙන හැ..ටි බලන්න වෙනවා...."

" ම්ම්ම්...බලමු...මගෙ උන්ට කවුද අත තියන්නෙ කියලා ජයරත්න...මරනවා...ඒ මොකා උනත් මම මරනවා ජයරත්න.."

" ආආආආආආඅහ්........"

අභිමාන්ගෙ උන්ඩය වැදුන තැනටම මම ජයරත්නගෙ උරහිසට කිනිස්ස බැස්සුවා...ඌගෙ වේදනාත්මක කටහඩත් එක්ක මුලු බේස්මන්ට් එකම දෝංකාර දෙන්න ගත්තා...මම මගෙ කට කොනෙ පුරුදු විදිහටම හිනාව රදවගෙන උරහිසට බස්සපු කිනිස්ස ආපිට ඇදලා ගත්තා...

" උ..බ..උබ මාව මැරුවට..උබට එයාට ලං වෙන්නවත් බෑ...බලපන්...බලපන් උබට වෙනදේ...."

ජයරත්න ඌගෙ ජීවිතෙ අන්තිම මොහොතෙ හිටියත් ඌ කරෙ මාව මරන එක ගැන හිතපු එක...

" උබ මරනවා කියලා කවුද කිවෙ ම්ම්ම්...ජයරත්න උබ මැරෙන්නැ...උබ ජීවත් වෙනවා..හැබැයි උබ උබේ මරනය මගෙන් ඉල්ලන තරමට මම උබට මේ ජීවිතෙ අමාරු කරනවා....බලන් ඉදපන් ම්ම්...විදවපන්...."

මම ජයරත්නගෙ පපුවට පයින් ගහන ගමන් ආපහු හැරිලා ජේඩ් ලගට ආවා...ජේඩ් අතට කිනිස්ස දෙනකොට ජේඩ් ඌගෙ සක්කුවෙ තිබ්බ ලේන්සුවක් අරගෙන කිනිස්සෙ තිබ්බ ලේ පිහලා දලා කිනිස්ස සපත්තුව අස්සෙ රදවගත්තා...

" සාරා කෝල් කරා...උබෙ එකාට සිහිය ඇවිල්ලා...."

ජේඩ් කියනකොට මට දැනුන සතුට එක්ක මට පුලුවන් උනා නම් මේ තත්පරෙම අභිමාන් ලගට යන්න මම යනවා...

" මම යනවා...අරූව මරන්න බෑ ජේඩ්..උබ ඌට ඕන දෙයක් කරපන් හැබැයි ඌගෙ හුස්ම නවතින්න බෑ...ඌට ඌගෙ හුස්ම නැති කරගන්න අවස්තාවක් දෙන්නත් බෑ...."

" ම්ම්...එලියෙ මගේ එකෙක් ඉන්නවා...ඌ උබව හොස්පිට්ල් එකට එක්කන් යයි....වාහනෙ ඇතුලෙ ඇදුමක් තියනවා ඒක ඇදගනිම්...ලේ ගාගෙන උබ නිකම් මිනිමරුවෙක් වගෙ.."

" ම්ම්..."

මම එහෙමම බේස්මන්ට් එකෙන් එලියට ආවා...මගෙ අභිමාන්ට සිහිය ඇවිල්ලා...අභිමාන් උබ..උබ එහෙනම් ආයෙම ආවා..බේස්මන්ට් එකෙන් එලියට ආව මම පුලුවන් තරම් වේගෙන් එලියට දිව්වා...
.
.
.
.
.
විනාඩි විස්සක් යනකොට මම හිටියෙ හොස්පිට්ල් එකෙ...සාරා අභිමාන් නැගිට්ටා කියලා මට මැසෙජ් දහයක් විතර දාලා තිබ්බා...කාර් එකෙන් බැස්ස ගමන් මම පුලුවන් තරම් වේගෙන් හොස්පිට්ල් එක ඇතුලට දුවගෙන ගියා...දෙයියො බුදුන්ටපවා පින් දිදී මම අභිමාන්ගෙ රූම් එක පැත්තට දිව්වා.. මීට කාලෙකට කලින් ආදරය කියන්නෙ බොරු දෙයක් විදිහට දැකපු මම දැන් පිස්සුවෙන් වගේ කොහෙදො ඉදන් ආව ඒ නපුරට ආදරෙ කරන්න අරගෙන... දේශපාලනය ඇතුලෙ ඉන්න ඒ හිතුවක්කාර මන්ත්‍රීතුමා වෙනුවට අභිමාන් ඉස්සරහදි මතුවෙන මගෙ මේ අමුතුම චරිතයට මම පුදුමාකර තරම් ආස උනා...ඒක හරියට අවුරුදු ගානටකට පස්සෙ මට ඇත්ත මාව හම්බුනා වගේ හැගීමක්....

එක හුස්මට දුවගෙන ආව මම අභිමාන්ගෙ රූම් එකෙ දොරත් ඇරගෙන ඇතුලට ගියා...එයා ඉන්නවා...තමත් එහෙන් මෙහෙන් අමුනපු මොන මොනවදො බටත් එක්ක එයා මගෙ දිහා බලන් ඉන්නවා...නපුරුකම දොරෙ ගලන ඇස්...මෙච්චර දෙයක් වෙලත් ඒ ඇස් වල කිසිම වෙනසක්

You are reading the story above: TeenFic.Net