" සර්...."
" සාරා මම දැන් ආවනෙ..බෝඩිමට යන්න..ජේඩ්ගෙ කොල්ලෙක් එලියෙ ඉන්නවා..."
" හරි සර්.."
සාරා ආයෙම අභිමාන් ලගට ගිහින් අභිමාන්ටත් මොන මොනවදො කියවලා යන්න ගියා...මම තාමත් අභිමාන්ට අඩි පහ හයක් ඈතින් හිටගෙන..අභිමාන් එයාගෙ ඇස් වලින්මට එයා ලගට එන්න කියනකොට මම හෙමිහිට එයා ලගට ගිහින් වාඩිවෙල එයාගෙ අතක් පරිස්සමට අල්ලගත්තා..
" මන්ත්‍රිතුමා ඇයි මේ ම්ම්...කවදාවත් නැතුව මේ ඇස්...ඇයි මේ කදුලු පුරවන් ම්ම්..."
" අයියෙ..."
" අයියා ම්ම්...අභිමාන් කියලා කතා කරනවට වඩා මම ආසයි මගෙ අධ්‍යාශ් මට අයියා කියනවට..."
" දෙයියන්ගෙ නාමෙට මම උබට කට කැඩෙනකල් කීවා අභිමාන් පරිස්සම් වෙයම් කියලා...උබ...උබ කොහොමද අභිමාන් මෙහෙම කරන්නෙ...යකො මම බය උන තරම් උබ දන්නවද අයියෙ...."
විශ්වාස කරන්න මුලු කොලබම අල්ලන් ඉන්න මන්ත්‍රිතුමා එයාගෙ බොඩිගාඩ් ඉස්සරහා අඩනවා කියන එක...එච්චරවෙලා හිතෙ තිබ්බ බය දුක මේ හැමදෙයක්ම කදුලු විදිහට එලියට එනකොට මට ඕන උනේම අභිමාන් මාව ආයෙ බය කරන්න එපා කියලා ඌට කියන්න...
" වස්තු...මට මොකුත් උන්නැනෙ ම්ම්..සමාවෙයම් අයියට.. කෝ ඔය ඇස් වල කදුලු පිහදාගනිම්...ඔය ආඩම්බර ඇස් වලට කදුලු ගැලපෙන්නැ...."
අභිමාන් අමාරුවෙන් එයාගෙ අත උස්සලා මගෙ කම්මුල් වලින් ගලාගෙන යන කදුලු පිහදලා දැම්මා...
" අයියෙ....මම ආදරෙයි අභිමාන්....මට කියපන් අයියෙ උබත් මට ආදරෙයි නේද...."
" ම්ම්...මම දැනන් හිටියා...මන්ත්‍රිතුමා වැඩිකල් නොයා මගෙ අත් අතරට එනවා කියලා..උබගෙ පන අයිති මටනෙ බං...ආදරෙ නොවී කොහොමද ම්ම්..."
________________________________
අදහස් දක්වන් යන්න ඕන හර්තෙ...
මම කැපුනා...
ආදරෙයි❤️
SOFY_Capricorn
You are reading the story above: TeenFic.Net