<9>

Background color
Font
Font size
Line height

💜 ඒයි මන් ඒක අමාරුවෙන් ඉස්සුවේ ඔහොම ඉන්නවා වලස් තඩියා...

ශෝනුත් පුටුවක තිබ්බ කොට්ටයක් අරන් පිඹ පිඹ ගිය ඩිලන් පස්සෙන් දිව්වේ මායි ලොකුයි මූනට මූන බලන් ඉද්දි

❤️ ඒ....කොහෙද යන්නේ...මන් හිතන්නේ ඔයාට ඔයාගෙ ලොකු අයියාට පැහැදිලි කරන්න දෙයක් තියනවා

🦋 මට..

ලොකූ චොකලට් එක ඇස් වලින් පෙන්නුවා

🦋ආ.....ඩිලන්ගෙ ක්ලාස් එකේ කොල්ලෙක් දුන්නේ ඕක

❤️ නම

🦋 කස...ටාසන්....කපුරු වගේ එකක්

❤️ කාසන්???

🦋 ඔයා දන්නෙ කොහොමද

❤️ අලුතින් එන කෙල්ලොන්ගෙන් කාසන් දකින හැම කෙල්ලටම චොකලට් එකක් හම්බෙනවා ඒක නෝමල්

🦋 එයා අලුත් යාලුවෝ හදාගන්න කැමති කෙනෙක්ද

❤️ අපෝ නෑ....චොකලට් එකක් දීලා නතර උනොත් ලොකු දෙයක්.... ඒත් එතනින් එහාට මොනාහරි උනොත් ඔයා අපි තුන්දෙනාට බැරි නම් රොකීට හරි කියන්න ඕන

🦋 එයා නරක කෙනෙක්ද

❤️ ටිකක් විතර

👩 ඒයීඊඊඊඊඊ මොන්ටිසෝරි ලමයි වගේ මරාගන්න එක නවත්තලා පොතක් පතක් බලාගන්නවාආආආආ

ඩිලන් ශෝන් දෙන්නා දූවගෙන ඇවිත් කාමර වලට රිංගුවෙ අම්මා එක අතකින් තෙල් හැන්දයි අනික් අතින් තාච්චියයි උස්සන් ඒ දෙන්නා පස්සෙන් එලවන් ආපු නිසා.....
ගෙදර ඉන්න විදිහ දන්නවා නම් කෙල්ලෝ මෙයාලට ලව් ලෙටර් දෙන්න කීයටවත් හිතන්නෑ



@Morning

👨 කෝ මේ හතර දෙනා. ......නිවාඩු දවසක් උනා කියලා පස්සට ඉර පායනකල් නිදාගන්න එපා ලමයිනේ.....නැගිටින්න ගමනක් යන්න තියනවා

හයෝව් එලාම් එක ඕෆ් කරාට වැඩක් නෑ තාත්තාගේ එලාම් එක කෑ ගහනවා.....හනේ මට නැගිටින්න නම් බෑ දැම්ම

❤️ තව විනාඩි දහයක්

👨 ලොකු එකා මෙහෙම නම් පොඩි උන් ගැන කවර කතාද....

💙 කවර කතා කරනවද දන්නෑ තාත්තේ....ඒත් මට නිදිමතයීඊඊඊඊ

👨 ලෝරී.....එක්කෙනෙක්වත් නැගිටින්නෙ නෑනේ

👩 ජොනී ඔයාට මන් කිව්වනේ මන් වැඩේ කරන්නම් කියලා
(සද්දෙන්) හතර දෙනාම නැගිටිනවද නැත්තම් උදේම නානවද

❤️💙💜🦋 ගුඩ් මෝනිම්ම්ම්ම්

අම්මාගේ අනතුරු ඇගවීම ඇහුනා විතරයි නැගිට්ටෙ නෑ නැගිට්ටුනා....උදේට පරක්කු උනාම අම්මා අපිව ඇහැරවන්නේ කූල් වතුර දාලා...ස්ස්ස්ස් ඊට වඩා නැගිටින එක හොදයි.....මේ දවස් වල වහිනවත් එක්ක වැස්ස දවසට උදේ කූල් වතුරෙන් නාන්න වෙනවා තරම් බයානක දෙයක් තවත් තියනවද???!

👩 නැගිටින්න බෑ කිව්ව තුන් දෙනා මේ ඇවිත් ඉන්නෙ විනාඩි පහෙන්...

👨 මන් කිව්වම තමා නැගිටින්න බැරි

තාත්තා බුම්මගෙන වෑන් එකේ යතුරත් අරන් වෑන් එකට නැග්ගා....අද උදේම නොකා නොබී කට්ටියම කොහෙ හරි යනවා වගේ ඔක්කෝම එකට යද්දි තමා වෑන් එක අරන් යන්නේ
අම්මා ඉස්සරහ සීට් එකට නගිද්දි අපි කට්ටියත් නිදි මරගාතෙ සොම්බි පැටව් ටික වගේ වාහනේට නැග්ගා
ඉස්සරහ සීට් එකේ බඩු ගොඩක් තිබ්බ හින්දා අපි හිටියෙ පිටිපස්සෙ සීට් දෙකේ....මොන මෙව්වා එකකටද මන්දා ඩිලනුයි මායි හිටියෙ එකලග

🦋 අම්මලා කොහෙද යන්නේ ලොකූ

❤️ (ඈනුමක්) අනේ මන්දා ඕයි මට නිදි මතයි

💙 ඕඊ බූරු වෘකයෝ

❤️ මන් බූරුවෙක් නෙමේ ඕඉ හුවෑව්ව්

💙 අද 15

❤️ ඔයාගෙ උපන් දිනෙ නෙමේනෙ

💜 අම්මලාගෙ ඇනිවසරිය

ඔන්න නිදි මරගාතෙ හිටිය හතර දෙනාම සම්පූර්නෙන්ම ඇහැරුනා.....මම නම් තව කමන්නෑ.....මරු පුතාලා තුන් දෙනා

❤️ අම්මලාට ගිෆ්ට් එකක් ගත්තද

💜 අම්මලාට හම්බුන හොදම ගිෆ්ට් එක අපිනේ

💙 මෝඩ පූස් තඩියෝ අපි ගැන නෙමේ කිව්වේ

🦋 ගිෆ්ට් එකක් ගන්න අම්මලට හොරෙන් යන්නත් බෑනේ

💙 බඩු උස්සන් යන විදිහට නම් අද දවසම කොහෙ හරි එලිමහන් තැනක වෙන්න ඕන

❤️ අම්මේඒඒඒ කොහෙද යන්නේ

👩 මන් මේ බලන් හිටියේ ඔයාලා ඕක අහනකල්.....කාලෙකින් කොහෙවත් නොයිය හින්දා පොඩි රවුමක් යන්න හිතුවා....

👨 පුන්චි කූඩාරමක නිදාගන්න ආසාවෙන්නෙ හිටියෙ ඔයාලත්

🦋 වාව්.....ශෝක්නේ

👩  රොකීත් එනවා කිව්වා.....

💜 ඇරගොග් එනවා කියන්නේ අපේ පවුල සම්පූර්නයි නේද

👨 ඔව් ශෝන්.....ටිම් එනකල් එයාව බලාගන්න එපැයි.....මොනා උනත් එයා හොද වැදගත් විදිහට ටිම් හදලා තියනවා

👩 එහෙම ගත්තොත් මට පුතාලා හතරයි

👨 ලෝරී....රොකී එක්ක ගත්තොත් ඔයාට පුතාලා පස් දෙනෙක් ඉන්නවා

👩 අයියෝ මට හැමවෙලේම අමතක වෙනවනේ.....ඔය හතර දෙනා උදේට කෑවෙත් නෑ නේද..... අපිට චුට්ටක් දුර යන්න තියනවා මේක කන්නකො

අම්මා දීපූ සැන්ඩ්විච් ටිකත් කාලා මන් ජනේලෙට හේත්තු උනේ උදේ නිදාගන්න බැරි උන ටිකට හරියන්න නිදාගන්න

💙 තමුසෙ නිදිද

අර්ර්....මේ කරදරකාරයා නම්ම්ම්....නිදි නෑ මන් බල්ටි ගගහා හිටියේ

🦋 නිදාගන්න තමයි හැදුවෙ ඇයි

💙 එහෙනම් නිදාගන්නවා මන් දිහා කන්න වගේ බලන් ඉන්නේ

සිංහල හෝඩිය නෙමේ වෙන වෙන හෝඩිත් මතක් වෙනවා මට මේ වෙලාවට.......නින්ද යාගෙන ආව වෙලේ ඇහැරවලා දැන් කියනවා නිදාගන්නලූ....මහ දුස්ටයෙක් හුහ්



.....................................................




👩 ලමයි....අපි ආවා බහින්න කට්ටියම....හපෝ ඔක්කොම එකයි කෝ කෝ නැගිටින්න නැගිටින්න

🦋 වාව්....

වෑන් එක නැවැත්තුවේ ලස්සනට ගස් වැවිලා තියන තැනක... රෑට අහස බලන්න කුඩාරම් ගහන්න එහෙම ශෝක් තැනක්....පොඩ්ඩක් ඈතින් වතුර පාරකුත් ගලාගෙන ගියා...අපි කූඩාරම් ගහන තැනට ඈතින් තව කූඩාරම් වගේකුත් පේන්න තිබ්බා

🦋 තව අය ඇවිත් වගේ නේ

👨 මේකනෙ පෙගී.....හැම අවුරුද්දෙම පහලොස්වෙනිදට අහසෙ තරු පිරිලා තියනවා....අවුරුද්දෙ ලස්සනම අහස තවත් ලස්සනට බලාගන්න නම් මෙතෙන්ට එන්න ඕන

👩 ඔයාලගෙ තාත්තා මට ප්‍රපෝස් කරෙත් මේ වගේ දවසක මෙතන...

?? මිසිස් ජෝන්ස්










කව්ත ඒ ආවේ


නෝරා නම්කියා


You are reading the story above: TeenFic.Net