<2>

Background color
Font
Font size
Line height

වොශ් එකක් දාන් මන් කෑම කාමරේට යද්දි එයාලා ඔක්කොම කෑම මේසෙ ලෑස්ති කරනවා.... ඇත්තටම ලස්සන පවුලක්

👩 අහ් අයිශූ ඇයි ලමයෝ හිටගෙන.....ඉදගන්නකෝ

🦋 අහ් හරි ආන්ටි

කට්ටියම කෑම මේසෙන් වාඩි උනාම අන්කල් කතාව පටන් ගත්තා

🧔‍♂️ මන් මෙහෙම ඇහුවට දුව මුකුත් හිතන්න එපා....මන් මා එක්ක යමුද අහපු ගමන් දුව ආවේ ඇයි....බය හිතුනෙ නැද්ද නොදන්න මනුස්සයෙක් එක්ක එන්න

🦋 හ්ම්ම් ඇත්තටම අන්කල්....මේ ගමනෙක් කරදරේකට වැටුනත් ගෙදර ඉන්නව තරම් මට හානියක් වෙන එකක් නෑ කියලයි මන් හිතන්නේ....අනික මට අන්කල්ව මතකයි

🧔‍♂️ ඔයාට මාව මතකයි???

🦋 ඔව්....ගෙදර තාත්තගේ පොටෝ එකක් තියනවා.....ඒකේ තාත්තගේ මූන නම් නෑ ඒත්  තාත්තට එහා පැත්තෙ හිටිය කෙනා අන්කල්...අම්මා එක්ක අන්කල් කතා කරද්දි මන් දැනගත්තා අන්කල්ගේ නම ජෝන්ස් කියලා...තාත්තාගේ ඉස්කෝලේ කාලෙ ඩයරියෙයි සමරු පොතෙනුයි මන් අන්කල් ගැන කියෙව්වා

🧔‍♂️ ඒක නරක පුරුද්දක්

🦋 මට තාත්තා ගැන දැනගන්න තිබ්බෙ එච්චරයි අන්කල්

👩 ශ් ජොනී දැන් අපි කමු.....ඔයා අන්කල් ආන්ටි කිව්වට කමන්නැ ඒත් ඔයා මේ පව්ලෙ කෙනෙක් හොදද

ආන්ටි හිනා වෙලා මගෙ ඔලුව අතගාලා කිව්වා

💜 අම්මියෝ අයිශුව නිවාඩුව ඉවර වෙලා මන් යන එකටම දාන්නකෝ

👩 අහ් ඔව්මයි....දුව කැමතීනේ

🦋 ඔව්...

🧔‍♂️ අම්ම් ඔයාට අලුතින් නමක් දාගන්න උනොත් කැමතිද... මට බයයි ඔයාගෙ අම්මා ඔයාව හොයන් එයි කියල...

🦋 මාත් ඒ ගැන කියන්න ගියේ අම්මට මගෙ නම අමතක උනත් විකීලට මතකයි

👩 හෙට මන් ඔයාට ඇප්ලිකේශන් ගේන්නම් හොද නමක් හිතමු බලන්න

💜 එයා මගේ ට්වින්නේ මගෙ නම වගේ එකක් දාමුකෝ අනේ අම්මියෝ

👩 ඒක අයිශුගෙන් අහන්න

💜  හා නේද

එයා ඒක ඇහුව විදිහට නම් මට බකස් ගාලා හිනා ගියා....

💜 ශේන්‍යා....ඒ නම ලස්සනද

❤️ අයිශූ මොකද හිතන්නේ....බය නැතුව අදහස් දක්වන්න

🦋 අහ් මන් කැමතියි

👩 ඔන්න කිටී තරගයක් නැතුවම ජයග්‍රහණය කරනවා....

💜 ස්තූතියි ස්තූතියි ස්තූතියි

ඒ විදිහට අයිශූ ශේන්‍යා උනා....
මෙතන ඉදන් මම ශේන්‍යා....විකී ඩේව් අනික් අය මාව හොයා නොගන්න තාක්කල් මන් හොදින් ඉදීවී
(ඩේව් ගැන පස්සෙ කියන්නම්)

‍රෑ මට වෙලාව හම්බුනා කාමරේ අස් කරගන්න...අල්මාරියක් කන්නඩි මේසයක් පොත් රාක්කයක් මේසයක් පුටුවක් ඒ ඔක්කොම කාමරේ තිබ්බා

💜 ශේන්‍යා...

දොරෙන් ඔලුව දැම්මේ ශෝන්..එයා හරී කියුට් අෆ්ෆා...ඇහ් මොනාද ශේන්‍යෝ හිතන්නේ...ඇත්තටම එයා කියුට් හැබැයි ආන්ටි එයාට කිටී කිව්වට එයා වදුරු පැටියෙක් වගේ

🦋 අහ් කියන්න

💜 ඇතුලට එන්නද

🦋 එන්න

ශෝන් ඇවිත් කාමරේ පුටුවෙන් වාඩි උනා....මන් එයා දිහා නොබලම බෑග් එකේ තිබ්බ පොත් ටික රාක්කෙන් තියන්න ගත්තා

💜 ඒ ඔය වැඩේ නවත්තලා ඉදගන්නකෝ

මම ඉදගත්තා....මරාලයක් පාත්වෙන්නද දන්නෑ

💜 හයියෝ මන් ඒලියන් කෙනෙක් නෙමේ මන් දිහා ඔහොම බලන්න එපා

🦋 ඔයා ආවේ

💜 මං ආවේ ගෝනිබිල්ලෙක් වගේ ඉන්න එපා කියන්න...

🦋 ඇහ්

💜 මේකනේ ලමයෝ ඔයා දැන් මගේ ට්වින් හරිද ඉතින්....

❤️ අයිශූ ඇතුලට එන්නද

ඒ පාර අනික් කෙනත් ආවා... මන් ඔලුව වැනුවේ එන්න කියන්න

💜 ඔයා ආවේ ඇයී

❤️ මන් ආවේ මගේ නංගිව අදුනගන්න

💜 කෝ චූටි අයියා

❤️ එයා යාලුවෙක් එක්ක එලියට ගියා...අහ් අයිශූ

💜 එයා ශේන්‍යා... S h e n y a

❤️ පොඩ්ඩක් කට වහන් ඉන්නවකෝ

💜 ඇයි ඇයි

🦋 හෝව් හෝව් රන්ඩු කරන්න නම් එපා

ශෝන් කෙවින්ගේ කොන්ඩෙන් අදින්න ඔන්න මෙන්න තියෙද්දි මන් කෑ ගැහුවා...මාර ශෝක් සහෝදරයෝ

💜 අහ් ඕකේ ඕකේ...

❤️ අන්න ඔහොම ඉන්න අ...ශේන්‍යා ඔයා ආගන්තුකයෙක් නෙමේ රයිට් ඔයාට අමතක උනාට අපිට ඔයාව මතකයි අපි චූටි කාලෙ එකට හිටියේ

💜 අයියේ මට මතක නෑනේ

❤️ ඔයයි ශේන්‍යායි එතකොට චූටියි

💜 දැක්කද ට්වින් ඒ ගොල්ලො අපිව කොන් කරනවා

❤️ ඔක්කොම පටලවන්න එපා මෝඩ පූසෝ

ශෝන් කෙවින්ට ඇද කරලා දිවීමත් කෙවින් ශෝන් පසුපස එලවීමත් එක්ක ඒ දෙන්නා කාමරෙන් ගියා...




Intro


මේ ඉන්නෙ මම දැන් මගෙ නම ශේන්‍යා සාමාන්‍ය කොට ජීවිතයක් අහින්සක මලක් වගේ කෙල්ලෙක් ආසම පාට කලු ආසම කෑම චොකලට්



ලොකු අයියා හෙවත් කෙවින් හෙවත් වුල්ෆි මෙයාගෙ වයස විසි හයයි....එයා stro loren highschool එකේ ලැබ් එකේ ඉන්නේ ඔව්ව් එයා විද්යාව උගන්නන සර් කෙනෙක් එයා හින්දා ඉස්කෝලේ කෙල්ලො විද්‍යාව ඉගන ගන්න හරි ආසයිලු

ඩිලන් හෙවත් බෙයා හෙවත් දෙවනියා මෙයා නම් මොන වගේද දන්නෑ මොකද මෙයා වැඩිය ගෙදර නෑ කොහෙ යනවද දන්නෑ වැඩිය කතා කරන්නෙත් නෑ මොකෙක්ද මන්දා මේකා නම් හී....බොරු ඕන්නෑනේ ජෝන්ස් පවුලෙ කොල්ලො තුන්දෙනා නම් මල් වගේ


මෙයාට තමා කිටී කියන්නේ මෙයා මගෙ වයසේ එයා හරි ශෝක් ඇත්තටම මගෙ ට්වින් වගේ හැමවෙලේම කන අස්සට වෙලා කච කච ගාන එක තමා එයා කරන්නේ හරිම මිත්‍රශීලී කෙනෙක්



😁 ලොකු අයියව ඇරෙන්න අනික් දෙන්නගෙන් ඕන කෙනෙක් රීඩර්ස්ලා තියා ගන්න

ලොකු අයියා මගේ 😙❤️


You are reading the story above: TeenFic.Net