නපුරු වැස්ස 02 (09 වෙනි වැසි දවස )
ආරන්‍යා හෝටලේට ආවෙ පැමිණීමට තිබූ වෙලාවට වඩා පරක්කු වෙලා..කෙල්ල කල් තියාම නිදහසට කාරණාවක් හදාගෙනම ආවත් සුපුරුදු බැනුම් ටික අකුරක්වත් අඩු නැතිව අහගන්න වුනා..නිල ඇදුමට මාරුවෙලා මුළුතැන්ගේ දිහාවට ආපු කෙල්ල තත්පරයක්වත් පරක්කු නොකර වැඩ පටන් ගත්තා... පෙරදා තරම් බයක් හිතේ නොතිබ්බත් මුළුතැන්ගෙයි පිටත වැඩ කරද්දී ආරන්‍යාට වටපිට බැලුනේ නිතැතින්..ලවාන්ත්ගේ සේයාවක් හෝ දකී කියා සිතුවත් ඇත්තටම ඔහුගේ සේයාවක්වත් නොමැතිවෙද්දී කෙල්ලගේ කුතුහලේ වැඩිවුනා විතරයි..ලවාන්ත් නැති නිසා වැඩිපුර පැය කිහිපයක් වැඩ කරපු ආරන්‍යා ගෙදර එද්දී රාත්‍රී දොළහත් පහුවෙලා තිබ්බේ..
නිවසට එන ප්‍රධාන පාර දෙසින් බැසගත් කෙල්ල ඉදිරියට ඇදුනේ දුරකතනය ඔබමින්..මධ්‍යම රාත්‍රිය පහුවෙලා වුනත් තනියම එන්න ආරන්‍යාගේ හිතේ ගැස්මක් තිබ්බේ නැහැ..ඝන කළුවර රෑට වඩා තමා ලවාන්ත්ට බයයි කියලා ආරන්‍යාට හිතුනෙම.. කෙල්ලගේ දෑස් දුරකතනයෙන් මිදී සිනහවක් නැගුනේ ඇය හිතන දේවල්වලට..ඒත් ඒ සිතුවිල්ල එතරම් වෙලා වලංගුතාව රැක ගන්න බැරිවුනේ එක්වරම ඇසුණු පා හඩක් නිසා කෙල්ලව ගැස්සිලා යද්දී...ආරන්‍යාගේ පාද අතුරු පාරෙහි නැවතුනේ ඒ මොහොතෙමයි..ඇස් කලබලෙන් ඒ මේ අත දුවද්දී කෙල්ලට පිටිපස්ස හැරෙන්න බය හිතුනා..ඒ නිසාම වේගෙන් අඩු තියාගෙන ඉස්සරවුනේ දුරකතනයේ ටෝච් එලිය දල්වාගෙන...
ගේ ලගට එනකම්ම ඇයට දැනුනා ඇගේ පිටුපසින් කවුරුන් හෝ එන බව..ඒත් ආරන්‍යා නෙවේ හැරිලාවත් බැලුවේ..කෙල්ලට හොදටම විශ්වාසයි ඒ කවුරු වුනත් ඇයට කරදරයක් කිරීමට එන අයකු නොවන බව...ලවාන්ත්ව හෝටලේ දැක්ක මුල්ම දවසේ ඉදලා ආරන්‍යා මේ වගේ දේවල් බලාපොරත්තු වුනා..ඒ වගේම ඒ දේවල්වලින් ගැලවෙන්න බෑ කියන එකත් කෙල්ල තේරුම් අරන් හිටියේ..ඒ වුනත් ඉදිරියට ගත්ත පියවර පිටුපසට තියන්න තරම් ආරන්‍යාගේ හිත දුර්වල වුනේ නැහැ...
---
' මොකද්ද කල්පනා කරන්නේ..' හේෂිත ලවාන්ත්ගේ දෙසට බියර් කෑන් එකක් විසිකරද්දී ලවාන්ත් එය අල්ලාගත්තේ ගැස්සිලා වගේ..
' මොනා කල්පනා කරන්නද..' කොල්ලා එහෙම කියාගෙන බියර් කෑන් එක විවර කරද්දී එහි පෙණ නැගී විසිවුනේ ඔහුගේ මුවින් පරුෂ වචන පවා පිටවෙද්දී..
' කල්පනාවේ තරම තමා ඔය..' හේෂිත් හිනාවේගෙනම ලවාන්ත් ලගින් බිම වාඩිවුනේ ලවාන්ත් ඔහුට රවාගෙන වගේ බියර් කෑන් එක බිමින් තියලා අත ගසද්දී...දෙදෙනාම ඉදගෙන හිටියේ වෙරළ තීරයට මුහුණලා..ඝන කළුවර රාත්‍රිය වර්ණවත් වෙලා තිබුනේ හෝටල් භූමියේ ගස්වටා ඔතා ඇති විදුලි බුබුළු වැල් නිසා..ප්‍රචණ්ඩකාරී රළ නිහඩ වෙලා සිහිල් සුළගත් සමග මුසු වූ සූ හඩක් පමණක් මුළු පරිසරයම වෙලාගෙන තිබ්බේ..
' ආරන්‍යා මොකද..' බියර් උගුරක් පානය කර කෑනය පසෙකින් තැබූ හේෂිත් කියද්දී ලවාන්ත්ගේ ගෙල හරවා ඔහු දිහා බැලුවේ ක්ෂණිකයෙන්..
' ආරන්‍යා...' කොල්ල කිව්වේ කවදාවත් කියලා නැති නමක් කියනවා වගේ..
' ඔව් ආරන්‍යා..වට්ස් ඔන් යුවර් මයින්ඩ් ලවී..වෙන් ෂී කේම් ටූ ටොපික් උඹ වෙනස් වෙනවා..' හේෂිත් කියද්දී ලවී ළය පිරෙන්න හුස්මක් අරගෙන ඉදිරිය බලාගත්තේ බිම තිබූ බියර් කෑනය අතට ගන්න ගමන්...
' ආරන්‍යා නෙවේ මගේ ප්‍රශ්නේ...ඇයි ආරන්‍යා මෙහෙම ඉන්නේ කියන එක..එතකොට ගිෂෝන්ට මොකද වුනේ.. කෝ එයා කියන එක..' ලවාන්ත් කටකොනින් වගේ හිනාවේගෙන කියද්දී හේෂිත් ඔහු දිහාම බලන් හිටියා විතරයි..
' එක්කෝ ලොකු දෙයක් වෙලා..හැමෝම දන්න මං නොදන්න..'
' හැමෝම කිව්වේ අපිටත් එක්කද..' හේෂිත් දෑස් කුඩා කරගෙන වගේ අහද්දී ලවාන්ත් එයට පිලිතුරක් නොදී බියර් උගුරක් පානය කරා..
' ආරන්‍යා මැරි කරලා..හැබැයි ඒ ගිෂෝන්ව නෙවේ..'
' ඒ කිව්වේ..ඒ කෙල්ල මැරි කරේ ගිෂෝන්කාරයාව තමා..මතක නැද්ද හොස්පිටල් එකට ඇවිල්ලත් ඌ ඒ ගැන කිව්වේ...' ලවාන්ත් කියන දේවල් හේෂිත්ට බහුභූත වගේ දැනෙන්නේ..හේෂිත්ගේ වචන මොහොතකට ලවාන්ත්ව අතීතයට ගෙනියද්දී ඔහු හිසවැනුවේ එය එසේ වූ බවට ඉරහද වගේ විශ්වාස නිසා...
' ආරුගේ බබාව ස්කූල් එකෙන් ගන්න අද ඒකී ගිහින් නෑ..වෙන මිනිහෙක් ඇවිත් ළමයාව එක්ක ගිහින්..හැබැයි ඒ ගිෂෝන් නෙවේ..' කොල්ලා හේෂිත් දිහා බැලුවේ එහෙම කියන ගමන්..ඒ වෙද්දිත් හේෂිත් හිටියේ කල්පනාවක ගිලිලා..ලවාන්ත් බලද්දී ඔහුව ගැස්සුනා කියලා ලවාන්තට දැනුනා..
' මොනාද ඔක්කොම මගෙන් හංගන්නේ..' ලවානත්ගේ හඩේ තිබ්බේ අසාමාන්‍ය සන්සුන් බවක්..කලින් තරම් කලබලයක් නැති නිසාම හේෂිත්ට හිතුනා ඔවුන් දන්න දේ ලවාන්ත් දැනගත යුතුයි කියලා..
' අපි ලොකුවට දෙයක් දන්නේ නෑ ලවී..ඔයා රට ගිය දවසේ ගිෂෝන්ට කරදරයක් වුනා..අපි හිතුවේ ඒ ඔයාගේ වැඩක් කියලා..ඒත් එහෙම නෙවේ නිසා අපි ඒ ගැන හොයන්න ගියේ නැහැ...ගිෂෝන් හොද කොල්ලෙක්..ඒ වුනත් එයාට තරහාකාරයෝ නැතිවෙන්න බෑ..ඒ සීන් එකෙන් පස්සේ අපි ආයේ එයාලට මොකද වුනේ හොයන්න ගියේ නෑ...අවුරුදු තුනකට විතර පස්සේ උන්ට මොකක් හරි ප්‍රශ්නයක් වුනා..ගිෂෝන්ට මොනාද වුනේ කියන එක අපි දන්නේ නෑ...අපිට ඒ ගැන හොයන්න වුවමනාවක් තිබ්බේ නෑ බං..අනික මේ අවුරුදු හයට උඹ එක සැරයක්වත් ආරන්‍යාගේ නමවත් කිව්වේ නැහැනේ...අපිට මතක් වුනෙත් නෑ..' හේෂිත් කතාවට ලවාන්ත් සවන්දීගෙන හිටියේ හිත තුල දාහක් ප්‍රශ්න මතුවෙද්දී...
' හ්ම්..හරි එයාලට කරදරයක් වුනා කියමුකෝ...ඒත් ආරන්‍යා ඇයි අපි ලග වැඩට ආවේ..හරිනම් එයා මගේ හොටෙල් එක දැක්කත් දුවන්න ඕනේ..'
' ඒකනම් මටත් ප්‍රශ්නයක් ලවී..මාවත් ෂොක් වුනා..'
' ඒකනම් හොයන්නම ඕනේ හේෂිත්..' ලවාන්ත් සෑහෙන්න කාලෙකට පස්සේ හේෂිත්ට නමින්ම කතා කරේ..ඒ නිසාම ඔහුට දැනුනා ලවාන්ත් දැඩි ලෙස මේ දිහා බලනවා කියන එක..ඔහු එය අත්හැර දැම්මොත් තමා පුදුමේ..ඒ වුනත් හේෂිත් හිත කිව්වෙම ලවාන්ත්ව නවත්තන්න කියලා..ආරන්‍යා කියන අකුරු හතර ගෑවෙන තැන ලවාන්ත්ගේ ජිවිතේ නොසිතූ අතකට හැරෙනවා කියන එක හේෂිත්ට දැනුනේ ඒ කාලේමයි..
' ලවාන්ත්...' හේෂිත් අහද්දී කොල්ලා 'හ්ම්' කිව්වේ ඉදිරිය බලාගෙනමයි..හේෂිත් ඔහුගේ නම කියලා විරාමයක් ගත්ත නිසාම ලවාන්ත්ට තේරුනා ඔහු ඊලගට අහන්න යන්නේ හේෂිත්ගේ හිතේ මේ වෙලාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ බව...
' මං අන්තිම සැරේට අහන්නම්..ඩූ යූ හැව් ෆීලින්ග් ෆෝ හර්? ඕර් ඩිඩ් යූ ? වට්ටෙවර්..බට් වයි ? '
( ඔයාට ඒ කෙල්ල ගැන හැගීමක් තියෙනවාද ? නැත්නම් තිබ්බද ? මොකක් හරි කමක් නෑ..ඒත් ඇයි ?' හේෂිත් ප්‍රශ්න අහන්න පටන් ගත්ත වෙලාවේ ඉදලා ලවාන්ත් හිටියේ ඔහු දිහා බලාගෙන..හේෂිත්ගේ ප්‍රශ්නය අවසන් වෙත්ම ඔහු ඉදිරිය බලාගත්තේ හිතේ ඇතිවුන ගැස්මට...
' ම්ම්..නෑ...ආරන්‍යා ස්පෙෂල්..ඒ ඇයි කියන්න දන්නවානේ...එදා වුන දේ නිසා..තිනුක කිව්වා හරි.. හැමදේම වුනේ අමුතුවට...අනික කිසිදෙයක් ඩිඩන්ට් ගෝ ඈස් ප්ලෑන්ඩ්..ඇන්ඩ් අයි වොස් ලයික් ' ඉව්'...යූ නෝ..මම ෆස්ට් ටයිම් ෆේල් වුනේ..ඇන්ඩ් ඉට්ස් හර්ට් මී...අයි ස්ටිල් ඩෝන්ට් නෝ ඇයි මං ආරුව අත් හැරියේ කියන්න..මේ බී ඒ ගිෂෝන් නිසා..එනිවේ මට ඒ කෙල්ල ගැන උඹලා හිතන විදිහේ දෙයක් නෑ...අහ් මේක අමතක කරන්න එපා.. ෂීස් නොට් මයි ටයිප්..' ලවාන්ත් එක දිගට කියන් ගියත් එහි තිබුනේ එකිනෙක පැටලුනු වචන ටිකක් කියලා හේෂිත්ට හිතුනා..ලවාන්ත් අන්තිම ටිකනම් කිව්වේ හිනාවෙලා..
' එහෙනම් කියන්න බලමු අපේ ලවීගේ ටයිප් එක කොයි වගේද ? 'හේෂිත් කොල්ලාගේ කරවටා අතක් දාගත්තේ හිනාවේගෙන එහෙම අහගෙන..
' ම්ම්ම්..' ලවාන්ත් හිස් අහස දිහා බලාගෙන හිටියේ කල්පනා කරනවා වගේ..ඊගාවට කොල්ලා වටපිට බලද්දී හේෂිතුත් ඔහු බලන දිහා බැලුවා..
' ම්ම් අර වගේ..ස්වීට් ඇන්ඩ් ෂෝර්ට්..' ලවාන්ත්ගේ ඇස් තිබුනේ ඈතින් ඉන්න කිෂාලි ලග..තිදිනි හා කිෂාලි බෝට්ටුවක් උඩ ඉදගෙන කතාවක හිටියේ.. කිෂාලි දිහා බලපු හේෂිත් පුදුමෙන් වගේ ලවාන්ත් දිහා බැලුවේ ඇත්තද කියලා අහන්න වගේ බැල්මකින්.. ලවාන්ත් ඔහුගේ පිටට පහරක් ගසමින් හිනාවේගෙනම නැගිට්ටා..
' යමු..' ඔහු කියද්දී හේෂිත් නැගිටගත්තේ ලවාන්ත් ඔහු දෙසට දිගු කරපු අතත් අල්ලගෙන..හුලගට යන කොණ්ඩේ අතින් හදන ගමන් ලවාන්ත් ඉස්සර වුනේ තිදිනි ඈත තියාම ඔහුට එන්න යැයි සන් කරමින් අත වනද්දී...
' කොහොම වුනත් උබේ හිත නවතින්නෙම එක වගේ තැන්වල...' හේෂිත් කිව්ව අප්‍රබංසේ නම් ලවාන්ත්ට තේරුනේ නෑ..ඒ නිසාමයි කොල්ලා නළලත් රැලි කරන් වගේ ඔහු දිහා බැලුවේ..
' උඹව රිජෙක්ට් කරන තැන්වල..' ඒ වචන ටික ලවාන්ත්ගේ හිත එක්වරම ගැස්සුවා කිව්වොත් හරි..ඔහු මොන පැහැදිලි කිරීම් දුන්නත් හේෂිත්ගේ වචන අස්සේ හිටිය අනිත් කෙනා ආරන්‍යා කියන්න ලවාන්ත් දන්නවා..කොල්ලාට තරහක් දැනුනේ කවුරුත් ඔහුව තේරුම් ගන්නේ නැති නිසා..ලවාන්ත්ගේ ඇස්වලට කේන්තිය පිරුනත් ඔහු මුකුත් නොකියා ඉස්සර වුනේ තවත් ඒ ගැන තේරුම් කරලා වැඩක් නෑ කියලා හිතෙද්දී..ඒත් තව අඩියක්වත් ඉදිරියට තියන්න කොල්ලාට බැරිවුනේ ඇමතුමක් ආව නිසා.. ලවාන්ත්ගේ දෙපා නවතිද්දී ඔහු පසුපසින් ආපු හේෂුතුත් ඔහු ලගින්ම නැවතුනා..
' හෙලෝ..' හේෂිත් එක්ක තිබ්බ තරහාටද මන්දා කොල්ලා කතා කරෙත් දැඩි විදිහට..
' තනියම...වෙන කවුරුත්ම නැද්ද..ෂුවර්ද..එතකොට ළමයා..' ලවාන්ත්ගේ හඩේ තිබ්බ කුතුහලේ නිසාම හේෂිත් ඔහු දිහා බලන් හිටියේ..මොනා නමුත් මේ ඇමතුමෙන් ලවාන්ත් ටිකක් කැළඹිලා කියලා හේෂිත්ට හිතුනා..ඒ වුනත් ඔහුට ඇහුනේ ලවාන්ත් කතා කරපු ටික විතරයි..'ළමයා' කියන වචනේ ඇහෙද්දිම හේෂිත් දැනගත්තා මේ ඇමතුමට ආරන්‍යා සම්බන්ධයි කියන්න..ඔහු හිනාවේගෙන වගේ ලවාන්ත්ගේ පිටට තට්ටුවක් දාගෙන ඉස්සරවුනේ හිසින් යන් කියාගෙන සන් කරමින්...අඩි කිහිපයක් ඉදිරියට ගිය හේෂිත් හැරිලා බැලුවේ ලවාන්ත්ගේ කිසිම සද්දයක් නැති නිසා..ඔහු බලද්දී ලවාන්ත් ඔවුන්ට පිටුපා හෝටලේ දෙසට ඇවිදයද්දී හේෂිත් ටික වෙලාවක් ඔහු යන දෙස බලන් ඉදලා හැරුනේ තිදිනි ඔහුගේ නම කියලා කෑගහනවා ඇහුන නිසා..
යාරා සරණි
You are reading the story above: TeenFic.Net