Napuruwessa 02-8

Background color
Font
Font size
Line height

නපුරු වැස්ස 02 ( 08 වෙනි වැසි දවස )

මේ ඉරණම ලියවෙන වෙලාවයි

ඇමතුම අවසන් වූ පසු ලවාන්ත් කාමරයට ආවේ යහළුවන් දිහා බලාගෙන..හේෂිත් ඇහිබම ඔසවලා ඇයි කියලා ඇහුවත් කොල්ලා මුකුත් නොකියාම ඔහු ලගින් වාඩිවුනේ ඇගිලිතුඩුවලින් හිසකේ පිටුපසට කරන ගමන්..එතනින් එහාට ඇතිවුනේ දැඩි නිහඩතාවක්..

' කොහෙවත් යන්නේ නැද්ද ? ' ලවාන්ත් දුරකතනය කරකන ගමන් කතා කරේ නිහඩබව බිදිමින්..

' ලන්ච් එක අරන්ම යමු නේද ? ' අතරැදි ඔරලෝසුව දිහාවට දෑස් යොමුකරන ගමන් තිනුක කියද්දී දුලාන් හිස වැනුවේ එය අනුමත කරමින්..

' දැන්ම ලන්ච් එක ගන්නවාද ..' ලවාන්ත් නැගිටගෙන ඉස්සරවුනේ එහෙම කියාගෙන..

' දැන්ම ගමුනේ..' හේෂිත් කියද්දී කොල්ලෝ ටිකත් නැගිටගත්තා..

' මම තිදීව එක්ක එන්නම්..' ලවාන්ත් ඉක්මනින් කාමරෙන් එලියට ගියේ ඔවුන් අතර තියෙන නිහිඩබව කරදයක් වගේ හැගෙද්දී..කොල්ලෝ ටිකටත් ඒක නොතේරුනාම නෙවේ...

හෝටලේ ඔවුන් නැවති සිටි මහලේම කාමරයක තමයි තිදිනි හා කිෂාලිත් හිටියේ..ලවාන්ත් කොරිඩෝව දිගේ ගිහින් එහි මධ්‍යයේ තියෙන කාමරයක් අසල නතර වුනේ එහි තිබ්බ අංකය දෑස්වලට හසු කරගනිමින්..එය තිදිනි සිටින කාමරය බව දැනගත් ලවාන්ත් එහි දොරට කිහිපසැරයක් තට්ටු කරලා දෑත් පපුව හරහා බැදගෙන හිටියේ දොර විවර වෙනකම්...

' ලුවී...' දොර විවර වෙනවත් එක්කම තිදිනි ඇස් පුංචි කරන් වගේ කියද්දී වෙන කල්පනාවක හිටිය ලවාන්ත් ඇය දිහා බැලුවේ හිනාවෙලා..ඇයට ටිකක් එහාට වෙන්න සුදු පැහැති බාත් රොබ් එක පිටින් ඉන්න කිෂාලිගේ හිසේ සිට පාද දක්වා ලවාන්ත්ගේ ඇස් දිව්වේ තත්පරේකින් වගේ..ඔහු ඉක්මනට තිදිනි දිහා බලද්දී තිදිනි ඇස් කුඩා කරගෙන ඔහු දිහා බලන් හිටියේ...

' අපි ලන්ච් ගන්නයි..ඊට පස්සේ ඇවිදින්න යනවා..දෙන්නම ලෑස්ති වෙලා එන්න..' ලවාන්ත් කියද්දී තිදිනි හිනාවේගෙනම හිසවැනුවා..

' තිදී..මේ දෙකෙන් මොකක්ද හොද..' කිෂාලි එහෙම කියාගෙනම තිදිනි ඉන්න පැත්තට එන්න හදද්දී දැක්කේ දොර ලග ඉන්න ලවාන්ත්ව..ඇගේ අත්දෙකේ තිබ්බේ ගවුම් දෙකක්..ලවාන්ත්ව දැකලා ඇයව ගැස්සුනා කිව්වොත් හරි..කොල්ලා ඒක දැක්කත් ඒ මොහොතේම ඔහුගේ ඇස් ගියේ ඈ අත තියෙන ගවුම්වලට..

' සුදු එක අදින්න..මිනි ඩ්‍රස් ඔයාට ලස්සනයි..' සුදු පැහැති කොට ගවුම පෙන්වමින් ලවාන්ත් කිව්වේ ඇහැක් ගහමින්..ඔහුගේ මූණේ තිබ්බ මනමාල හිනාව දකිද්දී තිදිනිට හිනායන්න ආවත් ලවාන්ත් ඇය දිහා බලලාත් ඇහැක් ගැහුවේ කිෂාලිට නොපෙනෙන්න..

----------

' ගී..මොකද නංගිව තල්ලු කරන්නේ..' මුහුදු වෙරලත් එක්ක දගකරන ගී දිහා බලාගෙන ආරන්‍යා සැරෙන් වගෙ කියද්දී ගී ඇය දිහාවට බැල්මක් හෙලලා අහක බලාගත්තෙ එය ඔහුට නෙවේ කිව්වේ වගේ...පුංචි සෙනුදි හොරෙන් හොරෙන් ගී ලග දැවටෙද්දී ගී කාටත් නොදැනෙන්න ඇයව එහාට කරන විදිහ ආරන්‍යා බලාගෙන..

ශිහානියි , ආරන්‍යායි පුංචි දෙන්නත් එක්ක හවස් වරුවේ මුහුදු වෙරලට ආවේ ලේසියෙන් පොඩි උන්ව කොහෙවත් එක්ක යන්නේ නැති නිසා..ගී ඉස්කෝලේ ගිහින් ආපු වෙලාවේ ඉදලාම මුහුදු වෙරලට එක්ක යන්න කියලා ඇවටිලි කරද්දී ආරන්‍යා ඔහු හා එකග වුනේ ඒ පුංචි ඉල්ලීමවත් ඉටු කරන්න ඕනේ නිසා..ගී යන පාසලත් එක්ක ඔහු දකින දේවල් පවා වෙනස් වෙද්දී ඉදිරියේදී ඔහු ඉල්ලන දේවල් ආරන්‍යාට අරන් දෙන්න හිතන්නවත් බෑ කියලා ඇය දන්නවා...ඒ වගේම පුංචි ගී ඒ දේවල් නිසා දුක්වෙයි , කොන්වෙයි කියන බයත් කෙල්ලගේ හිතේ නැතුවම නෙවේ...තව ටික දවසක් බලලා කොල්ලාව ඉස්කෝලේ අයින් කරගෙන පොඩි ඉස්කොලේකට දාගන්නවා කියලා කෙල්ල හිතුවේ ඒ නිසාමයි...
ආරන්‍යා මුහුදු වෙරලට ආවේ සෑහෙන්න කාලෙකට පස්සේ..නිතරම මේ මාර්ගයේ ගියත් කෙල්ලට කවදාවත් ඒ පැත්ත බලන්නවත් හිතිලා නෑ..එක අතකින් ගීවත් අනෙක් අතත් සෙනුදිවත් අල්ලගෙන රැල්ල පාගපු කෙල්ල පොඩි දෙන්නවත් එක්කගෙනම ආවේ ශිහානි ඉන්න තැනට..

' අම්මා..අර..' ගී ඇගේ සායෙන් ඇද්දේ සරුංගලයක් පෙන්නලා..

' මටත් ඕනේ..' ඔහු කියද්දී ආරන්‍යා හිස වැනුවේ හිනාවේගෙන..වෙරළ තීරයේ සරුංගල් විකුණන මිනිසෙකු ලගට ගිය කෙල්ල පුංචි සරුංගලයක් අරගෙන ගී අත තිබ්බා..

' තැන්කියු අම්මා..'ගී ආසාවෙන් කිව්වේ සරුංගලේ අතගාමින්..ශිහානි ඉන්න තැනට ඇවිත් ආරන්‍යා බිම ඉදගත්තේ ගී ඒ අසලටම වෙලා සරුංගලේ යවද්දී...ඒ දිහා පුංචි සෙනුදි බලන් හිටියේ බෙල්ලත් උඩට කරගෙන...

' එදා මුළු රෑම මං අතන නිදාගත්තේ අක්කේ..' ආරන්‍යාගේ ඇස් තිබ්බේ ඈතින් පේන පෙට්ටි කඩයක් ලග...ශිහානිගේ ඇස් දිව්වේ ආරන්‍යාගේ ඇස් නැවතිලා තියෙන තැනට...

' මුළු රෑම මම වෙව්ල වෙව්ල හිටියේ..මම හිතුවේ මම මැරෙයි කියලා..' ආරන්‍යාගේ ඇසිපියවත් සැලුනේ නැති තරම්....කෙල්ලගේ දෑස් රැදිලා තියෙන පෙට්ටි කඩය දිහා බලපු ශිහානි බැලුවේ ආරන්‍යා දිහා..ඇගේ බැල්මේ තිබ්බේ ප්‍රශ්නයක්..ආරන්‍යාට හීනාවුනේ ඇය කියපු දේ ශිහානිට වැටහිලා නෑ කියලා දැනුන නිසා..

' අක්කාව මම මුලින්ම දැක්ක දවසේ රෑ මම මෙතන හිටියේ..අර තිරිසනාගෙන් බේරිලා ඇවිත් මම හැංගුනේ මෙතන..' ශිහානිගේ හිතේ ගැස්මක් ඇතිවුනේ කෙල්ලගේ වචනවලට..ඇගේ ඇස්වල තිබ්බේ කදුළු පටලයක්..ඒත් එයට වඩා පැහැදිලි ඒ ඇස්වල තිබ්බ කේන්තිය...ආරන්‍යා මතක් කරද්දී ශිහානි වුවමනාවෙන්ම වගේ ඒ පැත්ත බැලුවා..

' මගේ ජිවිතේ විනාශ වෙන්න ගත්තේ මෙතන ඉදන්..' කෙල්ල හිනාවෙලා කියද්දී ශිහානිට ඇයට කියන්න ඕනේ මොකක්ද කියලා හිතාගන්න බැරිව හිටියේ..මිනිස්සු දහස්ගාණක් සැනසීම හොයන තැනක ආරන්‍යා අතරමං වෙලා..ගී නිසාම මිස ආරන්‍යා කීයටවත් මෙතනට එන්නේ නැහැ..ඒ අමතක කරන්න හදන අතීතය උඩට එයි කියන බයටනම් නෙවේ.. මොකද මේ වෙද්දිත් ආරන්‍යා වැඩිම වෙලාවක් ගත කරන්නේ තමන්ගේ ජීවිතේ බිලිගත්ත තැන නිසා..සැදෑ කළුවර වෙරල තීරය වෙලාගද්දී ආරන්‍යාට දැනුනා තවත් එතන රැදෙන්න බැරිබවක්..සිහිල් සුළං දහරා ගතෙහි දැවටෙද්දී ආරන්‍යාගේ හිත වේගෙන් ගැහෙන්න ගත්තා..ඒ නිසාමයි ගීගේ විරෝධතාව මධ්‍යයේ කෙල්ල එතනින් පිටවුනේ..

' ගී ස්කෝලේ වැඩ කරන්නේ නැද්ද ? ' ආරන්‍යා සැරෙන් වගේ ඇහුවේ බුම්මගෙන සෝෆාවට උඩට වෙලා එරමිණියා ගොතන් ඉදගෙන ඉන්න කොල්ලාගෙන්..ගී තාම තරහෙන් ඉන්නේ ඉක්මනින් ආව එක ගැන..ආරන්‍යා කතා කරත් කොල්ලා හිටියේ ඔහුට නෙවේ වගේ..

' නැගිටින්න පුතේ..අම්මා වැඩට යන්න කලින් ස්කූල් එකේ වැඩ කියලා දෙන්න ඕනේ..' ගීගේ බාහුවකට තට්ටුවක් දාන ගමන් කෙල්ල කියද්දී ගී ඇයට රවාගෙනම වගේ කාමරේ පැත්තට ගියේ ආරන්‍යා හුස්මක් හෙලමින් පුටුවක ඉදගද්දී..ටිකකින් කොල්ලා ආවේ බෑග් එකත් අරගෙන..එය තුල තිබූ පොත් කිහිපයක් ගෙන ඒවා එකින් එක කෙල්ල බලද්දී ඇය ලගින්ම සිටගෙන සිටි ගී එයට එබීගෙන වගේ බලමින් සැරෙන් සැරේ බැලුවේ ආරන්‍යාගේ මූණ දිහා..

' මගේ ගී හොදයිනේ..ඔක්කොටම තරු හම්බෙලා..' ආරන්‍යා හිනාවේගෙන කියද්දී ගී හිනාවුනේ ලැජ්ජාවෙන් වගේ..

' මොනවාද හෝම්වර්ක් දුන්නේ..' කෙල්ල අහද්දී ගී ඉක්මනට පොතක් අරන් එහි පිටුපස පිටුව පෙරලා පෙන්නද්දි ආරන්‍යා එය බැලුවා..

' පොයම් එකක් රිරයිට් කරන්න දීලා නේද..කෝ එන්න ලියමු..' ආරන්‍යා කිව්වේ බිමින් වාඩිවෙන ගමන්..පුංචි ගීත් ඇය ලගින්ම බිම වාඩිවෙද්දී ඈතට වෙලා ඔවුන් දිහා බලන් හිටිය සෙනුදිත් ඇවිත් ගී ලගින්ම වාඩිවුනේ කොල්ලා ඇය දිහා බලද්දී..සෙනුදි ලස්සනට හිනාවුනත් ගී ඇගෙන් දෑස් මුදෝගෙන බිම තිබුන පොත පෙරලගත්තේ පුරුදු ආඩම්බරකමෙන්..

'මේ ළමයා නම්..කෝ සෙනූ එන්න පුංචි ලගට..' ආරන්‍යා කියද්දී සෙනුදි දණගාගෙන වගේ ඇය ලගට ආවා..

' අම්මී මෙයාට යන්න කියන්නකෝ..' එකවරම ගී කිව්වේ මූණත් රතු කරගෙන වගේ තරහෙන්...

' ඇයි පුතේ..නංගී පව්නේ..'

' මට බෑ..මට එයා ඉද්දී ලියන්න බෑ..'ඔහු හැදුවේ පොත වහගන්න..

' ගී මගෙන් ගුටි නොකා ලියනවා...මේ කෙල්ලව පේන්න බෑනේ මේ කොල්ලට..' ආරන්‍යා සැරෙන් වගේ කියද්දී ගී දෙන්නටම රවාගෙන වගේ පොතට දෑස් යොමු කරගෙන ලියන්න ගත්තේ සෙනුදි බයෙන් වගේ ආරන්‍යාට ලංවෙද්දී...

------

වෙරළ තීරයේ රථගාලේ නිදහස් පැත්තකට වෙන්න ලවාන්ත් ඇතුළු පිරිස පැමිණි මෝටර් රථ කිහිපය නැවතුනේ එකටම වගේ..හේෂිත් අත දිගු කරලා පෙන්නුවේ වෙරළ තීරයේ පෝලිමට ගහලා තියෙන ජෙට් ස්කයි කිහිපය..ලවාන්ත් ඒ එක්කම තිනුක දිහා බලද්දී ඔහු අල්ල පෙන්නුවා..එයට තම අත්ලෙන් පහරක් ගැසූ ලවාන්ත් ඉස්සරවෙද්දී තිනුකත් ඔහු පසුපස ඇදුනා..ලවාන්ත්ගේ දුරකතනය නාද වුනේ ඒ එක්කම වගේ..ඒ ඇමතුම තිබුනේ තිදිනිගෙන්..කොල්ලා පිටුපස හැරිලා හේෂිත් දිහාවට දුරකතනය විසිකරද්දී හේෂිත් එය අල්ලාගත්තේ වැටෙන්න යද්දී...

' තිදි..' ලවාන්ත් එහෙම කියාගෙන ඉස්සර වුනා..හේෂිත් දුරකතනයට සම්බන්ධ වුනේ ඒ එක්කම වගේ...සේෆ්ටි ගාඩ් ජැකට් දාගෙන ලවාන්ත් හා තිනුක ජෙට් ස්කයි දෙකකට නැගගෙන බැලුවේ අනිත් තුන්දෙනා දිහා..

' උඹ එන්නේ නැද්ද..' තිනුක අහද්දී දුලාන් දෑත් හරස් කරලා කතිරයක් ආකාරයට පෙන්නුවා...

' තිදි ඇවිත්...අපි එක්ක එන්නම්..' ලවාන්ත්ගේ දුරකතනයට ආයෙමත් ඇමතුමක් එද්දී ඒ දිහා බලපු හේෂිත් කිව්වේ දුරකතන තිරය පෙන්වන ගමන්..දුලාන් හා හේෂිත් එතනින් පිටව යද්දී සචින් සේෆ්ටි ගාඩ් ජැකට් එකක් ඉල්ලගෙන පැලදගෙන ස්කයි ජෙට් එකකට නැගගත්තා...

' රේස් එකක් තියමුද ? ' සචින් කියද්දී ලවාන්ත් මහපට ඇගිල්ල පෙන්නා ඔහු හා එකග වුනේ හිනාවේගෙන..ඒ එක්කම කොල්ලෝ තුන්දෙනාගේ දෑස් යොමු වුනේ හේෂිත් හා දුලාන් සමගම එන කෙල්ලෝ දෙන්නා දිහාවට..ලවාන්ත්ගේ මූණේ තිබ්බ හිනාවත් එක්ක අතුරුදහන් වුනේ කිෂාලි ඇදගෙන හිටිය ඇදුම දැකලා..ඇය ඇදගෙන සිටියේ කළු කොට ගවුමක්...

' අපිත් එනවා..' තිදිනි කෑගහගෙනම ඔවුන් ඉන්න දිහාවට දුවගෙන ආවේ කිෂාලිවත් ඇදගෙන වගේ.. ලවාන්ත්ගේ ඇස් කෙලින්ම යොමුවුනේ කිෂාලිට.. ඇය ඉතා සුහද විදිහට හිනාවුනත් ලවාන්ත් එය නොදැක්කා සේ ඇස් හරවාගද්දී තිදිනි ඔහු දිහා බලලා නක්කලේට වගේ හිනාවුනේ ඇස් කොනෙන් කිෂාලිගේ ඇදුම පෙන්නන ගමන්...

' යමුද ?' තිනුක ස්කයි ජෙට් එක තල්ලු කරන්න ගත්තේ එතැන සිටි පුද්ගලයකුගේ උදව්වෙන්..

' අනේ අපිවත් එක්ක යන්නකෝ..' තිදිනි පොඩි එකෙක් වගේ ආසාවෙන් කියද්දී සචින් හිස වැනුවා...හේෂිත් සේෆ්ටි ගාඩ් දෙකක් ඉල්ලගෙන තිදිනි හා කිෂාලිගේ ඇදුමට උඩින් ඇන්දුවේ උපදෙස් දෙන ගමන්..

' මම සචීන් එක්ක එන්නම්..' තිදිනි කියද්දී සචින් ඇය වෙත අත දිගු කරද්දී ඇය ඒ අත අල්ලගෙනම මෝටර් බයික් එකකට නගින ආකාරයට ඔහුගෙ වෝටර් ජෙට් එකට නැග්ගා..

' කිෂාලි මං එක්ක එන්න..'ලවාන්ත් කියද්දී කිෂාලි බැලුවේ තිදිනි දිහා...ඇය හිසින් කිව්වේ යන්න කියලා...

' මං මං තිනුක එක්ක යන්නම්...' තිදිනි ඉක්මනින් එහෙම කියාගෙන තිනුක දෙසට ගියේ වෙරළ රැළිවල හැපෙමින්..ලවාන්ත් ඇය දිහා අමුතුවට බලන් හිටියේ... කිෂාලි ඔහොම හැසිරෙන්න ඇයි කියලා ලවාන්ත්ටව හිතාගන්න බැරිවුනා..ලවාන්ත් තිදිනි දිහා බලද්දී තිදිනි උරහිස් හකුළලා නක්කලේට වගේ හිනාවෙද්දී ජෙට් එක තල්ලු කරගෙන වතුරට ආපු ලවාන්ත් එහි නැගී වේගෙන් රේස් කරලා ඉස්සරහාට ගත්තේ කිෂාලිව මුහුදු වතුරෙන් නෑවෙද්දී..

යාරා සරණි

Sewwandi Jayarathna තැන්කියු නංගී කවර් එකට 💚🦋


You are reading the story above: TeenFic.Net