Napuruwessa 2-05

Background color
Font
Font size
Line height

නපුරු වැස්ස ( 05 වෙනි වැසි දවස )
මේ ඉරණම ලියවෙන වෙලාවයි

' ඔයා වැරදි නෑ ආගී..මටයි වැරදුනේ..' ආරන්‍යා කිව්වේ වේදනාවෙන්..

' ගී ඔයාමයි..මං අඩනවාට පොඩ්ඩක්වත් කැමති නෑ...' පින්තූරය දිහා බලා මුමුණපු කෙල්ල ඒ මත සිපුමක් තියලා දුරකතනය පසෙකින් තිබ්බේ පොඩි ගීව තුරුළු කරන් නින්දට වැටෙන ගමන්...

------------
සමාජශාලාව ගිගුම් දෙන හඩ මධ්‍යයේ ලවාන්ත් ඇතුළු පිරිස එහි විශේෂ පුද්ගලයන් සදහා වෙන් කෙරූ කුටියට පිවිසුනා...අවුරුදු ගානකට පස්සේ අද මිතුරන් ආයෙමත් එක් වුනේ අතීතයේ සුන්දර දවස් මතකයට ගෙන දෙමින්...ඒ වගේම තිදිනි ඈ ඇගේ යෙහෙලියන් පිරිසකුත් ටිකකින් සම්ප්‍රාප්ත වුනේ එහි තිබූ පුංචි අඩුවත් සම්පූර්ණ කරමින්..

'චියර්ස්..' වයින් වීදුරු එකිනෙක ගැටෙද්දී සියලු දෙනාගෙම මුවින් පිටවුනේ නිතැතින්..ලවාන්ත්ගේ නැවත පැමිණීම සැමටම එක් කරේ සතුටක්..කන් අඩි පුපුරවා යන තරමේ ශබ්දයට ඔහුගේ පිරිසේ කිහිපදෙනෙක් නටද්දී ලවාන්ත් හිටියේ මත්පැන් වීදුරුවක් පානය කරන ගමන් ඒ දිහා බලාගෙන..සිගරට්ටුවක් පානය කරමින් ඔහු වෙත පැමිණි තිනුක එය ලවාන්ත් වෙත දිගු කරගෙන ඔහු ලගින්ම ඉදගත්තා.. ලවාන්ත් අත තිබූ මත්පැන් වීදුරුව ඔහු ඉදිරියෙන් තියලා ඩන්හිල් සිගරට්ටුව පානය කර හිස අසුනට හේත්තු කරගෙන මුහුණ උඩු අතට හරවා  මුවින් දුම් වලාවක් පිට කරා...

' මොකද..' තිනුක අහද්දී ලවාන්ත් ගෙල හරවා ඔහු දිහා බැලුවේ 'ඇයි' කියන්නා වගේ බැලකින්..

' ඔහොම ඉන්නේ..ලෙට්ස් ඩාන්ස්...'

' තව ටිකකින්..' ඔහු නැවත දුම් පානය කළ දුම් වළාවක් මුවෙන් පිටකරා..

' ඔයා ඩ්‍රින්ක්ස් ගන්නේ නෑ..' තිනුකගේ ඇස් යොමුවුනේ ඔවුන්ට ටිකක් එහායින් ඉදගෙන ඉන්න කිෂාලි වෙත..ලවාන්තුත් ඒ මොහොතේම ඇය දිහාවට හැරුනා..ඇය හිස දෙපසට සැලුවා ලාවට හිනාවෙලා..

'ස්මෝකින්ග්..' ලවාන්ත් ඔහුගේ ඇගිලි අතර රැදී තිබූ සිගරට්ටුව පෙන්වා කියද්දී ඇය දුන්නේ කලින් ප්‍රතිචාරයමයි..

' ඔහ්...ක්ලබිං ආවේ ෆස්ට් ටයිම් නේද ? ' කොල්ලා හිනාවේගෙනම ඔහුගේ සිගරට්ටුව පානය අවසන් කරලා එය මේසයේ තියෙන කුඩා බදුනට දැම්මා...

' කලින් ඇවිත් තියෙනවා..'ඇය හිමීට වගේ යමක් කිව්වත් ලවාන්ත්ටවත් තිනුකටවත් එය ඇහුවේ නැත්තේ සංගීතයේ ඝෝෂාවට..ලවාන්ත් ඇස් පුංචි කරද්දී තිනුක අතින් සන් කරේ ඇහුනේ නැහැ කියලා..

' මං ඇවිත් තියෙනවා..' ඇය ටිකක් කෑගහලා වගේ කියද්දී එය සාමාන්‍ය තරමට දෙදෙනාටම ඇහුනා..ඔවුන් යමක් අහන්න ගියත් තිදිනි දුවගෙන වගේ ඇවිත් ලවාන්ත්ගෙ අතින් ඇද්දේ ඇය හා නටන්න එන්න කියා පෙරැත්ත කරමින්..තිදිනිගේ බල කිරිල්ල වැඩිකමටම ලවාන්ත් නැගිටගත්තේ හිනාවෙවී...ඝෝෂාකාරී රිද්මයන්ට සිරුර චලනය කරන ගමන් ඔවුන් දෙදෙනා පිරිස අතරට එකතු වුනා..තිදිනි සැරෙන් සැරේ ලවාන්ත්ගේ කනට කර කෑගසමින් කතා කරද්දී ලවාන්ත්ද ඒ ආකාරයෙන්ම ඇයට පිලිතුරු දුන්නේ නර්ථනයේ යෙදෙන ගමන්..

' අරයා ලස්සනයි..' ලවාන්ත් ඇස් කොනෙන් වගේ කිෂාලිව පෙන්නලා තිදිනි එක්ක කිව්වේ ඇසක් ඉගිමරමින්..

' ආ එයාව දාගනන් ලේසී නැහැ..එයා ඩීසන්ට් එඩියුකේටඩ් කෙල්ලෙක්..' තිදිනි කියද්දී ලවාන්ත් හිනාවුනේ ඇගේ ඉනකින් අතක් රදවන ගමන්...

' මම ලවාන්ත්..' ඔහු කිව්වේ තිදිනිගේ මූණටම පාත්වෙලා..තිදිනි හිනාවේගෙනම ඔහුගේ පපුවට දෑත් තියලා ඔහුව එහාට කරා..

' ඔට්ටුවක් දාමුද ? ' තිදිනි අහද්දී ලවාන්ත්ට හිනාවුනේ එයට එකග වෙන්න වුනත් කොල්ලාට ඒ තත්පරේම ඇස්වල ඇදිලා ගියේ ආරන්‍යාව...

' අහ් ෆ#...' ඔහුගෙ මුවින් පිටවුනේ නොදැනීම වගේ..

' ඇයි..බයද ? ' කිසිවක් නොදත් තිදිනි කරේ හිනාවෙන එක.. තිදිනිගේ හිනාව නිසාම එයට එකග නොවී සිටීමට ලවාන්ත්ට බැරිවුනා...

' හරි..ඔයා වැරදි තිදිනි..එයා ඔයාගේ යාළුවා..' ලවාන්ත් කියද්දී තිදිනි ආයෙමත් කරේ හිනාවුන එක..

' ඒ නිසාම තමා මම මෙච්චර ෂුවර් එකෙන් බෙට් එකක් දැම්මේ..එයා කවදාවත් ඔයාට කැමති වෙන්නේ නෑ...' තිදිනි කියද්දී ලවාන්ත් කටකොනින් හිනාවුනා..ඔහු එතනින් ඉවත්වෙන්න යද්දී තිදිනි කොල්ලාගේ අතින් අල්ලගත්තේ ලවාන්ත් එකපාට යන්න හදන්නේ ඇයි කියලා හිතාගන්න බැරිව..

' තව ටිකකින් ඩාන්ස් කරමු..' කොල්ලා එහෙමම ඇවිත් තිනුකට එහා පසින් වාඩි වුනේ මේසය මත තිබ්බ භාගෙට පිරවුන විස්කි වීදුරුවත් අරගෙන..සෑහෙන්න වෙලාවක් ක්ලබ් එකේ කාලය ගත කරත් මත්පැන් හැරුනුකොට ලවාන්ත් වෙන යමක් කරේ නැති තරම්..හැමෝම ගෙවල්වලට යද්දී හේෂිත් හා ලවාන්ත් ආවේ හෝටලයට..ලවාන්ත්ටම වෙන්වූ සුවිශේෂි කාමරයට කොල්ලා ඇතුළුවෙද්දී හේෂිත් ඒ කාමරයට ඉදීරියෙන් තිබූ කාමරයට ඇතුළු වුනේ ලවාන්ත්ට රාත්‍රී සුහ පැතුමක් පවසගෙන..

කොල්ලාට ලාවට වගේ මත්වීමක් තිබ්බත් කෙලින් හිටන් ඉන්න තරම් පණ තිබ්බා..ඔහු ඇදුම් එකිනෙක උනා දමා යට ඇදුම පිටින් ඇදට පැන්නේ හෙට දහවල් වෙනතුරු නැගිටින්නේ නෑ කියලා හිතාගෙන..ඒ වුනත් විනාඩි දහයක් යන්න මත්තෙන් දොරට තට්ටු කරනවා ඇහෙද්දී ලවාන්ත් නැගිටගත්තේ කේන්තියෙන්..ගෙල පිටුපස අතාගාන ගමන් දොර ලගට ඇවිදන් ගියේ පියවෙන්න වෙර දරන දෑස් විවරව තබා ගන්න උත්සහා කරමින්..දොර අරිනවාත් එක්කම කාමරේට ඇතුළු වුනේ බාත් රොබ් එකක් ඇදගත්ත හේෂිත්...

'ඇදුම් දියන්..මං නෑවා..උඹ වොෂ් කරේවත් නැද්ද..' ඔහු ලවාන්ත්ව තල්ලු කරගෙනම වගේ කාමරේ තුලට ගියේ ලවාන්ත් දොර එහෙමම තියෙන්න හැරලා කාමරය තුල විදුලි බුබුළු දල්වද්දී..හේෂිත් කබඩ් එකෙන් ඇදුමක් ගද්දී ලවාන්ත් නිදිමතේ වැනි වැනිම සයනය තියෙන දිහාවට ගියා..සයනය පාමුල වැටී තිබූ යමක් කකුලේ වදිද්දීයි කොල්ලා ඒ දිහා බැලුවේ අමාරුවෙන් වගේ නිදිමත දෑස් විවර කරන්..ඒ වුනත් දැකපු දෙයින් නිදිමත විතරක් නෙවේ මත් ගතියත් ගියා කියලායි කොල්ලාට දැනුනේ...ලවාන්ත්ගේ අත ගියේ වම් ළය පහලට...ලවාන්ත් බැලුවේ හේෂිත් දිහා..හේෂිත් ඒ එක්කම වගේ කොල්ලාගේ පැත්ත හැරෙද්දිම ලවාන්ත් ඉක්මනට කමිසය ඇදගෙන ඇදගත්තේ එය කනපිට හැරී තියෙද්දිම...

' මොකද ? ' හේෂිත් අමුතුවට වගේ අහගෙන කොල්ලා දිහාවට අඩිය තීබ්බේ ලවාන්ත්ට එකපාට මොකද වුනේ කියලා හිතමින්..

' මොනා වෙන්නද ? ලයිට්ස් ඕෆ් කරගෙන යන්න..'සැක නොහිතෙන අන්දමින් කියාගෙනම කොල්ලා ඇදට පැනලා කොට්ටෙකුත් තුරුළු කරගත්තේ හේෂිත් කිසිවක් නොකියා කාමරෙන් යද්දී...

-------
ආරන්‍යා උදේම නැගිට්ටත් හිස පුපුරන්න තරම් කකියන්න ගත්තේ ඇදෙන් බහින්නවත් හිත නොදෙද්දී..ටික වෙලාවක් ඇද විට්ටමට හේතුවක් දාගෙන දෑස් පියාගෙන හිටිය කෙල්ල ආයෙම නැගිටගත්තේ දුරකතනයේ එලාම් එක වැදුන නිසා..ඒ සද්දෙට ගීත් නිදිමතෙන් ඇඹරෙද්දී ආරන්‍යා ඔහුගේ අතට තට්ටු කරේ නම කියලා අමතන ගමන්..

' ගී නැගිටුන්න පුතේ...ඉස්කෝලේ යන්නේ නැද්ද ? ' ආරන්‍යා කියද්දී පොඩි එකා හිටියේ කොට්ටෙට මූණ ඔබාගෙන..

'ගී අම්මා කිරි එක හදන් එද්දී නැගිටලා ඉන්න ඕනේ හරිද ? ' පුංචි ගීගේ හිස සිපගෙන ආරන්‍යා කාමරයෙන් එලියට ගියේ ගී කෝට්ටේ මෑත් කරලා කෙල්ල දිහා බලද්දී..

වතුර කේන්තලේ ලිප තියලා කෙල්ල සින්ක් එක අසල බැම්මට හේත්තුවෙලා ලිප දිහා බලාගෙන හිටියේ හිස්  බැල්මෙන්..හිතේ වැඩ කරේම තව හෝරා කිහිපයකින් පසු ඇය කෙතරම් ශක්තිවන්ත විය යුතුද කියන එක.. දහසැරයක් හිත කිව්වත් කොහෙ හරි ඈතකට පැන යන්න කියලා ආගීගේ මූණ මතක් වෙද්දී ආරන්‍යාගේ හිත නවතිනවා..කෙල්ල කිරි එකත් හදාගෙන කාමරේට යනකොටත් ගී නිදී..

' ගී දැන්නම් අම්මාගෙන් ගුටි කන්න තමා..' ආරන්‍යා කියද්දී කොල්ලා අඩාගෙන වගේ නැගිටගත්තේ මූණත් බෙරි කරගෙන..

' මොන වදයක්ද මන්දා..නිදාගන්නත් නෑ..' ගී මුමුණනවා ආරුට ඇහුනත් ඇය සිටියේ එය නොඇසුනු ගානට..ගී ඇග සෝදගෙන එනකම් කෙල්ල බෑග් එකක් අරන් කොල්ලාගේ ඇදුම් කිහිපයක් එයට දැම්මේ අද ඉදන් ආයෙත් කොල්ලා ශිහානිගේ ගෙදර නිසා...උදේම ගීව බස් එකේ අරන් යන්න කෙල්ලගේ කැමැත්තක් තිබ්බේ නැහැ..ගීවත් ලෑස්ති කරලාම ආරන්‍යා ලෑස්ති වෙන්න ගත්තේ කිරි එකයි බිස්කට් පැකට් එකකුයි ගීගේ අතට දීලා..කළු දිගු ගවුමට ඔහේ කොණ්ඩය උඩට කර ගෙඩිය ගසාගත් කෙල්ල ඇය සතු වූ එකම අත් බෑගයත් , ඇගේ ඇදුම් සහිත උරයකුත් අරගෙන කාමරෙන් එලියට ආවා..ගීගේ කරේ පාසල් බෑගය එල්ලා වතුර බෝතලය අතට දුන්න කෙල්ල හිස් කිරි කෝප්පය කුස්සියට අරන් ගිහින් එය සෝදලා අරන් තියලා සාලෙට ආවේ දුවගෙන වගේ...සියළුම බෑග් අතට ගත්ත කෙල්ල හිස් අතින් ගීගේ අතකුත් අල්ලගෙන ගෙදරින් එලියට බැස්සේ තව වරක් මුළු ගේ පුරාම දෑස් යවලා...

ආරන්‍යා මහ පාරට එනකම්ම පයින් ආවේ..ඒ එන අතරමග අසල්වාසී කීපදෙනෙක් ඇය හා කතා කරද්දී ආරන්‍යා ඔවුන්ට සිනහාවකින් සංග්‍රහ කරන්න අමතක කරේ නැහැ..ඒ වුනත් කෙල්ල ඒඑ කාවවත් ඇසුරට පෙලඹුනේ නැත්තේ ඇයගේ ජිවිත කතාවේ ඇත්තෙන් වචනයක් හෝ ඔවුන් හා කියන්න වෙයි කියන බයෙන්...
ත්‍රීවීල් රථයක නැගලා ආරන්‍යා කෙලින්ම ආවේ ශිහානිගේ නිවසට..කෙල්ල ගේට්ටුව ලගින් බහිනකොට ශිහානි මිදුල අතුගානවා..කෙල්ල ගීවත් උස්සගෙන ගේට්ටුවත් ඇරගෙන මිදුලට ඇතුල්වෙද්දී ශිහානි ඉදලා බිමට අත් හැරලා දාලා කෙල්ල ලගට දුවන් ඇවිත් ඇය අත තිබුන බෑග් කිහිපය ගත්තා..

' මාධව අයියා තාම ලෑස්තිවෙනවාද...' කෙල්ල ගෙට ඇතුළු වුනේ එහෙම අහගෙන...

' ඔව් ආරු..'

' මෙයාත් කපටිකමට ත්‍රීවීල් එකේදී නිදාගත්තා..' ආරන්‍යා කොල්ලාව සෝෆාව උඩින් තිබ්බේ එහෙම කියාගෙන..

' ගී නැගිටින්න..ගී..' ආරන්‍යා කොල්ලාගේ උරහිසින් සොලවද්දී ඔහු නැගිටගත්තේ නිදිගැට කඩමින්..

' අපි ස්කූල් යන්නේ නැද්ද..' ගී ඇහුවේ වටපිට බලන්..

' මාධව මාමා එක්ක යන්න අද..' ආරන්‍යා කියද්දී ගී හිස වැනුවේ ගේ පුරා ඇස් යවන ගමන්..

' සෙනුදිවද හොයන්නේ..' ආරන්‍යා අහද්දී ගී හිස දෙපසට සලලා අහක බලාගත්තේ මූණත් නරක් කරගෙන...ආරන්‍යා හිනාවෙලා කොල්ලාගේ ඔළුව අතගෑවා..

' තේ බීලාද ඉන්නේ ආරු...' ශිහානිගේ ප්‍රශ්නයට ආරන්‍යා හිස වැනුවා විතරයි..ඒ එක්කම මාධව කාමරෙන් එලියට ආවේ සෙනුදිවත් වඩාගෙන..නිදිමතේ මාධවගේ බෙල්ල බදාගෙන හිටිය සෙනූදි ගීව දැක්කා විතරයි මුව පුරෝලා හිනාවුනේ කෙල්ලගේ ඇස් පවා දිලිසෙද්දී...

' අහ් පොඩි මෑන් ගුඩ් මෝනිං..' මාධව ගී දිහ බලලා ආසවෙන් කියද්දී ගී සිහින් හඩින් ඔහුට පිලිතුරු දුන්නේ ලැජ්ජාවෙන්..ගී මාධව එක්ක පිටත්වෙද්දී සෙනුදි හිටියේ ආරන්‍යාගේ අතට වෙලා අඩන්න ඔන්න මෙන්න මූණ හදාගෙන...

' අයියා..බායි..' දුකෙන් පොඩි කෙල්ල අත වනද්දී ගී ඇය දිහා එක් වරක් බලලා ඉස්සරහා බලාගත්තා.. ආරන්‍යාට හිනාගියේ කොල්ලාගේ හිතුවක්කාර පෙනුමට..

'දැන්වත් කියන්න ආරු මොකද වෙන්න යන්නේ කියලා..' මාධවගේ බයික් එක පිටවෙනවා එක්කම ශිහානි අහද්දී ආරන්‍යාට ලොකු හුස්මක් පහල හෙලුවා..

' මට තේරෙන්නේ නෑ අක්කේ..කොහොමත් ආපහු හැරෙන්න බෑ..ඒ මිනිහා මාව දැකලා ඉවරයි..මාව මගහරින්න පුලුවන්කම තියෙද්දීනේ ඇවිත් කතා කරේ..' ආරන්‍යා පුටුවක වාඩිවුනේ සෙනුදිව බිමින් තියන ගමන්..

' ලැජ්ජා නැතිකම..සල්ලාලයා..ඕකට හෙන ගහනවා..' ශිහානී කියද්දී ආරන්‍යා බිම බලාගත්තේ කාට හෙන ඉල්ලුවත් වුන දේවල් වෙනස් වෙයිද කියලා හිතමින්..එහෙම වෙනවානම් ඇය ගෙවන තත්පරයක් ගානේ ලවාන්තට හෙන ඉල්ලනවා...

'ආයේ ඔයාට කරදර කරන්න එයිද ආරු..' ශීහානි අහද්දී ආරන්‍යා ලාවට වගේ හිනාවුනේ අසරණ විදිහට..

' මේ අවුරුදු හයට අපි තමයි වැහැරුනේ..උන් හිටියටත් වඩා හොද සැපට ඉන්නවා..දැන් නම් මං වගේ ගෑණියෙක්ව ඒ මිනිහා ඇගිල්ලකින්වත් අල්ලන එකක් නෑ..එහෙම වුනත් මම ඉස්සර හිටපු ආරන්‍යා නෙවේ අක්කේ..' ආරන්‍යාගේ ඇගිලි තුඩු සෙනුදිගේ හිසකේ අතරින් එහේ මෙහේ යවන ගමන් ඇය කිව්වේ මුවේ තිබුනු හිනාව බිදක්වත් අඩු නොකර..

' මොකක්ද දැන් ඉතින් කරන්න හදන්නේ..දැන දැන ගින්දර පනින්නේ ඇයි..' ශිහානි කියන්නේ එකම දේ..

' අක්කා දන්නවා ඇයි කියන්න..අවුරුදු තුනකට කලින් වුන දේවල් අක්කාට අමතක වුනත් මට අමතක වෙන්නේ නෑ..' ආරන්‍යාගේ ඇස්වල කදුළු පිරුණු දුකටද කේන්තියටද කියන්න ශිහානි දැනගෙන හිටියෙ නැහැ..කෙල්ල නහයත් උඩට ඇදගත්තේ ඇස්වල පිරුනු කදුලු බිමට වැටෙන්න නොදී...

'ඇයි නංගී එහෙම කියන්නේ..මං කොහොමද අමතක කරන්නේ..ඔයා එහෙම හිතුවෙවත් කොහොමද ආරු..'
ශිහානි අඩන්න ගද්දී සෙනුදි ඇය ලගට දුවලා ගියේ බයෙන් වගේ..

' මං හින්දා අක්කේ හැමදේම..ඒ නිසා මම මෙතනින් පැනලා යන්නේ නෑ..' ආරන්‍යා දෑතින්ම කදුළු පිහිදගෙන නැගිටගත්තා..

' මට පුලුවන්නම් මං එනවා...ඒත් මාධව දැනගත්තොත්  විනාශයක් වෙයි..අපි දෙන්නටම එදාට ගුටි කන්න වෙයි ආරු..ඒ මිනිහා මේ මුකුත් දන්නේ නැති නිසා හොදයි..' 

ශිහානිත් කදුළු පිහිදගෙන එහෙම කියලා ඇගේ බාහුවක් බදාගෙන ඉන්න සෙනුදිව එහාට කරගෙන නැගිටගත්තා..

' මේ බෝම්බේ ඔක්කොම අහන් හිටියා..තාම හරියට කතා කරගන්න බැරි නිසා හොදයි..අපිත් කියවන්න ගත්තම ඔහේ කියවනවා..'  ශිහානි මුවේ හිනාවක් තියාගෙන කිව්වේ සෙනුදි බලන ගමන්..කෙල්ල ආරන්‍යාගේයි ශිහානිගෙයි මූණ දිහා මාරුවෙන් මාරුවට බැලුවේ..

ආරන්‍යා දහවල් වෙනතුරු ශිහානිට ගෙදර දොරේ වැඩ කටුයුතු කරන්න උදව් කරමින් කාලය ගත කරේ අද මෙහි සිටම වැඩට යන්න හිතාගෙන..ශිහානි කීපසැරයක්ම ආරන්‍යාගේ හිත වෙනස් කරන්න සූදානම් වුනත් ආරන්‍යා හිටියේ ඇය අවුරුදු තුනකට කලින් ගත්ත තීරණේම එල්ලිලා..දහවල් කෑම සියල්ල පිලියල කරලා කුස්සියත් අස් කරලාම තමා දෙන්නා එලියට ආවේ..ඒ වෙද්දි පුංචි සෙනුදි හොදටම නිදි...
හරියටම පාසල් ඇරෙන වෙලාව ලංවෙත්ම ආරන්‍යා ගීගේ ඉස්කෝලේ ලගට වෙලා අව්වේ හිටගෙන හිටියේ පාසල් ගේට්ටුවෙන් පිටතට එන පුංචි ළමයි දිහා බලාගෙන..ඒ එක්කම ගේට්ටුවට එහා පසින් සිටි ගී දුවගෙන ඇවිත් කෙල්ලගේ කකුලක් බදාගද්දී ආරන්‍යා ඔහුව ඔසවාගෙන කම්මුලක් සිපගත්තා...

'  දනුෂ්‍ර..' ගීගේ යාලුවා දිහේන් කෑගැහුවේ කොල්ලාගේ නම කියලා...ඒ එක්කම ගී ඒ දිහාවට හැරිලා ඔහුට අතවනද්දී දිහේන්ගේ මව ආරන්‍යා එක්ක ලාවට වගේ හිනාවේගෙන ගිහින් ඔවුන්ගේ මෝටර් රියට නැග්ගා..ඒ හිනාවේ එතරම් සුහද බවක් තිබ්බේ නෑ කියලා කෙල්ලට තේරුනත් ආරන්‍යා ඇය හා මුවපුරා සිනාසුනා...පුංචි ගීවත් අරගෙන කෙල්ල සුපුරුදු බස් නැවතුමෙන් ඇවිත් ඉදගත්තේ ගීව උස්සන් ආපු මහන්සියට හති අරින ගමන්...

ගීත් එක්ක ගෙදර ආපු කෙල්ල කොල්ලාව නාවලා කවලා පොවලා නිදි කෙරෙව්වේ ඇයත් ඔහු ලගින්ම ඇලවෙමින්...කෙල්ලගේ ඇස් පියවෙන්න ඒ හැටි වෙලාවක් ගියේ නැහැ..හවස ශිහානි ඇවිත් කතා කරනකම්ම ආරන්‍යා ගීව බදාගෙන හොද නින්දක...

ගීට නිදාගන්න ඉඩ හැරලා ආරන්‍යා හීන් සීරුවේ නැගිටගත්තේ කොල්ලා ඇහැරෙයි කියලා බයෙන් වගේ..කෙල්ල නැගිටලා ඇවිත් ලෑස්ති වුනේ දැනටමත් හොදටම පරක්කු වෙලා නිසා..දිගු දුඹුරු පැහැති ගවුමක් ඇදගෙන කොණ්ඩේ පෝනිටේලයක් බැදගත්ත කෙල්ල බෑග් එකයි ඇදුම් දැමූ උරයයි අරගෙන පුංචී ගී ලග ගිහින් නැවතුනා..

'ගී..ගී..'කොල්ලා ඇහැරුනේ අමාරුවෙන් වගේ..

' අම්මා යන්නයි පුතේ...' ආරන්‍යා කියද්දී ගී නැගිටගත්තේ මුළු මූණම අදූරුවෙද්දී..ආරන්‍යාට ඒක නොදැනුනා නොවේ..

' ඉක්මනට එන්න..' කවදාවත් ආරන්‍යා ඉස්සරහා ගී දුකින් ඉන්න කැමති නෑ..පුංචි වුනාට හරි අමුතු ගති පැවතුම් කොල්ලාට තිබ්බේ...ආරන්‍යා ගීව බදාගෙන මුළු මූණම සිපගෙන තුරුල් කරගත්තා..

' නංගිට ගහන්න එපා ගී..එයා පොඩිනේ..'ආරන්‍යා කොල්ලට මතක් කරද්දී ගී කරේ හිස වනපු එක...ආරන්‍යා ගීගේ අතින් අල්ලගෙන ගෙදරින් එලියට ආවා..ආයෙමත් කොල්ලගේ මුළු මූණම් සිපගෙන ආරන්‍යා ශිහානිගේ නිවසින් පිටවුනේ ඔවුන්ව නොපෙනී යනකම්ම හැරී හැරී බලමින්...

ආරන්‍යා සුපුරුදු විදිහට හෝටලේ පිටුපස පිවිසුමෙන් ඇතුල් වුනත් හෝටල පරිශ්‍රයට අඩිය තියද්දිම යටි පතුල්වලින් පටන් ගත්තු හිරිවැටීමක් මුළු ගත පුරාම විහිදී ගියේ ඇයගේ නළලේ දාබිදු මතුවෙද්දී...කෙල්ල මුලින්ම ගියේ ගැහැණු සේවකයන් සදහා වෙන් වූ කොටසට..එහි ඇයගේ බඩු බාහිරාදිය තබන කොටසෙන් බෑග් එක තියපු කෙල්ල උරයේ තිබුන සේවක නිල ඇදුම පිටතට ගත්තා..දණහිස දක්වා වූ කළු ෆිට් සායට සුදු කමිසය යට කර හැදගත් ආරන්‍යා ඇයගේ නම සදහන් බැජ් එක කමිසයේ සාක්කුව අසලින් පැලදගත්තා..මුළු කොණ්ඩෙම උඩට කර පීරා ගෙඩියක් ආකාරයට පිටුපසින් බැදගෙන එය තදවෙන සේ කටු කිහිපයක් ගහගත්තේ එවෙලේහි එතන සිටි කාන්තාවකගේ උදව්වෙන්..කුඩා උස ප්‍රමාණයක අඩියක් සහිත පාවහනක් පෑලද ගත් ආරන්‍යා දුරකතනය සාක්කුවේ දාගෙන එයින් පිටතට ආවා..කෙල්ල මුළුතැන්ගේ තියෙන දිහාවට අඩි තිබ්බේ හොර වැඩක් කරන්න යනවා වගේ..ටිකෙන් ටික වෙලාව යද්දී ආරන්‍යාගේ හිතේ බය අඩුවෙලා ගියේ  ලවාන්ත්ගේ හැඩරුව තියෙන පුද්ගලයෙක්වත් පේන්න නැතිවෙද්දී...

'ආරන්‍යා ලාස්ට් ෆ්ලෝ එකේ 48 වී අයි පී රූම් එකේ ප්ලේට්ස් අරන් එන්න..එයාලා ඩිනර් එක අරන් ඉවරලු..' දුෂාන්ත කෑගහලා වගේ කිව්වේ මුළුතැන්ගේ හරහා කෑම පිගන් වගයක් උස්සන් යන කෙල්ලට..

' හරි සර්..' ආරන්‍යාත් කෑගහගෙන වගේ පිලිතුරු දුන්නේ දුෂාන්ත හිටියේ ඈතින් නිසා..කෙල්ල ඉක්මනින් පිගන් ටික මේසයක් මතින් තියලා ඇය පැලද සිටි ඒප්‍රණය ගලවන ගමන්ම එතනින් පිටත් වුනා..මුලුතැන්ගෙයින් පිටතට එන්න කලින් ඒප්‍රණය බිත්තියේ ගසා තිබූ කොක්කක එල්ලගෙනම කෙල්ල එයින් පිටතට ආවා..ආපනශාලාවට විරුද්ධ පසින් තියෙන කොරිඩෝව දිගේ ගිය කෙල්ල සේවක මණඩලා සදහා තියෙන සෝපානයට ගොඩ වුනා..උඩුමහලට අඩිය තියද්දිම ආරන්‍යාගේ හිත ගැහෙන්න ගත්තේ අවුරුදු හයකට කලින් මේ මහල දිගේ ඇය බීමත්ව සිටි ලවාන්ත්ව වත්තම් කරන් ගිය විදිහ මතක්වෙලා..

'ඉන්නවාද දන්නේ නෑ..' ආරන්‍යාගේ හිතට ගැස්මක් ආවත් කෙල්ල ඉක්මන් අඩි තියලා හතලිස් අටවෙනි කාමරය වෙත ගියා..එහි දොරට තට්ටුවක් දාද්දී එයින් පිටතට පැමිණියේ මැදි වයසේ පුද්ගලයෙක්..ඒ එක්කම ආරන්‍යා ඔහු හා සුහදව හිනාවේගෙන ඇය ආ කාරණය දන්වද්දී ඔහු ඇයට කාමරයට ඇතුලුවෙන්න ඉඩ දුන්නා..ඒ ක්ෂණිකවම කාමරයට ගිය ආරන්‍යා එහි තැනින් තැන තිබූ වීදුරු පිගන් සියල්ල කෑම රැගෙන එන කුඩා ට්‍රොලියේ තියාගෙන කාමරෙන් පිටත්වෙද්දී කාමරයේ සිටි මැදිවයසේ කාන්තාව ඈ අත මුදලක් තැබුවේ කෙල්ල එපා කියද්දී..ඒත් ඇගේ පෙරුත්ත නිසාම ආරන්‍යා එය පිලිගත්තේ දහස්වරක් ස්තූති කරලා..

කෙල්ල කාමරෙන් එලියට ඇවිත් ඔවුන්ට සුභ පතලා එතනින් පිටත් වුනා..කෑම එහෙ මෙහෙ රැගෙන යන කුඩා ට්‍රොලියත් තල්ලු කරගෙන කෙල්ල ආපසු එන ගමන් හිටියේ..කෙල්ල ඈත තියාම දැක්කා සෝපානයේ දොර ඇරෙනවා...ආරන්‍යාගේ හිත ගැස්සුනා..‍මේ මහලට ආපු වෙලාවේ ඉදලා කෙල්ල ඇතුලතින් ගැහෙමින් හිටියේ ලවාන්ත් කොයියම් මොහොතක හෝ මතුවෙයි කියලා...ඒ නිසාමයි කෙල්ල ගැහෙන හිතින් සෝපානය දෙසට දෑස් එල්ල කරගෙනම නැවතිලා ඈතට වෙලා බලන් හිටියේ...ආරන්‍යාගේ ඇස් පුදුමයෙන් පිරුනේ එයින් පිටතට ලවාන්ත් එනවා දකිද්දී..කෙල්ලට එකපාට හැරුනේ ට්‍රොලියේ තිබූ පීරියක් බිම වැටෙද්දී..එහි තිබු ඉතුරු වූ කේක් කැබැල්ලක් බිමට විසිවෙලා ගියේ පීරිසිය දෙකඩ වෙද්දී...ආරන්‍යගේ විතරක් නෙවේ සෝපානයෙන් පිටතට ආපු ලවාන්ත්ගේ ඇස් පුදුම වෙන්න ඒ හැටි වෙලාවක් ගියේ නැහැ..ඔහු ආරන්‍යා දකිනවාත් එක්කම  කෙල්ල කලබලේට හැරෙද්දී වුන දේ ලවාන්ත් බලාගෙන..ආරන්‍යා ඉක්මනට බිම ඉදගෙන පීරිසියේ කටු අහුලන්න ගත්තේ බයටම යටිතොල දසන්වලට තද කරගෙන..ලවාන්ත් ඇයව දැක්කද නැද්ද කියලා කෙල්ලට හිතාගන්න බෑ..ලවාන්ත් ඒ දිහාවට එන හින්දා ආරන්‍යා ඔහුට පිටුපාලා හිමින් හිමින් වීදුරු කටු අහුලන්න ගත්තේ ඔහුට කෙසේ හෝ මූණ නොපෙන්වා ඉන්න හිතාගෙන..ලවාන්ත්ගේ අඩි සද්දේ ඇහෙද්දී ආරන්‍යා හුස්ම හිර කරන් වගේ හිටියේ සද්දෙට හුස්ම ගන්නත් බයෙන්...ෆෝන් එකත් කරක කරක එන ලවාන්ත්ගේ මුවේ ඇදුනු හිනාව කොල්ලා නවත්ත ගත්තේ නාසය උඩ මහපට ඇගිල්ලෙන් කසමින් වගේ..ලවාන්ත් ඈත තියාම දෑස් ආරන්‍යා මත්තේ අලවගෙන හිටියේ..

' මැණිකේ මගේ හිතේ..
නන්න්නා නුරා හැගුම්..නානා
නනනානා..
නෙරියේ නුබේ නගේ
මගෙ නෙත් එහා මෙහා යාවි..
මා හිත ලගම දැවටෙනා..නන නනන නාන නා
රුවනාරී නනනානා සුකුමාලි ඔබ තමා..'

ආරන්‍යා අහුලා ගත්ත කුඩා වීදුරු කැබැල්ලත් ආයේම බිමට වැටුනේ ලවාන්ත්ගේ සිංදුවට..අමාරුවෙන් වගේ ඉංග්‍රීසී හුරුවට සිංහල වචන කියමින් දන්න වචන ටිකෙන් සිංදුව මුමුණ මුමුණ යන විදිහ ඇහෙද්දී ආරන්‍යාට හිනායන්න ආවත් එය වියැකී ගියේ ලවාන්ත් කවුද කියන එක ඔලුවට එද්දී...බිමට නැමිලා වීදුරු කටු අහුලන කෙල්ල ලගින් ලවාන්ත් යන ගමන් හොරැහින් වගේ බැලුවේ ඔහුට පිටුපාලා බිමට හැරිලා ආරන්‍යාගේ මූණ දකින්න ලවාන්තට බැරිවුනා..ඔහු ඇයව පහු කරගෙන ටික දුරක් ගිහින් කාමරයටකට ඇතුළු වෙනවා ආරන්‍යා බලාගෙන හිටියේ..කෙල්ල ඉක්මනින් කේක් කෑල්ල හා වීදුරුව පිරීසි කැබැලි දෙක ඇහිදගෙන සෝපාන පේලිය දෙසට වේගෙන් අඩි තිබ්බා...සේවකයන් සදහා තියෙන සෝපානයට කෙල්ල ඇතුලු වී එහි පහත මාලය සදහා බොත්තම එබුවේ ලොකු හුස්මක් අත් හරින ගමන්..

'මම හිතුවේ දැක්කා තමයි කියලා..' ආරන්‍යා සැනසුම් සුසුමක් හෙලුවේ වැසී යන සෝපාන දොරෙන් පේන උඩු මහල දිහා බලාගෙන..ඒ එක්කම කෙල්ලගේ ඇස් පුදුමයෙන් විසල් වුනේ ලවාන්ත් ඔහුගේ කාමරයෙන් පිටතට විත් බිත්තියට උරහිසක් හේත්තු කරගෙන ෆෝන් එක කරකන ගමන් සෝපානය දිහා බලාගෙන ඉන්න විදිහ දැකලා..

යාරා සරණි


You are reading the story above: TeenFic.Net