5th Melody 🎶

Background color
Font
Font size
Line height

මම ඇස් දෙකත් පිහදාගෙන ආයෙත් බැලුවෙ මම දැකපු කෙනා ඇත්තටම එයාද කියලා.
එක පාරටම මට හොඳටම හිනා ගියා..ඔව් ඒ එයා තමයි... Woollim එකේ පඟර නැට්ටි !!

එයා හිටියෙ වෙලාවත් බල බලා හරියට කවුරුහරි එනකල් වගේ . මුන්දැ මොකද මේ අපේ කම්පැනි එක ඉස්සරහ කරන්නෙ කියල මට ප්‍රශ්නයක් මතු වුණේ ඒ දවස් වල වුණ දේවල් එක්ක..මොකද ඉතින් හිරේ ගියා කියලා හිත වෙනස් වෙලා නැතිව ඇතිද දන්නෙ නැහැනෙ.

බිල්ඩින් එක ඉස්සර තිබ්බ පඳුරකට මුවා වෙලා මම පඟරි දිහා බලන් හිටියා ඇස් දෙක අහකට ගන්නෙම නැතිව .
ඩයල් එක බලන් ඉන්නවා ඉන්නවා යකූ මොන පිටසක්වලයෙක් එතනට පාත් වෙනකල් ඉන්නවද දන්නෙත් නැහැ .

🐰" කම්චගියා !!! " 

එක පාරටම කෑ ගැහුණේ සීතල අතක් මගෙ බෙල්ලෙ ගෑවෙද්දී .

තප්පරයට කිලෝ මීටර හැට දෙකයි දශම පහක වේගෙට පොළව සිප ගත්ත පශ්චාත් බාගෙට අත තියාගෙනම මම ඔලුව උස්සලා කවුද මේ සොම්බියා කියල බැලුවා

" හී හී හී !! මොකද ඕයි පඳුරු අස්සෙ රිංගගෙන කරන්නෙ ආ ? "

හිත මිතුරු පින්වතුනි ඒ කවුරු කියලද හිතන්නෙ...කිසිම සද්දයක්වත් නැතිව ළඟට එන්න පුලුවන් කාටද ?? හිතන්න බලන්න....

ඔව් ඔව්....මං ඉස්සරහ හිටියේ යුන්ගි හියුන්ග් තමයි.

🐰" අර බලන්නකො හියුන්ග් ! "

මම පෙන්නුවෙ Woollim පඟර නැට්ටිව ...

" ජින්චා !! අර ඩයල් එක නේද මේ...ආයෙ මොකද දන්නෙ නැහැ මේ පැත්තෙ "

හියුන්ග් මට වඩා උනන්දුවෙන් ඒ දිහා බලාගෙනම පඳුර ළඟින් වාඩි වුණා ...

අපි දෙන්නා විනාඩි දහයක් විතර බලාගෙන හිටියා

" ජන්ග්කුකා !!! ඔය ගෑනි ඉන්නව ඇත්තෙ බස් එකක් එනකල් වෙන්න ඇති . අපි මෙතන ඉන්න එක තේරුමක් නැහැ. කජා කජා !! දැන් පිස්සුව සනීප ඇති "

හියුන්ග් එහෙම කියල යන්න ලෑස්ති වෙනකොටම පඟර නැට්ටි ගාව නතර කළේ හෝලි ඩේවිඩ්සන් වර්ගෙ මෝට' ෝසයිකල් එකක් .

🐰" හියුන්ග් හියුන්ග් !! ඉක්මනට බලනවාකො "
මම කියනවත් එක්කම යුන්ගි හියුන්ග් හැරිල බැලුවා."

" ඔහ් !! අර දුන්න බෑග් එකේ ඇත්තෙ බෝම්බයක්ද දන්නෙ නැහැ "  යුන්ගි හියුන්ග් ඒක කීවේ ඇත්තටමද මන්දා .

🐰" මොකක් වුණත් අපිට ඇලට් එකේ ඉන්න වෙනවා හියුන්ග් "

මම කියනකොටම විදුලි වේගෙන් ආව තවත් බයික් එකක්  පඟර නැට්ටි අතේ තිබුණ ඒ බෑග් එක උදුරන් ගියා.

" අන්ද්වේ !!! අන්ද්වේ !! " එයා කෑ ගැහුවෙ ඔලුවත් අතේ තියාගෙන....

ඒ හොරෙක්ද දන්නෙ නැහැ.... මට හිතුණා .

 " මොකා වුණත් මට මොකද "  කියල හිතුවට ඩයල් එක ඔලුවෙ අත ගහගෙන අඬන හැටි දැක්කම මට දුක හිතුණා.

" අපි ගිහින් බලමු "
ක්ෂණික නැගිටපු යුන්ගි හියුන්ග්  ඔලුවෙන් මට පෙන්නුවේ ළඟ තිබ්බ බයික් එකක් .

යතුරත් වෙලාවට තිබ්බ නිසා මම තත්ත්පරයක් වත් හිතන්නෙ නැතිව බයික් එකට නැග්ගා...යුන්ගි හියුන්ග් පිටි පස්සෙ වාඩි වුණා...

🐰 " හියුන්ග් !! යමුද ? "
මම බයික් එකත් රේස් කරන ගමන් අහපු ප්‍රශ්නෙට හියුන්ග් උත්තර දුන්නෙ මට තට්ටුවක් දාලා. 

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

Hi guys !!!

මං ආවා !!!!!!!!!!!!!!!!!

සොරි වෙන්න ඕනි කතාව පරක්කු වුණාට..මේ මේ වගේ චුට්ටං චැප්ටර්ස් තමයි මට දැන් දිගටම දෙන්න වෙන්නෙ....

13 ඉඳලා ලෙක්ච'ස් පටන් ගන්නවලු....එතකොට ඉතින් මං හිතන්නෙ නෝ හෙල්ලුම් කොළ මැල්ලුම් සීන් එකක් තියෙයි....හී හී හී....

මාව අමතක කරන්න එපා ඈ....

ආදරෙයි හැමෝටම....මොනවාහරි දෙයක් කියන් යන්න අදත්...

"  හීන වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන අර විතරයි පුංචි විවේකයක වගේම හීන හැබෑ වෙන එකේ නියම සතුට දන්නෙ...ඒක නිසා Work Hard "
.
.
.
.

.
NOTICE !!


ඉහත ඡායාරූපයේ සිටින පුද්ගලයා බරපතළ අපරාධයකට සම්බන්ධ වූවෙකු බැවින් පොලෝසිය සොයමින් සිටී..තොරතුරක් ඇතොත් දැනුම් දෙන්න...
දුක : හතේ ඒවා හත

අංක බම් බම් බම් බම් , කැරට් අල හන්දිය , උඳුපියලිය ලන්ද , බනීලන්තය ..







You are reading the story above: TeenFic.Net