4th Melody 🎶

Background color
Font
Font size
Line height

" රන් සමනල ජෝඩුව වාගේ ,
අපි දෙන්නා මේ මල් පාරේ  "

මැරිල වගේ නිදාගෙන හිටපු මම එක පාරටම ඇහැරුණේ 2x ස්පීඩ් එකට දාල තිබුණ එලාම් එකේ සද්දෙට....

බ්ලැන්කට් එකටත් කකුල දිග ඇරල පයින් පාරක් දීලා නැගිටලා කෙළින්ම බාත් රූම් එකට ආවා....

පැය බාගයක් විතර ඒකෙ ඇතුළෙ ඉඳලා සටපට ගාල රෙඩි වෙලා ගෙදරින් එළියට ආවෙ හයිබ් එකට යන්න...

විනාඩි කීපයක් ගියාට පස්සෙ මම නියම තැනට ආවා....උදේට කාල එච්චර වෙලාවක් නැති වුණාට කම්පැනි එකට එහා පැත්තෙ තිබුණ රෙස්ටොරන්ට් එක දැක්කම නම් හොඳ බඩගින්නක් ආවා...

මැනේජර් උන්නැහේට කෙඳිරි ගාල කොහොම හරි කෑම භවනට ආවා....කෑම සුවඳ උණ්ඩුකපුච්ඡියටත් දැනෙන සීන් එකක් තිබුණෙ....ඒ තරම් කෑම සුවඳයි...

ඕඩ ' කරපු කිම්චි රයිස් එකත් කාගෙන කාගෙන යන අතරෙ මම වෙලාව බැලුවෙ මීටින් එකට පරක්කු වුණොත් ඒක සෑහෙන අවුලක් වෙන නිසා...හොඳ වෙලාවට වැඩිය මිනිස්සු ඇත්තෙත් නැහැ...නැත්තං මං කන කෑමට කට්ටිය බය වෙන්න වුණත් ඉඩ තියෙනවා...

ආමාශෙ රටකජු ඇටයක්වත් දාන්න බැරි සයිස් එකට පිරෙනකල්ම කෑම කාලා මාස්ක් එකත් දාගෙන නැගිටින්න හදනකොටම සොනික් වගේ දුවගෙන ආපු කොල්ලෙක් මේස රෙද්ද උස්සල මං ඉන්න ටේබල් එක අස්සට රිංග ගත්තා...

වුණේ මොකක්ද කියල හිතා ගන්න බැරිව ටික වෙලාවක් කල්පනා කරලා මමත් මේස රෙද්ද උස්සලා අස්සට රිංගපු ඩයල් එකට තට්ටුවක් දැම්මා...

ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ් !!!!!

එයා ඇස් දෙකත් ලොකු කරගෙන කටට ඇඟිල්ල තියල සර්පයා වගේ ෂ්ෂ්ෂ් ගානකොට මට ටිකක් බයත් හිතුණා හැබැයි...පිස්සෙක්ද දන්නෙ නැහැනෙ....

ඔන්න ඔහේ ඕන එකක් මට මොකද කියල හිතල මම එයාට පාඩුවේ ඉන්න දීලා නැගිටල යන්න හදනකොටම මිනිහා මගෙ කකුල් දෙකෙන් අල්ලා ගත්තා....

ජියොන් ජන්ග්කුක් කියන්නෙ අයිඩොල් කෙනෙක් නිසා මම සද්ද කරන්න ගියේ නැහැ...මොනව කරන්නද ඉතින්...

එතකොටම වගේ රෙස්ටොරන්ට් එක ඇතුළට කඩාගෙන පැන්නෙ තවත් කොල්ලො සෙට් එකක්....මොනව වුණත් එයාල කවුරුහරි හොයනව වගේ තමයි මට පෙනුනෙ...ෂුවර් එකටම මේ මේසෙ යට ඉන්න ඩයල් එක වෙන්න ඕනේ...

අර ආපු සෙට් එක රෙස්ටොරන්ට් එක පුරාම ඇස් යවලා අන්තිමේදී යන්න ගියා...මොකක් හරි රණ්ඩුවක් වෙන්න ඇති...පෙනුමෙන් එයාල හයි ස්කූල් ස්ටුඩන්ට්ල වගේ ...

සෙට් එක ගියා විතරයි ටේබල් එක යට හිටපු සොනික් ඩයල් එක එක පාරටම එළියට ඇවිත් ටේබල් එක උඩ තිබ්බ ග්ලාස් එකේ වතුර ඔක්කොම එක හුස්මට බීගෙන බීගෙන ගියා....

🐰" හජිමා !!! මහන්සි වෙලා ඔච්චර වතුර බොන්න එපා !! "

මම කීවෙ මේ පොඩි ඩයල් එක හති දදා වතුර බොන නිසා..

" තිබහයි සම්චොන් "

හෝව් !!! මූ මටද සම්චොන් කීවේ ????

🐰" සම්චොන් ?? ඔයාට වයස කීයද ?"
මම ඇහුවා නෙවෙයි එක පාරටම ප්‍රශ්නෙ එළියට පැන්නා .

" දා සයයි " 

🐰" යාහ් !! මට විසි පහයි...හියුන්ග් කියන්න.සම්චොන් කෙනෙක් නෙවෙයි..අරස්සෝ ?? "

තාම කටේ කිරි සුවඳ වත් ගිහින් නැති මට සම්චොන් කීවම හිතට අමාරුයි හුම් ....

" ජින්ජා ??? අයි ඩී එක පෙන්නන්න බලන්න "

යකූ මූ !!! අපරාදෙ අර යක්ස පැටව් ටිකට මූව පෙන්නන්න තිබ්බෙ කියල හිතෙන්නෙ මේ වෙලාවට තමයි .

🐰" ඒක මං ගාව නැහැ මේ වෙලාවෙ " මගෙ අයි ඩී එක පෙන්නුවොත් හොඳට තියෙයි....

" සම්චොන් !!! "

අයිෂ් !!! මේක හරියන වැඩක් නෙවෙයි...

🐰" හියුන්ග් !!! "
අනේ මන්දා මම ඇයි මෙහෙම රණ්ඩු කරන්නෙ...මටවත් හිතා ගන්න බැහැ...

කොල්ලා මං දිහා කන්න වගේ බලන් ඉන්නවා...මම ඇහි බැමි උඩට කරල ඇයි කියල ඇහුවා...

" ඔහ් ! ඔයා තඩි කාක්කෙක් වගේ පත සයිස්  බ්ලැක් කලර් කිට් එකක් ගහල මූණත් වහගෙන ඔලුවත් වහගෙන ඉන්නකොට මම කොහොමද අනේ ඔයාට හියුන්ග් කියන්නද සම්චොන් කියන්නද කියල හිතා ගන්නෙ....ඇත්තට ඔයා කවුද ??? අයිඩල් කෙනෙක්ද ? මාෆියා කෙනෙක්ද  ??? නලුවෙක්ද ?? හොරෙක්ද ?? පොලිසියෙන්ද ?? හමුදාවෙන්ද ??? "

මෙයා පිස්සෙක් වගේ කියවනවා....මං කවුද කියල කියන්නත් බැහැ....

🐰" පොලිසියෙන් "

මම එහෙම කීවම කොල්ලාගෙ ඇස් නිකන් වෝල්ට් හැත්තැ පහේ බල්බ් එකක් පත්තු වෙලා වගේ වුණා.....හී හී

" ඒක හොඳයි !! හියුන්ග් "

මේකත් මරු හැබැයි මං පොලිසියෙන් කියල ඩයල් එක විශ්වාස කරනවා...

🐰" ඒක නෙවෙයි ඇයි ඔයා හැංඟුණේ ?? අර පස්සෙ ආව සෙට් එකට බයෙන්ද ? "

" ඒක ලොකු කතාවක් "

එයා ඒක කීවෙ ලොකු දුකකින් කියල හිතුණ නිසා මට ඒ ගැන දැන ගන්නම ඕනි කියල හිතුණා ...

🐰" ඔයාට තව විනාඩි එකයි තත්ත්පර විසි එකක් තියනවා "

එතකොට එයා කතාව කියන්න පටන් ගත්තා...
" ම......මම එයාලට බිත්තර වලින් ගැහුවා , ඒක නිසයි එයාල මාව පැන්නුවේ " කොල්ලා කීවෙ බිම බලා ගෙන....

ඇයි එහෙම කළේ කියලා හේතුව අහන්න හදනකොටම එයා ආයෙත් කතාව Continue කරන්න පටන් ගත්තා...

"හනා ( hana 하나) ට එයාල කරදර කරනවා...එයාගෙ ඇස් පේන්නෙ නැති එක එයාගෙ වැරැද්දක් නෙවෙයි !! එතන හිටපු උස හපුටු පෙනුම තියන කොල්ලව ඔයා දැක්කද ? අන්න එයා....එයා හනා          ගෙන් යාළු වෙන්න ඇහුවා.... හනා එයාට කැමති වුණේ නැහැ...ඉතින් එයා ඒකෙ පළිය ගන්න හනාට ගොඩක් කරදර කරනවා.. එයාගෙ පිටේ නරක වචන ලියපු ස්ටිකී නෝට්ස් අලවනවා....එයාගෙ ෆොටෝස් අරන් ඒවා එඩිට් කරල එයාව විහිලුවට ගන්නවා..මට ඒව බලන් ඉන්න බැහැ...."

කොල්ලා කීවෙ ආවේගෙන්....ඒක ඇහුණම මට දැනුණෙ පුදුම කේන්තියක්...

🐰"  හනා කියන්නෙ ??? ඔයාගෙ "

" මගෙ නූනා ....මගෙ එකම සහෝදරී..මම එයාට ගොඩක් ආදරෙයි...එයා කැමති නැහැ තවත් කාටවත් කරදරයක් වෙන්න...ඒක නිසා එයා හැමදේම තනියම ඉවසගෙන ඉන්නවා..."

මට මේ වෙලාවෙ කරන්න පුලුවන් එකම දේ එයාගෙ හිත ශක්තිමත් කරන එක විතරයි...

"ඔයා පොලිසියෙන් නිසා ඔයාට පුලුවන්ද මාව බේර ගන්න "

හුටා !!! කියපු බොරුව අතේ පැළවෙන්න යන්නෙ කුකියෝ...

🐰" ඔහොම ඉන්නකෝ " මම එයාට ඉන්න කියල ඉක්මනට දුවගෙන කාර් එක ගාවට ආවා....මැනේජ'ගෙන් තව විනාඩියක් ඉල්ලගෙන මම අතට ගත්තෙ අපේ Love Yourself  : Answer ඇල්බම් එකේ CD එක...වෙලාවට මං ළඟ ඒක තිබුණා....

🐰" ඔයාගෙ නූනාට මේක අහන්න දෙන්න.....ඔයත් රණ්ඩු වලට යන්න එපා "
මම ඒක බෝයි ගෙ අතට දුන්නෙ ඔටෝග්රාෆ් එකකුත් දාලාමයි....

" ඔයා............."
CD එක දැකපු එයා පුදුම වෙලා මං දිහා බලන් හිටියෙ ඇයි කියල මට තේරෙනවා...

🐰" දේ....ඕකෙ මගෙ වොයිස් එකත් තියෙනවා 🙈                     "

මම එහෙම කියනකොට එයා අංශක 90 ටම නැමිලා ආචාර කළා...

මම එයාගෙ පිටටත් තට්ටුවක් දාලා හැරිලා ආවෙ වැඩි වෙලා ඉන්න බැරි නිසා...

" අන්ද්වේ !! මට එයාගෙ නමවත් අහගන්න බැරි වුණා...."
ඒ වෙලාවෙ ඒක අහන්න මතක් වුණෙ නැති එක ඉතින් මගේ වැරැද්ද....

කොහොම හරි මිටීන් එක පටන් ගන්න විනාඩි දහයකට කලින් මම එතනට සම්ප්‍රාප්ත වුණා....

මීටිමේ ප්‍රධාන මෙව්වා එක මගේ අලුත් මිනි ඇල්බම් එක....එකී නොකී මෙකී අදහස් ගොඩාකුත් එක්ක අන්තිමට ඇල්බම් මල්ලී තව සති දෙකකින් එළියට දාන්න සෙට් එක තීරණේ කළා....

ඇල්බම් එක රිලීස් වෙන සතුටට මම හිතා ගත්තා ජිම් එකට යන්න....අද අම්බානෙකට කෑමත් කාපු එකේ ඇල්බම් එක රිලිස් වෙන දවසට බඩක් එයි කියන සාධාරණ බයක් මට තිබුණා....

යුන්ගි හියුන්ග් ඒ කාලෙ නටපු දැට්දැට් එකේ කෑල්ලකුත් කිය කියා හයිබ් එකෙන් එළියට ආපු මම එක පාරටම නතර වුණේ කෙනෙක්ව දැකලා....

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

අන්න්‍යොන්ග්හසේයෝ !!!!!

කොහොමද මගේ මෝචි බබාල ටිකට......
අදහසක් කියාගෙන තරුවත් ඔබාගෙනම යන්න හොඳේ !! මං පව්නෙ නැත්තං...

ආදරෙයි ඔයාල හැමෝටම.......මෙච්චරක් 😢💜

- “Life is more beautiful knowing that we’ve taken a loan on death. Even light is treasured more when there’s darkness” – RM

Love yourself 💜

I'm
Kim Yeshi ~

ඔයා ආමි කෙනෙක් නම්.....

Trust ONLY BTS ......Okay ?? ONLY BTS
ඔයා ඇත්ත ආමි කෙනෙක් කියල පෙන්නන්න තියන හොඳම කාලෙ මේක...ඒක නිසා වැදගත්ම දේ ඔප්පල ඔයාව විශ්වාස කරනවා කියල මතක තියාගන්න....Toxic වෙන්න එපා....♡

( #millitarygirldriend 😌)
.
.
.
.
.
.
.
.
.
.

පාඩම් කරපියව් දැන් ගිහින්  !!!!!!!!!! 😌😆


You are reading the story above: TeenFic.Net