"ජන්කුකා !! ආශ් මේ පොඩි යකා.."
ජීමින් හිටියේ එලිවේටර් එක ඉස්සරහා කෑ ගහන ගමන්. එයා දැන් ටිකකට කලින් ජන්කුක්ගෙන් අහපු දේට ගුටි නොකා බේරුණ එකම ලොකු දෙයක් කියලා ටේහ්යොන් වුණත් කල්පනා කරා. ඒත් ජන්කුක්ගේ හදවත ඕනිවටත් වේගෙන් ගැහෙන්න අරගෙන තිබුණේ. බිලියනපති ජීමින් දැන් විනාඩි දෙකකට කලින් එයාට එලියට යන්න කතා කරා.
ඉතින් ගුටි කන්න තරම් දේකට වුණා නම් වුණේ ඒක අහන වෙලාවේ ජන්කුක්ව බිත්තියක් අතරට හිර කරන් හිටපු ජීමින්ගේ අත් දෙකයි ඇඟ පණ නැති වෙන විදිහෙ වොයිස් එකකින් ජන්කුක්ගේ කන් පෙත්තකටම ඒක මුමුණපු එකයි. ජන්කුක් දැනගෙන හිටියා ජීමින් කියන්නේ කිසිම ලැජ්ජාවක් තියෙන මනුස්සයෙක් නෙවෙයි කියලා. ජන්කුක්ගේ අප්පා ජීමින් ගැන කියපු දේවල් හැටියට ඔය දේ නොවුණොත් පුදුමයක්.
"ඉතින් මනුස්සයෝ හා කියලා හරි බෑ කියලා හරි නොකියම එතනින් පැනලා ආවේ ඇයි? තව ඩින්ගෙන් මටත් මේකට නැගගන්න බැරි වෙනවා."
ටේහ්යොන්වත් දාලා ජන්කුක් එලිවේටර් එක වහන්න හදපු විදිහයි ඒක වැහෙද්දි ඒ අතරින් පෙනුන ජීමින්ගේ මූණයි මතක් කරගෙන ටේහ්යොන් කෑ ගැහුවා.
"ජන්කුකා මං හිතන්නේ එයා ඔයාට කැමති."
ටේහ්යොන් පපුවට අතක් තියාගෙන ඉන්න ජන්කුක්ව ගාණකට ගන්නෙ නැතුව කිව්වා. ඒත් ටිකකින් ඉකි ගහන්න පටන් ගත්තු ජන්කුක් ටේහ්යොන්ගේ උරහිසකට නැවිලා අඩන්න ගද්දි එයා හොදටම බය වුණා.
"යාහ් කුකී.. මොකද මේ? ඒයි නෑ නෑ.. ජීමින් ඔයාට කැමති නෑ.
ඒත් ඒක අඩන්න තරම් දෙයක්ද?"
මුල් ටික ජන්කුක්ට ඇහෙන්න කිව්වත් අන්තිම ටික මුමුණපු ටේහ්යොන් ජන්කුල්ගේ උරහිසෙන් අල්ලලා එයාගේ මූණ උඩට හරවගත්තා.
"කුකී.. පැටියෝ.. මොකද මේ?"
"ම.. මට එයාට අ...ආදරේ කරන්න බෑ ටේ.. ටේ හ්යොන්ග්. මට එයාව මග ඇ..ඇරගන්නත් බෑ. එ.. එයාට කියන්න මට කැමති වෙන්න එපා කියලා. ප්ලීස්..."
ඇස් බිමට හරවන් නහයත් උඩට අදින ගමන් ජන්කුක් අමාරුවෙන් වචන ගැලපුවා. ජන්කුක්ගේ නහය ඇස් දෙක වගේම රතු වෙලා වගේම එයා හොදටම අඩන එක ටේහ්යොන්ට බලන් ඉන්න ඇරි වුණා.
"මේ අහන්න.. ඔයා එයාට කැමතිද?"
ජන්කුක් ටේහ්යොන් දිහා බලාගෙන ඔලුව උඩ පහල කරා. ඒක හරියට ඔව් කිව්වා වගේ.
"එහෙනම් මොකද එයාව මග අරින්නේ? ඔයාට තිබුණා ඒකට කැමති වෙන්න. මං කියන්නේ ඩේට් එකට."
ටේහ්යොන් හරිම සන්සුන්ව පැහැදිලි කරා. ජන්කුක් කලින්ටත් වැඩිය හයියෙන් ඉකි ගගහා අඩන එක වැඩි වුණෙත් ටේහ්යොන් ඕනිවට වැඩිය සන්සුව ඒක කියපු නිසාමයි.
"ම..මට බෑ හ්යොන්ග්.. මට බෑ එයාට අ.. ආදරේ කරන්න."
"ඔයා හිතන්නේ ජීමින්ගේ පවුල ගැනද? පාක් කියන්නේ කොරියාවෙම ඉන්න ලොකුම බිලියනපතියෙක්ගේ තමයි. ඒත් ඒ එයාගේ අප්පා මිසක් ජීමින් නෙවෙයිනේ. අනික ඔයාටත් සල්ලි නෑ කියලා නෙවෙයිනේ. ඒ ගැන ඔයා හිතන්_____"
එයාට කියන් ආපු දේ සම්පූර්ණ කරන්නත් බැරි විදිහට ජන්කුක් කෑ ගහලා අඩන්න ගත්තේ ටේහ්යොන්ගේ ඔලුවත් එක්ක රිදෙන්න ගනිද්දි.
"එයාට බෑ මට ආදරේ කරන්න."
ඇඩිල්ල අතරෙන්ම ජන්කුක් කියලා දැම්මේ ග්රවුන්ඩ් ෆ්ලෝ එකෙන් නතර වුණ එලිවේටර් එකේ දොර ඇරෙද්දි. ටේහ්යොන් හිටියේ කම්පියුස් මෝඩ් එකේ උපරිමේ. ජන්කුක් ජීමින්ට කැමති ඇති කියලා කවුරුවත් හිතුවෙ නෑ. ඒත් ජීමින් ජන්කුක් වටේ කැරකෙද්දි ගොනා හැරෙන්නෙ පොල් පැලේට කියලා නොදැන හිටියේ මිස්ටර් ජෝ විතරයි.
"හරි එහෙනම් අපි ඒක ජීමින්ට කියමු."
තත්වය තේරුම් ගත්තු ටේහ්යොන් සාමකාමී විදිහට කිව්වේ ජන්කුක්ගේ අතින් ඇදගෙන එලියට යන ගමන්. ජන්කුක් ඉස්සරහදි ටේහ්යොන් වචන පාවිච්චි කරේ බයකින්. මොකද කලින් වගේ අඩන්න ගත්තොත් වටේ පිටාවේ මිනිස්සු තමන් දිහා වැරදියට බලයි කියලා ටේහ්යොන් බය වුණේ.
"ජන්කුකී.. අපි දැන් ඔය මූණ හෝදගමුද? මොකද මං කැමති නෑ මගේ යාලුවා ඇඩුවම කොච්චර කැතයිද කියලා මිනිස්සු දැනගන්නවට."
ටේහ්යොන් ජන්කුකීට හොඳම යාලුවෙක් වුණා. ජන්කුක් ඔලුව වනලා ඒකට එකඟ වෙද්දි ටේහ්යොන් සැනසිලි දායක හුස්මක් පහලට දැම්මා.
"ඉතින් මට කියන්නකෝ.. ජන්කුකි මොකද ජීමින්ටම ආදරේ කරන්නේ කියලා. අනික කවදා ඉදන්ද?"
ජන්කුක් දිහාවට ටිෂු එකක් දෙන ගමන් ටේහ්යොන් අහද්දි එයා හොඳටම රතු වුණා.
"එයාටත් කලින් මං කැමති හ්යොන්ග්."
ජන්කුක් නහය උඩට ඇදලා රතු වුණ මූණ බිමට හරවන් කිව්වේ. ටේහ්යොන් තොල් තද කරගෙන එයාගේ හිනාව පාලනේ කරගත්තේ ආපහු සැරයක් ජන්කුක්ව අවුස්සගන්න ඕනි නැති නිසා.
Prince , CEO , Vampire
________________________
A/N:-
මේ කොටස හරි නෑ නේද?
Blacklove..
You are reading the story above: TeenFic.Net