07

Background color
Font
Font size
Line height

"අංකල් ජෝ අර 1001 ගෙදර ඉන්න කෙනා ගැන මොනාද දන්නේ ?"

ජන්කුක් එයාලගේ මීටින් රූම් එකට ඇවිත් හිටියෙ ටේහ්‍යොන් එක්ක. එදා මාෆියා ගේම් එක සෙල්ලම් කරාට පස්සේ එතන්ට එයාට එන්න වුණේම නෑ. ඉතින් ජීමින්ව මුණ ගැහිලා දවස් දෙකකින් තමයි ජන්කුක් මිස්ටර් ජෝ ගෙන් විස්තර ඇහුවේ.

"ආහ් ඔහොම ඉන්න පොඩි මහත්තයා. මං මිස්ටර් පාර්ක් ගේ විස්තර ගෙනත් දෙන්නම්."

ජෝ එතනින් යනකන් ඉඳලා ටේහ්‍යොන් හැරුණේ ජන්කුක් දිහාවට. සතියෙ මැද දවසක් නිසා අනිත් අය එයාලගේ රස්සාව කරනවා ඇති මේ වෙද්දිත්. ටේහ්‍යොන් වෘත්තියෙන් ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වුණත් තාමත් ටේහ්‍යොන්ගේ එකම එක කතාවක් වත් රිලීස් වෙලා තිබුණෙ නෑ. ඉතින් එයා හැමවෙලේම හිටියේ කිසිම වැඩක් නොකර.

"ජන්කුකී.. පාර්ක් ජීමින් එච්චර සල්ලිකාරයෙක්ද?"

"එයා පාර්ක් මින්සොක්ගේ එකම පුතා කියලා මගේ අප්පා මට කිව්වා. පාක් මින්සොක් කියන්නේ කොරියාවේ පස් වෙනි බිලියනපතියා."

ජීමින් ගැන ජන්කුක් හොයාගත්තු වැදගත්ම දේ එයා ටේහ්‍යොන්ට කිව්වේ පුදුමෙන් ඇස් ලොකු කරගෙන.

"දෙවියනේ පෙන්ත්හවුස් එක නෙවෙයි. ඒ කියන්නේ එයාට පුළුවන් මුළු අපාර්ට්මන්ට් එකම සල්ලි වලට ගන්න."

ටේහ්‍යොන් හුස්ම හිරකරන් කෑ ගැහුවා. ජන්කුක් ලාවට ඔළුව වැනුවා. එයාගේ ඔළුවේ තිබුණේ ජීමින් තනියම ඉන්නේ ඇයි කියන එක ගැන ප්‍රශ්නයක්. එයාට උතුරන්න සල්ලි වගේම ඉන්න ලොකු ගෙයක් තිබ්බා කියලා ජන්කුක්ට විශ්වාසයි. ඒත් ඉතින් ජන්කුක් දන්නවා නම් ජීමින් එච්චර දේවල් අත ඇරලා දාලා මෙහෙට ආවා නෙවෙයි එයාව මින්සොක් ගෙදරින් එලියට දැම්මා කියලා.

"පොඩි මහත්තයා මෙන්න ජීමින්ශීගේ විස්තර."

මිස්ටර් ජෝ ජීමින්ගේ ෆයිල් එක ජන්කුක් අතට දෙද්දි ටේහ්‍යොන් දිග ඈනුමක් යැව්වා. හරියට නිකන් 'ඔය ටික බලලා මට කතා කරන්න' කියන්න වගේ ටේ පුටුවකට බර දිලා නින්දකට මුල පිරුවා.

"වාහ් එයා ටේහ්‍යොන්ගේ වයස. මං එයාට ජීමින් හ්‍යොන්ග් කියන්න්ද? ආශ් පිස්සුද ජන්කුක්."

තමන් තොල් මතුරපු දේට එයාගෙම ඔළුවට එකක් ගහගත්තු ජන්කුක් ජීමින් ගේ විස්තර එකින් එක බලන්න ගත්තා. බිලියනපතියෙක්ගේ පුතෙක් වුණාට එයාටම කියලා වෙනම බිස්නස් වගේකුත් තියෙනවා කියන එක ජන්කුක් දැක්කා.

"පොඩි මහත්තයා.. ඒ කොල්ලා නම් හරිම විහිළුකාර පාටයි. එදා මාව දෙතුන් පාරක් මුණ ගැහුණා නේ."

මිස්ටර් ජෝ එදා දවසෙ එයාලගේ මාෆියා ගේම් එක බලන්නත් ජීමින් ආපු වගක් කියද්දි ජන්කුක් හිතාගත්තා ඊලග පාර එයාලගේ තරුණ සංගමේ සෙල්ලම් වලට ජීමින්ට කතා කරන්න.

"ටේටේ හ්‍යොන්ග් අපි මේ සති අන්තෙ ජීමින්ටත් කතා කරමු."

"ඒක හොදයි. කොහොමත් එයා මගේ වයසනේ. ඒයි මේ ජන්කුකා හැමදාම truth or dare කරනවට වඩා මාෆියා ගේම් එක ගොඩක් හොඳයි."

ටේහ්‍යොන් ජන්කුක්ට පැහැදිලි කරා එයාගේ ඩෙයා ඉතිහාසේ යුන්ගිගේ කම්මුලකට ලැජ්ජාවෙන් කිස් දීපූ වාර ගාන මතක් කරගන්න ගමන්.

"ඔව් ඒක හොඳයි. ඔයාලා මං දිනපු වොන් පනස් දාහෙන්ම සෝජු බිව්වෙ නැත්තන්."

ජන්කුක් ටේහ්‍යොන්ගේ ඔළුවට ගහලා මීටින් රූම් එකෙන් එලියට ආවා. ජන්කුක්ගේ නීති ඒ කියන්නෙ අර අනන්‍යතාවය සහතික කරන නීති වලට ජීමින් අත්සන් කරපු ෆයිල් එක ජන්කුක් එයාගේ ලඟට ගත්තා. ඒත් එදා වන්ග් ගේ සිද්ධියෙන් පස්සේ වැදගත් රස්සාවක් කරන මනුස්සයෙක්ව වුණත් ජන්කුක් එකපාරින් විශ්වාස කරන්න බය වුණා. ඒ වගේම තාම දහ අටක් පිරිලා නැති ලමයි ඉන්න හැම නිවසකටම ලමයිව ආරක්ෂා කරන විදිහ ගැන කියලා අත් පත්‍රිකාවක් යවන්නත් එයාට පු‍ලුවන් වුණා.

.
.

"ඊළඟ කෙනා කවුද?"

"මං ඔයාට විස්තර එවන්නම්. තව දෙන්නෙක් ඉතුරු වෙලා ඉන්නවා. හදිසි වෙන්න ඕනි නෑ මිස්ටර් පාර්ක්."

ජීමින්ගේ ඉස්සරහින් සෝෆා එකේ ඉදගෙන ඉන්න ආගන්තුකයා කිව්වා.

"ආහ් ඔයා ජන්කුක්ව හම්බුණා කියලා ආරංචියක් ආවා. මං කියන්නේ එයාට ලං නොවී හිටියොත් හොඳයි. ඔයා වගේ කට්ටිය ජන්කුක්ගේ අකමැති ලැයිස්තුවේ උඩින්ම ඉන්නේ. මිස්ටර් පාර්ක් එහෙම ආවට ගියාට ජන්කුක්ව හම්බුණා වෙන්න බෑනේ."

"දේ.. එයා ඉක්මණටම අකමැති ලිස්ට් එකේ අන්තිම තැනට මාව දාගනී. අනික ඔයා වුණත් ඉන්නේ එයාගේ ඔය ලිස්ට් එකේමයි. මෙච්චර කාලෙකට ජන්කුක් ඒ ගැන දන්නෙත් නෑනේ."

ජීමින් එයාට මතක් කරලා දුන්නා. ඒ දේට වෙන උත්තරයක් දෙන්න ආගන්තුකයට බැරි වෙද්දි ජීමින් කට කොනකින් හිනා වෙලා වයින් ග්ලාස් එක තොල ගෑවා.




_____________________________

මේක ඔයාලට කියවන්න ඕනිද?

blacklove..


You are reading the story above: TeenFic.Net