Chapter 04

Background color
Font
Font size
Line height

ඩේටින් නිව්ස් එක එලියට දාලා මාසයක් විතර යනකන් ජන්කුක්ටත් ජීමින්ටත් වුණේ මීඩියා වලට කතා කර කර ඉන්න. ජන්කුක්ගේ කම්පැණි එකේ CEO මිස්ටර් පාර්ක් තමන්ගේ දෛවය ලියද්දි ඇග්‍රිමන්ට් එකේ හැටියට ඒ තීරණේට විරුද්ධ වෙන්න ජන්කුක්ට පුලුවන් කමක් තිබ්බෙ නෑ. ඊටත් වඩා ජීමින්ගේ මෝඩ හැසිරීම මේ වෙනකොටත් ජන්කුක්ට එපා වෙලයි තිබ්බෙ. ජීමින් තමන්ට කැමැත්තක් නැති බව ජන්කුක් දැනන් හිටියත් මේ කන්ට්‍රැක්ට් එකට ජීමින් කැමති වෙන්න හේතුවක් නම් දැනන් හිටියෙ නෑ.

ජීමින්ට අද ගොඩක් විශේෂ දවසක්. තමන්ගේ ජීවිතේ වටිනම වගේම තමන් හීන දැකපු ලෝකෙ හොදම මට්ටමින් පවත්වන රේස් එකට මේ පාර ඇතුලු වෙන්න පුලුවන් වුණ එකට ජීමින් හිටියේ ලොකු සතුටකින්. හේතුවක් නැතුවම ජන්කුක්ටත් ජීමින්ගේ රේස් එක බලන්න යන්න වෙන්නේ අප්පා තමන්ට ලැබෙන ජයග්‍රහනය ජන්කුක් වෙනුවෙන් නම් කරා කියලා ෆොටෝස් එක්කම සෝෂල් මීඩියා වල දාලා තිබ්බ නිසා.

"වාහ්.. ජීමින් ජන්කුක් එක්කමයි රේස් පදින්න ඇවිත් තියෙන්නේ."

ජීමින්ගේ ටීම් එකේ හිටපු තවත් කීප දෙනෙක් ජන්කුක්වයි ජීමින්වයි වට කර ගෙන කෑ ගහන්න ගත්තේ ජීමින් ඔරවන ගමන් හිනා වෙන්න උත්සහයක් ගනිද්දි.

"ජන්කුක් ෂී.. ටීවී එකේ බලනවට වඩා ඔයා හුගක් ලස්සනයිනේ. මං ඔයාගේ ලොකූ ෆෑන් කෙනෙක්. මට ඔටෝග්‍රාෆ් එකක් දෙන්න බැරි කමක් නෑනේ?"

"ඔහ්.. අනිවාරෙන්ම.."

"තමුසෙ කවද්ද මෙයාගෙ ෆෑන් කෙනෙක් වුණේ?"

තම යහළුවාට ඇස් වලින් රවන ගමන් ජීමින් ඇහුවේ කුතුහලයෙන්.

"ජීමිනාට ඊරිසියාව නේ?"

"වෙන නැත්තන්."

තමන්ටම මුමුණගත්තු ජීමින් චේන්ජින් රූම් එකට ගියේ තව ටික වෙලාවකින් තරගෙ පටන් ගන්න නිසා. ජන්කුක් VIP ආසනේක ඉදගත්තේ ලග හිටපු වයසක මනුස්සයා එක්ක ජීමින් පරදිනවා කියලා ඔට්ටුවකුත් අල්ලලා.

කාර් රේසින් ෆෑන්ස්ලගෙයි ඇක්ටර් කෙනෙක්ගේ ෆෑන්ස්ලගෙයි ඇති වෙනසක් නෑ කියලා ජන්කුක් හිතාගත්තේ ජීමින් චේන්ජ් කරන් එද්දි ඕඩියන්ස් එකෙන් ආපු සද්දෙට.

රේස් එක පටන් ගත්තු වෙලේ ඉදන් කාර්ස් ටික හිතාගන්නවත් බැරි තරම් වේගෙකින් ගමන් කරන්න ගනිද්දි ජන්කුක් එක රොත්තට ඉදිරියට යන වාහන අතරේ සුදු පාට කාර් එක දිහා බලන් හිටියේ ජීමින් යන්නේ ඒකෙ නිසා.

"ඕඕ.. නම්බර් 99 මං තීරුවේ ඉදිරියෙන්ම ගමන් කරද්දි දෙවෙනි ස්ථානයට නම්බර් 56 රථය ඉදිරියට ඇදෙන්නේ නම්බර් 113 ට තුන්වන ස්ථානය දීලා."

"තව වට තුනක් විතරයි ඔවුන්ට ඉතුරු. මුල් ප්ලේස් තුන කරට කර ගමන් කරන්නේ. ඕහ්.. නම්බර් 113 පාර්ක් ජීමින් දෙවෙනි ස්ථානය ලබා ගෙන මං තීරුවෙ ඉදිරියට ඇදෙනවා."

අනවුන්ස්මන්ට් එක ඇහෙනවත් එක්ක ජීමින් තවත් වේගේ වැඩි කරන්න ගත්තේ තමන් මේක දිනන්නම ඕනි නිසා. ඒ අතරේ ජන්කුක් සමග ඔට්ටුව ඇල්ලූ පුද්ගලයා කෑ ගහන්න ගත්තේ ජීමින් දිනන්න ලං වෙලා නිසා.

"එක වටයයි. නොම්බර 113 ට හැකිවෙයිද නොම්බර 99 පරාද කරන්න?"

නොම්බර 99 සමග එක සමානව ගමන් කරපු ජීමින් අවසන් තත්පරයේ වේගය උපරිම කරන්නට වුණේ ජයග්‍රහනය තමා වෙතට ලං කරගෙන.

"පර්ෆෙක්ට්.. මයි බේබි යූ ඩිඩ් ඉට්..!!"

තමන්වම වර්ණනා කරගත්තු ජීමින්ගේ සතුට කියාගන්න බැරි තරම්. ජන්කුක් ඔට්ටුවෙන් පරාද වුණ නිසාම වයසක මනුස්සයාට සල්ලි දීලා එත්නින් නැගිටලා ආවේ නැට්ටිච්චියෝ ටික ජීමින්ව වට කරගන්න කලින් ගිහින් සුබ පතන්න හිතාගෙන. ජීමින් කාර් එකෙන් බහිද්දිම එතන්ට ආපු මීඩියා කාරයොන්ට උත්තර දීලා එන්න හැදුවත් ජීමින්ගේ ෆෑන්ස්ලා ඇවිත් වට කරගද්දි කෙල්ලෙක්ගේ ෆෝන් එක අරන් ෆොටෝ එකක් ගහපු කොල්ලා එතනින් ආවේ ජන්කුක් එක්ක අප්පා උඩ බලන් හිටපු නිසා.

"ඕහ්.. මගේ කොල්ලා එහෙනම් ඒක කලා."

ජීමින්ව හග් කරන ගමන් මිස්ටර් පාර්ක් සතුටු වුණේ ජීමින් තමන්ගේ ලොකුම හීනේ දිනලා ඉවර නිසා.

"ඒයි කුක්කෝ.. මොකෝ මේ මූණ ඇද වෙලා? ඊරිසියයිනේ මං දිනපු එකට."

"වෙන වැඩ නෑනේ මට. මං ඔට්ටුවක් ඇල්ලුවා. වොන් පනස් දාහක් පැරදුණා මං."

"ආහ් ඒක හිතන්.. පොඩ්ඩක් ඉන්නවා.. ඒ කියන්නෙ තමුසෙ.. තමුසෙ බලු කුක්කා මං පැරදෙනවටද ඔට්ටු ඇල්ලුවේ?"

ඔව් කියන්න ඔලුව වනපු ජන්කුක්ට ගස්සලා ජීමින් පඩි දෙකක් නගිද්දි එක පඩියක් ආපහු බැහැලා උඩට යන් දිහා ජන්කුක් බලන් හිටියේ මේ මොන විකාරයක්ද අහන්න වගේ. ඒ පස්සෙන්ම ගිය ජන්කුක් ජීමින්ට කප් එක ලැබෙනකන් බලන් හිටියේ කම්මැලිකමෙන් අත් දෙක එකතු කරලා අත්පුඩි ගහන ගමන්.

:

"කුක්කා අද මං ගානේ ලන්ච් එක."

"අනී.. මං අද වැඩකට යන්න ඕනි. සෝ සොරි.."

ජීමින්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරපු ජන්කුක් දිහා බලලා මිස්ටර් පාර්ක්ට කෝල් එකක් ගත්තු ජීමින් ජන්කුක්ගේ සේරම වැඩ කැන්සල් කරේ ජන්කුක්ව කොහොම හරි ලන්ච් එකට එක්කන් යන්න.

"මේක අසාධාරණයි.. මං ඩ්‍රාමා එකක කන්ට්‍රැක්ට් එකක් සයින් කරන්න ඕනි. යාහ් පාර්ක් ජීමින්.. මට ඕනි නෑ තමුන් එක්ක ලන්ච් එකකට යන්න. "

"මං දිනපු එක සමරන්න ඕනි මට. තමුන්ට එන්නම වෙනවා."

"කන්ට්‍රැක්ට් එකකට සයින් කරා මිසක් මං තමුන් එක්ක යාලු වුන්නෑ මේ වැඩකට නැති ලන්ච් වලට යන්න."

ජන්කුක් කියපු දේ අහලා වාහනේ නතර කරපු ජීමින් ජන්කුක් දිහාවට හැරුණේ බැරෑරුම් පෙනුමකින්.

"මේක මාස හයක කන්ට්‍රැක්ට් එකක් විතරද කුක්?"

"ඇහ්?"

"මං අහන්නෙ ඔ ඔයාට ඒ ඇරුණම මං ගැන කිසිම හැගීමක් නැද්ද ජ්-ජන්කුක්?"

ජීමින්ගේ මූණ දිහා බලන් කල්පනා කරපු ජන්කුක්ගේ හද ගැස්මත් වැඩි වෙන්න ගත්තේ ජීමින්ගේ කට හඩ බිදිලා තිබුණ නිසා. ජීමින්ගේ රෝස පාට පිරුණු තොල් දකිද්දි ජන්කුක්ගේ මූණට ලේ පිරුණෙ ඉබේටමයි. තමන්ට ඇත්තටම ජීමින් ගැන තියෙන්නෙ මොන වගේ හැගීමක්ද කියලා හරියට නොතේරුණත් මාසයක් ඇතුලත ජීමින්ගේ දග වැඩ වලට බැන්නත් හිත යටින් ඒවාට ආස වුණා කියලා ජන්කුක්ට තේරිලා තිබුණා. ඒ හැගීම් ගලපගන්න තේරුණේ නැති වුණත් තමන් ජීමින්ට අකමැත්තක් නැති බව ජන්කුක්ට තේරුණා. ජීමින් අහපු දේට උත්තරේ ඔව් කියන එකද කියලා ජන්කුක් තමන්ගෙන්ම ඇහුවා. ජීමින් තාමත් තමන්ගේ මූණ දිහා බලන් ඉන්න බව තේරුණ ජන්කුක් ඒ මූණ දිහා බැලුවේ ජීමින් තමන් ගැනත් ඒ විදිහටම හිතනවද දැනගන්න.

"මං__"

"යාහ්.. කුක්සන් ඔච්චර සීරියස් වෙන්න දෙයක් ඇහුවද ? Just a kidding man .. "

ජීමින් හයියෙන් හිනා වෙන්න ගත්තම ජන්කුක් මෙච්චර වෙලා හිතපු දේවල් සේරම කඩන් වැටුණා වගේ දැනුනේ තත්පර ගානකට හරි ජීමින් ගැන හිතපු එකට තමන් ගැනම දුක් වෙද්දි.

"Idiot .."

තමන්ටම මුමුණගන්න ජන්කුක් දිහා කට කොනකින් හිනාවක් දාගෙන ජීමින් බලන් හිටියේ තමන් හිතපු දේ වෙලා කියලා යන්තමින් තේරුණ නිසා.

………

836 words


ආදලෙයි.
by blacklove.


You are reading the story above: TeenFic.Net