අර්ධයකට අඩුවෙන් පුරවා තිබුණු මත්පැන් වීදුරුවට 'ටක්' හඩක් නගමින් දැමූ අයිස් කැටයක හඩ දිගු රාත්‍රියක අත වනන බව නම් නිසැකයි. ඒත් ඉතින් සෙනඟ හිටපු නැති බාර් කවුන්ටර් එකේ වාඩි වෙලා හිටපු තරුණ පිරිමි ළමයාට නම් ඒ රැය තව ටිකක් දිග වෙන තරමටමයි හොඳ.
"සර් දැන් ඇති නේද? අපිට බාර් එක තවත් රෑ වෙනකන් ඇරගෙන ඉන්න බෑ. මං කාටහරි කතා කරන්නද?"
"තමුසෙ කොහොමද එහෙම කියන්නේ? බාර් තියෙන්නේ වහන්න නෙවෙයි."
"මං සර්ගේ කාට හරි කතා කරන්නද ? "
බාර් එකේ සේවකයා එලෙස කියනවත් සමග සේවාදායක තරුණයා උරහිස් වලින් ගැස්සෙන ගමන් බොරුවට අඬන්න ගත්තේ අතේ තිබුණු වීදුරුවෙන් උස් මේසයට ගසමින්.
"මට කවුරුත් නැත්තන්, ඔයා කාට කතා කරන්නද?"
"සර් එහෙනම් මන් ටැක්සියක් දාලා දෙන්නද ?"
එක් වරම සේවකයා දිහා තමන්ගේ හීනි ඇස් වලින් බැලුව තරුණයා ඔහුගේ හිසේ සිට පහලටත් පාදාන්තයේ සිට හිස දෙසටත් බැල්මක් හෙලුවේ මත්පැන් වීදුරුව එක උගුරට හිස් කරලා.
"වරදක් නෑ.. ඔයාත් ටිකක් විතර හැන්ඩ්සම්. මං ගැන ඔච්චරම හිතන එකේ බැරිද අද රෑ මං වෙනුවෙන්..."
කීමට ගිය දේ නතර කර දැමූ තරුණයා තම දෑස් සේවකයාගේ දෙතොල් වලට ගෙන ආවේ නිරායාසයෙන්. තමන්ගෙ ප්‍රශ්නෙට අදාළම නැති බාර් එකේ සේවකයා මේ තරුණයාට විහිළුවක් වෙලා.
"සමාවෙන්න සර්. මං කැබ් එකකට කතා කරන්නම්."
තමාට සමු දෙමින් පිටව ගිය සේවකයා දෙසට කට කොනකින් සිනාවක් නගමින් තවත් මත්පැන් වීදුරුවක් පුරවා ගත්තේ හාමතේ සිටි අයුරින්. හෙට දවසේ තමාට සිදු වීමට යන දෙයින් බේරෙන්න බැරි වෙන එකයි තරුණයාට තිබුණ ලොකුම ප්‍රශ්නෙ.
"සර් ටැක්සියක් ආවා. "
"ඕහ්.. හැන්ඩ්සම් ඔයා හැමෝටම ඔහොමද? නැත්තන් මට විශේෂයිද? අපරාදේ අපිට ටිකක් කතා කර..."
"සර් කැබ් එක රෙඩි."
තමාව නොසලකා හැරපු සේවකයා දිහාවට ඇහැක් ගහලා තරුණයා එලියට ගියේ තරමක් දුරට වැනෙන ගමන්.
තරු පහේ හෝටලයක පෙනුමට තිබුණ නිවසක් ඉස්සරහින් කැබ් එකෙන් බැහැගත්තු තරුණයා හිමි හිමින් අඩිය තියන්නට වූයේ තමන්ගේ නිවසටම යන හොරෙක් ගාණට.
"පාර්ක් ජීමින්න්..."
සැගවීමට උත්සහා දැරූ කෙනාගේ අතටම අහු වෙලා නිසා සාමාන්‍ය විදිහටම ගමන් කරන්න ගත්තේ ඒ කෙනාව නොසලකා හැරලා.
"ජීමින්.. මොකක්ද මේ නටන නාඩගම? තමුන්මයි ඒකට කැමති වුණේ. බීගෙන රෑ තිස්සේ ගෙදර ඇවිත් හෙට වැඩේ අවුල් කරන්න නම් හිතන් ඉන්නේ මට කියන්න තියෙන්නේ බොරු වැඩ කරන්න එපා කියලා."
තම පියාගේ දේශනාව හමුවේ අසරණ වූ ජීමින් හිසත් බිමට හරවන් පියා අසලට පැමිණියේ පිරුණු තොල් නොපිටට හරවන්. නහය උඩට ඇද ඇද ජීමින් මේ එන්නේ මොකාටද කියලා මිස්ටර් පාක්ට හොද හැටි තේරුම් ගන්න පුලුවන්.
"හුරතල් කරන්න වෙලාවක් නෑ ජීමින්. තමුන්ට කෝටි ගානක් වටින ඒ කාර් එක ඕනි නම් මං කියන දේට කැමති වෙන්න."
ජීමින්ගේ වීක් පොයින්ට් එකටම ගහපු අප්පා කියන දේ පිලිගත්තු ජීමින් අඩ අඩම යන්නයි ලෑස්ති වුණේ. දවස් ගානකට කලින් තමන්ම කරපු මෝඩ වැඩක් නිසා ජීමින්ට හෙට ඉදන් ගත කරන්න වෙන ජීවිතේ තමන්ගේ කැමැත්තට වෙන එකක් නම් නෙවෙයි. පඩි දෙකක් උඩට නගිද්දි එක පඩියක් ආපස්සට බහින ජීමින් ඒ විශාල මැන්ෂන් එකේ තමන්ගේ කාමරයට යන එක තවත් පරක්කු කලා.
උදෙන්ම.තමන්ගෙ තාත්තගෙ බල කිරීමට අවදි වූණු ජීමින් කවදාවත් නැතුව ලෑස්ති වෙන්නේ මරන්න ගෙනියන හිරකාරයෙක් ගාණට. තමන් එක්කම කතා කරන ජීමින්ව ඒ මේකප් ආර්ටිස්ට්ට පේන්නේ මානසික ලෙඩෙක් ගානටයි. ජීවිතේට මේකප් එකක් දාලා නැති කෙනෙක් විදිහට ජීමින් හැසිරෙන විදිහට මේකප් ආටිස්ට් පුදුම වුණත් තමන්ට පැවරුණ රාජකාරිය නිසාම ඉවසුවා.
"තව විනාඩි දහයකින් ජීමින් කන්ෆරන්ස් හෝල් එකට එන්න ඕනි."
විනාඩි දහයකින් තමන්ගේ නිදහස නැති වෙන විදිහ ඇස් දෙක පියාගෙම මවාගත්තු ජීමින් සිහියට ආවේ තමන්ගේ රාජකාරිය නිමා කල බව කී මේකප් ආර්ටිස්ට්ගේ හඩටයි.
කන්ෆරන්ස් හෝල් එකෙන් පිටත රැදී සිටින සෙනග දැක්කම ජීමින්ගේ කටත් බාගෙට ඇරුණත් ඊටත් වඩා ඇතුලට යද්දි ඇස් දෙක පියවෙන තරමටම වැදුණ ෆ්ලෑෂ් එලිය නිසා ජීමින්ගේ කකුල් දෙකත් ඉබේම නතර වුණා.
"අතනින් ගිහින් ඉදගන්න."
තමන් දිහා ගොදුරක් ගිල ගන්න මෙන් බලන් ඉන්න කෙනෙක්ගේ අනෙක් පසින් තිබුණ හිස් ආසනය පෙන්නන ගමන් ජීමින්ගේ තාත්තා රහසින් කිව්ව දේ පිලි අරන් ජීමින් ඒ දෙසට ගියේ හිත ඇතුලෙන් තරහෙන් පුපුරමින් වුවත් මූණෙ තිබුණ හිනාව නම් නතර වුණේ නෑ.
"පාර්ක් ජීමින්... ජියෝන් ජන්කුක්ගේ බෝයි ෆ්‍රෙන්ඩ්."
"ජනප්‍රිය නලු ජියෝන් ජන්කුක්ගේ රහස් පෙම්වතා පලමු වරට මාධ්‍යයේ පෙනී සිටී."
"ජන්කුක්ගේ ඩේටින් නිව්ස් එක ඔෆීෂියලි එලියට දාලා."
"ජියෝන් ජන්කුක්ගේ පෙම්වතා හුගක් අය දන්න පිස්සුවෙන් වගේ රේස් පදින පාර්ක් ජීමින්."
"ජියෝන් ජන්කුක් අවසානයේ තම පෙම්වතා ගැන හෙලි කරයි."
තමන්ට ඇහෙන දේවල් වලින් තරහින් පුපුරන ජීමින් කොරියාවේ ජනප්‍රියම ඇක්ටර්ගේ අනෙක් පසෙන් ඉදගත්තේ මවාගත්තු සිනහවක් එක්ක. තවත් එක් ව්‍යාජ සිනහවකින් පිරුණු ජන්කුක්ගේ මූණ දිහාවත් නොබලා ඉන්න ජීමින් වාර්තාකාරයොන්ගේ ප්‍රශ්න වලට පාඩම් කරන් ආපු උත්තරත් පටලවගෙන කන්ෆරන්ස් එකම නාගන්න විදිහ ජන්කුක් බලන් හිටියේ කේන්තියකින්.
"ඔය දෙන්නා ඩේටින් පටන් ගත්තේ කොයි කාලෙ වගේද?"
"ඕහ් ගොඩක් වැදගත් ප්‍රශ්නයක්.. ජන්කුක් අවුරුදු ගානක් තිස්සේ මගේ පස්සෙන් හිටිය නිසා මං එයාට අවස්ථාවක් දෙන්න තීරණේ කරා."
"ඒ කියන්නෙ මුලින්ම ජන්කුක් ෂී තමයි ආදරේ ප්‍රකාශ කලේ."
"ඔව්.. ඔයාලට මේක බ්‍රේකින් නිව්ස් එකක් වෙයි කියලා මං හිතනවා."
සමච්චලේට මෙන් ජීමින් කියප්‍ය් දේ නිසා අපහසුවට පත්වුණු එක මාධ්‍යවේදිනියක් බිම බලාගත්තේ අනික් හැම රිපෝටර් කෙනෙක්ම ඇය දෙසට හැරෙද්දි.
"ඩිසිප්ලීන් නැද්ද ජීමින්ශී? ස්ක්‍රිප්ට් එකේ තිබුණ විදිහටම කියනවා. "
ජීමින්ගේ කනට රහසින් කොදුරපු ජන්කුක්ටත් ඒ සමච්චල් හිනාවෙන්ම සංග්‍රහා කරපු ජීමින් නැගිට්ටේ එතනින් එලියට යන්න. යන්න කලින් ජන්කුක්ගේ කන ලගට පහත් වුණ ජීමින් කොදුරන්න ගත්තේ වාර්තාකාරයොන්ගේ මුවින් පිට වුණ "සූ" හඩ තැකීමක් නොකර.
"ස්ක්‍රිප්ට් තියෙන්නේ තමුන්ගේ ජීවිතේ විතරයි.
මං තීරුව පැහැදිලි නම් යන්න විතරයි මට තියෙන්නේ."
ජීමින් යන දිහා ජන්කුක් බලා සිටියේ තරහින් දෑස් ගිනිගනිද්දි.
.........
800 words
අත තියන් ඉන්න බෑ.
blacklove
You are reading the story above: TeenFic.Net