~~~~අවුරුදු බර ගාණකට පස්සෙ~~~~
මුළු වට පිටාවම පාට පාට විදුලි බුබුලු වලින් සැරසිලා තියෙද්දී සද්දෙට ඇහෙන සංගීත සද්දේ ඒ මොහොත තවත් විනෝදයෙන් පිරෙව්වා.විශාල නිවස ඉදිරි පිට තිබුණු විශාල උද්‍යානය ලකුණු කරපු සීමාවකින් නොවුනත් වෙන වෙනම දෙකට බෙදලා තිබුණෙ වැඩිහිටියන් සහ පොඩිහිටියන් වෙනුවෙනුයි.ඉහල පැළැන්තියේ නිවසක පැවතුනු, ආහාර මත්පැන් වගේම පොඩි අය වෙනුවෙන් විනෝද ක්‍රියාකාරකම් වලිනුත් පිරුණු විශාල හැලොවින් සාදය ලොකු කුඩා කාගෙත් හිත් උද්යෝගෙන් පුරවද්දී ඔවුන් හිටියෙ තම තමන්ගෙ ලෝක වල.
පුංචි අය හැමෝම විවිධාකාර හැලොවින් සංකේතවත් උණු ඇඳුම් පැලඳුම් වලින් සැරසිලා හිටියා වෙද්දී ආහාර පාන වලින් ඇති පදම් සප්පායම් උණු ඔවුන් අතර තරමක් වැඩි හිටි උණු දරුවන් නිලා කූරු දල්වමින් තමනුත් සතුටු වෙමින් එක්වෙලා හිටපු තමන්ගෙ පුංචි යාලුවන්වත් සතුටු කරා.
ඒ අතරෙ උණේ කවුරුත් නොහිතපු දෙයක් වෙද්දී අනිත් අය ඇදගෙන හිටපු බයානක ඇඳුම් වලින් වෙනස් උණු සුදු පාට දිගු දුහුල් සිල්ක් ඇදුමකින් සැරසුනු අවුරුදු 10ක විතර දරුවෙකුගේ ඇඳුම පිටු පසට නොහිතපු විදිහට ගිනි පුලිගුවක් වැටෙද්දී ඔහුත් නොදැනිම ඇඳුම ඇවිළෙන්න ගත්තෙ සැණෙකින්. අනෙක් මිතුරන්ගේ කෑ ගැහිමත් එක්ක තමන්ගෙ පිටු පසින් දැල්වෙන ගින්න ඔහු නිවන්න උත්සාහ කරද්දි අනෙක් අය කෑ ගහමින් බලන් හිටියත් කිට්ටු වෙන්න බය උණා වෙද්දී සංගීත සද්දෙත් එක්ක තමන්ගෙ ලෝක වල අතරමං උණ වැඩිහිටියන්ට මේ ගැන වගක්වත් නොවුණා.
නොහිතුව සැණෙකින් ගිනි දැල් ඇඳුම දිගේ උඩට ඇදෙද්දි වැඩිමල් ළමයි හැමෝමත් බලන් ඉද්දී ඈතක ඉඳන් මෙතැන්ට දුවන් ආපු අවුරුදු 4ක විතර පුංචි කොලුවෙක් පුංචි කමට දෑත් වලින් ගසමින් මේ ගින්න නිවන්න උත්සාහ කරා...වාසනාවකට වගේ ඔහු ගින්න නිවන්න සමත් උණත් ඒ පුංචි දෑත් වල ඒ වෙද්දීත් දිය බුබුළු මතු වෙලා තියෙද්දී උණු උණු සිල්ක් ඇඳුමේ කෑලි ඒ පුංචි අත් වල ඇලිලා තිබුණා.
තමන් දවමින් හිටපු ගින්න යමෙකු නිවූ බව දැනෙද්දී වැඩිමල් පිරිමි ළමයා ඉක්මනින් පසු පස හැරුණේ තමන්ගෙ ගැලවුම් කාරයා දිහා බලන්න වෙද්දී තමන්ගෙ මිතුරන් කවුරු හෝ දකින්න බලාපොරොත්තු උණත් ඒ බැල්මෙන්ම ඔහු ගැස්සුණා...තමන් වගේම සුදු පාට අඳුමකින් සැරසුන පුංචිම පුංචි පොඩි එකෙක් ඇස් වල කඳුලු පුරවන් ඔහු දිහා බලන් හිටියා.ඒ සැණෙන්ම ඔහුගෙ හිනි උණ ඇස්, වටේ රැස් වෙලා හිටපු අය දෙසට දවා අළුකරන බැල්මක් හෙළද්දී ඊලඟ තප්පරේ ඔහු පහත් වෙලා අමාරුවෙන් වගේ අර පුංචි එකාව වඩාගෙන එතනින් ගියේ අනිත් අය පුදුමෙන් බලන් ඉද්දී.
"කවුරුත් එන්න එපා මගෙ පස්සෙන්..."
පුංචි එකා දෑත් යවලා බෙල්ලෙ එල්ලෙද්දී කෑ ගහපු ඔහු පුංචි එකාවත් අරන් එතනින් ටිකක් ඈත හොදින් ආලෝකමත් උණු බංකුවක් ළඟට ගිහිං පුංචි එකාව ඒ බංකුවෙන් තියලා ඒ කකුල් දෙක ළඟ බිම දන ගහ ගත්තා.
ඒ පුංචි දෑත් තමන්ගෙ අත් වලින් අල්ලන් ඇගිලි තුඩු වලින් හෙමින් අත ගාමින් ඔහු ඉකි ගහලා අඬන්න ගත්තෙ පුංචි එකා ඇස් ලොකු කරන් බලන් ඉද්දී.
"ග්..ග...ගගා....අනේ අඬන්න එපාකෝ..මට දුකයිනේ"
වේදනා දුන්න දෑත් ඉක්මනින් ඇදලා ගත්තු පුංචි එකා වේදනාවත් අමතක කරන ගමන් ඒ පුංචි අත් වලින් ඒ ඇස් වලින් වැටෙන කඳුලු පිහන්න උත්සාහ කරා.දැනෙන වේදනාව මැද්දෙත්
මේ තරම් වෙලා ඇස් වල එකතු උණත් එළියට ආවෙ නැති කඳුලු කැට බෝල ගෙඩි වගේ ඒ ඇස් වලින් කඩන් වැටෙනවා දකිද්දී වැඩිමල් පිරිමි ළමයා ඉක්මනින් තමන්ගෙ කඳුලු පිහගත්තා.
"ඇයි ඔයා එහෙම කරේ...."
පුංචි කොළුවගේ කඳුලු පිහමින් අහද්දී ඒ පුංචි ඇස් දිලිසුණා වෙද්දී පිළිතුරක් නැති වෙද්දී ඔහු ආයෙමත් කතා කරා.
"ඔයාට අනතුරක් උණත් වෙන්න තිබුණා..."
"මං...මං...ගගා මං..ඔයා...ඔයාව දැක්කම...මට..මට..හිතුණේ ඔයා මගේ කි...යලා...."
"ආහ්..."
"ඔව්..අර අර අතන...බංකුවේ ඉඳන්...ආපු වෙලාවේ ඉඳන්...මං ඔයා දිහා බලන් හිටියා...ඔයා දැක්කම මට හිතුණේ ඔයා මගේ කියලා..."
පුංචි එකා කිව්වේ ඈතින් පේන බංකුවකට අත දික් කරන ගමන් වෙද්දී ලොකු පිරිමි ළමයා ඒ දිහා බැලුවා.
"කියන්නකෝ ගගා...ඔයා...ඔයා මගේ නේද... මේ මේ ළපේ...මන් දැක්කෙ ඔයා මාව වඩන් එද්දී...මේ බලන්න මේ මටත් තියෙනවා...මේ..."
පොඩි එකා කිව්වේ තමන්ගෙ වම් උරහිසේ බෙල්ල අයිනකට වෙන්න තියෙන තරමක් විශාල කළු පාට ළපේ පෙන්නන ගමන් ලොකු පිරිමි ළමයගෙ දකුණු උරහිසේ තිබුණ ඒ තරම්ම වගේ උණු ළපේ උඩින් පුංචි ඇඟිල්ලක් තද කරමින් වෙද්දී ලොකු පිරිමි ළමයා බලන් හිටියෙ පුදුමෙන්...
"මගේ ග්‍රැනි... එයා තමා කිව්වේ...මට...මට වගේම මෙහෙම ලපයක් තියෙන කෙනෙක්...මගේ වෙනවා කියලා...එයා ඇත්ත කියන්නේ...ඒකයි එයාට කවුරුත් කැමැති නැත්තෙ...ඒත් එයා මට ආදරෙයි...එයා බොරු කියන්නේ නෑ...ඉතිං ඔයා මගේ නේද කියන්නකෝ...."
ලොකු පිරිමි ළමයා බලන් හිටියෙ පුදුමෙන්...ඔහු මීට දවස් දෙකකට කලින් අද දවසේ අදින්න ඇඳුම් ගන්න යද්දී පුංචි පිරිමි ළමයෙක් දැක්කා.සාමාන්‍ය ඇඳුම් වලින් වෙනස් උණු විශේස ඇඳුම් වලින් පිරුණු සාප්පුවේ මේ දවස්වල අලෙවි උණේ බයානක පෙනුමේ හැලොවින් ඇඳුම් වෙද්දී තමන්ට පිටුපාලා හිටපු පුංචි පිරිමි ළමයා ඇඳගෙන හැඩ බැලුවේ සුදු පාට දිග සේද ඇඳුමක්...අමනුස්සයන්ව නෙමෙ දෙවියන් සුරදූතයන් සංකේතවත් උණු ඇඳුමක්....
'අනේ...මට ඕනා ඒ පුංචි සුරදූතයාව...'
හිත නොදන්න හේතුවක් නිසා කෑ ගහද්දී ඔහුට ඒ පුංචි පිරිමි ළමයාට කතා කරන්න අමුතුම ආසාවක් එද්දී ඔහු පය ඔසවද්දිත් ඒ පුංචි සුරදූතයා එතනින් අතුරුදහන් උණා.... අහේතුකව ඒ මොහොතේ තේමාවෙන් වෙනස් එකක් උණත් ඒ දැකපු ඔහුටත් ඒ ඇඳුමම ඕනා වෙද්දී ඔහු ඒ විදිහෙම ඇඳුමක් මිල දී ගත්තෙ මව්පියන්ගෙත් විරුද්ධත්වේ මැද්දෙ...පුංචි සුරදූතයාව බැරි උණත්...ඔහු සුරදූතයාගේ ඇදුම වගේම ඇඳුමක් ගෙදර ගෙනාවා....ඉතින් මේ මොහොතෙත් ඔහු කල්පනා කරේ ඒ ඔහුමද කියලයි.
"ඔයාගෙ නම මොකක්ද...මන් ලියෝ...."
"මං සීන්...ඔයාගෙ නම ලස්සනයි..."
ලොකු ළමයා අහද්දී පුංචි කොලුවා උත්තර දුන්නා....
"සීන්.. සීන්..සීන්...මගෙ පුංචි සීන්....ඔව් ඔයා මගේ...හැමදාම ඔයා මගේ....අද ඉඳන්...කොහොමත් මගේ....ඔව් කාටවත් දෙන්නේ නෑ...ඔයා මං නිසා පිච්චුණු නිසා නෙමෙ....මේ ළපේ නිසාත් නෙමෙ....ඒත් ඔයා මගේ..."
ලොකු පිරිමි ළමයා ලස්සනට හිනා වෙවි කියවන් යද්දී පුංචි පිරිමි ළමයා පුංචි අත් දිගු කරලා ලියොව වැළඳ ගත්තා.
"ම්ම්...ඔයත් මගෙ විතරයි ගගා...හැමදාම..."
"අහන්නක්කෝ...මගෙ පුංචි සීන්....ඔයාගෙ ගගා මෙන්න මෙච්චර උස ගිහිං... ලොකු කොල්ලෙක් වෙලා....ඔයාව හොයන් එන්නම් හොඳද...තව කෙනෙක්ව අයිති කරගන්න එච්චර විතර උස යන්න ඕනලු...ඉතිං මං උස යනකං...ඔයත් කෑම ගොඩක් කාලා උස යන්න හොඳද....උස ගියාම බලන් ඉන්න...මං එනවා ඔයාව මගේ කරගන්න..."
ලියෝ සීන්ගේ කම්මුල් මිරිකමින් කියද්දි සීන් හිනා වෙවී බලන් හිටියා.
"මං ඉන්නවා....මං ඉන්නවා ගගා....ඔයා එනකං ඕනා තරම් කාලයක්..."
"ලියෝ ගගා....!"
ඒ සිව් නෙත් එකිනෙකා දිහා බලන් හිනා වෙද්දී හදිසියේ ඇහුණ සද්දෙත් එක්ක ගැස්සිලා ගියා.
"ලියෝ ගගා...ඔයා මගේ....මේ පොඩි එකෙක්ට ඔයාව දෙන්නේ නෑ මං....ඔයා මගේ...."
පුංචි ගෑණු ළමයෙක් මූණ කළු කරන් අඩි හප්පමින් කෑ ගහද්දි ලියෝ ඉක්මනින් සීන්ව ගෑණු ළමයාගෙන් ආවරණය කර ගත්තා.
"ලීෂින් පැටියෝ...මං සීන්ට දැනටමත් පොරොන්දු උනානේ... මන් දැනටමත් එයාගෙ...දැන් ඉතින් මාව ඕනා නම්...එයාගෙන් තමා ඉල්ලගන්න වෙන්නේ...."
"නෑ නෑ....මං දෙන්නේ නෑ...............ගගා එයා මගේ.........මගේ විතරයි........"
සීන් සැණෙකින් බංකුව උඩ හිටගෙන ලියොගේ කරට පණින ගමන් මහ හයියෙන් කෑ ගහද්දී ලීශින් බයවෙලා බලන් ඉද්දී ලියෝ පිටුපසට ගත්තු අතින් සීන්ගේ හිස අත ගෑවා....
"ඔව් ඔයා මගේ..."
.
.
.
.
"සීන්...මගෙ පැටියෝ....ඔයා අද univercity යන්නෙ නැද්දො....."
අවුරුදු 16ක් විතර පරණ ,ඒත් මොහොතකටවත් හදවතින් මැකිලා නොයන මතකෙක අතරමං වෙලා හිටපු සීන් කල්පනාවෙන් මිදුණේ ග්රැනිගේ කට හඩින්....ග්‍රැනි කාමරේට එද්දීත් කණ්ණාඩිය ඉස්සරහා හිටන් හිටපු සීන්ගෙ ඇගිලි තාමත් තිබුණෙ බෙල්ලෙ තිබුණ සලකුණ උඩ.
"සීන්...මගෙ පැටියෝ....ඔයා අදත් ඕක අල්ලන් හීන මවනවාද....ඔය බවක් දන්නවා නම් කියන්නෙත් නෑ මන් ඔයාට ඒ ගැන..."
සීන් ළඟට ආපු ග්‍රැනි සීන් ගේ ඇඳුමේ අඩුපාඩු හදන්න ගත්තත් සීන් එහෙමම එතනින් අයින් වෙලා ග්රැනිගේ පිටු පසින් බෙල්ල වටේ අත දාලා ග්‍රැනිව කණ්ණාඩිය ඉස්සරහින් හිටවලා ඒ උරහිසට නිකට බර කරා.
"එයා කවද්ද එන්නෙ ග්‍රැනි...මට තවත් බලන් ඉන්න බෑ අප්පා....හිතෙන්නේ නැද්ද පරක්කුයි කියලා....මේ බලන්න මේ වගේ...එයාගෙ පිටිපස්සෙන් ඉඳන් මට ඕනා ඒ ළපේ හෙමින් කිස් කරන්න....අනේ ග්‍රැනි අනේ මන් එයාව හොයාගන්නම්කො...."
ග්රැනිගේ ගෙලේ එල්ලිලා බෙල්ල සිපගන්න ගමන් සීන් කෑ ගැහුවේ පොඩි එකෙක් වගේ අඩිත් පොළවේ ගහන ගමන් වෙද්දී කණ්ණාඩියෙන් සීන්ගේ නොඉවසිලිමත් මූණ දිහා ග්‍රැනි බලන් හිටියෙ හිනා වෙවි...
"ඔයාට හදිසි උණා කියලා බෑ පැටියෝ....මොන දේටත්...හරි වෙලාව එන්න ඕනා...වෙලාව ආවම අමුතුවෙන් හොයන් එන්නවත්...යන්නවත් ඕනා නෑ...ඔයාලා මුණ ගැහේවි..."
ග්‍රැනි කියද්දි සීන් කණ්ණාඩියෙන් පේන ඒ ඇස් දිහාම බලන් හිටියා...
"ඔයත් හරියට ෆාජි වගේ..."
"ආහ්..."
"නෑ මේ... මට ගොඩාක් පරන පරික්ෂණ වාර්තාවක් හම්බ උණා...ඒකෙ හිටියා කෙනෙක්...එයත් ඔයා වගේ...එයත් යායෝ ව නැවත්තුවා...ලොකුවෙලා එයාගෙ පුංචි xian xianව හොයන් යන්න නොදී...එයා කිව්වේත් ඔහොමමලු...වෙලාව ආවම හොයන් යන්නවත් හොයන් එන්නවත් ඕනා නෑ ඔයාලා මුණ ගැහෙවි කිව්වලූ... අන්තිමේ ෆාජි යායො වෙන කෙනෙක්ව බඳිනකමුත් බලන් හිටියලූ වෙලාව එනකම් කියලා...අයියෝ දෙවියනේ....ඔයා කියන විදිහට මගෙ කාලෙත් එනකොට...එයා වෙන කෙනෙක්ව බැඳලා ඉදි...අනේ සීන්....ඔයාටත් වෙන්නේ xian xian වගේ අලු වෙන්න තමා...."
සීන් කියවද්දී ග්‍රැනි අතින් කට වහන් හිනා උණා.
"ඔයාට ඒක හම්බ උණාද...ඒ පොත.."
සීන් කියපු දේ එක්ක ග්‍රැනි ඇහුවේ හිනාවෙන එක නවත්වන ගමන්.ඒ මූණේ තිබුණ බැරෑරුම් පෙනුමට සීන් මොහොතක් ගැස්සුණා.
"ඔයා...ඔයත් ඒක කියෙව්වද ග්‍රැනි...."
"ම්ම්ම් ඔව්...මාත් කියෙව්වා...මගෙ univercity කාලෙ..."
'වෙන්න පුලුවන්....ඒක ගොඩක් පරණයි..'
සීන් පුදුම උණත් තමන්ටම කියා ගන්න ගමන් හිස සෙලෙව්වා.
"ඒක ඇත්ත කතාවක්ද ග්‍රැනි...ආහ් ඉන්න....ඔයා ඒක කියවලද කිව්වේ මට.. මේ වගේ ලපයක් තියෙන කෙනෙක්...මගේ වෙනවා කියලා...ඔයා කතාවක තිබුණ දෙයක් කියලා මාව රැවට්ටුවද ග්‍රැනි..."
සීන්ගේ ඇස් වල එක තප්පරෙන් කඳුලු පිරුණා.
"අනේ එහෙම නෑ සීන්....ඔයා දන්නවානේ මට සමහර දේවල් එහෙම කියන්න පුළුවන් කියන්න....මං කිව්වේ මං දැකපු දේ... අනිත් එක ඒ කතාව..ඇත්තද කියලා හරියටම කියන්න දන්නේ නෑ....
ඒත් එහෙම කියනවා...ඇත්තක් කියලා...ඒක ලිව්වා කියලා කියන zhao long නම තියෙන ප්‍රොෆෙසර් කෙනෙක් ඇත්තටම univercity යේ හිටියලූ...අපි යන්න කාලෙකට කලින්....නිතර ලේක්චර්ස් වලට ආවෙ නැතිලු... විශේසම දේකට කතා කරොත්ලූ ආවෙ...කට්ටිය කියන්නේ එයා වැඩි පුර හිටියෙ කන්දෙලු...එයාගෙ උතුමාණන් එක්ක..."
"අනේ ඔයා ගොඩක් දේවල් දන්නවා ග්‍රැනි...තව කියන්නකෝ...."
"මට ගොඩක් මතක නෑ දරුවෝ...මං ඒවා ඇහුවෙත් අවුරුදු 60 ගාණකට විතර කලින්..."
ග්‍රැනි කියද්දි ලියෝගේ මූන මැළවෙලා ගියා.
"ඉතිං ඔය එල්ලා ගත්තා..."
"එහෙනම් කියන්න...එයා කවද්ද එන්නෙ..."
සීන් ඇහුවේ නෝක්කාඩුවෙන්..
"ඔයාට කවද්ද පොත හම්බුණේ..."
ග්‍රැනි අහද්දී සීන් එයාගෙන් ඈත් උණේ කට පිට පෙරලන්...
"ඒ ගැන නෙමෙ නෙ ඇහුවේ මං..."
සීන් එතනින් යන්න යද්දී ග්‍රැනි ඒ අතින් අල්ලලා නැවත්තුවා...
"ඉතිං කියන්නකෝ.."
"දවස් තුනකට කලින්"
සීන් අත ගහන්න හැදුවේ නොරිස්සුමින් උණත් ග්‍රැනි අත අත නොඇරම හිටියා.
"තාම කියවනවාද..."
"නෑ ඉවරයි...උදේ වෙනකං කියෙව්වා...."
ග්රැනිගේ ඇස් දිලිසුණා....
බලෙන්ම අත අත ඇරව ගත්ත සීන් ඇදේ තිබුණ බෑග් එක අරන් හිත නොහොදින්ම යන්න හැරුණා....
"ඒ අද උණත් වෙන්න පුළුවන්..."
"ආහ්..."
ග්‍රැනි කියද්දි සීන් බලන් හිටියෙ පුදුමෙන්...
.
.
ලේක්චර් හොල් එකට ඇවිත් වාඩි උණ මොහොතේ ඉඳන් සීන් හුස්මක් කටක් නැතිව කියවන දේවල් බින්යු අහන් හිටියෙ ඇස් දෙකත් නළලේ තියන්...
"අදම කිව්වේ නෑ බං...අද උණත් කියලා කිව්වේ..."
"ඒ...බූරුවා...! කියවපු හැටියට මං හිතුවා උඹේ සුරදුතයා මේ දැන් මෙතැන්ට අහසෙන් වැටෙයි කියලා..."
බින්යු කෑ ගැහවේ සින්ගේ හිසට පහරක් ගහන ගමන්.
"එහෙම නෙමෙ බං...ග්‍රැනි මේ අවුරුදු ගාණටම කිව්වේ බලන් ඉන්න කියලනේ...ඒත් අද වෙනස්..."
"හ්ම්ම්ම් ඒකත් ඇත්ත....ඒ අඩේ..සීන්... නැවතියන්...කොහෙද උඹ යන්නෙ... "
බින්යූ මොහොතක් කල්පනාවේ ඉද්දී අනිත් මොහොතේ ලියෝ හිටපු තැනින් නැගිටින ගමන් දොර දිහාට යන්න යද්දී බින්යු කෑ ගැහුවා වෙද්දී අසනීපෙකටවත් ලේක්චර් එකක් මඟ නොහරින සීන් ලේක්චර් එක පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දී පංතියෙන් නැගිටලා යන දිහා අනිත් අයත් බලන් හිටියෙ පුදුමෙන්.
"මං යනෝ... එයාව හොයන්න...උඹ කිව්වා වගේ...මෙතැන්ට අහසෙන් පහත්වෙන්නේ නෑනෙ බං.....මං යනවා ටිකක් වට පිටාවේ ඇවිදලා මගෙ ඒන්ජල්ව හම්බෙයිද බලන්න..."
දොර දිහාට කිට්ටු වෙලා හිටපු සීන් ආපහු හැරෙන ගමන් බින්යූ ට කෑ ගැහුවේ අඩියෙන් අඩිය පස්සට යන ගමන්.
" ඒ..ඒත්..සීන්...මේ අහපන්....අද අපේ ගගා එනවා...අර මං කිව්වේ උඹට...අර..අර පොත ගැන කිව්ව පොර...අද ලේක්චර් එකට එන්නෙ එයා බං...හිටපන්කෝ...එයාගෙ පළවැනි දවසනේ...මං ඌට උඹ ගැන පුදුම පොර ටෝක් ටිකක් දුන්නෙත්....මගෙ එකෙක්ම මෙහෙම කට් එක දාන එක හරිද බං..."
බින්යු කිව්වේ හෙමින් හෙමින් සීන්ට කිට්ටු වෙන ගමන් වෙද්දී සීන් මොහොතක් නැවතිලා බින්යු දිහා බලන් හිටියා..බින්යු ගෙ මූණේ බලාපොරොත්තු සහගත හිනාවක් ඇදෙද්දී බින්යු සීන්ව අල්ල ගන්න ඉදිරියට පැන්නත් සීන් එක පිම්මේ දුවන්න ගත්තා...
"උඹේ ගගා ව පස්සෙ හම්බෙන්නම් මචෝ....මට ඊට වඩා මගෙ එන්ජල් වටි........... ආහ්හ..."
දොර ළඟට යනකම් බින්යු ගෙන් මිදිලා දුවන් ගිය සීන් පිටු පස හැරිලා බින්යූට කෑගහන පමාවට සිද්ද උණේ කවුරුත් නොහිතපු දෙයක්....
ගිය වේගෙන්ම දොරෙන් ඇතුලට එන්න ඇවිත් දොර ළඟ නතර වෙලා හිනා වෙවී සීන්ගේ කොලම් බල බල හිටපු කෙනෙකුගේ ඇගේ වැදුණ සීන් හැප්පුණ වේගෙන්ම අඩි දෙක තුනක් පස්සට විසිවෙලා වැටෙන්න යද්දීම ඉක්මනින් ඉදිරියට දිගු උණ අතක් සීන්ව ඇදලා ගද්දී ඒ වේගෙන්ම ඇදිලා ගිහිං සීන් ඒ කෙනාගේ පපුවේ වැදුණා...
උණ දේ හිතාගන්න බැරිව එහෙම්ම පපුවෙන් මිදෙන්නවත් සිහියක් නැති උණ සීන්ව එක තප්පරේට ආත්මේම කළබන් ඒ පපුවෙන් දැනුණ සුවද ළඟ තව ටිකක් අතර මං උණා....
පංතියේ බලන් ඉන්න ළමයි...පස්සෙන් පන්නන් ආපු බින්යු...හොයන් යන්න ආපු ඒන්ජල්....මොහොතකින් පංතියට එන්න ඉන්න ලේක්චර්....හැමෝම මොහොතකට අමතක වෙද්දී ඒ පපුවෙන් එන සුවදට ඉව අල්ලන ගමන් හීන ලෝකෙක අතරමං උණ සීන් පංතිය පුරා පැතිර ගිය සූ හඩත් එක්ක පියවි සිහියට ආවා වෙද්දී ඒ සුවදින් ඈත් වෙන්නත් හිත නොදෙද්දී එහෙම්ම ඉන්න ගමන් ඔලුව යන්තම් උස්සමින් ඇස් කරකවලා උඩ බැලුවේ ඒ සුවදේ අයිති කාරයා කවුද කියලා බලන්න උණත්....ඊලග මොහොතේ දැකපු දේත් එක්ක සීන්ගෙ කකුල් දෙකත් එක්ක පණ නැති වෙද්දී ඔහු ඒ පපුවටම වාරු උණා.....
.
.
.
.
.
"අඩෝ...සීන්...මොකක්ද බං...කියන දේ අහපන්කෝ...මං කිව්වනේ ඒකි එහෙම කිව්වට ඇත්තටම එහෙම දෙයක් නෑ...කිව්වම අහපන්...."
බින්යු දන්න හැම විදිහකටම සීන්ව සන්සුන් කරන්න උත්සාහ කරත් සීන් නොනවත්වා හඩා වැටුණා....
"ම්ම්..මං..මන් කිව්වා බ..න්...ග්රැනිට මං කිව්වා...මෙහෙම වෙයි කියලා...ඇහුවේ නෑ නෙ...අන්තිමේ මටත් උණේ...xian xian ට උණු දේ....."
උදෑසන සිදු උණ සිදුවීම ආයි ආයීමත් සීන්ගේ හිතම කලබල කරා...දිගම දිග බලා හිදීමකට පස්සෙ අන්තිමේ දුක වගේම සතුට එකට එකම මොහොතක අරන් සීන්ගේ ආදරේ සීන්ව හොයන් ඇවිත් තිබුණා.
ඒ පපුවට තුරුලු වෙලා හිටපු හැටි සීන්ට ආයි ආයීමත් මතක් උණා...අනිත් තප්පරේ ඒ සුවදේ හිමිකාරයාව බලන්න හිතන් උඩ බලපු ලියෝගෙ ඇස්, දැකපු දේ එක්ක නළලට ගියේ කකුල් පණ නැතිව ගිහිං හදවතම නතර වෙද්දී....සුදුපාට කමිසයෙන් විවර උණු කිරි සුදු පාට බෙල්ලෙ තිබුණ තද කලු පාට ළපේ සීන් දිහා බලන් හිනා උණා....
" ඔයා.....ගෙ ඒන්....ජල්....ඔයා....ව.....හොය...න්....ආවා....මගෙ....පුන්...චි සී....න්......."
තමන්ගෙ කන ළඟින් ඈත ලෝකෙකින් ආපු හඬක් වගේ ඒ වචන හදවත පතුලටම කිදා බහිද්දි එකපාර සුළිකුණාටුවක් වගේ ආපු කෙනෙක් සීන් වගේම හීන ලොකෙක අතරමං වෙලා හිටපු ඒ කෙනාගේ දෑතින් සීන්ව ඇදලා අරන් තල්ලු කරද්දි සීන් විසි වෙද්දී එතනම හිටපු බින්යු සීන්ව අල්ල ගත්තා...
"මෝඩ කොල්ලා...මොකක්ද තමුසෙ මගේ වෙන්ඩ හබි ගෙ කරේ එල්ලිලා කරන්නේ...."
හැමෝටම ඇහෙන්න බෙරිහන් දුන්නු කෙනා හිතා ගන්නත් බැරි වේගෙකින් දොර ළඟ තාමත් පුදුමෙන් බලන් ඉන්න කෙනාගේ බෙල්ලෙ එල්ලුනා.
"ලියෝ ගගා....මං බලන් හිටියා ඔයා එනකම්..........ඔයා ඉල්ලලාමලු නේද මේ ක්ලාස් එක ගත්තෙ ආ...... මං නිසා නේද......."
"ලීශින් මං..."
ලියෝ මොනවාදෝ කියන්න හැදුවත් එක තප්පරෙන් ලිශින් ලියොගේ කම්මුලක් සිප ගද්දී ආයීමත් පංතිය සූ හඩින් පිරිලා යද්දී සීන් බින්යු වත් තල්ලු කරලා එතනින් දුවලා එළියට ගියේ ඇස් වලින් කඳුලු කඩා වැටෙද්දී.....
ඉතිං අවුරුදු ගාණක් බලන් හිටපු ආදරේ සීන්ව හොයන් එද්දී ආරම්භයම කේදවාචකයක් උණා වෙද්දී බින්යු දහසක් දේ කියමින් තේරුම් කරන්න උත්සාහ ගද්දීත් සීන් එක දිගට හඩා වැටුණා......
"ගගාට එයා ගැන අදහසක් නෑ බං... එයාට අනුකම්පා කරනවා විතරයි...උඹ දන්නවද එයාගෙ ඔය දිගම දිග බිම ඇතිල්ලෙන ගවුම් පිටිපස්සේ තියෙන රහස..."
බින්යු අහද්දී සීන් පුදුමෙන් බලන් හිටියා.ලීශින් බින්යූගෙ ඤාති සහෝදරියක් වගේම ඔවුන් හා එකටම ඉගෙන ගන්නවා වෙද්දී සීන්ට ලිශින් ව නිතර මුණ ගැහුණත් නොදන්නා හේතුවකට පළමු බැල්මෙන්ම සීන්ගේ හිතේ ඇය ගැන ඇති උණේ නොපැහැදිමක් වෙද්දී ඇය බින්යුට හොදින්ම සැළකූවත් බින්යු සීන් ළඟ ඉන්න එක මූනටම ප්‍රතික්ෂේප කරා.ඒ වගේම ඇයගෙ පමණට වඩා දිග බිම ගෑවෙන ඇඳුම් එක්ක ඇයට ලැබුණ සන්සුන් පෙනුමත්,පෙනුමත් එක්ක පරස්පර ගති ගුණත් සීන්ව හැම විටම පුදුම කරා.
"එයාගෙ කකුලක් කොරයි බං...ඒකයි ඔහොම කොර ගහන්නෙ...ගගාගෙ හිතේ එයා ගැන අනුකම්පාවක් විතරයි තියෙන්නේ...එයා මගෙ සහෝදරි තමා...මං එයාට ආදරේ තමා ඒත් එයාගෙ සමහර ගති මට අල්ලන්නෙ නෑ බං...විසේසයෙන් ගගා ගැන එයාගෙ තියෙන ආකල්ප..."
බින්යු කියද්දි සීන් පුදුමෙන් අහං හිටියා....
"මේ අහපං සීන්....මොන දේ උණත්....මගෙ ජීවිතේ දීලා හරි මං උඹගේ ඒන්ජල්ව උඹට දෙනවා...මාව විස්වාස කරපං..."
බින්යු කියද්දි සීන් ලොකු සුසුමක් හෙලුවා.
.
.
ලියෝ ලිෂින් එක්ක univercity එකෙන් ආවෙ ඇයට බෙහෙත් අරන් දෙන්න හිතන් වෙද්දී තමන්ගෙ පසෙකින් සෑහෙන දුරක් ඇවිදගෙන ආපු ලීශින් සමග ලියෝ පාර මාරුවෙන ගමන් ඉද්දී හදිසියේම ඇය පාර මැදම ලියොගෙ අතේ වෙළෙන ගමන් උරහිසට බර වෙද්දී ලියෝ බලන් හිටියෙ පුදුමෙන්.ලිශින්ගේ වැඩ ගැන හොදාකාරව දන්න නිසාම ලියෝ වටපිට බැලුවේ සැකේට වගේ වෙද්දී අනිත් මොහොතේ පාර එහාපැත්තෙ ඉඳන් ඇස් වලින් කඳුලු ගලද්දී තමන් දිහා බලන් ඉන්න සීන්ව දැක්කම ලියෝ ට උන්හිටි තැන් අමතක උණා.සීන් දිහා බලන්ම ලිෂින් ගෙන් අත මුදවා ගන්න හැදුවත් ඇය ඉඩ නොදුන්නා වෙද්දී සීන් හිටපු තැනින් අඩාගෙනම දුවන් යද්දි ලියෝ බලෙන්ම ලිශින්ව තල්ලු කරලා සීන් පස්සෙන් දුවන් ගියා....
ලියොගේ අතෙන් මිදුණු ලිෂින් අඩියක් දෙකක් විසිවෙද්දී කන් බීරි වෙන හොන් හඩක් එක්ක වේගයෙන් ආපු කාර් එකක් ඇයට කිට්ටු වෙද්දිම වාසනාවකට වගේ කාගෙදො අතක් ඇයව ඇදලා ගත්තා වෙද්දී
උණ දේ හිතාගන්න බැරිව මොහොතක් ගතවෙද්දී ලිශින් ගේ දැස් තවමත් තමන්ට මදක් එහායින් සීන්ව තුරුලු කරන් හිස සිප ගනිමින් ඉන්න ලියෝ දෙසට යොමුවෙලා තිබුණා.
"ලීශින්..."
"ආහ්..."
කන ළඟින් කීප සැරයක්ම ඇහුණු සද්දේ නිසා ලිශින් පියිවි සිහියට ආවා වෙද්දී තමන්ගෙ උරහිස් වලින් අල්ලන් ඉන්න කෙනා දිහා බැලුවේ කලබලෙන්.
"රෙනී...."
"ඔයා හොදින්ද..."
රෙනි අහද්දී ආයිමත් සීන් ලියෝ දිහා බැල්මක් හෙළපු ලීශින් රෙනි ගේ පපුවට තුරුලු උණේ අඩාගෙනම වෙද්දී රෙනි ඇයට ඉඩ දීලා මොහොතක් බලන් ඉන්න ගමන් ඔහුගෙ කඳුලු පිරුනු ඇසුත් සීන් ලියෝ දිහාවට යොමු වෙද්දී ඔහු මහා බරට සුසුමක් හෙළුවා.
"ලී..."
"ම්ම්ම්..."
"ඔයාට දුකයිද..."
රෙනි ඇහුවේ ලිශින් එක්ක ළඟ තිබුණ බස් හෝල්ට් එකේ වාඩි වෙන ගමන් වෙද්දී ලීශින්ගෙ දැස් එකිනෙකාට තුරුලු වෙලා පාර දිගේ ඇතට නොපෙනි යන සීන් ලියෝ දිහාවට යොමු වෙලා තිබුණා.
"නෑ..."
"එහෙනම්..."
"මට ඉරිසියයි...කේන්තියි...තරහයි...හැමදෙම...නැති කරලා දාන්න හිතෙනවා...."
ලිශින් කියෙව්වෙ ඇස් වලින් ගලන කඳුලු පිහදාන ගමන්.
"ඇයි..."
"අර පොඩි එකා...ඌ උදුරාගත්තෙ මගේ දේවල් රෙනි...."
"ඔයාගෙ දේවල්...ඒ මොනාද...."
"මං කියන්නේ ලියෝ ගගා අනේ..."
"එයා එහෙම කිව්වද..."
"කොහොමද..."
"එයා ඔයාගෙ කියලා..."
"නෑ..."
තමන්ගේ ප්‍රස්න වලට ලිශින් එක එල්ලේ උත්තර දෙද්දී රෙනි ඉවසීමෙන් කතා කරන්න උත්සාහ කරා.
"එහෙනම් කොහොමද ඔයාගෙ වෙන්නේ...එහෙම අයිති කරගන්න එයා බඩුවක් නෙමෙ ලී...එයා මනුස්සයෙක්...එයාට හැඟීම් දැනීම් තියෙනවා...."
"ඒත්..ඒත්...එයා මාව හොදින් බලා ගත්තානේ..."
"ඉතිං ඔයා කියන්නෙ ඒ ආදරේට කියලද....-
"..........."
"ඔයා එයාට ආදරේද.."
"රෙනි...ඔයා දන්නවා...!!"
"ම්ම් හරි හරි...ඔයා එයාව අයිති කරගන්න හිතනවා.....හැබැයි ආදරේ නිසා නෙමෙයි.....ඉතිං ලියෝ ඔයාව හොදින් බලා ගත්තෙ ආදරේ නිසාම වෙන්න ඕනද..."
රෙන් බුරුලක් නැතිව කෙලින්ම අහද්දී ලිශින්ගේ මූණ මොහොතින් අඳුරු උණා.
"හ්ම්ම්ම්...එයා මට අනුකම්පා කරනවා..."
"ඒ අනුකම්පාව නෙමෙ ලී...ඊට වඩා හැඟීමක් ලියොට ඔයා ගැන තියෙනවා...ඒත් ඒ ආදරේත් නෙමෙ....ඔයාව එයාට එයාගේම සහෝදරියක් වගේ..."
"හ්ම්ම්ම් එහෙමද...."
"ලී ....එයාට යන්න දෙන්න...එයාට පාඩුවේ ඉන්න දෙන්න..."
රෙනි අහද්දි ලිශින් හෙලුවේ අමුතුම බැල්මක්...
"දුක නැද්ද ඔයාට..."
"ආහ්..."
"දුක නැද්ද රෙනි...දුක නැද්ද ඔයාට...මං දන්නවා....ඔයා නොකිව්වට මං දන්නවා...ඔයා එයාට...ලියෝ ගගාට.. ආදරෙයි...ඒකයි ඔයා මට කැමැති නැත්තෙ...."
මේ තරම් කල් හැමෝට ම රහසක් කියලා හිතපු තමන්ගෙ ඒකපාර්ශවික ආදරේ ගැන ලිශින් අහද්දී රෙනි බලන් හිටියෙ අදහා ගන්න බැරිව.
"ලී.."
"පිස්සු තමුසෙලා ඔක්කොටම පිස්සු....මං හරි කියමු...මං එයාට ආදරේ නෑනෙ...ඒත් ඔයා කොහොමද..ආදරේ වෙලත් එයාට යන්න දිලා බලන් ඉන්නෙ ආ...කියනවා රෙනි කොහොමද..."
ලීශින් කේන්තියෙන් අහද්දී රෙනි බර සුසුමක් හෙළුවා.
"මගෙ හිතට මහ අමුත්තක් දැනෙනවා ලී...මගෙ හිතේ ලියොට තියෙන ආදරේ නිසා අපි කාටවත් හොදක් වෙන්නේ නෑ කියලා හිතෙනවා.සීන් එන්න කලින්...මට බලාපොරොත්තුවක් තිබුණා.ඒත් එයා ආවට පස්සෙ...හිත කියනවා මේක නවත්වන්න කියලා....
ආදරේ කියන්නේ අයිති කරගන්න එකම නෙමෙ
You are reading the story above: TeenFic.Net