"Xian xian....ඔබ මේ දැන්ම පිටවිය යුතුයි...."
"උතුමාණනි ඒත්...."
"ඔබේ ජීවිතේ අනතුරේ.... මන් ඔබට මුලදීම කිව්වා දවසක මෙහෙම වෙන බව...."
"මගේ පමණක් නෙමෙ ඔබ තුමාගේ ජීවිතේත් අනතුරේ....පිට වෙනවා නම් ඔබත් මා සමග පිටවිය යුතුයි....!"
"හිතුවක්කාර වෙන්න එපා xian...."
"ඔව් මන් හිතුවක්කාරයි....නමුත් ඔබ තුමාට වඩා ටිකක් අඩුවෙන්....අනික දැන් ඔබ තුමාට මා සමග නොපැමිණෙන්න හේතුවක් නෑ.කලින් වතාවේ වගේ ඔබට ඔවුන් ගැන වගකීමක් නෑ.ඔවුන් හැමෝම දැනටමත් ඔබ තුමාට විරුද්ධ වෙලා...."
"කිව්ව දේ කරනවා....දැන්ම ෆාජි එක්ක මෙතනින් යනවා...."
"කරුණාකරලා මාව පාලනේ කරන්න හදන එක නවත්වන්න.ඔබ ඔවුන්ගේ රජ මිසක් මගේ රජ නෙමෙ.මන් යනවා නම් ඔබ සමග පමණයි.ඔබට යන්න අදහසක් නැත්තන් මන් යන්නෙත් නෑ.....!"
Xian xian ගේ දෑස් වල තිබුණෙ ස්ථිර බවක්.ඒ ඇස් අමුතු කතාවක් කියද්දී ඔහු ඒ දෑස් තුල මොහොතකට අතරමං උණා.අනිත් තප්පරේ ඔහු xian xian ට කිට්ටු උණා.හිස පිටුපසින් අතක් යවමින් ඔහු xian ව තමන් වෙතට ඇද ගත්තා....හෙමින් සැරේ xian ගේ මූණට පහත් උණා. xian ගේ දෑස් පුදුමෙන් පිරුණත් සැණෙකින් ඒ දෑස් අඩවන් උණා.රත් පැහැ දෙතොල් බාගෙට විවර වෙද්දී සෙමින් වෙව්ලුවා.ඔහු ඒ පහස වෙනුවෙන් එක තප්පරයක් බලන් හිටියා.....
නමුත්.... හිස පිටුපසට හදිසියේ දැනුණ තෙරපීමත් සමග දෙපා පණ නැතිව යද්දී xianගේ දෑස් පියවෙද්දී ඔහු උතුමාණන්ගේ දෑත් මතට කඩා වැටුණා.
"ෆාජි....!මූව මෙතනින් අරන් යනවා....මන් කිව්ව විදිහට හැමදේම කරනවා....මාව බලාගත්තා වගේම ඔහුවත් බලාගන්න...."
කටහඬ බිඳිලා යද්දී දෑසින් ගලන කදුළු පාලනේ කරන් ඔහු අහක බලාගත්තා.
.
.
.
.
.
.
.
.
.
Zhao ඝන අන්ධකාරේ දිහා දෑස් යොමන් හිටියෙ ඉන්නෙ කොහේද කාත් එක්කද උණේ මොකක්ද කියලා එක්වරම සිතාගන්න බැරි වෙද්දී.
'දෙයියනේ ගගා මේ ඔයාද.....'
හැමදේම එකින් එක මතක් වෙද්දි zhao තමන්ගෙන්ම ප්‍රස්න කරේ හෙලවෙන්නවත් බැරි වෙන්න තමන්ව තුරුළු කරන් නිදන් ඉන්න කෙනා දිහාවට ඇස් යොමු කරන ගමන්.
'කියෙව්වෙ නම් කොහොමද....මාව බඳිනවට වඩා මැරෙනවා හොඳයිලු....හහ්... ඒ උණාට බදන් ඉන්න හැටි....හරියට මන් දාලා යයි වගේ....'
'ආහ්...මං නිදි අතරෙ එකපාරක් බෑ ගගා ඉඳලා මෙහෙට උස්සන් ආවා....දැන් ආයි නිදි අතරෙ බෑ ගගා ඉඳලා මූ මාව කසාද බැන්දා වත්ද....'
"ඒ ගගා නැගිටිනවා....මේ ඔයාද....ගගා...."
zhao කෑ ගැහුවේ yangගේ උරහිසෙන් හොලවන ගමන්...
"ආහ් zhao ඔයා ඇහැරියද....ඇති යන්තම් ඉන්න බින්ට කතා කරනකම්...."
සැනසුම් සුසුමක් හෙළන ගමන්
"ගගා ඉන්න....මට මොකද උණේ කියන්න....ඇයි එකපාර මෙහෙම වෙන්නේ..."
"ඔයාට දැන් බයවෙන්න දෙයක් නෑ zhao...එයාලා ඔයාට බෙහෙත් කරා..."
"බෙහෙත් මොකටද....මොකද උණේ මට"
"ඔයාට විෂක් ශරීරගත වෙලා...."
"විසක් මට...ඒ කොහොමද...."
"ඒක තමා මාත් අහන්නේ.... ඔයාගෙ අත...ඔය තුවාලේ ඒක කොහොමද උණේ....කව්ද ඔයාව තුවාල කරේ...."
"ඒක මේ...ඒක...දෙයියනේ ගගා...."
මොහොතක් හිතන්න උත්සාහ කරපු zhao අනිත් වතාවේ පැනපු ගමන් yangව බදාගත්තා.yangට දැනුණේ තමන් වටේ එතුණ zhaoගේ දෑත් වෙව්ලනවා වෙද්දී zhao හයියෙන් හුස්ම ගත්තා.
"Zhao මොකද.... මොකද උණේ....ආයි අසනීපෙන්ද....."
"ගගා මම....ඔයා..."
යමක් කියන්න ගියත් zhao අනිත් මොහොතේ තමන්ව නවත්වා ගත්තා.
"කොයි වෙලාවෙද දැන ගත්තෙ කොහොමද දැන ගත්තෙ....එහෙම වෙලා කියලා...මට මොකුත් අමාරුවක් තිබුණෙ නෑනෙ...."
" බස් එකේදි....අපිට එයාලා එක්ක එන්න කියලා ටිකකින්....ඔයා නිල් පාට වෙලා ගැහෙන්න ගත්තා.පස්සේ සිහි නැති උණා.බින් ඔයාව බලලා කිව්වා අතේ තියෙන කැපුමෙන් විසක් සරිරගත වෙලා කියලා.ඔයා කලබල උනොත් විතරයි අමාරු වෙන්නේ...."
Yang හැමදේම පැහැදිලි කරද්දී
Zhao එකින් එක ආපස්සට මතක් කරමින් සිද්ධි ගලපන්න උණා.
"ඒකයි මුලින් අකමැති වෙලත් ඔයා මාවත් අරන් එයාලා එක්ක ආවෙ.මට බෙහෙත් කරන්න....කලබල උනොත් වැඩි වෙන නිසා ඔයාලා මට කිව්වේ නෑ...."
"හ්ම්ම්ම්...."
"ඒත් ගගා ඇයි..."
Zhao ඇහුවේ අඳුරට හුරු උණ දෑස් වලින් yangගේ ඇස් වලට එබෙන ගමන්.
"මොකක්ද...."
"ඔයා අකමැත්තෙන් මාවත් අරන් ආවෙ ඇයි....ඔයාට මඟ ඇරලා යන්න තිබුණා..."
"තමුසෙ හිතන්නේ මට මනුස්සකමක් නෑ කියලද....ටිකක් හරි කතා බහ කරලා හිටපු මිනිහෙක්ට කරදරයක් උණාම අහක බලාගන්න..."
"හ්ම් ඒ නිසා ද....මං හිතුවෙ වෙන දෙයක්...."
Yangට පුදුමෙන් බලන් ඉන්න ඉඩ ඇරපු zhao ආයිමත් ඇදේ පෙරළෙන ගමන් yangට පිටුපාලා ගුලි උණා.
'ඔයා දන්නෙ නෑ....ඔයාගෙ ඔය මනුස්ස කම...ඒ වචනෙම...මාව ඕනවාටත් වඩා රිදවනවා...'
"තැනක් යූ ගගා....හැමදේකටම...."
තව ටිකක් ගුලිවෙන ගමන් zhao කියද්දි yang ගිහිං බින්ට කතා කරා වෙද්දී බින් පැමිණ zhaoව පරික්ශා කරා.
"ඔහු හොදින්....හොදටම හොදින්..."
බින්ගේ වචනත් එක්ක දින ගණනාවකට පසු yang සැහැල්ලුවෙන් හුස්මක් හෙලුවා.....
.
.
.
.
කලින් දවසේ හිත රිද්දන් නින්දට වැටුණත් උදේ වෙද්දී zhao හිටියෙ හැමදේම අමතක වෙලා වගේ.උදේම බින් ගෙනත් දීපු ආහාර වේල දිහා zhao බලන් හිටියෙ පුදුමෙන්.
"ගගා එයාලා....කෑම උයලා...."
"හ්ම්..."
"එතකොට ශාපෙ...ඒක බොරුවක්ද...."
තමන් බින්ගෙන් දැන ගත්තු විස්තර කෑමෙන් පස්සෙ එකින් එක yang පැහැදිලි කරද්දි zhao අහං හිටියෙ සුරංගනා කතාවක් අහන පොඩි එකෙක් වගේ.
"අවුරුදු 100කට විතර කලින්....බින් කිව්වේ එහෙම....එයාලා ඇත්තටම හුගාක් දියුණුයිලු මීට වඩා...විශාල ගෝත්‍රයක් ලු. ගෑණු අයට තමාලු පාලනේ හිමි වෙන්නේ පරම්පරාවෙන්...."
"එතකොට එයාලා දැන් එහෙම ඉන්නෙ ඇයි..."
"ටිකක් අහං ඉන්නවකෝ...වාත වෙන්නේ නැතිව...ඉතිං කාලෙකට කලින් එයාලගෙ ගොත්‍රයේ පාලිකාව ඒ කියන්නේ රැජින වගෙ.එයා ටිකක් නපුරු හිතුවක්කාර කෙනෙක්ලු.ඒත් එයාගෙ සැමියා ඒ කියන්නේ ගොත්‍රික නායකයා හුගාක් හොඳ කෙනෙක්ලු.හැම කෙනෙක්ටම හොදින් සැලකුවාලු. ඒ වගේම හැමෝම රැජිනටත් වඩා ඔහුට ආදරේ කරාලු. ගෞරව කරාලු.
යායෝ රජු - ගෝත්‍රික නායක
දවසක වැරදි වැටහීමක් නිසා රැජින සෙන්පතිව යවලා තියෙනවා වෙන ගෝත්‍රයක අයව විනාස කරන්න.ඒ ගෝත්‍රය එක්ක තිබුණු පෞද්ගලික තරහක් මත සෙන්පති රැජින ලවා මේ දේ කරා කියලා තමා එයාලා විස්වාස කරන්නේ.ඉතිං රජතුමා මේ ගැන දැනගෙන තියෙන්නේ පහු වෙලා.එයා යනකොටත් වෙන්න ඕනා හරිය වෙලා...."
"එයාලාව මරලද...."
"හ්ම්ම්...සමූලගාතනෙ කරලා...."
Zhao ගෙ හිත අමුතු දුකකින් පිරෙද්දී ඔහු එක දිගට ඇස් පිල්ලම් ගැහුවා.
" ඒත් ඒ ඝාතනය උණ ගෝත්‍රෙ නායකයාගෙ පුතා විතරක් කොහොම හරි බේරිලා.බේරිලා කියන්නේ රජතුමා එයාව අහම්බෙන් දැකලා හංගලා. ඒත් පිරිසත් අරන් ආපහු එද්දී සිද්ද වෙලා තියෙන්නේ කවුරුත් නොහිතපු දෙයක්.සෙන්පති කැරලි ගහලා තියෙනවා රජතුමාට විරුද්ධව.කියන විදිහට සෙන්පති මුල ඉඳන්ම රජතුමා එක්ක හොදින් නෙමෙ ඉඳලා තියෙන්නේ.රැජින සමග විවාහ වෙන්න රජතුමා එක්ක කරට කර ඉඳලා තියෙන්නේ ඔහු.තමන්ගෙ අරමුණ ඉටු නොවුණාම ඔහු බලන් ඉඳලා රජතුමාගෙන් පළිගන්න....
සෙන්පති
ඉතිං එන මඟදී රජතුමාට පහර දීලා...ඒ වගේම ස්වාභාවික මරණයක් කියලා පෙන්නන්න සර්පයෙක් ලවා හිතලම දෂ්ඨ කරවලා...."
"මොකක්...."
"හ්ම් ඔව්....ඒත් අර රජතුමා බේර ගත්ත කෙනා හොරෙන්ම මේ අය පිටිපස්සෙන් ඇවිත්.රජතුමාට උණ දේ ඔහු බලන් ඉඳලා....ඒවගෙම සෙන්පතිගෙ පිරිස පිටවුණු වහාම රජතුමාව බේරා ගෙන.මාස කීපයක් රජතුමා සිහි නැතිව ඉද්දී තනියම ගුහාවක තියන් රජ තුමාව සනීප කරලා...."
Zhaoට දැනුණේ මොකක්දෝ හුරු පුරුදු ගතියක් වෙද්දී ඔහුට මතක් උණේ තමන් දැකපු හීනෙ....ගුහාවක්....අනතුරක්....
"Zhao...අහන්ද ඉන්නෙ...."
"ආහ් ඔව් ගගා කියන්න...."
"ඉතිං පස්සේ රජතුමා සනීප උණාම අර පිරිමි ළමයා එක්කම ආපහු ඇවිත්....ඒ එද්දීත් රැජින සෙන්පති සමග විවාහ වෙලාලු.ගොත්‍රෙ ඇතුලේ බහු විවාහ සිද්ද උණ නිසා ඒ තරම් ප්‍රස්නයක් වෙලා නෑ.රජතුමත් රැජිනගෙ කැමැත්තට ඉඩ දීලා.... ඒත් සෙන්පති තුමාට වගේ නෙමෙ රජතුමාට පක්ෂපාතී පිරිස වැඩි එක සෙන්පතිට ප්‍රස්නයක් වෙලා.
රැජින
රැජින සෙන්පතිව විවාහ කරගත්තට රජතුමාට ඇත්තටම ආදරෙන් ඉඳලා.ඉතිං මේ හැමදේම නිසා සෙන්පති ආපහු කුමන්ත්‍රණේ කරලා.
රජතුමා එක්ක ආපු ගොත්‍රික තරුණයට රජතුමාගේ පාර්ශවේ හැමෝම හොදින් සලකලා.ඔහු හැමෝගෙම හිත් දිනාගෙන වගේම හැමෝම ඔහුට ආදරේ කරලා.රජතුමාට වගේම ඔවුන් රජතුමාගේ ජීවිතේ බේරා ගත්ත ඔහුටත් ආදරේ කරලා.
Xian xian
ඉතිං සෙන්පති රජතුමාව විනාස කරන්න මේකම හේතුවක් කරගෙන.ටිකින් ටික රැජිනව අවුස්සලා තියෙනවා කේලම් කියලා රජතුමත් ඔහුත් අතර සම්බන්ධයක් තියෙන බවට....
ඒ වගේම සමූලඝාතනේ උණ ගෝත්‍රයෙ අය සමලිංගික විවාහ ඉහළින්ම සිදුකරලා තියෙනවා.දෙවියන් පවා අදහලා.ඒත් මේ අය ඒක දැකලා තියෙන්නේ පාපයක් විදිහට.ඉතිං සෙන්පති චෝදනා කරලා රජතුමා අර තරුණයා සමග සම්බන්ධයක් තියෙනවා වගේම ඔවුන් සම්ප්‍රදායට විරුද්ධ වෙලා සමලිංගික විවාහ වලට අවසර දෙන්න සූදානම් වෙන බවට. සෙන්පති මේ ගැන කියලා අවුස්සද්දී රැජින වගේම රජතුමා වටේ හිටපු බහුතරේ රජතුමාව අත ඇරලා තියෙනවා.
"ඉතිං ඒක ඇත්තද.... ඇත්තටම ඔවුන් අතර සම්බන්ධයක් තිබිලද...."
"දන්නෙ නෑ....සමහර විට තියෙන්න ඇති...කොහොම හරි ප්‍රස්නේ දුර දිග යද්දී රැජින අණ කරලා තියෙනවා ඔවුන්ව පණපිටින් ගිනි තියන්න...."
"මොකක්...."
Zhaoට දැනුණේ මුළු ඇගම ගිනි ගන්නවා වගේ හැඟීමක්.
"හ්ම් එහෙම වෙලා....එතනින් තමා මේ හැමදේම පටන් අරන් තියෙන්නේ.කලින් අනාවැකි කියලා තිබුණාලු...මෙහෙම දෙයක් වෙනවා කියලා.ඒ වගේම ඒ දේ සිද්ද වෙද්දී මකරෙක් ඇවිත් හිරු ගිලගන්න බවටත් ගෝත්‍රයට ශාප කරන බවටත් අනාවැකියෙ තිබුණලු...."
"මකරෙක්...හිරු ගිලිනවා...!ඔවුන් කියන්නේ සූර්යග්ග්‍රහණයක් ගැන...."
"ඔබ දන්නෙ කොහොමද....."
"ඉස්සර මිනිස්සු විස්වාස කරලා තියෙනවා සූර්යග්‍රහණයක් සිද්ද වෙන්නේ මොකෙක් හරි සතෙක් හිරු ගිල ගන්න නිසා නැත්තම් හිරු අවහිර කරන නිසා කියලා.වියට්නාමේ අයට ඒ ගෙම්බෙක්.ආජන්ටිනාව පැත්තෙ අයට ඒ ජගුවර් කියන දිවියෙක්.සයිබිරියාවේ අයට ඒ වැම්පයර් කෙනෙක් වෙද්දි ඉන්දියාව ඉන්දුනීසියාව චීනෙ වගේ රටවල් වල අය හිතන්නෙ ඒ මකරෙක් කියලා.විවිධ රටවල මිනිස්සුන්ගේ විස්වාස ගැන ඉගෙන ගද්දී මන් ඒ ගැන ඉගෙනගෙන තියෙනවා...."
"ඒ කියන්නේ ඒ කරුණු වල සම්බන්ධයක් තියෙනවා..."
"හ්ම්...ඒ වගේම....සමලිංගිකත්වෙ එක්කත් මකරාගේ සම්බන්ධයක් තියෙනවා.ඉස්සර චීනෙ කතාවක් තියෙනවා වැඩිහිටි පිරිමින් සමග මකරුන් ලිංගිකව එකතු උණා කියලා.ඉතිං මෙතනට මකරෙක් සම්බන්ධ වෙන්න හේතුව ඒක.ඉතිං ඊට පස්සෙ..."
"ඉතිං එහෙම වෙලා....ඇත්තටම මහ දවල් ඉර අතුරුදහන් වෙලා...."
"ඇත්තටම එහෙම වෙලාද ගගා.... ඒ වෙලාවේම...?"
"දන්නෙ නෑ බින් කිව්වේ එහෙම....ඒ සිදියෙන් පස්සෙ එතන හිටපු සමහරු එකවර අන්ද උණාලු.අසනීප උණාලු.හදිසියේ මිය ගියාලු. ඒ වගේම ඒ හැමදේම සිද්ද වෙද්දී ෆාජි ජීවතුන් අතර හිටියලූ...."
Yang කියද්දී zhao කල්පනා කරා.
" ඔව් ඒ හැමදේම වෙන්න පුළුවන්.ඒ වගේ වෙලාවක ඉර දිහා එක දිගට බැලුවොත් අන්ද වෙන්න පුළුවන්.ඒ වගේම හර්දයාබාධ වගේ තියෙන අයගේ සෞඛ්‍යය තත්වෙටත් යම් බලපෑමක් වෙන්න පුළුවන් කියලා විද්‍යාත්මකවම පැහැදිලි කරලා තියෙනවා...."
Zhai කියද්දී yang ට දැනුණේ අමුතුම හැඟීමක්.මේ කතාව කියන්නේ තමන් උණාට තමනුත් මේ කතාව පළවැනි පාර අහනවා වගේ හැඟීමක් වෙද්දී එකිනෙක ගැලපෙන කරුණු ඔහුව නොසන්සුන් කරන්න උත්සාහ කරා.
"ෆාජි,ඇය රජතුමාගේ ළඟම සේවිකාවලු....රජතුමාව පොඩි කාලෙ ඉඳන් බලාගත්තා වගේම අර තරුණයාව බලා ගත්තෙ ඇය වගේම ඇගේ පවුලේ අයලූ. ඒ වගේම බින් කියන්නෙත් ඒ පරම්පරාවේ කෙනෙක්ලු.හැමොම රජ තුමාට විරුද්ධ වෙද්දී ඔවුන් විතරලු සහයට හිටියෙ.ඉතිං රැජින පස්සෙ හැම දේ ගැනම පසු තැවිලි වෙද්දී ඇය මිය යන්න කලින් අණ කරලා තියෙනවා රජතුමා වගේම ඔහු අනාගතේ එකතු වෙන දවසක් එනකං ඔවුන්ට සේවය කරන්න."
"ඒ මොන විකාරයක්ද...මැරුණ මිනිස්සුන්ට සේවය කරන්නේ කොහොමද..."
"අනාවකියෙ තියෙනවාලු ඔව්න් නැවත පැමිනෙනවා කියලා....ඒ වගේම ශාපය බිදින්න මකර යක්ෂයා නැවත හිරු ගිලගන්න දවසෙ ඔවුන් විවාහ විය යුතු බව.... "
"දෙයියනේ ගගා...ඔයා කියන්නේ....එතකොට ඒ....රජතුමා....ඒ අනිත් කෙනා....."
"Zhao.... නවත්ත ගන්නවා....තමුසෙ ඔය කියන්න යන දේ ඔතනින් එහාට කියන්න නෙමෙ හිතන්නවත් ලෑස්ති වෙන්න එපා....මේක නිකං කතාවක් විතරයි...."
"ඒත් ගගා..."
"ඒත් නෙමෙ අහනවා....මන් කියලා ඉවර නෑ.තමුසෙ ඔක්කොම දැන ගන්න ඕනා.මෙතනින් බේරෙන විදිහක් ගැන හිතන්න මට තමුසේගේ උදව් ඕනා..."
Yang එහෙම කිව්වත් මේ දේවල් විස්වාස නොකරත් අහපු හැමදේම කාත් එක්ක හරි කියලා හිත නිදහස් කරගන්න තිබුණු නොඉවසිල්ල ප්‍රදාන උණා.
"හ්ම්..."
" ඉතිං බින්ගේ පරම්පරාවේ අයට අනෙක් අයට වඩා නිදහසක් හම්බ උණාලු.අනාවැකි වල තියෙනවාලු ඔවුන් නැවත එන විට මේ කඳුවලින් පිටත ලෝකේ භාෂාවක් කතා කරනවා අලුත් ලොකෙකින් පැමිණෙනවා කියලා.ඉතිං නැවත පැමිණිම ගැන ආසන්න දින වකවානු කියලා තිබුණ නිසා ඒ පරම්පරාවේ මීලඟ පුරුක....ඒ කියන්නේ බින්ට ඔවුන් පුංචි කාලෙ වසර ගාණක් නගරෙ හැදෙන්න දීලා. භාෂාව ගැන වගේම අලුත් ලෝකේ ගැන ඉගෙන ගන්න..."
"ඕ...ඒකයි එයා අනිත් අයට වඩා වෙනස් ...."
"හ්ම්...දන්නවාද ඒ වගේම බින්ගේ පරම්පරාවේ අයට විතරලු විවාහ වෙන්න අවසර තියෙන්නේ...."
"ඒ කිව්වේ...."
"ඒ කිව්වේ ඒ සිද්ධියෙන් පස්සෙ මෙහෙ බින් ගෙ පරම්පරාවෙන් පිට වෙන විවාහයක් වෙලා නෑ.අර ගෑණු අය මූණ අළු කරන්නේ ශාපෙ නිසාලු.රැජින මිය යන්න කලින් රජතුමාව එහෙම දවපු අළු මූණේ ගාන් හිටියාලු.ඉතිං කාලයක් රජ කරපු ගෑණු අයට රැජිනගෙ වැරදි නිසා ශාප ලබන්න උණ නිසා වගේම ඇය කාන්තාවක් උණ නිසාම පස්සෙ අනික් ගෑණු අයටත් සලකන්න අරන් තියෙන්නේ වහලුන්ට වගේ....ඒ වගේම රැජිනම තමා විවාහ තහනම් කරලා තියෙන්නේ මිය යන්න කලින්.රජතුමා එහෙම නැවත පැමිණිලා ඔවුන්ගේ විවාහය සිදුවෙලා ශාපය බිඳෙන කම් විවාහ සිදු නොවිය යුතුයි කියලා.
ඉතිං ගෑණු අයට සලකන්නෙ ළමයි හදන මැෂින් ගාණට දාළලු.ගෑණු ළමයි වැඩිවිය ආවම නවයොවුන් පිරිමි හැමෝටම ඔව්න්ව දෙනවාලු.ළමයි හදන්න උවමනාවට විතරක්.එක දිගට ගෑණු දරුවෝම හම්බ උනොත් ඒ කෙනාව මැරෙන්න අරිනවාලු. "
"දෙයියනේ ඒක නම් ඇත්තටම ශාපයක්..."
"හ්ම්...ඒ වගේම කෑම...ඒ සිද්ධියෙන් පස්සෙ මස් පුළුස්සන ගඳක් ආවත් රැජින පිස්සු වැටුණාලු...ඒ වගේම සිද්ධිය බලන් හිටපු හැමෝමත්....එදා ඉඳන් කාටවත් මස් පුළුස්සලා කන්න බැරි වෙලා.කෑවත් අසනීප වෙලා.ඉතිං ඔවුන් හිතන්නෙ ශාපෙ නිසා කියලා...."
"එතකොට මේ ඇයි ගගා...එයාලා අපිට කෑම හදලා..."
"ෆාජි අවසර දුන්නාලු....අපි වෙනුවෙන් විතරක් කෑම හදන්න.අනාවැකි වල තියෙනවාලු අපේ අවශ්‍යතා අවශ්‍ය විදිහට ඉටු කල යුතුයි කියලා...."
"ගගා මේ හැමදේම...."
"ගොතපු කතාවක් විතරයි....හිතට ගන්න එපා...."
"ඒත් ගගා...."
"ඒත් මේත් ගාන්නේ මොකද....මන් දැන් අවුරුදු ගාණක් තිස්සේ ලෝකේ වටේ යනවා....මේ වගේ ගොතපු කතා ඕනා තරම් අහලා තියෙනවා...ඒ කිසි දෙයක් ඇත්ත නෙමෙ....එක එක විකාර එකට සම්බන්ධ කරලා ගොතපු විකාර විතරයි...."
"ඒත් මගේ හිතට අමුතුයි...."
"ඔව් ඉතිං බයානක ෆිල්ම් එකක් බැලුවා වගෙනෙ.මුලින් ඇහුවාම මටත් අමුතු හිතුණා...."
මේ ගමන පුරාවටම සිදු උණ අහඹු සිදුවීම් අහන්න ලැබුණ දේවල්... දකින්න ලැබුණු දේවල්....හිතට දැනුණ අමුතු හැඟීම්.... එක පේලියට zhaoගේ හිත තුල එහා මෙහා ගියා....
"බැරි වෙලා හරි....ඒ කතාව ඇත්තක් නම්...."
"විකාර කියවන්න එපා zhao...ඇත්තක් උණත්...අපිට කරන්න දෙයක් නෑ.අවස්ථාවක් ලැබුණු හැටියේ අපි මෙහෙන් යන්න ඕනා...."
"ඔයා....ඒ තරම් අකමැතිද මාව කසාද බඳින්න...."
"මෝඩයෙක් වෙන්න එපා මනුස්සයෝ....මේක තමුන්ට කැමැත්ත අකමැත්ත ගැන ප්‍රස්නයක් නෙමෙ.මට බඳින්න කෙනෙක් ඉන්නවා...ඒ වගේම තව මාස 2කින් මගේ කසාදේ සිද්ද වෙනවා...."
"බොරු..."
"මොනවාද බොරු..."
"මාව බඳින්න වෙයි කියලා ඔයා බොරු කියනවා...."
Yang සාක්කුවේ තිබුණ පර්ස් එක අතට ගත්තා.අරන් දිග ඇරලා zhaoට පෙන්නුවා....zhaoගේ ඇස් වල කඳුලු පිරෙද්දී zhao පර්ස් එකේ තිබුණු කපල් ෆොටො එක දිහා බලන් හිටියා.
"එයා ලස්සනයි...."
zhao කිව්වේ සිහිනෙන් වගේ....
"ඔව් එයා ගොඩක් ලස්සනයි...."
"ඔය දෙන්නා හොදට ගැලපෙනවා...."
"ඒකනෙ.... එයා මන් එනකං බලන් ඉන්නවා....මේ මගේ අන්තිම ගමන කිව්වේ ආපහු ගිහිං මන් මැරි කරනවා.ඉතිං ආයි මෙහෙම යන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ.මට ඕනා පුංචි පවුලක්....ලස්සන ජීවිතයක්...."
Yang ෆොටෝ එක දිහා බලන් කියවද්දී zhao, yang දිහා හැඟීමක් නැතිව ඔහේ බලන් හිටියා.
"ඔයා හිතනවා වගේ ජීවිතේ සුරංගනා කතාවක් නෙමෙ zhao....කවුරුවත් කියාපු පලියට....කතාවක් තිබුණ පලියට කැමති කැමැති දේ කරන්න සුරංගනා කතාවක් නෙමෙ...."
Yang කියද්දි zhao ලොකු සුසුමක් හෙලුවා.
"ඒත්....බැරි වෙලාවත්....ඒ දේවල් ඇත්තක් නම්.....එයාලට මොකද වෙන්නේ ගගා....."
මතුසම්බන්ධයි.....
👩💻 dil
2023/01/14
Editing date - 2023/11/23
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
👻👻👻👻
අද ඔන්න දිග කොටසක් දුන්නෝ.....ගොඩක් ප්‍රස්න විසඳෙන්න ඇති නේදො....🤗🤗🤗
ඔය මන් කිව්ව කරුනු 😊😊 හරි පුදුම විදිහට හිතේ තිබුණ කතාව එක්ක එකින් ඒක ගැලපුණේ 😱😱😱
ප්‍රස්න තියේ නම් අහන්න වස්තුලා 🤗🤗 නොතේරෙන තැන් අහන්න.
එතකොට තමා මට හිතේ තියෙන අදහස අඩුපාඩු නැතිව හරියට ඔයාලට කියන්න පුළුවන් වෙන්නේ 🤗🤗🤗
📌📌 ආයි කියවද්දී මටම හිතාගන්න බෑ..මං මේ තරම් කෙටියෙන් මේ දේවල් ලිව්වෙ කොහොමද කියලා 🤭🤭 කොහොමහරි ඔයාලට තේරෙනවා කියලා හිතනවා...😊😊
📌📌 අවුලකට තියෙන්නේ zhanyi එකට වගේ මේකට
You are reading the story above: TeenFic.Net