🌘🔥 50.🍁 උරුම දඬුවම් 🍁 🔥🌒

Background color
Font
Font size
Line height

දෙවොල ළඟදී මතක් උණු මතක zhaoගේ හිතට ගෙන දුන්නෙ පීඩාවක්.කලින් වතාවේ සෙන්පති තුමා ඇවිත් xian xian ඉදිරියෙ හඩා වැටුණු හැටි zhaoට මේ මොහොතෙත් මතක් උණා...සෙන්පති ලබපු දඩුවමේ තරම පසක් කරමින් සියවසකට පසුත් මිනිසුන් අතර ඔහු ගැන තිබුණෙ වැරදි මතයක් වෙද්දී අනික් අයට ඔහු සම්පූර්ණයෙන්ම බලය නිසා වැරදි කරපු අපරාධකාරයෙක් උණා....

'නිකමට හරි...උතුමාණන් දැනගෙන හිටියා නම්...සෙන්පති තුමා වැරදි උණත් කරේ උතුමානන්ගෙ ජීවිතේ රැක ගන්න කියලා....ඔහුට ආදරේ කරපු නිසා කියලා....නිහඬවම දඬුවම් විඳින්න උණත් ඔහු වෙනුවෙන් කැප උණා කියලා....ඔහු සෙන්පතිට අනුකම්පා කරාවිද....ආදරේ කරාවිද.... එතකොට මේ ආත්මේ උණත්....රෙන් ඔහු වෙනුවෙන් කැප උණා වෙන්න බැරිද...වටිනාකමක් නොලබාම....මං ගිය වතාවේ හැම දේම දැනගෙනත් උතුමාණන්ට නොකියා නිහඬ උණා...උතුමාණන්ගේ ඉරණම සෙන්පති තුමා එක්ක නැතිව මාත් එක්ක ලියවුණේ...ඔහු මේ දේවල් නොදැන සිටි නිසා වෙන්න බැරිද...සමහර විට දැන ගත්තා නම්....
ඉතිං ගගාට මේ දේවල් නොකියා ඉන්න එකෙන් මං රෙන්ට අසාධාරණයක් කරනවාද...ඔහුට අවස්ථාවක්වත් දෙන්න ඕනා නැද්ද...'

මේ දවස් ටිකේම හිතට වද දුන්න , හිත උඩට එන්න නොදි තියාගත්ත ප්‍රස්න මේ මොහොතේ zhaoව පීඩාවට පත් කරන ගමන් එක විට හිතට ආවා.

"Zhao...ඔයා අහන්ද ඉන්නෙ.."

කල්පනාවේ හිටපු zhao රෙන්ගෙ කට හඬත් එක්ක ගැස්සිලා ගියා.

"ආහ්...ඔව්...කියන්න.."

"මුලින්ම කියන්න ඕනා ඔයා හිතන් ඉන්නෙ එදා මුලින් මෙහෙ ආව වතාවේ මිංයන් වලදී yangට අනතුරක් කරන්න හැදුවේ මං කියලා නම්, ඒකට මගෙ කිසි සම්බන්ධයක් නෑ...yang වෙඩින් එකට එන එක නවත්වන්න ලීගෙ පපා එවපු මිනිස්සුන්ට එයාව මරන්න කියලා පපාට හොරෙන්ම සල්ලි දීලා තිබුණෙ ලී...ඒ වගේම ඒ මිනිස්සු කන්දෙම මිනිස්සු වගේකට ඒක බාර දීලා තිබුණෙ සැකයක් ඇති නොවෙන්න.මංකොල්ල කන්න ගිහිං yangගේ මරණෙ සිද්ද උණා කියලා අඟවන්න උවමනාවට ඒ වෙනුවෙන් උන් කඳුකරයේ අය පාවිච්චි කරන විස කැපුම් තල යොදාගෙන තිබ්බා.yangට අනතුරක් නොවුණත් වෙන කෙනෙක් මැද්දට පැන්න නිසා yangගේ ජීවිතේ බේරිලා තිබුණා.
මේ හැමදේම මම දැන ගත්තෙ ලීගේ පපාගෙන්. පස්සෙ yang ගැන හොයද්දී ආරංචි උණා එයා තුවාල උණු පිරිමි ළමයෙක් එක්ක කන්දට ගියා කියන එකත් ඒ ළමයාට මඟදී ගොඩක් අමාරු උණා කියන එකත්.ඉතිං මං හිතුවෙ ඒ කෙනා ජීවතුන් අතරත් නැතිව ඇති කියලා. ලීව නවත්වන්න බැරි උණ එක ගැන මං ගොඩක් පසු තැවුණා.... ඒ photo එක දකින කම්....ඉතිං ලීගෙ ගෙදරදී ඔයාව දැක්ක ගමන් මං අත බැලුවේ ඒ ඔයාමද කියලා තහවුරු කර ගන්න වගේම ඔයා හොඳින්ද කියලා තහවුරු කරගන්න...ඔයා ඒ ගැන වැරදි අදහසක් ගනි කියලා මං හිතුවෙ නෑ.
අනික් එක මට පුදුමයි....yang මේ ගැන දැනගෙන හිටියෙ නෑ කියනකොට....ඇයි ඔයා නොකිව්වේ කියන එක ඇත්තටම හිතා ගන්න බෑ... සමහර විට හැමෝම කියන ඔයාගෙයි මගෙයි අතර තියෙන වෙනස නිසා වෙන්න ඇති.ඔයාට එයාගෙ හිත දිනාගන්න ඔයාගෙ කැප කිරිම දැන ගත්තම yangගේ හිතේ ඇති වෙන පැහැදිම අනුකම්පාව යොදා ගන්න ඕනා වෙන්න නැතුව ඇති...කොහොම හරි ඔයාගෙ කැපවීම පල සහිතයි.එයා ඔයාව දැක්ක ගමන්ම ඔයාට ආදරේ කරා.....

ඒ වගේම එදා ඔයා ගෙදරදී දැක්ක දවසේදියි ඉස්සර උණ දේවල් ගැන මට ටික ටික මතක් වෙන්න ගත්තෙ.ඔයා හිතනවා නම් මං ඔයාගෙ පස්සෙන් මිනිස්සු දාලා ලීගෙ මිනිස්සුන්ගෙන් ඔයාව ආරක්ෂා කරන්න හැදුවේ, ඔයාලට උදව් කරේ yangගෙන් ලකුණු ගන්න හිතන් කියලා ඒක එහෙම නෙමෙයි.... කලින් වතාවේ උණ දේවල් එක්ක මට ඕනා උණේ ඔයාලට උදව් කරලා හිත හදාගන්න.

අනිත් එක yang මෙහෙ එන්න ආපහු හැරිලා ගියේ ලී ඇක්සිඩන්ට් උණ නිසා හරි ලී ගැන දරුවා ගැන කියලා අනුකම්පාව අයැදපු නිසා හරි කියලා හිතනවා නම් ඒක එහෙම නෙමෙ....මුලින් මං එයාව නවත්වාගන්න උත්සාහ කරේ ඒ හේතු පෙන්නලා තමයි....මොකද ඇත්ත හේතුව කියන්න මං බය උණා.ඒත් අන්තිමේ එයාව ආපහු හැරිලා එන්න කැමැති කරගන්න මගෙ හේතු වලට බැරි වෙද්දී මට ඇත්ත කියන්න උණා.yang හදිසියේ ලී ගෙ ගෙදරින් යද්දී ලීට සැක හිතිලා තිබුණා.ඉතිං එයා මිංයන් වල කලින් yangව මරන්න යවපු අයට කතා කරලා කියලා තියෙනවා ඔයාලා දෙන්නා එකට එහෙට ආවොත් ඔයාලාගෙන් එක්කෙනෙක් හරි ඉවර කරන්න කියලා.එදා ඔයාලා බිජිං වලින් එන්න හිටපු දවසෙ පාන්දර ලී හොස්පිට්ල් එකේ සිහි නැතිව ඉද්දියි මට එයාගෙ phone එක හම්බ උණේ.ඒකෙ තිබුණ msg වලිනුයි වෙලා තියෙන දේ මං තේරුම් ගත්තෙ.අපි කොයිතරම් පරිස්සං උණත් එයාගෙ මිනිස්සු ඔයාලා එදා යන්න ලෑස්ති කියන එකත් හොයන් තිබුණා.ඔයාලා එයාර් පෝට් එකට වෙන වෙනම එද්දී ගහපු ෆොටෝත් ඒ මිනිස්සු එදා උදේ ලීට එවලා තිබුණා.ඇක්සිඩන්ට් එක නොවෙන්න ලී ඒ photo දකින්න වගේම, ඔයාලා එකට ගියා නම් දැනටමත් ඕඩර් එක දීලා තිබුණු නිසා ඔයාලට කරදරයක් වෙන්නත් තිබුණා.හැම දේම දැන ගත්තම මං ඕඩර් ඒක දීපු මිනිස්සුන්ට ඔයාලට කරදර කරන්න එපා කියන්න කෝල් ගන්න උත්සාහ කරත් ඒ phone වැඩ කරේ නෑ.ඉතිං yangව නවත්වාගන්නවා ඇර වෙන ක්‍රමයක් මට මතක් උණේ නෑ.මේ හැම දේම පැහැදිලි කරලා ලීට එයාගෙ මිනිස්සු එවපු ඔයාලගෙ ෆොටෝත් යවලා උන් එක්ක උණු ලී ගෙ msg වල screen shot පවා යැව්වාමයි....ඔයා ගැන හිතලා yang නැවතුණේ...
ඉතිං වැරදි වැටහීමක් තියෙනවා නම් නැති කරගන්න....එයා නැවතුණේ ලී වත් මං වත් දරුවා වත් නිසා නෙමෙ....එකට ගිහිං ඔයාට කරදරයක් වෙයි කියලා හිතපු නිසා....

එයාට ඕනා උණා මේ දේවල් ඔයාට කියන්න...ඒත් ඔයාට විස්තරයක් කියන්න බැරි උණා කිව්වා ඔයා ඒ වෙද්දීත් ප්ලෙන් එකේ නිසා.ඒ වගේම එයා එහෙම්ම ලී බලන්න හොස්පිට්ල් ආවත් ඒ එන මගදීම පහුවදාම යන්න ප්ලෙන් එකට ටිකට් පවා බුක් කරලා තිබුණා.අනිත් එක එයා දේවාලයක් අරින කතාවක් කියද්දි මට අපැහැදිලි මතකයක් තිබුණා යතුරක් ගැන.මං සැකේට වගේ yangට ඒ ගැන කියද්දි එයා පිළිගත්තා එයාටත් එහෙම මතකයක් තිබුණ බව. ඒක තියපු තැන ගැන මතකයක් තිබුණත් ඒ හරියටම මෙතන කියලා විස්තර කරන්න පුළුවන් කමක් මට තිබුණෙ නෑ.හොඳම දේ උණේ මං එයත් එක්ක ඇවිත් ඒක හොයලා දෙන එක උණත් ඒ වෙලාවේ ලී වගේම දරුවා හිටිය තත්වේ එක්ක මට එයාලව දාලා එන්න පුළුවන් කමක් තිබුණෙ නෑ...ඉතිං දවසක් දෙකක් yang නතරවෙන්න තිරණේ කරා ලී ජීවත් වෙන බවක්වත් විස්වාස නෑ කියද්දී ....ඒ නතර උණත් එයා හිටියෙ හොදින් නෙමෙ...ඔයා මඟදීවත් කොල් එකක් නොදුන්නම එයා බය උණා.පස්සෙ මං හොයලා බලද්දී දැන ගත්තා ඔයා phone එක ප්ලයිට් එකේ අමතක කරලා කියලා.පස්සෙ yangට නොකියා මං,ඔයා ගැන විස්තර දැන ගන්න ලී ඔයාලව මරන්න දාපු මිනිස්සුන්ගෙන්ම උදව් ඉල්ලන්න හැදුවත් phone වැඩ කරේ නෑ.පස්සෙ පපාගෙන් උදව් ඉල්ලුවා..එයා yangව නවත්වන්න දාපු මිනිස්සු ලව්වා විස්තර හොයද්දී දැන ගත්තා ඔයා එහෙට ගියා කියලා.අසනීපෙන් හිටියත් බින් ඔයාව එක්ක ගියා කියලා වගේම ඔයා තියලා ගිය පණිවිඩේත් හම්බ උණා.ඊට පස්සෙයි yang ටිකක් සන්සුන් උණේ.පස්සෙ නොහිතපු විදිහට ලී හොඳ අතට හැරුනා.අනිත් අතට අපි එන්න ලෑස්ති උණත් හදිසියේ කාලගුණේ අවුල් උණ නිසා ප්ලයිට් හුගාක් කැන්සල් උණා.අනිත් අතට බලද්දී එක ශීට් එකක්වත් අල්ල ගන්න බැරි වෙන තරමට සෙනඟ වැඩි උණා.දවස් කීපයක් අපි එයාර්පොට් එකටත් ගියා අන්තිම මොහොතේ හරි කවුරු හරි නෑවිත් ඉදි කියලා.ඒත් වෙලාව තමා.ඔයා දන්නවා දුරේ හැටියට ගොඩින් එන්නත් බෑ...කොහොම හරි වට රවුමකින් මඟට එන්න ටිකට් බුක් කරගන්න පුළුවන් උණා අපිට.ඒත් ඒ ගතවුණ කාලෙ එක්ක හරි වෙලාවට එන්න පුළුවන් කමක් කොහොමත් තිබුනෙ නෑ...පස්සෙ මං එහෙට මෙහෙට දුවලා මිනිස්ට්‍රි කෙනෙක් එක්ක කතා කරලා එතනින් එහා දුර ගෙවන් කන්දට එන්න අමාරුවෙන් ගලවාගැනීමේ මෙහෙයුම් වලට යොදා ගන්න හෙලිකොප්ටර් එකක් ඉල්ල ගත්තෙ.රජයේ එකක් උනාට,දැන හැඳුනුම් කම් උඩ ගෙන්න ගත්තට yangට ඒ වෙනුවෙන් ගෙවන්න උණ ගාණ ඔයා හිතන්නෙත් නැති තරම්.
යන්න තිබුණ පාර එක්ක
ඒකෙනුත් අපිට යන්න පුළුවන් උණේ කන්ද උඩට.වෙලාවට එහෙ බස් එක තිබුණා.කන්ද බහින දවසක් නොවුණත් yangගේ එක කීමකට එයාලා අපි නිසා කන්ද බැස්සා.දවස් 4ක් නවතින්නේ නැතිව අපි ආවත් මෙහෙට එද්දී පෝය දවසේ හවස් උණා.අපි කැලෙ මැදින් එන්න මඟට ආවා නම් කළුවරත් එක්ක yangට උණත් පාර හොයාගන්න අමාරු වෙන්න තිබුණා.ඒත් අර එදා මුලින් කසාද බැඳපු පිරිමි ළමයා අනිත් හැමෝම හැරිලා ගිහිං තියෙද්දී තනියම බලන් ඉඳලා yang කොහොම හරි ආපහු එයි කියලා.එයා නිසා ළඟ පාරකින් අපි ආවා.ඒ ආවත් අපැහැදිලිව තැන මතක තිබුණත් කළුවරත් එක්ක අවුරුදු 100කට කලින් හංගපු යතුර හොයාගන්න ඒක ලේසි උණේ නෑ...ඒකයි එදා අන්තිම මොහොත වෙනකං පරක්කු වෙන්න උණේ...."

රෙන් කතාව නවත්වලා මොහොතක් බලන් හිටියෙ zhaoට හිතන්න ඉඩ දෙන්න වගේ.

"මට හිතෙන්නේ ඔයා මං එක්ක තියෙන තරහා කේන්තිය අනෙක් අය පිටින් පිට කරද්දි ඔයාට එයාලව හුගාක් මඟ ඇරිලා කියලා....yang බලන් ඉන්නවා...ඔයා එනකං...ඒ වගේම ගමේ අය...එයාලට ඕනා ඔයාට ස්තූති කරන්න...ඔයා දැක්කෙ නෑ අර අළු පාට මූණු හරි ලස්සනයි දැන්... ඒ වගේම අර පිරිමි ළමයා එයාගෙ බිරිඳත් එක්ක බලන් ඉන්නවා තෑගිත් ලෑස්ති කරන්...කපු කමට ගෙවන්න කියලා බින් කිව්වේ...."

රෙන් කියද්දි zhao සුසුමක් හෙළුවා.

"කොහොම උණත්...මම නම් ප්‍රස්නෙ මං හෙට යනවා...මං හිතන්නෙ ඔයා ඔහොමම හිටියොත් yangත් ආපහු යන්න හිතන් ඉන්නෙ...මං නිසා නෙමෙ...එයා හිතන්නෙ ඔයා එයා නිසා මෙහෙම හැමෝගෙන්ම හැංගිලා ඉන්න ඕනා නෑ කියලා...."

රෙන් කියපු දේ එක්ක zhao බලන් හිටියෙ බයවෙලා....

"ඒ වගේම ඔයාගෙ හිතේ තව මොකක්ම හරි නොපැහැදිමක් තියෙනවා නම්.... ඒකත් නැති කරගන්න මේක උදව් වෙයි...."

රෙන් zhaoගේ අතේ පුංචි ටේප් රෙකොඩර් එකක් තියද්දී zhao බලන් හිටියෙ පුදුමයෙන්.

"ඒ වගේම ලී ව ප්‍රස්නයක් කරගන්න එපා...මං එයාව දැනටමත් ඉන්ග්ලන්ඩ් යවලා තියෙන්නේ...ඒ වගේම එයා කරපු දේවල් වලට එයා වන්දි ගෙවන්නේ නෑ කියලා හිතන්න එපා....එයාට ඕනවාටත් වඩා ලොකු දඬුවමක් ලැබිලා තියෙන්නේ...වතාවක් එයාගේම සහෝදරියට එයා කරපු දේම අද එයාටත් වෙලා...එයාට ආයි ඇවිදින්න බෑ zhao....කකුලේ ලොකු ඔපරේෂන් එකක් කරත් ඒක සාර්ථක නෑ...ඩොක්ටර්ස්ලා කියන්නේ කකුල කපන්න වෙයි කියලා...මේ ගැන yang දන්නේ නෑ... මටත් මඟ එද්දී පපා කෝල් කරලා කිව්වේ...ඉතිං මං ඉන්නම ඕනා වෙලාවක මං ළඟ නැතිකොට ලීට මොනවා හිතෙනවා ඇත්ද.
අනිත් දේ මගෙ දරුවා....yang එයාව හරියට දැක්කෙ නෑ zhao...ලීයි මමයි එයාට දරුවව හරියට පෙන්නුවේ නෑ.
එයා ඉපදෙනකොටම දුර්වලයි.අඩු මාසෙන් ඉපදුණ නිසා වගේම එයා මමාගේ බඩේ උණත් හොදින් හිටපු නැති නිසා...ඒ විතරක් නෙමෙයි....."

රෙන් ඉකිගහද්දී දරුවා වෙනුවෙන් කියලා දැනුණ නිසා zhaoගේ පපුවත් හිර උණා වගේ දැනුණා.

"මගෙ..ම...ම්ගේ..ද..රුවා...එයා..එයාගෙ මූනේ... එක පැත්තක්...අළු පාටයි zhao..."

රෙන් කියද්දි zhao බලන් හිටියෙ හුස්ම අල්ලන්....රෙන් phone එක අරන් දරුවගෙ photo එකක් පෙන්නද්දී zhaoගේ හදවත කිරී ගැහුනා.ඒ අහිංසකයා වෙනුවෙන් හදවත කෑ ගහද්දී zhaoගේ ඇස් වලින් කදුළු කැට කඩන් වැටුණා.

"ඔව්...ඒ උපතින්ම...එයාගෙ මූණේ පැත්තක් වැහෙන්න ලොකු අළු පාට ලපයක්...හරියට අළු පාටින් වැහිලා තිබුණු ඒ මූණු වගේ...ඔයා දැක්කෙ නෑ...ඒ සමහර මූණු වලට ඒ පාට අල්ලලා....කාලෙත් එක්ක....මොනා දාලා හේදුවත් යන්නෙ නෑ.....ඔයා දන්නවාද...
ලී ඒක දැක්කකම...කඳුලක් හෙලුවේ නෑ බලා ගත්තු අතේ බලන් හිටියා...ඔයා හිතනවාද...මමා කෙනෙක් විදිහට...එයාට ඒ නිසා හොඳ හැඟීමක් දැනෙයි කියලා....එයා මුළු ජීවිත කාලෙම විදවයි zhao....දරුවගේ මූණ දකින වාරයක් පාසා...ඒ අතීතේ එයාව රිද්දයි....එයාලා එහෙම ඉද්දී මට උණත් සැනසීමක් දැනේවිද zhao...."

Zhaoට කියාගන්නවත් දෙයක් හිතා ගන්න බැරිව ඔහේ බලන් හිටියා.

"ඉතිං වැරදි වැටහිම් නැති කරගෙන එයත් එක්ක කතා කරන්න...මං දීපු ටේප් එක අහන්න...මං දන්නවා ඔයා ගෙ හිතට වද දෙන්නේ ඔයා නිසා මට අසාධාරණයක් උණාද කියලා...මමත් හිතුවෙ එහෙම...මෙහෙ එන්න පිටත් වෙන්න කලින් දවස වෙනකම්ම.... මටත් හිතුණා මට අසාධරණයක් උණා කියලා...ඉතිං මං මොහොතකට ආත්මාර්ථකාමී උණා...yang මේ ගමන එන එක නවත්වන්න හිතුණා...ඉතිං මං එහෙම කරා...බුක් කරපු ටිකට් පවා කැන්සල් කරා.ඒත්...අනිත් මොහොතේ yang වොයිස් msg එකක් එව්වා...ඒක ඇහුවාම මං තේරුම් ගත්තා....මට කිසිම අසාධාරණයක් වෙලා නෑ කියලා.....!! ඉතිං ඒක අහන්න....හිතේ තියෙන ප්‍රස්න විසදේවි..."

කතාව ඉවර කරලා මොහොතක් රෙන් නිහඩවම zhao දිහා බලන් හිටියා.සුසුමක් හෙලන ගමන් උන් තැනින් නැගී සිටියෙ zhaoගේ උරහිසට තට්ටුවක් දාන ගමන්.

"යන්න...එයත් එක්ක කතා කරන්න.....පසුතවිම් ඇති නොවෙන්න ඉක්මන් කරන්න...ආයි මතු ආත්මෙකවත්.... මං වත් ලී වත් ඔයාලගෙ ජීවිතේට...ඔයාලගෙ ආදරේට... බාධාවක් වෙන්නේ නෑ zhao....ලී ව උණත් මං නවත්වනවා...! කලින් වතාවේ වගේ නෙමෙ බුද්ධිමත්ව....මං දන්නවා දන් එයාව නවත්වන්න පුළුවන් එකම දේ මගෙ ආදරේ...."

කුටියෙන් එළියට පිටවෙලා යන රෙන් දිහා zhao හිස් බැල්මකින් බලන් හිටියා....

මතුසමබන්දයි.....
👩‍💻 dil

2023/02/25

Editing date - 2023/12/24

🤧🤧🤧🤧

දඬුවම් ලැබිලා.....ඇතිද...මදිද.....😔😔

රෙන් ගැන අවංක හැඟීම කියන්න 🤧🤧

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

හමු වීම වෙන් වීම ලෝකේ හැටි
හැම බවයේ අපි මෙහෙම සමු ගන්නැති

අපෙ වැරදි නොව ඒ මේ සසරේ හැටී
හැම සතුට කෙළවරම දුකකුත් ඇතී

හදේ උතුරනා විරහා වේදනා
දරාගන්න දෝ මා කෙසේ...
මගේ පණ ඔයා දුකින් ඉන්නෙපා
සිතින් සෑම දා මා ඔබේ

ඔබේ සතුට පතලා වෙන් වීලා යනවා
මුණ නොගැහෙනා සේ යලි
අවසාන මොහොතේ ඔබ දෑස දැකලා
මියැදෙන්න තිබුණොත් ඇති

අතගන්න මතු දා ඔබේ වෙන්න පතලා
මා කෙරුව පිං මදි ඇතී
ඔබ කඳුලු පිස දා හිනැහෙන්න සැමදා
සැනසෙන්න මට ඒ ඇතී

ඔබේ නාමෙන් මැරිලා
නිගා දෙන් නෑ කිසිදා
එක් වෙන්න මතු යුගයේදී
පෙරුමන් පුරා මා ඉමී...


You are reading the story above: TeenFic.Net