ගොත්‍රික දෙවොල විවුර්ත කිරීමෙන් දැනටමත් සතියකට ආසන්න කාලයක් ගෙවිලා තියෙද්දී zhao තවමත් yangව මඟ ඇරියා.දොරටු විවුර්ත උණ දිනට පසු දින පැවති මිංශුගේ විවාහ උත්සවයෙදි yang, zhaoව අන්තිමට දැක්කා වෙද්දී උත්සවය පුරාවට yang කතා කරන්න හැදුවත් zhao ඔහුව මඟ අරිමින් නොදුටුවා සේ සිටියා වෙද්දී අන්තිමේ උත්සවය අවසානයේ yang' zhaoව බලෙන්ම නවත්වා ගත්තෙ ඉවසන්න බැරිම තැන.
"ෂා..."
"අඩුම මං මෙහෙ ඉන්න ඕනා නම්....මගෙන් ඈත් වෙලා ඉන්න....!!"
නමුත් yang කතා කරන්නත් කලින් කවදාවත් නොදුටු අමුතුම මූණක් එක්ක zhao yangට කෑ ගහද්දී yang ගල් වෙලා බලන් හිටියා.zhaoගේ මූණේ තිබුණ කේන්තිය yangව උපරිමේටම කලබල කරද්දි ඔහුට හිතහදාගන්න කාලය දෙන්න හිතන් හිත රිදෙද්දීම yang පැත්තකට උණා.උත්සවය අවසානයේ
හැමෝටම හොරෙන් තමන්ගෙ කුටියට ඇවිත් දොර වසා ගත්ත zhao පිටතට පැමිණිම පවා ප්‍රතික්ෂේප කරා.
ගෙවුණ කාලය තුල ආහාර රැගෙන බින්ට පමණක් කුටිය තුළට ඇතුළු වීමට zhao අවසර දෙද්දී zhao තවත් කේන්ති ගනී කියන බයෙන් ඔහුට බාධාවක් නොවෙන්න වචනයක්වත් නොපවසමින් විටෙක zhaoගේ කුටිය අසල ගසක් යටට වෙලත් තවත් විටෙක තමන් වෙනුවෙන් වෙන් වෙලා තිබුණු කුටියේ එළිපත්තට වෙලාත් zhaoව යන්තම් හරි දකින්න හිතන් yang මඟ බලන් හිටියා.මේ තරම් ඔහු තමන්ව ප්‍රතික්ෂේප කරන්න තමන් හිතනවාට වඩා හේතුවක් ඇති බව yangගේ හිත කියද්දි විටින් විටේ සුසුම් හෙලමින් ඇස් වල කඳුලු පිහින yang දකින වාරයක් පාසා බින්ගේ හදවතත් වේදනා වින්දා....
Yang ගැන තිබුණු නොපැහැදීම නිසා zhaoගේ තීරණයට එකඟ උණත්,එදා ගස යට සිද්ධියෙන් පස්සෙ yang තමන්ට වත් නිදහසට කරුණු පවසන්න ඉදිරිපත් නොවෙද්දී රෙන්ගෙන් දැන ගත්තු විස්තර නිසා yang ගැන බින්ගේ හිතේ තිබුණ අපැහැදිම හිතේ පසුතැවීමක් ඉතිරි කරමින් තුනි වුනා. Zhao මේ තරම් කල් ගනිද්දී yang වගේම ඔහුත් නොසෑහෙන්න දුක් විදින බව පෙනෙද්දී zhaoට කරුණු පැහැදිලි කරන්න බින් උත්සාහ කරත් කුටියට පැමිණිම ඔහුටත් තහනම් කරන බවට zhao තරවටු කරද්දි බින් නිහඩව ඉන්න තිරණේ කරා.මේ අතර තමන් වෙනුවෙන් උණු කැප කිරීමට ස්තූති කරන්න මඟ බලන් සුපුරුදු විදිහට yang වගේම zhao නැවත පැමිණෙනතුරු ගම්මුන් බලන් හිටියේ නොඉවසිල්ලෙන්.
මේ අතර පොහෝ දින කන්ද බැහැපු බස් රථය ආපහු කන්ද බහිනකම් ගෙවුන සතියකට කිට්ටු කාලය රෙන් ටත් ගම්මානයේම නවතින්න සිදු උණා වෙද්දී සුපුරුදු වට පිටාවත් එක්ක හිතට ආපු මතක වගේම yang zhao විරසකයත්, ලී සහ දරුවා ගැන පණිවිඩයක් ලබාගන්න නොහැකි කමත් ඔහුව හෙම්බත් කරලා තිබුණා.
.
.
.
.
"දොර වහගෙනම යන්න බින්..."
මොහොතක් ගතවෙද්දී දොර වහන හඬක්වත් පැමිණි කෙනා පිටතට යන හඬක්වත් නොනැගෙද්දී,හිතේ ඇති උණ සැකෙත් එක්ක yangව බැනලා එලවාගන්න වචන පේලියකුත් හිතේ එකතු කරගන්න ගමන් zhao දැස් ඇරියේ කේන්තියෙන්.නමුත් අනිත් මොහොතේ මේසෙ ළඟ හිටන් ඉන්න කෙනා දැකපු zhao ඇඳෙන් බිමට පැන්නෙ කලබලෙන්.
"ත...තමුසෙ...තමුසෙ මෙහෙ මොකද....එළියට යනවා...!! බින්..."
ආපු කෙනාටත් කෑ ගහන් zhao දොර ළඟ බිම බලන් ඉන්න බින් දෙසට අඩියට දෙකට කිට්ටු වෙද්දී බින් එක තප්පරෙන් දොර ඇදලා පිටතින් අඟුලු දාද්දී zhao කේන්තියෙන් කෑ ගැහුවා.
"බින්...උඹ....අහුවෙන්න එපා...මට....අහුවෙන්න එපා...."
බිමටත් පයින් ගහමින් දත් මිටි කමින් කෑ ගහපු zhao පැමිණ සිටි අමුත්තා දෙසටත් දවා අළු වෙන විදිහේ බැල්මක් හෙළන ගමන් කේන්තියෙන්ම ඇවිත් ඇඳ උඩින් වාඩි උණා.
"මො... කද....මොකද තමුසෙ ආවෙ...!! "
"මං හෙට යනවා.."
"ඉතිං මට මොකද.."
"යන්න කලින් කතා කරන්න ඕනා..."
"තමුසෙ...තමුසෙ මං එක්ක මොනා කතා කරන්නද...තමුසේගේ මහ ලොකු යාළුවා නම් තමුසේව එව්වෙ....මේ දැන් ම ඔය කතාව නවත්වනවා....!!"
දැනටමත් මේ ගෙවුන කාලය හිතට දරන්න බැරි තරම් වේදනාවක් වෙද්දී yang ව හොයන් ගිහිං ඒ උණුහුමට තුරුලු වෙන්න zhaoට හිතුණ වාර අනන්තයි...පොහො දින හඳ එළියේ දෙවොලින් පිට උණ තමන් yangව මඟ අරින්න හිතන් ගහකට නැගපු හැටිත් මොහොතකින් විඩාබරව ඒ ගස යටටම ආපු yang දුක කියමින් හඬා වැටුණ හැටිත් බින් දොස් කියද්දි දණිස් අතර හිස රඳවන් අඬා වැටුණ හැටිත් මතක් වෙන හැම මොහොතකම zhaoගේ පපුව වේදනාවෙන් මිරිකුණා.
නමුත් yang මඟදී තමන්ව මඟ ඇරලා හැරිලා ගිය එකටත්, නැවත රෙන් සමග පැමිණි එකටත් වඩා දෙවොල ළඟදී ෆාජිගේ උකුළේ හිස තියන් ඉද්දී හිතට ආපු මතකය හිතට වද දෙද්දි yangටත් රෙන්ටත් මූණ දෙන්න බැරි කමක්,අපහසුවක්,තමන් ගැනම මදි පුංචිකමක් zhaoට දැනුණා.
"එයා දන්නේ නෑ මං ආවා කියන්න...yanh ෆාජි මුණ ගැහෙන්න ගියා...ඒ අතරෙ මං ආවෙ...දන්නවානම් එයා එන්න දෙන්නේ නෑ...."
Zhao රෙන් දිහා බලන් හිටියේ විශ්වාස නෑ වගේ බැල්මකින්.
"ඉතිං මොකටද ආවෙ....!! කලින් වතාවේ වගේ හැම විනාසෙකටම හිතා මතා පාර කපලා සමාව ඉල්ලන්නද..."
Zhao ඇහුවේ කේන්තියෙන්....
"නෑ...මේ වතාවේ මං සමාව ඉල්ලන්නෙ නෑ zhao....ගිය වතාවේ මං ඉල්ලන්නත් කලින් ඔබ සමාව දීපු නිසයි... අන්තිමේ හැමදේම දරාගන්න එක මට ඒ තරම් අමාරු උණේ...."
රෙන් පැවසුවේ හිස් අවකාශය දෙස නෙත් යොමන්.
"එහෙනම් මොකක්ද....මගෙන් එයාව ඉල්ලන්න ආවද..."
Zhaoගේ ප්‍රස්නෙත් එක්ක රෙන් ගැස්සිලා ගියා.
"හ්ම්ම්...ඉල්ලන්නත් තිබුණා...මං පරක්කු නැතිනම්...ඒත් මං දැන් දන්නවා ආදරේ බලෙන් ගන්න බෑ..."
"ආදරේ නිසා කැප උණු මහ ලොකු පරාර්ථකාමියෙක් කියලා වෙන්න ඇති එහෙනම් කියන්න ආවෙ..."
Zhaoගේ ඇස් වල තිබුණෙ නොරිස්සුමක්.
"ඔයා මට ඒ තරම් වයිර කරනවාද zhao.."
රෙන් ඇහුවේ බරට සුසුමක් හෙළන ගමන්.
"වයිරයක් නෑ....ඒ වගේම පැහැදීමකුත් නෑ...."
"ඔයාගෙ ඔය තරහා....හැම දේටම වඩා මං එයාව මේ වතාවේ පරක්කු කරපු නිසාද..."
"......."
Zhao නිහඬවම ඉද්දී මේ තරම් වෙලා මේසේට පිට දිලා හිටපු රෙන් අනවසරයෙන්ම ඇවිත් zhao ළඟින් ඇඳේ ඉදගන්න ගමන් ආයිමත් කතා කරන්න ගත්තා.
"හොඳයි...මං ආවෙ ඔයාගෙන් සමාව ගන්නවත් ඔයාගෙන් එයාව ඉල්ලන්නවත් නෙමෙ....ඒත් මට හිතෙනවා ඔයා දැන ගන්න ඕනා දේවල් ටිකක් තියෙනවා..."
රෙන් ලොකු කතාවකට මුල පුරමින් කියද්දි zhao ගෙ මතකය මොහොතකින් අතීතයට ඇදිලා ගියා.ගෝත්‍රික දෙවොල අසලදී ෆාජි ගෙ උකුළේ හිස තියන් ,හිටි ගමන් කඩා පාත් උණ ඉරණම් කාරයා ගැන කල්පනාවේ ඉද්දි, හදිසියේ හිතට ආපු,පහුගිය ටිකේ yangගෙන් ඈත් වෙන්න තරම් හිතට බලපාපු අතීත මතකය zhaoට මේ මොහොතෙත් මතක් උණා.
"මං...මං...මගෙන් ඔයාට අසාධාරණයක් උනාද රෙන්...."
මතුසම්බන්ධයි....
👩💻 dil
2023/02/24
Editing date - 2023/12/20
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
🙄🙄🙄🙄
Zhaoට මොනාද මතක් වෙන්න ඇත්තෙ ළමයි......😒😒
මොකක්ද එයාගෙන් රෙන්ට උණ ආසාදාරනේ.......🤔🤔
ගහ ඇත්තටම අඬනවා කියලා හිතපු අය මේ කොණට 😁
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
හදවත ඉල්ලන ආදර සෙනෙහස ලැබුන් නෑ කියා
කඳුලක් හෙලන්න ඕනද ඒ ගැන පලක් නෑ සිතා
ආදරයයි කඳුළයි අතරේ....
අමුතු පෙමක් ඇත මගෙ මිතුරේ....
සතුටට කඳුළට දෙකටම මුල මේ ආදරයයි ලොව පුරා
දැන දැන කඳුළට එක් වි තැවි තැවි හඩන්නට එපා....
ජීවිතේට මාගේ....ආදරේ නෑ ඕනේ....
සිනාසෙන්න හෙට ආයේ....
මිතුරු දමක් මිස ආදරයක් සොයමින් ඇයි මේ දිව යන්නේ....
හඬන්න තැවෙන්න සුසුමක් හෙලන්න මොකටද ඔය වෙහෙසෙන්නේ.....
සිහිනෙක දැවටී ඉන්නට බැරි වී
කදුළු සලා දුක් වී...
😇 අද පරණ සිංදුවක්... පද ටික ලස්සනයි..කාාටවත් හිතෙන්නේ නෑද දන්නේ නෑ ලස්සන cover එකක් කරන්න එහෙම 😌
You are reading the story above: TeenFic.Net