රෙන් එක දිගට කියන් ගිය කතාව yang අහගෙන හිටියේ පුදුමයෙන්.මේ තරම් දේවල් තමන් නොදැන තමන් අතරම උණා කියන එක yangට අදහන්නත් බැරි උණා.
"එදා ඔයා එද්දීත් සිද්ධිය වෙලා පැයක් විතර ගිහිං...අන්කලුයි ආන්ටියි ෂි වත් අරන් හොස්පිට්ල් ගියේ සිද්ද උණ දේවල් කාටවත් දැන ගන්න දෙන්න එපා කියලා.සර්වන්ට්ලා ඉක්මනින් එතන සුද්ද කරලා තිබුණා.මන් හිටියේ අසිහියෙන් වගේ...ඔයා ඇවිත් කතා කරද්දි වට පිට බැලුවාම මට හිතුණේ මං හීනයක් දැක්කද කියලා...හැමදේම තිබුණ තරම්ම පිළිවෙළට මොකුත් නොවුණ ගාණට තිබුණා...."
"ඉතිං ඇයි මගෙන් හැංගුවේ...!"
රෙන් එදා උණු සිදුවීම විස්තර කරත්,ලී ගෙ හිතේ yang ගැන තියෙන අමුතු විදිහෙ හැඟීම ගැන පැවසුවත්, ඒ සිදුවීමට නොදැන උණත් හේතු උණේ yang කියන එකත්,ෂි වගේම තමන් එක් අයෙකුට ආදරේ කරන බව පැවසුවත් ඒ කෙනා yang කියන එකත් රෙන් yabgගෙන් සැඟුවූවා වෙද්දී මුළු කතාව පුරාම මොකක්දො අඩුවක් නොගැලපෙන බවක් yangටත් දැනුණා.
Yangගේ ප්‍රස්නෙත් එක්ක මොහොතක් yang දිහා බලන් හිටපු රෙන් ඉක්මනින් ඒ ඇස් මඟ ඇරියා.
"මේ...අංකලුයි ආන්ටියි කැමැති උණේ නෑ... කවුරුත් දැන ගන්නවාට...ලී ගැන ඔයා උණත් නරකට හිතයි කියලා හිතන්න ඇති..."
"හ්ම්ම්."
Yang රෙන්ගේ පිළිතුර බාර ගත්තෙ ඊට වඩා දෙයක් රෙන් ගෙන් දැන ගන්න බැරි බව තේරුම් ගිය නිසයි.
"පස්සෙ ෂි ටික දවසක් මෙහෙ හොස්පිට්ල් එකක හිටියත් එයාගෙ තත්වේ ගොඩක් නරක නිසා එයාව ඉන්ග්ලන්ඩ් අරන් ගියා...ඒ අරන් ගියත් ලොකු වෙනසක් උණේ නෑ.එයා කොහොමත් දුර්වල නිසා හැමදේම ගොඩක් නරකට බල පෑවා... ඉතිං මේ තරම් කල් ගියත් එයා තාමත් ඒ විදිහ මයි..."
".............."
රෙන් කියද්දි yang නිහඩවම අහං හිටියා.තමන්ගෙ සොහොයුරියක් වගේ උණු මිතුරියට උණ දේ හිතද්දීත් yang ට ලොකු දුකක් දැනෙද්දී yangගේ හිතේ මොකක්දෝ සැකයක් එහෙ මෙහෙ ගියා.
"ලී ත් බෙහෙත් ගත්තා ඒ කාලෙ ඉඳන්.. අවාසනාවකට පොඩි කාලෙ ඉඳන් උණු දේවල් නිසා එයා කාලයක් තිස්සේ හොඳ මානසික තත්වෙක ඉඳලා නෑ...මේ දේවල් ඒ විදිහට උණේ ඒ නිසා.ෂි ආයි එන එක දෙන්නටම අනතුරක් වෙන්න පුළුවන් නිසා ෂිව එහෙම නතර කරා.පස්සෙ ෂි ත් ළඟ නැති වෙද්දී ඔයත් ට්‍රැවල් කරන්න ගත්තම ලී ගොඩක් තනි උණා.ඒ කාලෙ අපි කලින්ට වඩා ළඟින් හිටියා.ඇත්තටම අංකළුයි ආන්ටියි මගෙන් ඉල්ලුවා එයාගෙ ළඟින් ඉන්න. ඒ ඉල්ලීමටත් වඩා කාට හරි ආයිමත් එයාගෙන් කරදරයක් වෙයි කියලා බයෙන් මං එයාගෙ ළඟින් ඉඳන් එයාව පුළුවන් තරම් හොදින් තියාගන්න උත්සාහ කරා.ඉස්සර මට මතකයි පුංචි කාලෙ ඉඳන් ලී අවස්ථාවක් ලැබුණ හැම මොහොතකම ෂි ට කරදර කරා.ෂි ට විතරක් නෙමෙ තව ඔයාට ලං වෙන්න හදන අයටත්.ස්කූල් එකේ ගෑණු පිරිමි භේදයක් නැතිව ඔයාට පොඩි හරි විශේසයක් දක්වපු ගොඩ දෙනෙකුට එයාගෙන් කරදර උණා.කවුරුත් නොදැන හිටියට ඒ දේවල් උනෙ එයා නිසා කියලා ලී හැමදාම ඒ දේවල් කරේ මට පෙන්නම.එයා හැසිරුණේ එයා මොනා කරත් මට කරන්න දෙයක් නෑ...මං මොකුත් කරන්නේ නෑ වගේ විස්වාසෙකින්.මුලින් මුලින් එයාව නවත්වන්න හැදුවත් තේරුමක් නැති වෙද්දී කරන දෙයක් කරගන්න දීලා මන් බලන් හිටියා.ඒකෙන් උණේ එයා ගැන මගෙ හිතේ තිබුණ කලකිරීම වැඩි උණ එක විතරයි...."
රෙන්ගේ කතාවත් එක්ක yangට තේරුණා තමන්ගෙ දැනීමෙන් පිට සිද්දවෙලා තියෙන දේවල් ඕනවාටත් වඩා වැඩි බව.
"ඒත් ඔයාලා හිටපු නැති කාලෙ එයා ගොඩක් වෙනස් උණා.කාලයක් බෙහෙත් ගත්ත එකත් හේතුවක් වෙන්න ඇති.මුලින් කරන්න දෙයක් නැති කමට එයාගෙ ළඟින් හිටියත් පස්සෙ මාත් එයාව තේරුම් ගන්න උත්සාහ කරා.එයා අර දවසින් පස්සෙ කවදාවත් මට ආදරේ කියලා නොකිව්වත් මට ගොඩක් කිට්ටු උණා.මං වෙන දෙයක් වෙන්න ඇරලා බලන් හිටියේ හැමෝටම ඒ විදිහ හොඳයි කියලා හිතුණ නිසා.
ඒත් මට පුදුම හිතුණේ එකපාරම එයා ඔයාව මැරි කරනවා කිව්වම.ඇත්තටම මට හිතා ගන්න බැරි උණා.මට නෙමෙ කාටවත්.ඔයා ඒ කාලෙ වැඩිය මෙහෙ හිටපු නැති නිසා නොදන්නවා ඇති.ඒත් ලී මායි අතරෙ එෆයා එකක් නැති උණත් හැමෝම හිතන් හිටියේ අපි කපල් එකක් කියලා.ඉතිං ඔයාලා මැරි කරනවා කියලා දැන ගත්තම ආයිමත් මට ලී ගැන සැක හිතුණා.එයා පෙන්නනවා වගේ ඇත්තටම හොදින්ද කියන එක.ඉතිං දවසක් මොනා හරි හොයා ගන්න එයාගෙ කාමරේ ඇද්දා එයාට හොරෙන්. එදා මට එයාගෙ ඩයරියක් හම්බ උණා.ඒකෙන් මං තේරුම් ගත්තා එයා තාමත් ඉස්සර හිටපු කෙනාමයි කියලා.....!!"
"ඒ කිව්වේ...එයා බෙහෙත් අරගෙනත් හොඳ වෙලා නැද්ද..."
"මං දන්නෙ නෑ...බෙහෙත් බිව්වද නැද්ද කියන එකත් ප්‍රස්නයක්.ඊටත් වඩා එයා සද්ද නැතිව ඉන්න ලොකුම හේතුව වෙන්න ඇත්තෙ එයාගෙ හැඟීම් එක්ක ගැටෙන්න තිබුණු හේතු නැති උණ එක වෙන්න ඇති.කොහොම හරි එයාගෙ තිරණේ ගැන මං බය උණා.එයා ඔයාට ආදරේ නොකර මැරි කරනවාට වඩා මං ගොඩක් බය උණේ එයාට ඔයා ගැන තියෙන්නේ අමුතුම හැඟීමක් නිසා.අනිත් එක ඔයා මේ මොකුත් දන්නෙත් නෑ.ඒ වගේම මං දැනගෙන හිටියා ඔයත් එයාව මැරි කරන්න කැමැති උනාට එයාට ආදරේ කරේ නෑ කියලා.ඉතිං මං හිතුවා ඔයාව අනතුරේ වැටෙනකන් බලන් ඉන්නවට වඩා එයා ගැන හොඳටම දන්න මං එයාව මැරි කරොත් හැමෝටම හොඳ වෙයි කියලා. ඒ නිසයි අර වගේ දෙයක් මං අතින් උණේ...මං හිතුවා එයා මට ආදරේ නිසා ඔයාව මැරි කරන්න තියෙන අදහස අත් අරි කියලා...ඒත් මට වැරදුණා yang...එයා ඔයාට කියන්න ඇති ඒ දේවල්...අන්තිමේ මගෙ මෝඩ වැඩෙ නිසා හැමෝම හිතුවාටත් වඩා දුක් විදිනවා....මට හැමදේම දරා ගත්ත හැකි...ඒත් මගෙ දරුවා...."
රෙන් අත් දෙකේ මූණ හංගන් ඉකි ගහද්දී yang බලන් හිටියෙ අනුකම්පාවෙන්.yangටත් සිද්ද උණු දේවල් ගැන ඇති උණේ ලොකු පසු තැවීමක්. ගොඩක් දේවල් ආයි හරිගස්සන්න බැරි තරමට අවුල් වෙලා තිබුණා.
" මං ඔයාට කරදරයක් වෙයි කියලා බය උණා yang...ඒ අතරට zhaoත් එකතු උණාම...මට හිතා ගන්න බැරි උණා.zhaoගෙ ෆොටෝ එක දැකපු වෙළේ ඉඳන් ලී හැසිරුණේ ඉස්සරම හිටියා වගේ.ෂි ගැන තිබුණාටත් වඩා වයිරයක් zhao ගැන කියද්දීත් ඒ ඇස් වල මං දැක්කා.දවසින් දෙකෙන් එයා ආයිමත් ගොඩක් වෙනස් උණා.මං doctor කෙනෙකුට පෙන්නුවත් එයා ප්‍රෙග්නට් නිසා බෙහෙත් දෙන්න පුළුවන් කමක් තිබුණෙ නෑ. එයා දරුවාත් එක්ක හිටියේත් ලොකු අවදානමක නිසා කෑ ගහලා බැනලා නවත්වන්න පුළුවන් තත්වයක් තිබුණෙත් නෑ.ඉතිං එන්න එන්න එයා දරුණු උණා.zhaoව ගෙදරදී දැකපු මොහොතෙයි මං දැන ගත්තෙ හැමෝම ආයිමත් කරදරෙක කියලා.මං අහද්දී ලී ම කිව්වා zhaoගේ පස්සෙන් මිනිස්සු දාපු වග.ඉතිං දුරින් ඉඳන් අනතුරක් වෙන්න ගියොත් වළක්වන එක ඇර මට කරන්න දෙයක් නැති උණා.මොකද මං උණත් එයාගෙ වැඩ වලට බාධාවක් කියලා දැනුණා නම් ලී එයාගෙ ප්ලැන් එක වෙනස් කරන්න තිබුණා.එහෙම නොවෙන්නයි මං හැමෝටම හොරෙන් zhao පස්සෙන් මිනිස්සු දැම්මේ.. ලීගෙ මිනිස්සු zhao පස්සෙන් ඉද්දී මගෙ අය zhaoත් ඒ මිනිස්සුත් පස්සෙන් හිටියා...කරදරයක් වෙන්න ගියොත් zhaoව පරිස්සම් කරන්න බලාගෙන.ලි ගෙන් වැරද්දක් වෙන එක වගේම zhaoට කරදරයක් නොවෙන්නත් මට ඕනා උණා... "
පහුගිය කාලෙ උණු දේවල් මතක් වෙද්දී yang ලොකු සුසුමක් හෙළුවා.
"ඔයාට ස්තූතියි රෙන්....zhaoව බලා ගත්තට....අපිට උදව් කරාට..."
"ඔයා ස්තූති කරන්න ඕනා නෑ yang...මමයි ස්තූති කරන්න ඕනා...ලී මොන දේ කරත් එයා හිටපු තත්වේ ගැන හිතලා අපි වෙනුවෙන් හැමදේම ඉවසුවට...යන්න ගිය ගමන පවා මඟ ඇරලා නතර උනාට.."
"ඔයා දන්නවා රෙන් මං නොගිය හේතුව...ඒකට මමයි ඔයාට ස්තූති කරන්න ඕනා..."
yang කියද්දි රෙන් හෙමිහිට හිස සලන ගමන් ආයිමත් හීටියෙ ලොකු කල්පනාවක.රෙන්ගේ මූණෙන් හොදින් ඉන්න බවක් නොපෙනෙද්දී yang බලන් හිටියෙ පුදුමෙන්.
"රෙන්...!"
"ආහ්..yang..."
"ඔයාට විස්වාසද ඔයා හැමදෙම කිව්වා කියලා...!"
yang අහද්දී රෙන් ලොකු සුසුමක් හෙළුවා.
"ඔයාට හිතේ තියෙන ඕනා දෙයක් මාත් එක්ක කියන්න පුළුවන් රෙන්...මොන ප්‍රස්න උණත් ...ඔයා දන්නවා හැමදේකටම කලින් අපි හොඳ යාළුවෝ...."
"තවත්... මොකුත්.... නෑ yang.."
රෙන් උදාසින විදිහට වචන ගැලපෙව්වෙ ඈත අනන්තය දිහා බලන්.
ඇති වෙලා තියෙන ප්‍රස්නත් එක්ක රෙන් ඉවසන තරම දැක්කම yangට පුදුමත් හිතුණා.හැම දේකටම පස්සෙ ලීට ආදරේ නොකරත් හැම දේම දරා ගෙන ඔහු ලී ගෙ පැත්තෙන් තවමත් රැදුණා.
yang රෙන්ගේ අතින් අල්ල ගත්තෙ රෙන්ට සහනයක් දෙන්න හිතන් වෙද්දී විදුලියක් වැදුණා වගේ රෙන් ගැස්සිලා ගිහිං yangගේ මූණ දිහත් අත දිහත් මාරුවෙන් මාරුවට බැලුවා.මොහොතකින් ඒ ඇස් වලින් කඳුලු කඩන් වැටුණා වෙද්දී අනිත් තප්පරේ රෙන් yangගේ උරහිසෙන් ඔළුව තියා ගද්දී yang බලන් හිටියෙ පුදුමයෙන්.
"මෙහෙම ඉන්න දෙනවාද ටිකක්.."
"ආහ්..ආ හරි.."
රෙන් සමග කොයිතරම් සමීපව ඇසුරු කරලා තිබුණත් yangට මේ වෙලාවේ දැනුණේ මොකක්දෝ අපහසුවක්.කොතැනක හරි දෙයක් වැරදි බව yangට තේරුම් ගියා.මොහොතක් ගත වෙද්දී yang කතා කරේ තමන්ගෙ අත ඉවතට ගන්න ගමන් .
"ඔයාට විස්වාසද...තවත් මොකුත් කියන්න නෑ කියල..."
Yang අහද්දී රෙන් උරහිසෙන් ඈත් වෙලා මොකුත් නොපවසාම yang දිහා බලන් හිටියෙ හිස් බැල්මකින්.
"හොඳයි එහෙම නම් මන් යනවා...."
Yang හිටි හැටියේ උන් තැනින් නැගිටලා යන්න යද්දී රෙන් ආයෙමත් මහා බරට සුසුමක් හෙළුවා...
"කිව්වා කියලා මොකුත් වෙනස් වෙන්නේ නෑ yang...."
මතුසම්බන්ධයි....
👩💻 dil
2023/02/20
Editing date - 2023/12/20
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
😇😇😇😇
කෝ කෝ කට්ටිය බනින්න එපා....ඊලඟ එකේ බෝ කොව්වා එනවා....☺️☺️
අපි ආයෙත් හමු නොවුණා නම්
ඉස්සර දවසක මිය ගිය සෙනෙහස
යලි ඉප දී මා හද හඩවන්නට
ඔබ නොහඳුනනා විරහ වේදනා
පෙරදා වින්දේ මා පමණයි
හුග කලකින් හමු වී සෝ ලතැවුල්
අදත් විදින්නේ මා පමණයි
සමුගන්නට නම් අහිමි ආදරෙන්
ආයෙත් ඇයි අපි හමුවන්නේ
ආදරයේ කඳුලින් මිය යන්නට
ජීවිත ඉරණම විසඳෙන්නේ
You are reading the story above: TeenFic.Net