Zhao ගේ කලබලේත් එක්ක තට්ටුවේ සමබරතාව නැති වෙද්දී තට්ටුව අල්ලන් හිටපු ගෝත්රිකයන් සිව් දෙනා අමාරුවෙන් තට්ටුව නොවැටි තියාගන්න උත්සාහ කරා.
"දඟලන්නේ නැතිව ඉන්නවා මනුස්සයෝ..."
Yang කෑ ගහද්දී zhaoගේ දෑස් තාමත් ඉදිරියෙන් පෙනෙන දර්ශනයක් මත රැදිලා තිබුණා.
"එයාලා ඉන්නවා ගගා අර බලන්න...."
Yangගේ තරවටුව ගණන් නොගෙනම zhao කියවද්දී yangගෙ දෑස් zhao පෙන්නූ දිශාවට යොමු උණා.ඈතින් පෙනෙන දර්ශනය ටිකින් ටික කිට්ටු වෙද්දී දෙන්නම සද්ද නැතුව බලන් හිටියා.මේ තරම් වෙලා ගමන් කරපු තට්ටුව අමුතු පෙනුමකින් යුතු පැල්පතක් ඉදිරියේ නතරවෙද්දී zhaoත් yangත් තාමත් බලන් හිටියෙ එතනම හිටපු පිරිස දිහා.
ලොකු කුඩා බාල මහළු සෑම වයසකම කාන්තාවන් රැසක් පැල්පතට නුදුරින් බිම දනගහන් හිටියෙ zhaoටත් yangටත් ගෞරව කරන්න වගේ.කුඩා දැරියකගේ දෙදෙනෙකුගෙ ඇරුණම අනිත් කාන්තාවන්ගේ මූණු බිමට හැරවිලා තිබුණත් ඈතින් දුටුව දර්ශනේ ළඟින් දකිද්දී අසිහියෙන්ම තට්ටුවෙන් බිමට පැන්න zhaoත් yangත් මූණෙන් මූණ බලා ගත්තා.
"එයාලා අළු පාටයි....හැමෝගෙම මූණු අළු පාටයි...."
Zhao තමන්ටම තහවුරු කරගන්න වගේ කියද්දි yangත් බලන් හිටියෙ පුදුමෙන්.
"ඔබ තුමන්ලාව සාදරෙන් පිළිගන්නවා උතුමාණනි...."
කොහේදෝ ඉඳන් එකවරම කඩා පහත් උණ බින් බිම දනගහගෙන කියද්දි yang ගෙත් zhaoගේත් අවදානේ ඒ දෙසට යොමු උණා.
"බින්...නැගිටිනවා මනුස්සයෝ....තමුසෙ තව කීපාරක් ඔහොම අපි ඉස්සරහා බිම වැටෙනවාද ආ..."
Zhao කියද්දි පොලොවට හිනා උණු බින් දූවිලි පිහන ගමන් නැගිට්ටා.
"පිළිගත්ත තරම ඇති... දැන් අපි ආපු වැඩෙ පටන්ගමුද. ඉක්මනින් කරන්න ඕනා කියලා තමුන්ම නේද කිව්වේ...."
Yang කියවද්දී බින් නොනවත්වා හිස සලමින් යමක් කියන්න සැරසෙද්දි zhao මැදින් පැන්නා.
"මොනා පටන් ද ගගා....මොකක් ගැනද කියන්නේ ඔයා..."
yang, zhao දිහා බලන් හිටියෙ අමුතුම බැල්මකින්.
"තමුසෙ ව තම්බලා සුප් හදන වැඩේ..."
yang,zhaoගෙ බැල්ම මඟ අරිමින් කියවද්දී බින් හොරෙන්ම හිනා උණා.අමුතු සත්තු දෙන්නෙක් දිහා බලන් ඉන්නවා වගේ තාමත් වටවෙලා ඔවුන් දිහා බලන් ඉන්න මිනිසුන් දිහා වටයක් කැරකිලා බැල්ම දාපු zhao සුසුමක් හෙළුවා.
"මුන් ටිකට බැන ගත්ත ගමන් හිටියට තමුසෙ නම් මුන්ටම තමා ගැලපෙන්නේ....මෝඩ ගගා....අයියෝ බලන් ඉන්න හැටි බයත් හිතෙනවා...."
Zhao උරහිස් අකුලමින් කියවද්දී බින් දුන්න එක සංඤාවකින් පිරිස විසිර යද්දී zhao ආයිමත් බලන් හිටියෙ තාමත් එකම ඉරියව්වෙන් ඉන්න කාන්තාවන් දිහා.
"ඒ බින්.. අරගොල්ලෝ ඇයි එහෙම...."
"ආහ්...මේ...මන් හැමදෙම පැහැදිලි කරන්නම්....ඒත් ඔබතුමන්ලා දැන් කෙනෙක් හමු විය යුතුයි....මා සමඟ පැමිණෙන්න...."
Zhaoගේ බැල්ම සමග දෑස් අරන් ගිය බින් ඔහුට පිළිතුරු දෙන ගමන් ඉදිරියේ තිබුණු පැල්පතට ඇතුල් උණා....
"උතුමාණනි පැමිණෙන්න...."
නහය කඩන් යන තරමේ සුවදක් විහිදෙද්දී ගණ අඳුරෙන් පිරුණු පරිසරයට දෑස් හුරු කරගන්න උත්සාහ කරන ගමන් zhao, yangගේ අතේ එල්ලුනා....
"ගගා මේ මොකක්ද අප්පා....ඇයි යකෝ ලයිට් එකක්වත් දාන්න බැරිද...."
" පිස්සෙක් වගේ වෙන්නේ නැතුන් ටිකක් ඉවසන් ඉන්නවා zhao....තමුසෙ හිතන් ඉන්නෙ තරු හෝටලෙක නිවාඩුවකට ආවා කියලද..."
මොහොතකින් ළඟ තිබුණු දිග රිටක් අතට ගත්තු බින් එය එහෙ මෙහෙ කරද්දී කෝණාකාර වහලයේ මුදුන විශාල රවුම් හිඩසක් හදමින් පැත්තකට ගියේ විවුර්ත උණු වහලයෙන් හිරු එළියට ඇතුලට එද්දී....
"උතුමාණනි අසුන් ගන්න...."
පිටින් බලනවිට කේතු ආකාර වහලක් සහිත කාමරයක් වගේ පෙනුණ නිවස තුල ඇතුලතින් සෑහෙන දුරට බිංගෙයක් වගේ පැතිරිලා තිබුණා.ශාලාව පුරාවට
තැනින් තැන එල්ලපු සත්ව හිස් බයානක විදිහට දිස් වෙද්දී ඒ අතරින් පතර අකුරු සටහන් උණු ගල් පුවරු විශාල ප්රමාණයක් ද දකින්න තිබුණා.
Zhao වගේම yang ජීවිතයේ පළවැනි වතාවට දකින අමුතු දේවල් දිහා කටවලුත් ඇරන් බලන් ඉද්දී බිම එළන ලද සත්ව හමක් පෙන්නමින් බින් ඔවුන් දෙස බලන් හිටියා.
හිතේ තිගැස්මක් තිබුණත් නහයට දැනෙන අමුතු සුවදත් එක්ක දෙදෙනාටම දැනුණේ සන්සුන් කමක් වෙද්දී zhaoගේ අතින් අල්ල ගත්ත yang, zhao ට වාඩිවෙන්න ඉඩ දෙන ගමන් zhao ළඟින් ම වාඩි උණා.
ඔවුන් වාඩි වෙනකං බලන් හිටපු බින් නිහඬවම ශාලාව තුලට ගමන් කරා.
"ගගා...මන් එක්කම ඉන්න හොඳද....මන් බැන්නට ගණන් ගන්න එපා හාද....මගේ කට හොඳ නෑ ටිකක්...නැතුව තරහකට බනිනවා නෙමෙ...."
"හ්ම්..."
"හ්ම්...ගාන්න එපා අනේ....බයත් වැඩි වෙනවා...."
"කලබල නැතුන් ඉන්නවා....තමුසෙට කරදරයක් වෙන්න දෙන්නෙ නෑ.... අනික තමුසේම නේද කිව්වේ මේ මිනිස්සු හොඳයි කියලා...."
"කිව්වා තමා ඉතිං....ඒ උනාට..."
Zhaoගේ කතාව අතර මඟ නවතීද්දී ඇතුලෙන් ඇහුණු සද්දෙත් එක්ක zhao වගේම yang ගෙ ඇස් ශාලාව තුලට යොමු උණා.බින් ට වාරු වෙන ගමන් ඔවුන් දෙසට පැමිණෙමින් සිටියෙ වයසක කාන්තාවක්.
හදිසියේ හිතට ඇති උණු ආවේගයක් එක්ක yang හිටි ගමන් නැගිටලා යද්දී zhao බලන් හිටියෙ පුදුමයෙන් වෙද්දී බින්ගෙ දෑසත් ගැස්සුණා..කාන්තාවටත් බින්ටත් කිට්ටු උණ yang අනෙක් පසින් කාන්තාව අල්ල ගත්තා.කළු පාට කණ්ණාඩි දෙකක් වගේ ඇස් තව තවත් දිලිසෙද්දී කාන්තාව yang දිහා බලලා හිනා උණා.
අමුතුම භාෂාවකින් ඇය yang දෙස බලා යමක් කියද්දි yangට ඉබේම බැලුණේ බින්ගේ මූණ...
" 'ඔබ තුමාට තාමත් මාව දැනෙනවා.....'ඇය පැවසුවේ එහෙම...."
බින් කියද්දි නින්දෙන් ඇහැරුණා වගේ yang කාන්තාව දෙසත් පුදුමෙන් බලන් ඉන්න zhao දෙසත් බැලුවේ කලබලෙන්.
'ආහ් මන් මොකද මෙතන...එයාව දැක්කම ඇයි මන්...'
කල්පනා කරන ගමන්ම yang බින් සමග කාන්තාව රැගෙන විත් zhaoට ඉදිරියෙන් වාඩි කරද්දී සිහි එළව ගත්තු zhaoත් එතනින් නැගිටලා කාන්තාවට ආචාර කරා.කාන්තාව වාඩි වෙන ගමන්ම අතින් zhaoට ළඟට කතා කරා.zhao වාඩි වෙන ගමන්ම ඇයට ලං වෙද්දී ඇයගේ වෙව්ලන අතක් zhaoගේ කම්මුලේ රැදෙද්දී දෑසම කදුළින් පිරුණා.ඒ ඇස් දිහා වශි වෙලා වගේ බලන් හිටපු zhaoගේ දෑසින් කඳුලක් ගිලිහුණේ නොදැනීම වෙද්දී කාන්තාව ආයිමත් කතා කරා.
"ඇය කියනවා ඔබ එදා වගේම හුරතල් කියලා....ඔබට යන්න උණ එක ගැන ඇය හැමදාම වේදනා වින්ඳලු...."
"මේ මම....කවද්ද...කොහොමද එයා මාව දන්නෙ...ගගාවත් දන්නවාද...."
" zhao ...සන්සුන් වෙන්න...ප්රස්න තියෙනවා තමා....හෙමින් විසඳ ගමු...."
මේ ගමන අකමැත්තෙන් ආවත් හදිසියේ හිතට දැනුණ තේරුම් ගන්න බැරි හැඟීමක් හිතට වද දෙද්දී yang සන්සුන් වෙන්න උත්සාහ කරා.
"ඇය ෆාජි....අපි අතර ඉන්න වයස්ගතම කෙනා....අවුරුදු සියයකට කිට්ටුව ඇය තමා ගෝත්රයට නායකත්වේ දුන්නේ....ඒ වගේම සිදු උණ හැමදේකම එකම ජීව මාන ශාක්ෂිය..."
බින් පැහැදිලි කරද්දි zhao වගේම yang බලන් හිටියෙ පුදුමෙන්.
"මොනවාද....සිද්ද උණා කිව්වේ...එයා ඇයි අපිව දන්නවා වගේ හැසිරෙන්නේ....එයාට මැන්ඩරින් කතා කරන්න බැරිද...."
"මෙහෙ වෙන කාටවත් බෑ.... මට විතරයි පුළුවන්."
"මොකක්ද ඒකෙ තේරුම.කාටවත් බැරි නම් ඔබ ඉගෙන ගත්තෙ කොහොමද"
Yang ඇහුවේ නොරිස්සුමින්.
"මං ඔබේ පැමිණිම වෙනුවෙන් ඉගෙන ගත්තා...අනිත් අයට අවසර නෑ...."
" ඕනා දෙයක්....මුලින් මෙයාට බෙහෙත් කරලා ඉන්නවා...."
"බෙහෙත්....මට....ඒ මොකටද ගගා.... ආහ්....මන් නින්දේ ඉද්දී තමුන්ලා මට මොනවා හරි කරාද....ඒ ගගා කතා කරනවා....එත..කොට....ඇයි මම නිදන් හිටියෙ....කොයි වෙලෙද මන් නිදා ගත්තෙ...."
තමන්ට අමතක අපැහැදිලි තැන් තිබෙන බව දැනෙද්දී zhaoට දැනුණේ ලොකු බයක්.yang ආයිමත් බින් වෙත තද බැල්මක් හෙළද්දී බින් කාන්තාවත් එක්ක කතාවට වැටුණා.
"ඇය පවසනවා ඔහු ගැන බය වෙන්න එපාලු....අප සිතනවාට වඩා ඔහු ශක්තිමත්ලූ.... ප්රතිකාර පටන් ගන්න කලින් ඇය කැමතියි ඔබලාගෙ අත් බලන්න...."
කාන්තාව පවසන දේවල් බින් එකින් එක පැහැදිලි කරන්න උණා.
"එයා සාස්තර කියනවාද....ශා මැරුණේ....මන් උදෙත් එකක් ඇහුවා.... මුලින් මන්...."
Zhao ලොකු උද්යෝගෙකින් දෑතම දිගු කරද්දි බින් වගේම ෆාජිත් හිනා උණා.
ෆාජි zhaoගේ දෑත් අල්ලන් අතේ තිබුණ තුවාලේ වෙළුම් පටි වලට උඩින් ස්පර්ශ කිරීමෙන් පසු ඇස් පියාගද්දි zhao වගේම yang බලන් හිටියෙ කුතුහලෙන්.
" 'ඔබේ හදවතට දැනෙන දේ විශ්වාස කරන්න....පළමු දැක්මම අහම්බයක් නොවන බව මතක තියාගන්න....ඔබේ විශ්වාසයම ඔබේ සිතැඟි ඉටු කරාවි.....'ඇය පවසන්නේ එහෙම...."
Zhao ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉද්දී zhaoගේ දෑතම මුහුණට ලං කරන් සිපගත්තු ෆාජි yang දිහාවට හැරුණා.yang අත දුන්නේ දෙගිඩියාවෙන්.මිත්යා විශ්වාස ගැන පැහැදීමක් නොවූනත් හිතට දැනෙන අමුතු ගුප්ත හැඟීම නිසා වෙන දේකට ඉඩ දිලා බලන් ඉන්න yang මේ වෙද්දීත් තිරණේ කරලා තිබුණා...
"ඇය අහනවා ඔබ මෑතක විශේස සිහිනයක් දකිනවාද කියලා...කලු මකරෙක් වගේ...."
බින් අහද්දී yangගේ ඇස් ලොකු වෙලා පුදුමෙටම කටත් ඇරුණා.එහෙම්ම ම yang ඔව් කියන්න ඔළුව හොලවන්න ගත්තෙ වචනත් අමතක වෙද්දී....
"ඒ ගගා ඇත්තටම.... ඔයාට හීනෙන් පේනවාද...."
Yang ඔව් කියන්න ඔළුව වනද්දි බින් කතා කරන්න ගත්තා.
"ඇය කියන්නේ ඔබට දැනටමත් යමක් අත්හැරී ඇති බවයි.එය අත් හැරීමට අවස්ථාව ලබා ගන්නලු.මෙය පුද්ගලයෙකු,පුරුද්දක් හෝ අදහසක් විය හැකිලු.අසාර්තක හෝ දුකක් විය හැකිලු.කළු මකරෙක් දර්ශනයෙන් ඔබට මතක් කරන්නේ ඔබ ඔබටම අවංක විය යුතු බවයිලු....ඔබ මෑතකදි යමක් හෝ යමෙකු නොසලකා හරිමින් සිටින බවත් ඔබ අවදානය යොමු කළ යුතු කාලය පැමිණ ඇති බවත් ඇය පවසනවා...."
Yang බලන් හිටියෙ තමන්ට ඇහුණු දේවල් විස්වාස කරන්නවත් තේරුම් ගන්නවත් බැරිව වෙද්දී සාක්කුවේ තිබුණු note book එකක් අතට ගත්තු zhao ෆාජි පවසපු දේවල් වෙන වෙනම සටහන් කරගත්තා.
Yangත් zhaoත් ඇහුණු දේවල් ගැන කල්පනාවේ ඉද්දී බින් තව දුරටත් ෆාජි සමග කතාවෙම උන්නා.
"උතුමාණනි...."
Yang වගේම zhao පියවි සිහියට එද්දී බින් නැවතත් ඔවුන් ඉදිරියෙ දන නමන් හිටියා.මේ වෙද්දි , බින්ගේ උතුමාණනි යන ආමන්ත්රණය yang හට කෙරෙන්නක් බව yang වගේම zhao ත් තේරුම් අරන් තිබුනා.
"ඇය පවසනවා ඔබ දිනය තෝරා ගත යුතු බව....ඇය පවසන්නේ ඔබ දැනටමත් සුදුසු දිනය ගැන දැනුවත් බව...."
"දිනයක්....මොකටද....."
Zhao වගේම yang කලබලෙන් ඇහුවේ එකටම.
"ශාපය නිදහස් කරන්න දිනයක්.....
.
.
.
.
.
.
මතුසම්බන්ධයි....
👩💻 dil
2023/01/12
Editing date - 2023/11/21
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
😌😌😌😌
දැන් එහෙනම් ඔන්න දිනයක් බලන්න තමා තියෙන්නේ....😁😁
පහසු දිනයක් දා ගමු 🤭🤭🤭
ශාන්ට අත් ඇරුණේ මොනා කියලද හිතෙන්නේ....🙃🙃
මං කියන්නේ ඔය මකර හීනෙ ඒ ටික ඇත්තක් ආ 😊😊 මං කලින් කිව්වා වගේ විස්තර හොයද්දී කොම්පියුස් උණ තැනක් 😇😇
මං නිකං අනාවැකියක් කියන්න ගියේ....ඒ උනාට කොහෙන්දෝ ආව මකරෙකුත් සෙට් උණා අහම්බෙන් 🤪🤪
📌📌 මොනාහරි කියන් යන්න පැටවුණේ....🤗🤗
You are reading the story above: TeenFic.Net