ඇස් කොණට අහු උණ පරිසරේ වෙනස නිසා zhao යන්තම් හිස ඔසවලා වට පිට බැලුවා.
' දුර්ග මාර්ගේ..'
කාලෙකට කලින් උණු දේවල් ආයිමත් මතක් වෙද්දී zhaoට yang නැති අඩුව තදින්ම දැනෙන්න ගත්තා.වැලමිටට බර දීපු zhao තමන්ගෙ ඉදිරිය දිහා බලන් හිටියා.අතීතේ දවසක වගේ තට්ටුව උඩ වාඩිවෙලා තමන් දිහා බලන් ඉන්න yangගේ රුව zhaoගේ බොඳ උණු ඇස් වල ඇඳිලා මැකිලා ගියා.අනිත් තප්පරේ zhao කෑ ගැහුවා..
"බින්....බින් මේක නවත්වන්න....මාව බස්සන්න බින්..."
පිටත් උණු වෙලාවේ ඉඳන් බින් හිටියෙත් ලොකු කල්පනාවක.zhao පැවසුව විස්තර අනුව yangට නියමිත දිනේට පැමිණිය හැකි වෙයිද කියන බය ගෙවන් ආපු දුර පුරාවට බින්ගේ හිතට වද දුන්නා.yangගේත් zhaoගේත් විවාහයෙන් පසු ගෝත්‍රික වැසියන්ට තිබුණු තහංචි තහනම් සෑහෙන්න ප්‍රමාණයක් මේ වන විටත් ඉවත් වෙලා තිබුණත් අළු පාට මුහුණු වලට වගේම රහසේ ආදරේ කල අයටත් තවමත් ඉවසන් ඉන්න වෙලා තිබුණා.
නැවතත් එකිනෙකා හා විවාහ වීමටත් අළු පාට මුහුණු වලින් මිදීමටත්,ආශ්චර්යමත් විවාහයෙන් පසු එළඹෙන තුන් වන පුරපසලොස්වක පොහෝ දින ,මේ තරම් කල් හුදෙකලාවේ තිබුණු ගොත්‍රික දෙවොල නැවත විවුර්ත කරමින් yangත් zhaoත් ඔවුන්ගේ බැඳීම තහවුරු කල යුතු උණා.
ඉතිං තවමත් පිරිසක් ඔවුන් වෙනුවෙන් බලන් හිටියා.ඔවුන් නැවත පැමිණ තමන්ව නිදහස් කරාවි කියන බලාපොරොත්තුවෙන් බලන් හිටියා.ඔවුන් දෙදෙනාම නැවත නොපැමිණියහොත් මෙතෙක් සිදු උණ සියල්ලේ සම්පූර්ණ ප්‍රතිඵල නොලැබෙන්න තිබුණා වගේම අන්තිම මොහොතේ ඔවුන්ව මඟ ඇරීමේ තරහවට zhao වගේම yang ගොදුරු වෙන්න තිබුණා.
'උතුමාණන් නාවොත්...! එතුමාගේ ජීවිතේ අනතුරේ....'
හැමදාම හැම මොහොතකම ආරම්භයේ පටන්ම තමන්ගෙ ගෝත්‍රයේ පැවැත්ම තරමටම තමන්ගෙ උතුමානන්ගේ වගේම ගෝත්‍රිකයන් වෙනුවෙන් දෙපාරක් නොහිතා තමන්ගෙ ජීවිතේම උණත් කැප කරන්න ඉදිරිපත් උණු zhaoගේත් යහ පැවැත්ම බින්ට වැදගත් උණා.ඒ නිසාම ඔහු තනිවම ආපු zhao ගැන බය උණා.හැමදාම වගේ ඔහු දැනගෙන හිටියා මහ හුගාක් ආදරේ කරන අයම බලාපොරොත්තු කඩවීම් මැද්දෙ යක්ෂයන් විය හැකි බව...!
Yang පැමිණෙන තුරු zhaoව නවත්වා ගන්නත්,නොපැමිණියහොත් පරිස්සමින් මගින්ම ආපහු හරවා යවන්නත් බින්ට උවමනා උණත් zhaoට හිතුවක්කාර ලෙස ගමට යන්න උවමනා උණා.
දෙතුන් පාරක් ඇහුණු zhaoගේ කෑ ගැහිල්ලත් එක්ක බින් පියවි සිහියට ආවා.තට්ටුව බිම තියන්න සංඤා කරන ගමන් zhaoට බිමට බහින්න ඉඩ සලසමින් නැවතිල්ලක් නැතිව කියවන් ගියා.
"ආහ්...ඔබතුමා....ඔබතුමාට නවතින්න ඕනද...ආපහු යන්න ඕනද...ඒක හොඳයි අපි උතුමාණන් එක්කම යමු..."
බින් අසිහියෙන් වගේ කියවන දිහා zhao බලන් හිටියෙ පුදුමයෙන්...
"මට නවතින්න ඕන නෑ.! ආපහු යන්න ඕනත් නෑ...! මට එයා එනකං ඉන්න ඕනත් නෑ..! ඒ වගේම මට මේ තට්ටුවේ යන්නත් බෑ....!"
"ආහ්.."
"මට...මට...ග..ගා..ව මතක් වේ..නවා..බින්...එයා...ඒ.යා මං මෙහෙම යද..ද්දී...මං දිහා.. බලන් හිටි..යා..බින්..අද නෑ..නේ ..අද..නෑනෙ එයා...ඉතිං..මට. ..පාළුයි...මං බිමින් ..යන්නම්...එතකොට...පාළු නැති..වෙයි.."
"නමුත් ඔබතුමා කෙලින් ඉන්න බැරි තරම් දුර්වලයි.."
"කමක් නෑ... මට..මට්..පුළු..වන්"
Zhao ආයිමත් බින්ව වැළඳගෙන අඬන්න ගද්දී බින් තොල් හපන් තමන්ව පාලනේ කරගන්න උත්සාහ කරත් අනිත් මොහොතේ ඇස් වල පිරුණු කදුළු කැට සීමා බිදගෙන කඩා වැටෙන්න උණා.
"ඔබ තුමා මේ තරම් දුකින් ඇයි....උතුමාණන් නැති නිසාම විතරද.."
"මට බයයි..බින්...අර ලී රෙන් දෙන්නව මට විස්වාසම නෑ....ඒ උනාට ගගාට එයාලව වටිනවනෙ මට වඩා...මට දුකයි..."
"උතුමාණන්ට කරදරයක් වෙන එකක් නෑ. ඒත් ඔබතුමාට විස්වාසද...ගමට යන්න ගත්තු තීරණේ ගැන..."
"මට විස්වාසයි බින්..."
"ඒත් ඔබ තුමා කියන විදිහට දුරින් දැක්කා ඇරෙන්න ගතවුණ කාලෙටම ඔබ උතුමාණන්ව මුණ ගැහිලාවත්, කතා කරලාවත් නෑ...ඒත් ඔබ ඔහු වෙනුවෙන් බලන් ඉන්නවා ඔහු එයිද නැද්ද කියලාවත් නොදැන...."
" මං එයාව එකපාරක් අවිස්වාස කරා බින්...ඒ අවිස්වාසේ ඇති උණ මොහොතෙම දඬුවමුත් ලැබුවා මං...එක මොහොතක් එක තප්පරයක් හිතේ සැනසීමෙන් ඉන්න බැරි උණා මට.හිත රිදෙනවා තමා...ඒත් මේ වතාවේ..අන්තිම තප්පරේ වෙනකම් මං ඔහුව විස්වාස කරනවා...! අනිත් දේ...."
බින් නිහඬවම අහන් ඉද්දී මේ ගමනෙ මුල්ම වතාවට zhaoගේ ඇස් දිලිසුණා.
".........."
"මට ඔහුව මුණ ගැහුණා..!"
"........."
"එකම එක වතාවක්..."
.
.
.
.
.
.
.
.
Flash Back
~~~~~~~~සතියකට පමණ කලින්...yangගේ නිවස අසල ගාඩ් සමග සිදු උණ zhaoගේ කතාබහෙන් පසු~~~~~~~
ගත උණ කාලය ගැන වත් සිහියක් නොවෙද්දී zhao සෑහෙන වෙලාවක් සුක්කානමේ ඔළුව තියන් අඬා වැටුණා.සතියක් තිස්සේ yang ගැන තොරතුරක් නැති නිසා හිතේ තිබුණු නොසන්සුන් කමත් සතියක් පුරා yangගේ ඡායාවක්වත් දැකගන්න බැරි උණු නිසා හිතේ තිබුණු වේදනවත් උපරිම වෙද්දී ටිකකට කලින් yangගේ ආරක්ෂක නිලධාරියා ගෙන් දැන ගත්තු දේත් එක්ක zhaoව පිස්සු වට්ටලා තිබුණා.
'රෙන්...! ඔයා ඒ මිනිහත් එක්ක මොකද කරන්නේ ගගා... ඔයාව මරන්න හදපු මිනිහත් එක්ක මොනාද ඔයා මේ කරන්නේ..'
Yang දිගු කාලෙකට පස්සෙ ඔහුගෙම නිවසේ නවතින්න ආපු එක ගැන වෙන වෙලාවක නම් සතුටු වෙන්න තිබුණත් yang නිවසට පැමිණියේ රෙන් සමඟ බව දැනගත් මොහොතේ ඉඳන් හිතට දැනුණ බය නිසාම zhao හිරි වැටිලා හිටියා.එක තැනක ඉඳන් අඬ අඬ කල්පනා කරත් හිතට සහනයක්වත් ප්‍රස්න වලට විසදුමක්වත් නොලැබෙද්දී zhao අත් දෙකෙන්ම හිස කෙස් ඇද ගන්න ගමන් සුක්කානමේ ඔළුව ඇනගෙන ඇනගෙන ගියා.
සෑහෙන වෙලාවක් අඬපු නිසාමදෝ හිසින් දැනුණ බර ගතිය කරපු වැඩෙ නිසා දෙතුන් ගුණෙකින් වැඩි වෙද්දී ඇගිලි තුඩු වලින් නලල පිරි මැද ගත්තු zhao තමන් ඉන්න තැනට පැහැදිලිව පෙනෙන yangගේ නිවසේ සඳලු තලය දිහා බලන් සුසුමක් හෙළුවා.
' මං කොයිතරම් අවාසනා වන්තද ගගා...බලන්න මං කොයිතරම් අවාසනා වන්තද.... ඔයා මට අඩි ගාණක් දුරින් ඉන්න බව දැන දැනත් මට ඈතින් ඉඳන් බලන් ඉන්න වෙලා..ඔයාගෙ ගෙදර...මේ ගෙවුන කාලෙ...අපිට එකට ඉන්න පුළුවන් උණා නම් ...කොයිතරම් ලස්සන වෙන්න තිබුනද ගගා....ඒත් බලන්න...මට වෙලා තියෙන දේ....වෙලාවක් අවේලාවක් නැතිව මේ car එකට වෙලා ඉඳලා මට මහන්සියි ගගා....කොන්ද බෙල්ල ඔක්කොම රිදෙනවා....ඒත් කමක් නෑ....මං ඉවසන්නම්....ඒත් මං පස්සෙන් එන්න එපා කියද්දි පාරවල් ගානේ රස්තියාදු උණ ඔයාම...ඇයි දැන් මගෙන් හැංගිලා ඉන්නෙ ගගා.... අනේ එක තප්පරයක්....බැල්කනි එකට ඇවිත් මූණ පෙන්නලා යන්න...'
Zhao බැල්කනිය දිහා බලන් හිතින් මිමිනුවා.ගත උණේ සුළු මොහොතක් වෙද්දී දැකපු දේත් එක්ක හුස්මත් හිරවෙද්දී zhao ඇස් දෙකත් ලොකු කරන් බලන් හිටියා.
'අනේ ගගා...මගේ ගගා....'
උඩුකය නිරුවත්ව පුංචි ශෝර්ට් එකකුත් ඇඳන් බැල්කනියට ආපු yang පාරෙ යන වාහන දිහා බලන ගමන් අතේ තිබුණ මග් එකේ තිබුණ පානයක් හෙමින් තොලගාන්න උණා.
ගෝත්‍රික ගම්මානේ ගෙවුන කාලය තුල yang ව සම්පූර්ණ ඇඳුමෙන්ම දැකපු zhao, yang මේ වගේ සැහැල්ලු ඇඳුමකින් නිදහසේ ඉන්නවා දකින පළවැනි වතාව වෙද්දී ඇස් පිල්ලමක්වත් නොගහා බලන් හිටපු zhao ලොකු කෙල ගුලියක් ගිල්ලා.
'ම්ම්..මට.මට ඔයාව ඕනා ගගා..'
දැකපු දේත් එක්ක මුළු සර්වාංගේම හිරිවැටිලා පිස්සු නටද්දී හැමදේම අමතක කරලා ඒ මොහොතෙම yang ළඟට යන්න zhaoට ඕනා උණාත් zhao දත් මිටි කාන් ඉවසද්දි නිදහසේ කාලය අරන් අතේ තිබුණ පානය ඉවර කරපු yang ආයිමත් ඇතුළට යද්දී කරකලා ඇතැරියා වගේ හැඟීමකින් zhao බලන් හිටියා.අනිත් මොහොතේ නොදැනුවත්වම දොර අරින්න හිතන් දොරේ ලොක් එකට අත තියද්දී zhaoගේ හිත කෑ ගැහුවා.
'මං එනවා ගගා...'
ඒත් එළියට කකුලක් තියද්දීම මතක් උණ දේ නිසා පිට දිගේ හිරියක් යද්දී ආයිමත් මොකුත් නොවුන ගානට හෙමින් සිරුවේ කකුල ඇතුළට අරන් දොර වහන ගමන් සයිඩ් කණ්ණාඩිය දිහා බැලුවා.
'ශික් මුන් තාම ඉන්නවා..!'
සයිඩ් කණ්ණාඩියෙන් ඈතින් නවත්වලා තිබුණ සුපුරුදු වාහනේ පැහැදිලිව පෙනෙද්දී ආපු කේන්තිය නිසා සුක්කානමට තදින් පහරක් ගසපු zhao කෙන්තියෙන්ම car එක ස්ටාර්ට් කරන් බැල්කනි එක දිහා බැල්මක් හෙළන ගමන් එතනින් පිට උණේ තව මොහොතක් හරි රැදුණොත් තමන්ට තමන්වම පාලනේ කරගන්න නොහැකි බව තේරෙද්දියි....
මතුසම්බන්ධයි.....
👩💻 dil
2023/01/31
Editing date - 2023/12/12
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
තව ටිකක් මේකටම එන්න ඕනා...ඉක්මනින් දෙන්නම්....
ගැටළු ටිකක් ටිකක්වත් විසඳුනාදො.....
Zhao නම් ගමට යනෝ.... Yang එයි කියලා හිතනවාදෝ.....😌😌
නාවොත් මේ පාර නම් 🥘🥘 සුප් හදයි වගේ....
අර zhao පිටිපස්සේ ඔත්තු බලන මඟුල් වාහනේ නැත්තම් ඒකත් ජයසිරි මංගලම් තමා...🥱🥱
zhao yangගේ ආරක්ෂාවට පස්සෙන් එද්දී ඔය වාහනේ zhaoගේ ආරක්ෂාවට එනවා වෙන්නත් බැරි නෑ නේද..... 😏😏
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
සතුටින් නේද කීවේ මාව හැර යන්නම් කියා
පියඹා යන්න පුළුවන් ඔන්න සීමා නෑ තියා
දරා ගන්න බැරි වූ ප්‍රේමේ
දොරේ යන්න දෙමු සංසාරේ
ඒක දිග කතාවක්
පේනා තැන් වල ඇතී
නොදකින දේවල්
ඉක්මනින් තීරණ නොදී
තේරුම් ගමු ඒ දේවල්
ජීවිතේ සමහර තැන් වල
අපිටත් හොරෙන්ම
කැමති දේවල් අකමැත්තෙන්
වෙයි අත් අරින්න
එකම හීනෙක ආයිම අපී
යලි මුණ ගැහෙන්න
තනිව යන සංසාර මග
තව දුර නොවෙන්න
කියා දෙන්න හිතේ තිබුණු
ආදරේ තරම් මගේ
ඉන්න තිබුණා නුඹට මා ගාවින්
මේ භවේ....
31න් එන්නම් 😴😴
You are reading the story above: TeenFic.Net