නොහිතපු වෙලාවක නොහිතපු විදිහට දැන ගන්න ලැබුණ දේ නිසා yang හිටියෙ ගොඩක් සතුටින්...බැන අඬ ගැහිම්,තර්ජනය කිරීම්,බලකිරීම් බලාපොරොත්තු උණත් ලී ගෙ කුසේ පණ ගැහෙන ලේ කැටිය නිසා ඒ හැම දේකටම තිත වැටිලා තිබුණා. හිතේ කොණක තරමක පසු තැවීමක් දුකක් තිබුණත් ඒ ගැන හිතනවාට වඩා හැමදේ ගැනම සතුටු වෙන්න yangට උවමනා උණා..
'දෙයක් ලැබෙන්න තවත් දෙයක් කැප කරන්නම ඕන'
Yang තමන්ටම තේරුම් කරන්න උත්සාහ කරා.අහන්න දකින්න ලැබෙන හැමදෙයක්ම හීනයක්ද කියන සිතුවිල්ල සෑහෙන වෙලාවක් යනකං yangගේ හිතට වද දෙද්දී හැම දේම ඇත්තක් කියලා තේරුම් යද්දි yangට දැනුණේ ලෝකේම තමන්ට ලැබුණා වගේ හැඟීමක්.අන්තිමේ ලී එක්ක තිබුණ ප්රස්න විසදෙද්දී yangට zhao එක්ක විසඳ ගන්න ප්රස්නයක් නිර්මාණය වෙලා තිබුණා.
මඟ ඇරුණු කාලය ගැන පසුතැවීමක් විතරක් ඉතුරි වෙද්දී yangට zhaoව මුණ ගැහිලා ඉතිරි උණ ප්රස්නෙත් ඉක්මනින් විසඳ ගන්න ඕනා උණා.ඉක්මනින්ම zhaoව මුණ ගැහෙන්න ඕනා උණත් ලී ගෙනුත් පවුලේ අයගෙනුත් ලැබුණු සැලකිලි මැද්දෙ yangට ඔවුන්ව මඟ ඇරලා යන්න බැරි වෙද්දී හවස් වෙනකංම ඔවුන් සමඟ ඉන්න සිද්ධ උණා වගේම හැන්ඟෙන්නවත් මඟ අරින්නවත් තවත් හේතුවක් නොවුණ නිසාමත්,මීට කලින් yang ලීගෙ නිවසේ ඕනා තරම් කාලය ගත කරලා තිබුණ නිසාත් නිදහසට කාරණා නැතිවම yangට ලීගෙ නිවසේම නවතින්න සිදු උණා.
අන්තිමේ මහන්සියක් ගේන තරම් සැලකිලි මැද්දෙ දවස ගෙවෙද්දී ඉර බැහැගෙන යද්දී බොහොම අමාරුවෙන් yangට නිවසින් පිටවෙන්න පුළුවන් උණේ රෑ කෑමට නැවත පැමිණෙන පොරොන්දුව පිටයි.yang ලී ගේ වාහනෙත් අරන් zhao කියපු මඟ සලකුණු අනුව zhaoගේ අපාර්ට්මන්ට් එක හොයන් ගියා.
Receptionist ගෙන් zhaoගේ රූම් නම්බර් එක අහ ගද්දී ඇය කියපු දේ නිසා yang පුදුම උණා.zhao මාස ගාණකින් නිවසට නොපැමිණි බව ඇය පැවසුවා වෙද්දී නිවසට එන බව පවසමින් තමන්ගෙන් වෙන් උණු zhao රෑ වෙන්නත් ඇවිත් නිවසට නොපැමිණි එක yangට ප්රස්නයක් උණා....zhao දුන්න දුරකථන අංකයට ඇමතුම් ගත්තත් ප්රතිචාරයක් නැති තැන කොහෙ ගියත් රෑ වෙනකොට එයි කියන බලාපොරොත්තුවෙන් yang reception එකේ තිබුණු සෝෆාවකට වෙලා මඟ බලන් හිටියා.
පැයින් පැය ගෙවෙද්දී රෑ කෑමට පැමිණිය නොහැකි බව ලී ට දැන්වූ yang රෑ මැදක් වෙනකන්ම බලන් හිටියෙ
නොඉවසිල්ලෙන්..නොහිතපු විදිහට සිදු වෙන ප්රමාදය yangගේ හිත බයෙන් පුරවද්දී ගමන් මහන්සියත් බඩගින්නත් එක්ක yangට සෝෆාව උඩම නින්ද ගිහිං තියෙද්දී උදෑසනම receptionist ඇවිත් කතා කරණකොටත් yang තද නින්දේ පසු උණා.
"එයා ආවාද.."
"නෑ mister yang... මං හිතන්නෙ ඔබතුමා ආපහු ගියොත් හොඳයි..මාස ගාණක් ආවෙ නැති කෙනෙක් අද එයි කියලා මං හිතන්නෙ නෑ.."
Receptionist mrs ෆෙයි පැවසුවේ yang ගැන කණගාටුවෙන්.
"නෑ එයා ආයි බීජින් ආවා..පෙරේදා මං එක්ක.ඊයේ මමමයි taxi එකට නැන්ඟුවේ...කොයි වෙලාවේ හරි එයි මං තව ටිකක් බලන්නම්.."
"එයාට කර..."
"නෑ mrs ෆෙයි...එහෙම නැතිව ඇති..."
Yang හිතට දැනෙන බය යටපත් කරගන්න ගමන් තමන්වම රවට්ටගන්න උත්සාහ කරා.mrs ෆෙයි ගෙන් ලැබුණු කොෆි එකක් හැරුණාම කෑමක්වත් නැතිවම දවල් වෙනකංම බලන් හිටපු yang ලී ගෙන් එකදිගටම ලැබෙන ඇමතුම් මඟ අරින්න බැරි වෙද්දී දවල් කෑමට ගෙදර ගියා.බේරෙන්න බැරි කමට යන්තම් කෑම ටිකක් බඩට දා ගත්තු yang ලෝකේ නැති බොරු දාහක් කියන ගමන් ප්රමාද නොවී ආයිමත් zhaoව බලන්න ගියා.
'දැන් නම් ඇවිත් ඇති..'
හිතේ බලාපොරොත්තු පුරවන් ගියත් receptionist mrs ෆෙයි ගෙන් කලින් පිළිතුරම ලැබෙද්දී yangට දැනුණේ පපුව හිරවෙනවා වගේ හැඟීමක්.පාලනේ කරන් හිටපු බය දුක නොසන්සුන් කම කේන්තිය ඔක්කොම එකපාර හිතට වද දෙද්දී yang එහෙමම ආයිමත් සෝෆා එකට කඩන් වැටුණා.yang කලින් දවසෙ එනකොට තිබුන උද්යෝගිමත් පෙනුමත් දැන් මූණේ තියෙන උදාසින කමත් දිහා mrs ෆෙයි බලන් හිටියෙ අනුකම්පාවෙන්.
Yang දිගටම ඇමතුම් ගත්තත් zhaoගේ දුරකතනයෙන් ප්රතිචාරයක් නැති වෙද්දී yang තව තවත් කඩන් වැටුණා.
'ඇයි දෙයියනේ අඩුම...කොල් එකක්වත් දෙන්න බැරි...මාව මතක් වෙන්නෙවත් නැද්ද මැණික ඔයාට...'
තවත් පැයක් දෙකක් ගෙවෙද්දී හදිසියේම yangගේ ෆොන් එකට මැසේජ් එකක් එද්දී yang කලබලෙන් ෆොන් එකට එබුණා.msg එක zhao ගෙන් වෙද්දි එහෙමම මැසේජ් එක නොබලාම කලබලෙන්ම yang zhaoට ඇමතුමක් ගත්තත් ඒ තප්පරෙටත් ෆොන් එක ඔෆ් වෙලා තිබුණා.
"දෙයියනේ Zhao...."
Yang කෑ ගහපු සද්දෙට mrs ෆෙයි ත් ගැස්සෙද්දී yang තමන්වම පාලනේ කරගන්න උත්සාහ කරා.yang මැසේජ් එක open කරේ වෙව්ලන ඇගිලි වලින්.
📩📩📩
ගගා මම හොඳින්.හදිසියේ බීජින් වලින් පිට එන්න උණා.මං දැනටමත් පිටත්වෙලා ඉන්නෙ.කලබල නැතිව ඉන්න.ඔක්කොම ප්රස්න නිදහසේ විසඳ ගන්න.මාස 3කින් එහෙදි මුණ ගැහෙමු.පරිස්සමින් ඉන්න.
📩📩📩
අකුරෙන් අකුර ඇස් දෙක බොඳ වෙද්දී අමාරුවෙන් මැසේජ් එක කියවගත්තු yang ඉන්න තැනත් අමතක වෙද්දී සෝෆා එකට හිස තියන් අඬන්න ගත්තා....
'ඇයි මැණික ඇයි මට මෙහෙම කරන්නේ.ඊයේ ඔයාමයි කිව්වේ මගෙන් ඈත් වෙලා මොහොතක්වත් ඉන්න බෑ කියලා.ඔයාමයි කිව්වේ ඉක්මනින් ප්රස්න විසඳන් එන්න කියලා.යන්නම උණා නම් කියලා යන්න තිබුණා නේද...ඇයි කෝල් එකක්වත් දෙන්න බැරි...අනික මාස 3ක්...ඔයා කලින් තිරණේ වෙනස් කරා කියලා ඔයාම නේද කිව්වේ...ඉතිං ආයිමත් මොකක්ද දෙයියනේ මේ...මොන දේ උණත් ඇයි වචනයක් කතා කරන්න බැරි...ඇයි එක කෝල් එකක් ගන්න බැරි...ඇයි මං කියන දේ තප්පරෙකට අහන්න බැරි ..මං කොයිතරම් ආසාවෙන්ද ආවෙ රත්තරං...ඒ සතුට ඔයත් එක්ක බෙදාගන්න කොයි තරම් ආසාවෙන්ද ආවෙ...'
"mr yang... කතාකරන්න...ප්රස්නයක්ද මොකක් හරි..."
Yang හිටි හැටියේ අඬන්න පටන් ගද්දී mrs ෆෙයි බලන් හිටියෙ බයවෙලා.ඒ මොහොතේම ඇවිත් yangට කතාකරන්න උත්සාහ කරත් ඒ බවක් නෑසුන විදිහටම yang හඬා වැටුණේ අසිහියෙන් වගේ.
"mr yang සිහියට එන්න...මං දැන් ගොඩක් වෙලා කතා කරන්නේ...ඔයාට මාව ඇහෙනවාද...."
සෑහෙන වෙලාවකට පස්සෙ mrs ෆෙයි උරහිසිනුත් හොලවද්දී ගැස්සිලා යද්දී කඳුලු පිහ ගන්න ගමන් yang ඔලුව ඉස්සුවා.
"ආහ් මං මේ.."
"මොකක් හරි ප්රස්නයක්ද.."
"මේ zhao...එයා නොකියාම බීජින් වලින් පිට ගිහිං mrs ෆෙයි.මට ටිකක් දුක හිතුණා..."
"සන්සුන් වෙන්න mrs yang.එයා ඉක්මනින් එයි."
"හ්...ම්ම්.."
තමන්වම සන්සුන් කරගන්න උත්සාහ කරපු yang ටික වෙලාවකින් ෆෙයි ට සමු දෙන ගමන් zhaoගේ university එකට ගියා.zhao ගියා කිව්වත් yangගේ හිතට අහේතුකවම සැකයක් ඇති උණා.zhao නිතර කියවන ලෙක්චර් කෙනෙකුගේ නමක් yangට මතක තියෙද්දී yang ඔහුව හොයන් ගියා.
Zhaoගේ අතුරුදහන් වීම ගැන yang විස්තර කරද්දී ඔහු yang දිහා බලන් හිටියෙ පුදුමෙන්.
"ඔයාට විස්වාසද ඔයාලා අතර ප්රස්න මොකුත් නෑ කියලා.."
"ඇත්තටම නෑ.පෙරේදා එයා බීජින් ආවෙත් මං එක්ක.ඒ වගේම ඊයේ යනකොටත් එයා හොඳින් හිටියා..."
"ඒ කියන්නෙ zhaoට mr yangව මඟ අරින්න හේතුවක් නෑ..."
"නෑ දෙයියනේ නෑ...එයා ඊයේ යනකොටත් කිව්වේ ඉක්මනින් මුණ ගැහෙන්න ඕනා කියලා."
"එහෙමද....එයා දැන් ටිකකට කලින් ඇවිත් ගියේ..විනාඩි 15ක් විතර ඇති..."
Yang අහුණ දේ එක්ක බලන් හිටියෙ කටත් ඇරගෙන.
"ඇයි..ඇයි මට කලින් කිව්වේ නැත්තෙ.."
'එයා කොහෙවත් ගිහිං නෑ... ඇයි එයා මට බොරු කිව්වේ...'
Yang ස්තූතිවත් නොකරම හැරිලා දුවන දිහා ලේක්චර් බලන් හිටියෙ පුදුමයෙන්.zhao ඔහුගෙ හොඳම ගෝලයා වෙද්දී project එකේ වැඩ වලට කදුකරයට ගිය zhao ආපහු එන්න පරක්කු වෙද්දී ඔහු හිටියෙත් කුතුහලෙන්.අන්තිමේ ටිකකට කලින් නොහිතපු වෙලාවක ඔහු ආපහු ආපු හැටිත් කඳුකරේදි මූණ දුන්න අත් දැකීම් ගැනත් හදිසියේ සිදු උණ විවාහය ගැනත් පැහැදිලි කරපු හැටි ඔහුට මතක් උණා.
මොහොතකින් yang ඔහුව හොයන් එද්දී, අහන්න ලැබුණු දේවල් ගැන තවමත් පුදුමෙන් හිටපු ඔහු zhao කියපු විදිහට ඔහු කසාද බැඳපු කෙනා mr yang ඔහු මුණ ගැහෙන්න ආවම ඔහු තවත් පුදුම උණා.yang, zhao ගැන අහද්දී උත්තර දෙන විදිහක් ගැන ඔහුට හිතාගන්න බැරි උණා.
Yang දිගු කොරිඩෝ එක දිගේ දිව්වේ කලබලෙන්...zhaoගේ ඡායාවක් හරි ඇහැ ගැටෙන්න ප්රාර්ථනා කරන ගමන් yang වට පිටාවේම ඇස් යැව්වා.සෑහෙන වෙලාවක් ගියත් හෝඩුවාවක් වත් නැති වෙද්දී ආපහු car park එකට ඇවිත් වාහනේ ගත්තු yang ගේට්ටුවෙන් වාහනේ පාරට දාන්න බලන් ඉද්දී දැකපු දේත් එක්ක එහෙමම ගල් උණා...
"Zhao මැණික..."
Yangට ඉදිරියෙන් සෑහෙන තරම් දුරකින් zhao cab එකක් නවත්වන්න උත්සාහ කරන ගමන් හිටියා.yang ට උන්නු තැනත් අමතක වෙද්දී වාහනේ පාර මැදම තියෙද්දී දොරත් ඇරන් zhao දිහාට දුවන්න උණා.
ළඟ නතර උණු cab එකට නඟින්න හඳපු zhao ආයීමත් හැරිලා බැලුවේ හදිසියේ නොනවත්වා ඇහුණු හොන් සද්දේ නිසා වෙද්දී දැකපු දේත් එක්ක cab එකේ දොර අල්ලන්ම පුදුමෙන් බලන් හිටියා.
"ග්ගා..ගා..."
Zhao තමන්ව දැකපු බව දකිද්දීම දුවන් එන ගමන් හිටපු yangගේ මූණ හිනාවෙන් පිරෙද්දී yang ලොකු සැනසුම් සුසුමක් හෙළුවා. ඒත් සිද්ද උණේ yang හීනෙන්වත් නොහිතපු දෙයක් වෙද්දී මොහොතක් බලන් හිටපු zhao, yangව නොදැක්කා වගේ cab එකට නඟිද්දී පාරට දාපු cab එක වේගෙන් ඉගිලිලා යද්දී උණ දේ හිතා ගන්න බැරිව yang cab එක පස්සෙ දිව්වා.
"Zhao....මැණික නවතින්න දෙයියනේ.... නවතින්න...."
කෑ ගහ ගහ දුවපු yang cab එක නොපෙනී යද්දී දනිස් දෙකට අත් දෙකත් තියන් පාර මැද නැවතුණා...උණේ මොකක්ද හිතා ගන්න බැරිව වේගෙන් හුස්ම ගන්න ගමන් හති ඇරියා.
ඒ ඉරියව්වෙන්ම ඔළුව උස්සලා zhao ගිය දිහා බලන් හිටියා.
"එයා...එයා මාව දැක්කා...."
"එහෙම වෙලත්...."
"එයා හිනා උණේ නෑ....වෙනදා වගේ..."
"එයා බය උණා...ඔව් මාව දැකලා බය උණා.කලබල උණා..."
"එයා කිව්වේ බොරු...එයා කොහෙවත් ගියේ නෑ...."
පාර මැද තිබුණු yangගේ වාහනේ නිසා පාර අවහිර වෙද්දී පෝලිම් ගැසුණු වාහන පේළියෙන් කන කිං ගාණ තරමේ හොන් හඬක් එක දිගට පිටවුණා.yangට දැනුණේ තමන්ගෙ කන් වගේම හිතත් මොහොතක් ඇඟුලු වැටුණ බවක්.
හිතට දැනුණත් පිළිගන්න අකමැත්තෙන් හිටපු දේ yangට අන්තිමේ තේරුම් ගියා...
"එයා මාව මඟ අරිනවා...!දෙයියනේ එයා මාව මඟ අරිනවා.....!."
එතනම තිබුණු වාහනේකට අමාරුවෙන් වාරු උණ yang අත් දෙකෙන්ම පපුව මිරිකන් කෑ ගහලා අඬන්න ගත්තේ වට පිටේ අයත් කලබල වෙද්දී....
මතුසම්බන්ධයි.....
👩💻 dil
2023/01/28
Editing date - 2023/12/05
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
දිට්ටදම්මවේදනේ පළ දෙනවා වගේ...🤧
Zhao, yangව මඟ අරින එක ගැන මොකද හිතෙන්නේ ළමයි....අර වගේ දෙයක් දැක්කට පස්සෙ....😔😔
තියෙන තත්වෙත් එක්ක...yang කලින් හැසිරුණු විදිහ අනුව 🥺🥺
සාධාරණද නැද්ද....
📌 අන්තිමට zhao ට ෆාජි කියපු අනාවැකිය අමතක් කරන් එපා...😌😌
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
දුක වැඩි හින්දලු කඳුලු නෙතේ
ළඟ නැති හින්දලු රිදුම් හදේ
යලි එන්න රිදවන්නේ නෑ ආය කිසිදාක මා ඔයා
මා දමා යන්නෙපා...
මගෙ නොවී ඉන්නෙපා....
කොතරම් කළාද ආදරේ
තරහින් ඇයි තව මා කෙරේ
සිත මාගෙ වැලපෙන්නේ ඒ මතක සිහි කරලා සැමදා
දින දින ගතවෙන හිත හිත ඔබ ගැන
මුළු රෑ ලතවෙනවා
මතකය සිහි වෙන හැම හැම වාරෙම
තනියම වැලපෙනවා
ඔබ ළඟ නැතිවිට කකියන හදවත
තවමත් රිදවනවා
හැම රෑ සිහිනෙක ඔය රුව මව මව
මගෙ හිත දුක් වෙනවා
මා ළඟ සිටි ඒ කාලයේ
නෑ මා ඔබ හිත රිදවූයේ
මට නේද ඔය දෑත හිමි වෙන්නේ පවසන්නකෝ ඔයා
මා දමා යන්නෙපා....
මගෙ නොවී ඉන්නෙපා....
26න් එන්නම්
You are reading the story above: TeenFic.Net