other place
📞📞📞📞
"මගේ යකා අවුස්ස ගන්නෙ නැතිව හොයපන්.... හැම තැනම හොයපන්..."
.....
"ඔව් යකෝ කියන දේ තේරෙන්නේ නැද්ද..හැම තැනම කියන්නේ හැම තැනම....උඩද බිමද යටද මට වැඩක් නැ මිනිහො...මගේ වැඩෙ විතරක් කරපං..."
.....
"තොපිට පුළුවන් ඔච්චර තමා.වෙලාවට සල්ලි සල්ලි ගාගෙන නම් එනවා...තොපි එදා හරියට වැඩෙ කරානම් අද මෙහෙම වෙන්නේ නෑනෙ..."
....
"ඉලව්වේ පොඩි එකා...තෝ කටක් ඇරලා කියිනවනෙ පොඩි එකා කියලා.ලජ්ජා නැද්ද යකෝ පොඩි එකෙක්ට සකන්ඩ් වෙන්න..."
.......
"මඟුල ඌ ඉන්නවා...උඹලාගේ වෙලාවට ඒකා තාම පණපිටින්..."
....
"විදිහ වැඩක් නෑ... පණ ඇතුව හෝ නැතිව මගෙ වැඩෙට බාධාවක් වෙන්න බෑ එච්චරයි...."
📞📞 End....
.
.
.
.
.
.
අමාරු කාල හරි හෙමින් ගෙවෙද්දී ලස්සන කාල ගෙවෙන්නේ හරි ඉක්මනින් වෙද්දී වේගෙන් දවස් ගෙවිලා ගිහිං zhao වගේම yang ගෝත්‍රික ගම්මානෙට ඇවිත් මාස 2කකුත් ගෙවුණා.ගෙව්න කාලෙත් එක්ක zhao වගේම yang එකිනෙකාට තව තවත් ලං වෙද්දී ඒ දෙන්නා වගේම ගමේ හැමෝමත් හිතේ තිබුණ බලාපොරොත්තුත් එක්ක කල් ගතකරේ සතුටින්.
Zhao නිදහසේ තමන්ගෙ වැඩ කරගෙන යන ගමන්ම අඩුවක් පාඩුවක් නැතිවම yangට ආදරේ දෙද්දී ඒ හැම වෙලාවකම yangගේ හිතේ ඇති උණේ පසු තැවීමක්. පුංචි කාලෙකට උණත් zhaoගේ හිත රිදවපු එක ගැන ,තමන්ව පිළිගන්න කල් ගත්තු එක ගැන පසු තැවීමක්.yang ගත්තු තීරණයක් කවදාවත් වෙනස් කරේවත් දුන්නු පොරොන්දුවක් කඩ කරේවත් නැති වෙද්දී zhao වෙනුවෙන් මේ වෙනකොටත් කලින් නොකරපු දේවල් ගොඩක් yang කරලා තිබුණා.
Zhao ඔහු ගැන නොසිතාම තමන් වෙනුවෙනුත් අනිත් අය වෙනුවෙනුත් ඔහුගෙ ජීවිතේ කැප කරපු හැටි දකිද්දී,තමන්ටම තරවටු කරමින් zhaoගෙන් ඈත් කරලා තියා ගන්න උත්සාහ කරපු හිත මරණයේ නිම්නයේදී බිදිලා ගිහිං zhaoගේ ආදරේ ඉස්සරහා තමන් දන නමපු එක ගැන yang හැමදාමත් සතුටු උණා.
නමුත් ප්‍රස්න වලින් පැනලා යන බයගුල්ලෙක් වෙනවාට වඩා ඔහුට අවශ්‍ය උණා ඒ ප්‍රස්න වලට මුහුණ දෙන්න.පසු තැවීමක් ඇති නොවෙන විදිහට හැමදේම පැහැදිලි කරගන්න. බිජිං ගිහිං හැම ප්‍රස්නයක්ම විසඳගෙන ආපහු එන්න හිතුණත් ගම්මානයට පැමිණි පසු විවාහයට පෙර නැවත පිට නොවිය යුතුයි යන තහංචියටත් වඩා zhaoව දාලා යන්න බැරි මොකක්දෝ හැඟීමක් හිතට වද දෙද්දි yang විවාහයෙන් පස්සෙම බීජින් යන්න තිරණේ කරා.
නමුත් නොදන්වාම මඟ ඇරලා ඉන්න බැරි නිසා yang නොවැලක්විය හැකි හේතුවක් නිසා විවාහයට එදිනට පැමිණිය නොහැකි බවටත් නැවත පැමිණ ගැටළු විසඳන බවටත් තමන් හොදින් ඉන්න බවටත් ලිපියක් ඔහුගෙත් ලීගෙත් විවාහයට නියමිත දිනට කලින් ලැබෙන ලෙස ලී වෙත යැව්වා.yang තමන් හොදින් බව තහවුරු කල යුතු නිසාම ගම්වැසියන් සමග zhaoගේ ඒ මොහොතෙම පිටපත් ලැබෙන කැමරාවෙන් ගත් ඡායාරූප කීපයක්ද ලිපියට එක් කරා.ඒ අතර zhaoගේත් yangගේත් ඡායා රූපයක්ද වෙද්දී zhao, yang ගෙන් ප්‍රස්න කලේ පුදුමයෙන්.
"ඇයි මගේ එකක්..."
"මට ඕනා මං තනියම නෙමෙ කියලා පෙන්නන්න...."
Yangගේ ඍජු පිළිතුරත් එක්ක zhao නිහඬ උණේ කියන්න දෙයක් හිතාගන්න බැරි වෙද්දී.
Yangගේ ලිපිය බින් මාර්ගයට ගොස් බස් රථයට ලබා දී පැමිණෙද්දී yangගේ හිතට සැහැල්ලුවක් දැනුණත් ලීගෙත් තමන්ගෙත් විවාහයට නියම වෙලා තිබුණ අද දවසේ yangගේ හිතේ තිබුණෙ ලොකු බරක්.
"ගගා..."
Zhao කතාකරේ තමන්ගෙ හිස පුරා ඇගිලි තුඩු අරන් යන ගමන් කල්පනාවේ ඉන්න yangගේ නිහඬ බව දරාගන්න බැරිම තැන.
"ම්ම්ම්..."
"තනියම දුකින් කල්පනා කරන්න එපා ඉතිං...මටත් කියන්න.මං හිත රිද්ද ගන්නෙ නැතිව අහං ඉන්නම්...."
"පිස්සා...මොකෝ ඔයා දුක්ගන්නා රාළද.... මම දුකින් නෙමෙ මැණික.ඒත් හිතට මහ බරක් දැනෙනවා.මට දැනෙන්නෙ මං ප්‍රස්න හිතා මතා මඟ ඇරියා වගේ.ගිහිං මට කියන්න ඕනා දේවල් කියලා පැහැදිලි කරලා එන්න විදිහක් නැති උණ එක ගැන මෙහෙම හැංගිලා වගේ ඉන්න උණ එක ගැන හිතට බරක් දැනෙනවා...."
"ලියුම යන්න ඇති ගගා....ප්‍රස්නයක් වෙන එකක් නෑ..."
"ම්ම්ම්....අනාවැකි කියනවාද...."
Yang ඇහුවේ මොහොතකට ප්‍රස්න අමතක කරලා zhaoගේ නහය මිරිකන ගමන්...
"කිවුවොත් විස්වාස කරනවාද..."
"කලින් නම් නෑ. දැන් කිවුවොත් සමහර විට ඔව්..."
"ඇයි..."
"විස්වාස කරන්නේද...අහම්බෙන් උණත් මේ තරම් දේවල් වෙන්න පුළුවන්ද කියලා හිතෙනකොට, ඒ දේවල් එකිනෙක ගැලපෙනකොට හිත කියනවා විස්වාස කරන්න කියලා....කොටින්ම සූර්යාග්‍රහනේ වෙන්නේ අගොස්තු 5 කිව්වම....ඒ දවස මගේ උපන්දිනේ දවසම උණාම...තව ඒ වෙලාව මං උපන් වෙලාව වෙන්න ඕන කියලා ඔයා කියනකොට...අදහන්න බැරි උණත් එක දිගට උණ දේවල් එක්ක හිත කියනවා විස්වාස කරලා බලන්න කියලා.."
"හ්ම් මට තේරෙනවා.කසාදේ ගැන කිව්වම ඒ දිනේ නම් මට විස්වාසයි ගගා...ඒත් වෙලාව...ඒක හරි ඇති නේද..."
"ෆාජි කිව්වනේ zhao...ඒ දවසේ තියෙන විශේසත්වය කියලා....ඉතිං වෙලාව හරි ඇති.ඊට වඩා විශේසත්වයක් අපි දන්නෙ නෑනෙ..."
"ම්ම්..ඒක හරි...ඒත් මට තියෙන බය ඔයා ඉපදුණ තැනත් මෙහෙත් තියෙන්නේ කාල කාලාප 2ක.ඉතිං එහෙ ඒ වෙලාව තිබුණට මෙහෙට එනකොට වෙනස්නෙ.ඒකයි මට තියෙන ප්‍රස්නෙ.වෙලාව පොඩ්ඩක් හරි එහෙ මෙහෙ උණොත් ඔක්කොම හරි.බින්ව යවලා හරි හොයාගන්න තිබුණා.ඒත් එහෙම හොඳ නෑලු...."
"වැඩිය හිතන්න එපා මැණික.අපි කතා උණා වගේ හොඳම විදිහ එහෙ වෙලාවත් එක්ක යන මෙහෙ වෙලාවේ වැඩෙ කරන එක.අනික කලින් වතාවේ ඒ දේ සිද්ද උණේ මහ දවල් මැද නම් මේ වතාවෙත් බොහෝ දුරට එහෙම වෙයිනේ.අනිත් වෙලාව වැටෙන්නේ උදේ වරුවට.ඉතිං අපි දවල් එක ගැන විස්වාස කරමු..."
Yangගෙ ලෙඩේ බෝ උණා වගේ zhao ටික වෙලාවක් හිටියේ ලොකු කල්පනාවක.
"ඔයා තාමත් හිතන්නෙ එහෙමද ගගා...."
Zhao ඇහුවේ දවසක මෙතනදීම උණු කතා බහ ගැන.
"කොහොමද...."
"ආදරේ ඇති වෙන්නේ එකට ඉඳලා එකිනෙකා තේරුම් ගන්නකොට කියලා...."
"ඔයාට අහන්න ඕනා ප්‍රස්නෙ ඕක නෙමෙ zhao..."
"ආහ්..."
"ඔයාට අහන්න ඕනා මං තාම ඒ දේවල් විස්වාස කරන්නේ නැද්ද කියලා...මං හරි නේද..."
"ග්ගා..."
Zhao, zhan දිහා බැලුවේ පුදුමෙන් උණත් හෙමින් හෙමින් හිස සැලුවා.
"මෙහෙමයි මට දැන් හිතෙනවා එකට ඉඳලා එකිනෙකා තේරුම් ගන්නකොට ආදරේ ඇති වෙනවා විතරක් නෙමෙ වැඩි වෙනවා කියලා.ඒ වගේම මං දැන් විස්වාස කරනවා....ඉරණම ඒ වගේම ආත්මගත ආදරේ....මගේ හිත කියනවා විස්වාස කරලා බලන්න කියලා...."
Zhao, yang දිහා බැලුවේ මොකක් හරි මඟ අරුණද අහන්න වගේ බැල්මකින්..
"මොකෝ ඔහොම බලන්නේ....මං ඒක හිතලම තමා මඟ ඇරියේ....."
"ඇයි ඒ ගැන විස්වාස නැති නිසාද..."
" අනිත් ඔක්කොටම වඩා විස්වාස නිසා ..."
ඇගට පතට නොදැනී කියන ගමන්
Yang උඩ බලන් වටපිට බැලුවේ මහ දවල් අහසේ තරු හොයන්න වගේ වෙද්දී zhao බලන් හිටියෙ පුදුමෙන්.
"ඒ..ඒ මොකක්ද කි...වේ..."
"ඇයි අපෙ හිත් වලත් පළමු බැල්මෙන් ආදරයක් ඇති වෙන්න බැරිද... මාව විස්වාස නැද්ද ම්ම්ම්..."
Yang ඇහුවේ zhaoගේ ඇස් වලට එබිලා.
"විස්වාස නෑ නෙමෙ මට තේරුනේ නෑ..."
"තේරුම් ගන්න උත්සාහ කරන්නකෝ ඉතිං.."
"නෑ ඔයාම මට තේරුම් කරවන්න..."
"ඕහ්...මාව මඩවනවාද zhao...."
"අනේ නෑ ගගා....කියන්නකෝ මට.ඔයාගෙන්ම දැන ගන්න ඕනා..."
Zhao කියෙව්වෙ yangගේ අතේ එල්ලිලා හුරතල් වෙන ගමන්.
"අහගන්න එහෙනම්...පළවැනි බැල්මෙන්ම...බැල්මෙන් කියනවාට වඩා දැක්මෙන් කියමු. තමුන් ඒක කරා...."
"බොරු..."
"නෑ ඇත්ත..."
දෙන්නා වාද කරන්න ගත්තෙ පොඩි එවුන් වගේ.
"බොරු කියනවා මෙතන...මන් ළඟින් වාඩි වෙලා කතා කරාම මගේ මූණවත් බැලුවේ නෑ...දැන් මගුලක් කියනවා...."
Zhao ගස්සලා අහක බලාගද්දි yang ආයිමත් zhaoව තමන් දිහාට හරවාගත්තා.
"කවුද කිව්වේ ඒ වෙලාවේ කියලා...."
Zhaoගේ කටත් ඇරෙද්දී yang හිනා උණා.
"ඒ ඊට හරියටම ටිකකට කලින්...."
"බොරු ඊට කලින් ඔයා මාව දැක්කේ නෑ..."
"මොකද නොදැක්කෙ.... පාඩුවේ අද්දන්න ගිය බස් එක එකපාර නවත්තලා දඩ බඩ ගාලා සුණාමිය වගේ ගොඩවෙද්දී මාත් හැරිලා බැලුවා ඉතිං...."
"ආහ්...."
"ඔව් ඉතිං තමුසෙට ගාණක් නෑ....මන් හිටි තැනම ලොක් වෙලා බෙල්ල කඩන් තමුසෙ දිහා බලන් ඉද්දි තමුන් වාඩිවෙන්නෙත් නැතිව වරුවක්ම පිටිපස්ස බලන් හිටියේ කවුරු හරි එනවාද බලන්න වගේ නේ...."
"ඔයා ඇත්තටම බලන් හිටියද ගගා..."
"හ්ම්..."
"ඒත් ටිකකින් මන් ඔයාව දකින කොටත් ගාණක් නැතිව හිටියේ...මැප් එකකුත් දිග ඇරන්..."
"ගාණක් නැතුව නෙමෙ...ගණන් අරන් හිටියේ...මන් මැප් එක බැලුවේ මං යන්න හිටපු තැන ඇරුණම තමුන්ට යන්න පුළුවන් වෙන තැනක් තියෙනවාද කියලා....."
" ඔය ඇත්තමද ගගා....ඒත් මං ඔයා ළඟින් වාඩි උනාම වාඩි වෙලා හිනා උණාම ඔයා ගණන් ගත්තෙවත් නෑනෙ..."
"නෑ නෙමෙ ඕනවාටත් වඩා ගණන් ගත්තා Zhao...ඒකයි අහක බලාගත්තේ..."
"ඒ මොන විකාරයක්ද....."
"විකාරයක් තමා දැක්ක ගමන් හිත හොල්ලපු මිනිහා ඊට ටිකකට පස්සෙ ඇවිත් ඇග උඩ පත බෑවෙලා විරිත්තණකොට බයවෙන්නේ නෑද... තව ටිකෙන් හාට් ඇටැක් එන්නෙ මට..."
"හ්ම්ම්ම්...මටත් දැන් එනවා වගේ..."
"මොකක්.."
Zhao ඇස් දෙකත් කරකෝ කරකෝ බලද්දී yang, zhao දිහාම බලන් හිටියා.
"හාට් ඇටැක්...මේ බලනවා..."
Zhao කිව්වේ yangගේ අත ඇරන් පපුවෙන් තියා ගන්න ගමන් වෙද්දී මොහොතක් ඒ ඇස් දිහාම බලන් හිටපු yang පහත් වෙලා zhaoගේ පපුවට කන තියා ගත්තා.
"ගැහෙනවාද...මං වෙනුවෙන් ආහ..."
"හ්ම්ම්...දැකපු වෙලාවෙ ඉඳන්...."
Zhao හීනෙන් වගේ කියවද්දී zhaoව තව ටිකක් අත් දෙකෙන් තද කරගත්ත yang zhaoගේ පපුව උඩින් එක දිගට සිපුම් තියද්දී zhaoගේ ඇගිලි තුඩු yangගේ හිස පුරා ගමන් කරා.
"ගගා..."
"ම්ම්ම්..."
Zhao කතාකරේ සෑහෙන වෙලාවකට පස්සෙ.
"ඒක එහෙම නම්....ඇයි මාව දැනු..නේ නෑ වගේ හි..ටියේ....මාව මැරි කරන්න බෑ කිය..ලා කෑ ගැහුවේ.... එයා ගැන කිකියා රිද්දුවේ...."
Zhaoගේ කට හඬ වචනෙන් වචන බිඳෙද්දී yang ඔලුව උසලා zhao දිහා බලන් හිටියේ ඇස් දෙකේ කදුළු පුරවන් .
"මට මාවම විස්වාස නැති උණා මැණික...ඒ වගේම මට මාවම පිළිගන්න අමාරු උණා....මට සමාවෙන්න..."
Yang zhaoව තුරුලු කරන් හිස අත ගගා කියද්දි zhaoගේ ඇස් වලින් වැටුණු කදුළු yangගේ උරහිසේ බොඳ උණා.
"ඇයි ගගා...ඇයි එහෙම.."
"වෙන කෙනෙක්ව විස්වාස කරනවද නැද්ද හිතනවාට වඩා තමන්ට තමන්ව විස්වාස කරන්න අමාරු වෙද්දී ඒ හැඟීම හුගාක් අමාරුයි zhao...කොටින්ම මට මාවම විස්වාස කරන්න බැරි උණා.මං කවදාවත් හිතුවෙ නෑ මගෙ හිත පිරිමි ළමයෙක් නිසා හෙල්ලෙයි කියලා...එවගේම දැකපු තප්පරේම ඔයා ගැන හිතේ ඇති උණ හැඟීමට නමක් දෙන්න මට තේරුනේ නෑ...කොටින්ම එහෙම හැඟීමක් දැනුණ එක ගැන මටම විස්වාස කරන්න බැරි උණා.ඒ විතරක් නෙමෙ කිසිම වගකීමක් නැතුව හිත ඔයා පස්සෙම දුවද්දී මට මාවම පිළිගන්න අමාරු උණා...ඔයාට ආයි ආයි රිද්දන ගමන් මට ඕනා උණේ මටම තේරුම් කරවන්න.මට සමාවෙන්න මැණික...මං කරපු දේවල් නිසා ඔයාට ඕනවාටත් වඩා රිදුණා කියලා මට තේරුනේ එදා ඔයා මාව යවන්න හදපු වෙළේ...මාව දාලා ඔයා අඩ අඩා දුවනකොටයි මට තේරුනේ මට ඇත්තටම මොනවාද ඕනා කියන එක.මට...මට සමාවෙන්න මැණික...ඒ හැම නරක මොහොතක් වෙනුවෙන්ම...."
"ගගා ඔයා...මගේ ගගා..."
Zhaoගෙ කඳුලු ඉකියක් වෙද්දී ඒ මූණ දෝතට ගත්තු yang ඒ වැටෙන කඳුලු zhaoගේ කම්මුල් වලම බොඳ වෙන්න තොල් දෙක මූණ පුරා අරන් ගියා.
"ආයි එහෙම වෙන්නේ නෑ මැණික..ඒ හැම මොහොතක් වෙනුවෙන්ම මං වන්දි ගෙවනවා...ඔයාගෙ හිත සතුටින් විතරක්ම පුරවලා....මං පොරොන්දු වෙනවා"
Yang' zhaoගේ ඇස් දිහාම බලන් එක දිගට පොරොන්දු උණා.
"හ්ම්ම්ම්...මට ඔයාව විස්වාසයි ගගා..."
"දන්නවාද zhao...මේ ගෙවුන අවුරුදු 30ටම ඉගෙන ගන්න බැරි උණ පාඩමක් ඔයා නිසා මං ඉගෙන ගත්තා..."
"ඒ...ඒ මොකක්ද..."
"කවුරු හරි කෙනෙක්..තමන්ට දෙයක් එපා කියලා එකපාරක් කියලා සද්ද නැතුව නොයිද ආයි ආයි කියනවා නම් ඒ දේ එපා කියලා...ඒකෙන් කියන්නේ එයාට ඒ දේ අනිවාර්යෙන් ඕනා කියලා..."
"ඔයා වගේ..."
"ම්ම්..ඒ වගේම ඔයත් වගේ..."
Yang zhaoගේ නහය මිරිකද්දී කදුළු නිසාම දිලිසුණු zhaoගේ ඇස් තව ටිකක් අමුතුවට දිස්න දෙද්දී ඒ මුවේ ඇඳුනේ කුපාඩි හිනාවක්.
"ග.....ගා...."
Zhao ඇද ඇද ඒ හිනාවෙන්ම කියද්දි yang කන් දෙකේ හිටන් රතු උණා...
"නවත්තපන් නසරානියා...මං දන්නවා ඔය කියන්න යන දේ....ඔව් ඉතිං මට ඕනා තමා....එපා කියන තරමටත් වඩා. ඒත් මතකනෙ නීතිය..."
yang අවධාරණෙන් කියද්දි zhao සද්ද නැතිවම බලන් හිටියා.
"ඒ උණාට කිස් කරන්න තහනමක් නෑනෙ..."
Zhaoගේ කටින් පිටවෙද්දීම zhao yangගේ ඇගට පණින ගමන් තොල් අල්ලගත්තේ නොඉවසිල්ලෙන් වෙද්දී zhaoගේ කලබලේත් එක්ක ගල උඩින් ලිස්සලා ගිය දෙන්නම වතුරට වැටුණා.
මොහොතකට එකිනෙකාව බදන් මහ හයියෙන් දෙන්නත් එක්ක හිනා වෙද්දී අනිත් තප්පරේ මගින් නැවතුණු රාජකාරිය ආයිමත් yang පටන් ගත්තෙ ඉන්න තැනත් අමතක කරලා.....
Zhaoත් yangත් එකිනෙකාගේ ලෝකේ අතරමං වෙද්දී ඒ මොහොතේ කිලෝමීටර් සිය ගාණක් ඈතින් බිජිං වල සිදුවෙමින් තිබුණෙ yang හීනෙකින්වත් නොහිතපු දෙයක්....
මතුසම්බන්ධයි....
👩💻 dil
2023/01/20
Editing date -2023/11/28
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
🙈🙈🙈🙈
කට්ටිය හරි රිලැක්ස් එකේ ඉන්නෝ නේ.....😌😌😌
තණකොළ එහෙම පාට දාලා තියා ගම්නලා මගුලට අදින්න 😁😁
කෝ පළමු බැල්මෙන් ආදරේ කරලා තියෙන අය.....😊😊😊 එන්න මාත් එක්ක හවුල් වෙන්න 🤗🤗🤗 අපි සංගමයක් පිහිටොමු 😁😁😁
අන්තිම වෙද්දී අමතක් උනාද දන්නෙ නෑ....උඩ කෝල් එකකුත් තිබුණා 😇😇
15න් එන්නම්....🤗🤗🤗
You are reading the story above: TeenFic.Net