දන්නෑ ඒශාන් කොහේ ගියාද කියන්න ඩේව් මෙතුලගේ උකුලෙම නින්දට වැටිලත් දැන් විනාඩි විස්සකට වැඩියි මෙතුල ඔලුව ගේ වටේටම යවන ගමන් එක අතකින් ඩේව්ගේ සිනිඳු කලු පාට කොන්ඩේ ගස් අතරින් ඇගිලි යැව්වේ මීට විනාඩි විස්සකට කලින් පටන් ගත්ත මෘදු පිරිමැදුම තාමත් නතර නොකරම වගේ
මෙතුලට දැනුනේ එයාගේ වටේ මෙච්චර කල් පිරිලා තිබ්බ සුදු පාට මායාවට පුංචි පුංචි පාට බින්දු ඉහලා වගේ හැගීමක් ......
ඇයි ඒ ......?
දැන් එයාට අම්මා විතරක් නෙමේ අයියත් ඉන්නවා .......මෙච්චර කාලෙකට එයාට හිටියෙ අම්මා විතරයි ඒත් දැන් ..... වචනයක් කටින් නොකිව්වට යසිරු එයා ගැන ඉස්සරට වඩා සැලකිලිමත් ඒක කොල්ලට දැනෙනවා ...... එතකොට ලේසියකට හොයාගන්න බැරි එක දශමෙක ආඩම්බරකමක් නැති මාරම යාළු කම් දෙකක් තියෙනවා ඒ වගේම වැදගත්ම දේ එයාගේ හැමදේම දැනගෙනත් එයාව කොන් නොකරන හරි අමුතු මනුස්සයෙක් එයාගේ කම්ෆර්ට් සෝන් එක ඇතුළට රිංගලා තියෙනවා
එයා දැනුවත්ව හරි නොදැනුවත්වම හරි ..... !
ඉතින් මේ ටික හොදටම ඇති මෙතුලට තව ආත්මෙකට සතුටු වෙන්න ...... එයා නිහඩවම ඩේව්ගේ ඔලුව අත ගාන ගමන් කල්පනා කරේ ඒක ......
මෙතුල අර කිව්වත් වගේ ඩේව්ව විශ්වාස කරන්න පටන් ගත්තා ...... සමාජේ ඉස්සරහා ඉන්න ඩේව් නෙමේ එයත් එක්ක ඉන්නේ කියන එක එයා දන්නවා ...... ඒත් ඩේව්ව විශ්වාස කරන්න පෙලබෙන්න තරන් හේතුවක් .... ඔව් ඒක අර හංගන්න අවශ්‍ය නැති අනන්යතාවෙක රහස කියලා කිව්වොත් !
මෙතුල ඩේව්ව විශ්වාස කරේම මේ තරන් ලග බැඳීමක් මීට මාස හතරකට විතර උඩදි ඒ දෙන්නා අතර නොතිබ්බ කාලේ පවා අඩුම එයාට වත් දැනෙන්නැති වෙන්න එයාගේ රහස ඩේව් හංගගෙන ජීවත් වුනා කියන කරුන මත
ඩේව්ට තිබ්බා එයාගේ තරහා මෙතුලගේ මේ අමුතු හැසිරීමත් එක්ක එකතු උන දුර්වලකම එලියට දාලා යසිරුව ලැජ්ජ කරන්න මොකද එයා දන්න ඩේව්ට කිසි හිතක් පපුවක් නෑනේ
ඒ නැතත් එයා දැනුවත් මේ පිරිමි දෙන්නා අතර කෙල්ලෙක් වෙනුවෙන් ලොකු යුද්ධයක් ගියා කියන්නත් ඒශාන්ට පිං සිද්ද වෙන්න .....
ඒත් ලගදි ඉදන් ඒ හැමදේම ගොඩක් වෙනස් වෙලා නේද කියලා තේරුම් ගන්න මෙතුල තාම පරිනත නැද්ද කොහෙද ..... ?
"පොඩි ළමයෙක් වගේනේ "
හරි ලොකු එක්කෙනා වගේ එයාටම කියා ගන්න ගමන් ඩේව්ගේ පියවිලා තියෙන ඇස් දිහා බලපු මෙතුල එයාගේ වල ගැහෙන කම්මුලක ඩිම්පල් එකක් මැවෙන්නම හිනා වුනේ අවංකවම අර කිව්වත් වගේ කලර්ෆුල් හැඟීමකින් ....
ඩේව්ගේ කොන්ඩේ මූන පුරාම විසිරිලා ගිහින් මෙතුල කොල්ලගේ කොන්ඩේ එහෙට මෙහෙට කරේ සැරින් සැරේට සිනිඳු කොන්ඩේ ඩේව්ගේ අංග චලන නිසාම මූන පුරා විසිරෙන නිසා.....
"සුදු පාට මැකිලා යනවා ....... පාට පාට ඒවා හරි ලස්සනයි අයියේ ......."
ඩේව්ගේ කොන්ඩේ අස්සෙන් ඇඟිලි එලියට අරන් තාමත් ශර්ට්ලස් ඉන්න ඩේව්ගේ උරහිසක ගෑවෙන නොගෑවෙන තරමට එයාගේ සුදුමැලි අතක් තියලා කොල්ලා කිව්වේ කලර් ඩිෆරන්ට් එක දිහා බලලා ලාවට හිනා වෙන ගමන්
එයා ..... එයා තනිකරම හිම පාටයි එතකොට එයා ගාව දැන් නින්දට වැටිලා ඉන්න ලතින් ඇමෙරිකානු සම්භවයක් තියෙන පිරිමියා ..... එයා තනිකරම කැපචිනෝ පාටයි .....
Bruzz bruzz
සයිලන්ට් දාලා තිබ්බ එයාගේ ෆෝන් එක වයිබ්රේට් වෙනවත් එක්කම සුදු පාටයි කැපචිනෝ පාටයි කලර් පැලට් එකක මික්ස් කරොත් මොන වගේ පාටක් එයිද කියලා මනෝ පාරක් ගහන් කල්පනා කර කර හිටිය කොල්ලා උඩ විසික් උනා
ඩේව්ගේ නින්දට කරදර නොකර ෆෝන් එක ආන්සර් කරපු මෙතුල රහසක් කියන්න වගේ හෙලෝ කිව්වේ එයාට කතා කරපු ඒශාන් දොරින් මෙපිට ඉදන් මෙතුලගේ හුරතල් වොයිස් එකට හිනා වෙනවා කියලා නොදැන
විහිලුවට නෙමේ ඒක හෘදයාංගම හිනාවක් !!
"දොර අරින්න බියුටි මම ආවා "
"චුට්ටක් ඉන්න "
රහසක් කියන විදිහට කතා කරපු මෙතුල ලොකු ආයාසයක් දරලම ඩේව්ගේ ඔලුව කොට්ටයක් උඩින් තියලා අත එහා මෙහා නොවෙන්න තවත් කොට්ටයක් ඩේව්ගේ අතට යටිනුත් තියලා ඩුවට් එකත් පොරවලා හිමින් හිමින් ගිහින් දොර ඇරියේ ඒශාන් ෆැමිලි ඩොක්ටර් කියලා කියන්න පුළුවං මැදි වයසේ මනුස්සයෙක්ට අතින් ඉස්සරහට යන්න කියලා ඇවිත් මෙතුල ගාවින් හිට ගනිද්දි
"අංකල් පොඩ්ඩක් බලන්න ඕකා සෑහෙන්න වීක් ඇති දැනටම "
"ඕකේ සන් "
ඒශාන්ට පොඩි හිනාවක් විතරක් දුන්න මැදි වයසේ පිරිමියා අතේ අරගෙන ආපු ස්ටෙත් එක බෙල්ල වටෙන් දාලා ඩේව් ගාවට ගියේ මෙතුල හොරෙන් හොරෙන් එබිලා බලලා කට ඕ හැඩේට හරව ගනිද්දි
"මොනාද බලන්නේ අහ් අංකල් මැරීඩ් හරිත !! "
"අහ් ?? නෝ මම බ්-බැලුවේ එයා ඇත්තටම ඩොක්ටර් ක්-කෙනෙක්ද කියලා එයා..... එයා ගොඩක් ලොකුයිනේ "
ඒශාන් කරේ අත් දෙකින්ම කට වහන් හිනා වුන එක විතරයි ඒක බලන්න වටින දර්ශනයක් මොනවා නැතත් හුරතල් වෙන්න දක්ශ මිනිස්සු හිනාවෙන කොට හරිම ලස්සනයිනේ .....
කොහොම හරි ඒශාන් හිනාවෙලා හිනාවෙලා කට ඕ හැඩේට හරවන් ඉන්න මෙතුලට ටොක්කක් ඇන්නේ මෙතුල කටත් ඇද කරන් ඒශාන් දිහා බලද්දි ඇයි ඉතින් මෙතුල දන්නවයෑ ඔය ලැනරෝල් පවුල අස්සේ තියෙන රහස් එව්වා ඉතින් දැනගෙනත් නොදන්නවා වගේ ඉන්න ඒශාන්ට ඩොක්ටර්ව දැකලා කට ඕ හැඩේට හරව ගත්ත මෙතුල එයාගේ මාමාලා සෙට් එකවම එකට දැක්කා නම් වෙන කලබැගෑනිය මැවිලා පෙවුනා
"අනේ අනේ බියුටියා ......එයා අපේ ෆැමිලි ඩොක්ටර් උනාට අපේ සුදු මාමාගේ පර්සනල් ඩොක්ටර් ඔයානම් එයාව දැකලා නෑ අර කොන්ඩේ කර්ල් මාමා එදා ඔයාලාගේ අම්මා එක්ක කදේ දාගෙන හිටියේ "
"ඕ ඉතින් "
"ඒ අපේ චූටි තාත්ති ඒ කියන්නේ මමාගේ මල්ලි එයාගේ හස්බන්ඩ් තමා සුදු මාමා කියන්නේ එයාගේ යටතේ මෙයා වැඩ කරන නිසයි මෙයලා ඔක්කොම අලි වගේ ඉන්නේ මේ "
"ඇයි ඔයාලාගේ සුදු මමාට සල්ලි වැඩි නිසා මෙයාලාට කන්න දෙන එකද කරන්නේ වොහ් "
"අනේ බියුටියෝ "
ඒශාන් ඒ පැත්තයි මේ පැත්තයි බල බල ඉන්න මෙතුලගේ උරහිසට තට්ටු දදා හිනා උනේ ඒ රස්සා මොනවද කියලා කියන්න පුළුවං කමක් නැති නිසා අනික් අතට මෙතුල කටත් ඇද කරගෙන ඒශාන්ට රවලා අහක බලා ගත්තේ ඒශාන් ඇස් යටින් බලලා ආයෙම හිනා වෙද්දි
එයත් දැන් ගානට හැදිලා ඉන්නේ මේ ඩබල එක්ක ඉදලා ඉස්සර මනුස්සයෙක්ට රවන්න තියා කෙලින් බලන්න තරන් වත් ගට් එකක් නොතිබ්බ කොල්ලනේ මේ රවලා ගස්සලා අහක බලා ගත්තේ
"ඔහ් ඒමද ඒක නෙමේ ඇ-ඇයි පරක්කු .... ක්-කොහෙද මෙච්චර ව්-වෙලා හිටියේ"
"අංකල් ටොඩ් ටිකක් බිසී මං එයා එනකන් හිටියා බියුටියා ඔයාට ප්‍රශ්නයක් නෑ නේද අපේ එකා වද දුන්නද ? "
අතේ බැදලා තිබ්බ වොච් එකෙන් වෙලාව චෙක් කරන ගමන් බිත්තියට හේත්තු උන ඒශාන් මෙතුලගෙන් ඇහුවේ සක්කුවට අත් දෙකත් ඔබාගෙන
"අනේ එහෙම නෑ එයා වද දුන්නැහැනේ ......පව් අනේ ..... "
මෙතුල නින්දේ ඉන්න ඩේව් දිහා බලලා දුකින් කිව්වේ ඒශාන් මෙතුලට පොඩි හිනාවක් දාලා ඇස් කරකවලා ඩේව් දිහා බලද්දි .....
"හුම් මං කෑම ඕඩර් කරා .......එන ගමන් කෝල් කරලා සුහස්වර අයියටත් එන්න කිව්වා මෙයා එක්ක ඉන්න මෙයා එන්නෑනේ අපේ ගෙවල් වලට මං ඔයාව ගෙදර ගිහින් දාලා ඇවිල්ලා මේ අපායට බඩු ටිකක් ගෙනල්ලා දාලාම යන්න ඕනි බියුටියා ..... අම්මි තනියමනේ .... "
"සොෆී??"
"අද එයා හොටෙල් එකේ ..... "
"ස්-සුහස්වර කියන්නේ සිතිජ අ-අයියා නේ එයාට බෙහෙත් ගැන මතක් කරලා යමු එහෙනම් අපිදෙන්නම "
"මං ඔයාව දාලා එන්නම් බියුටියා .... සුහස්වර අයියා ආවාම බෙහෙත් ගැනත් කියලම රෑ වෙලා යන්නම් මම...... අම්.... තව පැයකින් විතර ඔයාව ගෙදර ගිහින් දාන්නම් සොෆී කෝල් කරලා කිව්වා තාම අයියානම් එහේලු !"
මෙතුල ඔලුව වැනුවේ එයාටත් දැන් ටිකකට කලින් ඉදන් හිතිච්ච දෙයක් අනෙකාගේ කටින් පිට උන නිසා
මෙතුල හිටියේ ඒශාන්ට ඩේව් එක්ක ඉන්න කියලා අම්මව ගෙන්නන් ගෙදර යන්න කියලා හිතාගෙන ඒත් එහෙම ඕනි නෑ වගේ ..... සිතිජ එනවලුනේ ඒ කියන්නේ අරන් ආවා වගේන ඒශාන් ගිහින් දාන්නත් ලෑස්ති වෙලයි ඉන්නේ කියන එක
ආයේ වාද කරලා මෙතන හුචු හුචු ගාලා වැඩක් නෑ කොච්චර ෆනී කැරැක්ටර් එකක් උනත් ඒශානුත් කිව්වොත් කිව්වා පොරක් කියලා දන්න මෙතුල ඔලුව වැනුවේ ඒශාන්ට එකග වෙන ගමන් .......
"Hay bro සතියට ලෙඩක් දා ගත්තේ නැහ්තම් උබලට හරීයට අමාරුයි නේද ?"
"අහ්ම් "
අපරාදේ කියන්න බෑ ඩොක්ටරුත් මහ පුදුම මනුස්සයෙක්නේ මෙතුල බොහොම අමාරුවෙන් නිදි කරවපු කොල්ලව හිතක් පපුවක් නෑ වගේ නැගිට්ටෙව්වා නේ .......
"උබ කොහෙද මෙහේ ?..... ආ සුදු බබාද එක්ක ආවේ "
"යැප් "
මෙතුල ඇස් ලොකු කරන් ආපස්සට ඒශාන් දිහා බැලුවේ මාමා කියන්න ඕනි වයසක මනුස්සයෙක්ට නින්දෙන් නැගිට්ට ඩේව් උබ බං බොලා ගාන්නේ ඇයි කියලා අහන්න වගේ
කොහෙද ඒවට උත්තර දෙනවට වඩා ඒශාන්ට හොටෙල් සර්විස් එකට කෝල් කරලා හවුස් එක ක්ලීන් කරවන වැඩේ ලොකු වෙලානේ ඉතින් එයා ඒශාන්ට කරදර නොකර පැත්තක තිබ්බ බීන් බෑග් එකකින් පොඩි ටෙඩි බෙයාර් කෙනෙක් ඉන්දුවා වගේ කකුල් දෙකත් ලගට අරන් ඇගට ගුලි කර ගන්න ගමන් ඉද ගත්තේ දණහිස් උඩින් ඔලුව ඈන්ගල් එකට තියාගෙන ඩේවුයි ඩොක්ටරුයි ඉන්න තැන දිහා බලාගෙන
"ඩේව් ප්‍රශ්නේ අදිනවද ?"
"නැ අතෑරලා දාපන් ඕවා මගේ වැරදි මිසක් වෙන කාගෙවත් නෙමේ "
ඩේව් ඩොක්ටර් දිහා බලලා කියලා නිකන් හිටියේ එයා මතීශගෙන් ගුටිකන්න සුදුසු උනාට මතීශ මේ ලෝකෙන් නැති වෙලා යන්න සුදුසු නැති නිසා ඉවසීම මොන තරමේ අන්තෙක තිබ්බත් සමහර තැන් තියෙනවා ඉවසන්න වෙන .... නැත්තං නොකරපු වරදකට අහිංසක අම්මා කෙනෙක් අඩයි මුලු ජීවිත කාලේම
"බය වෙන්න දෙයක් නෑ හරිම වෙලාවට බෙහෙත් වැටිලා නිසා තුවාල පැසවලා නෑ මේ උන අරන් තියෙන්නේ අධික වෙහෙසයි අවශ්‍ය ශක්තියයි ඇගේ නැති නිසා ඒක සාමාන්‍යයි ..... රයන් පුතා මේකා ගැන ඇලර්ට් එකේ ඉන්න වෙයි "
"ඕකේ අංකල් ..... "
ඩොක්ටර් එයාලා දිහා බලාගෙනම ඉන්න පොඩි කොල්ලට හිනාවක් දාලාම කිව්වේ ඒශාන් තබ්ස් අප් එකක් දීලා එයාගේ ෆෝන් එකට අවධානය දෙද්දි
ඔය අතරේ වැල් අකුරු වලින් නෝට් එකක් ලියලා සාක්කුවේ තිබ්බ සීල් එකෙන් සීල් එක ගහපු ටොඩ් ඒක ඒශාන්ගේ අතට දීලා වෙනම කොලයක බෙහෙත් ලිස්ට් එකක් ලිස්ට් ඩවුන් කරලා ඒක වෙනම ඒශාන්ගේ අතට දුන්නේ මේ දැන් අරන් එන්න කියලා උපදෙස් දෙන ගමන්
"Is he an albino?"
" Don't disurb him old mannn ..... !! "
ටොඩ්ගේ හඩට තමයි මෙච්චර වෙලා තුවාලේ දිහා බලාගෙන හිටිය ඩේව් හැරිලා මෙතුල දිහා බැලුවේත්
එතකොට ඔය උගුර යටින් ඩේව් තදින් මිමිනුවේ ටොඩ්ගේ සද්දෙට බීන් බෑග් එක උඩ ඉදගෙන ආටිෆිශිකල් ෆ්ලවර් බොකි එකක් එක අතකින් අල්ලන් හරි හුරතල් විදිහට නින්දට වැටිලා හිටිය මෙතුල නින්දෙන්ම ඔලුව අනික් පැත්තට හරව ගත්ත නිසා .......
"Okey okey But Tell me, is he an albino?"
"Yes "
කොච්චර කරත් ඩොක්ටර් කෙනෙක් වශයෙන් එයාගේ ඉස්සරහ ඉන්න එයා මෙතුවක් කාලෙකට දැකපු හුරු බුහුටිම ඇලි රෝගියාගෙන් ඇස් ගන්න ඒ ඩොක්ටර්ට බැරිවෙලාද කොහෙද ටොඩ් හිමින් සීරුවේ ගිහින් මෙතුලගේ මූණත් බලාගෙන ආවේ ඩේව්ගේ ගෙරවිල්ල නොදැක්කා වගේ
"මගේ ජීවිතේටම මේ තරන් ලස්සන ඇල්බිනෝ කෙනෙක් දැක්කමයි ..... හිස් ලුක් ලයික් ඒන්ජල් පුතා ..... "
"එක දවසින් ඔයා තේරුම් ගත්ත දේ මට තේරුම් ගන්න මාස තුනහමාරක් විතර ගියා මචං "
ඩේව්ගේ බැන්ඩේජ් එකත් එක්කම යට දාලා තිබ්බ ප්ලාස්ටර් එකත් පරිස්සමින් ගලව ගලව හිටිය ඩොක්ටර් ඩේව් දිහා බැලුවේ මොකක්ද ඒ කියපු හතරබීරි කතාව කියලා දැන ගන්න
"I didn't understand what you meant."
"Nothing, forget about it."
කොහොමහරි ඒත් එක්කම වගේ පල්ලෙහා තට්ටුවේ තියෙන ශොපින් මෝල් එකෙන්ම ඔක්කොම බඩු ටික අරගෙන ආපු ඒශාන් ඒ බඩු ටික ඔක්කොම ඩොක්ටර්ගේ අතට දීලා බීන් බෑග් එක උඩ ඉදගෙන ඇස් පියාගෙන ඉන්න මෙතුලගේ අතට තට්ටුවක් දැම්මේ ඩේව්ගේ දර්ශන පතේ අවහිර කරන ගමන්
අපරාදේ කියන්න බෑ ඒකට තමන්ගේ අකමැත්ත පෙන්නන්න වගේ ඩේව් කටින් දාපු සද්දේ නම් ඇහුනේ පැත්තක හිටිය ඩොක්ටර්ට විතරයි .......
____________________________________
"මේක ...... මේක ..... අඩෝ මේක මරු ...... සීරියස්ලි මේක තිබ්බ එකටත් වඩා මරුනේ ...... "
සොෆී හිටියේ එයාගේ ලැප් එක සෙට්ල් කරලා තියෙන ඔෆිස් ටේබල් එකේ ඉදගෙන එයාගේ ලප් එකෙන්ම ෆයිනල් අවුට්පුට් තුනක් එක දිගට පෙන්නගෙන පෙන්නගෙන ගිය යසිරුගේ පිටි පස්සෙන් හිටගෙන මේසෙට බර වෙලා ..........
නිකන් නෙමේ සොෆීට බාගෙට පිස්සු වගේ පැය හතරක් තිස්සෙම ඔෆිස් රූම් එකේ කවුච් එකේ ඉදගෙන වතුර උගුරක් වත් නොබී එක දිගටම ෆෝන් එකෙන් මොනවද මන්දා කර කර හිටිය යසිරු දිහා බලන් හිටිය සොෆී හිතුවේ යසිරු කාලේ කාලා දාන්න මෙතනට කවදාවත් නැතුව ඇවිත් කියලා
ඒත් මේ දැන් ඒ කියන්නේ විනාඩි දහයකට පස්සේ තමා එයාගේ බිස්නස් මේල් එකට ආපු මේල් එකක් චෙක් කරන්න ගිය සොෆී උඩ විසි වුනේ
මොකද එතන එක ප්ලෑන් එකක් වෙනුවට ප්ලෑන් තුනක්ම තිබ්බා එකකට එකක් වෙනස් විදිහේ අංග සම්පූර්න ප්ලෑන් තුනක් ......
එතකොට ඒ මේල් එක ඇවිල්ලා තිබ්බේ
SulochanaYasi@gmail.com කියන ඊමේල් එකෙන් ......!
එයා විශ්වාස කරා ...... ඔව් එයා විශ්වාස කරා අනිවාරෙන්ම එයාට මේ වෙලාවේ එයා වැටිලා ඉන්න කරදරෙන් බේරෙන්න ක්‍රමයක් ලැබෙයි කියලා ...... එයා විශ්වාස කරා යසිරුව ..... ඒත් යසිරු පොරොන්දු උනාටත් වඩා වැඩියෙන් මේකට මෙච්චර මහන්සි වෙයි කියලා සොෆී හිතුවේ නෑ .....
"ශුවර්ද අඩු පාඩු තියෙනවානම් ඔයාගේ කෲ එක ගෙන්නලා හරි අහන්න මොකද මම අත්දැකීම් අඩු කෙනෙක් මිසිස් ලැනරෝල් ......!!"
යසිරු මවුස් එකෙන් අත අරගෙන එයාගේ ඉස්සරහම තියෙන කලුවර ලීයකින් හදලා ගෝල්ඩ් කලර් එකෙන් නේම්ලයිස් කරලා තිබ්බ Mrs. Lanarolle කියන නේම් ප්ලේට් එක දිහා බලාගෙන කට කොනකින් හිනා වුනේ සොෆී අත්දෙක පපුව හරහා බැදගෙන ඇස් කරකවලා ඔරව ගනිද්දි
ඕකනේ බැරි පොඩ්ඩක් හොඳින් ඉන්න ගියාම මේ හාදයා පැත්තකට වෙලා නිවිලා ඉන්න හදන කෙල්ලව අවුස්සගන්න හදනවානේ
"ඕක මමාගේ! "
"ඉතින් මං ඇහුවද ?"
යසිරු එයා ඉඳන් ඉන්න ස්වයිවල් චෙයාර් එකෙන් වටයක් කැරකිලා සොෆීට මුහුනලා ඉන්න විදිහට නැවතුනේ එයාගේ ඊලග වචන ටික එලියට දාන්න දැනටම සොෆී පුපුරනවා යසිරු ඒකෙන් ආතල් එකක් ගන්නවා .......
සරලයි සුගමයි ......
"මට මදි තාම මේ මගේ බෙස්ට්ම අවුට්පුට් එක නෙමේ මම මේකේ සමහර තැන් ලබන බදාදාට කලින් වෙනස් කරොත් ?? ඔයා ඒකට කැමති වෙනවද ??"
යසිරු ඒක ඇහුවේ ඉල්ලීමක් විදිහට නෙමේ..... හරියට නිකන් උබ අකමැති වුනත් මම කරනවා වයිබ් එකකින් වගේ
කොහොමත් යසිරු හිටියේ එයාගේ ප්ලෑන් එක අවසරයක් තිබ්බත් නැතත් එයාට ඕනිනම් එඩිට් කරනවා කියන මතේ මොකද සොෆී එයාටත් වඩා අත්දැකීම් අඩු කෙනෙක්ගේ තැනට දාලා යසිරු හැම වෙලේම හිතුවේ ......
සොෆී එක ඇහිබැමක් උඩට යවලා එයාට අයිති ස්වයිවල් චෙයාර් එකේම ඉදගෙන කිසිම ගානක් නැතුව කකුලක් පිට කකුලක් දාගෙන ඉන්න යසිරු දිහා බැලුවේ මේකේ වෙනස් කරන්න තව දේවල් ඉතුරුද කියන එක කටින් අහන්නේ නැතුව ..... අනික් අතට ඒක අහපු කැත අඩුම තරමේ මනුස්ස කමට කරොත් කමක් නැද්ද කියලා හරි අහපන්කෝ එව්වා නෑ ......
"Arghh වතුර එකක් මුගේ ඔළුවෙ හැලුවොත් මූ මට වෙන්ස්ඩේ වෙනකොට ප්ලෑන් එක දෙන්නැතුව ඉදීද දන්නෑ රෙද්ද !!"
කටින් කියන්නැතුව හිතින්ම තමන්ට හිතා ගත්ත සොෆී යසිරුට පේන්නම ඇද කරලා ඕන මගුලක් කියලා ඔලුව වැනුවේ එයාට කොහොමත් අකමැති වෙන්න හේතුවක් ඇත්තේ නැති නිසා
"මං මට ඕනි දේ කරාට අවුලක් නෑ කියන එක ඔයාගේ සයිලන්ට් මොඩ් එකෙන් මං තේරුම්ගන්නම් එහෙනම් "
සොෆී නලල රැලි කරලා ශෙයාර් හෝල්ඩර් කෙනෙක් වශයෙන් තමන්ගේ මමාට අයිති ඒත් එයා වැඩිපුර පාවිච්චි කරන ස්වයිවල් චෙයාර් එකේ යසිරුටම ඉන්න දීලා ඉස්සරහින් තියලා තිබ්බ බ්ලැක් චෙයාර් එකෙන් ඉඳ ගත්තේ යසිරු ආයෙම ඇස් ලැප් එක දිහාවට හරව ගනිද්දි ......
"මන් හිතනවා ඔයා ලගදිම මගේ යටතේ වැඩ කරයි කියලා ..... "
සොෆී එයාගේ ඇල්ෆා කට් කපලා තිබ්බ කොන්ඩේ උඩට කර ගන්න ගමන් යසිරු දිහා බලන ගමන් අත් දෙක උඩින් ඔලුව තියා ගත්තේ ක්ශනිකවම යසිරු කට කොනින් හිනා වෙලා ටේබල් එක උඩ තිබ්බ වොලට් එකයි බයික් එකේ කී එකයි අතට අර ගනිද්දි
"May be ...... හැබැයි ඒ ඔයාගේ යටතේ නම් නෙමේ ලැනරෝල් හෝල්ඩින්ග්ස් එක යටතේ හරි මිස්ටර් ශෙහාන් රත්නායක යටතේ හරි ....... "
යසිරු ස්වයිව්ල් චෙයාර් එකෙන් නැගිටලා යන්න ගියේ සොෆී අතට අහු උන යසිරුගෙම කැප් එකෙන් යසිරුට දමලා ගහද්දි
අපරාදේ කියන්න බෑ සොෆීගේ ඉලක්කේ කොච්චර හොදද කිව්වොත් කැප් එක කෙලින්ම ගිහින් නැවතුනේ යසිරුගේ එක අතක ඇඟිලි අතර රැදවිලා .......
යන්න ගියපු ගමන ආයෙම හැරිලා සොෆී ගාවටම ඇවිදගෙන ආපු යසිරු සෙන්ටිමීටර් ගානක පරතරයක් තියන් බ්රේක් ගැහුවේ සොෆී ඔෆිස් ටේබල් එකටම ඇලිලා පිටි පස්සට වෙලා පරතරය හදා ගනිද්දි
"මොන මඟුලක් කරනවද මන්දා !! "
"උත්සහය හොඳයි ප්‍රතිඵලය අසාර්ථකයි කෙල්ලෙක්ට යටත් වෙන එක ...... That's not my type ...... යන්නම් කෙල්ලේ හෙට හම්බෙමු...... "
"Arghhh තමුසෙගෙත් ඔක්කොම හොඳයි ඔය ලොකු ලයින් එක නැත්තං ....... මටත් තමුසෙව ඕනි නෑ මගේ යටතේ වැඩට ගන්න ...... අනික ...... අනික ඔයා මට මම කෙල්ලෙක් කියන එක හැම වෙලේම මතක් කරන්න ඕනි නෑ මට ඒක මතකයි !!"
සොෆී දත් මිටි කාගෙන කියවගෙන කියවගෙන ගිහිල්ලා යසිරුව තල්ලු කරලා දාලා එයාගේ චෙයාර් එකෙන් ඉද ගත්තේ යසිරු කින්ඩියට හිනා වෙලා එයා යන්න හදපු ගමන යන්න හැරෙද්දි
"ඕහ් සීරියස්ලි ඔයා හැසිරෙන්නේ ඔයාට ඒක අමතකයි වගේනේ මම මනුස්සකමට කරන උදව්වක් වශයෙන් ඔයාට ඔයා කෙල්ලෙක් කියන එක මතක් කරන්නම් ගුඩ් නයිට් කෙල්ලේ "
____________________________________________________________
හලොව් කොහොමද ඔයාලට
හොඳින් ඉන්නවතේ
බැලන්සින් චැප්ටර් එකක් !
ඊලග කොටසින් සප්‍රයිස් වෙමු ......හාත 👉👈
ඒත් ඊලගට UTI දීලා තමා මේකෙන් එන්නේ කමක් නෑ නේ 👉👈
කතාවේ අඩු පාඩු තියෙනවද ළමයි ?
තියෙනවානම් කියන්න ...... 🥲
මට හොදටම දොයිය පුතා මතයි අපීඉලග දවසේ කතාකරමු හාද
Good night
(Dew ට වගේ ඔලුව අත ගාන්න එකෙක් හිටියානම් අපිත් අද හදේ බන් )
P.S : මෙය මාගේ හිතලුවක් වන අතර මෙහි සදහන් සියලුම දෑ මනඃකල්පිත වේ . තවද කතෘ අයිතිය සුරකින ලෙසද කාරුනිකව ඉල්ලා සිටිමි
ගිහින් එන්නම්
Hope will enjoy gyzz ❤️
AKESHI 𓆉︎
You are reading the story above: TeenFic.Net