29. 🤍

Background color
Font
Font size
Line height

ඩේව්, සිතිජ, යසිරු, චාරුක වගේම පසනුත් පෝලිමට හිටගෙන ඉන්නේ චාන්ස්ලර්ගේ ඔෆිස් රූම් එකේ අත් දෙක පිටි පස්සට බැදන් බිම බලාගෙන

පිලිවලට ගත්තම ඩේව් හිටියේ නලල බැන්ඩේජ් කරලා වම් අත සම්පූර්නෙන්ම බැන්ඩේජ් කරගෙන ඉන්න ඕනිවට හිටගෙන හිටිය මිසක කොල්ලාට දැන් ඕන හොද රෙස්ට් එකක් කියලා මූන බැලුවම පේනවා කොහෙද ඉතින් දැන් පැයක් තිස්සෙම චාන්ස්ලර් දේශනේ දෙනවානේ කන ගොස වෙන්නම

හැබැයි ඉතින් කොල්ලගේ තොල පැළිල කම්මුලක් ඉදිමිලා ගිහින් උනත් පොරගේ නෙමේ සමාව අයදින බැල්මක් වත් අඩුම තරමේ ඇස් වල තිබ්බේ ......

චාන්ස්ලර් කොල්ලා දිහා බලපු හැටියෙම ඩේව් අහක බලාගත්තා .......මොනා උනත් ස්ටුඩන්ට් යූනියන් එකේ නොමිනේටඩ් ප්‍රසිඩන්ට් හැටියට එයා මේ චාන්ස්ලර් ඉස්සරහා ඉන්න විදිහ කොහෙත්ම චාන්ස්ලර් ඉස්සරහා ඉන්න සුදුසුම නැති විදිහක් ඩේව් හොදටම දන්නවා මේ ගෙන්නුවේම පට්ටමට වැඩේ දෙන්න තමයි කියලා ......

සිතිජ ගත්තොත් කොල්ලගේ ඇහැක් යට නිල් වෙලා තොලත් පලිලා කොල්ලා වෙනදට ජෙල් කරලා හදාගෙන එන කොන්ඩේ අද ඔහේ මූනට වැටිලා තියෙන්නේ සම්පූර්නෙන්ම අර නිල් වෙලා තියෙන ඇහැ වහගෙනම වගේ කොල්ලා ඉන්නේ වරද බාරගෙන බිම බලාගෙන මෙතනින් එලියට යන්නේ කියටද කියලා ගණන් කර කර වගේ

එතකොට යසිරු ...... ඊයේ වැදිච්ච පාරකට පිං සිද්ධ වෙන්න එයාටත් අනික් අයගෙන් වැඩි වෙනසක් නැති වෙන්නම විරූපි මූනක් නම් හම්බෙලා තිබ්බා මොනවා නැතත් වම් කම්මුලේ පොඩි තුවාලයක් තොල අගිස්ස පැළිල නිකන් හොල්මන් වගේ

චාරුකගෙයි පසන්ගෙයිත් වැඩි වෙනසක් නෑ උන් දෙන්නගෙත් නකල් බැන්ඩේජ් කරලා තොල් පැලිලා මූණු තුවාල වෙලා මෙතන නැත්තේ එකයි ඌ තාම හොස්පිට්ල් එකේ ...... අපරාදේ කියන්න බෑ නහය කඩාගෙන හොස්පිටලයිස් වෙලා ඉන්න නිසා පේශල විතරයි මේ අවස්ථාවට මුහුන දීලා චාන්ස්ලර්ගෙන් කුණු බැණුම් අහ ගත්තේ නැත්තේ !!

"හරි වීරයෝ නේද තොපි ..... තැනක් නොතැනක් නැතුව කෙලගෙන දැන් ඉන්නවා හිටගෙන !! "

දැන් විනාඩි පහක් තිස්සෙම කොල්ලෝ පස් දෙනා දිහාම එකින් එක බලපු චාන්ස්ලර් නැගිටලා ඇවිල්ලා අත් දෙක පිටි පස්සට බැදන් හිට ගත්තේ ඩේව් ඇරෙන්න අනික් හතර දෙනාම පට ගාලා බිම බලා ගනිද්දි

චාන්ස්ලර්ට උනත් දැන් බැනලාම එපා වෙලා දැන් පැයක් තිස්සේ බැන්නත් වැරැද්ද භාරගන්න එකෙක් හ්ම් සද්දයක් කිව්වේ නෑ හැබැයි චාරුකයි ඩේවුයි සමාව නොඉල්ලුවට හැබැයි අනික් තුන් දෙනා සමාව නම් ඉල්ලුවා

"කියන්න මොනවා හරි තියෙනවද?? ......  සිතිජ යසිරු තමුසෙලා දෙන්නගෙන්නම් මං ජීවිතේට මේ වගේ දෙයක් බලා පොරොත්තු වුනේ නෑ තමුසෙලා දෙන්නා ඒ තරමට හොද විදිහට හැසිරුනේ මොනාද අයිසේ මේ කරන විගඩම් වැඩ ?? බබ්බු කියලද හිතන් ඉන්නේ ??"

"සමාවෙන්න සර් "

ඒ හීනියට ඇහුනේ යසිරුගේ කටහඩ ඇත්ත ඇත්ත චාන්ස්ලර්ගේ අතින් හැම පාරම බැච් ටොප් වෙච්ච සහතිකේ ගත්තා මිස නිය තුඩක වැරැද්දකට කවදාවත් චාන්ස්ලර්ගෙන් බැණුම් අහපු නැති අය අතර උඩින්ම හිටියේ යසිරු .....

මේක ඇතුලේ ඩේව් එක්ක වලි දාගත්තට ඒවා දුරදිග ගිහින් චාන්ස්ලර් ගාවටම යන ඒවා නොවුන නිසා අවුලක් ගියේ නෑ නේ

"සමාව ඉල්ලුවම ඔක්කොම හරිද අයිසේ දැන් මං කොහොමද අරුන්ට මූන දෙන්නේ "

"මූන දෙන්න බැරිනම් පුක දීපන් "

ඒ චාරුක යසිරු ගැස්සිලා ගිහින් එහා පැත්තේ හිටිය චාරුක දිහා බැලුවේ සිතිජ අත මිට මොලවලා චාරුකගේ ඉල ඇට කූඩුවට පන්ච් කරද්දි ...... කොහෙද චාරුක චාන්ස්ලර්ට නොපෙනෙන්න විරිත්තලා ආයෙම බිම බලා ගත්තේ බෙල්ල කැපුවත් කියන්න ඕනි එක කියන එක කියනවාමයි කියලා උගේ තියෙන ප්‍රතිපත්තියට හිස නවන ගමන්

හොද වෙලාවට චාන්ස්ලර්ට ඇහුන්ණෑ නැත්තන් බලාගන්න තිබ්බා මෙතන කස්තිරමක් එහෙම හොද !!

අපරාදේ කියන්න බෑ චාරුකගේ නගරං කට මෙතනදිත් වැහිලා නෑ පොඩ්ඩක් වත් දෙයියනේ කියලා අර අනික් පාදඩයා පේශල මෙතන නැති එක ගැන සිතිජයි යසිරුයි දෙයියන්ටත් පිං දුන්නා එහෙමට කටවල් එව්වා

"සොරි සර් "

"තමුන් ........  තමුන්ගේ විකාර ඇති වෙලා මොන මගුලක්ද මිනිහෝ මේ ??  අර බලනවා අර රාක්කේ ඒ රාක්කෙන් බාගෙට බාගයක් තියෙන්නේ ශැනෝන් ඩී රෝයිට අයිති ට්‍රෝෆි ඒක නිසා මම ස්ටුඩන්ට් යූනියන් ප්‍රසිඩන්ට් විදිහට තමුන්ව නොමිනේට් උනාට සතුටු උනා ඒත් මට පේන්නේ මම ගත්ත තීරනේ ආපස්සට හිතලා බලන්න වෙයි කියලා මට හිතෙනවා ..... "

හරි ඩේව් නිකන්ම නිකන් හුස්මක් පහත දැම්මා විතරයි කොහොමත් දැනගෙනම තමා ආවේ අදනම් පට්ටම ගැලවිලා යන එක යනවමයි කියලා ඒක නිසා පොරට වැඩිය ගානක් ගියේ නෑ

අනික මේ පට්ටමක් වෙනුවෙන් චාන්ස්ලර් ඉස්සරහා උනත් පිං සෙණ්ඩු වෙන්න නෝ නෙවර් කවදාවත් නෑ ඒක කවදාවත් ඩේව්ගේ අතින්නම් වෙන්නෑ .....!! 

"සර් !! "

"මිස්ටර් විජේසූරියට කැමත්තක් කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ "

සිතිජ ශොක් උනා සිතිජට අනුව ඩේව්ව හදා ගන්න තිබ්බ ලේසිම ක්‍රමේ තමා මේ ස්ටුඩන්ට් යූනියන් එකේ ප්‍රසිඩන්ට් පට්ටම දැන් ඒක නැති උනොත් අනිවාරෙන් ආයෙම පරන පුරුදු ට්‍රැක් එකට ඩේව් වැටෙනවා කියලා කොල්ලා දන්නවා

ඒ කොහොම උනත් සිතිජ කෑ ගහපු එක වත් වැඩිපුර ගනං නොගත්ත ඩේව් චාන්ස්ලර් දිහා බලලා නිකන්ම කියලා දැම්මේ චාන්ස්ලර් එයාගේ උඩු රැවුල අතින් පිරි මද්දි

"එක්ස්කියුස් මී සර් මට දෙයක් කියන්න තියෙනවා!"

යසිරුට දෙයක් මතක් උනා ..... හැමෝම කර කියා ගන්න දෙයක් නැතුව මාරුවෙන් මාරුවට චාන්ස්ලර් දිහයි ඩේව් දිහයි බල බල ඉන්න අතරේ යසිරුට එකම එක දෙයක් මතක් උනා

ඔව් අර CCTV ෆෝටේජ් එක !!

මෙතනට ගෙන්නපු ගමන්ම චාන්ස්ලර් කරේ ඊයේ SSC එකේ කාර් පාක් එකේ උනු රන්ඩුවේ CCTV ෆෝරේජ් එකක් පෙන්නපු එක ඊලගට කරේ බල්ලොන්ට වගේ බැනලා ගිහින් පුටුවේ ඉදගෙන ආයෙම එයා CCTV ෆෝටේජ් ටික බලපු එක

ඉතින් යසිරුට මතක් උනේ CCTV ෆෝටේජ් එකේ යසිරුවයි පසන්වයි චාරුකවයි හොදටම නෝට් වෙලා තිබ්බට ඩේව්වයි සිතිජවයි පේශලවයි වැඩිය නෝට් වෙලා නොතිබ්බා කියන එක

අවස්තාවට අනුව හැරෙන අතට ප්ලෑනක් ගහන මොලයක් උපතින්ම ලැබිලා තිබ්බ යසිරු අවදානමක් අරගෙන ප්ලෑන් එකක් හිතේ ගහ ගත්තේ තත්පර දෙකට මේකෙන් එයාට මොන ජාතියේ දඬුවමක් ලැබෙයිද කියලාවත් කොල්ලා හිතුවේ නෑ

අනික් අතට මේ අහක යන නයෙක් කොල්ලා රෙද්ද අස්සේ දාගන්න යන්නේත් !!

ඉතින් මිනිහට දැන් කරන්න ඕනි දේ ගැන ක්ලික් වෙනකොට පොර චාන්ස්ලර්ගෙන් අවසර ඉල්ලුවේ එයාගේ ප්ලෑන් එකට හරියන්න කතා කරන්න ඕනි වචන ඔලුව ඇතුලෙන් පෙල ගස්සන ගමන්

"......."

චාන්ස්ලර් කරේ නිහඩවම යසිරුට අවධානය දුන්න එක විතරයි කොහොමත් දැන් දෙන්න ඕනි දඬුවම් එහෙම ගානට තිතට මොලේට අරන් ඉන්නේ ඒ මැදි වියේ මනුස්සයත්

"හොඳයි සර් ඇත්තටම එතන උනේ සර් හිතන් ඉන්නවා වගේ දෙයක් නෙමේ මම කියන්නම් ඇත්තටම එතන වෙච්ච දේ රන්ඩුව ඇදගත්තේ මම සර් ....... "

ඩේව් ක්ශනිකව බැලුවේ යසිරු දිහා මොකද මෙතන මේ වගේ දෙයක් යසිරු කියයි කියලා ඩේව්ට නෙමේ එතන හිටිය කිසි කෙනෙක්ට අංශු මාත්‍රයක් වත් හිතුන්නෑ

යසිරු ඩේව් දිහා බලලා චාන්ස්ලර්ට නොපෙනෙන්න එයාගේ තොල් වලට ඇඟිල්ලක් තියන් ඩේව්ට නිශ්ෂබ්ද වෙන්න කිව්වේ ඩේව් යසිරු කියන්න හදන්නේ බොරු කියලා දඬුවම බාර අරන් පැත්තකට වෙන්න ඉස්සරහට අඩියක් තියන්න හදද්දි

ඩේව්ගෙන් පටන් ගත්ත පුදුමය පිරුණු බැල්ම පෝලිමට අනික් කොල්ලෝ තුන් දෙනා අතරත් බෙදිලා ගියේ යසිරු කරන්නේ මොකක්ද කියලා කාටවත් හිතා ගන්න බැරි උන නිසා

"බොරු කියන එක නවත්තනවා මිනිහෝ තමුන්ලා දෙන්නා අතනට යනකොටත් එතන මර යුද්ධයක් "

ඩේව් ආයෙම ලොකු හුස්මක් පහත දාද්දි තත්පර දෙකට යසිරුයි සිතිජයි බැල්මවල් දෙකක් හුවමාරු කර ගත්තේ කට කොනින් හිනා වෙන ගමන්

සිතිජ බැලුවේ ඩේව් දිහා ...... එයා කවදාවත් යාලුවාට නරකක් වෙන දෙයක් කරන්නේ නෑ ඉතින් එයා ලොකු හුස්මක් අර ගත්තෙ ටෙන්ශන් එකෙන් මිදෙන්න වගේ

"සර් ඇත්තටම එතන බහින් බස් වීමක් උනේ අපි ගොඩින් බේර ගන්න හැදුවට හරි ගියේ නෑ මෙතන සම්පූර්න වැරැද්ද මගේ මමයි **** යුනිවර්සිටි එකේ මතීශයි අතර තමා බහින් බස් වීමක් ගියේ අන්තිමට උන් ගොඩින් බේර ගන්න ගිය අපිට ගැහුවා ඒක දැකලා ආපු යසිරු තමා රන්ඩුව ඇදගත්තේ ඒකත් අපිව බේර ගන්න ඕනි කමට ඩේව් එතන හිටියේ නෑ සර් අන්තිම වෙනකං .....එයා ආවේ අන්තිමට ඒකත් එයාගේ යුනිවර්සිටි එකේ ලමයිනව බේර ගන්න මිසක් රංඩු වෙන්න නෙමේ නමුත් ඌත් ගුටි කෑවා අපි නිසා අපිට ඕනම පනිශ්මන්ට් එකක් දෙන්න සර් ඒත් උගේ කිසි වරදක් නෑ !!"

සිතිජ එක හුස්මට කියාගෙන කියාගෙන ගිහිල්ලා යසිරුදිහා බැලුවේ යසිරු ශේප් එකේ තබ්ස් අප් එකක් සිතිජට පෙන්නලා චාන්ස්ලර් දිහා බලද්දි

ඩේව් ඉන්නේ ඒ මොන ජාතියේ බොරුවක්ද කියලා හිතාගන්න බැරුව චාන්ස්ලර්යි සිතිජයි දිහා මාරුවෙන් මාරුවට බලන ගමන් මොකද පැහැදිලිවම එතන රංඩුව ඇද ගත්තේ එයයි මතීශයි මිසක් සිතිජයි මතීශයි නොවෙන නිසා

"ම්ම්ම් ගන්නවකෝ මේ ලියුම් පහ ආ මේක අර හොස්පිට්ල් එකේ ඉන්න හාදයාට එහෙනම් තව මාසෙකින් මේ පැත්තේ වරෙල්ලකෝ දැන් පලයව් තවත් වද නොදි !! "

ලියුම කඩන්න ඕන්නෑ සස්පෙන්ඩ් විල්ලක් කියලා හොදටම දන්නවා ඉතින් ඒත් චාන්ස්ලර්ගේ ඔෆිස් එකෙන් එලියට ආපු හැටියෙම සිතිජ ලියුම කඩුවේ ඇත්තටම මාසයක පන්ති තහනමක් වැටිලද බලන්න

"බලන්න දෙයක් නෑ කැම්පස් වෙබ් එකේ නෝට් එක දාලා ඩේව්වාට විතරයි සස්පෙන්ඩ් එක වැදිලා නැත්තේ "

චාරුක කියද්දි යසිරු නම් ලියුම දෙකට නවලා සාක්කුවේ ඔබා ගත්තේ බෙල්ල දෙපැත්තට හරවන ගමන් එක දිගටම බිම බලන් ඉදලා බෙල්ලත් ඇමැට්ටි වෙලා වගේ

"තොපිට පිස්සුද ඇත්තටම මාව බේරලා සති දෙකේ සස්පෙන්ඩ් එක මාසෙකට ඇද ගත්තේ ඇයි ? "

ඩේව් ඇහුවම සිතිජනම් කරේ මැද ඇගිල්ල පෙන්නලා කොට තාප්පයක් උඩින් ඉදගත්ත එක එයා ඕවාට උත්තර දෙන්න ගිහින් බැරි වෙලා හරි අතින් පයින් ඩේව්ට පාරක් දෙකක් වදී කියන බයටම කට පියන් ඉන්න පොර තීරනේ කරා හැබැයි යසිරු නම් නිකන් හිටියේ නෑ කොල්ල කින්ඩියක් දාලා පසන්ට හේත්තුවකුත් දැම්මා

"උබව බේරන්න තරන් පුකේ අමාරුවක් මට තාම ඇවිල්ලා  නෑ කොහොමත් එතන රංඩුව ඇද ගත්තේ මමනේ උබලා ගුටි කාඋ එකනේ කරේ මම මගේ වරදට දඬුවම බාර ගත්තා ඒ කොහොම උනත් අදාල නෑ මගේ මිස් වෙන නෝට් හැමදාම හවසට මගේ ගෙදරට ගෙනත් දියල්ලා පසනා යමන් දෝනිගෙන් බැණුම් අහන්න "

"අපි ඉවරයි හත්තෝ මුන්ට නම් බයින්න එකෙක් නෑනේ අපිට ඉන්නවානේ අපේ ගෑනි පට්ටම අර ගත්ත එකියෙක් "

පසන් අදෘශ්‍යමාන කඳුළු බිංදුව පිහ ගත්තේ මිනුශිව මතක් වෙලා යසිරුගේ කියලාත් වෙනසක් නෑ දෙන්නම ඉන්නේ චාන්ස්ලර්ගෙනුත් බැනුම් අහලා හොඳම යාළු පරානෙගෙනුත් අහ ගන්න යන්න ලෑස්ති වෙලා

"දැන් ඉතින් ගෙවල් වලට යමල්ලා චාරුකයා අඩෝ උබව SSC එක ගාවින් හලන් යන්නම් උබ මුගේ බයික් එක ගෙනල්ලා දාපන්කෝ මුගේ එපාර්ට්මන්ට් එකට "

"එලම "

සිතිජ ඊයේ දවල් ඉදන්ම SSC එකේ කාර් පාක් එකේ තියෙන ඩේව්ගේ බයික් එක මතක් වෙලා කිව්වේ යසිරුයි පසනියි එතනින් අයින් වෙලා ගියාට පස්සේ කොහොමත් දැන් ඉතින් මෙතන රැකන් ඉදලා වැඩක් නෑනේ

මොකෝ රැකගෙන හිටියා කියලා සස්පෙන්ඩ් එක අයින් වෙනවයෑ

"ඩැඩා දන්නෑනේ ??"

"ම්හ් උබ දන්නවානේ අංකල් එඩී දන්නවානම් මෙලහකට සලු පාලිය නටලා කියලා "

"මතීශලාට ඇප දීලද ? "

"ඔව් ඔව් "

සිතිජ මේ උත්තර දෙන්නේ ඩේව්ව අපාර්ට්මන්ට් එකට ගිහින් දාන්න බම්බලපිටියට යන ගමන්

"අපේ ගෙදර යමන් බල්ලෝ අර උබේ ගුහාවේ තේකක් හදන්න බලු බල්ලෙක් නෑ උබ ඇතුලේ මැරුනත් අපි දන්නේ පහුවදාට රූම් සර්විස් එකෙන් කෝල් කරොත්"

"මාව ගෙදර ගිහින් දාපන් සුහා "

"යැයි යැයි යැයි තමුසේගේ අන්ඩක් කැඩිලත් මහන්තත්ත කම බහින්නෑනේ ඕන මඟුලක් කර ගනිං රෙද්ද !!"

ඩේව් දිහා ඔරවලා බලලා වාහනේ බම්බලපිටිය රේල්වේ එකත් පහු කරන් දිගටම කොල්ලා කම්මුලට අතකුත් ගහන් ඩ්‍රයිව් කරේ තොල රිදෙන නිසා අනික් අතට ඩේව් පැසෙන්ජර් ශීට් එකේ හෙඩ් එකට ඔලුව තියාගෙන කල්පනා කරේ ඉන්දීවරීවයි ඉන්දීවරීගේ චූටි පුතාවයි පැහැරගෙන ආවොත් යසිරු එයාට වහ දෙයිද නැත්තන් පිහියකින් අනීද කියලා 

ඩේව්ට දැන් ඇත්තටම යන්න ඕන එයාගේ ගෙදරට නෙමේ ඉන්දීවරී ගාවට ගිහින් ආන්ටි බඩ ගිනී කිව්ව ගමන් කලබල වෙලා එහෙට මෙහෙට දුවන ගමන් කෑම හදන ඉන්දීවරීගේ රසම රස කෑමක් ඉන්දීවරීගේ චූටි පුතාට කියලා කවා ගන්න

ඒත් කොහෙද ඉන්දීවරි හොස්පිට්ල් එකේ මෙතුල විතරනේ ගෙදර

"මේන් උබේ සුදු බබා කෝල් කරනව "

"උබටනේ ගන්නේ මට නෙමේනේ "

ඩේව් ඇස් යටින් සිතිජ දිහා බලලා ශටර් එකෙන් එලිය බලා ගත්තේ සිතිජ කෝල් එක ආන්සර් කරලා කනින් තියාගෙන ඩ්‍රයිව් කරද්දි

"ආහ් ..... හෙලෝ කියන්න දීපන්කෝ ඩේව්ගේ සුදු බබෝ "

".........."

සිතිජ ආයෙම පාරක් කොන්ඩේ මූනට වැටෙන නිසා අතින් උඩට කර ගෙන කනට ෆෝන් එකත් තද කරන් කාර් එක දකුණට හැරෙව්වේ ඩේව්ගේ එපාර්ට්මන්ට් එකට යන ශෝට් කට් එකක් එතනින් තියෙන නිසා

"ඔව් ඔව් ඔව් සුජු ඇයියා මෙචන චමා "

"......."

"ආ වැඩ නැතුව ඇති එහෙනම් ඒකනේ ඒකනේ "

"............"

"ආ ඒක හොදයි සුදු බබා මූට මම කිව්වා අපේ ගෙදර යමන් කියලා අහන්නෑනේ "

ඩේව් සිතිජ දිහා බැලුවේ ඒශාන්ට මූ මොකද සුදු බබා සුදු බබා ගාන්නේ කියලා දැන ගන්න කොහෙද පොර ඩේව්ගේ සුදු බබා එක්ක සෑහෙන්න ලොකු සංවාදයකනේ !!

"..........."

"හරි හරි ..... "

"..........."

"බායි !"

කෝල් එක ඉවර වෙනවත් එක්කම දෙයියනේ කියලා ඩේව්ගේ ප්‍රයිවට් අපාට්මන්ට් එක තියෙන අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එක ඉස්සරහම සිතිජකාර් එක බ්‍රේක් කරේ ඩේව් සීට් බෙල්ට් ගලවද්දි

"මාත් එන්නම් ඔහොම ඉදින් "

"ඕන්නෑ උබ පලයන් සුහා අරූ ආවොත් සිකියුරිටි එකෙන් යතුර තියන්න කියන්න පරිස්සමින් පලයන් "

සිතිජට මුකුත් කියන්න නොදී කාර් එකෙන් බැස්ස ඩේව් තුවාල අතත් එක අතකින් අල්ලන් එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් උනේ සිතිජට ඒශ් එනවා කිව්වා කියලා කියන්නත් ඒකෙන් මේකෙන් අමතක වෙලා යද්දි

________________________________

'I love it when you call me señorita
I wish I could pretend I didn't need ya
But every touch is......... '

"හ්-හෙලෝ ඒශ් "

මෙතුල එයා මෙච්චර වෙලා Canson Mi-Teintes Drawing Paper එකක ඇද ඇද හිටිය ෆීමේල් වෙඩිං ඩ්‍රෙස් එක යටිනෙයාගේ කිටුට් සයින් එක දාලා කොලේ පරිස්සමින් පැත්තකට කරලා ෆෝන් එක අත් දෙකෙන්ම අල්ලන් ඒශාන්ගෙන් ආපු කෝල් එක ආන්සර් කරා

"බියුටියා ගමනක් යන්ද ? "

"කොහෙද ? "

"යන්කෝ අනේ "

"අ-අයියා ගෙදර ආවේ නෑනේ ඒ-ඒශ් !"

මෙතුල කියන්නේ ඇත්ත කොල්ලා තනියම ගෙදර ඉන්නේ දැන්දොර ලොක් කරන් එලියට ගියොත් දෙයියනේ කියලා ගෙදර අනික් දෙන්නට පුළුවං මෙතුල එනකන්ම මදුරුවෝ තල තල එලියට වෙලා නම් ඉන්න

"ආ එයාට දැන්ම එන්න වෙන්නෑ බියුටි අපේ සොෆීගේ වැඩේට එයාව අද රෑ වෙනකං සොෆී හිර කූඩුවක දානවා කිව්වා අනේ  "

"ඒත් ......"

"යන්කෝ අනේ මං ආන්ටිගෙනුත් කෝල් කරලා ඇහුවා ආන්ටිත් හා කිව්වා මන් විනාඩි දහයෙන් ඔතන ලෑස්ති වෙලා ඉන්න උම්මා ලව් යූ සී යූ සූන් බියුටි "

ටීක් ටීක් ටීක්

උනේ මොකක්ද කියලාවත් හිතා ගන්න බැරි අහිංසක කොල්ලා ෆෝන් එක අතින් අල්ලන් දෙපාරක් විතර ටොං ටොං ගාලා ඇහි පිල්ලම් දෙකකුත් ගහලා ආයෙම ෆෝන් එක දිහා බලලා වෝල් ක්ලොක් එක දිහත් බැලුවේ ඒශාන් විනාඩි දහයෙන් ලෑස්ති වෙන්න කියලා කිව්ව නිසා

"අනේ මන්දා එයත් "

____________________________________________________________

හෙලෝ

Happy New year gyzz 🤍

පරන අවුරුද්දේ අන්තිම අප්ඩේට්ටුව UTI එකෙන් නිසා අලුත් අවුරුද්දේ පළවෙනි අප්ඩේට්ටුව ලිලීගෙන් !!

බැලැන්සින් චැප්ටර් එකක් ඒක නිසා වැඩිය හිතන්න එපා ඊලඟට යන්කෝ ඩේව්ට ආවතේව කරන්න එහෙම👉👈

ඩේව් ඇරෙන්න පහක් මාසයක සස්පෙන්ඩ් එකක් කාලා ඉන්නේ ඊලඟට ඉතින් කැම්පස් පාටි එහෙමත් තියෙන්නයි යන්නෙහ් !! 👉👈

අපි යන් ඩේව්ගේ හැඟීම් හොයාගන්න චාරිකාවකුත් යන්ද ඇහ් ඔයාලා කැමතිනම් මාත් කැමති බස් එකක් හයර් කරන්න වෙයි නේ ගොඩක් ඉන්නවානේ 👉👈

සිතිජට දෙන්න තියෙන්නේ පුක පුපුරන්න ඩේව්ගේ සුදු බබාට සුදු බබා කියලා කියනවට නේතේ 🌚

ඉතින් ඉතින් කොහොමද

ඔයාලා හොඳින් ඉන්නවා නේත

කතාවේ අඩු පාඩු තියේද තියේනම් කියන් යන්නලා අනේ

P.S : මෙය මාගේ හිතලුවක් වන අතර මෙහි සදහන් සියලුම දෑ මනඃකල්පිත වේ . තවද කතෘ අයිතිය සුරකින ලෙසද කාරුනිකව ඉල්ලා සිටිමි

ගිහින් එන්නම්



(මේ අර ආට් එක )

Hope will enjoy gyzz ❤️

AKESHI 𓆉︎







You are reading the story above: TeenFic.Net