10. 🤍

Background color
Font
Font size
Line height

"මේ මද්‍යපානේ බීම ජොලිය ගෑනු නොදන්නේ ආ ආහ් ගෑනු නොදන්නේ ... ඩේව් ... මචෝ ... ඩේව්වෝ ... ඕයි ... යකෝ ... මිනිහෝ ... මූට මක් වෙලාද පේශල"

ග්‍රවුන්ඩ් එකේ සිතිජ තනියම ප්‍රැක්ටිස් කරවද්දි ඩේව් සික් රූම් එකේ ඉඳන් ආපු හැටියෙම පුටුවක් තියන් දනිස් දෙක උඩින් අත් දෙක තියාගෙන ඔලුව බිමට නවාගෙන හිටියේ දැකපු දේවල් විශ්වාස කරනවද නැද්ද කියලා වත් හිතාගන්න බැරි මනසකින් ...

ඩේව් ඉදගෙන ඉන්නවා දැකපු ඩේව්ගේ ගැන්සියේ කොල්ලෙක් සිංදුවක් කියාගෙනම ඇවිත් ඩේව්ට කතා කරත් ඩේව් නෙමේ හැරිලා වත් බැලුවේ

"ඩේව් ... මචං .... "

පේශල කියන කොල්ලා ඩේව්ගේ උරහිසට තට්ටුවක් දැම්මහම තමා ඩේව් ගැස්සිලා ගිහින් මේ ලෝකෙට ඇවිල්ලා පුරුදු බැල්මම පේශලට දීලා අත් දෙක පපුවට බැදගත්තේ

"මොනාද බොසා කල්පනාව ...මල් පාරක් ගහලා නිදහසේ පීනන ක්‍රමයක් ගැනද නැත්තං අලුත් පොසිශන් එක්කට බඩුවකට ගහන්නේ කොහොමද කියලද ? "

පේශල එක්ක සින්දුවක් කියාගෙන ආපු අනිල් කොල්ලා චලන ... මිනිහා ටිකක් කටකාරයි කියලා හොද හැටි පේන්න තියෙනවා ඒ කටේ හැටියටම

"මම බඩු ගහන්නෑ "

"ඔව් ඉතින් උබ ගැහුවොත් ගහන්නේ බ්‍රෑන්ඩ් නිව් අපි ගාවට එනකොට උන් බඩු වෙන එකනේ දුක "

ඩේව්ගේ උත්තරෙන් සෑහීමකට පත් උනා වගේ චලන අත් දෙක විසික් කර කර ඔහේ කියවගෙන ගියේ ඩේව් නැගිටලා ක්ලැප් කරද්දි

"කෙල්ලෝ ටිකව අරන් පලයන් මෙතන වොලිබෝල් ,නෙට් බෝල් ගහන්න පුලුවන් කොල්ලෝ කෙල්ලෝ ටික අර පැත්තට..... ඉන්ඩෝර් ස්පෝට්ස් අම්.... බැඩ්මින්ටන් ,චෙස් වගේ ගහන්න පුලුවන් එවුන් අව්ටර් කොලේජ් ජිම් එකට යන්න ... ඒක නිසා උන් මෙතනින් යන්න ...ක්‍රිකට්, රගර්, ෆුට්බෝල් ගහන්න පුලුවන් එවුන් අර කොනටත් පලයව් ....උන් ටික ඇරෙන්න අනික් උන් ක්ලාසස් වලට පලයව් ..  "

මුලු ග්‍රවුන්ඩ් එකේම ළමයි තුන්සීයකට වඩා හිටියත් ඩේව්ගේ වචන ඒ හැම කෙනාටම මයික් නැතුවත් ඇහුණා ... ඒක හරි ගාම්බීර අහන් ඉන්න බය හිතෙන කට හඬක් ...

ඩේව් කිව්ව පමාවට කෙල්ලෝ කොල්ලෝ ටික වෙන වෙනම කණ්ඩායම් හැදුනේ ඩේව්ගේ ඇස් මුලු ග්‍රවුන්ඩ් එක පුරාම ගිහිල්ලා එක තැනක නවතිද්දි

"ඒශාන් ...!"

කොල්ලෝ කෙල්ලෝ ටික ආයෙම උඩ බිම බැලුවේ මේ මනුස්සයා බෙරිහන් දෙන්නේ මොකාටද කියලා.... ඔක්කොටම හපන් බිම තණකොළ ගොඩේ ශෝටක් ඇදගෙන ඉදගෙන ඉදලා කකුල් කසන්න අරන් සොෆීට දුක කිය කිය නාහෙන් අඩ අඩ හිටිය ඒශුත් උඩ විසික් උනේ බෙරිහන් දෙන්න තරන් තමන් කරපු වරද මොකක්ද කියලා හිතාගන්න බැරුව

"මෙවෙලෙට තමා අයියා කියලා නොබලා ඇට දෙක බෙල්ල වටේ ඔතන්න හිතෙන්නේ "

"උබ මට කලින්ම ඕක කරන්න දුන්නා නම් ඉවරනේ අයියේ "

"කට වහන් ඉදපන් නංගි !"

කුටු කුටු ගාලා සොෆීටත් බැනපු ඒශ් හැරිලා ඩේව්ට බොරු හිනාවක් දුන්නේ බලන් ඉන්න උන් මේ මොන නාඩගමක්ද වගේ කට ඇරන් බලාගෙන ඉන්දෙද්දි නෑ ඉතින් ඇත්තනේ දැන් අනවශ්‍ය අවධානයක්නේ තමන්ට ලැබෙන්නේ .... ඒශ් ඒකට ආස නෑ එයා සාමාන්‍ය විදිහට ඉන්න නිසා මෙහෙම අනවශ්‍ය අවධානයක් ලැබෙනවට කොහෙත්ම ආස නෑ

"ඇයි ඒයි "

"පෆ්ට්ට් ... "

වතුර බිබී හිටිය සිතිජටයි කට වාචාල චලනටයි එකපාර හිර වෙලා උගුර කඩාගෙන යන්න කැස්සක් ආවේ ග්‍රවුන්ඩ් එකේ අර කොනේ ඉඳන් මේ කොනේ හිටිය ඩේව්ගෙන් ඇයි ඒයි කියලා ගස්සලා පද්දලා කට හෝදලාම අහපු ටෝන් එක නිසා

අලුත කසාද බැදපු සුදාම්මියෙක් සුදාප්පච්චිට ඇදලා පැදලා ලෝභ නැතුව කතා කරනවා වගේ

ඒව්ව් අප්‍රසන්නයි

ඩේව්ට ඔය ගැන අවධානයක් නෑ අවධානය දෙන්න ඕනිත් නෑ වගේ මොකද කොල්ලා දන්නවා මලයගේ තරම ආයේ ඉතින් මොනවද චූටි අප්පගේ චූටි පුතානේ

ඩේව් වැඩිය කෙයාර් නොකර ඒශ්ව ලගට ගෙන්න ගත්තේ එශුත් උඩ පැන පැන ඇවිත් ඩේව්ගේ මූන ඉස්සරහම බ්‍රේක් පාර ගහද්දි

"මොකත හලෝ ඔයාට මම නැතුව පාලුත "

"විකාර නොකර ඉන්න "

"අහ්ම් අහ්ම් "

ඒ පාරනම් නිහඬ පේශලටත් කැස්සක් ආවේ ඩේව් මේ මෙච්චර සොෆ්ට් විදිහට කතා කරන්නේ මොකටද කියලා ඔලුවෙන් රතු එලි දැල් වෙද්දි ...

අනේ ඉතින් පේශල හිතුවේ ඒශ්ව රවට්ටගන්න යනවා කියලා ඩේව් .... කොල්ල දන්නවය මුන් නෑයෝ වේයෝ කියලා ... පව් දෙයියනේ අසරන ජීවිත

හැමෝම වැඩ නවත්තලා මේ ජවනිකාව බලන් ඉන්නවා... සොෆී විතරක් ඇස් රෝල් කරන් අහක බලන් ඉන්නවා ඔය අතර පැත්තකට ඒශ්ව ඇදලා ගත්ත ඩේව් කියන්න ඕනි දේ කියන්න ලෑස්ති වෙලා වචන එකතු කර ගත්තා ...

"අර ඔයාගේ යාලුවා .... කලනතේ දැම්මේ "

"එයාට දැන් හොදයිද අයියේ .. මම වෝටර් බ්‍රේක් එකේ සික් රූම් එකට එන්න හැදුවත් සිතිජ අයියා කිව්වා ඔයා ඉන්නවා ඒක නිසා යන්න ඕනි නෑ කියලා ... "

"අම්ම් ....ම්ම් ... ඔයා දැන් ගිහින් එයාව එක්කන් එන්න ... ඇවිල්ලා පැවිලියන් එකෙන් ඉන්දවන්න ... අහ් මතක ඇතුව ...කඩාගෙන රූම් එකට යන්න එපා ... ඩොක්ටර්ගෙන් පර්මිශන් අරන් යන්න "

ඒශ් මූන අමුතු කරන් ඒ පාර ඇස් යටින් ඩේව් දිහා බැලුවේ රැවිල්ලකුත් ලෝබ නැතුව තිළිණ කරලා

"මොකද ? "

"නෑ ඉතින් මගේනේ යාලුවා මට ඕනි නම් මම කඩාගෙන බැරිනම් පිබගෙන යනවා ඔයාට මොකද ?"

"මැනස් නැද්ද මම කියන්න රොනාල් අංකල්ට "

"යැයි යැයි මේ ඒක නෙමේ බලන්න අනේ අපිටවත් කියන්න එපාද අමාරුයි කියලා ... ඒ ළමයත් හරිම පන්ඩිතයි හලෝ ... ඔයාට කියන්න දැන් එයාගේ අර යක්ස අයියන්ඩි ඇවිල්ලා මගෙත් කන පුපුරන්න එකක් ගහයි "

"ඌ උබේ කනට ගහනකන් බලන් ඉන්නේ නම් නෑ .... දැන් යනවා "

ඒශ්ට හිනා ගියා ..... ඔය කොච්චර කාඩයා උනත් ඩේව් ටිකක් විතර අයි මීන් අර අයියා කියන ගැම්ම අරන් ඉන්නේ පොඩ්ඩක් ... දන්නැද්ද ඉතින්

"උවූඌඌඌඌ මැර අයියෙක් වෙලා මෙන්න මෙයා ... ඒ උනාට ඔයාට වඩා අපේ පොඩි මල්ලි මැරයා හරිත "

"පලයන් .. "

"එව්ව්ව් ඔයාටත් මල්ලි ගැන කියනකොට අහන් ඉන්න බෑ නේද ... ආපෝ අපේ ආරුටත් එහෙමයි මල්ලිව දෙකට කඩන් කන්නම හදනවා එයත් "

ඒශ් අත් දෙකත් ගස ගස ඩේව්ට දිවත් ඇදලා කටත් ඇදලා ඩේව්ගේ බයිස්පෙස් එකත් කොනිත්තලා අඩියකුත් පොළොවේ ගහලා හෙනම අධි රංගනයක් දීලා යන්න ගියේ බලන් ඉන්න එවුන්ගේ කට ඇරලා හක්ක දෙපතුලට කඩාගෙන වැටෙද්දි

ෆ්‍රස්ට් ඉයර් එකේ උන් නම් ආයේ ඒශ් එක්ක ඇයි හොදැයියක් නෑ කියලා දැන්ම තීරනේ කරලා ඇස් පිල්ලම් ගහගෙන ගහගෙන යද්දි පේශලයි චලනයි මේ නම් සිරා ලව් එක තමා කියලා හිතලා මූනට මූන බලාගත්තේ ඩේව් කොනිත්තන කොටත් වචනයක් නොකිය ඔහේ බලාගෙන හිටිය නිසා

හරි ඉතින් කියපුවා ඇහුන්නෑ තමා ඒ උනාට මිනිස්සු නොමග යන විදිහට හැසිරෙන එක වැරදීනේ මොනවා උනත්

සීන් එක හරියට දන්න සොෆීයි සිතිජයි කින්ඩි හිනාවක් දාගෙන ඩේව් දිහා බැලුවත් මොකෝ මිනිහා ඉන්නේ දිවංගත වෙලා වගේ වෙනම සිහියක කියලා දැක්කම සොෆිනම් වැඩි ගාණක් ගන්නැතුව වතුර බෝතලයක් කඩන් බීගෙන බීගෙන ගියේ කෙල්ලොන්ගේ ඇසුත් ලාවට ලාවට ලගට ඇදලා ගන්න ගමන්

හැබැයි අවුලක් තියෙනවා කියලා ඩේව්ගේ හැසිරීමෙන්ම නෝට් කරපු සිතිජ සන්සුන් අඩි දෙක තුනක් තියලා ඩේව් ගාවට ලං වෙලා කර වටේට අතකුත් දාගත්තේ හිනාවක් දාන ගමන්

"උබට වතුර එකක් දෙන්නද ? "

"එපා බිව්වා "

"පොඩි කොල්ලට කොහොමද ?"

"ඌට බ්‍රීතින් ඩිෆිකල්ටීස් තියෙනවා මං හිතන්නේ පරයට කියන්න තිබ්බේ නැද්ද හුත්තක් කරනවා අපිවත් ගස් යවන්න "

"දැන් අවුලක් නෑ නේ "

ඩේව් නෑ කියන්න ඔලුව වනලා රගර්, ක්‍රිකට්, ෆුට්බෝල් ටීම් ටික තිබ්බ පැත්තට ඇවිදගෙන ගියේ වතුර එකක් කඩලා කොන්ඩෙට හලාගෙන ඔලුව දෙපැත්තට ගසන ගමන්

"ලයින් අප් !"

කියන පමාව විතරයි කොල්ලෝ හැටක් විතර ලයින් අප් උනේ ඩේව් අත් දෙක පිටි පස්සට බැඳගෙන පහසුවෙන් හිට ගනිද්දි

කොන්ඩෙට වැරිච්ච වතුර නලල දිගේ බේරෙනවා දාඩියට ඇදගෙන හිටිය ආම් කට් එකේ උඩ කොටස තෙමිලා ගිහින් ඩේව්ට මොක නැතත් ස්ට්‍රේට් මනුස්සයොත් ගේ කරන්න පුලුවන් අම්මටසිරි වෙන තාත්තට ආසිරි වෙන බලන් ඉන්න උන්ට දිඝාසිරි වෙන කඩවසම් පෙනුමක් නම් තිබ්බා ආයේ නෑ ඉතින් පොඩි අවුලකට තියෙන්නේ නපුරු කම බේරෙන මූන විතරයි

"හෙට උදේ හය- අට මෙතනටම වරෙව් ... උබලාව සිලෙක්ට් කරන්න කෝච්ලා එයි ... එයාලා උබලව ටීම් වලට දායි ... හැමදාම හය අට ප්‍රැක්ටිස් තියෙනවා එතනින් එහාට උබලගේ ඇකඩමික් බැලන්ස් කර ගන්න එක උබලාගේ වැඩක් ..... දැන් ගිහින් උබලගේ නම් ගම් ඔක්කොම කොළයක ලියලා අර මේසේ උඩින් තියලා ආයෙම වට දහයක් දුවපන් !! "

කොල්ලෝ ටික ඇස් විශාල කරගෙන ඩේව් දිහා බැලුවත් ඩේව් තබේකට මායිම් නොකර කියන්න ඕනි ටිකම වොලිබෝල් කොල්ලෝ ටිකටයි නෙට් බෝල් කෙල්ලෝ ටිකටයි කියලා උන්ටත් වට දහයක් දුවන්න කිව්වේ මේසේ උඩ එකින් එක එකතු වෙන කොල ගොඩ දිහාවටත් බැල්මක් දාලා ...

"ලොරේන් "

"ම්ම්"

"තමුසේ නෙට් බෝල් යන්නැද්ද ? "

"මට බෑ "

"හේතුව? "

"මට ගෑනු ගොඩේ නටන්න බෑ ... "

"නෙට් බෝල් ටීම් එක බලනවා එහෙනම් තමුසේ කියන්නේ කප් පිට කප් ගහපු එකෙක් නේ "

සොෆී ගාවට ලං උන ඩේව් සොෆීව තඹ සතේකට වත් ගනං ගන්නැතුව හෙනම ලොකු කමින් කතා කරා ඒ හා සමානව සොෆීත් උත්තර බැන්දේ හෙනම ලොකු කමින් තමයි ඉතින් ... ඔය අතර ලෙඩා එක්ක එන්න ගිය මනුස්සයා සික් රූම් එකේ නැවතිලා ලෙඩා විතරක් තනියම එනවා දැකපු සොෆී මෙතුල ගාවට දුවලා ගියේ හිනා වෙවි

"සන්දුල් ... කොහොමද ඔයාට ... ෆිට් එකක් දැනෙනවද ?"

"ර්-රිදෙනවා ස්-සොෆී "

ආපු මුල් දවස් වලට වඩා ටිකක් සොෆී එක්ක මෙතුල දැන් හිතවත් .....ඉතින් කොල්ලා මොන්ඩිසෝරි යන බබෙක් අම්මට තුවාලයක් පෙන්නනවා වගේ කැනියුලා එක ගහපු අත සොෆීට පෙන්නුවේ සොෆී ඒ අත පරිස්සමට අතට ගනිද්දි

පැහැදිලිවම උසට උසේ ඉන්න සොෆී ගාව මෙතුල සුදු පාට බෝනික්කෙක් වගේ හැමෝටම එක පාර පේන්න ගත්තේ සමහරු නම් අප්පිරියාවෙන් අහක බලා ගනිද්දි

"ප්ලාස්ටර් එක ගලවන්න එපා සන්දුල් "

"අ-අයියා දැක්කොත් බ්-බනී "

"අයියා දන්නෑ නේ පෙන්නන්න යන්න එපා මම ආන්ටිට කෝල් කරන්නම් ඕනි නම්  "

මෙතුල ඔලුව දෙපැත්තට වනලා නෑ කිව්වම මෙතුලගේ පොඩි අත අතෑරලා කෙලින් උන සොෆී මෙතුලව පැවිලියන් එක ගාවට එක්කන් ගියේ වටේ ඇස් සිය ගාණක් එයාලාට එල්ල වෙලා කියලා දැකලත් නොදැක්කා වගේ

කොහොමත් සොෆී එහෙමයි ... දෙයක් සීරියස් අරන් නටන්න කෙල්ල කොහොමත් කැමති නෑ ... අම්මගේ ආරෙටම හැදිලා තියෙන නිසා කෙල්ලට ඕනි දේ කෙල්ල කරන්නේ

"ඔයාට බොන්න මොනා හරි ගෙනත් දෙන්නද ? "

"එ-එපා "

"කැන්ටින් එකෙන් බැරිනම් එළියෙන් ගෙනත් දෙන්නම් ඩ්‍රයිවරුයි අපේ ගාඩුයි එළියේ ඉන්නවා "

"එ-එපානේ "

"එහෙම බෑ ඔහොම ඉන්න මම ගිහින් එන්නම් "

සොෆී බෑග් එකේ තියෙන ෆෝන් එකත් අරන් අයිනකට උනාම මෙතුල කනුවකට හේත්තු උනේ දැනෙන බර නිදි මතට ඇස් පියාගන්න ගමන්

කොල්ලගේ මූනෙන් පේනවා දෝරේ ගලන තෙහෙට්ටුව ... කොල්ලට ගෙදර යන්න ඕනි ඒත් යන්න විදිහක් නෑ .. යසිරු ගියේ ජොබ් ඉන්ටර්විව් එකකට කියලා දන්න නිසාම යසිරුට කෝල් කරන්නත් බය හිතුන මෙතුල අම්මටත් කෝල් නොකර හිටියේ එයා අනවශ්‍ය විදිහට බය වෙලා ශෝට් ලීව් දාලා ඇවිල්ලා මෙතන බදාගෙන අඩන්න ගත්තොත් යසිරු අත දිගෑරලා කනට දෙකක් දෙයි කියලා බය හිතිලා

ඇරත් පොකට් එක ඇරලා ඉන්හෙයිලර් එක උකුල උඩින් තියාගත්ත මෙතුල ඇස් පියාගෙනම කණුව බදාගත්තේ කොල්ලට විනාඩි ගානකින් ඇත්තටම ආයේ නින්ද යද්දි

ඔය අතර ගාඩ්ට කියලා කෑම වගයක් ගෙන්න ගන්න ගිය සොෆී මෙතුල නිදන් ඉන්න හැටි දැකලා අතේ තිබ්බ ශෝට් ඊට්ස් දාපු පේපර් බෑග් එකයි ස්ටෝබෙරි මිල්ක් ශේක් එකයි මෙතුලගේ එහා පැත්තෙන් තියලා හූඩි කවර් එකෙන් මෙතුලගේ ඔලුව වැහුවේ පායලා තියෙන තද අව්ව මෙතුලගේ ඔලුවට වැටෙන නිසා

සරලවම නිකන් ඇබින්දකට නැති අහිංසක මෙතුලව මෙතුලටත් වැඩිය බාල සොෆියි ඒශානුයි බේබි සිටින් කරනවා වගේ .. නෑ ඇත්තටම ඒක එහෙම තමායි .. යාලුවෝ එක්ක උනත් හැසිරෙන්න ඕනි කොහොමද කියලා නොදන්න මෙතුල එයාගේ ඇත්තම විදිහ බය නැතුව ඒශානුයි සොෆියි ඉස්සරහයි එලියට දාද්දි සමාජ තත්වයේ හිනි පෙත්තෙම හිටිය සොෆියි ඒශුයි කිසිම අහංකාරකමක් නැතුව මේ පොඩි කොල්ලා එක්කම ගැවසුනේ උන් දෙන්නගෙත් ඇත්ත මානසික ස්වරූප ටික ටික එලියට දාන ගමන්

කොච්චර බල පුලුවන්කාර උනත් කෙල්ලටයි කොල්ලටයි ඕන සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න මෙතුල කියන්නේ ඒ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ලැබුන අවස්ථාව එලිය කරන්න ආපු පොඩි කනාමැදිරියෙක් වගේ ඒශානුයි සොෆියයි දැක්කේහැම වෙලේම

මේ අවස්තාව උනත් බලන් ඉන්න එකෙක්ට පේන්නේ අක්කා මල්ලිගේ ඔලුව අත ගානවා වගේ පෙනුමින් පවා සොෆි උසයිනේ ඒශ්ටත් වඩා එහෙනම් මෙතුල ගැන කවර කතාද ?

"ලොරේන් "

"කෑ ගහන්න එපා අයිසේ !"

පැවිලියන් එක මුදුනේ ඉඳන් විගඩම බලාගෙන ඉදලා ඇති උන ඩේව් ආයෙම සොෆීට කතා කරත් සොෆී දත් මිටි කාලා කතා කරපු විදිහෙන්ම හඬ බාල කරේ ඇත්තටම මෙතුල නිදාගෙන ඉන්නවා එයත් නොදැක කෑ ගහපු නිසා

"ඒශාන් කෝ ... තමුසේ යනවා අරක බලනවා "

"එයා සික් රූම් එකේ නැවතිලා ඇලර්ජි එකක් ... යනවා තමා මිනිහෝ මෙතන පැල පැදියන් වෙන්න ආවේ නෑ "

මුල් ටික ඉතා සාමකාමිව කිව්ව කෙල්ල ඊලග ටික මැද ඇගිල්ලත් උස්සලා පෙන්නලා පැවිලියන් එකෙන් බිමට පැන්නේ ඩේව් කොල තොගයත් උස්සන් ඇවිත් මෙතුලගේ ඉස්සරහා පුටු පේලියේ මෙතුලට  ඉස්සරහා පුටුවෙන් හරියටම ඉදගෙන ඇප්ලිකේශන් ෆිල් කරන්න පටන් ගනිද්දි

හැබැයි ඩේව් දන්නෑ නොදැන උනත් එයා කරපු දෙයින් අව්වෙන් පීඩා විදගෙන නින්ද කඩාගන්න බැරුව ඇස් අමාරුවෙන් පියාගෙන හිටිය මෙතුල සැනසිල්ලේ ඇස් පියාගත්තා කියලා ... මොකද යෝධයෙක් වගේ ඉන්න ඩේව් ඉස්සරහා පුටුවෙන් ඉදගත්තම මෙතුලව ඉබේම ඒ ශක්තිමත් ඇඟ පිටිපස්සේ හැංගිලා සැර අව්වෙන් හැංගිලා ගියේ කාටවත් නොදැනෙන විදිහට

ඇත්තටම ඒක කොනක ඉඳන් බලන් ඉන්න මනුස්සයෙක්ට හරි ලස්සන දර්ශනයක් කියලා හිතන්න පුලුවන් දර්ශනයක් 

ඇත්තටම ලස්සනයි !

හැබැයි කවුරුත් අවධානෙන් මේ දිහා බලාගෙන හිටියේ නෑ

ටොක් ටොක්

උපරිම විනාඩි පහළොවක් විස්සක් ගත වෙන්න ඇති .... හීල් එකක සද්දයක් පැවිලියන් එක දිගේ ඩේව්ගේ පැත්තට ලං උනත් ඩේව් දිගටම තමන් ෆිල් කර කර හිටිය ඇප්ලිකේශන් ටික වට පිටට අවධානයක් නොදි කරගෙන ගියේ ස්ටෙප්ලර් එකකින් එක එක්කෙනාගේ ඩීටේල්ස් වෙන වෙනම ස්ටෙප්ලර් කරලා ෆිල් කරලා සීල් කරලා  ෆයිල් කරන ගමන්

කොහොමත් ඩේව් එහෙමයි ..... කොච්චර කාඩයා උනත් නාහෙට නාහන උනත් දෙන වගකීම අකුරට ඉශ්ඨ කරනවා සාමාන්‍යෙන් ඩේව් කොයිම වෙලාවක වත් ඇකඩමික් වල දෙයක් බාර නොගත්තට ස්පෝට් පැත්තෙන් මේන් ලීඩ් එකේ ඉන්නේ කොල්ලා තමා හැම වෙලේම

"ඩේව් ... "

"ම්ම්"

අඩුම ආවේ කවුද කියලා වත් බලන්න උනන්දු නොවිච්ච ඩේව් තමන්ගේ වැඩේට දිගටම අවධානය දුන්නේ ඉස්සරහින් හිටන් ඉන්න කෙල්ලගේ මූන කලු වෙලා යද්දි

ඇත්තටම කෙල්ල ආවෙත් ඩේව්ගේ අයිතිය කාගෙද කියලා ජූනියර්ස්ලාට පෙන්නලා යන්න උනත් ඩේව් ඇහි පිහාට්ටක් තරන් වත් ක්ව්ල්ලව ගනං නොගත්ත පාර කෙල්ලට තරහ ගියේ මූන රතු වෙලා යද්දි

"ඩේව් මගේ දිහා බලන්නකෝ "

"මම වැඩක් පස්සේ එන්න "

"අපි කොහේ හරි යමුකෝ බේබි "

"අයිසේ මම සැරයක් කිව්වා මම වැඩක් කියලා !"

මෙච්චර වෙලා වැඩේටම අවධානය දීගෙන හිටියත් අභිමානි ඩේව්ගේ අතක එල්ලිලා බයිසෙප්ස් එකේන් ඔලුව තියාගෙන දිග නියපොත්තකින් ඩේව්ගේ අතේ ඉරි අදින්න පටන් ගත්තේ කර කර හිටිය වැඩේ අතරමග නවත්තන්න උන නිසා ඩේව්ගේ මාරයා හීනියට ඇවිස්සීගෙන එද්දි

"මොකක්ද අනේ ඔයා මාව මගාරිනවා බේබි "

"පස්සේ වරෙන් .. "

"අපි යමුකෝ අද මම ෆ්‍රී ... B|a|b|y "

ඩේව් දීර්ඝ කාලීනව ඇසුරක් ලැබුවනම් ඒ අභිමානි එක්ක විතරයි .... ඒකට ලොකුම හේතුව යසිරු ... කොල්ලට ඕනි උනා ගුටි ඇනගෙන කෙලගෙන හරි අභිමානිව දිනාගත්තේ තමුන් කියලා පෙන්නන්න ... හැබැයි එහෙමයි කියල්ල ඒ රිලේශන් ශිප් එක කොයිම මොහොතක වත් ලව් රිලේශන්ශිප් එකක් උන්නෑ ... අභිමානිගේ පැත්තෙන් කොහොමද දන්නෑ නමුත් ඩේව්ගේ පැත්තෙන් අභිමානි කියන්නේ ජස්ට් ඔන්ලි සෙක්ස් ඩෝල්

"තමුසේ ෆ්‍රී උනාට මම ෆ්‍රී නෑ පේනවනේ මම වැඩ තමුසේ මෙතනින් යනවා "

"අනේ ... "

"මට කියලා කන පලාගන්න එපා අභිමානි ... තමුසේ දන්නවා මට යකා නැග්ගම තමුසේට මොකක්ද වෙන්නේ කියලා ... මෙතන නිකන් අවධාන ගණිකාවක් නොවී පලයන් අයිසේ වැඩක් කරගන්නත් නෑ එනවා හොලව හොලව හැමිනෙන්න "

"ඩ්-ඩේව් ප්ලීස් ... ඔයා ද්-දන්නවා මම එහෙම නෑ කියලා "

අභිමානි ඩේව්ගේ අත අල්ලගන්න ලෑස්ති උනත් ඩේව් අත ගසලා දාලා කොල ටික අතට ගත්තේ ඉතුරු වැඩ ටික කරගෙන යන්න

ඉවරයි .

අභිමානි දන්නවා තවත් මෙතන හිටියොත් ඉල්ලන් කනවා වගේ වැඩක් වෙන්නේ කියලා ... ඩේව් කියන්නේ කොහොමත් තිරිසන් මනුස්සයෙක් කියන්නත් අභිමානි දන්නවා ... තමන් කොච්චර කොහොම හිටියත් ඩේව් තමන්ගෙන් සෑහෙන්නේ නැති බවත් අභිමානි දන්නවා .. ඩේව් පිට යනවා කියලත් දන්නවා ...කොටින්ම ඩේව් තමන් එක්ක ඉන්න හැමවතාවෙම තමන්ව කිස් කරන්නේ නෑ කියලා පවා අභිමානි දන්නවා ... අනවශ්‍ය දෙයක් නොවෙන්න ආරක්ශා තමන්වම ආරක්ශා කරගන්න බවත් අභිමානි දන්නවා .....ඒ වගේම ඒකට හේතුත් දන්නවා ... හැබැයි අභිමානි තව දෙයක්  දන්නවා ඒ ඩේවිඩ් කියන්නෙ **** සමාගමේ එකම අනුප්‍රාප්තිකයත් ලැනරෝල් හෝල්ඩින්ග්ස් එකේ කොටස් හිමිකාරියෙක් කියන්න..... සරලවම කිව්වොත් එඩ්වඩ් ශැවියර් දි රෝයිගේ එකම පුතාව තමන්ගේ කර ගන්න කවුද අකමැති ?

මොනවයින් කියලා අඩුවක්ද ?

රැජිනක් වගේ ඉන්න අතට පයට විසි කරන්න සල්ලි ලැබෙනවට මොන කෙල්ලද ඉතින් අකමැති ?

පොළොවට අඩියක් ගහලා අභිමානි පැවිලියන් එකෙන් බැහැලා යන්න ගියේ ඩේව් ආයෙම තමන්ගේ අවධානය ඩොකියුමන්ට් ටිකට දෙද්දි

බලන් ඉදපු අයටනම් මොකක්ද උනේ කියලා හ්තාගන්න බැරි උනත් සීන් එක දන්න සිතිජනම් ඇස් රෝල් කරේ කටිටියව ප්‍රැක්ටිස් කරවන ගමන්

ටොක්

මේ අතර ඩොකියුමන්ට් ටික ෆිල් කර කර හිටිය ඩේව් ආයේම ඇස් ඉස්සුවේ මොකක්ද වැටුනේ කියලා බලන්න ...

මොකක් හරි වැටෙන සද්දයක් ඇහුනා ඒත් මොකක්ද කියලා පේන්න නෑ ... එතකොටයි දැක්කේ සුදු පාට හෙලෝ කිටි කෙනෙක්ගේ ස්ටිකර් එකක් තියෙන ඉන්හෙයිලර් එකක් රෝල් වෙලා කකුල් දෙක ගාවට ආපු හැටි

"කාගෙද මේක "

තමන්ගෙන්ම අහගන්න ගමන් ඉන්හෙයිලර් එක අතට ගත්ත ඩේව් වට පිට බලලා අහම්බෙන් වගේ පිටිපස්ස බැලුවේ ඔටෝම ඇස් දෙක මොහොතකට ලොකු වෙද්දි

මුලින් ඩේව් දැක්කේ පොඩි බෑග් එකක් පුටුව උඩින් කනුවට හේත්තු කරලා තියලා වගේ ... කලින් මෙතුල මෙතන ඉන්නවා දැක්කත් වැඩයි අභිමානියි නිසා කොල්ලට තමන්ගේ පිටිපස්සේ බිම්මලක් වගේ හාදයෙක් හිටියා කියන එක අමතක වෙලා තිබ්බේ ...

"මේක මේකාගෙද ? නෙද්දකින් විතරක් අයියාගේ නම් ගමකට හුකන්න ලොරි ටෝක් මල්ලිගේ ඉන්හෙයිලර් එකේ හෙලෝ කිටීලා ...  "

එකපාරට තමන් දැක්ක දේ ගැන මතක්නුනත් ඔලුව දෙපැත්තට ගසලා ඒ මතකේ අයින් කරපු ඩේව් ඇස් දෙක අඩවන් කර ගෙන ඉන්හෙයිලර් එක හොදටම නින්ද ගිහින් ඉන්න මෙතුලගේ උකුල උඩට විසික් කරලා ආයෙම තමන්ගේ වැඩ ටික කරගෙන ගියේ මෙතුලව ආයෙම ඩේව්ගේ ශක්තිමත් ඇග පිටිපස්සේ හැංගිලා යද්දි

____________________________________________________________

ලමයිනේ අකේසියා ආවාහ් 😂

කතා කරන්න එපා මට නම් නප්පෙට කෙල වෙලා තැරි ගැහිලා ඇබරිලා ගිහින් ඉන්නේ

මුලින් උන ඊළඟට හෙම්බිරිස්සාව .... ඔන්න අද යන්තමින් හොද උනාම අත කැපිලා ගියා බරාස් ගාලා .. අන්තිම ටික වොයිස් ටයිපින් දැම්මෙත්

කෙලවෙනකොට කෙල වෙන්නේ ලිමිට් නැතුව

රොනාල්ගේ ලක් එකේ එක හිලක් මගේ ලක් එකේ හිල් ගොඩයි

කෝමතේ දවස් ගානකින් නේ ලිලී මලව ඇන්න ආවේ

අර මගුල ඉවර කරලා නිදහසේ මේක දෙන්න නැති හැටියක්

ආහ්හ්හ් ස්ට්‍රෙස්ස් යකෝ

හෙට පලිගුව දෙන්න බලන්න

ඒශ් මෙතු සොෆී බෝන්ඩ් එක වෙනස්ම බොන්ඩ් එකක් ළමයි

එතකොට සිතිජ ඩේව් බොන්ඩ් එක වෙනස්ම එකක්

අභීනම් ලගදිම ගමකට කයි වගේ ඩේව් කාරයගෙන්

ඔබට වැටහෙනවද ඩේව්ගෙයි මෙතූගෙයි හයිට් ඩිෆරන්ස් එක

මමනම් ඕං මුකුත් කියන්නෑ (මම කොහොමත් අපායේ)   😂🤌

P.S : මෙය මාගේ හිතලුවක් වන අතර මෙහි සදහන් සියලුම දෑ මනඃකල්පිත වේ . තවද කතෘ අයිතිය සුරකින ලෙසද කාරුනිකව ඉල්ලා සිටිමි

යන්නාම්

ඩේව්

(කාව හරි මතක් උනාත 👉👈)

Hope will enjoy gyzz ❤️

AKESHI 𓆉︎








You are reading the story above: TeenFic.Net