Fᵢᵣₛₜ Dₐy
_She is our baby_
🌷Sana
🐺Lee suk
🙋🏻♂️Yonsu
🍂Tiya
🍃Cho Sonhi
🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐨Namjoon
🐹Seokjin
🐦 Mrs.Jeon 🐧Mr.Jeon
🦕Mrs.Kim 🐠Mr.Kim
☃️Jiho
👹Jinhan
ජන්කුක් සුකීව ගන්න මොන්න්ටිසෝරි එකට ගියෙ සනාගෙ චිට් එක දැකලා.. කොල්ලා යද්දි සුකී කා එක්ක හරි කතාවක හිටියෙ. මූණ පෙනුනෙ නැති නිසා ජන්කුක් හිතුවෙ එයාගෙ ටීචර් කියලා.
💝" පපා....උයා ආවද...."
චූටි කෙල්ල , ජන්කුක්ට එන්න නොදී දුවලා ඇවිල්ලා ඇගට පැන්නා.
🐰'' පපා නැතුව පාලුවෙන් ද හිටියේ මැනික... ම්ම්ම්ම්.."
කෙල්ලව බදාගෙන මූන පුරා හාදු තවරමින් අහද්දි එයා හුරතල් විදිහට ඔලුව වැනුවා..
💝" ඔව්...ගොදක් පාලුවෙන් හිතියේ.. කෝ මමා නෑද.... ''
🐰'' නෑ බබෝ.. කවුද අර ඔයා එක්ක කතා කර කර හිටියෙ.. දැන් පේන්න වත් නෑනේ.. ''
💝'' හී... පපා චොකෝ නැද්ද... මට "
කියලා ඇහුවේ ජන්කුක්ගෙ එක අතක තිබුන බෑග් එක දිහත් බල බලයි..
🐰'' කපටි කෙල්ල..චොකෝ කන්න නේද මේ දුවගෙන ආවේ... ''
එහෙම කියල සුකීගෙ රෝස පාට කම්මුලක් ලාවට මිරිකද්දි කෙල්ල හිනා වෙලා ජන්කුක්ගෙ බෙල්ල බදා ගත්තා.. සුකීවත් අරගෙන එද්දි කෙල්ලගෙ බල කිරීමට ම පාක් එකටත් ගිහිල්ල තමා ජන්කුක් ගෙදර ආවෙ.
සුකීවත් වඩාගෙන ඉස්සරහ දොරත් වහගෙන සාලෙට වෙනකන් ආව කොල්ලා , ගේ පුරාම ඇස් යවලා කෙනෙක්ව හෙව්වා. ඒත් පේන මානයේ එයා හිටියේ නෑ.
🐰තාම ආවෙ නැද්ද..
සුකීව අන්ජුම්ම එක්ක යවලා එයාගෙ කම්මුලකට කිස් එක්කුත් දීලා ඔලුවත් අත ගාලා බෑග් එකත් අරගෙන උඩට යන්න ගියත් ජන්කුක් ආයෙ නැවතුනෙ සෝෆා එකේ ඉදගෙන හිටිය ඔම්මගෙන් දෙයක් අහන්න.
🐰'' සනා ආවෙ නැද්ද ඔම්ම.. දැන් හවස් වෙලා නේ.. ''
❄'' නෑ පුතේ.. යන තැනක්වත් කිව්වෙ නැ ඒ දරුවා.. ''
ජන්කුක් එහෙම බෑග් එක තියලා ඉක්මනට ආයෙ කාර් එකට ගියෙ කෙල්ලව හොයන්න. ඒ යන ගමන් හොස්පිට්ල් එකේ ඉන්න ටියාට කෝල් කරලා ඇහුවත් කෙල්ල එහෙ හිටියෙ නැ.
🐰'' කොහෙ ගියාද.. බැරි වෙලාවත් පරණ ගෙදරට ගිහිල්ල ද දන්නෑ.. ''
💝" පපා... "
එහා පැත්තෙන් ඇහුන සුකීගෙ කටහඩ නිසා කොල්ලට හිනාවක් ආවා.
🐰'' මැණික කියන්න ''
💝'' පපා නෝටී.. මාව දාලා ගිහිල්ල. ''
🐰'' ප්‍රින්සස්... මම ආවෙ ඔයාගෙ මමාව හොයා ගන්න.. මමා මාත් එක්ක තරහ වෙලා ගිහිල්ල නේ.. මම දවස් දෙකකින් අනිවාර්යයෙන්ම එනවා හරිද.. ග්‍රැනී මාම්ට කරදර කරන්න එපා.. ''
💝'' හා . මමාව එක්ක ගෙන එන්න පපා.. මම ග්‍රැනී මාම්ට දෙන්නං... ''
🐦" කුක් දැන් කොයි හරියෙ වගේද "
🐰'' දැන් නම් ඔම්මා මම ඉන්නෙ garden එකක් මැද දෙපැත්තෙ ම ගාඩ්න් එක... එතනින් කොහොමද යන්නෙ.. ''
🐦'' තව ටිකක් යන්න පුතා එතකොට හම්බ වෙන පටු පාරෙන් ඇතුලට යන්න. ඒ පාරෙ අවසානේ බංගලාව තියෙන්නෙ. ඔය ගාඩ්න් දෙකත් බංගලාවෙ ම තමා. ''
ජන්කුක් ඔම්මා කියපු විදිහට ඩ්‍රයිව් කරා.
මේ කෙල්ල මෙච්චර දුර ආවෙ ඇයි දන්නෑ..
ගස් අතරින් හැදුන පටු පාර දිගේ කා එක ඉස්සරහට ඩ්‍රයිව් කරන ගමන් ජන්කුක් කල්පනා කලේ ඕක. අවසාන නැවතුමට ඩ්‍රයිව් කරපු ජන්කුක් ගේ ඇස් නැවතුනේ ඈතින් පෙනුන විසල් මන්දිරේ ලග.... ගස් වැල් වලින් පිරිලා ආවරනය වුන මන්දිරේ හිත නිවෙන්න නම් හොදටම ඇති කියල ජන්කුක්ට තේරුනා.
පොඩි කාලෙ ආව උනත් ලොකු මතකයක් ජන්කුක්ට තිබුනෙ නෑ මේක ගැන. ඒ මේ පරිසරේ ටිකක් වෙනස් වෙලා නිසා. පරණ විදිහෙ උනත් ටිකක් අලුත් විදියට මේක වෙනස් වෙලා.
ජන්කුක්ට මතක් උනා පොඩි කාලේ මේ පරිසරේ එක්ක බැදුනු විදිහ.
'' ඔය දරුවා කවුද.. ''
ගේට් එක ලග හිටිය මුරකරු එහෙම අහද්දි ජන්කුක් හිනා වෙලා කතා කරා.
'' මම ජන්කුක්.. ජියෝන් ජන්කුක්.. ''
'' ඔය දරුව ද ජියෝන් පවුලෙන් අද එනව කියපු... ''
'' ඔව්.. මේ බංගලාව ...
ජන්කුක් එහෙම ඇහුවාම මුරකාරයා එයාව එක්ක ගෙන ආවා.
'' එන්න ඇතුලට යමු.. මේ බංගලාව ලීවෝන් හී මහත්තයගෙ. ඒ කියන්නෙ අපේ සනාගෙ ග්‍රෑන්ඩ් පාගෙ.. ඉස්සර නම් එයාලා මෙහෙට ආවා. පස්සෙ ශින්වෝ මහත්තයාගෙ මරණින් පස්සෙ පිරිමි දරුවා විතරයි ආවෙ. හැබැයි අද තමා ඒ දරුවගෙ නංගි මෙහෙට ආවෙ. ''
'' සනා ''
'' ඔව්.. එයා මෙහෙට තනියම එන අවස්ථා නම් අඩුයි ඒත් හිත රිද්දන් ඉන්න කොට නිතරම මෙහෙට එනවා. ඇවිත් ටික දවසකට පස්සෙ යනවා.. ඔයා ඇතුලට යන්න. සනා ඇතුලෙ ඇති. මං බෑග් ටික අරගෙන එන්නං.. ''
සනාගෙ family photo එකක් සාලෙ බිත්තිය මැද ගහලා තිබුනා. ඒ අතර පොඩි පොඩි frames කරපු photos අතර ජන්කුක්ගෙ family එකත් රාමු කරලා තිබුනා.
ජන්කුක් සනා ඉදීවී කියල හිතපු එක කාමරේට ගියා. සද්දයක් නැතුව ඒක ඇතුලට ගිය ජන්කුක් දැක්කේ බිම තියලා තිබුන පොතක්. ඒ එක්කම කෙලවරේ තිබුන රවුම් ජනේලේ ලග තිබුන උස ඇද උඩ දනිස් දෙක උඩට නවලා ඒ වටේ අත් දෙක බැදගෙන ඉන්න සනාව. සනා හිටියේ ජනේලෙන් ඈත බලාගෙන ලොකු කල්පනාවක වගේ. ඉර එලිය මූණට වැටිලා නිසා රෝස පාට වෙලා තිබුන කම්මුල් වල කදුලු බින්දු ගලාගෙන යමින් තිබුනා....
🐰" සනා... මැණික... "
ජන්කුක් ගේ කටහඬට සනා ඔලුව හරවලා බැලුවා. සතුටු වෙන්න ද දුක් වෙන්න ද කියල කෙල්ලට හිතා ගන්න බැරුව ගියා. ලා රතු පාටක් ඉහිරිලා තියන යන්තමින් හීන් වුන ඇස් දැක්කම ජන්කුක්ට හිතුනෙ කෙල්ල අඩනවා කියලා. ඒත් අඩන හේතුවක් ජන්කුක්ට හිතා ගන්න බැරි උනා.. කොල්ලා දුවලා ගිහින් කෙල්ලව තද කරලා බදා ගත්තා. කෙල්ලගෙ කඳුළු කෙල්ලගෙ පාලනයෙක් තොර උනේ ඒ වෙලාවෙ... සනා ජන්කුක්ව බදාගෙන අඩන්න ගත්තා.
🌷'' ඇයි මට කිව්වෙ නැත්තෙ.. ඔයා මට එච්චර ආදරේ කරලත් ඇයි නො කිව්වෙ.. ''
🐰'' සනා.... ''
🌷'' මං ඔයාගෙ සනා ද... බනී.. ''
🐰'' බේබී රෝස්.. සමාවෙන්න මැණික මට.. මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ. මට සමාවෙන්න.. මට බෑ බලෙන් ඔයාට ඒ දේ මතක් කරන්න. මම දැන් අප්පා කෙනෙක්. ඒකයි මම එහෙම කලේ.. ''
🌷'' ඔයාට ඉස්සර වගේ මාව වටින්නෙ නැද්ද බනී... ''
🐰'' මටත් වැඩිය ඔයාව වටිනව මැණික..මට සමාවෙන්න මම ආදරෙයි මැණික කියා ගන්න බැරි තරම්.... මන් මේ ලෝකෙන් ආදරේයි කියන , කිව්ව පළවෙනි කෙනා ඔයා.. මගේ ආදරේ කොච්චරක් ද කියන්න මට තේරෙන්නේ නැහැ. මම පොරොන්දු වෙනවා මගේ මැණිකට ඒ ආදරේ අඩුවක් නැතුව දැනෙන්න දෙනව කියලා... ඒත් මට ඔයාව මගෙ ජීවිතේට ගන්නෙ කොහොමද ආ.. තේරුම් ගන්න සනා.. දරුවෙක් එක්ක තනි උන පිරිමි කෙනෙක්ට ජීවිතේ කැප කරන්න එපා.. ඔයාගෙ ලයිෆ් එක නැති වෙයි... ''
🌷'' ඒත් මම එහෙම හිතන්නෙ නෑ. මට ඔයාවයි සුකීවයි දෙන්නම වටිනවා. මගෙ ජීවිතේ ඔයාලා ලග තියෙන්නෙ.. ප්ලීස් බනී.. මාව දාලා ආයෙත් යන්න එපා.. මට අතීතෙ මතක නෑ තමා ඒත්... ඒත්.. අපිට පුලුවන් නේද ඒ කාලෙ අපේ මතක අලුත් කරන්න.. කියන්න පුලුවන් නේද.. ''
සනා ආයෙත් ජන්කුක්ව බදාගෙන අඩන්න ගත්තා. ජන්කුක්
🐰'' හරි..හරි අඩන්න එපා මැනික... මම ඉන්නවනේ මගෙ රත්තරන් ගාවින්.. කොහෙවත් යන්නෙ නෑ ආයෙ.. මැණිකව දාලා.. "
ජන්කුක් සනාව තමන්ගෙ තුරුලට අරන් තුරුල් කරගන්න ගමන් සනාගෙ බෙල්ලෙන් හාදුවක් තියන ගමන් ජන්කුක් කියනකොට කෙල්ල ජන්කුක්ගෙ උනුසුමට තවත් තුරුල් උනා... ජන්කුක්ට පවා ඇඩුනා. සනා ජන්කුක් දිහා බලද්දි නලලට හාදුවක් දීලා ඒ රෝස තොල් අල්ල ගත්තා.
🐰" ලව් යූ රෙඩ්රෝස් ''
සනාගේ කම්මුල් දෙපැත්තෙන් අත් දෙක තියලා ජන්කුක් තොල් අතරෙම මිමුනුවා. සනාගේ ඇස් අගින් ගිලිහිලා ගිය සතුටු කදුලු බිංදු දෙකක් කම්මුල් දිගේ පහලට ගැලුවා.
🐰මාව දාලා යන්න හිතන්නවත් එපා මොකද මට ආයේ මැණික නැති ජීවිතයකින් වැඩක් නැ.. මැණික නැති ජීවිතයක් ගැන මට හිතලා බලන්නවත් බැ. ඒ අතීතෙ මතක මං ලග විතරක් පරිස්සමට තියමු. අපි අලුත් මතක එක්ක ඉස්සරහට යමු මැණික.. මොකද මගේ සතුට මගේ හිනාව කොටින්ම මගේ හුස්ම පාවා දැන් මගේ රෙඩ්රෝස් වෙලා ඉවරයි. සුකීට ඔයා හොද මමා කෙනෙක් වගේම මට හොද වයිෆ් කෙනෙකුත් වෙයි කියල මම හිතනවා සනා.
රෑට කෑම කාපු සනා රූම් එකට ආවෙ ජන්කුක් කිචන් එක අස් කරන්නං කියපු නිසා. වොෂ් එකක් දාගෙන කෙල්ල සෝෆා එකෙන් වාඩි වෙලා අහස දිහා ම බලාගෙන හිටියා. ටිකකින් ජන්කුක් වැඩ ටික කරලා උඩට ආවෙ වොෂ් එකක් දාගන්න. සනාට ඉන්න දීලා ඉක්මනට වොෂ් කරගෙන එන්න ජන්කුක් ගියා.
🐰'' මැණික.. මොනවද අහස දිහා බලාගෙන කල්පනා කරන්නෙ ඔය තරන්.. "
වොෂ්රූම් එකෙන් එලියට ආව ජන්කුක් ජනේලේ ලග තිබුන සෝෆා එකෙන් ඉදගෙන සනාව කොල්ලගෙ කකුල් දෙක උඩින් ඉන්දව ගෙන එහෙම ඇහුවා. කොල්ලගෙ අත් දෙකම අල්ලගෙන කෙල්ලගෙ බඳ වටා යද්දි කෙල්ල පපුවට හේත්තු වුනා.. සනා හිටියේ ජන්කුක්ට තුරුල් වෙලා ඇස් දෙක පියාගෙන. ජන්කුක්ට අවුරුදු ගානකට පස්සෙ සතුටක් දැනුනා. විදින්න ආස කරපු ඒ උණුසුම ලැබුන නිසා.
🌷'' බනී... ඉස්සර මම රෑ නිදා ගන්න යනකොට ඔප්පගෙ රූම් එකෙ කතා කරන සද්දයක් එනවා. එයා කාත් එක්ක හරි කතාවක කියලා මට තේරුනා. මම හොරෙන් බලාගෙන හිටිය එක දවසක මට ඇහුනා ඔප්පා කියනවා ඔම්මයි අප්පයි ගැන.. මට එයාලව එච්චර මතකයක් නැති උනත් ඔප්පට ඒ දෙන්නා එක්ක හිටපු කාලේ එක්ක බලන කොට දුක හිතෙනවා.
එයාලා නැති උනාට පස්සෙ ඔප්පා අහස දිහා බලාගෙන මාවත් ලගින් තියාගෙන එයා ඔම්මලා එක්ක කරපු දේවල් කියනවා. ''
🐰'' දුක් වෙන්න එපා සනා.. එයාලා ඔයාලා දිහා බලාගෙන ඇති... ''
🌷'' ඔව් බනී...
ඒක නෙමේ... මේ...
බනී... සුකීට කෝල් කරාද.. ''
ජන්කුක් සනාගෙන් ඈත් වෙලා කෙල්ලගේ මූන දිහා බැලුවේ එතකොට.
🐰'' ඔව්.. කෝල් කරා. සුකී කොහොමත් තනියම ඉන්න පුරුදු වෙන්න ඕන මොකද.. අපි මැරි කරාට පස්සෙ..... ''
🌷'' යායා.. බනී... ඔයා තනියම යන්න එහෙනම් මං සුකීව දාලා කොහෙවත් යන්නෑ.. ''
🐰'' මම තනියම බබෙක් ගේන්න ද... ''
ජන්කුක් හිමීට මුමුණලා කිව්වා.
🌷'' මොකක්ද කිව්වෙ බනී... ''
🐰'' නෑ.. ''
හද එලියෙන් ආලෝකමත් උන කාමරේ ජන්කුක්ගෙ පපුවට වෙලා හිටිය කෙල්ලට නින්ද ගියා. අහස දිහා බලාගෙන හිටිය කොල්ලා හිනා වෙලා ඒ පියවිලා තිබුන ඇස් උඩින් කෙටි හාදු දෙකක් තියලා බර හුස්මක් ඉහල පහල දැම්මා. නින්දේ හිටපු සනාව රූම් එකේ ඇද උඩින් තියලා ඩුවට් එක උඩට ඇදලා මූනට වැටිලා තිබුන කොණ්ඩෙ පැත්තකට කරා. තවත් මොහොතක් සනාගේ පියවුණු ඇස් දිහා බලාගෙන හිටපු ජන්කුක් නැගිටලා රූම් එකේ දොර හෙමින් වහලා දාලා සනාගෙ එහා පැත්තෙන් නිදා ගත්තෙ හෙට දවස ගැන දහසක් බලාපොරොත්තු එක්ක.
ජන්කුක්ගෙ ආදරණීය මතක පිරුනු පොතේ නොලිය වුනු සනාට හොයා ගන්න අමාරු තවත් කතාවක් ජන්කුක් දැනගෙන හිටියා. ඒත් ඒ මතකේ සනාගෙ හිතෙන් මැකිලා තිබුනෙ ජන්කුක්ගෙ හිතට තවත් සහනයක් වෙද්දි.
_________________________💜🌸
ඔන්න ඒ දෙන්නව එකතු කරා..
මම හොදයි නේද... ඉක්මනට අප්ඩේට් කරනවා.. 😌
දැන් ඉතින් අපේ බනීගෙයි එයාගෙ රෙඩ් රෝස්ගෙයි ආදර කතාව දිගටම ගලාගෙන යයි.
වෝට් කමෙන්ට් කරන්න...
බාල්දි සමය ආරම්භ කිරීම 23 චැපියෙ සිට....
You are reading the story above: TeenFic.Net