Jeon Jungkook කියන්නේ JJ group වල වර්තමානය CEO. ඒ වගේම bts boy band එකේ සහෝදරයෝ හය දෙනාගෙ ආදරනීය පොඩි මල්ලී. පොඩි දේටත් ඉක්මනට කේන්ති යනවා..
මේ ඉන්නෙ අනික් අය....
**************************************************
Jungkook POV
❄'' පොඩි බේබී , දරුව නිදාගන්නෙ නෑනේ.. අසනීපයක් ද දන්නෙ නෑ.... ''
අන්ජුම්මගෙ කටහඩට ඒ පැත්ත හැරිල බැලුව මං දැක්කෙ මගෙ කෙල්ල අඩන්න ඔන්න මෙන්න ඉන්නෙ කියලා.
🐰'' කෝ මට දෙන්න.. ''
ඊයෙ උදේ හැම වැඩක් ම නතර කරලා බේත් ගෙනත් දුන්නත් ඒකෙන් ගුණයක් නැ කියල මට හිතුනෙ. මං කෙල්ලව අත් දෙකට වඩාගෙන කොච්චර නැලෙව්වත් ඇස් දෙක නම් වහගන්නෙ නෑ.
🐯'' ජන්කුක් නරකද එක පාරක් දුව ව එක්ක ගෙන ගිහිල්ල පෙන්නුවොත්.... ''
ටේහ්යුං ඇවිල්ල එහෙම කිව්වත් මං ඒක අදි මදි කලා.
🐰'' ඒත් හියෝන් කොහොම ද මැණිකවත් අරගෙන මීඩියා වලට අහු නොවී යන්නෙ.. තාම කවුරුත් මේ දේවල් දන්නෙ නෑනේ.... ''
🦄'' සුගා එක්ක යන්න ජන්කුක්.. නම්ජුන් ජින් සේජින් හියෝන් එක්ක මීඩියා ටික බලාගනී.. ''
🐱'' ජන්කුක් මාක්ස් එකත් දාගෙන එන්න.. මං ගිහිල්ල වාහනේ ලෑස්ති කරන්නං.. ටැටූ එකත් වැහෙන්න මේස් දෙකක් දාගන්න.. ''
🐰'' හරි.. ''
මං ඉක්මනට ලෑස්ති වෙලා වාහනේට ආවා...
🐱'' ජන්කුක්.. ආයේ ජීවිතේ පටන් ගන්නෙ නැද්ද.. සුකීට ඔම්ම කෙනෙක් ඕන... ''
හැමදාම මග අරින ප්රශ්නෙ.. බලමුකෝ හියෝන්.. කිම් ජියෝන් සුකී.. Surname දෙකක් හිතාගන්න බෑනේ.. මටත් එහෙම හිතෙනවා. සුකීට එහෙම නමක් දාන්න මුල් උනේ මගෙ වයිෆුයි එයාගෙ අනික් ආදරෙ කිම් යෝන් දෙන්නා...
.
.
.
.
.
.
Flash back
🐯කුකී.. කොහෙද යන්නෙ.. තාම practice ඉවරත් නෑ.. නම්ජුන් හියෝන් බැන්නොත් මම නෑ..
🐰මීරා ගෙදර ආවලු.. මං ගිහිල්ල හෙට උදේට එන්නං.. හියෝන්ට කිව්ව...
මීරා ඒ මගෙ වයිෆ් උනත් ඇත්තටම කිව්වොත් එයා හිටියෙ නමට. Proposal marriage එකක් උනත් අපි දෙන්න ප්රශ්නයක් නැතුව හිටියා. වයිෆ් කෙනෙක්ගෙන් වෙන්න ඕන හැමදේම එයා අතින් උනා.. ඒත් එයා ගැන මට ආදරයක් ඇති උනේ නෑ.. මාසෙකට සතියක්වත් අපි එකට ඉන්නෙ නැති නිසා මීරාට නිදහසක් ලැබෙන්න ඇති.
මං ගෙදර එද්දි මීරා හිටියෙ එලියෙ කාත් එක්ක හරි කෝල් එකක. මාව දැක්ක ගමන්ම ඇවිත් මාව බදාගත්ත.
🖤ජන්කුක්..
🐰මොකක්ද උනේ මීරා..
🖤 ඔයා අප්පා කෙනෙක් වෙන්න යන්නෙ...
මොනවද මෙයා මේ කියවන්නෙ.. අපි අතරේ එහෙම මුකුත් උනේ නෑනේ. අඩුම අපි දෙන්න කිස් කරලවත් නෑ.
🐰එ.. ඒත් මීරා අපි අතරේ එහෙම දෙයක් උනේ...
🖤උනා ජන්කුක්.. එදා ඔප්පලා එක්ක පාටි එකට ගිය දවසෙ උනේ. ඔයා බීලා නෙ හිටියෙ ඔයාට මතක නැතුව ඇති ඒ නිසා..
ආශ්.. මොකක්ද මෙයා මේ කියන්නෙ.. මං එදා බිව්වට හොද සිහියෙන් නේ හිටියෙ... මගෙ ඔලුවත් රිදෙනව දැන්... මොනව හරි කරන්න වෙනවා. මොනා උනත් මගෙ වයිෆ් දරුවා..
දින සති මාස ගෙවිලා ගියා. දැන් මීරාගෙ කුසට මාස හතක්. එයාට ඕන කරන හැම දෙයක්ම මං කරල දුන්නා. නිතර නිතර හියෝන්ලාත් ආවා.. ඒත් මේ ටිකේ මීරා අමුතුයි. හරියට කෑම කන්නෙත් නැ. මං වැරැද්දක් වත් කරාද..
🐰මීරා.. මේක කන්න.. ඔයා ඔහොම නොකා හිටියොත් දරුවටත් හොද නෑ.
🖤I'm sorry Jungkook😭... මේ දරුවා ඔයාගෙ නෙමේ.. මෙයා... යෝන් ගේ.. ඒ මගෙ පලවෙනි ආදරේ.. මං ඔයාව මැරි කරපු නිසා එයා මගෙ හැමදේම ගත්තා.. එදා මට නින්ද යද්දි මතක තිබුනෙ යෝන් ඉන්ජෙක්ෂන් එකක් මට විද්දා කියන එක විතරයි.....
🐰මීරා මං දන්නවා.. හැමදේම ගෙදර අය පවා.. ඔයා මට හැම දෙයක්ම කියපු නිසා මං සතුටු වෙනවා...
🖤ජන්කුක්.. මට අමාරුයි වගේ..
අපි හොස්පිට්ල් එකට ආවා. මීරව icu එකට ගත්ත. මීරවයි යෝන්වයි එකතු කරන්න බැරි වෙයි මේ වෙද්දි යෝන් මේ රටේ නෑ. මං දරුවයි මීරවයි බලාගන්නව කියල හිතාගත්තා. ඒත්..
' මිස්ට... we are very sorry.. දරුවව බේරගන්න පුලුවන් උනත් ඔයාගෙ වයිෆ්.... බ්ලඩ් ලීක් එකක් නිසා මැරුනා...... '
🐰. මීරාට.. මොකක්ද මේ උනේ..
🦄koo... don't worry about it
🐰ඩොක්ට දරුවව බලන්න පුලුවන් ද..
' මාස දෙකක් යනකන් බෑ.. අඩු මාසෙන් නිසා baby room එකට දැම්මා.. මාස දෙකකට පස්සෙ ටිකට් කපන්නෙ... '
මාස දෙකකට පස්සෙ මට දරුවව හම්බ උනේ. ඒ චූටි කෙලි පොඩ්ඩක්. මීර වගේමයි. මගෙ අප්ප මම අනුන්ගෙ දරුවෙක් හදාගන්න අකමැති උනත් මම එයාව හදාගත්තා.
🐱දුවගෙ නම මොකද්ද
තොටිල්ල දිහා බලාගෙන හිටිය මගෙන් යුන්ගි හියෝන් අහද්දි මම හිනා උනා.
🐤කිම් ජියෝන් සුකී ලූ.. ඇත්තටම එහෙම කලේ ඇයි..
🐰දරුවා මීරගේයි යොන්ගෙයි නිසාත්... මීරා කියන්නෙ මැරෙන මොහොත දක්වාම මගෙ වයිෆ් නිසාත්....
.
.
.
.
Future
අපි හොස්පිට්ල් එක එනකන් ම තිබුනෙ නිහැඩියාවක්. දරුවත් අරගෙන VIP වෝඩ් එකට ගියත් ඩොක්ට කෙනෙක් හිටියෙ නෑ. යුන්ගි ගියා ඩොක්ට කෙනෙක්ව එක්ක ගෙන එන්න .
.
.
.
.
.
.
.
Author POV
මේ අතරේ.. අවුරුදු හතරකට වඩා චූටි බබාලා ගොඩක් වට කරගෙන පොඩි ලමයෙක් වගේ කෙනෙක් සෙල්ලම් කරනව.. දකින ඕනම කෙනෙක්ට පෙනුනෙ එහෙමයි. නෑ ඒ. ඒත් ඒක එයාට නම් සෙල්ලමක් වගේ. අන්තිම ලමයටත් බේත් දීලා එයා පොඩි අය එක්ක කතා කර කර හිටියා.
''.. මට බඩගිනි.. ''
චූටි ගෑණු ලමයෙක් ඇවිත් එයා ලගින් ඉදගත්තෙ අඩන්න ඔන්න මෙන්න ඉද්දි.
'' මගෙ පැටියට බඩගිනිද.. ගිහින් කාලා එන්නකෝ ''
පොඩි කෙල්ල ගියාට පස්සෙ කෙල්ල යන්න නැගිට්ටා
'' ඔයත් මොනව හරි කාලා ඉන්න ඉතින්... ''
''.. ආ.. ඔයා ආව ද... මම ටිකකින් කන්නන් ඔප්පා... අද night shift එක නේ ඔයාට... ඔප්පා.. දැන් ද ඔපරේෂන් එක ඉවර උනේ.. ''
එහෙම කියලා එයා ඉදගෙන ඉන්න තැනින් නැගිටල කතා කලා. පිටිපස්සෙ හිටපු කෙනාව දැකලා ගොඩක් සතුටින් එයා කතා කලේ.. මොකද එයා ආව වෙලාවෙ කොල්ලා හිටියෙ icu එකේ ඔපරේෂන් එකක.
■□■□■□■□■□■□■□■□■□■□■□■□■
🌷මේ ඩොක්ට ජන්ග් ලී සනා. දක්ෂ ඩොක්ට ඒ වගේම කරුනාවන්ත හදවතක් තියෙන ලස්සන කෙල්ලෙක් දකින ඕනම කෙනෙක්ට දෙපාරක් හැරිලා බලන්න තරම් කෙල්ල ලස්සනයි. ඒත් ඒකට අවස්ථාවක් කාටවත් නැ.. මොකද එයාගෙ ඔප්පා නිසා...
🐺එයාගෙ ඔප්පා ලී ජන්ග් සුක්. එයත් ඩොක්ට කෙනෙක්. (මම මෙයාට ලීසුක් කියල කියන්නං)
මෙයාලගෙ කතාව
ඒ වෙද්දි ලීසුක්ට අවුරුදු දොළහක් විතර.. සනාට නවයයි. එදා මෙන්ශන් එකම හිනා හඩින් පිරිලා තිබුනෙ සනාගෙ දග වැඩ නිසා. ඒත් හදිස්සියෙම ඔම්ම අප්ප දෙන්නට company එකට එන්න කියල පනිවිඩයක් ආවා නිසා එයාලා ඉක්මනට ගියා...
ඒත් හවස ගෙදරට ආවෙ එයාලගෙ බොඩි දෙක විතරයි... සනා ලීසුක් දෙන්නව එයාලගෙ මාමා කෙනෙක් උන Mr.Jinhan ට දුන්නා. ඒ මිනිහ වගේම පවුලෙ අය මේ දෙන්නට වද දුන්නෙ ගෙදර වැඩ ටික කර ගන්න.. කොල්ලටට අවුරුදු 15 උනාට පස්සෙ එයා නංගිවත් අරගෙන එයාලගෙ පරන ගෙදරට ආවෙ නංගි දුක් විදිනව බලන්න බැරි නිසා...
🙋🏻♂️යොන්සු
ලීසුක්ගේ යාලුවා.
🍂ටියා
සනාගෙ හොදම යාලුවා.
□□□□■■■■□□□□■■■■□□□□■■■■□
🐺'' ඔව් ප්රින්සස්.. ඒත්... අපිට ඒක හරියට කරන්න බැ. ''
ලීසුක් කෙල්ලවත් එක්ක ගෙන hospital cafe එකට ගිහින් ඉදගත්තෙ පැයක් ම hospital එකේ manager ගෙන් හොද දේශනයක් අහගෙන හිටපු නිසා.
🍂'' මේ... කෝ ඒ බබා... බේබි රූම් එකේ ද... ''
ලීසුක් ඔව් කියන්න ඔලුව වැනුවා.
🙋♂️'' ඔයාලට හිතෙන්නෙ නැද්ද.. එයාගෙ ලේ වල මොනව හරි විෂක් ගිහිල්ල කියලා. ඒ නිසා ජීවත් වෙයි කියලා කියන්න බෑ.. කලල කාලෙ ලමයගෙ ශරීරෙටත් ගිහින් දැන් ඒ විෂ තියෙනවා. රිපෝට් වල පේනව ඒවා... ''
කට්ටිය කතා කර කර ඉන්න කොට
🐺'' ප්රශ්න පිට ප්රශ්න.. සනා.. මට නයිට් එක නේ.. ඔයා මෙහෙ ඉන්නවා ද.. නැත්නම් ගෙදර යනවද... ''
🌷'' ආ.. මම ඉන්නං.. දැන් රෑ වෙලානේ.. තනියම ඉන්න බයයි... ''
'' ඩොක්ට.. අනේ කවුරු හරි vip room එකට එන්න.. පොඩි ලමයෙක් ගෙනාවා..... අනේ ටිකක් එන්න කෝ ''
🐺'' අනේ රත්තරං අඩන්නෙ නැතුව දොයියන්න..
ආආආආආ. ආආ.. නෑ.. නෑ.. ''
ලීසුක්ගෙ දරු නැලවිල්ල තව කෙනෙක් බලාගෙන හිටියා. ඒ සනා. කෙල්ලට ඉතින් හිනා..
🌷'' ඔප්පා කෝ දෙන්න.. එයා අඩලා ඉවර වෙනකම් නිදාගන්නෙ නෑ... ''
සනා ලමයව වඩාගෙන විනාඩි කිහිපයකට පස්සෙ නිදි කෙරෙව්වා. ඇත්තම කතාව ඒ පුංචි කෙල්ල කීකරු උනේ සනාගෙ වචන වලට. ලීසුක්ට හිතුනෙ කවද හරි එයාගෙ පුංචි නංගි හොද ඔම්මා කෙනෙක් වෙයි කියලා. ඒ එක්කම කාමරේට කොල්ලෙක් ආවා.
'' Excuse me මගෙ සුකීව දෙන්න... ''
දෙන්නම ඒ දිහාට හැරුනෙ එකපාරටම ඇහුන කටහඩ බලන්න.
🐺'' මේ.. මහත්තයා.. මේක hospital එකක්.. ඔයාට මේක පේන්නෙ ලමයි විකුනන තැනක් වගේද😒.... අනික එකපාරටම අහසින් වැටුනා වගේ මේ දරුවට අප්පෙක් ආවෙ කොහොමද...... ''
'' ඩොක්ට.. ඒ මගෙ දරුවා... විශ්වාස නෑනේ... බලන්න බෙල්ලෙයි පිටෙයි උපන් ලප දෙකක් ඇති... තව පපුවෙත් ටිකක් ලොකු ලපයක් තියෙනවා.. ''
🌷'' ඔප්පා ඉන්න.. මෙයා කියපු ලප ඔක්කොම බබාගෙ තියෙනවා..... ඒත්....
ඔයා.. ''
🐰'' ඔව්.. ප්රශ්න අහලා ඉවර නම් දරුවව දෙනව ද.. ''
🐺'' එන්න ඔයාට කරන්න වැඩක් තියෙනවා. ඒව ඉවර උනාම ලමයව දෙන්නං.. මෙතන වැඩ වල පිලිවෙලක් තියෙනවා... ''
ලීසුක් ජන්කුක්ව එක්ක ගෙන ගියෙ රිපෝට් හදන්න. පැය දෙකක් ජන්කුක් යකා ආවේස වෙලා හිටියෙ ලීසුක්ව මරාගෙන කන්න පුලුවන් මට්ටමේ. කොහොම හරි hospital එකෙන් කෙලි පොඩ්ඩත් අරගෙන ගිය ජන්කුක් දිහා ලීසුක් බලාගෙන හිටියෙ මේකා මොන අපතයෙක්ද කියලා හිතාගන්න බැරුව.
🐺'' පිස්සෙක්... ''
🌷'' අනේ මේ.. කට වහගෙන ඉන්නව.. එනව මෙතන බොරු ටෝක් දෙන්න.. ඕකට කියන්නෙ ඊරිසියාව කියල.. ''
🐺'' ඒයි... කට... මං තමුසෙගෙ ඔප්පා😏... එනව ගෙදර යන්න.. බස් එකේ යන්න වෙන්නෙ. කාර් එක යොන්සුවා ගෙනිච්චා.... ''
🌷'' යමු.. ''
කෙල්ල ලීසුක් එක්ක ගෙදර ආවා. මේක එයාලගෙ අප්පගෙ මෙන්ශන් එක. ලීසුක් නංගි නිසා ඒක අලුත් කාලෙට ගැලපෙන විදියට මෙන්ශන් එක හැදුවා. පොඩි කාලෙම ලීසුක්ගෙ නමට ලියලා තියෙන නිසා දෙන්නාට බයක් නැතුව ඉන්න පුළුවන්.
ඒත් මේ වෙද්දි කෙල්ලගෙ හිත තිබුනෙ සුකීගේ අප්පා ජන්කුක් ලග. ඕනම කෙනෙක් වශී වෙන ඇස් දෙකක් , නපුරු ගති ගුණ , කෙල්ලව එක පාරටම ශොක් කලා..
🌷'' හැටි විතරක්.. හාවෙක් වගේ ඇස් දෙකක්.... මට රවපු හැටි.. දෙන්න හිතෙනවා.. ආශ්.. මෝඩයා.... ''
කෙල්ල තනියම කියව කියව වොෂ් එකක් දාගෙන ඇවිත් නිදාගත්තා. ලීසුක් කෙල්ල නිදි නිසා එයාගෙ කාමරේට ආවෙ එයාගෙ සුපුරුදු වැඩේ කරන්න.
🐺'' ඔම්ම අප්පා.. ඇයි ඔයාලා අපිව මෙහෙ තනි කරලා ගියෙ.. බලන්න ඔයාලට පේනවා නේද.. අපිට සල්ලි දේපල නෙමේ ඕනෙ ඔම්මා.. සතුටයි ආදරෙයි ඕන... මට එකපාරක් ඔයාල එක්ක එකට කෑම කන්න ඕන... ''
ඇස් වලින් බේරෙන කදුලු වලට ඔහේ ගලාගෙන යන්න දීලා කොල්ලා අහස දිහා බලාගෙන කතා කලා. ඒත් එතෙන්ට ආව සනා මේ දිහා බලාගෙන හිටියා. කෙල්ල නැගිටල පහලට ගියෙ වතුර එකක් අරගෙන එන්න. ඒ එද්දි ලීසුක්ගෙ කාමරේ ලයිට් දාලා නිසා කෙල්ල ඇතුලට ආවා.
'' ඔ.. ඔප්පා... ''
🐺'' සනා... ''
🌷'' ඔප්පා.... ඔම්ම..... ''
🐺'' සනා... නිදාගන්න.. හෙට යන්න ඕන නේ ''
🌷'' හ්ම්.. ඒත් ඔයා එක්ක නිදාගන්නෙ... ''
🐺'' ඔයා ඇදට යන්න කෝ එහෙනම්... මම පුටුවට යන්නං.. නැත්නම් රෑට ඔයා මාව බිමට දානවා... 😂 ''
.
.
.
.
.
.
.
.
.
.
💥💥💥💥💥💥💥
( බඩු පෙරළෙන සද්ද... )
🐰'' ආශ්.. ඇත්තටම මට..... ''
💥💥💥
ඔව් අති සාර්ථක ලෙස ජන්කුක් වටිනා ම වීදුරු වලින් සමන්විත වටිනා මේසෙටත් වැඩේ දුන්නෙ හිතක් පපුවක් නැතුව.
(කිසි දේක අගයක් නෑ මේ යකාට.. මම ම උගන්වන්න ඕන 🙂👍.. )
❄'' අනේ පොඩි බේබි.. ටිකක් සන්සුන් වෙන්න.. මේ දරු පැටියා ඇහැරෙයි.. ''
🐱'' ජන්කුකා... නවත්තපන් ඕක.. උබට කේන්ති ගන්න මුකුත් උනේ නෑනේ...
අන්ජුම්ම පුතාව කාමරේට එක්ක ගෙන යන්න.... ''
දරුවවත් අරගෙන අන්ජුම්ම ගියා. ජන්කුක් එහෙම ම සෝෆාවට වැටිලා ඉන්ද උනේ ගෙදර බඩු පොලේ ගහලා තිබුන මහන්සිය ට...
🐰'' උනේ නෑ.. උනේ නෑ නෙමේ.. මට අර ඩොක්ට කාරයා මරන්න හිතෙනවා.. ඕකගෙන් මම පලිය ගන්නවා.. මේ *JK* දෙයක් අමතක කරන්නෙ කලාතුරකින්... ලෑස්ති වෙලා ඉන්න කෝ.. Dr.Lee ..... 😏🤣. ''
(ඕතර් : මම උබව මතක් කරන්නෙ කලාතුරකින් කුක්කෝ. 😒👍.. )
.
.
.
.
.
.
.
.
.
.
To be continued..... 💜
You are reading the story above: TeenFic.Net