"දැක්කනේ මගේ මමීගේ ඇහැට රොඩු ගිහින් එයා එතන ඇහැ කස කස ඉන්නේ!! දැන් ඕකේ කේන්තියට ඇවිත් මට බැනලා මාව ඇදන් ගියොත් ඒකෙන් කියන්නේ නෑ නේ එයා මට ආදරේ නෑ කියලා. මිනිස්සුන්ට කේන්ති යනවා සාමාන්‍යයි.
මට තාත්තෙක් නැති උනාට මගේ සීයා පප්පා මගේ තාත්තා වගේමයි. ඉතින් එයා මගේම තාත්තා නොවුනට මන් දන්නවා තාත්තා කෙනෙක් කියන්නේ කොයි වගේ කෙනෙක්ට ද කියලා. ලොකු අයගේ ලෝකේ අපිට වඩා හරි ලොකුයි. ඉතින් එයාලට එයාලගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ හැම එකකටම අපි පලි නෑ. " ආකාෂ්ටනම් ආශාන්‍යා කියන සමහර දේවල් තේරෙන්නෙත් නෑ.
"ඔයාට ඒක මන් ඔප්පු කරලා පෙන්නන්නම්. ඔයාගේ ගෙදර අය ඔයාට ආදරෙයි කියන එක."
.
.
.
.
.
.
.
.
.
.
.
"දග කරන්නේ නෑ. මන් ඉක්මනින් තේ හදන් එන්නම්." ළමයි දෙන්නව සාලේ තියලා සංජනා ගියේ කුස්සියට.
ළමයි දෙන්නා?
ආ ඔව්නේ. ආකාෂ් මහත්තයට ගෙදර යන්න බෑ කියලා මහ පොළොව බදන් ඉස්කෝලෙදි අඬපු නිසා ඉස්කෝලේ ටීචර් කිතුජට කෝල් කරලා මේ ගැන දැනුවත් කරද්දී ආශාන්‍යා ආකාෂ්ව එහෙනම් අපේ ගෙදර ගෙනියමු කියපු නිසා සංජනා ආකාෂ්ව එක රෑකට එයාලා ළග තියාගන්න කිතුජගෙන් අවසර ඉල්ලගත්තා.
රිද්ම, සුපුනා, සංජීව කට්ටියත් අවුලක් නෑ කිව්ව නිසා කිතුජ හා කියලා ඒකට අවසර දුන්නා. කොහොමත් රිද්ම සංජනා ගැන ටිකක් දන්න නිසා අවුලක් වුනේ නෑ.
ඉතින් පොඩි ළමයි දෙන්නා රෑ නවයටත් නිදි නෑ. ඒකය් සංජනා පොඩි දෙන්නට බොන්න තේ දෙකක් හදන්න ගියේ.
"හෙහ්හ්හ්හෙහ්හ් ~~" ආශාන්‍යා කෙකර ගගහා හිනාවෙද්දී ආකාෂ් සෝෆා එකේ තිබ්බ කොට්ටයක් අරන් එයාගේ කලිසම වහගත්තා.
ආකාෂ්ට වැඩිපුර ඇඳුමක් තිබුනේ නැති නිසා එයා ඇදන් හිටියේ ආශාන්‍යාගේ රෝස පාට කොට කලිසමක් එක්ක රපුන්සල් ටොප් එකක්.
'අපරාදේ වෙන කොහෙහරි යන්න තිබ්බේ!' ආකාෂ් එහෙම හිතන ගමන් ආශාන්‍යාට රැව්වා.
"හෙට අපි පපාව බලන්න යනවා. ඔයා එනවා ද?" ආශාන්‍යා අහද්දී ආකාෂ් උත්තර නොදී දිගටම ආශාන්‍යාට රව රව හිටියා. යාළුවා ඉන්නේ තරහින් කියලා තේරුණ ආශාන්‍යා එයාව තවත් තරහ නොගස්සා ඉන්න කියලා හිතන් පාඩුවේ කටවහගෙන ටීවී එක බලන්න ගත්තා.
.
.
"අම්මේ!! කීයටද ආකාෂ් ගෙදර එන්නේ?" උදේ ඉදන් ෆෝන් එක ඕෆ් වෙලා තිබුන නිසා ස්වප්නාට එයාගේ ළමයාගේ ට්‍රිප් එකේ අප්ඩේට්ස් මුකුත් දැනගන්න නම් ලැබුනේ නෑ. එහෙම කියලා දැනගන්න උවමනාවක් තිබුනෙත් නෑ.
දවසම කාමරේට වෙලා එක්කෝ නිදාගෙන ඉන්න එක නැත්තම් මහන එක විතරයි ස්වප්නා ගොඩක් වෙලාවට කරන්නේ. ඉතින් අදත් එයා එයාට පැවරුන රාජකාරී ටික අහවර වුනාට පස්සේ කලෙත් ඒ දේමයි. ඒත් ට්‍රිප් එකේ අප්ඩේට්ස් නොලැබුන එක පැත්තකින් තියමු තාම ගෙදරින් ගිය ළමයාගේ ගෙදෙට්ට ආවය් කියන අප්ඩේට් එකක් නැතිවෙද්දී නම් ස්වප්නා කලබල වෙලා පහළට ආවා.
ස්වප්නා ඇරෙන්න අනික් හැමෝම හිටියේ ෆිල්ම් එකක් බලන ගමන්. ආ නෑ.. රිද්ම හිටියේ කෑම මේසෙට වෙලා සැන්ඩ්විච් එකක් කන ගමන්.
"ආකාෂ් යාලුවෙක්ගේ ගෙදර නැවතුනා නේ. ඇය් අපි කිව්වේ නැද්ද?" සංජීව ගානක් නැතුව කියද්දී කිතුජ කට කොනින් හිනා වුනා.
"කව්ද යාළුවා?" ස්වප්නා ආයෙම ඇහුවා.
"එහ්හ් මැණිකේ මොකද්ද නම කිව්වේ?" සංජීව අහද්දී සුපුනා දන්නේ නෑ කියන්න උරහිස් හැකිලුවා.
"අම්මේ, තාත්තේ!? ඔයාලා ඔය විහිලු කරනවද? දන්නේ නෑ කියන්නේ?"
"වය් සෝ සීරියස් අක්කා!? එයා ඉන්නේ සේෆ් ගේක! බයවෙන්න එපා." රිද්ම කියද්දී ස්වප්නා ඇස් හීනි කරලා රැව්වේ තාමත් ස්වප්නාට වැදෙන්නම කින්ඩියට හිනාවෙන කිතුජට.
"ළමයා ගෙදර එන්න බෑ කියලා අඬපු එක දන්නෙත් නැතුව ඇති නේද?" කිතුජ කිව්වේ ස්වප්නා පුදුම වෙද්දී.
"ගෙදර එන්න බෑ කිව්වා?" වෙන්න යන්නෙ නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා සුපුනාට තේරුණ නිසාම එයා එයාට එහා පැත්තේ හිටිය කිතුජට කාටත් නොපෙනෙන්න පාරක් දීලා ඇහෙන් ඉගි කරේ ප්‍රශ්න ඇති කරන්න එපා කියලා.
"ඇය් ළමයා ගෙදර එන්න බෑ කිව්වේ?" එයාගේ ප්‍රශ්නෙට උත්තර නැති තැන ආයෙම ස්වප්නා ඇහුවේ කලින්ටත් වඩා සැර හඬකින්.
"දන්නේ නෑ අක්කේ. පොඩි අයනේ ඉතින්. යාළුවා එන්න කිව්වම එයාටත් යන්න ආස හිතෙන්න ඇති." ආයෙම රිද්ම කිව්වේ ප්‍රශ්නේ අඩු කරන්න වුනත් ස්වප්නාට නම් එයාගේ ප්‍රශ්න වැලේ ඉවරයක් හොයාගන්න හිතේ අවසර නෑ.
"එතකොට ඔයාලා ළමයව පිට ගෙදරක තියද්දි අම්මගෙන් අහන්නේ නැද්ද?" ස්වප්නා ආයෙම ඇහුවම සංජීව හෙමින් සැරේ ටීවී එකේ සද්දේ වැඩි කරා.
අවාසනාවට සුපුනා කලින් කිතුජට දීපු පාරේ පවර් එකත් බැහැලා ගිහින් කිතුජ ස්වප්නා ළගට යන ගමන් කතා කරන්න ගත්තා.
"දවසම කාමරේට වෙලා ඔහේ පිස්සෙක් වගේ ඉද්දී ළමයෙක් ඉන්නවද නැද්ද කියලා මතක් වෙන්නෙත් නැති ගෑනි.. හහ්.. කාට කියන්න ද මේවා?!" ස්වප්නාගේ උරහිසේ වැදෙන ගමන් එයාව පාස් කරන් කාමරේට ගිය කිතුජ කිව්ව දේට ස්වප්නා තරහෙන් අත මිට මොලවගත්තා.
"රිද්ම, හෙට උදේම මාවත් එක්කන් ඔය කිව්ව යාළුවගේ ගෙදරට ගිහින් ළමයව එක්කන් එමු."
.
.
.
.
.
.
.
.
.
ස්වප්නාවත් දාගෙන ආපු රිද්මගේ ටෙස්ලා කාර් එක හරියටම සංජනාගේ ගෙදර ගේට්ටුව ඉස්සරහ නැවතෙද්දි උදේ දහයට ළංවෙලා තිබුනා.
ගේට්ටුව ඇරලා තිබුන නිසා කාර් එක ඇතුලට දාන්නත් කලින් ටෙස්ලා එක ඇතුලේ හිටපු දෙන්නට සංජනාගේ මුළු වත්තම හොඳට බලාගන්න පුළුවන්. ගේ හරි පොඩි වුනාට ඒ වත්ත නම් රිද්මගේ ගෙදර වත්තටත් වඩා හෙන විශාලයි.
ඉතින් නන්නාදුනන කාර් එකක් වත්ත ඇතුලට ආපු නිසා ආශාන්‍යා අතේ තිබ්බ සූප්පු බෝතලෙත් අරන්
"මෙන්න කව්ද ආවෝ!!" කියන ගමන් ගේ ඇතුලට දුවන් ගියා.
"තාත්තා ඒ ආකාෂ්ගේ ගෙදර අය වෙන්න ඇති." ඊයෙම රිද්ම එෆ්.බී. එකෙන් ඇඩ්රස් එක ඉල්ලලා මැසේජ් එකක් දාපු නිසා ඒ එන්න ඇත්තේ ආකාෂ්ගේ ගෙදර අය වෙන්න ඇති කියලා සංජනා හිතාගත්තා.
"ඔහ්හ් එන්න.." හිතුවා වගේම රිද්මයි ස්වප්නායි ගේ ඇතුලට එද්දී සංජනා හිනාවකින් දෙන්නව පිළිගත්තා.
ඇහේ කබ කඩන ගමන් සාලෙට ආපු ආකාෂ් ස්වප්නාව දැක්කා විතරයි ආශාන්‍යාගේ අතෙන් අල්ලන් එයා පිටිපස්සේ හැංගුනා.
"අද අපේ ගෙදරට කට්ටියක් එනවා නේ. ඉතින් පොඩ්ඩක් කලබලයි. ඔයාලා ඉදගන්න. මන් බොන්න මොනාහරි අරන් එන්නම්." කුස්සියෙන් මොනාද වැටෙන සද්දයක් ආපුවහම සංජනා ටක්ගාලා කුස්සියට දුවන් ගියා.
"තාත්තා කුස්සිය ගිනි තියන්න ද හදන්නේ?" සංජනා කෑ ගහන සද්දේ සාලෙටම ඇහෙද්දී ආකාෂ් ආපු කාමරේ ඉදන් එලියට ආවේ ඉනියා.
"ඔහ්හ්.. කව්ද මේ?" ඉනියා ආකාෂ් ව වඩාගෙන අහද්දී ආශාන්‍යා හරි හුරතල් විදිහට උත්තර දුන්නා.
"මේ ඔයාගේ ඔය අලුත් පේරන්(මුනුබුරා)ගේ මාමා, අර ඊට එහා පැත්තෙන් ඉන්නේ එයාගේ අම්මා, ස්වප්නා ඇන්ටි." ආශාන්‍යා අමුත්තෝ දෙන්නව අදුන්නලා දෙනවත් එක්ක ඉනියා සෝෆා එකේ ඉදන් හිටපු දෙන්නත් එක්ක හිනාවුනා.
"දැකලා පුරුදුයි අනේ.."
"ඔයා එෆ්.බී. එකේ යාලුවෙක්නේ මගේ- නැන්දේ?" රිද්ම කියද්දී ස්වප්නා ටොයින්ක් ගාලා බැලුවේ රිද්ම දිහා. පුහ්හ්..
"ඒක තමයි එහෙනම්. කෝ මේ සංජනා.? මන් කුස්සිය පැත්තට ගිහින් එන්නම්." සංජනා කිව්වත් වගේ අද ඒ ගෙදර හරි කලබලයි. දැන් ඉතින් සාලේ ඉන්නේ ළමයි දෙන්නා එක්ක රිද්මයි ස්වප්නායි.
ආකාෂ්නම් මහාලොකු වැරැද්දක් කරා වගේ බයෙන් ආශාන්‍යා පිටිපස්සේ හැංගිලා හිටියා. ආශාන්‍යා රිද්ම එක්ක වල්පල් කියවන්න ගද්දි ස්වප්නා ආකාෂ් දිහා එක එල්ලේ බලන් හිටියා මිසක වචනයක්වත් කිව්වේ නෑ.
ඉතින් තත්වේ නරක අතට හැරේවි කියන බයට ආශාන්‍යා ස්වප්නාගෙනුත් එක එක විකාර අහන්න ගත්තා. ආශාන්‍යාගේ කටකාර ගතියට ආස හිතිච්ච ස්වප්නා හිනාවෙවී උත්තර දෙද්දී තමයි ආකාෂ් එයාගේ අම්මගේ නපුරු පාට චුට්ට චුට්ට දියවෙලා යනවා දැක්කේ.
ඉතින් සංජනා ගෙනාපු තේ එකෙත් රස බලලා ඉවර වුනාම සංජනා ස්වප්නාට පොඩ්ඩක් එලියට එන්න කියලා කිව්වේ හරි බැරෑරුම් විදිහට.
එලියට ගිය දෙන්නා ලස්සන ඩේසි මල් පාත්තියක් ළග තිබ්බ බංකුවක ඉදගත්තා.
"අද ආශාන්‍යාගේ තාත්තාගේ ඩෙත් ඇනිවසරි එක. "
"ඔහ්හ්.. සොරි.." ස්වප්නා කලබලේට කිව්වා.
"දේදුන්න ඉවර වෙන තැන දන්නවා ද?" සංජනා අහද්දී ස්වප්නා නෑ කියන්න ඔලුව වැනුවා.
"එහෙනම් ගෙදර ප්‍රශ්න විසදගන්නේ නැතුව ඒවා පල් වෙන්න තිබ්බොත් ඒකෙන් ආකාෂ්ට වෙන බලපෑම කොච්චර ස්ට්‍රොන්ග් එකක් ද කියලා දන්නවා ද?" ස්වප්නා ගොළු වුනා.. ඇත්තටම අම්මයි දුවයි විකාර ප්‍රශ්න අහන එක කාගෙන් පුරුදු උනාද මන්ද..
"දන්නවද අක්කේ, ඔයා මන් අහපු ප්‍රශ්න දෙකටම උත්තර දෙන්න දන්නවා. ඒ ප්‍රශ්නෙන් එකක් ෆැන්ටසියක් වෙලා අනික රියැලිටියක් වුනාට ඒ දෙකටම උත්තර ඔයා ළග තියෙනවා. ඔයාගේ මනසේ ඒ උත්තර දෙක තියෙනවා. ඒත් ඔයා කියන්නේ නෑ. මොකද ඒ තරම් හයියක් නෑ.
දේදුන්න ඉවර වෙන තැනකට අපි කැමති තැනක් හිතාගෙන ඒක අපිට ජීවිත කාලෙටම විශ්වාස කරන්න පුළුවන්. මොකද ඒක එහෙම කරා කියලා කාගේවත් ජීවිතවලට බලපෑමක් ඇතිවෙන්නේ නෑ. ඒත් ඔයා ඒක කියන්නේ නෑ. මොකද මිනිස්සු හිනාවෙයි කියලා බයට.
මන් අහපු දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඔයා ළග තිබුනත් ඔයා ඒක ගැන හිතන්නේ නෑ. මොකද ඔයා බයයි ඒක ගැන හිතුවොත් ඔයාට ඔයාගේ කම්ෆට් සෝන් එකෙන් එලියට එන්න වෙයි කියලා. මොකද ඔයා බයයි ඔයාට.
ආශාන්‍යාගේ තාත්තා නැති වුනාම මටත් ඔයවගේ අමාරු කාලයක් තිබුනා. ඒත් මට මගේ දරුවා වෙනුවෙන් ඒ හැමදේම අතාරින්න වුනා. ඊටත් වඩා මට මන් වෙනුවෙන් මගේ හැම බයකටම හැම නරක ෆීලින්ග් එහෙකටම යන්න දෙන්න සිද්ධ වුනා. එහෙම කලේ නැත්තම් අද මගේ ළමයා ඔච්චරටම කටකාර හුරතල් ළමයෙක් වෙන්නේ නෑ. එයත් ආකාෂ් වගේ බයගුල්ලෙක් වෙනවා මිසක!"
You are reading the story above: TeenFic.Net