බ'ත්ඩේ පාටියේ වැඩ ඔක්කොම ඉවර වෙද්දී පාන්දරත් වෙලා. ටීම් එකේ හැමෝටම සංජනාව අමතක උනේ හැමෝම ගෙදර යන්න ලෑස්ති වෙද්දී සංජනා කාටත් නොකියා වොශ්‍රූම් එහෙකට රිංගපු නිසා.
ඉතින් අන්තිමට සංජනාට වුනේ පාන්දර එකාමාරට වුනත් කැබ් එහෙකවත් සරණ ලැබෙයි කියලා බස් හෝල්ඩ් එකක හිටන් ඉන්න. මේ වෙලාවේ ඔන්ලයින් කැබ් එකක් බැලුවත් ඒ එකක්වත් මේ වෙලාවේ මේ තැනට එන්න කැමති නෑ.
ඉතින් ඔහේ බයෙන් බයේ හිටපු සංජනාගේ පපුවේ ගැස්ම තව වැඩි වුනේ එයා ඉස්සරහින්ම නවත්තපු ටෙස්ලා කාර් එක නිසා. මේ ටෙස්ලා එක වෙන කාගේවත් නෙවෙයි රිද්මගේ කියන්න අපි හැමෝම දන්නවානේ. ඉතින් ශටර් එක පහතට දාලා සංජනාව ගෙදරට දාන්නම් කියලා රිද්ම වචනේ දුන්නට පස්සේ සහනයක් ලැබුන සංජනා ඉක්මනට ටෙස්ලා එකට නැගගත්තා.
"ඔයා මේ වෙලාවේ මෙහෙ මොනාද කරන්නේ?" ගොලුවෙක් වගේ යන්න බැරි නිසාම සංජනා රිද්මගෙන් අහද්දී රිද්ම කියන්න බොරුවක් කල්පනා කලා.
"වැඩ ඇරිලා පොඩි වැඩකට මේ පැත්තේ එන්න වුනා. එතකොටයි ඔයාව දැක්කේ.." ඒක තමයි රිද්ම කිව්ව බොරුව. එතකොට රිද්ම කියන්න ඕනේ ඇත්ත තමයි,
"අනේ!!!! මන් හොටෙල් එක බලලා ගියාට මොකද ඔයා එනකම් දවල් ඉදන් හොටෙල් පාකින්' එකෙන් හෙල්ලුනේවත් නෑ!!!!!!!!!!!!"
ඉතින් දෙන්නා ආගිය තොරතුරු කතා කර කර ආවා. සංජනාගේ ගෙදරට මේ හෝටලේ ඉදන් පැය දෙකත් තුනක් යන දුරක් තමයි සෙට් වෙන්නේ.
"මන් නම් කියන්නේ මේ ගැන කම්ප්ලේන් කරන්න. මෙච්චර දුර තැනකට එක්කන් ඇවිත් එයාලා ස්ටාෆ් එක ගැන හොයලා බලන්නෙත් නෑ නේ." රිද්ම කිව්වේ කේන්තියෙන් වුනත් එයා ඒ හැගීම් පිටට නොදා හරි සැහැල්ලුවෙන් කියලා දුන්නා.
රිද්ම එක්ක කතා කරන හැමවෙලේම සංජනාට හිතුනෙම 'මනුස්සයෙක් කොහොමද මෙච්චර සන්සුන් වෙන්නේ!? හරියට ඇවිදින බෝ ගහක් වගේ.' කියලා. ඒත් ඉතින් සතා කව්ද කියලා දන්නේ සතාම තමයිනේ.
"ඕවා කිය කියා ඉන්න ගියොත් ජොබ් එක ගහලා යනවා. ඔයාට වුනත් ස්ටාෆ් එකේ අය පොඩි දේ ඉදන් කම්ප්ලේන් කලොත් තරහ යනවනේ."
"ඒ පොඩි දේවල් නේ. මේක පොඩි දෙයක් නෙවෙයි නේ." සංජනා ඒකට මුකුත් නොකියා හිනා වුනා.
"ඒක නෙවෙයි ආකාෂ් මට කිව්වා ඔයා ගෙදර ඉන්නේ තනියම කියලා. ඇත්තටම ද ඒ?"
"ම්ම් ඔව්. ආශු කියන්න ඇත්තේ." සංජනා හිනාවෙවී කිව්වා.
"ඒ දෙන්නා නිකන් නයයි මුගටියයි වගේනේ." රිද්මත් හිනාවෙන ගමන් කිව්වා.
"ඒක නෙවෙයි මේ රෑ තනියම ගෙදරට නොයා අපේ ගෙදර ආවනම්!?" රිද්මගේ හිතට කලින් කට ඉස්සර වුනානේ. ඒත් සංජනානම් ඒක සීරියස් ගත්තේ නෑ.
"ඉක්කේ.. කෙල්ලෙක්ට තනියම පාරේ ඉන්න බෑ.. වනචරයෝ එනවා කරදර කරන්න!"
"මේ මම!?" රිද්ම ඇස් හීනි කරලා එයාගේ දිහාවට ඇගිල්ලක් දික් කරන ගමන් ඇහුවා.
"ඔව් ඔහේ තමයි වනචරයා.."
"අනේ!" රිද්ම එහෙම කියන ගමන් බොරුවට කඳුළු පිහදගත්තා.
"ස්වප්නා අක්කට ලගදි අමාරු වුනාලු නේද? ඇත්තටම මොකක්ද එයාට වෙන්නේ?"
"මන් දන්නේ නෑ සංජනා. අක්කා ඉස්සර ඔහොම නෑ. මේ දැන් ලගකදී ඉදන් තමයි එයා මෙහෙම වෙනස් වෙලා තියෙන්නේ."
"ඔයාගේ අක්කා දේවල් සීරියස් ගන්නවා.. ඒකයි ඔය!"
"වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්."
"එතකොට ඔයා!?"
"මන්?"
"ඔයා දේවල් සීරියස් ගන්නේ නැද්ද?"
"මොන දේවල් ද?"
"මන් දැන් කලින් කියපු දේවල්!?"
"ආදරෙයි කිව්වොත් නම් සීරියස් ගන්නම්."
"එහෙනම් ආදරේ නෑ."
"ඇය් ඒ?"
"එතකොට කලින් වනචරයා කියලා කියපු එක සීරියස් ගනීනේ."
"එහෙම කලේ නැත්තම් ආදරෙයි කියනවද?"
"හිතලා බලන්නම්." දෙන්නගේ සංවාදේ අවසාන වෙද්දී දෙන්නම මහා හය්යෙන් හිනාවෙන්න ගත්තා. මීටකලින් ලගින් ආශ්‍රය නොකලත් රිද්මවත් හේසර වගේම සංජනාට හිතට දැනුනා. ඒත් හේසරට වඩා දශම ගානක් උඩින් රිද්ම ඉන්නවා.
මොකද ආදරෙයිද ඇහුවම 'ඒත්' නොකියා 'හිතලා බලන්නම්' කියලා කිව්වනේ.
ඉතින් ගමනාන්තයට ළං වෙද්දී පාන්දර හතරටත් ළගයි. සංජනා රිද්මට ස්තූති කරලා ගේ ඇතුලට ගියා. ඉතින් රිද්ම එයාගේ ටෙස්ලා එක ගේට්ටුවෙන් එලියට දැම්මේ සංජනා පරිස්සමින් ගේ ඇතුලට ගියා කියලා තහවුරු කරගත්තට පස්සෙයි.
.
.
.
.
.
.
.
"කෝ රිද්ම..? දහයත් පහු වෙලානේ." සුපුනා කුස්සියට ආපු කිතුජගෙන් ඇහුවම කිතුජ දන්නේ නෑ කියන්න උරහිස් හැකිලුවා.
"දන්නේ නෑ කියන්නේ ළමයෝ!? කාමරේ නෙවෙයි ද ඉන්නේ?"
"කාමරේ නම් තමයි. ඒත් මූ නිදිමතේ කාටද මැසේජ් කරනවා මල් හිනාවක් දාගෙන." ඉතින් මේ දෙන්නගේ අවධානෙ ඊළගට යොමු වුනේ මූණත් වැහෙන තරමේ තඩි කාඩ්බෝඩ් පෙට්ටියක් උස්සගෙන කුස්සිය පහු කරන් පඩිපෙළ නගින්න ගිය ස්වප්නාට.
මොනා උනත් ආදරණීය බිරිඳ පඩිපෙළකින් වැටිලා මැරෙනවා බලන් ඉන්න බැරි නිසා කිතුජ අමාරුවෙන් පඩියක් නැගගෙන හිටිය ස්වප්නාගෙන් කාඩ්බෝඩ් පෙට්ටිය මුකුත් නොකියම අරගත්තා.
ස්වප්නාගේ කාමරේට ආපු කිතුජ ඒ කාඩ්බෝඩ් පෙට්ටිය ඇඳ උඩින් තියලා ස්වප්නාව පහු කරන් ගියා. ඉතින් ස්වප්නා හිතුවේ කිතුජ එලියට යන්න ඇති කියලා. ඒ සිතුවිල්ල නිසා එයා ඇවිත් ඇඳ උඩින් ඉදගෙන පෙට්ටිය අරින්න ගත්තත් ඇතුලෙන් දොර ලොක් වෙන සද්දෙට ගැස්සිලා පිටිපස්ස හැරිලා බැලුවා.
කාමරේ දොර ලොක් කලේ වෙන කවුරුත් නෙවෙයි කිතුජ. ඉතින් විදුලි වේගෙන් ස්වප්නා ළගට ආපු කිතුජ ස්වප්නාගේ වැලමිටෙන් ඇදලා ගත්තා.
දෙන්නගේ මූණු අතර තිබුනේ සෙන්ටිමීටරයකටත් වඩා අඩු හිඩැසක්.
"නාකි අසහනේ ද?" ස්වප්නා කැපිල්ලට අහද්දී කිතුජ ස්වප්නාගේ ඉණ වටේට එයාගේ එක අතක් යවලා ස්වප්නාව තවත් එයාට තද කරගත්තා.
"සොරි..! " හැමදාමත් වගේ අදත් කිතුජ පරාදයි.
"තමුසේ පිරිමියෙක් නේද?"
"ඇය් දැකලා නැද්ද ඒ වග!?"
"දැක්කට මතක නෑ නේ අනේ.. නිකන්වත් අහන්න උවමනාවක් නැද්ද ඇය් මන් තරහ වුනේ කියලවත්? එහෙම ඇහුවොත් නෙවෙයි ද ඉස්සරහට ඒ දේ වෙන එක නවත්තලා සතුටින් ඉන්න පුළුවන්? හැමදාම ඔයා සොරි කියනවා මිසක මගේ කනට දෙකක් ගහලා ප්‍රශ්නේ මොකක්ද අහන්න බැරි ද?"
"දන්නවානේ මන් මගේ සුදූට අත උස්සන්නේ නෑ කියලා."
"අත උස්සන්නේ නෑ නෙවෙයි ඒත් ඔයා!!" ස්වප්නා අඩි හප්පන ගමන් කිතුජගෙන් ඈත් වෙන්නයි හැදුවේ. ඒත් ඒක හරි සාර්ථකව අසාර්ථක වෙච්ච උත්සහයක්.
"ඔයා මගෙනුය් ළමයාගෙනුයි ඈත් වුනාම මට බය හිතුනා. ඒ නිසයි අද මට මෙහෙම වෙලා තියෙන්නේ!! තමුසේ තමයි ඔක්කොටම මුල.."
"පෑනෙන් ද පැන්සලෙන් ද?" කිතුජ අහපු ප්‍රශ්නේ ස්වප්නාට හරි හුරුපුරුදු එකක්. මේ දෙන්නගේ ප්‍රේමය පටන් ගන්නේ දෙන්නටම අවුරුදු පහළොවේදි.. දැන් දෙන්නටම විසි නවයය්.. ඉතින් ඒ අවුරුදු ගානටම මොකක්හරි රණ්ඩුවක් වෙලා දෙන්නා යාලුවෙද්දී කිතුජ හැමසැරේම අහන්නේ ඔය ප්‍රශ්නේ.
ඔය ප්‍රශ්නේ කිතුජම අහන්නත් හේතුවක් තිබුනා. වැරැද්ද කාගේ වුනත් "ගෑනිට බයයි පකෝ!!" තියරිය.
"මේ පාර විතරයි පැන්සල."
"තෑන්ක් ගෝඩ් මගේ වැරැද්ද මකලා හදාගන්න පුළුවන්. ඊලග පාර වය්ටෙක්ස් කරලා හදාගන්නම්."
"ඇත්ත ද?" ස්වප්නා කට කොනකට ගත්ත හිනාව කිතුජට නම් ඇල්ලුවේ නෑ. ඉතින් මෙච්චර වෙලා එයා ඉණවටේ දාන් හිටිය අත අරගෙන ඈත් වෙන්න හැදුවා විතරයි අධි අවදානම් කලාපෙට ස්වප්නා කකුල උස්සලා හොඳ පාරක් දුන්නා.
"ආකාෂ්ට මල්ලි බබෙක් ඕනේ කිව්වා සුදූ!!" කිතුජ බිම නැවීගෙන කියද්දී ස්වප්නා ආයෙම ඇඳ උඩ ඉදගෙන පෙට්ටිය ඕපන් කලා.
"තමුසෙට කාමරේ දොර ලොක් කරලා ඕක කාගන්න මාසෙකටත් වැඩිය ගියා නේ.."
"ඒත් සුදූ මෙදා පාර මටත් තරහ ගියානේ!!"
"ඔව් ඔව් මෙතන තමුසෙනේ ගෑනි.. හැම රෙද්දකටම ලැජ්ජ වෙන්නයි තරහ ගන්නයි.."
"ඒය්. මන් මොකටවත් ලැජ්ජ නෑ."
You are reading the story above: TeenFic.Net