ටික දවසක් ගෙවිලා ගියේ ජිමින්ව ජෙලී බින්ස්, සුදු රොස මල් වලින් පුරවලා.. හැම දවසකම වගෙ උදේ හො හවස ජෙලි බීන් බොක්ස් එකක් එක්ක එකම එක සුදු රොස මලක් හම්බුනා... ඉතින් ජිමින් හිටියෙ ඔනවටත් වඩා සතුටෙන් එයා මෙ වගෙ දෙවල් වලට ගොඩාක් අසයී. එ වගෙම එයා හරි ආසාවෙන් හිටියෙ එයාට මෙවා එවන කෙනා කවුද බලන්නත්...
මිසිස් පාර්ක් වගෙම මිස්ටර් පාර්ක් හිටියෙ මේ කාලෙ ඇතුලත ටිකක් කලබල වෙලා.. මොකද එයාලාගෙ පුන්චි හුරතලේ මේ කෙනාට කැමති කියලා එයාලට කිව නිසා මේවා එවන කෙනා කවුද කියලවත් නොදැ හරියට ආදරේ මොකක්ද කියලවත් දන්නේ නැති ජිමින් ඔම්මාට ඉස්සෙල්ලාම කිවේ එයාව ඔනේ කියලා ඔම්මා හිතුවේ මෙක නිකන් කියන එකක් කියලා උනත් දවස් ගෙවෙද්දි ජිමින්ගෙ වෙනසක් පෙන්න ගත්තා එයාට... මොකද එයා හැම දවසකම බලන් හිටියේ එයාගෙ ජෙලි බීන් එකයි මලයි එනකන් එවා ආවහම වෙනදා වගෙ ජෙලි බීන් එක තුරුල් කරන් කන්නේ නැ එයා දූවලා යන්නේ ගෙනාව කෙනව හොයාගෙන එත් එයා එතන නැති වෙද්දි තොලුත් නොපිටට පෙරලන් බිම බලාගෙන ඔම්මා ලගට ඇවිත් තුරුල් වෙනවා..
ඉතින් ඔම්මා අප්පා උනත් බය උනා මෙකට මෙක විහිලුවට එ කෙනා කරනවා කියලා හිතලා මොකද එහෙමනම් එයලාගෙ ජිමිනිගෙ දැනටම හිතෙ තියෙන හැගිම් වලට මොනා වෙයිද මොකද එයා වෙන අය වගෙ නෙවෙයි පුන්චි දරුවෙක් වගේ ඉතින් එහෙම දෙයක් උනාම මොනා වෙයිද කියලා. එත් මෙක විහිලුවට කරන එකක් වගෙ තව දුරටත් එයලාට පෙනුනේ නැ ඉතින් එයලා එක පැත්තකින් සතුටු උනා එත් හිතෙ කොනද පොඩි බයක් තිබුනා කෙනාව දැන ගන්න එයා මොන වගෙ කෙනෙක්ද කියන එක ඉතින් එ නිසාම එවන කෙනා හොයා ගන්න බැලුවාත් මේ වෙනකන් එයාලට එ කෙනා කවුද කියලා දැන ගන්න බැරි උනා මොකද එයා මුලු ඇගම ආවරණය කරගෙනයි එන්නේ ගාඩ්ලාට උනත් අල්ල ගන්න බැරි වෙන්නේ හරිම පුදුමයට පත් කරලා හැමොවම.
ඉතින් ජිමින්ට පුරුදු පරිදි ජෙලි බීන් බොක්ස් එකක් හම්බුනා එත් වෙනදා වගෙ එක රොස මලක්නම් නෙවෙයි එතන තිබුනේ සුදු රොස මල් ලොකුම ලොකු පොකුරක් එක ජිමින්ගෙ අතට ගත්තාම ජිමින්ව පෙන්නෙවත් නැති තරම් ලොකුයි..
එ වගෙම පුන්චි කාඩ් එකක් තිබුනා හරි ලස්සන... එකෙ තිබුනේ එ කෙනා එනකන් අද බලාගෙන ඉන්න කියලා.
ජිමිනිත් හරි සතුටින් ඉන්නේ එ නිසා එයා හරි හරියට මෙක ගැන ඔම්මා අප්පා එක්ක කියවනවා... ඔම්මා අප්පා උනත් අද බලන් ඉන්නේ එ කෙනා එනකන් මේ තරම් දවසක් ජිමින්ට ගිෆ්ට් එව්ව කෙනා කවුද බලන්න. අප්පා උනත් අද ඔෆිස් ගියේ ණැ ජිමින්ගෙ කිම නිසාම මොකද ජිමින් කිවේ අද එයා එනකොට අප්පාත් ඉන්න කියලායි.
ටික ටික හවස් වෙද්දි ජිමින්නම් හරිම කලබලයි දුවාගෙන ගේට් එක ලගට යනවා අයෙම එනවා. එයා උදෙ ඉදන් කරන්නේ ඔක තමා
ඔම්මලත් බලන් හිටියෙ එයාගෙ පුන්චි පුතා දිහා..
"හනී.. අපෙ කොල්ලා ආදරේ කරන්න ඇරන්"
මිසිස් පාර්ක්ගෙ අතකින් අල්ලගෙන ගාඩ්න් එකට වෙලා බලන් ඉන්න එයාගෙ හුරතලෙව පෙන්නලා කිවේ තමන්ගේ පුතා ගැන තියෙන සෙනෙහස එ ඇස් වලින් ගලද්දී..
"මට.. මට බයයී එයා මොන වගෙ කෙනෙක් වෙයිද පාර්ක් මගේ කොල්ලාට හරි යයිද මට ඔන්නැ එයාගෙ මේ ආදරේ විනාශ කරලා දන්න "
"බය වෙන්න එපා එයා හොද කෙනෙක් වෙන්න කියලා අපී ප්‍රර්තනා කරමු හනී.. අනික මන් තීරනයක් ගන්නේ එ ගැන හොදට හොයලා බලලා එයාගෙ ජිවිතේ මට විනාස කරන්න ඔනෙ නැ අපි බලමුකො කවුද එ කියලා"
මිස්ටර් පාර්ක්ගෙ අත් මිසිස් පාර්ක්ගෙ අතත් එක්ක පැටලුනේ මන් ඔයා එක්ක ඉන්නවා කියන්න වගේ.. තාම එ දෙන්නාගෙ ඇස් නම් තිබුනෙ ජිමින් ලග.
ටික වෙලාවකින් ෆෙරාරී එකක් ගෙට් එකෙන් ඇතුලට එද්දී ගාඩ් එකේ හිටපු ජිමිනි දූවගෙන ඇවිත් ඔම්මායි අප්පටයි කිවා..
ඔම්මායි අප්පායි ඉදගෙන හිටපු තැනින් නැගිටලා දොර ලගට ගිහින් හිට ගත්තා. ජිමින්නම් වැඩ්ඩා වගෙ කලින් ඉස්සරහාට ගිහින් හිටියට මොකද දැන් ඔම්මාගෙ පිටි පස්සෙ හැන්ගිලා චුට්ටක් ඔලු ගෙඩිය එලියට දාගෙන බලන් ඉන්නේ.
ෆෙරාරී එකෙන් බැස්ස කෙනා දකිද්දි ඔම්මලත් ටිකක් පුදුමෙන් බලන් හිටියා. ජිමින්නම් එ කෙනාව දකිද්දි හයියෙන් කෑ ගැහුවේ පුදුමෙන් වගෙම එයාව දන්න නිසා සතුටෙන්...
"ටේ ටේ හියුන්ගී!!!"
______
මොනා හරී කියන් යන්න... ඔයලාගෙ පුන්චි කමෙන්ට් එකක් උනත් මට ගොඩාක් වටිනවා ❤️
අහ් මගෙ ගානේ ඔයලාටත් රොස මලක් 🌹😚
You are reading the story above: TeenFic.Net