𝓜𝓘𝓓𝓝𝓘𝓖𝓗𝓣 𝓡𝓐𝓘𝓝 06

Background color
Font
Font size
Line height

"ඒය්!! එයා එනවා කියලා කිව්වද?"

"නැහැ."

"එහෙනම් බලන් හිටියේ ඇය්?"

"නිකන්.." ආයෙමත් අපි අතර ඇතිවුනේ ලොකු නිශ්ශබ්දතාවයක්.. එයාට මන් ගැන තාම මතක තියන එකම ලොකු දෙයක්. ඒ වගේම එයත් මට ආදරේ කරලා. මන් දැනන් හිටියා ඒ ඇස් කවමදාවත් මට බොරු කලේ නෑ කියලා.

"දන්නවා ද එයාටම කියලා මගේ හදවතේ වෙන්වෙච්ච වටින තැනක් තියනවා. " නිශ්ශබ්දතාවය බිදින ගමන් එයා කිව්වම මන් ලාවට හිනාවුනා.

"ඉතින් මගේ කතාව වගේම ද ඔයාගේ කතාවත්..?"

"හ්ම්ම්. ඒ වගේමයි."

"ඔයා මිඩ්නයිට් රේන් ද සන්ෂය්න් ද?"

"දන්නේ නෑ."

"ඔයා නම් සන්ෂයින් වෙන්න ඇති.."

පිස්සු කෙල්ල.

"ඒක නෙවෙයි කවද්ද ආයේ ලංකාවට යන්නෙ?"

"හෙට පාන්දර!"

"වෙලා ඇතිවෙයි ද මෙහෙම පය්න් ගියොත්. මන් ඕනේ නම් ටැක්සි එකකට කතා කරන්න ද?"

"එපා තව චුට්ට දුරයි තියෙන්නේ මන් නැවතිලා ඉන්න හොටෙල් එකට."

ආයෙම නිශ්ශබ්දතාවයක්.. මන් කාලයක් බලන් හිටියා ඉස්සර වගේ එයා එක්ක පිස්සුවෙන් වගේ කතා කරන්න.. ඒත් අද මන් ගොළුයි.. අවස්ථාව හම්බෙලත් මන් ගොළුයි..

ඒත් අඩුම මට ආගන්තුකයෙක් විදිහට හරි එයාගේ ජීවිතේ එක දවසක ආයෙම ලියවෙන්න පුළුවන් වුනා නේ. ඒ හොඳටම ඇති මට.

"ආයේ අපි හම්බ වෙන්නේ නැති වෙයි නේද?"

"බොහෝවිට.." මගේ කෙටි උත්තරය නිසා එයා සෑහීමකට පත් වුනාද දන්නේ නෑ.

"නම්බර් එක දෙන්නත් හිතෙනවා ඔයාට ඒත් ඉතින් කව්ද දන්නේ ඔයා මොකෙක් ද කියලා."

"මට නම්බරේ දුන්න බවක් හස්බන්ඩ් දැනගත්තොත් ඔයාට ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්.."

"දෙන්නෙත් නෑ තමයි මන් නම්බරේ.." අනේ මන්ද මේ වගේ වෙලාවට ඉස්සර කාලේ වගේ බෙල්ල වටේ අත යවලා ළගට අරන් හිල් වෙන්න ටොක්කක් දෙන්න හිතෙනවා. පුදුම විසයක් තියෙන්නේ.. කාටහරි කම්ෆර්ටබල් වුනාමනේ අපෙත් ඇත්ත ගති එලියට එන්නේ.. ඒ කියන්නේ එයාට මාත් එක්ක කම්ෆ-

"මෙන්න මගේ හොටෙල් එක.." එයා පාරෙන් එහා පැත්තේ තියන අලුත් හොටෙල් එක දිහාට අත දික් කරලා පෙන්නුවා.

අද දවස ඉවර වෙන්න තව පැය කීපයක් තිබ්බත් මෙයා මගේ ඇස් මානෙන් නොපෙනී යන ඒ මොහොතෙන් තමයි මගේ අද දවස ඉවර වෙන්නේ. ආදරෙයි කියලා ආයෙම පාරක් කියන්න ඕනේ ඒත් තවදුරටත් ඔයා මගේ නෙවෙයි. ඔයාට මාව මතකත් නැති එකේ.. මේක අපේ අන්තිම හමුවීම වේවී..

"අන්න ග්‍රීන් ලයිට් එක පත්තු වුනා."

කහ ඉර අල්ලලා තියන කණුවේ පත්තු වුන ග්‍රීන් ලය්ට් එක මටනම් රෙඩ් ලයිට් එකක්..!

"මන් යනවා සංෂයින්.." එයා මටත් අත වනාගෙන පාර පනිද්දී පනින්න හදපු කඳුළුවලට ඔහේ වැටෙන්න දීලා මන් අනිත් පැත්ත හැරුනා.

ඒක හරි වේදනයි.. ඒත් මට සතුටුයි.

"ඒය්...!!" පාරෙන් එහා පැත්තේ එයාගේ කටහඬ ඇහෙද්දී මන් අතත් මිට මොළවන් ඒ පැත්තට හැරුනා.

"හැපි බත්ඩේ මියුක..!" අනේ දෙවියනේ එයාට මාව මතකයි. පාරේ ලය්ට් එලිය නිසා එයාගේ කම්මුල් දිගේ රූටලා ගිහින් පහලට වැටෙන මුතුකැට වගේ කඳුළු බින්දු මට හරි පැහැදිලිව පෙනුනා.

තාමත් ග්‍රීන් ලය්ට් එක වැටිලා තිබුන නිසා මන් දුවන් ගිහින් එයාව එකපාරක් මගේ තුරුලට අරන් තද කරගත්තේ එයා හය්යෙන් ඉකි ගගහා අඬන්න ගද්දි..

"ඇය් තමුසේ එච්චර ඉක්මනට බලාපොරොත්තු අතැරලා මාව දාලා ගියේ?"

"සමාවෙන්න.!" මන් එයාගෙන් සමාව ඉල්ලනවත් එක්කම එයාගේ ෆෝන් එක රින්ග් වුනා. එයාගේ ආදරණීය සැමියාගෙන්. හරියට දෙවියෝ මට ආයේ ආයෙත් එයා මගේ නෙවෙයි කියන්න දෙන සිග්නල් එකක් වගේ.

"බාය්.."

"පරිස්සමින්. ආයේ අපි හම්බවේවී නේද?" මන් ඒ ප්‍රශ්නේ මගඇරලා ආයෙම පාරෙන් එහා පැත්තට දුවන් ආවා. ඒ පැත්ත නොබැලුවත් මට කියන්න පුළුවන් එයා එයාට ආපු ෆෝන් කෝල් එක ආන්සර් කරන ගමන් හොටෙල් එක දිහාට යනවා ඇති.

✓𝘀𝘂𝗤𝘂𝗲𝗲𝗻_𝘅𝗶𝗻𝘂𝗴𝘂𝗿𝗹
✓අනේ හරි දුකයි.. 😹🙆🏼‍♀️ගුනාබුසා ළමයි එහෙනම්..


You are reading the story above: TeenFic.Net